twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Sunday, July 17, 2011

ආදරය, විවාහය, දෙමව්පියන් හා කුළය

අදත් කියන්න යන්නේ ආදරය හා විවාහය ගැන මම දරන අදහසක්. හැබැයි කලින් කතා කරපු මාතෘකාවට වඩා වෙනස් එකක්. එදා කිව්වෙ කසාදෙන් පස්සෙ වෙන දේවල් නෙ. අද කියන්න යන්නෙ කසාදයක් කරගන්න ගියාම එන ප්‍රශ්නයක් ගැන. මාතෘකාව දැක්කම තේරෙන්න ඇතිනෙ. කුළ ප්‍රශ්නෙ ගැන තමයි කියන්න යන්නෙ. මට ඔය ගැන ලියන්න හිතුනෙ මධුරංගය දාපු පෝස්ට් එකක් මතක් වෙලා. ආගම්, ජාති ප්‍රශ්නෙට වඩා ගොඩක් දරුණුවට බලපාන ප්‍රශ්නයක් තමයි ඔය කුළ ප්‍රශ්නෙ. ඇයි ඉතින් ආගම්, ජාති තියෙන්නෙ තුන හතරයි, ඒත් කුළ කීයක් නම් තියනවද? සිංහල අපිට 18ක්ම තියනව. මම දන්න විදියට මුස්ලිම් අයගෙත් ඔය වගේ කුළ බෙදීමක් තදින්ම තියනව. (මම වැරදි නම් කවුරු හරි මාව නිවැරදි කරන්න.) අනිත් ජන වර්ග ගැන නම් දන්නෙ නෑ. එතකොට කසාදෙකට ආගම හරි ජාතිය හරි හරස් වෙනවට වඩා වැඩි සම්භාවීතාවක් තියනව කුළය හරස් වෙන්න.

මම අපේ අයියගෙ කතාව කියලම පටන් ගන්නම්. ඒ කිව්වෙ ලොකු අම්මගෙ පුතා.  ලොකු අම්මලගෙ ගෙදර තියෙන්නෙ අපෙ ගෙදරට පාරෙන් එහා පැත්තෙ. (මම මේක මධුරංගගෙ පෝස්ට් එකෙත් කමෙන්ට් එකක් විදියට කෙටියෙන් දැම්ම.)  මිනිහ TTI එකේ ඩිප්ලෝමා එකක් කරන්න ගියා. ඒකෙ තුන් හතර පාරක්ම ට්‍රේනින් දානවනෙ. එක පාරක් වැටිල තිබුන වෝටර් බෝඩ් එකේ සයිට් එකකට. එතනදි මිනිහට කෙල්ලෙක් සෙට් වෙලා. කොහොම හරි ඒක ආදර සම්බන්ධයක් දක්වාම ගිහින්. ඉතින් දෙන්න ඔහොම ඉන්නකොට අපේ එකාට බැංකුවකට පැනගන්න චාන්ස් එකක් ආව. විභාග, සම්මුඛ පරීක්ෂණ හය හතකින් පස්සෙ මිනිහව තේරුණා. මිනිහ TTI එක අතෑරල බැංකුවට ගියා. ඔහොම මාස දෙක තුනක් ගෙවුන. අර අක්ක පළවෙනි පාර A/L කරල හිටියෙ. හොඳ රිසල්ට් එකක් තිබිල නෑ. ආයෙත් විභාගෙ කරන්න තරම් ගෙදරට වත්කමක් තිබිල නෑ. ඒක නිසා වෝටර් බෝඩ් එකේ පොඩි රස්සාවක් තමයි කර කර ඉඳල තියෙන්නෙ. ඒ පාර අපේ එකා කියල ආයෙත් විභගෙ කරන්න ඌ වියදම් කරන්නම් කියල. මිනිහට දැන් රස්සාවකුත් තියනව නෙ. ඊට පස්සෙ අක්ක ආයෙත් විභාගෙ කලා. රිසල්ට් එනකල් අපේ එකා ඌගෙ බැංකුවෙ පොඩි ටෙම්පරි ජොබ් එකකුත් සෙට් කරල දුන්න.  දෙවනි පාර සාමාන්‍යයෙන් හොඳ රිසල්ට් එකක් තිබුනලු. ඒ පාර මිනිහ කොහොම හරි අක්කව වෙන බැංකුවකට දාගත්ත. මේ ටික මාතෘකාවට අදාල නෑ, ඒත් පසුබිම විස්තර කරල ඉන්න එක හොඳයි නෙ.

ලොකු අම්මගෙ මහත්තය, ඒ කියන්නෙ අයියගෙ තාත්ත නැති වුනේ අයියල පොඩි කාලෙ. දැන් ඔතන ප්‍රශ්නෙ ඇති වුනේ ඒ අක්කගෙ කුළේ නිසා. ලොකු අම්මයි, අයියයි ගොවි කුලේ. ඒ අක්කගෙ කුලේ නම් මම දන්නෙ නෑ, හැබැයි ලොකු අම්මට ඒක මදිලු. ලොකු අම්ම ඕක දැනගත්ත වෙලාවෙම කෙලින්ම විරුද්ධ වුනා. අයිය දන්න හැම විදියටම ලොකු අම්මව කැමති කරගන්න හැදුව, ඒත් බැරි වුනා. අයිය අපෙ පවුලෙ අනිත් අයටත් ඔය ගැන කිව්ව. අනිත් අය හැමෝම වගේ අකමැත්තක් තිබුනෙ නෑ. දැන් කාලෙ ඔය වගේ දේවල් බලන එක තේරුමක් නෑ කියලයි කවුරුත් කිව්වෙ. ඒත් ලොකු අම්ම හිටපු දැඩි විරුද්ධවාදී ආකල්පය නිසා කවුරුවත් ඔය ගැන ලොකු අම්ම එක්ක වැඩිය කතා කරන්න ගියේ නෑ. මම අයියට කියල තිබුනෙ ඔය කුල මල හෙවිල්ල නම් මහ විකාර වැඩක්, මම නම් කොහොමවත් අනුමත කරන්නෙ නෑ කියල. අර ගිලෙන්න යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනව කියනවනේ, මිනිහ ලොකු අම්මට කියල මල්ලිත් මෙහෙම කිව්ව කියල. අනේ ලොකු අම්ම අපෙ අම්මත් එක්ක අසරණ මටත් බැනල තිබුන.

