twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Monday, March 5, 2012

පුද්ගලික විශ්ව විද්‍යාලවලට එරෙහි කුහකයෙක් වූ කසුන්ට හිතෙන හැටි

අද මේ කොටන්න යන්නෙ ටිකක් මතබේදයට තුඩුදුන් මාතෘකාවක් ගැන. ටිකක් කිව්වට ටිකක් නෙමෙයි. ගොඩක්ම මතබේදයට තුඩු දීපු මාතෘකාවක් මේක. කියන්න යන්නෙ මොකක් ගැනද කියල දන්නවා නෙ. මට මේක ගැන ලියන්න හිතුනේ මම දැකපු බ්ලොග් සහෝදරියක් ලියපු පෝස්ට් එකක් නිසා. පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියල තමයි එයා ලියල තිබුනේ. සංවේදී විදියට ලියන්න උත්සහ කරල තිබුනත්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයො එක්ක හිත යට තියන මොකක්දෝ තරහක් ඒ පෝස්ට් එකෙන් පෙනුනා. ලස්සන ලස්සන කමෙන්ට් ටිකකුත් ඒකට වැටිලා තිබුනා. මට ඒ වෙලාවෙම ඒ ගැන පෝස්ට් එකක් දන්න හිතුනත් ඒ දවස් වල තිබුන වැඩත් එක්ක ඒක පස්සට දාන්න සිද්ධ වුනා. ඊට පස්සෙ පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව වගේම පක්ෂවත් පෝස්ට් කීපයක්ම වැටිලා තිබුනා.

වැඩ නිසා පස්සට දදා ඉඳල පස්සෙ මට ඔය ගැන ලියන්න කම්මැලි හිතුනා. කම්මැලි කමටත් වැඩිය මම ඇත්තටම බය වුනා ඕව කියල මිනිස්සු තරහ කරගන්න. මොකද අර පෝස්ට් වලට වැටුන කමෙන්ට් වලින් පෙනුන දෙයක් තමයි දැන් ගොඩක් දෙනා පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන තැන ඉන්නව කියන එක. ඒ නිසා ඕව කියන්න ගිහින් නිකන් අප්‍රසාදයක් ඇති කරගන්න ඕන නෑ කියල මට හිතුනා. ඒත් මට පස්සෙ කල්පනා වුනා එතකොට මම 50 වෙනි පෝස්ට් එකේ දීපු ටෝක් බොරු වෙනව නේද කියලා. මම එතන කියල තියන විදියට මම හරියි කියල අදහන මතය වෙනුවෙන් මම පෙනී සිටින්න ඕන. ඔව්, ඒ නිසා මම ඒ ගැන ලියනවා. මම හොඳටම දන්නවා මගේ බ්ලොගේට නිතර යන එන සමහර මගෙ ලඟ හිතවතුන් පවා මම දන් මේ කියන්න යන කාරණයේදී මගේ විරුද්ධ වාදියෝ වෙනවා. මොකද මම හොඳටම දන්නවා ඒ සමහර අය පුද්ගලික විශ්ව විද්‍යාල දානවට කැමතියි කියල. කමක් නෑ, එත් මම කියනවා. ඒක මගේ යුතුකමක්. ටිකක් දිගයි නම් තමයි. අමාරුවෙන් හරි කමක් නෑ ඔක්කොම කියවන්න කියලා කියවන අයගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම හදවතින් නැතුව මේ කියන දේවල් බුද්ධියෙන් කල්පනා කරලා බලන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. මූ මහා ආත්මාර්ථකාමියෙක් කියලා හිතන්නේ නැතුව මේ කියන දේවල් විවෘතව හිතල බලන්න. 

හරි දැන් කතාවට එමුකෝ. මුලින්ම කියල ඉන්නම්කො ඇයි අපි පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ කියලා. ඒකට හේතු කීපයක්ම තියනවා. සමහර අයට අනුව අපි පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ අපේ කුහක කම නිසාලු. අපි ඉරිසියයිලු අනිත් අය ඉගෙන ගන්නවට. ඔහොම තමයි සමහරු කියන්නේ. හැබැයි කතව නම් ඒක නෙමෙයි. කෙලින්ම කියනව නම් ප්‍රධානම හේතුව අපි මහන්සි වෙල ආපු තැනට වෙන කෙනෙක් වැරදි පාරකින් එනවට අපි කැමති නෑ. අපි මහන්සි වෙලා ගත්ත දේ මුදලට විකුනලා ඒකෙ වටිනාකම නැති කරනවට අපි කැමති නෑ. ඒක තමයි ප්‍රධානම දේ. මොකද ඒ තැන ලැබෙන්න ඕන සුදුස්සාට මිසක් සල්ලි විසි කරන්න පුලුවන් කෙනාට නෙමෙයි.

පොඩ්ඩක් හිතල බලන්න විභාගෙ ගොඩ දාගෙන කැම්පස් යන්න කොච්චර නම් මහන්සියක් වෙන්න ඕනද? මිල කරන්න බැරි තරම් වටින කලය, ශ්‍රමය කොච්චර නම් කැප කරන්න ඕනද? අපි නම් තව කමක් නෑ කියමු, ඉන්ජො, මෙඩ්ඩො ගැන හිතන්න. උන් මුලු ජීවිතේම විභාගෙ වෙනුවෙන් කැප කරපු අය. දවල් රෑ නොබල පාඩම් කරල, ඒ වෙනුවෙන්ම ජීවිතෙ සතුට විනෝදය පවා නැති කරගෙන තමයි උන් ඔය තැනට ඇවිත් තියෙන්නෙ. එච්චර කැප කිරීම් කරල කෙනෙක් එතනට ආවම තව එකෙක් සල්ලි විසි කරල එතනට එන්න හදන එකට විරුද්ධ වෙන අසාධරනද? ඒක අපේ කුහක කමද? ඒ තරමටම නැතත් අපිත් ගොඩක් මහන්සි වෙලා තමයි මෙතනට ආවෙ. ඒ නිසා අපිටත් සධාචාරාත්මක අයිතියක් තියනව අපි ලබගත්ත දේ කවුරුහරි සල්ලි බලෙන් ලබා ගන්නවට විරුද්ධ වෙන්න.

කැපවීම වගේම විභාගෙන් හොඳ රිසල්ට් එකක් ගන්න උපතින් අරගෙන ආපු හැකියාවත් යම් දුරකට ඕන. මහන්සියට කැපවීමට වටින කමක් ලබෙන්න ඕන වගේම උපතින් ගෙනාපු හැකියවටත් වටින කමක් ලැබෙන්න ඕන. මොකද අපි අදහන බුදු දහමට අනුව අපි පෙර කළ පින් අනුවයි නුවණ කියන දේ කෙනෙකුට ලැබෙන්නේ. මේ කියන දෙවල් වලට මම මහ ආත්මාර්තකාමියෙක් කියල හිතන්න එපා. ඒත් හිතල බලන්න ඔය දෙකම තියන කෙනා නේද නියම සුදුස්ස. එහෙම කෙනෙක් මිසක් සල්ලි විසි කරන්න පුලුවන් කෙනෙක් නෙමෙයි නේද ඒ තැනට යන්න ඕන?

ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන අය කියන දෙයක් තමයි විභාගෙන් දක්ශකම මනින්න බරිලු, ඒ නිසා විභාග ප්‍රතිඵල වලින් විශ්ව විද්‍යාල වලට ගන්න එක වැරදියිලු. දැන් එතකොට විභාග එපා කියල නොකිය කියන්නෙ පෝසත් කම අනුව කැම්පස් ගන්න කියලද? විභාගෙකින් 100% ක්ම දක්ශකම මනින්න බරි එක ඇත්ත. ඒ වුනාට දැනට ලෝකෙ පිලිගත්ත වඩාත්ම සුදුසු ක්‍රමේ ඒක. එතකොට මෙගොල්ලො කියන විදියට ඒක හරි යන්නෙ නැතිලු. ඕවට ඉතින් හිනා වෙනවද අඬනවද කියලයි හිතගන්න බැරි. මෙහෙම දෙයක් තියනවා, දක්ශයෙක් වුනත් ඒ වෙලාවෙ මොකක් හරි හේතුවක් නිසා විභාගෙ අවුල් යන්න පුලුවන්. ඒ නිසා තමයි එක ළමයෙක්ට අවස්ථා තුනක්ම ලැබෙන්නෙ. ඉතින් ඒ තුනෙන්මත් බැරි නම් ඉතින් ඇත්තටම ඒ කෙනා උසස් අධ්‍යාපනයට සුදුසු නෑ නේද? හිතට එකඟව කල්පනා කරල බලන්න ඒක එහෙම නෙමෙයිද කියලා. එතකොට දැන් ඔය පුද්ගලික විශ්ව විද්‍යාල කියල ඔය කරන්න හදන්නෙ ඒ කිසිම සුදුසුකමක් නැතුව වුනත් සල්ලි තියනව නම් උපාදිය දෙන්න. එතකොට මැරිල මැරිල මෙඩිසින් ආපු එකයි, මුකුත් නොකර ඉඳල අන්තිමට සල්ලි ටිකක් විසි කරපු එකයි දෙන්නම සමාන වෙනව. මට හිතාගන්න බැරි කිසිම හිරිකිතයක් නැතුව කොහොමද ඒක හරියි කියල කියන්නෙ කියල.

ඊලඟට ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන අය අහන ප්‍රශ්නයක් තමයි ලකුනක් දෙකක් අඩු වෙලා කැම්පස් යන්න බැරි වුන අයට මොකද වෙන්නෙ කියලා. ඒ නිසා ඒ වගෙ අයට යන්න පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන තර්කය එයාල ගේනව. හොඳට හිතල බලන්න ඒ කතාවෙ කිසිම පදනමක් තියෙද කියල. මෙහෙම හිතන්න, අඩු අදායම් ලාබී පවුලක ළමයෙක් ඉන්නවා. ඒ ළමයට බොහොම පොඩි ලකුණු ගානක් මදි වෙනව කැම්පස් යන්න. දැන් එතකොට ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාල ඒ වෙලාවට ඒකට විසඳුමක් වෙයිද? නෑ නේද? ඇයි මේ බොරු කතන්දර කියන්නේ. මොකද කැම්පස් යන්න බොහොම පොඩි ලකුණු ගානයි මදි වුනේ කියලා ඒ ළමයට ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාල වලින් නොමිලේ උපාදිය දේවිද? නෑ නේද? අන්තිමට කැම්පස් යන්න පොඩි ලකුණු ගානක් මදි වුන ඒ ළමය ගෙදර ඉඳීවි, මේ ලෝකේ සුදුසු කමක් නැති සල්ලිකාර තාත්ත කෙනෙක්ගේ දරුවෙක් ඒ තැන ගනීවි. ඕකට කෙනෙක් ලස්සන උදාහරණයක් දීල තිබුන. ඔන්න එක ළමයෙක්ට මෙඩිසින් යන්න ලකුණු මදි වෙනවා. එයා දන්ත වෛද්‍ය උපාදිය සඳහා ලියාපදිංචි වෙනවා. තව ළමයෙක් ඔය එකකට වත් සුදුසුකම් නැතුව ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාලයක වෛද්‍ය උපාධිය කරනවා. දැන් එතකොට මෙඩිසින් කරන්න ලකුණක් මදි වුන එකා දන්ත වෛද්‍යවරයෙක්, අර කිසිම සුදුසුකමක් නැති එකා වෛද්‍යවරයෙක්. එතකොට එහෙම හොඳයිද? ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන අයට අනුව නම් ඉතින් එහෙම හරි වෙන්න ඕන.

හොඳට හිතල බලන්න මධ්‍යම පන්තියට හරි ඊට පහල පන්තියට හරි ඒවයින් සත පහක වැඩක් තියෙද කියලා. ඕක නිකන් පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියල මිනිස්සුන්ගෙ ඔලුවට දාන්න දෙන පොඩි ටොපියක් විතරයි. ඔය කියන විදියට ලක්ශ හතලිහ පනහ ඔය වෙනුවෙන් වියදම් කරන්න පුලුවන් කීයෙන් කීදෙනාටද. ඔය පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් කෑගහන ගොඩක් අයට කවදවත් ඒවයින් ප්‍රයොජනයක් ගන්න බෑ කියල නොතේරෙන්නෙ මොකද කියල හිතා ගන්න බෑ. ඒක නොතේරෙන්න විදියක් නම් නෑ, ඒක තේරුනත් කැම්පස් ගිය උන්ගෙන් මොකක් හරි තරහක් පිරිමහ ගන්න හදනවද කියල තමයි හිතන්න වෙන්නේ.

ඔය සල්ලි ගැන කියනකොට කෙනෙක් කියපු නියම කතාවක් මතක් වුනා. එයා නම් දවල් රෑ නොබලා පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් හඬ නගන කෙනෙක්. ඔය පුද්ගලික විශ්ව විද්‍යාල වලින් සල්ලි තියන අයට විතරයි අවස්ථාව ලැබෙන්නේ කියල කෙනෙක් සඳහන් කරපු තැනක එයා කියනවා, "අසාධාරනයක් තියෙයි තමයි නමුත් ඇත්තෙන්ම මුදල් මත සිද්ධවෙන අසාධාරණය ලෝකේ හැම තැනකම හැම දේකම තියෙයි අපිට වලක්වන්න බැ''. මේක තමයි ලස්සනම කතාව. ඒ කියන්නේ දක්ෂකම අනුව, සුදුසුකම අනුව ඇතිවෙන වෙනසට මේගොල්ලෝ විරුද්ධයි, හැබැයි මුදල් නිසා ඇතිවෙන වෙනස කමක් නෑලු. ඒක සාධාරණයිලු. තනිකරම ධන වාදය නේ ඉතින් එතන තියෙන්නේ. සල්ලි බලයෙන් කෙනෙක් ඉස්සරහට යනවට කමක් නෑ කියන මෙයාල, දක්ෂකම, කැපවීම නිසා කෙනෙක් ඉස්සරහට යන එකට විරුද්ධයි. හිතට එකඟව කල්පනා කරලා බලන්න කවුද මෙතන කුහක කියලා.                                                                                
 
අනිවාර්යෙන්ම විශ්ව විද්‍යාල සඳහා ප්‍රවේශය ලැබෙන සංඛ්‍යාව තව වැඩි වෙන්න ඕන, ඒකෙ කිසි කතන්දරයක් නෑ. ඒකට විසඳුම සුදුසුකම් තියන ඕන කෙනෙකුට යන්න පුලුවන් වෙන්න රජයේ විශ්ව විද්‍යාල පහසුකම් වැඩි කරන එක මිසක් සල්ලි කාරයින්ට විතරක් යන්න පුලුවන් පුද්ගලික විශ්ව විද්‍යාල දාන එක නෙමෙයි. අලුත් විශ්ව විද්‍යාල ඇති කරල, නව පාඨමාලා හඳුන්වා දීමෙන් හරි එහෙමත් නැත්තන් ඉල්ලුමට අනුව දැනට තියන වලට බඳවා ගන්න ප්‍රමාණය වැඩි කරන එක හරි අනිවාර්යෙන්ම වෙන්න ඕන දෙයක්. ඒ දේ කරන්නෙ නැතුව ආණ්ඩුව මෙතන නටන්න යන්නෙ වෙන නැටුමක්. ඒකට උඩගෙඩි දෙන්න නිදහස් අධ්‍යාපනයෙන්ම ඉගෙන ගත්තු පිරිසක් සූදනම් වෙලා ඉන්න එක තමයි දුක. ඒ වගේම එතනින් එහාට තාක්ෂණික පාඨමාලා, වෘත්තීය පුහුණුව වගේ දේවල් තව වැඩි වැඩියෙන් එකතු වෙන්න ඕන. ඒවා ගැන කිසිම විවාදයක් නෑ.

ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ගැන පලවුනු ලිපියක, රජයේ විශ්ව විද්‍යාල පහසුකම් වැඩි කරන එක තමයි කෙරෙන්න ඕන කියල කෙනෙක් කමෙන්ට් එකක් දාල තිබුන. පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් කතා කරන කෙනෙක් එතන අහල තිබුන "දැන් එතකොට ඔය මහත්තයගෙ තාත්තද බාප්පද ඒවට සල්ලි දෙන්නෙ?" කියලා. රජයට ඒවට සල්ලි නැතිලු. එතකොට අර කෝටි ගනන් වියදම් කරල දැයට කිරුල කරේ ඒ මනුස්සයගෙ තාත්තගෙ සල්ලි වලින්ද? හම්බන්තොට වරාය හදන්නෙ ඒ මනුස්සයගෙ තාත්තගෙ සල්ලි වලින්ද? නෙලුම් පොකුන හදුවෙ, නෙලුම් කුලුන හදන්න යන්නෙ ඒ මනුස්සයගෙ තාත්තගෙ සල්ලි වලින්ද? රට පුරාම පාරවල් හදන්නෙ ඒ මනුස්සයගෙ තාත්තගෙ සල්ලි වලින්ද? ඔය ඔක්කොම කරන්න සල්ලි තියනව නම් ඇයි අලුතෙන් විශ්ව විද්‍යාලයක් පටන් ගන්න බැරි. ඇයි මේ බොරු තර්ක ගේන්නේ? අනිත් හැම මගුලටම තියන සල්ලි ඇයි මේකට නැති වෙන්නේ.

මෙහෙමත් දෙයක් තියනවා. රජයේ විශ්ව විද්‍යාල පහසුකම් වුනත් කොච්චර වැඩි කලත් අර කියපු මූලික ප්‍රශ්නෙ කවදවත් විසඳන්න බෑ. මොකද කොච්චර පිරිසකට අලුතෙන් විශ්ව විද්‍යාල වරම් ලැබුනත් ආයෙත් ලකුනෙන් දෙකෙන් ඒ වරම නැති වෙන පිරිසක් බිහි වෙනවා. ඇයි ඉතින් කීදෙනෙක් ගත්තත් ආයෙමත් කඩයිමේ ඉතුරු වෙන පිරිසක් ඉන්නවා නේ. ඒක නැති කරන්න නම් ඉතින් උසස් පෙළ සමත් හැමෝටම විශ්ව විද්‍යාල දෙන්න වෙනවා. ඒ නිසා පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන කියන මතය ගොඩ නගන්න ඒ තර්කය ගේන්න එපා.

පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙන්න තව හේතුවක් තමයි ඒවා නිසා රජයේ විශ්ව විද්‍යාල වලට වෙන්න පුළුවන් හානිය. ඕව දාපු ගමන් වෙන්නේ රජයේ විශ්ව විද්‍යාල වල ඉන්න දේශකවරු ඔක්කොම ඒවට යන එක. මොකද අනිවාර්යෙන්ම ඕවයේ ලොකු ලොකු පඩි ලැබෙනවා. එතකොට වෙන්නේ මේ සොච්චමට රජයේ විශ්ව විද්‍යාල වල වැඩ කරන දේශකවරු පුද්ගලික විශ්ව විද්‍යාල වලට යන එක. එතනදී ඒ අයට වැරැද්දක් කියන්නත් බෑ. ඒ අයත් මිනිස්සුනේ, තමන්ගේ මහන්සියට වැඩිම වටිනාකමක් ලැබෙන තැනට නේ හැමෝම යන්න බලන්නේ. අනිත් එක ඒ මිනිස්සු ලංකාවේ ඉන්න බුද්ධිමත්ම පිරිස කිව්වොත් නිවැරදියි. (දේශකයෙක් විදියට ගන්නේ ගොඩක් වෙලාවට පළමු පන්තියේ ප්‍රථිපල තියන අයව) එතකොට ඒ මිනිස්සු හොඳ පඩි වලට වැඩ කරන්න පුළුවන්කම තියෙද්දී සොච්චම් පඩියකට රජයේ විශ්ව විද්‍යාල වල වැඩ කරාවිද? දැනටත් ගොඩක් පුද්ගලික ආයතන වල විශ්ව විද්‍යාල දේශකවරු වැඩ කරනවා. දේශක වරුන්ගේ පඩි වැඩි කිරීම රජය මෙච්චර මග ඇර ඇර ඉන්නේ මොකද කියලත් පොඩ්ඩක් හිතල බලන්න. ඒකත් මේ රජයේ විශ්ව විද්‍යාල එපා කිරීමේ මාස්ටර් ප්ලෑන් එකේම කොටසක් වෙන්න පුළුවන්. ඒ මිනිස්සුන්ගේ පඩි වැඩිකිරීම අද දෙන්නම් හෙට දෙන්නම් කියල පස්සට දදා ඉඳල, පුද්ගලික විශ්ව විද්‍යාල දාපු ගමන් ඒ මිනිස්සු ඔක්කොම දමල ගහල ඒවට යාවි. කොහොමහරි අන්තිමට වෙන්නේ රජයේ විශ්ව විද්‍යාල වල උගන්නන්න දේශකවරු නැති වෙන එක. අන්තිමට හරි විදියට කැම්පස් ආපු එකාට වෙන්නේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න. ඔය ඔක්කොගෙම අවසාන ප්‍රථිපලය නියම සුදුස්සාට තැනක් නැති වෙන එක. 

අනිත්  එක හැමෝම දන්නවා ඇති අධ්‍යාපනයට වෙන් කරලා තිබුන ප්‍රතිපාදන තවත් අඩු කරලා කියලා. විශ්ව විද්‍යාලවලට ඕන කරන පහසුකම් දෙන්නේ නෑ, දේශකවරු හිඟයක් තියනවා, ඒ මිනිස්සුන්ට පඩි දෙන්නේ නෑ, ඔය ඔක්කොම ඔහොමම තියෙද්දී පුද්ගලික විශ්ව විද්‍යාලත් එන්න ගත්තම කොහොමද තියන තත්ත්වේ? රජයේ විශ්ව විද්‍යාල වලට තැනක් නැති වෙනවා කියන එක ආයෙත් අමුතුවෙන් කියන්න ඕන නෑ නේද? එක්කෝ රජයේ විශ්ව විද්‍යාල වැහිලම යාවි, නැත්තන් තිබුනත් කිසිම වැඩක් නැති තත්ත්වෙට පත් වේවි. එතකොට මහන්සි වෙලා ඉගෙන ගත්ත එකාට කෙලවිලාම ගිහින් සල්ලි කාරයෝ ටික විතරක් වැජඹෙනවා. ඊට පස්සේ කවදාහරි රස්සාවක් ගන්න ගියාම රජයේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්තේ කිව්වා ගමන් නිකන්ම කැපිල යන තත්ත්වයක් උදා වේවි. ඒක කරන්න තමයි මම හිතන්නේ ගොඩක් දෙනෙක්ට ඕන වෙලා තියෙන්නේ.

හොඳට හිතල බලන්න මේ රජය පුද්ගලික විශ්ව විද්‍යාල දාන්න හදන එක පිටිපස්සේ තියන අරමුණ මොකක්ද කියලා. ලංකාවේ ළමයින්ට ආදරේට ළමයින්ට වැඩිපුර උසස් අධ්‍යාපන පහසුකම් ලබා දෙන්න කියලද හිතන්නේ? එහෙම හිතනවා නම් ලොකු වැරදීමක්. එහෙම ළමයින්ට වැඩි උසස් අධ්‍යාපන වරම් ලබා දෙන්න නම් කෙරෙන්න ඕන දේ උඩ කියලා තියනවා වගේ රජයේ විශ්ව විද්‍යාල පහසුකම් වැඩි කරන එක. ඒ දේ නොකර මේ පුද්ගලික විශ්ව විද්‍යාල බලෙන් ඇඟේ ගහන්න හදන්නේ මොකද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඕවගෙන් අත යටින් ලැබෙන ගාන ගහගන්න නේ මේ ඔක්කොම. අනිත් දේවල් මොනවා වුනත් කමක් නෑ ඉතින් අපේ දේශපාලුවොන්ට කොමිස් කුට්ටිය ලැබෙනවා නම්. ඔය පුද්ගලික විශ්ව විද්‍යාල වලින් නම් හොඳ කුට්ටියක් ලැබේවි කට්ටියට. ඒකනේ කවදාවත් නැතුව මේකට මෙච්චර මහන්සි වෙන්නේ කට්ටිය. 

මෙහෙමත්  කතාවක් කියනවා සමහරු. "නිදහස් පාසල් අධ්‍යාපනය සහ නිදහස් උසස් අධ්‍යාපනය එකිනෙක පටලවා ගන්න එපා. අනික කවූරුවත් නිදහස් අධ්‍යාපනය නැති කල යුතුයි කියල මෙතන කියල නැ." ඒ කියන්නේ මෙයාල ගොඩක් දෙනෙක් නොකිය කියන්නේ 'නිදහස් අධ්‍යාපනය' හොඳයි, 'නිදහස් උසස් අධ්‍යාපනයට' කෙලවලා දාන්න ඕන කියලා. ඒ කියන්නේ ඉතින් තමන්ට ඒ දේ ලැබුනේ නැති නිසා ඒක ලැබුන එකාටත් නැතිකරලා දාන්න හදන්නේ. එතකොට අවුරුදු 13ක් නොමිලේ ඉස්කෝලෙන් ඉගෙන ගන්න එකට කාගේවත් කිසි විරුද්ධත්වයක් නෑ. හැබැයි එතනින් තේරුන පිරිසක් නොමිලයේ උසස් අධ්‍යාපනය හදාරන එක තමයි සමහරුන්ට ඉවසන්න බැරි. තමන්ට ඒ දේ තියනකන් හොඳයි. තමන්ට නැති වුන ගමන් ඒකට කොක්ක දාන්න හදනවා. ඇයි මේ අවස්ථා දෙකේදී දෙවිදියකට හැසිරෙන්නේ? ඒකට නෙමෙයිද කුහකකම කියන්නේ?

තවත් ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි නොමිලේ උසස් අධ්‍යාපනය දෙනවා කියන එක අයිතියක් නෙමෙයිලු. ඒක වරප්‍රසදයක් විතරයිලු. ආයෙත් කියන්න තියෙන්නේ කලින් කියපු දේම තමයි. හැමකෙනාටම අවුරුදු 13ක් වෙනකල් අයිතියක් වෙන එක ඔතනදී විතරක් මොකද වෙනස් වෙන්න? නිදහස් අධ්‍යාපනය අයිතියක් වගේම නිදහස් උසස් අධ්‍යාපනයත් අයිතියක්. වෙනස තියෙන්නේ එතනදී ඒක තෝරාගත් පිරිසකට පමණක් ලැබෙන එක. සීමිත පිරිසකට පමණක් ලැබෙන නිසා තමයි ඒකට විධිමත් ක්‍රමයකට තෝරාගත් සුදුස්සන් පමණක් සුදුසුකම් ලබන්නේ. එතකොට ඒක ඒ පිරිසගේ අයිතියක්. ඒක නෑ කියන්න එපා. ඒ අයිතිය නැති කරන්න හදන්නත් එපා. ඒ අයිතිය ලැබෙන පිරිස වැඩි වෙන්න ඕන කියන එක නම් මම ආයෙත් කියනවා. හැබැයි එහෙම වැඩි වෙන්නත් ඕන සුදුසුකම් මත මිසක් මුදල් බලය මත නෙමෙයි. අනිත් එක සමහරු කියනවා නිකන් ලැබුන දේට ඔච්චර කෑගහන්න එපා කියලා. උසස් අධ්‍යාපන සුදුසුකම කොහෙද යකෝ නිකන් ලැබුනේ. අවුරුදු 13ක් වෙන මහන්සියක ප්‍රථිපලයක් විදියටයි ඒක ලබාගන්න වෙන්නේ. මොන පදනමකින් කියනවාද මන්ද නිකන් ලැබුන දෙයක් කියලා.

තවත් ඔය වගේම කියන දෙයක් තමයි විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න අය ඉගෙන ගන්නේ රටේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් කියලා. ඔව්, සම්පූර්ණ ඇත්ත! අපි ඒක දන්නවා. මිනිස්සුගේ බදු මුදල් වලින් විශ්ව විද්‍යාල පවත්වාගෙන යනවා කියන්නේ මුළු රටම වෙනුවෙන් කරන ආයෝජනයක්. ඒක රටේ සංවර්ධනය වෙනුවෙන් කරන ආයෝජනයක්. සමහරු කියන දේවල් වලින් හොඳටම තේරෙනවා එයාල ඒකටත් විරුද්ධයි කියලා. එතකොට අවුරුදු දහ තුනක් හැම ළමයෙක්ම රටේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් පාසල් වල නිදහස් අධ්‍යාපනය ලබන එක ප්‍රශ්නයක් නෑ, එතනින් තේරෙන සුදුස්සෝ ටික බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් විශ්ව විද්‍යාල වල නිදහස් උසස් අධ්‍යාපනය ලබන එක තමයි බොලාට අවුල. කුහක කම කියන්න ඔන්න ඕකට. වෙන මුකුත් නෙමෙයි. අනිත් එක මැති ඇමතිලා බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් සුර සැප විඳින එක, රට සවාරි යන එක, ලක්ෂ ගණන් කෝටි ගණන් ගසාකන එක ප්‍රශ්නයක් නෑ, බොලාට ප්‍රශ්නේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් ළමයෙක් උසස් අධ්‍යාපනය ලබන එක. අනේ මන්ද මේවට මොනවා කියන්නද කියලා. ඒ ඔක්කොම කරලා අන්තිමට අපිට කියනවා අපි කුහකයෝ කියලා.

තවත් ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන අය කියන දෙයක් තමයි ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල දැම්මම පිට රටවලට යන විදේශ විනිමය ඉතුරු කරගන්න පුළුවන් කියලා. ඒකත් අර කලින් කතාව වගේම ලස්සන කතාවක් විතරයි. හිතන්න බලන්න කවුද එහෙම වුනොත් ලංකාවේ විශ්ව විද්‍යාල පටන් ගන්නේ කියලා. අනිවාර්යෙන්ම විදේශීය අයතන තමයි ලංකාව ඇතුලේ බහුතරයක්ම පුද්ගලික විශ්ව විද්‍යාල දාන්නෙත්. ඔය කියන විදේශ විනිමය ඉතිරි වෙයි කියලා හිතනවා නම් ඒක සිතුවිල්ලක් විතරයි. 

අනිත් එක පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙන එක දේශපාලනීකරණය කරන්න හදනවා සමහරු. දේශපාලන පක්ෂ වල උසිගැන්වීම් වලට අපි මේවට කෑගහනවා කියල සමහරු කියනවා. එහෙම උසිගැන්වීම් සමහර විට වෙනවත් ඇති. හැබැයි බහුතරයක් මේකට විරුද්ධ වෙන්නේ කාගේවත් බලපෑමක් නිසා නෙමෙයි වෙන්න යන අසාධාරණයට ඇත්තටම හිතට එකඟව විරුද්ධ නිසා කියලා බොහොම වගකීමෙන් කියන්නේ. මොකද දේශපාලනයක් ගෑවිලා වත් මොරටුවේ ශිෂ්‍යන්ගේ මතය වුනත් මේකම තමයි. ඒ නිසා කියන්න දෙයක් නැති කමට මේක දේශපාලනීකරණය කරන්න හදන්න එපා. අර කලින් කියපු, පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් බොහොම කැපවීමෙන් කතා කරන කෙනෙක් පෝස්ට් එකක දාපු කමෙන්ට් එකකින් අහපු ප්‍රශ්නයක් තමයි දැන් ඔය විරුද්ධ වෙලා බොලාට මොනවද ලැබුනේ කියලා. මම හිතන්නේ දැන් නම් එයාට උත්තර ලැබිලා ඇති. ජනවාරි 7 වෙනිදා ගේන්න හිටපු ඔය කියන පනත අකුලගන්න වුනේ මොකද කියලා දන්නවා ඇති නේ. කරන්න යන්නේ වැරද්දක් කියලා දන්නා නිසා තමයි විරෝධය නිසා ඒ පනත අකුලගන්න වුනේ. 

තවත් ඔය කට්ටිය කියන දෙයක් තමයි අනිත් ගොඩක් රටවලත් පුද්ගලික විශ්ව විද්‍යාල තියනවා, අපේ රටේ විතරක් ඒවා නොදා ඉන්න එක මෝඩ කමක් කියලා. එහෙනම් ඉතින් ඒ රටවල් වල වගේ පාසල් අධ්‍යාපනයටත් මුදල් අය කරමු, සෞඛ්‍ය පහසුකම් වලටත් මුදල් අය කරමු. ඇයි මේ විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් විතරක් අනිත් රටවල් අනුගමනය කරන්න යන්නේ? අනිත් රටවල් කරන දේ නෙමෙයි හරි දේ නේද වෙන්න ඕන. 
 
කොහොම වුනත් ඔය හැම පෝස්ට් එකකම තිබුන කරුණු කියෙව්වම තේරුණ දෙයක් තමයි සමහරු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ එක්ක පුදුම තරහකින් ඉන්නේ කියලා. මේ පහල තියන අදහස් කීපය කියවලා බලන්නකෝ, එතකොට තේරෙයි මම කියන දේ. 

"රජයේ විශ්වවිද්‍යාල වලින් බිහි වන්නේ මෙවැනි පසුගාමී මෝඩ ශිෂ්‍ය පරම්පරාවක් නම් පෞද්ගලික විශ්ව විද්‍යාල අත්‍යාවශ්‍ය වීමට එය තවත් හේතුවකි."

"තොපි දවස තිස්සෙම ගිරව ගහල ලඟ ඉන්න එකාවත් කපාගෙන ඉස්සරහට ගිහිල්ල කැම්පස් ගියාම...." 

"ඔව් කවුරු හරි කුලප්පු කරන පලියට හරි වැරදි හැම දේටම පාරට බහින්න උද්ඝෝෂන කරන්න, විශ්ව විද්‍යාල වල අය ආසයි.. ඒ වගේම තේරුමක් නැතිව රණ්ඩු වෙන්න ගහමරා ගන්න වගේම එයාලවත් තේරුම නොදන්න බර වචන වලින් විප්ලවවාදය ගැන කතා කරන්න එයාලාට පුළුවන්.."

"එහෙදි අපි හිතමුකො උපාධි අරං තොපි ලොකු මහත්තුරු උනා කියල, exam pass වෙලා කැම්පස් යන්න බැරි වෙච්ච උන් තොපිට ෆ්‍රයිඩ්රයිස් කවන්න කුඹුරු කොටන්නද ඔ්න?"

"තොට කුණු පණුව ගහල තමා මැරෙන්න ඔ්න කාලකන්නිය!" 

"කැම්පස් යන හැම එකාම දක්ෂ එවුන් නෙමෙයි.විභාගයක් පාස් උනාට උන් දැනුම තියෙන වැඩක් ඇති එවුන් නෙමෙයි.හරියට මේ ලිපිය වගේ."

"ඔහොම තමයි ඉතිං. කලාතුරකිං කෙනෙක්ට ලැබෙන දේවල් කෙනෙක්ට ලැබුනම විවිධ අං වර්ග එහෙම මතුවෙනව."

"අනිත් එක ඉගෙනගන්න ඔ්න උන්ට ඉගෙනගන්න බැරි කම. මේ කොහෙවත් යන උං ගිරව ගහල ගිහිං වැඩකට අැති පාඨමාලාවල් කරද්දි එ්වට අාසාව තියන අපි මුල ඉඳං ඉගෙනගන්න ඔ්න. නැත්තං අර උඹ කියනව වගේ ජොබ් කටු කරකර ඉන්න ඔ්න. එ්කද උඹ දන්න සාධාරනේ."

සමහරුන්ගේ හැම වචනයක් පිටිපස්සෙම තියෙන්නේ කැම්පස් ගිය උන් එක්ක තරහක්, වෛරයක්. (හැමෝම නෙමෙයි හොඳද, බොහොම සුළුතරයක්) මේ පුද්ගලික විශ්ව විද්‍යාල කතාවෙන් එලියට එන්නේ ඒවා.

මේක පොඩ්ඩක් හොඳට තේරුම් ගන්න, ජීවිතේ කියන්නේ තරඟයක්. අපි කැමති වුනත් නැතත් අපිට ඒ ස්වභාවයට මුහුණ දෙන්න වෙනවා. සමහර වෙලාවට අපි කැමති දේවල් වුනත් අපිට තරඟ කරන්න සුදුසුකම් මදි නම් නොලැබී යනවා. කැමති කැමති හැම දේම ලබාගන්න බෑ. අකමැති වුනත් අපිට ඒ ඇත්ත පිළිගන්න වෙනවා. ඒ තරඟයෙදි එක් එක් අය එක් එක් අංශ වලින් අනිත් අයව පහුකරගෙන යනවා. සෞන්දර්ය, ක්‍රීඩා, තාක්ෂණික කුසලතා, විවිධ නිර්මාණාත්මක හැකියාවන් වගේ විවිධ අංශ තියනවා කෙනෙක් තව කෙනෙකුට වඩා ඉස්සරහට යන. අධ්‍යාපනය කියන්නෙත් ඒ වගේ එක් අංශයක්. ඒකෙ ඉස්සරහට ගිය එකාගේ කකුලෙන් අදින්න එපා. ඌ ලබාගත්ත දේ හෑල්ලු කරන්න, වටිනාකමක් නැති කරන්න හදන්න එපා. අවසාන වශයෙන් මේකයි කියන්න තියෙන්නේ, අපි මේ තැනට ආවේ ගොඩක් අමාරුවෙන්, ගොඩක් කැපකිරීම් කරලා. ඒ නිසා අපි ඒ අමාරුවෙන් ලබාගත්ත දේ නැති කරලා දාන්න තරම් අමානුෂික වෙන්න එපා. මොකද ඒකෙ තියන වේදනාව දන්නේ අපි විතරයි. 
..................................................................................................................................................................

ප.ලි. ආයෙත් කියන්නේ හිතට එකඟව, හදවතින් විතරක් නැතුව බුද්ධියෙන් හිතල බලන්න මේ කියපු දේවල් ගැන. හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලා යන්න.

ප.ප.ලි. බ්ලොග් අවකාශේ මේක කියවන කිසිම කෙනෙක් මේක පුද්ගලිකව ගන්න එපා කියල ඉල්ලා සිටිනවා. 



89 comments:

  1. ඉස්සරහට ගිය එකාගේ කකුලෙන් අදින්න එපා. ඌ ලබාගත්ත දේ හෑල්ලු කරන්න, වටිනාකමක් නැති කරන්න හදන්න එපා. අවසාන වශයෙන් මේකයි කියන්න තියෙන්නේ, අපි මේ තැනට ආවේ ගොඩක් අමාරුවෙන්, ගොඩක් කැපකිරීම් කරලා. ඒ නිසා අපි ඒ අමාරුවෙන් ලබාගත්ත දේ නැති කරලා දාන්න තරම් අමානුෂික වෙන්න එපා. මොකද ඒකෙ තියන වේදනාව දන්නේ අපි විතරයි.

    සම්පූර්ණයෙන්ම එකඟයි අයියා.. ඔයා මේ ලිපියෙන් කියන්න ඕනේ ඔක්කොම දේවල් කියලා තියෙනවා... හැමෝම නෙවෙයි ඒත් යම් කොට්ටාශයකට මේ කියන හැමදේම අදාලයි..

    ReplyDelete
  2. සහෝදරයා කිසිම උපාධියක් සල්ලි විතරක් තිබ්බ පලියට ගන්න බෑ. ඒකට දැනුමත් තියෙන්න ඕනේ. ඕනෙම උපාධියක් පිරිනමන ක්‍රමවේදයක් තියෙනවා. සල්ලි දුන්න පලියට උපාධි දෙන තැන් මම නම් දැකලා නෑ. ඔයාගේ කතාවේ එහෙම් පිටින්ම තියෙන්නේ කුහක කමයි මමත්වයයි.
    මේ කතාවේ පුරාවට තියෙන්නේ "මම රජයේ කැම්පස් එකකට ගියා මම උපාධිකාරයෙක්. රජයේ කැම්පස් වලට නොගිය එකෙක් වත් උපාධිකාරයෝ වෙන්න ඕනේ නෑ. උන් මට වඩා ඉගෙන ගන්න ඕන නෑ" කියන එකයි. ඔයාලා වගේ අය රැකියා වලට ගිහින් ඉහල තනතුරු ගත්තාම ඔයාලා යටතේ වැඩ කරන අයට දෙයියන්ගෙම පිහිටයි.

    ReplyDelete
    Replies
    1. හරි එතකොට ඔය සහෝදරයා මට කියන්නකෝ මොකක්ද කියලා ඔය පුද්ගලික විශ්ව විද්‍යාලවලට බඳවාගන්න ක්‍රමවේදය.

      ඔව්, පිට ඉඳන් බලන කෙනෙක්ට පෙන්නේ එහෙම තමයි. ඒ නිසා තමයි මම මේක නොලියන්නත් හිටියේ. හැබැයි පොඩ්ඩක් හැම පැත්තෙන්ම ප්‍රශ්නේ දිහා බලපන් සහෝ. මැරිලා මැරිලා කැම්පස් ගිය එකාගේ තැනට වෙන එකෙක් එනකොට ඌට කොහොමද හිතෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්න උත්සහ කරපන්.

      Delete
    2. uba hitan inne govermnt uni giyama okkamala wadakarayo kiyalada..man inna it field eke habai godak company wala work karanne pvt ewain apu un..pvt degree yak karana ekek dannawa kochchara amaruda pass kara ganna kiyala..onama degree ekaka pawathmak tiyenne nam eke content hoda wenna onaa ewagema company walin piliganna onaa...ubala kagahanna pradanama hetuwa job nati wena ekane..attama man inna filed eke wada karayanta tana tiyenawa.kohen degree gattada kiyala balanne ne..oya kiyana taram govermnt un wada karayo nam ai bari chance ekak ganna...openly hitapan govermnt yanna kidenatada chnace labenne kyala..al kiyanne ekama nirnayakaya newei..AL anagena hoda tan wala pvt degree dala inna un ona taram innawa.ubala oka gana kochchara kata krath ochcharai..man nam dakinne ekama de ubala try karapalla govermnt dgree wala qulity eka wadi karaganna.ethakota ubalata tanak nikamma ewe..natiwa pvt campus danwata picketing karaa kiyala ubalata labena deyak nee.eka ma de ratak diunu karanna puluwan shama sampatha nati karanna try ekak dana eka witrai..owa dan kal giya hanamiti adahas witari dan kale wenas loke aluth age 21 k 22 k wenakota pvt ewain out wela job ekakata set wenawa..ekai tread eka.apith me al natiwa newe salli tiyanawata newe pvt dgree ganne.eka nisa ubalata karanna puluwan ekama dee man hitana widihata araka witarai.taragayak denna try karanawa arenna wena mokawath karata dan palak ne..eka nisa nada hitapan :)

      Delete
    3. මම හිතන්නේ මම මේ ඇනෝ අයියව දන්නවා.:) හ්ම්ම්, හොඳ කරුණු ටිකක් කියලා නම් තියනවා. හැබැයි දැන් ඔය මට කිව්වා වගේම ඕපන්ලි හිතලා බලන්න පුද්ගලික විශ්ව ව්ද්‍යාල නිසා රජයේ විශ්ව විද්‍යාල වලට වෙන්න පුළුවන් හානිය. උසස් පෙලින් හොඳට සමත් වෙච්ච එකාට වෙන අවාසියත් හිතලා බලන්න. ඔව් අයිය කියන එක ඇත්ත, සල්ලි කාරයා ගොඩ යන එක තමයි දැන් ට්‍රෙන්ඩ් එක. වැඩිපුර මහන්සි වෙලා වැඩිපුර දෙයක් ලබාගත්ත එකාට තැනක් නැති වෙන එක තමයි දැන් ට්‍රෙන්ඩ් එක. අයියලා ඒකට කැමති ඇති නේ. කමක් නෑ, ඔහොම යමුකෝ.

      Delete
  3. සම්පූර්ණ පෝස්ට් එකේ තියෙන කරුණුයි, පලියට උඩින් ‍තියෙන අන්තිම ඡේදෙයි වෙන වෙනම කියවල බලපන්... දක්වල තියෙන එක කරුණක්වත් පුද්ගලික විශ්ව විද්‍යාල ඇති නොකල යුතුයි කියන්න තරම් ප්‍රමාණවත් නෑ මටනම්...

    අනිත් අතට හදවතින් විතරක් නැතුව බුද්ධියෙන් හිතන්න කියල ලියල තිබුනට මම නම් මේකෙ 75% දැක්කෙ හදවතින් ලියල තියෙන දේවල්...

    මීට වඩා දේවල් කියන්න වෙලාව නෑ මලය... :)

    ReplyDelete
    Replies
    1. ඇයි බං අයියේ වෙන් කරලා ලියල නැති වුනාට මම විරුද්ධ වෙන්න හේතු දෙකක් කියලා තියනවා නේ.

      1. මුදලට උපාදිය ලබා දීම නිසා ඒකෙ තියන වටිනාකම නැතිවීම.
      2. පුද්ගලික විශ්ව විද්‍යාල නිසා රජයේ විශ්ව විද්‍යාලවලට වෙන්න පුළුවන් අනිසි බලපෑම.

      පරෙස්සමින් ගිහින් එන්නකෝ එහෙනම්. ඇවිත් මරා ගනිමු.:)

      Delete
  4. මිනිහෙකුට කරන්න පුලුවන් දේවලුයි බැරි දේවලුයි තියෙනවා. විභාගයක් පාස් වෙන්න මොලයක් නැති එකාට සල්ලි දීල උපාදියක් ගන්න පුළුවන් වුනාට මොලයක් ගන්න බෑනේ.

    ReplyDelete
    Replies
    1. කෝ බං ඒ උනාට මේක ලිව්ව උපාධිකාරයටනම් මොලයක් තියෙන පාටක් පේන්න නෑනේ

      Delete
    2. සල්ලි වලට විතරක් උපාධි දෙන්නේ කොහෙද දන්නේ නෑ ? උපාධියක් නොතිබුනාය කියලා මොලයක්(බුද්ධිය ) නැති කෙනෙක් වෙන්නෙත් නෑ . අයිස්ටයින් , බිල් ගේට්ස් වගේම හරියට ඉස්කොලේ වත් යන්න බැරුව කෝච්චියේ පත්තර විකුනපු තෝමස් අල්වා එඩිසන් වගේ අයත් මොලයක් නැති පොරවල් වෙන්න ඇතිනේ ?

      Delete
    3. බුවා අපේ රටේ කවදාවත් අයිස්ටයින් , බිල් ගේට්ස් වගේ අය බිහි වෙන්නේ නෑ. අපේ අධ්‍යාපන ක්‍රමය හදලා තියෙන්නේ ඒ වගේ අය බිහි නොවෙන විදිහට. දැන් මේ පේනවනේ උපාධිකාරයෝ වෘත්තීමය කුහකත්වය කියන දරුණු රෝගෙන් පෙලෙනවා. මෙයාලා හිතන්නේ එදා වේල හොයාගන්න විදිහයි තමන්ගේ තැන රැකගන්න තමන්ට වඩා ඉගෙන ගනීවි කියලා හිතෙන උන්ව කකුලෙන් අදින විදිහයි ගැන. ඉතිං කොහෙද අලුත් දේවල් හිතන්න වෙලාවක්?