ඒ කාලෙ ඌට අවුරුදු 26ක් 27ක් විතර ඇති. රස්සාවක් කරල තනියම හම්බ කරගෙන ස්වාධීනව හිටිය වුනත් අපේ ලොකු අම්මගෙ තීරණේ වෙනස් කරන්න ඌට බැරි වුනා. ඒ තරමට ලොකු අම්ම දැඩි තීරණයක හිටියෙ. කොහොම හරි අන්තිමට අයියට ඒ සම්බන්ධෙ නවත්තන්න වුනා. අවුරුදු 4ක් ආදරේ කරල අන්තිමට කුලේ නිසා ඒ දෙන්නට වෙන් වෙන්න වුනා. අපේ ලොකු අම්ම ඉස්කෝලෙක උප විදුහල්පති කෙනෙක්. සමාජෙත් එක්ක කොච්චර ගැටුනත්, කොයිතරම් දැන උගත්කම් තිබුනත්, ගතානුගතික අදහස් ඔලුවෙ පුරවගෙන තමයි ඉන්නෙ. ඒ අක්කගෙ ගෙදරින් මේ සම්බන්ධෙ ගැන දන්නව. ඒ ගෙදර අය නම් කැමති වෙලා හිටියෙ. අයිය ඒ දවස් වල ඒ ගෙදරත් යනව. පස්සෙ බැරිම තැන අයිය ඒ ගෙදර අයට පැහැදිලි කරල දුන්න අම්ම කවදාවත් මේකට කැමති වෙන්නෙ නෑ කියල. ඒ ගෙදර අයත් ඒක තේරුම් ගත්ත. ඒ අය කියල තිබුන "අම්මගෙ අකමැත්තෙන් මේක කරන්න බෑ නෙ, කමක් නෑ පුතා මේ සම්බන්ධෙ නවත්තන්න" කියල. ඒත් ඒ අක්ක කොහොමවත් කැමති වුනේ නෑ ඒකට. එයා කිව්වෙ අයියව ඕනමයි කියල. ඒත් අයියට කරන්න දෙයක් තිබුනෙ නෑ. මට මතකයි දවසක් අයිය ෆෝන් එක ඕෆ් කරන් හිටිය අක්ක කෝල් කරන නිසා. ඒ පාර අක්ක ගෙදර ෆෝන් එකට කෝල් කලා. ඒ වෙලාවෙ අයිය අක්කට හොඳටම බැන්න. මාත් එතන හිටියෙ. මට ඒ වෙලාවෙ නම් හොඳටම අප්සට්. බැනල බැනල ෆෝන් එක තියල බොහොම අමාරුවෙන් ඌ කඳුලු තද කරගෙන හිටිය.

මට තාම මතකයි ලොකු අම්ම අන්තිම තීරණේ දීපු වෙලාවෙ, ඌ ඇස් දෙකේ කඳුලු පුරෝගෙන මාව හම්බවෙන්න ආපු හැටි. මිනිහ කෙලින්ම ආවෙ මාව හම්බ වෙන්න. ඌට මොනවත් කතා කරගන්න බැරි වුනා. මටත් මොනවත් අහන්න උවමනා වුනේ නෑ, උගේ ඇස් දෙකේ උත්තරේ තිබුන. ලොකු අම්ම කියල තිබුන ඒ කෙල්ලව ගෙනාවොත් ලොකු අම්ම වස බොනව කියල. මම ඒක දැනගත්තෙ පස්සෙ. එදා ඒ ගැන කතාව ඉවරෙටම ඉවර වුනා. ඒ අක්ක අන්තිමට එවපු මැසේජ් එක මගේ ලඟ මෑතක් වෙනකල්ම තිබුන. මොකක් හරි හේතුවක් නිසා ඌ ඒ වෙලාවෙ මගේ ෆෝන් එකට සිම් එක දාගත්ත. ඒ මැසේජ් එක කොච්චර ලොකුද කියනව නම් දෙපාරකට එවල තිබුනෙ. ඒකෙ අන්තිමට තිබුන "මට ජීවිතයක් දුන්නෙ ඔයා, මම කවදාවත් ඒක අමතක කරන්නෙ නෑ. ඒ හැම දේකටම ගොඩක් ස්තූතියි. මම කවදාවත් ඔයා එක්ක තරහ නෑ. ඔයා හැමදාම හොඳින් ඉන්න." කියල. (ගිය අවුරුද්දෙ ෆෝන් එකේ අවුලක් වෙලා රීසෙට් කලා, ඒ වෙලාවෙ තමයි ඕක නැති වුනේ.) ඇත්තටම අපේ අයිය නිසා ඒ අක්කට හොඳ ජීවිතයක් ලැබුන. දෙවනි පාර විභාගෙ කරවල බැංකුවක හොඳ රස්සාවකට දැම්මෙ අපේ එකා. ඒත් ඒ හැම දේටම වඩා ජීවිතේ ලස්සන කරන්න පුලුවන් ආදරේ අන්තිමට නොලැබී ගියා.

ඇයි මිනිස්සු මෙච්චරම මේ කුලේ කියන දේ ගැන හොයන්නෙ? ඕක ගැලපුනා කියල මොකක්ද ඇති වැඩේ? අවුරුදු 4ක ආදරයක් නැති කරල දන්න තරම් ඕක වටිනවද? අයියගෙ සතුටට වැඩිය ලොකු අම්මට කුලේ ලොකු වුනාද? අම්ම කෙනෙක්ගෙ ආදරය කියන්නෙ ඕකද? මේ ප්‍රශ්න වලට මට තාම උත්තර හොයගන්න බැරි වුනා. සමහර විට කවදාවත් හොයා ගන්න බැරි වේවි.