      Delete
    4. @බුවා
      ඔබතුමා පටලගෙන තියෙන්නේ මම කියපු දේවල්. මම කිසිම තැනක කියලා නෑ උපාධිය නැති කෙනෙක් බුද්ධියක් නැති කෙනෙක් කියලා. ආයෙත් හොඳට කියවලා බලන්න.

      Delete
    5. ඒ පිලිතුර ඇනෝට , කසුන්ට නෙවෙයි

      Delete
  5. //අපි මහන්සි වෙල ආපු තැනට වෙන කෙනෙක් වැරදි පාරකින් එනවට අපි කැමති නෑ//

    කෙනෙක් උපාධි ධාරියෙක් හෝ සමාන අධ්‍යාපන සුදුසු කමක් ලබාගන්න මාර්ගය හරි වැරදි කියල නිර්ණය කරන්න ඔබතුමාගේ නිර්නායකය මොකක්ද ? ඔබතුමාට එහෙම කියන්න තියන අයිතිය මොකක්ද ?

    උදා - රජයේ රැකියාවලට පවා සුදුසුකමක් විදිහට පිලිගන්න සිමා සුදුසුකම ගත්තොත් , පාසල් අධ්‍යාපන සුදුසු කම් වල බලපැමකින් තොරව ඒක කරන්න පුලුවන් , මුදල් ගෙවිය යුතුයි , ලෝකය පුරාම පිලිගත්ත සුදුසු කමක් සහිතව රජයේ විශ්ව විද්‍යාලයක උපාධි ධාරියා එක්ක තරඟ කරන සිමා සුදුසුකම් ලාභියා වැරදි පාරක් අනුගමනය කරපු කෙනෙක්ද ? ඔහු තමන්ගේ අධ්‍යාපනයට මහන්සි නොවුන කෙනෙක්ද ?

    //සල්ලි විසි කරල එතනට එන්න හදන එකට විරුද්ධ වෙන අසාධරනද?//

    සල්ලි විසි කල පමණින් උපාධියක් ලබාගන්න පුලුවන් කියලද කියන්නේ ?

    // විභාගෙකින් 100% ක්ම දක්ශකම මනින්න බරි එක ඇත්ත. ඒ වුනාට දැනට ලෝකෙ පිලිගත්ත වඩාත්ම සුදුසු ක්‍රමේ ඒක//

    ලෝකේ කොයි රටෙත් උසස් පෙල සමත් කෙනා විශ්ව විද්‍යාල අධ්‍යාපයට සුදුසුයි ,ලකුණු මත තීරණය වෙන්නේ තමන්ට යන්න පුලුවන් විද්ශ විශ්ව විද්‍යාලය සහ පාඨමාලා , ලංකාවෙත් සෛද්ධාන්තිකව එහෙමයි , ඒත් කී දෙනාවද කැම්පස් ගන්නේ ? එතකොට උසස් පෙල සමතුන් බහුතරයක් ගෙදරට වෙලා ඉන්න ලංකාවේ ක්‍රමය සාධාරණද ?

    // එතකොට අර කෝටි ගනන් වියදම් කරල දැයට කිරුල කරේ ඒ මනුස්සයගෙ තාත්තගෙ සල්ලි වලින්ද? හම්බන්තොට වරාය හදන්නෙ ඒ මනුස්සයගෙ තාත්තගෙ සල්ලි වලින්ද? නෙලුම් පොකුන හදුවෙ, නෙලුම් කුලුන හදන්න යන්නෙ ඒ මනුස්සයගෙ තාත්තගෙ සල්ලි වලින්ද?//

    දැයට කිරුලට හරි වෙන නාස්තියකට යන මුදල් ඉතිරි කලොත් ලංකාවට කරන්න පුලුවන් දේවල් රාශියක් තියෙයි තමයි , රටේ අහවල් එකට නාස්ති කරන මුදලින් මේක කරන්න බැරිද කියන එක මෝඩ තර්කයක් , මොකද එහෙම කරන්න පුලුවන් දේවල් ඕනි තරම් නමුත් ප්‍රයෝගිකව ලංකාවේ නාස්තිය දූෂනය නවත්වලා ඒ දේවල් රටේ යහපතට යෙදෙනවාය කියන එක සිද්ධ නොවෙන දෙයක්

    // නිදහස් උසස් අධ්‍යාපනය //

    නිදහස් අධ්‍යාපනය රටක සාක්ෂරතාව ඉහල අගයක පවත්වාගැනීම සඳහා අත්‍යාවශ්‍ය කාරණයක් , නිදහස් උසස් අධ්‍යාපනයෙන් රටට අවශ්‍ය කරන උපාධිදාරින් ශ්‍රමිකයින් පිරිස පවා හරියාකාරයෙන් හදාගන්න මේ දක්වා හැකිවෙලා නැ , එක පැත්තකින් දොස්තරල හිඟයි , අනික් පැත්තෙන් කලා උපාධි දාරියෝ ඔනිවටත් වඩා වැඩියි . හේතුව් රජයකට කලා උපාධිදාරියෙක් හදන්න වැය වෙන වැය සහ දොස්තර කෙනෙක් හදන්න වැය වෙන ප්‍රමාණය අනුව කලා උපාධි දාරියෝ අඩු කරලා දොස්තරල ප්‍රමානය වැඩි කිරීමේ හැකියාවක් නෑ , එතනයි වෙනස තියෙන්නේ

    //රජයේ විශ්ව විද්‍යාල පහසුකම් වුනත් කොච්චර වැඩි කලත් අර කියපු මූලික ප්‍රශ්නෙ කවදවත් විසඳන්න බෑ. මොකද කොච්චර පිරිසකට අලුතෙන් විශ්ව විද්‍යාල වරම් ලැබුනත් ආයෙත් ලකුනෙන් දෙකෙන් ඒ වරම නැති වෙන පිරිසක් බිහි වෙනවා. ඇයි ඉතින් කීදෙනෙක් ගත්තත් ආයෙමත් කඩයිමේ ඉතුරු වෙන පිරිසක් ඉන්නවා නේ. ඒක නැති කරන්න නම් ඉතින් උසස් පෙළ ලියන හැමෝටම විශ්ව විද්‍යාල දෙන්න වෙනවා//

    මැටි කථාවක්නේ , උසස් පෙල කියන්නෙ තරඟ විභාගයක් කරගෙන තියෙන්නේ ලංකාවේ සිස්ටම් එක . උසස් පෙල සමත් එකා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසුයි , අනික් අය නෑ . එච්චරයි . සමත් භාවය තීරණය කරන්නේ විභාගෙට උත්තර ලියල තියන විදිහ අනුව පෙර සම්මත කරගත් ලකුණු ක්‍රමයකින් . ඒ නිසා තරඟ විභාගයකදී වගේ කොච්චර ගත්තත් තව ඉතුරු වෙනව කියල එකක් මෙතන නෑ

    //පනත අහෝසී වීම //

    කොන්ද පණ ඇතුව වැඩක් කරන්න බැරි රජයක් ඉන්න කොට ඔහොම දේවල් වෙනවා , හැබැයි ඉතින් පනත නොගෙනාව කියලා පෞද්ගලිකව උසස් අධ්‍යාපනය ලබපු උන්ගෙන් උඹලට අභියෝගයක් නැතෙයි කියලා නම් සතුටු වෙන්න බැරි වෙයි . ඔය පනත් මොකුත් නැතුව ගිය අවුරුද්දට විතරක් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන කියල් අලුතෙන් ආරම්භවුනාද කියල හොයලා බලහන් , පෞද්ගලික අංශයේ රැකියාවක් කරන කෙනෙක් අඳුරනවා නම් පෞද්ගලික උපාධි ගත්ත අය සහ රජයේ විශ්ව විද්‍යාල වල සමහර උපාධිවල (ඉංජන් , මොරටුව කොලඹ අයිටී කාරයින් ආදිය හැරුණු විට ) අය අතර තියන තරඟයේ තරමත් අහල බලලා දැන ගනින්

    එක දෙයක් ගැන සතුටුයි , මෙච්චර දවසක් මේ ගැන ලිව්ව උන් නිදහස් අධ්‍යාපනයේ මුර දේවතාවො වගේ තත්වයක් ආරෝපණය කරන ලිව්වේ , ඒත් උඹ බොක්කට දැනෙන දේ ඒ විදිහට ලියලා තියනවා .

    ReplyDelete
    Replies
    1. "කෙනෙක් උපාධි ධාරියෙක් හෝ සමාන අධ්‍යාපන සුදුසු කමක් ලබාගන්න මාර්ගය හරි වැරදි කියල නිර්ණය කරන්න ඔබතුමාගේ නිර්නායකය මොකක්ද?"

      සරලයි නේ සහෝ. උසස් පෙලින් කුසලතා පදනම මත, දිස්ත්‍රික් පදනම මත හෝ දුෂ්කරතා පදනම මත තේරෙන අය තමයි නිවැරදි විදියට යන අය කියන්නේ. එහෙම සුදුසුකමක් නැතුව සල්ලි වලින් ඉස්සරහට යන්න හදන අය තමයි වැරදි විදියට යන්න හදනවා කියන්නේ.

      "සල්ලි විසි කල පමණින් උපාධියක් ලබාගන්න පුලුවන් කියලද කියන්නේ ?"

      හරි එහෙම නැත්තන් ඒකට තියන විදිමත් ක්‍රමවේදය පැහැදිලි කරන්නකෝ.

      "එතකොට උසස් පෙල සමතුන් බහුතරයක් ගෙදරට වෙලා ඉන්න ලංකාවේ ක්‍රමය සාධාරණද ?"

      ආයෙත් හරියට කියවලා එන්න කියලා තමයි කියන්න වෙන්නේ. මම පැහැදිලිවම කියලා තියනවා තවත් රජයේ විශ්ව විද්‍යාල පහසුකම් වැඩි වෙන්න ඕන කියලා. එතකොට දැනට නොතේරෙන තවත් පිරිසකට ඒ වරම ලැබෙනවා. හැබැයි දැනට 20000ක් ගන්නවා නම් ඊළඟට පටන් ගන්න ඕන 20001 වෙනියගේ ඉඳලා. නැතුව සල්ලි තියන පිළිවෙලට නෙමෙයි.

      ඊළඟට උපාධියක්‌ නැති වුන පලියට කවුද කියලා තියෙන්නේ ගෙදරට වෙලා ඉන්න ඕන කියලා. තව යන්න කොයිතරම් පාරවල් තියේද?

      "මොකද එහෙම කරන්න පුලුවන් දේවල් ඕනි තරම් නමුත් ප්‍රයෝගිකව ලංකාවේ නාස්තිය දූෂනය නවත්වලා ඒ දේවල් රටේ යහපතට යෙදෙනවාය කියන එක සිද්ධ නොවෙන දෙයක්"

      සිද්ධ නොවෙන දේ වෙන්නේ නෑ කියලා අත ඇරලා දාන එකද කරන්න ඕන, එහෙම නැත්තන් ඒ දේ කරන්න කියලා රජයට බල කරන එකද?

      "මැටි කථාවක්නේ , උසස් පෙල කියන්නෙ තරඟ විභාගයක් කරගෙන තියෙන්නේ ලංකාවේ සිස්ටම් එක . උසස් පෙල සමත් එකා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසුයි , අනික් අය නෑ . එච්චරයි . සමත් භාවය තීරණය කරන්නේ විභාගෙට උත්තර ලියල තියන විදිහ අනුව පෙර සම්මත කරගත් ලකුණු ක්‍රමයකින් . ඒ නිසා තරඟ විභාගයකදී වගේ කොච්චර ගත්තත් තව ඉතුරු වෙනව කියල එකක් මෙතන නෑ"

      හරි ඔන්න වැරැද්ද හැදුවා. දැන් බලන්න කියන දේ තේරෙනවද කියලා.

      "හැබැයි ඉතින් පනත නොගෙනාව කියලා පෞද්ගලිකව උසස් අධ්‍යාපනය ලබපු උන්ගෙන් උඹලට අභියෝගයක් නැතෙයි කියලා නම් සතුටු වෙන්න බැරි වෙයි."

      අපෝ නෑ, එහෙම හිතන්නේ නෑ. අනිවා තරඟයක් තියන බව දන්නවා. තරඟයක් තියෙන්නත් ඕන.:) අනිත් එක ඩිප්ලෝමා හරි, සහතික පත්‍ර පාඨමාලා හරි දැම්මට මගේ නම් කිසිම විරුද්ධත්වයක් නෑ. උපාධි කඩ එපා කියල විතරයි කියන්නේ.

      Delete
    2. //සරලයි නේ සහෝ. උසස් පෙලින් කුසලතා පදනම මත, දිස්ත්‍රික් පදනම මත හෝ දුෂ්කරතා පදනම මත තේරෙන අය තමයි නිවැරදි විදියට යන අය කියන්නේ. එහෙම සුදුසුකමක් නැතුව සල්ලි වලින් ඉස්සරහට යන්න හදන අය තමයි වැරදි විදියට යන්න හදනවා කියන්නේ//


      ඔබතුමාගේ නිර්නායකය ඕකය කියමු , එහෙම නම් මම උදාහරණයට දීල තියන වෘත්තීය සුදුසුකම ආදී විකල්ප උසස් අධ්‍යාපන ක්‍රම ගැන මොකද කියන්නේ ? ඒ වගේම රටක උපාධීදාරින් බිහිවීම කියන කාරණයේදි , ඔවුන්ගේ වෘත්තිමය කුසලතාවයන් අනුව තමයි හරි වැරැද්ද තීරණය වෙන්නේ .මොකද වැරැද්දක් වෙනවා නම් ඒ වරද වෙන්නේ දිස්ත්‍රික් කුසලතාවය කියන ඔය පදනමෙන් නැතුව වෙනත් ක්‍රමවලින් තේරෙන උපාධි දාරීන් නිසි වෘත්තීය සුදුසුකම් නැතුව උපාධි සහතිකය විතරක් අරන් උපාධිධාරින්ට වෙන්වූ රැකියා වලට යන එක . ඔබ එහෙම තත්වයක් දැකලා තියනවද ? දිස්ත්‍රික් කුසලතාවය කියන පදනම නැතුව උපාධිධාරියෝ වෙන අය අනික් අයට වඩා වෘත්තිමය හැකියාවන් ගෙන් අඩුයි කියල ඔබතුමා රිසච් එකක් කරල තියෙයිද ? නැත්නම් වෙනත් කෙනෙක්ගේ පර්යේෂයකින් හරි ඔප්පු වෙලා තියනවාද ? ප්‍රායෝගිකව අපි දකින විදිහට නම් එහෙම තත්වයක් නෑ , දැනට තියන පෞද්ගලික ආයතනවල ඉගෙන ගත්ත සිසුන් තරඟකාරි පෞද්ගලික අංශයේ පවා ස්ථාවරත්වය රැකගෙන තියනවා (උදාහරණ බ්ලොග් අවකාශයේත් තියෙයි ), ඔබතුමාගේ දිස්ත්‍රික් කුසලාතා පදනමට පිටින් යන අයත් අර වෘත්තීය දක්ෂතාවම දක්වනවා නම් (දැනට ලංකාවේ රැකියා වෙලඳ පොලේ දකින්න තියන තත්වය අනුව ) , ඔබතුමාලා ගේ නිර්නාකය අනුව වැරදිය කියන්නේ අපි උසස් පෙල සමත් , රැන්ක් එක වැඩියි , ඒ නිසා අපිට විතරයි උපාධි අනික් උන්ට බෑ කියන ආත්මාර්ථකාමී පදනමෙන්

      //හරි එහෙම නැත්තන් ඒකට තියන විදිමත් ක්‍රමවේදය පැහැදිලි කරන්නකෝ.//


      ක්‍රමවේදය මොකක්ද කියලා ලංකාවේ දැනට ප්‍රමිතියක් ඇතුව පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වල කටයුතු කෙරෙන විදිහ ගැන හදාරලා බලන්න , මොනවද ඉල්ලන අධ්‍යාපනික සුදුසුකම් , කී දෙනෙක් බැඳෙනවද , කී දෙනාද උපාධිය සම්පූර්න කරන්නේ කියන දත්ත අනුව සල්ලි දුන්න පලියට උපාධිය ලැබෙනවාද කියල බැලුව හැකි .ඊලඟට ඒ ආයතන වලින් එන උපාධිදාරීන් රැකියා වෙලඳ පොලේ දක්වන දක්ෂතාවයන් අනුව අර දිස්ත්‍රික් කුසලතා පදනම නැති වීම නිසා මොකුත් අඩුපාඩුවක් වෙලා තියනවාද කියලත් බලන්න පුලුවන් . ඒ වගේම මුදලට උගවන්වන විශ්ව විදේශ විශ්ව විද්‍යාල වල ඇතුලත් කරගැනීමේ පටිපාටි පවා කොතරම් ප්‍රභලද කියල හොයල බැලුවොත් දැනගන්න ලැබෙයි . මුදල් ගෙවූ පමණින් ඒ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමේ හැකියාවක් පවා නෑ , එස් බී ගේන්න හදපු පනත ඇතුලේ ලංකාවේත් දැනට තියන ආයතනවලට ඇතුලත් කරගැනීමේ ක්‍රමවේදය ප්‍රමිතිකරනය කරන්න සැලසුම් තිබුනා , ඒත් ඉතින් ඔබතුමාල ඒක වැලැක්වුවානේ

      // හැබැයි දැනට 20000ක් ගන්නවා නම් ඊළඟට පටන් ගන්න ඕන 20001 වෙනියගේ ඉඳලා. නැතුව සල්ලි තියන පිළිවෙලට නෙමෙයි//

      මෙහෙම කථාවක් කියන්නේ ඔබතුමා උසස් පෙල තරඟ විභාගයක් කරගෙන නිසා , උසස් පෙල සමත්වුනු සියලු දෙනාටම විශ්ව විද්‍යාල වලට යන්න පුලුවන් . පලවෙනි 20000ට(සහ විශේෂ අවශ්‍යතා ඇති 5%කටත් ) රජය නොමිලේ උගන්වනවා , ඉතුරු අයට තමන්ගේ වියදමින් ඉගෙන ගන්න වෙනවා . ඒකයි ඔතන තියන තත්වේ . උසස් පෙලදි දක්වපු දක්ෂතා මත පිරිසකට ශිෂ්‍යත්ව(පූර්ණ ) ලැබීමත් අනික් අයට නොලැබීමත් තමයි කථාව , පෞද්ගලික ආයතනවලටත් ශිෂ්‍යත්ව හා අර්ධ ශිෂ්‍යත්ව මඟින් තවත් දක්ෂයින් පිරිසක් ඇතුලු කරන්න එස්බී ගේ ට්‍රයි එකක් තිබුනා , ඒකට අකුල් හෙලලා වැඩේ කෑවේ ඔබතුමාලා ,

      Delete
    3. //ඊළඟට උපාධියක්‌ නැති වුන පලියට කවුද කියලා තියෙන්නේ ගෙදරට වෙලා ඉන්න ඕන කියලා. තව යන්න කොයිතරම් පාරවල් තියේද? //

      උපාධියක් නැතිවුනු පලිය කියන එකම වැරදියි නේ? ඔබතුමාට කියන්න පුලුවන් උසස් පෙල අසමත් වූ පමණින් කියලනේ , මොකද උසස් පෙල සමත් වුනාම නෙවෙයි නේ උපාධිය දෙන්නේ උපාධි පාඨ්මාලාව සමත් වුනාම නේ . ඔය යන්න තියන පාරවල් වලට උසස් පෙල අසාර්ථක අයට උපාධියක් ගන්න පුලුවන් විවෘත විශ්ව විද්‍යාලය වගේ ඉතාම අඩු වියදම ක්‍රම වගේම අර කලින් කිව්ව වගේ උපාධි හා සමාන වෘත්තිය සුදුසුකම් ආදියත් දැන් දශක කිහිපයක ඉඳන් රටේ තියනවාය කියන එක අමතක කරන්න එපා , ඒ වගේම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිලිගත්ත උපාධි පාඨමාලාවත් තියනවා , ඒ නිසා උසස් පෙල අසාර්ථක කෙනා ගැන කථා කරත්දි උපාධිය නැතිවූ පලියට කියන යෙදුමම වැරදියි


      //සිද්ධ නොවෙන දේ වෙන්නේ නෑ කියලා අත ඇරලා දාන එකද කරන්න ඕන, එහෙම නැත්තන් ඒ දේ කරන්න කියලා රජයට බල කරන එකද? //

      බලකරාට සිද්ධ වෙනවද ? අනික කලිනුත් කිව්වා වගේ ඕක උසස් අධ්‍යාපනයට විතරක් නෙවෙයි ලංකාවේ හැම දේටම අදාල පොදු කාරණයක්

      //හරි ඔන්න වැරැද්ද හැදුවා. දැන් බලන්න කියන දේ තේරෙනවද කියලා// ????

      //අනිත් එක ඩිප්ලෝමා හරි, සහතික පත්‍ර පාඨමාලා හරි දැම්මට මගේ නම් කිසිම විරුද්ධත්වයක් නෑ. උපාධි කඩ එපා කියල විතරයි කියන්නේ//

      ආත්මාර්ථකාමි කම හොඳට පේන උත්තරයක් ස්තුතියි .. එතකොට උසස් පෙලින් කැම්පස් යන්න බැරි වුන අයට ඩිප්ලෝමා සල්ලි වලට දෙනකොට අර 20001 වෙනියගෙන් පටන් ගන්න ඕනි නැද්ද ?

      Delete
    4. පලවෙනි කරුණ ගැන මම කියන්නම්. රිසර්ච් නම් කරලා නෑ කවුරුවත්, හැබැයි අපි ප්‍රායෝගිකව අත්විඳලා තියනවා ඒ වගේ දේවල්. ට්‍රේනින් කාලේ අපි එහෙම දේවල් දැකලත් තියනවා, ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න අයගෙන් අහලත් තියනවා. ඔබතුමා එහෙම වෙනසක් නෑ කියනවා නම් ඉතින් ඒක විහිළුවක්. හැබැයි අතරින් පතර උපාධිය තියන උන්ට වඩා දක්ෂයොත් ඒ වගේ තැනකින් බිහිවෙන වෙලාවල් තියනවා. ඒක බොහොම කලාතුරකින් වෙන දෙයක්. එහෙම වෙනසක් තියනවා කියන එක බොහොම අවධාරණයෙන් කියන්න පුළුවන්. අනිත් එක හිතල බලන්න ඇයි ඒ වගේ අය බොහොම අඩු පඩි වලට රස්සාවලට යන්නේ කියලා (බොහෝවිට). මොකද ඒ අය දන්නවා වැඩි ගානකට යන්න තරම් සුදුසුකම් නෑ කියලා.

      මුල් කමෙන්ට් එකේ අන්තිම කරුණු දෙක ගැන මම තව තොරතුරු ටිකක් හොයලම උත්තර දෙන්නම්.

      "උපාධියක් නැතිවුනු පලිය කියන එකම වැරදියි නේ? ඔබතුමාට කියන්න පුලුවන් උසස් පෙල අසමත් වූ පමණින් කියලනේ , මොකද උසස් පෙල සමත් වුනාම නෙවෙයි නේ උපාධිය දෙන්නේ උපාධි පාඨ්මාලාව සමත් වුනාම නේ . ඔය යන්න තියන පාරවල් වලට උසස් පෙල අසාර්ථක අයට උපාධියක් ගන්න පුලුවන් විවෘත විශ්ව විද්‍යාලය වගේ ඉතාම අඩු වියදම ක්‍රම වගේම අර කලින් කිව්ව වගේ උපාධි හා සමාන වෘත්තිය සුදුසුකම් ආදියත් දැන් දශක කිහිපයක ඉඳන් රටේ තියනවාය කියන එක අමතක කරන්න එපා , ඒ වගේම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිලිගත්ත උපාධි පාඨමාලාවත් තියනවා , ඒ නිසා උසස් පෙල අසාර්ථක කෙනා ගැන කථා කරතදි උපාධිය නැතිවූ පලියට කියන යෙදුමම වැරදියි"

      මේකේ කියලා තියන දේ නම් මට හරියට තේරෙන්නේ නෑ. මම මෙහෙම කියන්නම්කො, මම අදහස් කලේ විශ්ව විද්‍යාලයක් සඳහා නොතේරුණු පමණින් ගෙදරට වෙලා ඉන්න ඕන නෑ කියන එක. ඒ අයට යන්න ඕන තරම් පාරවල් තියනවා කියන එකයි කිව්වේ. ඔබතුමා අහපු "එතකොට උසස් පෙල සමතුන් බහුතරයක් ගෙදරට වෙලා ඉන්න ලංකාවේ ක්‍රමය සාධාරණද ?" කියන ප්‍රශ්නයට උත්තරයක් මම දුන්නේ. ඉදිරිපත් කරන්න හොඳ තර්ක තියනවා නම් ඒවා කියන්න, එහෙම නැතුව බොරුවට කියන දේවල් පටලවන්න හදන්න එපා.

      "බලකරාට සිද්ධ වෙනවද ? අනික කලිනුත් කිව්වා වගේ ඕක උසස් අධ්‍යාපනයට විතරක් නෙවෙයි ලංකාවේ හැම දේටම අදාල පොදු කාරණයක්"

      බලකරන සමහර දේවල් සිද්ධ වෙනවා, ඒකනේ පනත අකුලගන්න වුනේ. ඒ නිසා වෙන්නේ නෑ කියා කිය ඉන්නේ නැතුව උත්සහ කරලා බලන්න.

      "//හරි ඔන්න වැරැද්ද හැදුවා. දැන් බලන්න කියන දේ තේරෙනවද කියලා// ????"

      ඔබතුමා කිව්වා නේ මම කිව්වේ මැටි කතාවක් කියලා කලින් තැනක. මම එතනට අදාලව මගේ පෝස්ට් එකේ වචනයක් වෙනස් කළා දැන් තියන අදහස තේරෙනවද කියලා ඇහුවේ. මමම අහන්නම්කො, එතකොට ඔබතුමා කියන්නේ උසස්පෙළ සමත් හැමෝටම උපාදියක් දෙන්න ඕන කියලද? මොකද එහෙම නැත්තන් ඉතුරු වෙන පිරිස ගැන හැමතිස්සෙම ප්‍රශ්නයක් එනවා.

      "ආත්මාර්ථකාමි කම හොඳට පේන උත්තරයක් ස්තුතියි .. "

      කමක් නෑ ඉතින් කැමති විදියකට හිතාගන්න. ඒක ඉතින් එහෙනම් කලින්ම තේරෙන්න තිබුනනේ. මුල ඉඳලම මම කියලා තියෙන්නේ ඒකනේ.

      "එතකොට උසස් පෙලින් කැම්පස් යන්න බැරි වුන අයට ඩිප්ලෝමා සල්ලි වලට දෙනකොට අර 20001 වෙනියගෙන් පටන් ගන්න ඕනි නැද්ද ?"

      ඒක ප්‍රායෝගික නෑ නේද? මොකද හැමෝම කැම්පස් යන්න කැමති වුනාට ඩිප්ලෝමා කරන්න කැමති නෑ නේ.


      මේ දේත් කියන්න ඕන. ඔබතුමාගේ හැම තර්කයක්ම ගොඩගැනිලා තියෙන්නේ උසස් පෙළ සමත් නම් විශ්ව විද්‍යාල සඳහා සුදුසුයි කියලා. කලින් පෝස්ට් වලත් මේකෙත් හැම තැනකම තියන අදහස ඕක නේ. මට මේ දේ කියන්න, ඔබතුමා හිතන්නේ උසස් පෙලින් A 3ක් ගත්ත එකයි S 3ක් ගත්ත එකයි දෙන්නම් එකහා සමානව යම්කිසි උපාධියක් සඳහා සුදුසුයි කියලද? මොකද ඔබතුමා එහෙම හිතනවා නම් තවත් ඒ සුදුසුකම කියන කරුණ ගැන ඔබතුමා එක්ක කතා කරලා වැඩක් නෑ.

      Delete
    5. හොඳයි ඔබතුමාගේ අත්දැකීම් අනුව එහෙමයි තත්වය කියමුකො , නමුත් ඒ අත්දැකීම් අනුව පමණක් ඔබට ඒ අය අදක්ෂයින් කියන චෝදනාව කරන්න බෑ මොකද වෙනස් විදිහේ අත්දැකීම් තියන අයත් ඉන්න නිසා ,ඒ වගේම ඔය කියන විදිහේ ගැටලුවක් තියනවා නම් පෞද්ගලික ආයතන දිගින් දිගටම පෞද්ගලික අංශයේ උපාධීධාරින්ව රැකියාවලට ගන්නේ ඇයි ? ඒ අයට පුලුවන් නේ රජයේ කට්ටිය විතරක් අරගන්න

      අඩු පඩිවලට පුහුණු වලට යන එක දෙපාර්ශවයටම පොදුයි , තොරතුරු තාක්ෂන ක්ෂේත්‍රයේ මේක පුද්ගලික උපාධී දාරින්ට බලපානවා වැඩියි , මම කලින් කමෙන්ට් එකේ කිව්වා වගේ ඒ අංශයේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල උපාධි දාරීන්ට තරඟකාරීත්වයක් අවමයි , නමුත් ඉතාම අඩුපඩියට රස්සාවලට යන කලමණාකරන අංශයේ උපාධි දාරියෝ ඕනි තරම් (අනෙන්‍යතා හේතු නිසා සමාගම් නම් කරන්න හැකියාවක් නෑ )

      තර්කය තේරුම් අරන් නැහැනේ , මම කියන්නේ උසස් පෙල අසාර්ථක වෙලා ගෙදර ඉන්න අයට තියන වෙනත් මාවත් වලින් එකක් තමයි උපාධියක් හැදෑරීම කියන එක , ඒ නිසා උපාධියක් නැති පලියට කියලා උසස් පෙල අසමත් වුනු අයට කියන එක වැරදියි . ඕකයි තර්කය

      ගේන්න තියන පනතක් අකුල ගැනීම සහ සිදුවෙමින් පවතින වංචා දූෂන වැලැක්වීම කියන්නේ එකිනෙකට වෙනස් දේශපාලනික සන්දර්භයන් කියල තේරුම් ගැනීමේ හැකියාවක් ඇති කියල විශ්වාස කරනවා

      ඉතාම පැහැදිලිව ඔව් . උසස් පෙල සම්තුන් සියලුම දෙනාට උපාධියක් හැදැරීමේ අවස්ථාව තියෙන්න අවශ්‍යයි (තමන් කැමති නම් ). එයින් රජය තෝරාගත් පිරිසකට නොමිලේ උගන්වයි , ඉතුරු පිරිසට පෞද්ගලික විශ්ව විද්‍යාල , භාහිර උපාධි , දුරස්ථ අධ්‍යාපන ක්‍රම ආදී මොනවා හෝ ක්‍රමයක් තිබිය යුතුයි . උසස් පෙල සමතුන් උපාධිය සඳහා සුදුසුයි කියන එක මම හදාගත්ත නිර්නායකය නෙවෙයි ලෝකය පුරාමත් ලංකාවෙත් තියන නිර්නායකය ,බලන්න කැම්පස් ගන්න පොතේ එක එක උපාධි පාඨමාලාවට අවශ්‍ය අවම සුදුසුකම් මොනවද කියල . ඒ 3 යි එස් 3යි කියන එක ප්‍රශ්නයක් නෙවෙයි එස් 3 අරගෙනත් ඒ උපාධිය සමත් වෙන්න කෙනෙකුට පුලුවන් නම් , සමහර පාඨමාලා වලට සමහර විෂයන්ට සම්මානයක් එක්ක අනික් වැඩ දෙක සමත් වීම ඉල්ලන නිසා හැම පාඨමාලාවකටම එස් 3 ඇතිය කියන්න මට බෑ , හැබැයි එක දෙයක් ඒ අවම සුදුසු කම තියනව නම් උපාධියක් කරන්න සුදුසුයි , මේවා මම හදපු නිර්ණායක හෝ මගේ තර්ක නෙවෙයි ලෝකයේ බොහොමයක් රටවල භාවිතා කරන ක්‍රමවේදය , ඒ වගේම ලංකාවෙත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අච්චු ගහන පොතේම තියන එව්වා (දැන් තියනවද මන්ද අපේ කාලේ නම් තිබ්බා ) , එහෙම පොතේ නැත්නම් උසස් පෙල ගුරුවරයෙක්ගෙන් හරි විශ්ව විද්‍යාලේ අචාර්ය වරයෙක්ගෙන් හරි අහල බලන්න , ඒක නෙවෙයිද සම්මතය කියල

      Delete
    6. @ බුවා

      //මෙහෙම කථාවක් කියන්නේ ඔබතුමා උසස් පෙල තරඟ විභාගයක් කරගෙන නිසා , උසස් පෙල සමත්වුනු සියලු දෙනාටම විශ්ව විද්‍යාල වලට යන්න පුලුවන් .//

      ඔන්න බුවා පටලවාගෙන තියන තැන. උසස් පෙළ කියන්නේ පැහැදිලිවම තරඟ විභාගයක්. ඒකයි ඒකට රැන්කින් සිස්ටම් එකක් තියෙන්නේ. නිසැකවම කියන්න පුළුවන් එස් තුනක් අරගෙන කැම්පස් ගිහින් කාටවත් හරියාකාර ඉංජිනේරුවෙක් වෙන්න බැහැ කියලා. එහෙම ඉංජිනේරුවෝ ඉන්න රටට දෙයියන්ගේම පිහිටයි. එහෙම අය බිහි වෙන්න ගත්තොත් සමත් කරන ලකුණත් ඉහල දාන්න සිද්ධ වේවි.

      Delete
    7. //උසස් පෙළ කියන්නේ පැහැදිලිවම තරඟ විභාගයක්. ඒකයි ඒකට රැන්කින් සිස්ටම් එකක් තියෙන්නේ//

      මම දන්න තරමින් තරඟ විභාගයක් කියන්නේ පුරප්පාඩු ප්‍රමාණය මත සමත් අසමත් බව තීරණය වෙන ඒවා , ඒ කියන්නේ රාජ්‍ය පරිපාලන සේවා විභාගය වගේ ඒවා , බඳවා ගන්න පුලුවන් 50 නම් , ලකුණු 90ට වැඩි උන් 50ක් ඉන්නවා නම් 90 න් තමයි පාස් කරන්නේ අන්න ඒවගේ (අපි කැම්පස් නොගිය අය නිසා මේ කාරණය වැරදිද දන්නෙත් නෑ හැබැයි ) ,

      උසස් පෙල සමත් කරන්නේ පෙර නිර්නය කරපු ලකුණ/ හෝ ශිෂ්‍යයින්ගේ ලකුණු ව්‍යාප්තිය අනුව සකස් කල ලකුණ ට අනුව . සාමාන්‍ය පෙල , උසස් පෙල, විශ්ව විද්‍යාල විභාග ඇතුලු අධ්‍යාපනික විභාග වල කෙරෙන්නේ එකම දේ, ඒවායේන් බලන්නේ අදාල විෂය කරුණු පිලිබඳ ශිෂ්‍යායා දක්වන කුසලතාවය තමයි පරීක්ෂා කරන්නේ ,. එතනදි ඒ කුසලතාවය අනුව සමත් අසමත් බව වගේ දැනුම් ප්‍රමාණය අනුව රැන්ක් එකකුත් , ඊලඟ අධ්‍යාපනික පියවරට යන්න හෝ සුදුසුකම සම්පූර්න වෙන්න අවම සමත් කුසලතාවය ප්‍රමාණවත් රැන්ක් එක අනුව ඉදිරි පියවරේ ස්වාභාවය නිර්ණය වෙනවා , සමහර රටවල උසස් පෙල (හෝ සමාන විභාග ) රැන්ක් එක අනුව තෝරගන්න පුලුවන් පාඨමාලාව තීරණය වෙත්දි , තවත් රටක යන්න පුලුවන් කැම්පස් එක තීරණය වෙනවා , තවත් තැනක ඔය දෙකම තීරණය වෙනවා , ලංකාවේ කෙරෙන්නේ එහෙම . ඒත් අමතක කරන්න එපා විශ්ව විද්‍යාල පහසුකම් ප්‍රමානවත් තරම් තියන රටවල අවම සාමාර්ථයටත් ඉංජිනේරු පාඨමාලාවලට යන අයත් ඉන්න බව , හොඳ ප්‍රථිපල ගත්ත අය ඉහල රැන්ක් තියන විශ්ව විද්‍යාල වලත් , අවම සාමාර්ථ කට්ටිය පහල රැන්ක් විශ්ව විද්‍යාල වලත් ඉගෙන ගැනීම සිදුවෙනවා ඇති , ඒහෙම තත්වයන් තියෙන්නේ ඉංජිනේරු වෘත්තියේ ගුණාත්මක බව හොඳින්ම රැකිලා තියන රටවල බව ඔබතුමා විමසිල්ලෙන් බැලුවොත් පෙනේවී (මේ සමහර රටවල උපාධියෙන් පමනක් ඉංජිනේරු වෘත්තිකයෙක් වෙන්න බැරි අවස්ථාවනුත් තියනවා ,) ..... කොහොම වුනත් එච්චර තත්වයක් නැතත් අවම සාමාර්ථය ගන්න කෙනාට මොකක් හෝ උපාධි පාඨමාලාවක් හෝ හැදැරිය හැකි තත්වයක් ඇති විය යුතුයි කියලයි මම කියන්නේ

      ප.ලි - ඉංජිනේරු උපාධිය සඳහා ලංකාවේ අවම සුදුසුකම අර කැම්පස් ගන්න පොතේ ඇති , ඒ සුදුසුකම තියන අයට ඉංජිනේරු උපාධිය කරන්න පුලුවන්ය කියල තීරණය කරල තියෙන්නේ මම නෙවෙයි , අදාල ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ. ලංකාවේ ඇතිවෙන්න විශ්ව විද්‍යාල පහසුකම් තිබුනා නම් ලංකාවෙත් ඒ අවම සුදුසුකම තියන අය ඉංජිනේරු උපාධියට යයි (ඔක්කොම ඉංජිනේරුවො වෙන්න දඟලන මානසිකත්වය නැති වෙලා , තමන්ට ගැලපෙන තමන් කැමති උපාධියක් තෝරගන්න තරමට ආකල්පත් වෙනස් වෙයි )

      Delete
    8. උසස් පෙළ කියන්නෙත් පුරප්පාඩු ප්‍රමාණය මත රඳා පවතින විභාගයක් තමයි. කඩඉම් ලකුණු තීරණය වෙන්නෙත් ඒ පුරප්පාඩු ප්‍රමාණය මත. රෑන්ක් හදන්නෙත් ඒ අවශ්‍යතාවය නිසා.

      // බඳවා ගන්න පුලුවන් 50 නම් , ලකුණු 90ට වැඩි උන් 50ක් ඉන්නවා නම් 90 න් තමයි පාස් කරන්නේ//
      උසස් පෙළදී මෙහෙම නොකරන්න හේතුවක් තියනවා. වි.වි. ප්‍රවේශය අහිමි උනත් වෙන මාර්ගයක් තෝරා ගැනීමේ රුකුලක් විදියට("උසස් පෙළ සමත්" ලේබලය ගසා ගැනීමට) හැකි උපරිම ප්‍රමාණයක් සිසුන් සමත් කරන්න උත්සාහ කරන නිසා. ඒත් වි.වි. ප්‍රවේශය අනිවාර්යයෙන්ම තරඟයක්.

      //ඒත් අමතක කරන්න එපා විශ්ව විද්‍යාල පහසුකම් ප්‍රමානවත් තරම් තියන රටවල අවම සාමාර්ථයටත් ඉංජිනේරු පාඨමාලාවලට යන අයත් ඉන්න බව//
      ඔව් එහෙම ඉන්නවා තමයි. හැබැයි ඒ එක්කම හොයලා බලන්න එතැනදී සමත් කරන ලකුණ ගැනත්. ඒ වගේ අවස්ථාවල සමත් ලකුණට මීට වඩා ප්‍රමිතියක් තියනවා. අපේ ප්‍රශ්න පත්තර වල බොහෝ වෙලාවට කෙටි ප්‍රශ්න පත්තරේට කණා ගැහුවත් ලේසියෙන්ම එස් එකක් ගන්න පුළුවන්. එහෙම එස් තුනක් අරගෙන ඉංජිනේරුවෙක් වෙන්න ගියොත් මොකද වෙන්නේ? අනිත් එක, සමත් ලකුණට අමතරව ඒ රටවල ජී ආර ඊ, ජී මැට් වගේ ප්‍රවේශ විභාගත් වි.වි. ප්‍රවේශය ට විශාල බලපෑමක් කරනවා.

      //ඉංජිනේරු උපාධිය සඳහා ලංකාවේ අවම සුදුසුකම අර කැම්පස් ගන්න පොතේ ඇති , ඒ සුදුසුකම තියන අයට ඉංජිනේරු උපාධිය කරන්න පුලුවන්ය කියල තීරණය කරල තියෙන්නේ මම නෙවෙයි , අදාල ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ//

      අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ හිතන්නෙත් ඔබ හිතන විදියට. ඉංජිනේරු ෆැකල්ටි වලට එස් තුනේ අයට යන්න නොලැබෙන නිසා(අවම සුදුසු කම හැටියට එස් තුන දක්වලා තිබුනත්) ඕක තවමත් ප්‍රශ්නයක් වෙලා නැහැ. හැබැයි එහෙම යන්න ගත්තොත් අන්න එදාට තේරේවි එක්කෝ අවම ලකුණ වෙනස් කරන්න ඕන නැත්නම් අවම සුදුසු කම වෙනස් කරන්න ඕන කියලා.

      Delete
    9. උසස් පෙල විභාගය නෙවෙයි සහෝදරයා තරඟය තියෙන්නේ , විශ්ව විද්‍යාල ප්‍රවේශයට . විභාගයේ සාමාර්ථය කියන්නේ හුදු ලේබලයක් නෙවෙයි , ඔහු අවුරුදු දෙකක කරපු අධ්‍යාපනය පිලිබඳ සහතිකයක් ,ඒ සහතිකය තමයි ලෝකේ ඕනිම තැනක අධ්‍යාපනයේ ඊලඟ පියවරට තියන සුදුසුකම

      විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාග කියන එක හොඳ සංකල්පයක් , ඒහෙම දෙයක් ක්‍රියාත්මක වෙනවා නම් , වාසනාවට ගණන් ගොඩ දාගෙන රසායන විද්‍යාවෙන් ඒ එකක් අරන් ඉංජීනේරුවො වෙන්න යන අයටත් වැඩේ ටිකක් අමාරුවෙයි .

      ලංකාවේ කට පාඩම් අධ්‍යාපනයට වඩා ප්‍රයෝගිකත්වයට මුල් තැන දෙන , ඇගයීම් වල ලකුණු පවා අවසන් ප්‍රථිපලයට එකතු වෙන අධ්‍යාපන ක්‍රමයක් තමයී දියුණු රටවල තියෙන්නේ , ඒ වගේ ක්‍රමයක සමාර්ථය ගැනීම සමහර විටක ටියුෂන් සර්ලාගේ ආදර්ශ ප්‍රශ්න කිහිපයක් හරි ගිහින් ගොඩ යන සාමාර්ථයට වඩා ප්‍රමිති සහගතයි තමයි (ඇමරිකානු විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික සහතික වලට අමතරව ශිෂ්‍යාගේ කුසලතාත් සලකා බලනවා විශ්ව විද්‍යාල ප්‍රවේශයට මම දන්න තරමින් ), නමුත් වෙන්න ඕනි ඒ අධ්‍යාපන ක්‍රමයට යැමට උත්සාහයක් මිසක් අපේ උසස් පෙලින් කණා ගහල පාස් වෙන උන්ගේ ප්‍රමිතියක් නැහැය කියලා , තියන තරඟකාරි අධ්‍යාපනය තවත් වැඩි කිරීම නෙවෙයි .

      උසස් පෙල සමාර්ථය විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම කියන සම්මතය ඇතුලේ , බහුතරයකට උසස් අධ්‍යාපනය හැදැරීමේ පහසුකම් ලබාදීම . එතකොට යම්කිසි පාඨමාලාවක් හදාරන්න උසස් පෙල මදිනම් ප්‍රවේශ විභාගයන් තියලා ඇතුලු කරගන්න පුලුවන්

      වැදගත්ම දේ , ඔය කියන විදිහට එස් 3 ගත්ත කෙනා ඉංජිනේරු පීඨයට ගියත් ඔහුට ඒ පාඨමාලාව සාර්ථක කරගන්න ලැබෙන්නේ නැහැනේ බහුවරණ කණාවට ගහල ගොඩ ගිය කෙනෙක් නම් . එස් 3 ගත්ත කෙනාට ඉංජිනේරු උපාධියක් කරල සමත් වෙන්න පුලුවන් නම් , ඔහුට එකෙන් පන්ති සාමාර්ථයක් ගන්න පුලුවන් නම් , ඔහුගේ උසස් පෙල ප්‍රථ්පලයෙන් වැඩක් තියනවද ?

      ඒ 3 ගත්ත කෙනා කරන උපාධිය එස් 3ට දරාගන්න බැරි නම් ඔහු මඟදි හැලිලා යයි , කලබල වෙන්න දෙයක් නැහැ නේද ?

      Delete
    10. ඔව් තරඟය තියෙන්නේ වි.වි. ප්‍රවේශයට තමයි. හැබැයි ඒකෙ මිනුම් දණ්ඩ තමයි උසස්පෙළ. එහෙම තියෙද්දී ඔයාට කියන්න බැහැ සමත් වෙන හැමෝම වි.වි. ප්‍රවේශය සම්බන්ධයෙන් එක සමානයි කියලා.

      //විභාගයේ සාමාර්ථය කියන්නේ හුදු ලේබලයක් නෙවෙයි , ඔහු අවුරුදු දෙකක කරපු අධ්‍යාපනය පිලිබඳ සහතිකයක්//
      ඒක හුදු ලේබලයක් තත්වයටත් පත් වෙලා තියන බව සහෝදරයා සමහරවිට දන්නේ නැතුව ඇති. කණා ගහලා විෂයන් 3 ගොඩ දාගන්න ඕන කියන මතයේ කී දෙනෙක් ඉන්නවද?

      //ඒ සහතිකය තමයි ලෝකේ ඕනිම තැනක අධ්‍යාපනයේ ඊලඟ පියවරට තියන සුදුසුකම//
      මේ කතාව වැරදියි..ලෝකේ හැම තැනකම අපේ උසස් පෙළ පිලි ගන්නේ නැහැ වගේම හැම තැනකටම උසස් පෙළ අවශ්‍යත් නැහැ..

      //වාසනාවට ගණන් ගොඩ දාගෙන රසායන විද්‍යාවෙන් ඒ එකක් අරන් ඉංජීනේරුවො වෙන්න යන අයටත් වැඩේ ටිකක් අමාරුවෙයි//
      සහෝදරයා දන්නවද කෙමිකල් ඉංජිනේරුවෝ කියලා කට්ටියක් ගැන?