අපි ඉන්නෙ විසි එක්වෙනි සියවසේ. ඒත් තාමත් මේ වගේ කිසිම වැඩකට නැති දේවල් ගැන මිනිස්සු හොයන එක නම් බොහොම කණගාටුවට කරුණක්. බුද්ධිමත් කියල සැලකෙන මිනිස්සු පවා ඔය විකාර ගැන හිතනව. ඇයි දරුවෙක්ගෙ සතුට වෙනුවෙන් කුල ප්‍රශ්නයක් අමතක කරන්න බැරි? දෙමව්පියො දරුවො වෙනුවෙන් මොන තරම් කැප කිරීම් කරනවද? ඇයි මෙතනදි තමන්ගෙ මහන්තත්තෙ දරුව වෙනුවෙන් කැප කරන්න බැරි? ඇයි තමන්ගෙ දරුවන්ගෙ හැඟීම් ගැන මෙතනදි විතරක් අම්මල තාත්තල අමතක කරන්නෙ? දරුවන්ගෙ ජීවිතේට නරකක් වෙන පවුලක් එක්ක දරුව එකතු වෙන්න හදන එක නවත්තනව කියන්නෙ වෙනම කතාවක්. මොකක් හරි එහෙම හේතුවක් තියනව නම් ඒක කොහොම හරි නවත්තන්න ඕන. ඒක ගැන වෙනම කතා කරන්න ඕන. ඒත් අඩු කුලේක පවුලක් එක්ක එකතු වුනා කියල දරුවගෙ ජීවිතේට වෙන්න පුලුවන් හානියක් නරකක් ගැන නම් මට හිතා ගන්න බෑ. (ඇත්තටම එහෙම හානියක් වෙනව නම් කවුරු හරි මට ඒක කියල දෙන්න.) එකම හානිය වෙන්නෙ දෙමව්පියන්ගෙ පුහු මහන්තත්තෙට. මම නම් දකින එකම හේතුව ඒක විතරයි ඔය වගේ විරුද්ධ වීම් වලට. ඒ කියන්නෙ දෙමව්පියො තමන්ගෙ ගැන විතරක් හිතලමයි ඔය වගේ තීරණ ගන්නෙ. වෙන විදියකින් කියනව නම් දරුවො වෙනුවෙන් ජීවිතේ වුනත් දෙන්න පුලුවන් කියන දෙමව්පියො තමන්ගෙ තත්ත්වය ආරක්ෂා කරගන්න දරුවන්ගෙ සතුට, දරුවන්ගෙ ජීවිත විනාස කරනව. ළමයින්ගෙ සතුට වෙනුවෙන් ඔය දේ අමතක කරල දාන දෙමව්පියො ඕන තරම් ඉන්නව. මාත් එහෙම ගොඩක් අවස්ථා අහල තියනව.  ඒත් හැමෝම එහෙම නෑ නෙ. හැමෝම එහෙම වුනානම් කොච්චර හොඳද.

ඌ පවුලෙ වැඩිමල් කොල්ල. තව අක්කයි මල්ලියි තමයි පවුලෙ හිටියෙ. ලොකු අම්ම වැඩියෙන්ම ආදරේ කලේ ඔය අයියට. මිනිහට ඔලුවෙ කැක්කුමක් හැදුනත් ලොකු අම්ම පුදුම විදියට කරදර වෙනව. ඒත් ඔය ප්‍රශ්නෙදි මිනිහ සමහර වෙලාවට නොකා නොබී පවා හිටිය. ලොකු අම්ම ඒ කිසි දෙයක් ගනන් ගත්තෙ නෑ.  අර තිබුන ආදරේට මොනව වුනාද කියල හිතා ගන්න බෑ. අයියගෙ පැත්තෙන් පොඩ්ඩක්වත් හිතන්න උත්සහ කලේ නෑ. කොහොමහරි අන්තිමට ලොකු අම්මට ඕන දේ වුනා. කොල්ලෙක්ටත් ඔහොම නම් කෙල්ලො ගැන කුමන කතාද. හැබැයි ලොකු තාත්ත ජීවත් වෙලා හිටිය නම් සමහරවිට ඔහොම නොවෙන්න තිබුන.  ඔය කතාවෙ ලස්සනම කෑල්ලත් මම කියන්නම්. ලොකු අම්ම අයියගෙ හිත වෙනස් කරන්න ඉනාවක් පවා දීල තිබුන. එතකොට හිතාගන්නකො ඔය කුල ප්‍රශ්නෙ කියන එක ලොකු අම්මගෙ හිතේ කොච්චර තදින් කාවැදිල තියෙන්න ඇත්ද කියන එක. අපේ ලොකු අම්ම කියන්නෙ එක්කෙනෙක් විතරයි. තව ඔය වගේ මිනිස්සු සමාජයේ කොච්චර ඇද්ද? සංඝමිත්තා මෙහෙනින් වහන්සෙ දැනගෙන හිටිය නම් ඔය කුලය කියන එක ඔච්චර ප්‍රශ්නයක් වේවි කියල, කවදාවත් ලංකාවට දහාඅට ශ්‍රේණියේ මිනිස්සු අරගෙන එන එකක් නෑ.

අනිත් එක කොහොමද කියන්නකො යාලු වෙන්න කලින් කෙනෙක්ගෙ කුලේ දැන්ගන්නෙ? ආගම, ජාතිය නම් හොයාගන්න පුලුවන්. මුස්ලිම් නම් ලේසියෙන්ම අඳුනගන්න පුලුවන්. නැත්තන් වටපිටාවෙන් හොයල බැලුවම අමාරුවක් නැතුව හොයා ගන්න පුලුවන්. යකෝ ඉතින් කුලේ කියන එක එහෙම හොයන්නෙ කොහොමද? අපේ ලඟම යාලුවගෙවත් කුලේ අපි දන්නවද? නෑ නෙ. ඒක නිසා ඉතින් යාලුවෙන්න කලින් ඒක හොයාගන්න විදියක් ඇත්තෙම නෑ. කොහොමත් තමන්ගෙ කුලය වුනත් ගොඩක් අය දන්නෙ නෑ නෙ. ඒකත් ඉතින් අම්මල තාත්තලගෙන්ම අහල තමයි දැනගන්න වෙන්නෙ.

තමන්ගෙ අම්මල තාත්තල තදින්ම කුල මල හොයන විදියෙ අය කියල තමන්ට තේරෙනව නම් හොඳම දේ තමයි, තමන් කාට හරි ආදරේ කරන්න පටන් ගන්නව නම් කලින්ම ඒ විස්තර හොයල ගැලපෙන කෙනෙක් හොයාගන්න එක. අදාල කෙනාගෙන්ම අහල හරි කමක් නෑ. ජෝක් නෙමෙයි, සිරාවටමයි කියන්නෙ. සම්බන්ධකම් වැඩි දුර යන්න කලින් ඒව හොයල බලන එක ඇඟට ගුණයි. මොකද ඔය කුල මල බේද වලින් අන්ධ වුන මිනිස්සුන්ට වෙන කිසිදෙයක් පේන්නෙ නෑ. කොච්චර ගැලපීම් තිබුනත් ඒ නොගැලපීම අමතක කරන්න ඔය වගේ ගොඩක් දෙනෙක් සූදානම් නෑ. අන්තිමට අවුරුදු ගානක් ආදරේ කරල නවත්තල දාන්න වේවි, අපේ එකාට වුනා වගේ. ඊට වඩා හොඳයි අම්මල තාත්තල එහෙමයි කියල දන්නව නම් කලින්ම හොයල බලල ගැලපෙන්නෙ නැත්තන් දෙපැත්තට වෙන එක.

 
අවසාන වශයෙන් අම්මල තාත්තලගෙන් ඉල්ලන්න තියෙන්නෙ මේකයි. (බඳින වයසෙ ළමයි ඉන්න අම්මල තාත්තල නම් මේක කියවන එකක් නැති වෙයි. ඒත් හැමෝම කවද හරි ඒ තැනට එනවනෙ. ඒ නිසා මේ දේ හිතේ තියාගන්න.) ඔය කුල මළ වගේ වැඩකට නැති දේවල් නිසා දරුවෙක්ගෙ ආදරයක් නැති කරල දාන්න එපා. දරුවන්ගෙ පැත්තෙන් හිතන්න. තමන්ට කුලේ මහ ලොකු දෙයක් වුනාට දරුවන්ට වටින්නෙ තමන්ගෙ ආදරය. දරුවො වෙනුවෙන් හැම කැප කිරීමක්ම කරන්න පුලුවන් නම් බොරු මාන්නෙ, මහන්තත්තෙත් දරුවො වෙනුවෙන් කැප කරන්න. තමන්ගෙ දරුවට වඩා කුලේ ලොකු කරගන්න එපා. පොවපු කිරි වලට එච්චර ලොකු වන්දියක් ඉල්ලන්න එපා. ඒක මහ පව් වැඩක්.

ඔන්න ඔහොම තමයි කසුන්ට හිතෙන්නෙ. මේක කියවන අයගේ අදහසුත් දැනගන්න පුලුවන් නම් මම කැමතියි.

....................................................................................................................................................................

ප.ලි. කුල ප්‍රශ්නෙ ඇරුනම ඔය වගේ කතා කරන්න ඕන තව දේවල් තියනව. තව අපි දෙමව්පියන්ගෙ පැත්තෙන් හිතන්න ඕන දේවලුත් තියනව. මම ඒවත් ලියන්න හිටියෙ. ඒත් ඒවත් කියන්න ගියොත් දිග වැඩි වෙනව. ඒව ඊලඟ ලිපියෙන් කතා කරමු.

28 comments:

  1. මුලින්ම කියන්න තියෙන්නෙ මම උඹේ අයිය වුනා නම් අර කෙල්ලව අතඅරින්නෙ නෑ...

    ඔච්චර කුල ගානක් ගැන මම දැනගෙන හිටියෙ නෑනෙ බන්..

    (උඹ මේ දාපු එකත් එක්ක කවදාවත් ලියන්නෙ නෑ කියල හිටපු එකක් ලියනන්න වෙනවාන දැන්.... උඹ මාව නසරාණියෙක් කරන්නනෙ යන්නෙ...)

    ReplyDelete
  2. ඔය කුල කතන්දරේ නම් දැනට වඩා ඉස්සර නම් තිබුනලු. වලං හදන එවුන් රදා කුලයේ ලු. ධීවරයෝ කරාවෝ (කරා) ලු. සමහරු රදල කුලයෙලු. ඔහොම කුල ගොඩක් තියෙනවා. මේවා ඉතින් අපි උප්පත්තියෙන් අරගෙන එන්නේ නෑ. අපේ අම්මයි අප්පච්චිගෙයි කුලය තමයි දරුවෝ වෙච්චි අපට ලැබෙන්නේ.

    ඉතින් ඒකට අපි මොනවා කරන්නද ? වැඩිය ඕනේ නෑ. තාමත් රදා ගේකින් වතුර ටිකක්වත් බොන්නේ නැති මිනිස්සු අපි අතර ඉන්නවා. ඒ මිනිස්සු වහ දාලා දේවි යෑ.

    ඔය ආදර කතා වලදි කුල ප්‍රශ්නය නම් මටත් ඉස්සරම ආවා.මම් යාලුවෙලා හිටපු කෙල්ල මගෙන් ඇහුවා ඔයාගේ කුලය මොකද්ද කියලා. මම ඊට පස්සේ කිව්වා ඒක මොකටද ඕනේ කියලා.

    කෙල්ල ආයෙමත් බල කරනවා කුලය මොකද්ද අහලා. මම් ඊලඟට ඇහුවා කුල ගැලපෙන්නේ නැත්නම් ඔයා මාව අතාරිනවද කියලා. ඊට පස්සේ ඒක කියනවා ඔව් එහෙම කරන්න වෙනවා කියලා.

    මම් ඊට පස්සේ කිව්වා ඔයාලා කුල ඔච්චර මත්තේ නැහෙන්නේ මොකද කියලා. එයා කියනවා අපේ අම්මලා අහනවා කියලා. මම් කියලා ඇරියා අපි ගොවි කුලේ ය කියලා. ඊට පස්සේ තමයි අම්මා උනත් කැමති උනේ.

    අම්මාපල්ල මෙහෙමත් මනුස්ස ජාතියක් !!!!
    මට ඇත්තමයි කෙල්ලත් එක්කම තිත්ත උනා. අදහස් ගැලපෙනවා නම් දෙන්නට දෙන්නා ආදරේ නම් කුල ගලප ගලප ඉන්නේ මොකටද ? ඔන්න රුධිර ගණ ගලපුවා නම් කමක් නෑ. මොකද ඒක අනාගතේ ඉපදෙන දරුවන්ට බලපාන හන්දා. එහෙම නැතුව මේවගේ හනමිටි අදහස් එක්ක ජීවත් වෙලා වැඩක් නෑ. මේක 21වෙනි සියවස !!!!

    ඔන්න මට හිතුන දේවල් ටික අමු අමුවේ කොටලා දැම්මා.මම් වැරදි නම් මාව නිවැරදි කරන්න. :)

    ReplyDelete
  3. කසුන් එක්ක 100% මාත් එකගයි.
    ලගදී මම දන්න කෙනෙක්ට උන දෙයක් කියන්නම්.
    කුඩා කාලයේ සිට ආදරෙන් ඉදල...ඕස්ට්‍රේලියාවේ රැකියාවක් ලැබිලා සල්ලි ටිකක් හම්බ කරගෙන ලගදී අවා තමාගේ අදරවන්තියගේ අත ගන්න.
    විවාහයට අත්සන් කරල තියෙන්නේ මනමාලයගේ සීයා කෙනෙක්ලු ඔහු කුඹල් කුලේ කෙනෙක්ලු. විවාහ ඉවර උනා. ඉතින් ඔන්න අපේ අයගේ තත්වේ ඕකයි.මනමාලයා නැවත ගියා ඕස්ට්‍රේලියාවට නමුත් නඩුව යනවා . ඉතින් ලගදී නැවතත් එන්න වෙනවා නඩුවට.

    ReplyDelete
  4. කුලේ නං කොහොම හරි ගොඩ දාගන්න පුලුවන් බං.. මට මේ ආගම් කේස් එක ගොඩදාගන්න බැරුව ඉන්නෙ.. :(

    ReplyDelete
  5. අර අයිය නම් කොන්ද පණනැති ගොනෙක්.අනිත් එක අද අපි දන්නා හදුනන සමාජයේ නම් කුලය යන සාදකය අවලංගු වෙලා තියෙන්නේ.