      (එහෙමත් අමාරුනම් ඉතින් එස් තුනේ අය ගැන කවර කතාද :). අනිත් කාරණේ වාසනාවට විෂයන් ගොඩ දාලා කැම්පස් යන්නත් පුලුවන්ද? වාසනාවාට එස් එකක් ගත්තට ඒ එකක් හෝ බී එකක් ගන්න බැහැ මල්ලි. තවත් දෙයක්, ගණිතයට ඒ එකක් ගන්නවට වඩා බොහොම අමාරුයි රසායන විද්‍යාවට ඒ එකක් ගන්න. රසායන විද්‍යාව කියන්නේ ගිරවා සබ්ජෙක්ට් එකක් කියලා හිතන්නත් එපා. එහෙම හිතනවානම් ඒ වැරදිලා.)

      //ඒ වගේ ක්‍රමයක සමාර්ථය ගැනීම සමහර විටක ටියුෂන් සර්ලාගේ ආදර්ශ ප්‍රශ්න කිහිපයක් හරි ගිහින් ගොඩ යන සාමාර්ථයට වඩා ප්‍රමිති සහගතයි තමයි //
      ඒක තමයි මමත් කියන්නේ. එහෙම අධ්‍යාපන ක්‍රමයක අවම ලකුනෙත් හොඳ ප්‍රමිතියක් තියනවා. කණා ගහලා දාන එස් 3 වගේ නෙමෙයි.

      //නමුත් වෙන්න ඕනි ඒ අධ්‍යාපන ක්‍රමයට යැමට උත්සාහයක් මිසක් අපේ උසස් පෙලින් කණා ගහල පාස් වෙන උන්ගේ ප්‍රමිතියක් නැහැය කියලා , තියන තරඟකාරි අධ්‍යාපනය තවත් වැඩි කිරීම නෙවෙයි//
      බොහොම හරි. ඒ අධ්‍යාපන ක්‍රමයට යන්න උත්සාහ කරන එක තමයි හරි. එහෙම නැතුව අවම ලකුණ ගන්න අයටත් වි.වි. ඕන කියලා කෑ ගහන එක නෙමෙයි.

      //එතකොට යම්කිසි පාඨමාලාවක් හදාරන්න උසස් පෙල මදිනම්//
      උසස් පෙළ කියන්නේ හොඳ නිර්නායකයක්. විය යුත්තේ සමත් ලකුණට අමතරව ප්‍රවේශයේදී අවම සුදුසුකම් ගැන සැලකිලිමත් වීම.(පාටමාලා ස්වභාවය අනුව නම් දැනටත් වෙනම ප්‍රවේශ විභාග පැවැත්වෙනවා)

      //ඒ 3 ගත්ත කෙනා කරන උපාධිය එස් 3ට දරාගන්න බැරි නම් ඔහු මඟදි හැලිලා යයි , කලබල වෙන්න දෙයක් නැහැ නේද ?//
      බුවා මල්ලි මේක කියන්නේ වගකීමෙන්ද? මෙහෙම අය අවුරුදු කීපයක් රිපීට් වෙවී හිටියත් අවසානයේ ඉංජිනේරුවෙක් හැටියට විශ්ව විද්‍යාලයෙන් එලියට එනවා (ඒකට පන්ති සාමාර්තයක්ම වුවමනා වෙන්නේ නැහැ). කලබල වෙන්න දෙයක් තියද නැද්ද කියලා හිතලා බලන්න.

      Delete
    11. //එහෙම තියෙද්දී ඔයාට කියන්න බැහැ සමත් වෙන හැමෝම වි.වි. ප්‍රවේශය සම්බන්ධයෙන් එක සමානයි කියලා. //


      දිගින් දිගටම වාද කරත් එකම තැන .... මිනුම් දණ්ඩේ මුලික පදනම තමයි සමත්/ අසමත් කම , ද්විතික පදනම තමයි රැන්ක් එක (රැන්ක් ලබන සියල්ලන් පාසු වූවන්ය ) , ඒ නිසා ඒ සමත් අසමත් පදනම යොදා ගන්න පුලුවන් කියලා තර්කයක් ගේන්න පුලුවන් , ඔබතුමා පිලිනොගන්න එක ඔබතුමාගේ අයිතිය


      //ඒක හුදු ලේබලයක් තත්වයටත් පත් වෙලා තියන බව සහෝදරයා සමහරවිට දන්නේ නැතුව ඇති. කණා ගහලා විෂයන් 3 ගොඩ දාගන්න ඕන කියන මතයේ කී දෙනෙක් ඉන්නවද? //


      මම දන්නවා , ඔහොම පිරිසක් බිහිවෙලා තියෙන්නේ ඇයි කියන එකයි වැදගත්ම ප්‍රශ්නේ . ඔය උසස් පෙල යන්තම් ගොඩ දාගන්න පිරිසට අයත්වෙන්නේ සාමාන්‍ය මට්ටමේ දක්ෂතා තියන අය , ඒ අය දන්නවා තියන තරඟයත් එක්ක කැම්පස් යන්න බැ කියලා , ජොබකට සෙට් වෙන්න හරි ප්‍රයිවෙට් කෝස් එකක් කරන්න හරි එස් තුන දාගත්තාම ඇතිය කියලා තමයි ඒ අයගේ භාෂාවෙන්ම මට ඇහිලා තියෙන්නේ , කණගාටුදායක තත්වයක් , ප්‍රවේශ විභාගයක් තියනවා නම් ඔය වගේ අයට විශ්ව විද්‍යාලේ යන්න බැරි වෙයි

      //මේ කතාව වැරදියි..ලෝකේ හැම තැනකම අපේ උසස් පෙළ පිලි ගන්නේ නැහැ වගේම හැම තැනකටම උසස් පෙළ අවශ්‍යත් නැහැ..//

      සමාවෙන්න මම අදහස් කලේ ලංකාවේ උසස් පෙල ගැන නෙවෙයි , අදාල රටේ ඊට අනුරූප විභාග ගැන . ඊලඟට ඔබම කියනවා අපේ උසස් පෙල ඕනිත් නෑ කියලා සමහර රටවල උපාධි වලට , ඔව් මාත් දැකලා තියනවා සාමාන්‍ය පෙලයි පදනම් පාඨ්මාලාවලුයි කරලත් උපාධි කරන අය . ඉතින් එහෙමත් කරන්න පුලුවන් නම් උසස් පෙල ඒ 3 ඒවම හොයන්නේ ඇයි


      //සහෝදරයා දන්නවද කෙමිකල් ඉංජිනේරුවෝ කියලා කට්ටියක් ගැන?

      (එහෙමත් අමාරුනම් ඉතින් එස් තුනේ අය ගැන කවර කතාද :)//

      දන්නවා දන්නවා ... කෙමිකල් නොවෙන ඉංජිනේරුවන්ට වඩා වැදගත් ගණිතයද රසායන විද්‍යාවද ? ...මම නම් ඔය ගැන දන්නේ නෑ , ටියුෂන් දෙන ඉංජිනේරු මහත්තයෙක් මයි ඔය විවේචනය කලේ ?

      ප්‍රවේශ විභාගයක් තිබ්බාම එස් තුන හරි ඒ තුන හරි , අදාල උපාධියට ඕනි කරන දැනුම තියන මිනිහා විතරක් සමත් වෙයි අමාරු කෙනාට අමාරු වෙයි . රසායන විද්‍යාව හා විභාගය ගැන ඔබතුමා කියන දේ මම පිලිගන්නම් , මොකද රසායන විද්‍යාවට එස් එකක් තියාගෙන මට ඒ ගැන තර්ක කරන්න බෑ

      Delete
    12. බුවා A 3 ගත්ත එකාටයි, S 3 ගත්ත එකාටයි සමාන සුදුසුකම් තියනවා කියල කිව්වට පස්සේ මම තර්ක කරන එක නැවැත්තුවා. මොකද එහෙම හිතනවා නම් ඒ ගැන තවත් කතා කරලා තේරුමක් නෑ. ඒත් Ano පැහැදිලි උත්තරයක්‌ දීල තියනවා.

      Delete
    13. //බුවා මල්ලි මේක කියන්නේ වගකීමෙන්ද? මෙහෙම අය අවුරුදු කීපයක් රිපීට් වෙවී හිටියත් අවසානයේ ඉංජිනේරුවෙක් හැටියට විශ්ව විද්‍යාලයෙන් එලියට එනවා (ඒකට පන්ති සාමාර්තයක්ම වුවමනා වෙන්නේ නැහැ). කලබල වෙන්න දෙයක් තියද නැද්ද කියලා හිතලා බලන්න.//

      ඔව් වගකීමෙන් , මොකද බොහෝ දෙනා උපාධි කඩ කියන ඒවායේ කරන විදේස් උපාධි වල නම් කොච්චර සල්ලු දුන්නත් රිපිට් වෙන්න පුලුවන් සීමාවක් තියනවා , විශේෂයෙන්ම අදාල විදේස් විශ්ව විද්‍යාලය කෙලින්ම සම්බන්ධ වෙන වසර වලදි , ඒ වගේම එක අවුරුද්දකින් ඊලඟ එකට යන කොට තියාගන්න පුලුවන් රිපිට් සීමාවක් එහෙමත් තියෙයි , ඔය තත්වය නිසා සැහෙන පිරිසක් අතරමැද හැලෙනවා , දේශීයව උපාධි දෙන ආයතනවලත් තත්වය ඒකයි , එක විශයක් රිපිට් කරන්න දෙන අවස්ථා ගාන ඉක්මවලා කරන්න බෑ කාටවත් .

      උපාධි කඩවල එහෙම තියෙත්දි උසස් පෙල සමත් අතිදක්ෂයින් විතරක් බඳවා ගන්න රාජ්‍ය විශ්ව විද්‍යාලවල සීමාවක් නැතුව රිපිට් වෙවී ඉන්න පුලුවන් කියල කව්ද දන්නේ ? එහෙම රිපිට් වෙවී ඉන්න දෙන එකම මහ බරපතල වරදක්නේ

      Delete
    14. කසුන් - මම මුලදිම කිව්වා වගේ ඔය සුදුසුකම් මම හදාගත්ත ඒවා නෙවෙයිනේ , දැනටම ලංකාවේ තියන එව්වානේ , ඇනෝ කියන විදිහට ඒවා හදපු අයත් මම හිතනවා වගෙලු හිතන්නේ (ෂා ..කොච්චර ආඩම්බරද ) , උසස් අධ්‍යාපනයේ අවම සුදුසුකම ගැන නියම අදහස ගන්න පුලුවන් වෙන්නේ මේ අපි තුන් දෙනෙක් කරන කමෙන්ට් වලින් නෙවෙයි ලෝකේ අනික් රටවල තියන තත්වයන් නීරීක්ෂනය කිරීමෙන් . ඔබතුමාලාට කැමති නම් එස් 3 ගත්ත උන් චාටර් , ඒ 3 ගත්ත වුන් වැඩ්ඩො කියන මතයේ ඉන්න ඒක ඔබගේ අයිතිය , නමුත් ලෝකයේ පවතින යථාර්තය විමසලා බලන්න ,

      Delete
    15. "ඔබතුමාලාට කැමති නම් එස් 3 ගත්ත උන් චාටර් , ඒ 3 ගත්ත වුන් වැඩ්ඩො කියන මතයේ ඉන්න ඒක ඔබගේ අයිතිය"

      නෑ නෑ, එහෙම කාවවත් චාටර් කියන්නවත්, A 3 ගත්ත උන් වැඩ්ඩො කියන්නවත් නෙමෙයි මම කියන්නේ. නමුත් මම විස්වාස කරනවා එතනින් එහාට තියන මාර්ගය අර වෙනස මතත් පදනම් වෙන්න ඕන කියලා. මොකද එස් 3 ගත්ත කෙනාට ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් නම්, එස් 3 ගත්ත කෙනාට වෛද්‍යවරයෙක් වෙන්න වෙන්න පුළුවන් නම් ඇත්තටම ඒක කිසිම තේරුමක් නැති වැඩක්. එහෙම නම් උසස් පෙළ කියල දෙයක් තියන එකෙත් තේරුමක් නෑ

      Delete
    16. අනිත් එක බුවා සහෝධරයා, ඔය එස් තුනේ කතාව කියලා තියෙන්නේ විශ්ව විද්‍යාල වලට ඉල්ලුම් කරන්න පුළුවන් කාටද කියන සීමාවක් හදන්න. මොකද නැත්තන් මෙන්න මේ මේ අය ඉල්ලුම් කරන්න කියන එක වෙන් කරන්න බැරි නිසා. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ එස් 3 ගත්ත කෙනා ඉංජිනේරුවෙක් වෙන්න සුදුසුයි කියලා.

      Delete
    17. // ඔය එස් තුනේ කතාව කියලා තියෙන්නේ විශ්ව විද්‍යාල වලට ඉල්ලුම් කරන්න පුළුවන් කාටද කියන සීමාවක් හදන්න. මොකද නැත්තන් මෙන්න මේ මේ අය ඉල්ලුම් කරන්න කියන එක වෙන් කරන්න බැරි නිසා.//

      :D :D :D

      Delete
    18. මම කිව්ව දේ වැරදියට මම හිතන්නේ ඔබතුමා තේරුම් අරන් තියෙන්නේ. මගේ අදහස් ප්‍රකාශ කිරීමේත් දුර්වලතාවයක් තියනවා එතන.:) මම කිව්වේ එස් 3 කියන අවමය තියන අයට විශ්ව විද්‍යාලවලට ඉල්ලුම් කරන්න කිව්වට එස් 3 තියන කෙනෙක් වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් වෙන්න සුදුසු නෑ කියන දේ.

      Delete
    19. //දිගින් දිගටම වාද කරත් එකම තැන//
      පුදුම වෙන්න දෙයක් නැහැ. කසුනුත් කියල තියනවනේ බුවා එක්ක වාද කරලා තේරුමක් නැති බව. :)

      //මිනුම් දණ්ඩේ මුලික පදනම තමයි සමත්/ අසමත් කම , ද්විතික පදනම තමයි රැන්ක් එක (රැන්ක් ලබන සියල්ලන් පාසු වූවන්ය ) , ඒ නිසා ඒ සමත් අසමත් පදනම යොදා ගන්න පුලුවන් කියලා තර්කයක් ගේන්න පුලුවන් , ඔබතුමා පිලිනොගන්න එක ඔබතුමාගේ අයිතිය //
      හොඳට මතක තියාගන්න මූලික/ද්විතික පදනම මොකක් උනත් ප්‍රවේශය සිද්ධ වෙන්නේ රෑන්ක් එක මත කියලා. ඔබ තුමා කියන විදියට ප්‍රවේශයට සමත් අසමත් පදනම යොදා ගන්න කියලා තර්ක ගෙනල්ලා, කරලා බලන්ටකෝ පුලුවන්ද කියලා. එහෙම කලොත් වෙන්නේ මොකක්ද දන්නවද? සමත් ලකුණ බොහොම ඉහළ යන එක. එතකොට නමට උසස් පෙළ පාස් වෙන්න ඉන්න අයටවත් පාස් වෙන්න බැරි වෙයි.

      //ඔය උසස් පෙල යන්තම් ගොඩ දාගන්න පිරිසට අයත්වෙන්නේ සාමාන්‍ය මට්ටමේ දක්ෂතා තියන අය ...ප්‍රවේශ විභාගයක් තියනවා නම් ඔය වගේ අයට විශ්ව විද්‍යාලේ යන්න බැරි වෙයි//
      ආ..එහෙනම් ඔබතුමා ත් දන්නවා ඒ ගැන. ඒ වගේ අය හලන්න අමුතුවෙන් ප්‍රවේශ විභාග තියන එක නිකන් නාස්තියක් විතරයි. ඒ හින්දා තමයි රෑන්ක් එක මත එහෙම අය හලන්නේ.( හැබැයි දැන් ඔබතුමා කියන්නේ එහෙම අයටත් වි.වි. ප්‍රවේශයට ඒ 3 ගත්ත අයට වගේ සමාන සුදුසුකම් තියනවා කියලා.:)

      //ඔබම කියනවා අපේ උසස් පෙල ඕනිත් නෑ කියලා සමහර රටවල උපාධි වලට , ඔව් මාත් දැකලා තියනවා සාමාන්‍ය පෙලයි පදනම් පාඨ්මාලාවලුයි කරලත් උපාධි කරන අය . ඉතින් එහෙමත් කරන්න පුලුවන් නම් උසස් පෙල ඒ 3 ඒවම හොයන්නේ ඇයි //
      ඔබතුමා මේ කියන පදනම් පාටමාලා ගැන ඔබ තුමා දන්නවද? ඒවා අපේ උසස් පෙළ තරම්ම හෝ ඊටත් වඩා ප්‍රමිතියක් තියන ඒවා. සාමාන්‍ය පෙළත් ඒ වගේ. ඔබතුමා කියන්නේ කොහොමද අපේ ඒ 3 ට තරම් ඒවාට ප්‍රමිතියක් නෑ කියලා. ඒවා සමත් උනා කියන්නේ ඒ 3 ක් ගත්තා වගේ තමයි.

      // කෙමිකල් නොවෙන ඉංජිනේරුවන්ට වඩා වැදගත් ගණිතයද රසායන විද්‍යාවද //
      දෙකම වැදගත්...කොහොමත් ඉංජිනේරු පීටයට ඇතුල් වෙද්දී ඉංජිනේරුවෙක් තමන්ගේ ක්ෂේත්‍රය තෝරාගෙන නැහැ. ඒ නිසා විෂයන් තුනටම හොඳ කුසලතාවයක් ඔහුට තිබිය යුතුයි. අනික මම කිව්වා රසායන විද්‍යාවට ඒ එකක් අරගෙන වාසනාවට ගණන් ගොඩ දාගෙන කැම්පස් යන අය නැහැ කියලා.

      //මොකද බොහෝ දෙනා උපාධි කඩ කියන ඒවායේ කරන විදේස් උපාධි වල නම් කොච්චර සල්ලු දුන්නත් රිපිට් වෙන්න පුලුවන් සීමාවක් තියනවා //
      උපාධි කඩ වල නෙමෙයි රජයේ වි.වි. වලත් එහෙම සීමාවක් තියනවා. හැබැයි ඒ ඔක්කොම රඳා පවතින්නේ ආචාර්ය වරු මත. ඔහොම තුන හතර පාරක් රිපීට් වෙනවා කියන්නේ ඔවුන්ට අමාරුවෙන් විභාග ටික ගොඩ දාගන්න පුළුවන් වෙනවා (හිතලා බලන්න අවු. 2 3 ක් එකම දේ කරනකොට ඕන මෝඩයෙක්ට ඒක පුළුවන්.) එහෙම අය එගොඩ කරන්න තමයි වි.වි. කාර්ය මණ්ඩලයත් උත්සාහ කරන්නේ. මොකද මෙච්චර කලක් ඒ සිසුවා වෙනුවෙන් වැය කල සම්පත්, ඔහුගේ අනාගතය ඔක්කොම අපතේ යන එක වලක්වන්න. ඉතින් ඔබ කියනවනම් එහෙම අය අතරමගදී හැලේවි නේ කියලා ඔහු එතන ඇවිත් දෙලොවටම වැඩක් නැතුව අවුරුදු ගානක් නාස්ති කරන කාලය, මුදල් ගැන හිතලා බලන්න. එහෙම අයට ප්‍රවේශයට ඉඩ නොදෙන එකයි විසඳුම. ගිහිල්ලා හැලෙන්න කියන එක නෙමෙයි.

      Delete
    20. //හොඳට මතක තියාගන්න මූලික/ද්විතික පදනම මොකක් උනත් ප්‍රවේශය සිද්ධ වෙන්නේ රෑන්ක් එක මත කියලා//

      එහෙම වෙලා තියෙන්නේ ලංකාවේ අවශ්‍ය තරම් විශ්ව විද්‍යාල නැති නිසා බව තේරුම් යන්නේ නැද්ද , මම අමුතුවෙන් කරන්න දෙයක් නැහැ , දැනට තියන පදනම ගැන මම කියන්නේ , ඔබතුමාලට ඕනි නම් ඔය ස්ට්‍රයික් එකක් අස්සේ සටන් පාටයක් විදිහට දාගන්න , "එස් 3 ඉංජිනේරු කමට අවම සුදුසු කම විදිහට දාල තියන එක අපි වගේ උගත් බුද්ධිමත් ශිෂ්‍ය ප්‍රජාවකට කරන නිග්‍රහයක් නිසා වහාම ඒක ඉවත් කරනු කියලා "

      // ඒ වගේ අය හලන්න අමුතුවෙන් ප්‍රවේශ විභාග තියන එක නිකන් නාස්තියක් විතරයි. ඒ හින්දා තමයි රෑන්ක් එක මත එහෙම අය හලන්නේ.//

      ඔබතුමා එස් 3 ගන්න ඔක්කොම කනා ගහන වුන් කියලා කථා කලාට මම එහෙම දෙයක් කීවේ නෑ ,එස් 3 ගන්න ඕනි තරම් අය ඉන්න පුලුවන් එහෙම නොවෙන , ප්‍රවේශ විභාගයක් තියන්න කියන්නේ කාටත් සාධාරනය ඉටුවෙන්න , මෙතනදි දැනට ලංකාවේ තියන විශ්ව විද්‍යාල ටිකට එස් 3 ගත්ත වුන් ඔබන්න කියනවා නොවන බවත් මම මේ යෝජනාව කරන්නේ ප්‍රමාණවත් තරම් විශ්ව විද්‍යාල පහසුකම් තියන පරිසරයකට බව මතක් කරන්න ඕනි නැත්නම් මේ කථාව සම්පූර්ණයෙන් වෙනස් අර්ථයක් ගන්නවා

      //ඔබතුමා මේ කියන පදනම් පාටමාලා ගැන ඔබ තුමා දන්නවද? ඒවා අපේ උසස් පෙළ තරම්ම හෝ ඊටත් වඩා ප්‍රමිතියක් තියන ඒවා. සාමාන්‍ය පෙළත් ඒ වගේ. ඔබතුමා කියන්නේ කොහොමද අපේ ඒ 3 ට තරම් ඒවාට ප්‍රමිතියක් නෑ කියලා.//

      විදේස් උපාධිවලට සුදුසුකම් ලබනවාය කියන පදනම් පාඨමාලා නම් ලංකාවෙත් තියනවා , ඒවා කරල ලංකාවේ විතරක් නෙවෙයි කෙලින්ම අදාල විශ්ව විද්‍යාල වලටම ඇතුල් වුනු අයත් මම දන්නවා , ඒ පාඨමාලා ලංකාවේ උසස් පෙල තරම් විෂය කොටසක් ආවරණය කරන්නේ නැහැ කොහොමටත් , අදාල විශයෙන් උපාධිය හදාරන්න පුලුවන් මූලික දැනුමක් ලබාදෙන එක තමයි කරන්නේ

      // ඒවා සමත් උනා කියන්නේ ඒ 3 ක් ගත්තා වගේ තමයි. //

      මේකත් හතර බිරි කථාවක් නේ , ඒවායෙන් පාස් වුනාම අපේ ඒ 3ට සමානයිලු ! .... ඒ පාඨමාලා වලත් ඒ, බි , සි රැන්ක් තියනවා , එතකොට ඒවා සමත් වුනාම ඒ 3 වගේ නම් , ඒවයින් ඒ සමාර්ථයක් ගන්න උන් ගැන මොකද කියන්නේ ? උන් අති -උත්තම ගනයේ දක්ෂතා තියන අයද එතකොට

      //හැබැයි ඒ ඔක්කොම රඳා පවතින්නේ ආචාර්ය වරු මත. ඔහොම තුන හතර පාරක් රිපීට් වෙනවා කියන්නේ ඔවුන්ට අමාරුවෙන් විභාග ටික ගොඩ දාගන්න පුළුවන් වෙනවා (හිතලා බලන්න අවු. 2 3 ක් එකම දේ කරනකොට ඕන මෝඩයෙක්ට ඒක පුළුවන්.) එහෙම අය එගොඩ කරන්න තමයි වි.වි. කාර්ය මණ්ඩලයත් උත්සාහ කරන්නේ. මොකද මෙච්චර කලක් ඒ සිසුවා වෙනුවෙන් වැය කල සම්පත්, ඔහුගේ අනාගතය ඔක්කොම අපතේ යන එක වලක්වන්න//

      කෝ මහත්තයෝ ඔය කියන රාජ්‍ය විශ්ව විද්‍යාල වල තියනවාය කියන ප්‍රමිතිය එහෙම නම් , විශ්ව විද්‍යාලයක අධ්‍යන ප්‍රතිපත්ති එක එක ආචාර්යවරයාට ඕනි විදිහට වෙනස් කරනවා නම් එතන තියන ස්ටැන්ඩර්ඩ් එක මොකක්ද ?