    ReplyDelete
  6. @සාතන්
    එහෙම බෑ නෙ අයියෙ. තමන්ගෙ අම්මද කෙල්ලද කියල අවසාන තිරණයක් ගන්න වුනොත් අපිට තෝර ගන්න වෙන්නෙ අම්මනෙ. කෙල්ලෙක් වෙනුවෙන් අම්මව අතාරින්න බෑ නෙ.

    කමක් නෑ, ඒ නසරාණී කතාවත් ලියන්නකො බලන්න.

    @මධුරංග
    ඔව් ඔව්, එහෙම අඩු කුල කියන ගෙවල් වලින් වතුර වත් බොන්නෙ නැති අය අපේ ගමෙත් ඉන්නව. කොටින්ම අපේ නැතිවුන ආච්චියි සීයයි දෙන්නමත් ඒ විදියයි. විකාර තමයි ඉතින්, වෙන කියන්න දෙයක් නෑ.

    එහෙම පවුලකට උඹ එකතු නොවුන එකත් හොඳයි බං. ඒ වගේ මිනිස්සු එක්ක ජීවත් වෙන්න හරි අමාරුයි.

    @Gimhani
    ඔය වගේ කතා තව කොච්චර ඇද්ද සහෝදරී. ඔය වැඩකට නැති ප්‍රශ්න නිසා කොයිතරම් තරුණ ජීවිත අසහනයට පත් වෙනවද. බලන්නකො ඉතින් ඔයා කියපු කතාවෙ ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ සීයගෙ කුලේ. බඳින්න ඉන්න මිනිහගෙ සීයගෙ කුලේ පවා ප්‍රශ්නයක් කරගන්න තරම් මිනිස්සු මෝඩ වෙනව කියන එක මොන තරම් කණගාටුවට කරුනක්ද?

    @Sandamal
    ඒකත් ඉතින් ඒ වගේම ප්‍රශ්නය තමයි සහෝ. මට නම් හිතාගන්න බෑ ඔය වගේ ප්‍රශ්න වලට මොනව කරන්නද කියල.

    @Ano
    එහෙම කියන්න එපා සහෝ. කොන්ද පණ තියනව කියනෙ එකෙන් උඹ අදහස් කරන්නෙ තමන්ගෙ අම්මට පිටු පාල කෙල්ලෙක් එක්ක යන එකද? ඒකද කොන්ද පණ තියනව කියන්නෙ? අවුරුදු 25ක් විතර තමන්ව හදා වඩා ගත්ත අම්මව අමතක කරල අවුරුදු දෙක තුනකට කලින් මුනගැහුන කෙල්ල එක්ක යන්න පුලුවන් කියන්නෙ කොන්ද පණ ඇති කම නෙමෙයි, ඒකට කියන්නෙ ගුණමකු කම. කොන්ද පණ තියනව කියන එක ඒ විදියට අර්ථ දක්වන්න යන්න එපා.

    ReplyDelete
  7. කාලය දිපය දේශය කුලය මව අහල නැද්ද පස් මහ බැලුම්.

    කුලය කියන්නේ පරම්පරාවේ රස්සාව.

    ඉස්සර කාලේ තාත්තා ගේ ජොබ් එක තමයි පුතාටත් යන්නේ.

    දැනුත් එහෙමයි ලංකාවේ තියෙන හොඳම ජොබ් එකේ විතරක් (දේශපාලු කිරීම) -තාත්තා ගෙන් පුතාට.

    පවුලේ කර්මාන්තය රැක ගන්නයි ඔය කුල බැලුවේ.

    ReplyDelete
  8. විවාහය ගැන මොකට කතාකරනවද ?
    කුලබේදයට පලවෙනි කුළුගෙඩි පහර ගහල පටන්ගත්තේ කුලබේදය මුහුකුරා ගිය ඉන්දියාවේදී අපේ බුදු හාමුදුරුවෝ.. එත් උන්වහන්සේගේ ශිෂ්‍යයෝ අද කුල අනුව නිකායවල් හදාගෙන.. ඔය කුල දරුණ නෙව මහන කරවන්නේ.. එතකොට සෝපාකල යන්නේ කොහෙද දන්නේ නැහැ.. ටිකක් හොයල බලන්නකෝ. අඩුකුලේ යට වෙනම නිකායක්. එක නිකායක මහන කරවන්නේ ගොයිගම අය විතරයි.. අනේ මට රජකම එක දවසකට ලැබුනොත් මං ඉස්සෙල්ලම් කරන්නේ පන්සල් වලින් නිකාය තහනම් කරන එකයි..

    ReplyDelete
  9. මම නම් දන්නෙ මෙච්චරයි.. මනුස්සයෙක් ගේ උතුම් හෝ පහත් බව තීරණය වෙන්නේ කරන ක්‍රියාවෙන් මිසක් කුලයෙන් නම් නෙමයි.. අර අයියගෙ අම්මා බෞද්ධ නම් ඕක තේරුම් ගන්න තිබ්බා.. බොරුවට සුදු රෙද්ද පොරවගෙන හතර පෝයට සිල් ගන්න අම්මණ්ඩිලා තමයි ඔය කුල ගැන නැහෙන්නේ..

    ReplyDelete
  10. වෙන දෙයක් නැති උනාම කුලේ තමා ඉහ උඩ තියන් දගලන්නෙ.මිනිස්සු ක්‍රියාවෙනුයි වසලයෝ වෙන්නෙ,කුලයෙන් හෝ උප්පත්තියෙන් නෙමේ.

    ReplyDelete
  11. ලිපිය ගොඩක් සංවේදි..

    කුලය කියන්නේ මහ පටු සංකල්පයක්..උදේ හවා පිරිත් ඇහෙන මේ මහා ධර්මද්වීපයේ තාමත් ඒ පිලල වැලලිලා නෑ කියලා හිතද්දි..අපි ගැන විතරක් නෙමෙයි තාමත් නොඉපදුනු මගේ දරු පැටවුන් ගැන පවා මට ඇති වෙන්නේ අනුකම්පාවක්..

    පන්සිල් පද පහ කට පාඩමෙන් කියන..උදැල්ලක් හීනෙන්වත් අල්ලන් නැතුව බොදු ගොවි කියා ගන්න මිනිස්සුන්ට හිතන්න දෙයක් මගේ යාලුවා ඉතුරු කරලා තියෙන්නේ..