      //එහෙම අය අතරමගදී හැලේවි නේ කියලා ඔහු එතන ඇවිත් දෙලොවටම වැඩක් නැතුව අවුරුදු ගානක් නාස්ති කරන කාලය, මුදල් ගැන හිතලා බලන්න. එහෙම අයට ප්‍රවේශයට ඉඩ නොදෙන එකයි විසඳුම//

      කාලය ඔහුගේ , මුදල් ගෙවන්නේ ඔහු(මතකනේ අපි මේ කථා කරන්නේ මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලබා දීම ගැන , එස් 3 ගත්ත කෙනා ඉගෙන ගන්නේ සල්ලි දීලා ) ඉතින් අවස්ථාව දීමේ තියන ප්‍රශ්නය මොකක්ද ? අනික අපි කෙනෙක්ගේ දක්ෂතාවයන් ගැන පූර්ව නිගමන වලට එලඹිලා තීරණ ගන්න එක අයිතිවාසිකම් උල්ලංඝනයක් නෙවෙයිද ? අමතක කරන්න එපා රාජ්‍ය විශ්ව විද්‍යාලයකට යන්න බැරි වුනු කීර්තිමත් ඉංජිනේරුවන් ශ්‍රි ලංකාවෙත් ඉන්නවාය කියන එක , අනික ඔය විදිහට පූර්ව නිගමන වලට එලඹිලා කටයුතු කරන්න ගියොත් සාමාන්‍ය පෙල යන්තම් පාස් වෙච්ච එකාට උසස් පෙල කරන්න නොදී "උඹට මේක කරගන්න අමාරුයි, ගිහින් කුඹුරක් කොටාගෙන ජීවත් වෙයන් " කියලත් කියන්න වෙයි

      Delete
    21. //එහෙම වෙලා තියෙන්නේ ලංකාවේ අවශ්‍ය තරම් විශ්ව විද්‍යාල නැති නිසා බව තේරුම් යන්නේ නැද්ද//
      "අවශ්‍ය තරම්" කියන වචනේ ඔබ තුමාට අර්ථ දක්වන්න වෙයි. එතකොට මහත්තයා කියන්නේ එස් තුනක් තියන හැම කෙනාමත් ඇතුළුව ඔවුන්ට යන්න වි.වි. තියෙන්න ඕන කියලා...අනේ අවම සුදුසුකම හැටියට එස් තුනක් දාපු එකේ කිසිම නිග්‍රහයක් නැහැ. මොකද කීයටවත් ඔවුන්ට ඉංජිනේරු/වෛද්‍ය පීටය ට ප්‍රවේශ වෙන්න බැරි නිසා.

      //ඔබතුමා එස් 3 ගන්න ඔක්කොම කනා ගහන වුන් කියලා කථා කලාට මම එහෙම දෙයක් කීවේ නෑ ,එස් 3 ගන්න ඕනි තරම් අය ඉන්න පුලුවන් එහෙම නොවෙන//
      කවුරුවත් කිව්වේ නෑ එස් 3 ගන්න ඔක්කොම කණා ගහනවා කියලා. සමහර අය කණා ගහලා එස් 3 ගන්නවා. තව සමහර අය වැඩ නොකර එස් තුන ගන්නවා. තවත් අය වැඩ කරත්, නොහැකියාව නිසා එස් 3 ගන්නවා. කොයි විදියකින් එස් තුන ගත්තත් යම්කිසි නොහැකියාවක් එතන තියනවා.

      //ප්‍රවේශ විභාගයක් තියන්න කියන්නේ කාටත් සාධාරනය ඉටුවෙන්න//
      කාටත් සාධාරණය ඉටු වෙන්න ඕන නිසා තමයි උසස් පෙළ ලියන්න හැමෝටම අවස්තාව දීලා තියෙන්නේ. අවස්ථා 3 ක් දෙන්නෙත් ඒකයි. වෙනම ප්‍රවේශ විභාග තියන්නේ උසස් පෙලට එස් 3 ගත්ත අයට වැඩ පෙන්නන්නද? එහෙම වැඩ පෙන්නන්න ඕන අයට තමයි උසස් පෙළ ලියන්න තව අවස්ථා දීලා තියෙන්නේ..

      //විදේස් උපාධිවලට සුදුසුකම් ලබනවාය කියන පදනම් පාඨමාලා නම් ලංකාවෙත් තියනවා , ඒවා කරල ලංකාවේ විතරක් නෙවෙයි කෙලින්ම අදාල විශ්ව විද්‍යාල වලටම ඇතුල් වුනු අයත් මම දන්නවා //
      මේවාට උදාහරණ දුන්නොත් බොහොම හොඳයි. "ලංකාවේ විතරක් නෙමෙයි" කියන එකෙන් අදහස් වෙන්නේ උසස් පෙළ නැතුව මේ පාටමාලා කරලා ලංකාවේ වි.වි. වලට ඇතුල් වුනු අයත් ඉන්නවා කියලා. අන්න ඒ පාටමාලා සහ ඒවා මත පමණක් සිසුන් ඇතුලත් කරගත් ලංකාවේ වි.වි. වලට උදාහරණ දෙන්න බලන්න..

      //විශ්ව විද්‍යාලයක අධ්‍යන ප්‍රතිපත්ති එක එක ආචාර්යවරයාට ඕනි විදිහට වෙනස් කරනවා නම් එතන තියන ස්ටැන්ඩර්ඩ් එක මොකක්ද ? //
      දැන්වත් මහත්තයාට ඒක තේරුම ගිය එක හොඳයි..මෙහෙම දේවල් දැනටත් සිද්ධ වෙනවා. හැබැයි බොහොම කලාතුරකින්. මොකද ඇතුලට යන්නේ හැකියාව තියන අය විතරක් නිසා මෙහෙම අවස්ථා එනවා අඩුයි. හැබැයි ඔය කියන විදියට ඇතුලට යන්න ගත්තොත් අන්න එදාට ප්‍රමිතිය කැලේ. වැඩිය ඕන නැහැ. ඉන්දියාව උදාහරණෙට ගන්න.

      //කාලය ඔහුගේ , මුදල් ගෙවන්නේ ඔහු(මතකනේ අපි මේ කථා කරන්නේ මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලබා දීම ගැන//
      පරස්පර විරෝදී දේවල් කියන එක නවත්තන්න. පුද්ගලික වි.වි. පමණක් නෙමෙයි රජයේ වි.වි. උනත් තියනවනම්, එස් 3 අයත් ඉංජිනේරුවන් විය යුතුයි කියලයි ඔබතුමා මෙතෙක් වෙලා කිව්වේ.

      // අනික අපි කෙනෙක්ගේ දක්ෂතාවයන් ගැන පූර්ව නිගමන වලට එලඹිලා තීරණ ගන්න එක අයිතිවාසිකම් උල්ලංඝනයක් නෙවෙයිද //
      අපොයි නැහැ. එහෙම නිගමනවලට එළඹෙන්නේ පදනමක් ඇතුව. උසස් පෙළ තුන් පාරක් උත්සාහ කරලත් එතනින් එහාට යන්න බැරිනම් තවත් මොනවද එළඹෙන්න තියන නිගමන?

      //අමතක කරන්න එපා රාජ්‍ය විශ්ව විද්‍යාලයකට යන්න බැරි වුනු කීර්තිමත් ඉංජිනේරුවන් ශ්‍රි ලංකාවෙත් ඉන්නවාය කියන එක//
      උදාහරණ?
      (එක දෙයක් දැනගන්න. මේ විදියේ ඉතාම සුළුතරයක් ඉන්න පුළුවන්. හැබැයි එහෙම රජයේ වි.වි. යන්න නොලැබුණු හේතු මොනවද කියලා මුලින්ම බලන්න)

      //සාමාන්‍ය පෙල යන්තම් පාස් වෙච්ච එකාට උසස් පෙල කරන්න නොදී "උඹට මේක කරගන්න අමාරුයි, ගිහින් කුඹුරක් කොටාගෙන ජීවත් වෙයන් " කියලත් කියන්න වෙයි//
      සා.පෙ. යන්තම් පාස් වෙන අයට තමයි පහසුයි කියලා සම්මත උ.පෙ. විෂය ධාරාවන් තියෙන්නේ. එහෙම අය ව්ද්‍යාව, ගණිතය කරන්න ගියාම වෙන දේ දන්නවනේ. ඒ වගේ තමයි උ.පෙ. යන්තම් ගොඩ දාගන්න අයට කියන්න තියෙන්නෙත් මේ කතාවම තමයි.

      Delete
    22. //අවශ්‍ය තරම්" කියන වචනේ ඔබ තුමාට අර්ථ දක්වන්න වෙයි//
      අවශ්‍ය තරම් කියන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරිමට කැමති සියලු දෙනාටම යන්න ප්‍රමාණවත් තරම් විශ්ව විද්‍යාල තිබීම , ලංකාව හැර අනික් රටවල තියන විශ්ව විද්‍යාල පහසුකම් ප්‍රමාණය (අන්ත දිලිඳු රාජ්‍යන් හා විශ්ව විද්‍යාල නොමැති භූතානය වැනි රටවල් හැර )

      // නොහැකියාව නිසා එස් 3 ගන්නවා. කොයි විදියකින් එස් තුන ගත්තත් යම්කිසි නොහැකියාවක් එතන තියනවා.//

      මේකට ඉතින් මම මොනවා කිව්වත් ඔබතුමාලගේ මතය වෙනස් නොවෙන නිසා මොකුත් නොකිය ඉන්නම් . පොර මානසිකත්වය හා කුහක සිතුවිලි නැතිවේවා කියල පතනවා හැර මොනවා කියන්නද

      //මේවාට උදාහරණ දුන්නොත් බොහොම හොඳයි. "ලංකාවේ විතරක් නෙමෙයි" කියන එකෙන් අදහස් වෙන්නේ උසස් පෙළ නැතුව මේ පාටමාලා කරලා ලංකාවේ වි.වි. වලට ඇතුල් වුනු අයත් ඉන්නවා කියලා. අන්න ඒ පාටමාලා සහ ඒවා මත පමණක් සිසුන් ඇතුලත් කරගත් ලංකාවේ වි.වි. වලට උදාහරණ දෙන්න බලන්න//

      ඔය ඉතින් වලිගේ පාගගන්නවනේ උගත් බුද්ධිමත් ඒ 3 ගත්ත මහත්තයා , අපි පදනම් පාඨමාලාවලින් යනවා කිව්වේ පිටරට විශ්ව විද්‍යාල වලටනේ , ඔබතුමානේ කිව්වේ ඒවායේ ප්‍රමිතිය හොඳාය සමත් වුනත් අපේ ඒ 3 වගේ කියලා . පදනම් පාඨමාලා කොරලා ලංකාවේ විශ්ව විද්‍යාලෙකට යන කථාවක් ගාවගන්නේ මොකටද , මම කියන්නේ පදනම් පාඨමාලාවන් කරල විදේස් උපාධි ලංකාවේ ඉඳන් කරන අය ගැනයි , පදනම් පාඨමාලාවෙන් පස්සේ කෙලින්ම අදාල විදේස් විශ්ව විද්‍යාල වලට ගිය අය ගැනයි . දැන් පැහැදිලියිනේ , දැන් කලින් කමෙන්ට් එකෙ පදනම් පාඨමාලා ගැන කියල තියන එක ආයෙම කියවල බලන්න


      //පරස්පර විරෝදී දේවල් කියන එක නවත්තන්න. පුද්ගලික වි.වි. පමණක් නෙමෙයි රජයේ වි.වි. උනත් තියනවනම්, එස් 3 අයත් ඉංජිනේරුවන් විය යුතුයි කියලයි ඔබතුමා මෙතෙක් වෙලා කිව්වේ.//
      මොකක්ද පරස්පර විරෝධි කථාව ? මම මේ මුලු ලිපිය පුරාවටම කථා කලේ දැනට විශ්ව විද්‍යාලෙ යන්න බැරි අය වෙනුවෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල දැමිය යුතුයි කියන පදනමෙන් , මම එතනින් පිට ඉඳන් කථා කරපු එක තැනක් පෙන්වන්න . මට තේරුණා ඔබතුමා මේ තියන විශ්ව විද්‍යාල ඩිංගට එස් 3 ගත්ත අය දාන තැන ඉඳන් කථා කරනවා වගේ එකක් , ඒ කයි ආයෙමත් මතක් කලේ . දැනට තියන විශ්ව විද්‍යාල වලට සිසුන් ගැනීම පිලිබඳ ප්‍රශ්නයක් නෙවෙයි අපි මේ කථා කලේ , පුද්ගලික විශ්ව විද්‍යාල දැමීම ගැන ,මගේ හැ,තර්කයක්ම තියෙන්නේ ඒ පසුබිමේ ඔබතුමා පිලි පැන්නට මට කොරන්න දෙයක් නෑ , අඩුම තරමේ එස් 3 ගත්ත අයට ඉංජිනේරුවන් විය හැකිද කියන කථාවට පදනමක් වත් ලැබෙන්නේ ඔවුනට විශ්ව විද්‍යාලෙකට යන්න පුලුවන් පරිසරයක හෙවත් පෞදගලික විශ්ව විද්‍යාල තිබෙන වටපිටාවක ,ඒක තේරුම් නොගෙන මොරටුව විශ්ව විද්‍යාලයට ඒ 3න් නොගෙන එස් 3 උන් දාන්න කියනවා කියලා තේරුම් ගත්ත නම් කේන්ති යන එකත් සාධාරණයි .

      //අමතක කරන්න එපා රාජ්‍ය විශ්ව විද්‍යාලයකට යන්න බැරි වුනු කීර්තිමත් ඉංජිනේරුවන් ශ්‍රි ලංකාවෙත් ඉන්නවාය කියන එක//


      උදාහරණ? Vidyajyothi Dr. A.N.S. Kulasinghe The founder Chairman of the SEC

      මෙන්න මේ මහත්තයව අඳුරනව එහෙම ඇතිනේ

      තවත් මම පෞද්ගලිකව දන්න කියන පුද්ගලයෝ ඉන්නවා , ඒ අයගේ අනෙන්‍යතාවන් හෙලි කරන්න හැකියාවක් නෑ , හොයල බලන්න මුණ ගැහෙයි . ඔබතුමා තාම කැම්පස් නම් රස්සාවකට ගිය දවසක බොස් විදිහට මුන ගැහෙන්න විශ්ව විද්‍යාලයකට අඩියවත් නොතියපු ඩිප්ලෝමාවක් , අත්දැකීම් හා ඉංජේනේරු විභාග වලින් ඉංජිනේරු මහත්තයෙක් වුනු කෙනෙක් වෙන්නත් පුලුවන් , මෙහෙම ඉංජිනේරුවෙක් වුනු පලාතක නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු පොස්ට් එකක දරපු කෙනෙකුත් මතක් වෙනවා , කණගාටුයි නම් කියන්න බෑ (මගේ නමවත් හෙලි නොකර අනුන්ගේ නම් කියන්න බැනේ ) , රාජ්‍ය අංශයේ රැකියාවකට ගියෝත් නම් අනිවා මුනගැහෙයි

      Delete
    23. ඔබතුමාගෙයි මගෙයි විවාද්ය පටන් ගත්ත තැනදි මම දාපු කමෙන්ටුවක කොටසක් මේ

      // ලංකාවේ ඇතිවෙන්න විශ්ව විද්‍යාල පහසුකම් තිබුනා නම් ලංකාවෙත් ඒ අවම සුදුසුකම තියන අය ඉංජිනේරු උපාධියට යයි (ඔක්කොම ඉංජිනේරුවො වෙන්න දඟලන මානසිකත්වය නැති වෙලා , තමන්ට ගැලපෙන තමන් කැමති උපාධියක් තෝරගන්න තරමට ආකල්පත් වෙනස් වෙයි )//

      මේ ඔබතුමාගේ පලවෙනි කමෙන්ට් එකට දුන්න උත්තරේ , එතනදිත් මම කියලා තියනවා අවම සුදුසුකමෙන් ඉංජිනේරු උපාධියට යන්න ඇති වෙන්න විශ්ව විද්‍යාල තිබිය යුතුයි කියන එක . මම ඒ ස්ථාවරය කිසිම තැනකදි වෙනස් කරලා නෑ ,

      //පුද්ගලික වි.වි. පමණක් නෙමෙයි රජයේ වි.වි. උනත් තියනවනම්, එස් 3 අයත් ඉංජිනේරුවන් විය යුතුයි කියලයි ඔබතුමා මෙතෙක් වෙලා කිව්වේ.//

      මෙහෙම කෙහෙල් මලක් (එහෙම ඇඟවෙන යමක් හෝ )මම කොතනදිද කිව්වේ

      Delete
    24. මේ වගේ මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න යනවට අපිට ගහන්න ඕන...

      වලිගෙ පාගාගෙන දඟලන්නේ කවුද කියලා උඹේ කමෙන්ට් එක බැලුවම තේරෙනවා බුවා.

      //කැමති සියලු දෙනාටම යන්න ප්‍රමාණවත් තරම් විශ්ව විද්‍යාල තිබීම//
      ශා "කැමති හැමෝටම" යන්න වි.වි. තියන එක රටක් පුලුවන්නම් කියමු බලන්න.

      // මම මොනවා කිව්වත් ඔබතුමාලගේ මතය වෙනස් නොවෙන නිසා//
      මොනවා කියන්නද ඇත්ත කිව්වම...හීන මානසිකත්වය නැති වේවා කියලා පතනවා.

      //ඔය ඉතින් වලිගේ පාගගන්නවනේ උගත් බුද්ධිමත් ඒ 3 ගත්ත මහත්තයා , අපි පදනම් පාඨමාලාවලින් යනවා කිව්වේ පිටරට විශ්ව විද්‍යාල වලටනේ//
      බලමුකෝ එස් 3 ගත්ත බුද්ධිමත් මල්ලි කියන කතාව. තමන් ලියපු මෙන්න මේ වැකිය හොඳට කියවලා බලන්න." ඒවා කරල ලංකාවේ විතරක් නෙවෙයි කෙලින්ම අදාල විශ්ව විද්‍යාල වලටම ඇතුල් වුනු අයත් මම දන්නවා " මම ඔය මහත්තයට සිංහල කියල දෙන්න ඕන නැහැ නේද?

      කොහොම හරි කමක් නෑ. දැන් ඔබ කියන නිසා ඔය කියන පදනම් පාටමාලා කරලා ඇතුල් වුන විෂය විද්‍යාල මොනවද? ඒවා කිව්වොත් හොයල බලමු ඒ වි.වි. වල රෑන්ක්, ඒවාට ඒ රට තුල තියන ප්‍රමිතිය සහ ඒවා අපේ වි.වි. වලට ආසන්නයෙන්වත් ඉන්නවද කියන එක ගැන.

      // මම මේ මුලු ලිපිය පුරාවටම කථා කලේ දැනට විශ්ව විද්‍යාලෙ යන්න බැරි අය වෙනුවෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල දැමිය යුතුයි කියන පදනමෙන් , මම එතනින් පිට ඉඳන් කථා කරපු එක තැනක් පෙන්වන්න . මට තේරුණා ඔබතුමා මේ තියන විශ්ව විද්‍යාල ඩිංගට එස් 3 ගත්ත අය දාන තැන ඉඳන් කථා කරනවා වගේ එකක්//
      තමන්ම ලියපුවා ආපහු හොඳට කියවල බලන්න. පුද්ගලික වි.වි. විතරක් නෙමෙයි එස් තුනේ අයටත් යන්න පුළුවන් වෙන්න රජයේ වි.වි. ඇති කරන එකක් ගැනත් ඔබ තුමා කතා කරා. තමන්ම පීලි පැනගෙන අනුන්ට චෝදනා නොකරනවානම් තමයි හොඳ.

      සේරටම කලින් කියන්න Vidyajyothi Dr. A.N.S. Kulasinghe මහතාට කැම්පස් යන්න බැරි උන හේතුව? එස් 3 අරගෙන රිසල්ට් මදි වෙලාද? :))

      අනික අමතක කරන්න එපා මම කිව්වා බොහොම සුළුතරයක්(1% ටත් අඩු) පිට පාරෙන් ආපු අය ඉන්න පුළුවන් කියලා. ඒකෙන් ගම්‍ය වෙන්නේ නෑ කැම්පස් නොයන බහුතරයට මේ දේ පුළුවන් කියලා.

      //මෙහෙම කෙහෙල් මලක් (එහෙම ඇඟවෙන යමක් හෝ )මම කොතනදිද කිව්වේ//
      ඔය කෙහෙල් මල ඔය උගත් වැදගත් මහත්තයා ම කියපු දෙයක් තමයි. නැවත කියවන්න. රජයේ වි.වි. වැඩි කරලා සමත් වෙන හැමෝටම ඒවාට යන්න දෙන්න ඕන කතාවක් කිව්වේ නැද්ද.

      Delete
    25. //ශා "කැමති හැමෝටම" යන්න වි.වි. තියන එක රටක් පුලුවන්නම් කියමු බලන්න.//

      මෙතනත් සිංහල භාෂා ප්‍රශ්නයක් අල්ලගෙන වගේ මට පෙන්න තියෙන්නේ "කැමති හැමෝම " කියන වචනයක් කරගන්නේ නැතුව තේරුම් ගන්න පුලුවන් නම් හොඳයි , එහෙම නැතුව නොදන්න කම නම් තමන්ගේ පිරටකට ඉගෙන ගන්න යාලුවෙකුටවත් කථා කරල තත්වය තේරුම් ගන්න එකයි තියෙන්නේ

      //දැන් ඔබ කියන නිසා ඔය කියන පදනම් පාටමාලා කරලා ඇතුල් වුන විෂය විද්‍යාල මොනවද? ඒවා කිව්වොත් හොයල බලමු ඒ වි.වි. වල රෑන්ක්, ඒවාට ඒ රට තුල තියන ප්‍රමිතිය සහ ඒවා අපේ වි.වි. වලට ආසන්නයෙන්වත් ඉන්නවද කියන එක ගැන//

      හොඳ ප්‍රශ්නයක් - පලවෙනි උදාහරණය ඕස්ට්‍රේලියාවේ මොනැෂ් විශ්ව විද්‍යාලය ..එකේ රැන්ක් එක ගැන දන්නවා ඇතිනේ , ඊලඟට මෙන්න මේ(http://www.webometrics.info/details.asp?univ=ecu.edu.au)

      විශ්ව විද්‍යාලය (ලින්ක් එකේ තියනවා රැන්කින් ) ,

      අපේ රටේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල රැන්කින් තමයි මේ - http://www.webometrics.info/rank_by_country.asp?country=lk

      එතකොට බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාල සැහෙන ප්‍රමාණයකුත් ඔයිට වඩා ඉහල බව තේරුම් යන්න ඕනි

      //පුද්ගලික වි.වි. විතරක් නෙමෙයි එස් තුනේ අයටත් යන්න පුළුවන් වෙන්න රජයේ වි.වි. ඇති කරන එකක් ගැනත් ඔබ තුමා කතා කරා.//

      අලුතෙන් ඇති කරනවා කියන්නේ තියන පහසුකම් වැඩි කිරීමක්නේ කොහොමටත් , නමුත් මම එහෙම දෙයක් කථා කරලා නෑ , විශේෂයෙන්ම රජය සියලුම උසස් පෙල සමතුන්ට නොමිලේ ඉගැන්විය යුතුයි කියලා මම කියන්නේ නෑ ,රජය විසින් මුදල් අය කරලා ඉගැන්විම පිලිබඳව තමයි කථා කලා නම් . කොහොමටත් ඔය වගේ කාරණා මෙතනදි කථා කලේ නැහැනේ

      මම රාජ්‍ය විශ්ව විද්‍යාල සම්බන්ධ කල එකම තැන අර රිපිට් වීම සම්බන්ධව පමණයි , ඒ ඔබතුමා දිගින් දිගටම රිපිට් වෙලා ගොඩයන්න පුලුවන් කියන කථාව කිව්වා පෞද්ගලික අංශයේ නම් දැනටත් එහෙම නොවෙන බව පෙන්වන්න

      //මම කිව්වා බොහොම සුළුතරයක්(1% ටත් අඩු) පිට පාරෙන් ආපු අය ඉන්න පුළුවන් කියලා. ඒකෙන් ගම්‍ය වෙන්නේ නෑ කැම්පස් නොයන බහුතරයට මේ දේ පුළුවන් කියලා. //

      ඔය ප්‍රතිශත ගණන් හොයාගත්තේ කොහෙන්ද ? ලංකාවේ ඉන්න සමස්ථ තොරතුරු තාක්ෂනික වෘත්තිකයන්ගේන් වැඩි ප්‍රතිශතය රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් ආපු අයද , වෙනත් මාර්ග වලින් ආපු අයද ?

      අනික දැනට පිට පාරකින් ආපු ප්‍රමාණය ඉතාම සුලු වෙන්නේ හේතුව ඔවුන්ට අවස්ථාවන් අවම වීම ,මීට දශක දෙකකට කලින් කාලයේදී එහෙම අවස්ථා තිබුනේ ඉතාම අල්ප වශයෙන් , උසස් පෙල අඩු සාමාර්ථ ගන්න අයට එන්න තියන පාරවල් වහලා දමලා කෝ 1%ක් වත් ආවේ නෑ කිව්වාම හරියනවද ? පෞද්ගලික විශ්ව විද්‍යාල දාලා ඔවුන්ටත් අවස්ථාව දීපල්ලා කියලා අපි කියන්නේ ඒකයි . එතකොට බලන්න පුලුවන් ඒ 3 ගත්ත අය වගේම එස් 3 ගත්ත අය එකම ක්ෂේත්‍රයේදී තරඟකාරිව හමුවෙයි , එස් 3 ගත්ත උන් අදක්ෂ නම් ඒ3 ගත්ත අයත් එක්ක තරඟ කරගන්න බැරි වෙයි නේ

      Delete
    26. http://www.webometrics.info/Distribution_by_Country.asp

      ලෝකේත් එක්ක අපි කොතනද ඉන්නේ කියල මෙතනිනුත් අදහස්ක් ගන්න පුලුවන් වෙයි ,

      Delete
    27. //එහෙම නැතුව නොදන්න කම නම් තමන්ගේ පිරටකට ඉගෙන ගන්න යාලුවෙකුටවත් කථා කරල තත්වය තේරුම් ගන්න එකයි තියෙන්නේ//
      පිටරට ඉන්න යාලුවොන්ගෙන් අහන්න මට ඕන කමක් නැහැ. මොකද මම ඉගන ගන්නෙත් පිටරට නිසා. ඔබතුමා ලිඳේ ඉන්න මැඩියා වගේ පිටරට කරන්නන් වාලේ කරන්න හැදුවට අපේ රටේ තියන අනිත් හැම තත්ත්වයක්ම ඒ රටවල වගේ නෙමෙයි කියන එක තේරිලා නෑ. මේවයේ කැම්පස් නොගිය අයට වෙනත් ඕන තරම් මාර්ග තියනවා. කැම්පස් යන්න පොරයක් ඒවායේ නැහැ. ඒ වගේම මම කිව්වා සමත් කරන ලකුණට අපිට වඩා ප්‍රමිතියක් තියනවා කියලා. එහෙම අය කැම්පස් ගියාට යන්නේ නියම සුදුසුකම් ඇතුව.

      ඔබතුමා දන්නවද ඔය දීලා තියන රෑන්කින් හදන හැටි? ඔය රෑන්ක් වලින් කවදාවත් ගුණාත්මක බව විතරක් පෙන්නන්නේ නැහැ. මුලින්ම රෑන්ක් කරන හැටි දැනගෙන ඉන්න. රෑන්ක් දෙද්දී ආයතනයේ ප්‍රමාණාත්මක (විශාලත්වය ආදී), පහසුකම්, වත්කම් ප්‍රමාණය මේ හැම දෙයක්ම බලපානවා. ඔය විදියේ වර්ල්ඩ් රෑන්ක් එකකින් කවදාවත් ප්‍රමිතිය මනින්න බැහැ. තමන්ගේ රටේ දේවල් අවතක්සේරු කරන්න කලින් පොඩ්ඩක් හිතන්න.

      //අලුතෙන් ඇති කරනවා කියන්නේ තියන පහසුකම් වැඩි කිරීමක්නේ කොහොමටත් , නමුත් මම එහෙම දෙයක් කථා කරලා නෑ ,//
      නිකන් බොරු කියන්න එපා මිස්ටර්

      //ලංකාවේ ඉන්න සමස්ථ තොරතුරු තාක්ෂනික වෘත්තිකයන්ගේන් වැඩි ප්‍රතිශතය රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් ආපු අයද//
      අහා ඔය එන්නේ පොයින්ට් එකට..තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට පිට පාරෙන් එන අය තමයි මුලින්ම අඩු පඩියට කම්පැනි වලට යන්නේ. බොහෝ දුරට වර්ටුසා එකට. එහෙම කරලත් රජයේ. වි.වි වලින් එන අයට ඒ ක්ෂේත්‍රයේ තියන තැන සහ අනිත් අයට තියන තැන ඔබ තුමා දන්නේ නැහැ වගේ. පිටින් එන අය වැඩියි තමයි. මොකද රජයේ වි.වි. වලින් රැකියා බහුල ඒ ක්ෂේත්‍රයට පිට වෙන්නේ ගොඩක් අඩු ප්‍රමාණයක්.

      //එස් 3 ගත්ත උන් අදක්ෂ නම් ඒ3 ගත්ත අයත් එක්ක තරඟ කරගන්න බැරි වෙයි නේ//
      ඒක තමයි කිව්වේ. තරඟ කරන එක නෙමෙයි ප්‍රශ්නේ. ඔය වගේ ඉංජිනේරුවෝ හරි දොස්තරලා හරි බිහි උනාම ඒකෙන් රටට වෙන හානිය. දැනට තියන ප්‍රමිතියට වෙන හානිය. මිනිස්සුන්ට වෙන්න පුළුවන් හානිය...

      Delete
    28. //ඔබතුමා දන්නවද ඔය දීලා තියන රෑන්කින් හදන හැටි? ඔය රෑන්ක් වලින් කවදාවත් ගුණාත්මක බව විතරක් පෙන්නන්නේ නැහැ. මුලින්ම රෑන්ක් කරන හැටි දැනගෙන ඉන්න. රෑන්ක් දෙද්දී ආයතනයේ ප්‍රමාණාත්මක (විශාලත්වය ආදී), පහසුකම්, වත්කම් ප්‍රමාණය මේ හැම දෙයක්ම බලපානවා. ඔය විදියේ වර්ල්ඩ් රෑන්ක් එකකින් කවදාවත් ප්‍රමිතිය මනින්න බැහැ.//


      ඔබතුමා මනේ රැන්කින් ගැන කථාව ඇඳලා ගත්තේ , කෝ මොනවද ඔය විශ්ව විද්‍යාල , රැන්කින් වලින් අහලකින් වත් ඉන්නවද කියල බලමු කිව්වේ මමද ? එතකොට කව්ද රැන්කින් වලින් ප්‍රමිතිය මනින කථාව කලේ මමද ඔබද ? , ඉල්ලුව නිසා උදාහරණයි , රැන්ක් එකයි දුන්නා මිසක් මම ඉදිරිපත් කරපු කථාවක් නෙවෙයි ඕක .

      100%ක් හරි නැතත් යම් අදහසක් ඔය රැන්කින් වලින් ගන්න පුලුවන් , එහෙම නොවෙයි නම් ඉතින් ඔය රැන්ක් කිරිල්ල මෙලහකට නතර කරල දාලනේ

      //නිකන් බොරු කියන්න එපා මිස්ටර්//

      බොරු නම් මම බොරු කිව්ව බව ඔප්පු කරන්න ඕනි

      //පිටින් එන අය වැඩියි තමයි. මොකද රජයේ වි.වි. වලින් රැකියා බහුල ඒ ක්ෂේත්‍රයට පිට වෙන්නේ ගොඩක් අඩු ප්‍රමාණයක්//

      ඔන්න කථාව , ඔබතුමා දන්නවා ඇතිනේ තොරතුරු තාක්ෂනික වෘත්තිකයන් බහුතරයක් අයිති වෙන්නේ ඉංජිනේරු වෘත්තිකයන් ගණයට , එතකොට මෙතනදි ඔබතුමාම පිලිගන්නවා වෙන පාරවල් වලින් එන අය වැඩියි කියලා , එතකොට ඔබතුමාම කියපු 1% කථාව බොරුවක් වෙනවා , මොකද ඔය පිට පාරෙන් එන අය අතර එස් 3 කට්ටිය විතරක් නෙවෙයි එස් 3 වත් නැති අයත් ඉන්නවා

      තරඟකාරිත්වය නිසා අඩු පඩියට ඔය කිව්ව ආයතනයට යන අය ඉන්නවා තමයි , ඒ වගේම ඉහල පඩි දෙන ආයතනවලට කෙලින්ම යන්න චාන්ස් එක ගත්ත අයත් ඉන්නවා , නැත්තේ නෑ . තෝරාගත් රජයේ විශ්ව විද්‍යාල දෙක තුනකින් විතරක් උපාධිධාරින් බඳවා ගන්න ආයතන දෙක තුනේ වුනත් අත්දැකීම් සහිත පලපුරුදු වෘත්තිකයො ගනිත්දි ඉගෙන ගත්ත ආයතනය මොකක්ද කියල හොයන්නේ නෑ . ඒ වගේම තමයි අඩු පඩියට රැකියාවලට ගිය අය වුනත් තමන්ගේ වෘත්තියේ රැඳිලා ඉන්නවා , ඒ අය ආපු ආයතන වලින් තවමත් පෞද්ගලික අංශයේ සමාගම් රැකියා වලට බඳවා ගන්නවා , එස් 3 (හෝ එස් 3ත් නැති ) පිට පාරෙන් ආපු අය අදක්ෂයින් නම් , ඒ අය ආපු ආයතන මේ වෙනකොට වැටිලා තියෙන්න ඕනි තමන්ගේ උපාධිදාරින්ට ඉල්ලුමක් නැතිවීම නිසා . එහෙම දෙයක් අපිට නම් පේන්න නෑ

      මේ ලඟදි මගේ මිත්‍රයෙක් බොහොම ප්‍රසිද්ධ මෘදුකාංග සමාගමක පුහුණුවට ගියා , ඒ 3න් කැම්පස් ගිය ඔහු වැඩ කලේ(පුහුණු කාලයෙදි ) ඊට වසර කිහිපයකට කලින් ඒ මිත්‍රයගේ පාසලෙන්ම අවුට් වුනු , උසස් පෙල අසමත් වෙලා බොහොම ප්‍රසිද්ධ අර්ධ-රාජ්‍ය ආයතනයක ඉගෙන ගත්ත කෙනෙක් යටතේ .

      Delete
    29. //100%ක් හරි නැතත් යම් අදහසක් ඔය රැන්කින් වලින් ගන්න පුලුවන් , එහෙම නොවෙයි නම් ඉතින් ඔය රැන්ක් කිරිල්ල මෙලහකට නතර කරල දාලනේ //

      ඔව් යම් අදහසක් ගන්න තමයි ඔය මහත්තයා මෙතන දාලා තියන රෑන්කින්ස් තියෙන්නේ. ඒ ගන්න පුළුවන් යම් අදහස ගැන නෙමෙයි මම ප්‍රමිතිය කියලා කතා කලේ. මම රෑන්ක් එක කියලා අදහස් කලේ ගුණාත්මක බාවය. එහෙම නැතුව තරු පහේ හෝටල්වලට තරු දෙනවා වගේ දීපු මේ වර්ල්ඩ් රෑන්ක් එක ගැන නෙමෙයි. ඔබතුමා දන්නවද මේ රෑන්ක් එක හදන්න ආයතනයේ ලැබ් ගණන, ප්‍රවර්ග ගණන, ස්විමිං පූල් ගණන වගේ දේවලුත් ගොඩක් වෙලාවට සලකනවා කියලා. ඒ අනුව මේකෙන් ප්‍රමිතිය ගැන ගන්න පුළුවන් අදහස බොහොම අඩුයි. ලංකාව ඇතුලේ විතරක් ගත්තත් ප්‍රමිතිය සම්බන්ධයෙන් ඔය ලැබිලා තියන අගයන් වැරදි බව හොඳට බැලුවොත් පෙනේවි.

      //බොරු නම් මම බොරු කිව්ව බව ඔප්පු කරන්න ඕනි//
      බොරු කිව්ව බව තමයි කලිනුත් ඔප්පු කලේ. එස් 3 අයටත් යන්න වි.වි. පහසුකම් දෙන්න ඕන කතාවක් කියලා පස්සේ කියනවා එහෙම කිව්වේ නැතිලු. ප්‍රශ්නයක් දිහා විවෘතව බලන්න බැරි කෙනාට කොච්චර ඔප්පු කරත් ඔච්චර තමයි...

      //ඔබතුමා දන්නවා ඇතිනේ තොරතුරු තාක්ෂනික වෘත්තිකයන් බහුතරයක් අයිති වෙන්නේ ඉංජිනේරු වෘත්තිකයන් ගණයට//
      ඔබ කියන්නේ සාමාන්‍ය ඩිවලොපර් කෙනෙකුත් ඉංජිනේරුවෝ කියලද? :)) ඒකෙන්ම පේනවා ඔබේ දැනුමේ තරම.

      // එතකොට මෙතනදි ඔබතුමාම පිලිගන්නවා වෙන පාරවල් වලින් එන අය වැඩියි කියලා , එතකොට ඔබතුමාම කියපු 1% කථාව බොරුවක් වෙනවා//
      මම 1% කතාව කිව්වේ ඉංජිනේරුවන් සම්බන්ධයෙන්..හතු පිපෙනවා වගේ පිපෙන ඩිවලොපර්ස් ලා ගැන නෙමෙයි.

      //මොකද ඔය පිට පාරෙන් එන අය අතර එස් 3 කට්ටිය විතරක් නෙවෙයි එස් 3 වත් නැති අයත් ඉන්නවා //
      සිරාවටම???? හි හි....කියමු බලන්න ඒ වගේ අය බඳවා ගත්ත ආයතන මොනාද කියලා. පුද්ගලික වි.වි. දැම්මත් ඔන්න ඔය කල තමයි යන්නේ. දැන් ඔබ කියන්න හදන්නේ පුද්ගලික වි.වි. වලට ඇතුළු වෙන්න එස් 3 වත් ඕන නැහැ කියලනේ.

      //තරඟකාරිත්වය නිසා අඩු පඩියට ඔය කිව්ව ආයතනයට යන අය ඉන්නවා තමයි//
      ඔව් ඒක තමා මමත් කිව්වේ. එහෙම අඩු පඩියට නොගියානම් එයාලව බඳවා ගන්න ආයතන සූදානම් නැහැ.

      //අත්දැකීම් සහිත පලපුරුදු වෘත්තිකයො ගනිත්දි ඉගෙන ගත්ත ආයතනය මොකක්ද කියල හොයන්නේ නෑ//
      ඔව් මේක හරි. මෙහෙම අවස්ථා ලැබෙන්නේ හොඳම වැඩ කාරයෙකුට පමණයි. ඒ වගේම එහෙම අවස්ථා ඉතාමත් අල්පයි. මම කතා කරන්නේ බහුතරය ගැන.

      // ඒ අය ආපු ආයතන මේ වෙනකොට වැටිලා තියෙන්න ඕනි තමන්ගේ උපාධිදාරින්ට ඉල්ලුමක් නැතිවීම නිසා . //
      මෙහෙම දේවල් වෙනවා කියලා මහත්තයා නොදන්නා එක පුදුමයක් නෙමෙයි. ඔබතුමා දන්නවද virtusa එකෙන් අවස්ථා ගානකදිම සිය ගණන් සේවකයින් අයින් කරා කියලා? ඒ වතාවල එහෙම අයින් වෙලා යන්න උනෙත් ඔය කියන පිට පාරෙන් ආපු අයට තමයි.

      //මේ ලඟදි මගේ මිත්‍රයෙක් බොහොම ප්‍රසිද්ධ මෘදුකාංග සමාගමක පුහුණුවට ගියා , ඒ 3න් කැම්පස් ගිය ඔහු වැඩ කලේ(පුහුණු කාලයෙදි ) ඊට වසර කිහිපයකට කලින් ඒ මිත්‍රයගේ පාසලෙන්ම අවුට් වුනු , උසස් පෙල අසමත් වෙලා බොහොම ප්‍රසිද්ධ අර්ධ-රාජ්‍ය ආයතනයක ඉගෙන ගත්ත කෙනෙක් යටතේ//

      ඉන්ටර්න් කෙනෙක්වයි, ඊට වඩා අවුරුදු ගානක් පළපුරුද්ද තියන කෙනෙක්වයි සසඳන්න හදන ඔබ ඉන්නේ මොන වගේ මානසිකත්වයකද කියලා මටනම් තේරෙන්නේ නෑ. ඔය ඉන්ටර්ටන් කැම්පස් එකෙන් අවුට් වෙලා ඉන්ඩස්ට්‍රිය ට යනකන් එයාට අවස්තාව ලැබෙන්නේ නෑ අනිත් කෙනාගේ මට්ටමට එන්න. ඒත් ඊට පස්සේ ඔහුගේ ගමන ගැන ඔබ දන්නෙත් නැහැ අර ප්‍රධානියා දන්නෙත් නැහැ.

      Delete
    30. //ඔව් යම් අදහසක් ගන්න තමයි ඔය මහත්තයා මෙතන දාලා තියන රෑන්කින්ස් තියෙන්නේ. ඒ ගන්න පුළුවන් යම් අදහස ගැන නෙමෙයි මම ප්‍රමිතිය කියලා කතා කලේ.//

      ඔය වගේ සම්මත රැන්කින් ඒකකින් මිසක් රටවල් දෙකක විශ්ව විද්‍යාල සංසන්දනය කරන්නේ කොහොමද ? ඒ වගේම අපේ රටේ විශ්ව විද්‍යාල වල පහසුකම් ප්‍රමාණය අඩුබව ඔබතුමාත් පිලිගන්නවනේ , ඔය ස්විමින් පූල් විතරක් නෙවෙයි නේ නිර්නායක කොච්චර තියනවද ඕවට භාවිතා කරන , විශේෂයෙන්ම අධ්‍යාපනික ගුණාත්මක බව මනින නිර්නායකත් කොච්චර තියනවද , ඔය රැන්කින් වැරදි නම් ඔබතුමාගේ ක්‍රමයකට සංසන්දනය කරගන්න හැබැයි අපිට ඒවා පිලිගන්න කියල බලකරන්න එපා

      //බොරු කිව්ව බව තමයි කලිනුත් ඔප්පු කලේ. // කොහෙද මහත්තයො ඔප්පු කලේ , මම කියපු දේවල් උපුටල අරන් පෙන්වන්න බොරු කියපු තැන්

      //ඔබ කියන්නේ සාමාන්‍ය ඩිවලොපර් කෙනෙකුත් ඉංජිනේරුවෝ කියලද? :)) ඒකෙන්ම පේනවා ඔබේ දැනුමේ තරම. //

      ඩිවලපර් කියන තනතුර භාවිතා වෙන්නේ බොහොම අල්ප වශයෙන් , ට්‍රෙනි /ඇසෝසියේට් /ජුනියර් සොෆ්ට්වෙයා ඉංජිනියර් තනතුරට තමයි අලුත් අයව ගන්නේ බහුතරයක් ආයතන . ඉංජිනේරුවන් විදිහට ඒ අයව තනතුරු නාමයෙන් හඳුන්වලා තියෙන්නේ . ලංකාවේ තත්වය නම් මම දන්නේ නෑ , එත් බ්‍රිතාන්‍ය ඉංජිනේරු කවුන්සිලයේ හා බ්‍රිතාන්‍ය පරිඝනක සංගමයේ සම්ප්‍රදායන් අනුව මෘදුකාංක ඉංජීනේරුවන් "ඉංජිනේරු" වෘත්තිකයන් විදිහට තමයි සලකන්නේ . ඒ වගේම මොරටුවෙන් එන අයත් බඳවා ගන්න තනතුරු නාම ඕවා තමයි , ඔය ඔබ නම් කරන ආයතනයේත් ට්‍රේනින් එකෙන් පස්සේ බඳවා ගන්නේ ඇසෝසියේට් සොෆ්ට්වෙයා ඉංජිනියර් තනතුරට . ඩිවලපර් කියල නොදා ඉංජිනේරු කැල්ලක් ගාව ගත්තේ ඇයි කියල ඒ අයගෙන්ම තමයි අහගන්න වෙන්නේ

      //එහෙම අඩු පඩියට නොගියානම් එයාලව බඳවා ගන්න ආයතන සූදානම් නැහැ. //


      ආ .. ඇත්තද , එතකොට කොලඹ විශ්ව විද්‍යාලයේ කට්ටියත් ඔය අඩු පඩි තැන් වල රස්සාවලට බැඳෙන්නේ ඒකද ? වැඩි පඩි දෙන කිසිම ආයතනයක් , පෞද්ගලික ආයතන වලින් එන කිසිම කෙනෙක්ව රැකියා වලට ගන්නේ නැ කියල වගකීමෙ න් කියන්න පුලුවන්ද ?

      එතකොට සමහර වැඩි පඩි දෙන ආයතන , ඒ පෞද්ගලික ආයතන වලටම ගිහින් වැඩමුලු , දේශන තියලා ඉන්ටර්න්ශිප් දෙන ඒවා එහෙම සිද්ධවෙන්නේ කොහොමද දන්නේ නෑ

      // ඒ වගේම එහෙම අවස්ථා ඉතාමත් අල්පයි//

      ඔබතුමා කොහොමද අල්පයි කියන්නේ , මොකෝ සමික්ෂනයක්වත් කලාද ?