    ReplyDelete
  12. කුලය ඇතිවෙලා තිබ්බේ තාත්තගෙන් පුතාට ආකාරයට රස්සව ගෙනියන්න..හැමෝටම කුඹල් වැඩ,ධීවර වැඩ බැහැනෙ...ඒත් මේ කාලෙ තාත්තගෙ රස්සාවම පුතා කරන්නෙ නෑ නෙ..ඒක නිසා දැන් නන් ඕව අනුමත කරන්න බෑ...දෙමල අයගේ ඕක හරි දරුනුවට තියනව..කොටින්ම යාපනේ ලමයි කසාද බදින්න තමන්ගෙ කුලේ අය ලංකාවෙ නැත්තන් දකුනු ඉන්දියාවෙන් ගෙන්නනව...මං දන්න ඉන්දියන් කාරයෙක්ගෙන් අහුව මේක ගැන..ඌ කියනව මට මේක කරන්න පුලුවන්ලු ඒත් අනිත් අය එහෙම කරන්නෙ නෑලු..එහෙම වුනොත් කවද හරි එයාට දුවෙක් හම්බ වුනොත් කවුද් කුල දෙකක් මිශ්‍ර කෙල්ලෙක්ව කසාද බදින්නෙ කියල ඇහුව..හරිම සංකීර්න ප්‍රශ්නයක් ඕක...

    ReplyDelete
  13. @කතන්දර
    ඒක තමයි අයියෙ, කුල ක්‍රමය ආරම්භ වෙන්න ඇත්තෙ ඒ පාරම්පරික රස්සාවල් පවත්වගෙනෙ යන්න, ඒව නැති වෙලා යන එක වලක්වන්න. ඒත් පසුකාලීනව මෝඩ යක්කු ඒක තමන්ගෙ තත්ත්වය, ලොකුකම පෙන්නන්න ආයුධයක් කරගත්තනෙ.

    @සරත් ලංකාප්‍රිය
    ඔව් අයියෙ, ඔය කුල කතාවෙ තවත් අවලස්සනම පැත්තක් තමයි ඕක. මමත් ඔය කතාව යන්තන් අහල තියනව. ආගමික නායකයොත් කුල මල හොයද්දි මිනිස්සු ගැන කුමන කතාද?

    @Kanishka | කණියා
    හරියටම හරි සහෝ. ඒත් ඇයි මිනිස්සු ඔය ටික තේරුම් ගන්නෙ නැත්තෙ? ඔය කුණු ඔලුවෙ පුරව ගත්තම ආගම ධහමෙන් කියවෙන දෙයක් ගැනවත් තැකීමක් නෑ.

    @ගලායන ජීවිතය
    ඒක ඇත්ත සහෝදරී, එදා වේල කාල ඉන්න සල්ලි නොතිබුනත් කුලේ නම් හරියටම බලනව.

    @අසනි
    "පන්සිල් පද පහ කට පාඩමෙන් කියන..උදැල්ලක් හීනෙන්වත් අල්ලන් නැතුව බොදු ගොවි කියා ගන්න මිනිස්සුන්ට..."

    ඒක නම් නියම කතාව සහෝදරී. උදැල්ලක් අල්ලන්න තියා කුඹුරක නියරක් දිගේ වත් නොගියපු සමහර උන් අපි ගොවි කුලේ කියල කිසි කැතක් නැතුව බොහොම ලොකුවට කියනව.

    @මද්දු
    ඔව්, දැන් තාත්තගෙන් පුතාට පාරම්පරිකව රස්සාව යන්නෙ නැති නිසා කුලය කියල දෙයක් සත පහක වැඩක් නෑ.

    ලංකාවෙ දෙමල අය ගැන නම් දන්නෙ නෑ අයියෙ. ඒත් ඉන්දියාවෙ නම් ඔය කුල ප්‍රශ්නෙ මහ දරුනුවට තියනව තමයි. ඊට සාපේක්ශව නම් ලංකාව ගොඩක් හොඳයි.

    ReplyDelete
  14. පිස්සු හැදෙන කතාවක් නේ..?
    මේ වගේ වැඩකට නැති විකාර අදහස් ඔලුවෙ පුරවගෙන ජීවත් වෙන අයත් ඉන්නවනේ මේ රටේ!!
    ඇත්තටම මම නම් හිතන්නේ ඔය වගේ දෙයක් විතරක නෙවේ..ආදරේට ආගමත් බාධාවක් නෙවෙයි.තමන් එකිනෙකාට ගොඩක් ආදරේ නම් හොඳට වටහගෙන තියෙනවනම් තවත් ඕකේ හොයන්න දෙයක් නෑනේ..

    මටත් ඔය ප්‍රශ්නේ ටිකක් බලපාන්න ඉඩ තියෙනව..ඒත් අපෙ අම්ම ඒ තරම් තදට ඉන්න එකක් නෑ කියල තමයි මම හිතාගෙන ඉන්නේ.:))

    ReplyDelete
  15. @ආගන්තුකයා
    ඔය ටික සමහර මිනිස්සු තේරුම් ගන්නෙ නෑ බං.

    එහෙනම් පුතෝ දැන්මම ටික ටික හරි අම්මගෙ ඔලුවෙන් ඔය විකාර අයින් කරන්න බලපන්.

    ReplyDelete
  16. වැදගත් වෙන්නෙ කොන්දේසි රහිත ආදරය තමයි. ඔය කුල මල මොනවටත් වඩා..

    ReplyDelete
  17. ඇත්තටම මුස්ලිම් අය තුල කුළ බේදයක් නැහැ... එහෙම කුළ තියෙනව කියල මම අහලත් නැහැ...
    නමුත් මුස්ලිම් මිනිස්සු තුල තියෙන දෙයක් තමයි ආගම හා ජාතිය බලන එක. මමත් මුස්ලිම් නිසයි මේ කියන්නෙ. මට මගේ ආදරේ නවත්තන්න උනෙත් ඔය ජාතිය කියන දෙ නිසා. මම ලංකා යෝනක නමුත් මගේ කෙල්ල මැලේ. එකම ආගමේ උනත් ජාතිය වෙනස් නිසා මට ඒක නවත්තන්න උනා.

    ReplyDelete
  18. @අන්තිම පේළියේ අවංක පැට්ටා
    අර බං සමහර මුස්ලිම් කොල්ලො ගොඩක් කොටට දිග කලිසම් අඳින්නේ, ඒ ඒගොල්ලන්ගේ කුලේ අඩු නිසා කියල මම අහල තියනව. හැමෝම එහෙම නෑ නෙ. සමහරු විතරයි එහෙම අඳින්නේ. මම හරියටම දන්නෙ නෑ, මම අහල තියන දෙයක් කිව්වෙ.

    ReplyDelete
  19. තාමත් ඔය දේවල් ඔළුව උඩ තියාගත්තු මිනිස්සු ඉන්නවා කසුන්. අනේ මන්දා මටත් තේරෙන්නෙ නැත්තේ තමන්ගෙ දරුවගෙ සතුටට වඩා ඔය බොරු දේවල් ලොකු වෙන්නෙ ඇයි කියන දේ.කොහොමහරි අන්තිමට ඕකෙන් වෙන්නෙ තමන්ගෙ ලමයගේ ජීවිතේ අමාරුවේ වැටෙන එක විතරයි..එහෙම ආදරයක් කැඩුවා කියලා දෙමව්පියෝ දිනන්නෙ නෑ.ඇත්තටම පරදිනවා...

    ReplyDelete
  20. පොවපු කිරි වලට එච්චර ලොකු වන්දියක් ඉල්ලන්න එපා.
    ඔව් එච්චර වන්දියක් ඉල්ලන්න එපා. මගේ කතාවත් ඕකමයි, අයියා දන්නවානේ, ජීවිතේට මම ආපහු කෙනෙක්ට ආදරේ කරන්න හිත හදාගන්නවනම් ඔයාලාගේ අම්මා කැමතිද කියලා මුලින් අහලා තමයි කැමති වෙන්නේ, නැත්තන් තනිකඩ ජිවිතේ හොදයි,

    ReplyDelete
  21. එක වසරෙ ඉදන් අපේ පාසල් පෙල පොත් වල ජාතික ගීතය තියෙනවා.. අකුරු දන්න කාලෙ ඉදන් අපේ අම්මලා එක පාඩම් ගන්නවා නමුත් ඒකෙ පද අපි ලොකුවුනාම එයාල හිතා මතාම අමතක කරනවා...…

    … එක මවකගෙ දරු කැල බැවිනා
    යමු යමු වී නොපමා
    ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
    අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

    ReplyDelete
  22. ඔබ දන්නවාද අද ශ්‍රී ලංකාව කඩිනමින් මුස්ලීම්කරනය කිරීම සඳහා අන්තවාදී මුස්ලීම් වරුන් විසින් සංවිධානාත්මකව වැඩපිළිවෙළක් දියත් කරලා තියෙන බව? අපේ ශ්‍රී ලංකාවත් තවත් ඉස්ලාමික ශ්‍රී ලංකාවක් කිරීමට යුද කිරීමෙන් නොහැකි බව දන්නා මුස්ලීම් වරුන්ගේ අළුත්ම උපක්‍රමය වී ඇත්තේ සිංහල කාන්තාවන්ව ආදරයේ සහ සාමයේ නාමයෙන් දඩයම් කිරීමයි. මේ සඳහා තරුණ මුස්ලීම් වරුන්ව දිරි ගන්වන කණ්ඩායම් පවා ඇතැයි අපිට ආරංචි වී තිබේ. මා ඇසුරැකරන මුස්ලීම් මිතුරන්ගෙන් 60% කටත් වඩා පිරිසක් පෙමි සබදතා පවත්වන්නේ සිංහල යුවතියන් සමගය. එමෙන්ම මුස්ලීම් මිතුරන්ගෙන් 80% ටත් වැඩි පරිසක් සිංහල යුවතියක් සරණ පාවා ගැනිමට කැමතිය.

    සොයුරියනි, මුසල්මානුවන්ගේ ගැට වලට හසුවන්න එපා! දුටු ගැමුණු රඡු, අනගාරික ධර්මපාල තුමා වැනි මේ සිංහල දේශය රැකගැනිමට තම දිවි පරදුවට තැබු ඔබේ මුතුන් මිත්තන්ට අගෞරව වෙන කටයුතු කරන්න එපා. විහාරමහාදේවිය, සෝමා දේවිය වැනි වීර කාන්තාවන් ඔබගේ හදවතේ තාමත් රැඳී සිටිනවා නේද? මුසල්මානුවන්ට අල්ලාගේ නාමයෙන් ඹබව මරා දැමිමට වුවත් හැකිය. මුස්ලීම් ගැට ගැන මා දන්නා දේවල් ටිකක්…

    [1] බොහො මුස්ලීම්වරුන් ඔබෙන් ආදරය ඉල්ලා පැමිනේන්නේ සිංහල නමක් දාගෙන සිංහල වෙස් රැගෙනය. ආදරයක පැටලිමට පෙර හොදින් සොයා බලන්න. එය කෙසේ බැලුවත් ඔබේ ආරක්ෂාවට සුදුසුය ආදරය මේරූ පසු ඔහු තමා මුසල්මානුවෙක් යැයි කියන්නේ බොහෝ බැගැපත්වය. නමුත් ඒ වන විට ඔයා ද ආදරයෙන් අන්ධ වී හෝ බොහෝ දුරදිග ගොස් තිබිමටද පුළුවන්

    [2] මුසල්මානුවන්ගේ මෙම කියමන් වලට රැවටෙන්න එපා. [මම මුස්ලිම් ඔයා සිංහල, ඔයාට ඡාතිය ගැටළුවක්ද? ආදරයට ඡාතිය ගැටලුවක්ද ? ඹයා ඔයාගේ ආගම අදහන්න, මම මගේ ආගම අදහන්නමි, අපි ඒක ගැටළුවක් නොකරගමු] මේවැනි බොලඳ වදන් වලින් ඔබව අන්ධකරන මුසල්මානුවන් අප සමග සිනා සිසී සිංහල කාන්තාවන්ගේ ගොන්කමි අපිට කියයි.

    [3] මොන පොරොන්දු දුන්නත් විවාහයෙන් පසු ඔබටත් මුස්ලීම් ගැහැනියක් වීමට සිදුවනු නියතයි. දිවා රෑ පුරාවටම ඔබටත් හිජාබයෙන්/බුර්කාවෙන් මුළු ශරීරයම වසාගෙන තැම්බි තැම්බී සිටීමට සිදු වනු ඇත.

    [4] ඔබ මුසල්මානුවෙක් සමග විවාහ වී අවුරුදු කීපයකට පසුව තවත් මුස්ලීම් බිරිඳක් ගෙන එනු ඇත. මුස්ලීම් බිරිඳක් හෝ කිහිපදෙනෙක් සමග ඔබටත් ඔබේ මුස්ලීම් සැමියාගේ යහන බෙදා ගැනීමට සිදු වනු ඇත. සමහර මුස්ලීම් වරුන් බිරියන් 4 ක් දක්වා තබා ගනී.

    [5] ඔබට දිනපතා හරක් මස් ඉවීමට සිදු වනු ඇත. මාංශ ආහාර ඉවීමට පුරුදු නැගෙනියෙකුට මෙය අරුමයක් නොවුනත් නිර්මාංශී ජීවිතයක් ගෙවන නංගිලාට මෙතරම් පිළිකුලක් තවත් නැති බව මම අත්දැකීමෙන්ම දනිමි.

    [6] ඔබගේ පිරිමි දරුවන් මර හඬ තලත්දී, ඔවුන්ගේ පුරුෂ ලිඟුව සුන්නත් කරනු ඇත, ඔබගේ දරුවාට ආගමේ නාමයෙන් දෙන දුක ඔබ කෙසේ ඉවසන්නද?
    [7] ඔබ ඉස්ලාම් පැතිරවීමට දරුවන් සෑදීම සඳහාම වන මැශින් එකක් ලෙස පාවිච්චි වනු ඇත. යම් හෙයකින් ඔබට දරුවන් ලැබුනේ නැත්නම් “අල්ලාගේම” පිහිටය!

    ReplyDelete
  23. [8] ඔබගේ දරුවන්ද මිත්‍යා දෘෂ්ඨි වල එල්බෙමින් කල්ප ගණනාවක් සසර දිගු කරගනු ඇත. ඔබ කිසියම් ආගමක් විශ්වාස කරනවානම් ඔබගේ දරුවොත් ඒ ආගමේ අමා රසය විඳිනවාට ඔයා කැමතියි නේද? නමුත් සෑම මුස්ලීම් පියෙකුට දාව ලැබෙන දරුවන්ට වෙනත් ආගමක සිටීමට ඒ මුස්ලීම් පියවරු ඉඩ දේවියැයි ඔබ සිතනවාද?

    [9] අවසානයේදී ඔබගෙන් වෙන සුළු වරදකටත් මුස්ලීම් සැමියා විසින් තුන් වරක් තලාක් තලාක් තලාක් කීමෙන් ඔබව කිසිදු නඩු විභාගයක් හෝ වන්දියක් නොමැතිව මහ පාරට වීසි වේවි.

    [10] ඔබ මුස්ලීම් ව්‍යාපාරයකට ගියහොත් එහි සිටින කාන්තාවන් සහ පිරිමින් කවුදැයි බලන්න. පිරිමින් අති බහුතරයක් මුස්ලීම් අය වෙත්දී කාන්තවන් සිංහල අය බව ඔබට පැහැදිලි වෙනු ඇත. එය සැලසුම් සහගත වැඩපිළිවෙළක් නොවන බව කිව හැක්කේ කාටද?

    සැබව්න්ම ආදරයට ජාතිය ගැටළුවක් නොවේ. එහෙත් කුමන ක්‍රමයකින් හෝ ජනගයනය වර්ධනය කරමින් ලෝකයම ඉස්ලාම් කිරීමට යන හදවත් නැති අය සමග කේසේනමි ආදරය කරම්ද? ඔබේ සැබෑ ආදරය සොයා ගැනීම උදෙසා උගත් ධනවත් සහ රූමත් සිංහල තරුණයින් ඕනෑ තරම් මග බලා සිටී.

    ඉතා සරළව කිවහොත් සිංහල සංස්කෘතිය හා මුස්ලීම් පවුල් වල වටපිටාව අතර වෙනස අහස හා පොලව වැනිය. ටික දිනකින් ඔබට ජීවිතය අපායක් වනු ඇත. ජීවත් වෙලා සිටියදීම මනුශ්‍ය ප්‍රේතියක් වීමට කැමති නම් මුසල්මානුවෙක් සමඟ එක් වූවාට කම් නැත.

    අපි ආදරයට ආගම් බේධ දානවා යැයි සමහරක් අය කියනන්ට පුළුවන, ඒත් ඇත්තෙන්ම ආදරයට ආගම් බේධ දමා ඇත්තේ කවුදැයි ශකීර් නායික්ගේ මෙම කෙටි දේශනය ඇසීමෙන් ඔබට පැහැදිළි වේවි.

    මුස්ලීම් වරුන්ට එලෙස සෑම කෙනෙක්වම විවාහය මගින් තම ඉස්ලාම් ආගමට බඳවා ගැනීමට උපදෙස් දී තිබියදී, සහ ඉස්ලාම් වැළඳගන්නේ නැතිව මුස්ලීම් වරුන් සමග අන් අයට විවාහ වීමට තහංචි පනවා තිබියදී, මුස්ලීම් නොවන්නන් සමග විවාහ වෙන උදවියව මුස්ලීම් වරුන් විසින් පවුල් පිටින්ම මරා දමද්දී (honor killing), සිංහලයින්ද කිසිවක් නොසළකා මුස්ලීම් වරුන් සමග විවාහ වී මුස්ලීම් වෙන්නට ගියොත් ජනගහන සමතුලිතයට කුමක් වේවිද?
    අවසානයේදී ජාතිවාදය හෝ ආගම්වාදය අවුස්සන්නට එපා යැයි සිංහල මුස්ලීම් සහෝදරත්ව ෆැන්ටසි වල ජීවත් වෙන උදවිය වචන හරඹයක් අප වෙත දමා ගසනු ඇත. එහෙත් ඔවුන් ෆැන්ටසියෙන් ඇහැරී සත්‍යය වටහා ගන්නා විට ශ්‍රී ලංකාවත් , අතීත බෞද්ධ රටවල් වී තිබූ දැන් ඉස්ලම් රාජ්‍යයන් වන ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, නේපාලය, භූතානය, බංග්ලාදේශය, මාලදිවයින, ඉන්දුනීසියාව වැනි ඉස්ලාම් රාජ්‍යයක් වී තිබේවි. ඒ අනාගත ලංකිස්ථානයේදී ඔවුන්ගේ දරු මුනුබුරන්ට ශරියා නීතිය යටතේ සහජීවනයේ/ සහෝදරත්වයේ තරම වැටහේවි.

    මෙම පණිවිඩය තරුණ සිංහල සහෝදරියන්ටත් අවිවාහක දියණියන් සිටින දෙමාපියන්ටත් ලැබීමට සලස්වන්න. එය අපගේ සිංහල ජාතිය තව ටික කාලයක් හෝ නොනැසී තිබීමට උදව් වෙන අතර, මෙරට අරාබිකරයේ මෙන් හිස් ගැසුම්/ ගල් ගසා මරා දැමීම්/ එල්ලා මරා දැමීම් ආදී අන්තවාදී වැඩ සිදු නොවීමටත් හේතු වාසනා වේවි.

    ReplyDelete
  24. ඔය වගේ දේවල් ගැන මම කතා කරන්න ගියොත් මට තරහා යනවා

    ReplyDelete
  25. Apo oyalage Aiya harima p ne. Oyawage kollekwa bandinna nathi wune ara akkage wasanawata.
    A man needs to be independent when needed to.
    P:s those who say they 'll suicide never really commit suicide. Owa ganu mayan witharai.

    ReplyDelete
  26. mama kiyewwata comment karana kenek nemei eath oya kthwe anith paththa thamai mata une kellage gedarata mage kule madi una eken mama tham duk widinawa wgemaa mama dannawa eyath ehema duk wenawa athi

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.