      //මෙහෙම දේවල් වෙනවා කියලා මහත්තයා නොදන්නා එක පුදුමයක් නෙමෙයි. ඔබතුමා දන්නවද virtusa එකෙන් අවස්ථා ගානකදිම සිය ගණන් සේවකයින් අයින් කරා කියලා?//

      ඔය සිදුවීම මම දන්නවා , මගේ ඥාතියෙකුත් එක් අවස්ථාවක එලියට විසිවුනා , පොර නම් ඉගෙන ගත්තේ රාජ්‍ය විශ්ව විද්‍යාලයක . මිනිස්සු එලියට දාන කොට ආපු තැන බැලුවා නම් ඉතින් ඔහු එලියට විසි වෙන්නේ නෑ . මම ආයතන කඩා වැටෙනවාය කිව්වේ අධ්‍යාපන ආයතන ගැන . මොකද දිගින් දිගටම ඒ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වලින් එලියට එන රැකියාවලදි අසාර්ථක නම් , ඒ අධ්‍යාපන ආයතනවලින් එන අයව රැකියා වලට බඳවා ගැනීම අඩුවෙනවා , ඒහෙම අධ්‍යාපන ආයතනයක් ඉන්ඩස්ට්‍රය් එකේ බ්ලැක් ලිස්ට් වුනොත් ඒකට ඉගෙන ගන්න එන ළමයි ප්‍රමාණයත් අඩුවෙලා යනවා , එහෙම තත්වයක් උදා කරනොගත්ත දශකයකට වැඩි කාලයක් තිස්සේ කටයුතු කරගෙන යන පෞද්ගලික ආයතන ලංකාවේ තියනවා

      //සිරාවටම???? හි හි....කියමු බලන්න ඒ වගේ අය බඳවා ගත්ත ආයතන මොනාද කියලා. පුද්ගලික වි.වි. දැම්මත් ඔන්න ඔය කල තමයි යන්නේ.//

      අර්ධ රාජ්‍ය පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන දෙකෙන් අකුරු 5 නම තියන එකේ උසස් පෙල නැති අයට අවුරුදු තුනක උපාධියක් තියෙයි , අනිත් එකේ සහතික පත්‍ර පාඨමාලාවෙන් පටන් ගන්න පුලුවන් . ඉතුරු පෞද්ගලික ආයතන වල පදනම් පාඨමාලා තියෙයි . ඔය ආයතන වලින් එලියට එන අනික් මිනිස්සු යන තැන් වලටම උසස් පෙල නැති අයත් යනවා ඇති . මම දන්න එක් පුද්ගලයෙක් සාමාන්‍ය පෙලින් පස්සෙ කෙලින්ම පදනම් පාඨමාලාවක් හරහා ඔය උපාධියක් කරලා පලමු පන්ති සමාර්ථයක් අරන් සමත් වුනා , කෙලින්ම රැකියාවට ගියේ ඉහල වැටුප් දෙන ජනප්‍රිය ආයතනයක (පොර කීව විදිහට අදාල අධ්‍යාපන ආයතනය හරහාම අවස්ථාව ලැබුනෙත් ) , මේ වෙනකොට නම් කෙනා ලංකාවෙත් නෑ . පොරත් එක්කම උපාධිය කරන්න ගිය යාලුවා තවමත් ලංකාවේ වෙනත් ජනප්‍රිය ආයතනයක වැඩ මම දන්න තරමින්. ඔය වගේ චරිත තව ඇති ,

      //ඉන්ටර්න් කෙනෙක්වයි, ඊට වඩා අවුරුදු ගානක් පළපුරුද්ද තියන කෙනෙක්වයි සසඳන්න හදන ඔබ ඉන්නේ මොන වගේ මානසිකත්වයකද කියලා මටනම් තේරෙන්නේ නෑ.//

      ඉන්ටර්න් ව අර පලපුරුදු කෙනාට සංසන්දනය කලා නෙවෙයි , මම මතුකරන්න උත්සාහ කලේ ඔබ ඔය කියන වැඩි වැටුප් තියන හොඳ සමාගම් වලට පිට පාරවලින් එන අයටත් යන්න පුලුවන්ය එහෙම ගිහින් තියනවාය කියන එක , ඉන්ටර්න් ගිය කෙනා අතිදක්ෂයෙක් සැකයක් නෑ කවද හරි ඔහු සැහෙන හොඳ ගමනක් යයි , නමුත් අර පලපුරුදු කෙනා ඊටත් ඉදිරියට ගිහින් තියේවී . ඔවුන්ගේ උසස් පෙල ප්‍රතිඵලය අනුව නෙවෙයි වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය තීරණය වෙන්නේ , අන්න එතනයි මට මතුකරන්න අවශ්‍ය කාරණය

      Delete
    31. //ඒ වගේම අපේ රටේ විශ්ව විද්‍යාල වල පහසුකම් ප්‍රමාණය අඩුබව ඔබතුමාත් පිලිගන්නවනේ//
      ඔව් පිලිගන්නවා තමයි. කවුද නෑ කිව්වේ.
      //විශේෂයෙන්ම අධ්‍යාපනික ගුණාත්මක බව මනින නිර්නායකත් කොච්චර තියනවද //
      එකක් දෙකක් කියනවද?
      //ඔය රැන්කින් වැරදි නම් ඔබතුමාගේ ක්‍රමයකට සංසන්දනය කරගන්න හැබැයි අපිට ඒවා පිලිගන්න කියල බලකරන්න එපා//
      ඔව්..ගුණාත්මක බාවය මනින්න මේ රෑන්කින් විතරක් යොදා ගන්න බැහැ. ඔබතුමා ඒවා පිළිගන්න ඕන නැහැ. හැබැයි ඔබතුමා ගේ මත පිළිගන්න කියලා අනිත් අයට බල කරන්නත් එපා.

      //කොහෙද මහත්තයො ඔප්පු කලේ//
      මේ කොටස කියවල බලන්න.
      //එතනදිත් මම කියලා තියනවා අවම සුදුසුකමෙන් ඉංජිනේරු උපාධියට යන්න ඇති වෙන්න විශ්ව විද්‍යාල තිබිය යුතුයි කියන එක//
      මේ කියන විදියට එස් 3 තියන අයටත් වි.වි. ඇති තරම් තියෙන්න ඕනලු. පස්සේ කියනවා, සල්ලි දීලා යන්න පුද්ගලික වි.වි. තියෙන්න ඕන කියලා විතරලු කිව්වේ.

      //ඉංජිනේරුවන් විදිහට ඒ අයව තනතුරු නාමයෙන් හඳුන්වලා තියෙන්නේ//
      තනතුරු නාමය සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් බව මම දන්නවා. පිටරටින් ආපු තනතුරු නාම ඒ විදියටම වැළඳ ගත්තට ඔබ හිතනවද මෙහෙ පුද්ගලික ආයතන වලින් පිට වෙන ඩිවලොපර්ස් ලා ඉංජිනේරුවෝ කියලා? "Computer science & Engineering" කරානම් අන්න ඔහු ඉංජිනේරුවෙක්. ඔය ආයතන වල course content එක ඔබ දැකල තියනවද? ඒවායේ තියෙන්නේ "Computer science". මූලික ඉංජිනේරු විෂයයන් (හැම ඉංජිනේරු ක්ෂේත්‍රයකටම පොදු ඒවාත් ඇතුළුව) වත් ඒවායේ කෙරෙන්නේ නැහැ.

      //ඩිවලපර් කියල නොදා ඉංජිනේරු කැල්ලක් ගාව ගත්තේ ඇයි කියල ඒ අයගෙන්ම තමයි අහගන්න වෙන්නේ//
      ඔව් දැන් මහත්තයට තේරෙනවා ඇති ඒක ඒ අයගෙන්ම තමයි අහන්න වෙන්නේ කියලා..

      //ආ .. ඇත්තද //
      ඔව් ඇත්ත. නැත්නම් ඇයි එයාලා අඩු පඩියට ගන්නේ? මොරටුවේ අයට සමාන පඩියක් දෙන්න තිබුනනේ.

      //ඔබතුමා කොහොමද අල්පයි කියන්නේ , මොකෝ සමික්ෂනයක්වත් කලාද ?//
      ඔබතුමා කොහොමද කියන්නේ බහුලයි කියලා, මොකෝ සමික්ෂනයක්වත් කලාද ?

      //මිනිස්සු එලියට දාන කොට ආපු තැන බැලුවා නම් ඉතින් ඔහු එලියට විසි වෙන්නේ නෑ//
      මිනිස්සු එලියට දාද්දි ආපු තැන බැලුවා කියල නෙමෙයි මම කිව්වේ. ඒ ඉවත් කිරීම් කරේ දක්ෂතාවය මැනලා. එහෙම ඉවත් වුනු කණ්ඩායම් වලට අහු උනේ එහෙම තැන් වලින් ආපු අය.
      නෑ ඒ අධ්‍යාපන ආයතන වැටෙන්නේ නැත්තේ අඩු පඩියට වැඩට ගන්න කම්පැනි වලට ඩිවලොපර්ස් ලා ඕන නිසා.

      අනිත් එක, මතක තියාගන්න ඔබතුමා පුද්ගලිකව දන්නවා කියන චරිත කතා පිළිගන්න අපිට කිසිම සාධකයක් නැති බව.

      //ඉන්ටර්න් ගිය කෙනා අතිදක්ෂයෙක් සැකයක් නෑ කවද හරි ඔහු සැහෙන හොඳ ගමනක් යයි , නමුත් අර පලපුරුදු කෙනා ඊටත් ඉදිරියට ගිහින් තියේවී//
      ඔව්, ඔය දෙකම වෙන්න පුළුවන්. හැබැයි අර ප්‍රධානියා ඉදිරියට යන්නේ ඔහුගේ අවුරුදු ගණනක පළපුරුදු වාසිය මත. ඉන්ටර්න් හැම තිස්සෙම ඔහුට වඩා අවුරුදු ගණනක ජුනියර්. එහෙම තියෙද්දිත් ඒ ඉන්ටර්න්ට් ට ඔහු අබිභවා යාමේ හැකියාව තියනවා. හැබැයි ඔය චරිත දෙක මාරු වෙලා තිබුනනං, ඒක වෙන්නේ නැහැ.

      Delete
    32. //එකක් දෙකක් කියනවද?//

      ගුරු -සිසු අනුපාතය , උපාධිදාරින්ගෙන් රැකියා ලබාගැනීමේ ප්‍රතිශතය , විද්‍යාගාර , පුස්තකාල වගේ අධ්‍යපානයට ඕනි වෙන පහසුකම්

      //හැබැයි ඔබතුමා ගේ මත පිළිගන්න කියලා අනිත් අයට බල කරන්නත් එපා//

      අනේ මගෙ කිසිම බල කිරීමක් නෑ , රැන්කින් ක්‍රම හදන්නේ මම නෙවෙයි , ඒවා බලලා විශ්ව විද්‍යාල තෝරන්නත් මම විතරක් නෙවෙයි , ඒවා යොදාගන්න එය ඒ විදිහට යොදා ගනියි

      //ඇති වෙන්න විශ්ව විද්‍යාල තිබිය යුතුයි//

      කියන වාක්‍යය ඔබතුමා කොහොම විග්‍රහ කරනවද මම දන්නේ නෑ , ඒත් ඔය වාක්‍යයෙන් අදහස් වෙන්නේ ඇතිවෙන්න තිබිය යුතුයි කියලා මිසක් , මේ තියන විශ්ව විද්‍යාල වලට එස් 3 ගත්ත අය දාන්න පුලුවන් කියල නෙවෙයි නේ , අලුතෙන් . මේ අලුතින් පහසුකම් ඇති කරන්න පුද්ගලික විශ්ව විද්‍යාල තිබිය යුතුයි කියලයි මම පලවෙනි කමෙන්ටුවේ ඉඳන්ම යෝජනා කරලා තියෙන්නේ

      // පිටරටින් ආපු තනතුරු නාම ඒ විදියටම වැළඳ ගත්තට ඔබ හිතනවද මෙහෙ පුද්ගලික ආයතන වලින් පිට වෙන ඩිවලොපර්ස් ලා ඉංජිනේරුවෝ කියලා?//

      ඒක තමයි නේද , ඩිවලොපර්ස්ලා ට ඉංජේනෙරු තනතුරු නාම දෙන්න කලින් ඔබතුමාගෙන්වත් ඇහුවා නම් හරි විදිහ කියනවනේ නේද ?

      අපි ඉංජිනේරුවො නොවන නිසා කෝස් කන්ටෙන්ට් එක බලලා ඉංජිනේරුද නැද්ද කියන්න හැකියාවක් නෑ , හැබැයි ලංකාවේ පෞද්ගලික ආයතන දෙකකා BEng ටයිටල් එක තියන උපාධි තියනවා(බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල උපාධි ) , ඒවායෙ කන්ටෙන්ට් එකට ගණිතය සහ ඇල්ගොරිදම එහෙම තියනවත් දැකල තියෙයි , ඒත් ඉතින් ඉංජිනේරු කියන්න පුලුවන්ද බැරිද කියල කියන්න තරම් දැනුමක් මට නෑ නේ

      // මතක තියාගන්න ඔබතුමා පුද්ගලිකව දන්නවා කියන චරිත කතා පිළිගන්න අපිට කිසිම සාධකයක් නැති බව. //


      ඒක ඇත්ත , ඒ චරිත කථා ඔක්කොම බොරු කියලා හිතාගන්න කො , අර ඉන්ටර්න් ගිය එකයි අනිත් එකයිත් බොරු කියල හිතාගන්නකො එතකොට ලේසියිනේ .


      මේ සංවාදයට එකතු කරන මගේ අන්තිම කමෙන්ටුව මේක බව සඳහන් කරන්න කැමතියි , මම කියන දේ මොකක්ද කියල තේරුම් ගන්න කෙනෙකුට තේරුම් යන්න මේ ලියලා තියන දේවල් ප්‍රමාණවත් . ඔබතුමා වගේ උගත් ඉංජිනේරුවෙක් එක්ක වාද කරන්න ආවටත් , බොරු පුද්ගල චරිත උදාහරණයට ගත්තටත් සොරි හොඳේ !!! සුභ දවසක්

      Delete
    33. //ගුරු -සිසු අනුපාතය , උපාධිදාරින්ගෙන් රැකියා ලබාගැනීමේ ප්‍රතිශතය , විද්‍යාගාර , පුස්තකාල වගේ අධ්‍යපානයට ඕනි වෙන පහසුකම් //
      මෙතනින් ප්‍රමිතිය මනින්න යොදා ගන්න පුළුවන් රැකියා ලබා ගැනීමේ ප්‍රතිශතය විතරයි. අනිත් ඔක්කොම මම කලින් කියපු ගණයට වැටෙන ඒවා (ප්‍රමාණාත්මක / බෞතික සාධක)

      //ඒවා යොදාගන්න එය ඒ විදිහට යොදා ගනියි //
      ඔව් ඒවා ඒ විදියට යොදා ගනියි. අපි කලබල වෙන්න ඕන නැහැ.

      //ඒත් ඔය වාක්‍යයෙන් අදහස් වෙන්නේ ඇතිවෙන්න තිබිය යුතුයි කියලා මිසක් , මේ තියන විශ්ව විද්‍යාල වලට එස් 3 ගත්ත අය දාන්න පුලුවන් කියල නෙවෙයි නේ//
      ඒ කියන්නේ එස් 3 ගන්න අයටත් ඇති වෙන්න වි. වි. ඇති කරන්න ඕන කියල නේ...ඒ අදහස මහත්මයා මෙතැනදී පෙන්නුවා කියල තමයි මට කියන්න ඕන උනේ..

      //ඩිවලොපර්ස්ලා ට ඉංජේනෙරු තනතුරු නාම දෙන්න කලින් ඔබතුමාගෙන්වත් ඇහුවා නම් හරි විදිහ කියනවනේ නේද ?//
      ඒවා ඔබෙන් වත් මගෙන් වත් අහන්නේ නැති බව මහත්තයා දන්නවනේ..දැන් ඔය එස් 3 අයට මොකද කරන්න ඕන කියලා ඔබ තුමාගෙන් ඇහුවද? නැහැනේ..

      //ඒවායෙ කන්ටෙන්ට් එකට ගණිතය සහ ඇල්ගොරිදම එහෙම තියනවත් දැකල තියෙයි// මේ දෙක තිබුනට ඉංජිනේරුවෙක් වෙන්නේ නැති බව වගකීමෙන් කියනවා. මේ විෂයයන් කොහොමත් පරගණක ක්ෂේත්‍රයට අයිති දේවල්.

      // ඒ චරිත කථා ඔක්කොම බොරු කියලා හිතාගන්න කො//
      බොරු කියලා හිතන්නවත් ඇත්ත කියලා හිතන්නවත් මට සාධක නැහැ. ඒ නිසයි කිව්වේ පුද්ගලික චරිත කතා අවශ්‍ය නෑ කියල.

      ඔබේ අන්තිම කමෙන්ටුව මේක නම්, මගේ අන්තිම කමෙන්ටුවත් මේක තමයි. මම කියල තියන දේ මොකක්ද කියලත් බලන කෙනෙකුට තේරෙන්න මේ ලියපු ටික ප්‍රමාණවත්. ඔබ තුමාගේ හිත මොනයම් විදියකින් හරි රිදුනනම් ඒකටත් සොරි හොඳේ..ඔබටත් සුබ දවසක් !!

      Delete
  6. මල්ලි දැන් නම් තැටිය නිවිලා.. රොටී පුච්චන්න බෑ.. :)

    මමත් පු.වි.වි. තිබුනට කමක් නෑ කියන මතයේ හිටියේ සහ තාමත් ඉන්නවා.. නමුත් දැන් ඒක ගැන කතා කරලා වැඩක් නෑ.. උඹලා දිනුම්.. දැන් පනත අකුලගෙන ඉවරනේ.. ඉතින් ජයගුහණය සමරපල්ලා.. ඒ ගමන්ම ඊළග සටනත් පටන් ගන්න උඹලට සක්තිය ධෛර්‍ය ලැබෙන්න ඕනේ.. ඊට වඩා මොළේ පෑදෙන්න ඕනේ.. ඒ තමයි ලංකාවෙ නැති වුනාට පිටරට ගිහින් උපාධිය ඇරන් එන්න තාම ඉඩ තියෙනවානේ.. එහෙම එන එවුන්ව අගේට වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරගෙන එළියටත් දානවනේ.. දැන් ඔය පිටරට ගිහින් ඉගෙන ගන්න පුළුවන් තරම් වත්කමක් නැති එවුන්ට මෙහේ ඒ දේ කර ගන්න දෙන එකටනේ උඹලා විරුද්ධ වුනේ(ආහාර , නවාතැන් වෙනුවෙන් හා අනික් පහසුකම් වෙනුවෙන් උපාධියට යනවට ආසන්න මුදලක් හෝ සමහර විට ඊටත් වඩා යන වෙලාවල් තියෙනවා). හැබැයි මතක තියා ගනින් මලේ උඹලා වල කැපුවේ උඹලා අපි වගේම මධ්‍යම පාන්තික මිනිස්සුන්ට විතරක්මයි කියලා.. මම හිතන් නෑ උඹලාට ඒ ගැන අප්‍රමාණ සන්තෝෂයක් බුක්ති විදින්න පුළුවන් කියලා.. ඒක එහෙමම වෙන්න නම් මම අර කියපු දේත් උඹලා කරන්න ඕනේ.. එදාට උඹලට සන්තෝෂ වෙන්න පුළුවන්.. අනිවා මමත් උඹලත් එක්ක එදාට උඹලාගේ පැත්තේ හිට ගන්නවා.. ඒත් මම බය නැතුව කියනවා.. එහෙම විරුද්ධවෙන්න තරම් ඔය කෑ ගහන එකෙක්ගෙවත් කොන්ද පණ නෑ.. අන්න ඒකට තමයි මම නම් කුහක කම කියන්නේ..

    ලංකාවේ පෝසත්තු නෙමෙයි දුප්පතුන්ව පාගන්නේ.. දුප්පතුන්මයි..


    ප.ලි. 22 ආවම වෙලාවක් තිබ්බොත් කැමතිනම් මේ ගැන සුහදව අපි කතා කරමු.. මෙතන නම් පැටලෙන්න එන්නේ නෑ. මගේ අදහස කිව්වා එච්චරයි. වැඩක් වෙන දෙයක් නෙමේ මේ වෙනුවෙන් පෙනී ඉන්නවා කියන්නේ දැන්.. :)

    ReplyDelete
    Replies
    1. "මල්ලි දැන් නම් තැටිය නිවිලා.. රොටී පුච්චන්න බෑ."

      රොටී පුච්චන්න නම් ඕනෑකමක් තිබුනේ නෑ අයියේ. එහෙම තිබුනා නම් මට මේක මීට ගොඩක් කලින් ලියන්න තිබුනා. නොලිය ඉන්නත් හදලයි අන්තිමට මේ ලිව්වේ.

      "හැබැයි මතක තියා ගනින් මලේ උඹලා වල කැපුවේ උඹලා අපි වගේම මධ්‍යම පාන්තික මිනිස්සුන්ට විතරක්මයි කියලා."

      අයිය හිතනවද මධ්‍යම පාන්තික මිනිස්සුන්ට ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාල වලින් උපාධියක්‌ ගන්න පුළුවන් කියලා? එහෙම නම් අයියට වැරදිලා. අනිවාර්යෙන්ම අපිට පිටරට ගිහින් උපාධිය අරන් එන එක නම් නවත්තන්න බෑ. ඒක කොන්ද පණ නැති කම නෙමෙයි, අනාදිමත් කාලෙක ඉඳලා වෙන ඒ දේ නවත්තන්න දැන් කොහොමවත් බෑ. අපි හැදුවේ අපේ ඇස් පනාපිට වෙන්න යන වැරැද්ද නවත්තන්න.

      අනිත් එක ඔය වල කපනවා කියන එක බොහොම දරුණු වචනයක් හොඳද. මම කොතනකවත් කියලා දැනට විශ්ව විද්‍යාල වලට ගන්න පිරිසට අමතරව කාටවත් වැඩිපුර උසස් අධ්‍යාපන වරම් ලැබෙන්න ඕන නෑ කියලා. පැහැදිලිවම ඒ ප්‍රමාණය වැඩි වෙන්න ඕන කියලයි මම කියලා තියෙන්නේ.

      අනිවා අපි 22 සෙට් වෙලා මේ ගැන කතා කරමු.

      Delete
  7. මමත් යන්න කලිං හිතං හිටියෙ ඔහොම තං වලට එන්නෙ සල්ලි තියන අය විතරයි කියල. හැබැයි ඇත්තටම එහෙම නෑ.

    තමන් කුහකයෙක් බව තේරුම් ගැනීම ගැන සතුටුයි! ඔය ආකාරයෙන්ම ඔබ නිශ්ප්‍රයෝජන බවද තේරුම් ගැනීමට තැත් කරන්න!

    ReplyDelete
  8. රජයේ වී.වි තියන නිදහස අත්දැකීම් ඇතුලින් බිහිවන කට්ටියයි, ලංකාවේ පුද්ගලික වි වි වලින් බිහිවන කට්ටියයි අතර යම් වෙනසක් අනිවාර්යයි.

    ReplyDelete
  9. මල්ලිටත් ජෙප්පන්ගෙ තෙල හොඳට වැදිලා තියෙනවා. උඹ වගේ එවුන් ලංකාවෙ ලොකු තැන් වලට ආවම රටට වෙන දේ ගැන කණගා‍ටුයි. අද උඹ මෙහෙම කිව්වට උඹේ ළමයට දවසක කැම්පස් යන්න බැරි වුනොත් උඹට තියෙන්නෙත් ප්‍රයිවට් කැම්පස් වල පිහිට ම තමයි මල්ලි, එදාට උඹට තේරෙයි ඒවගෙ තියෙන වටිනාකම. එතකොට උඹට තේරෙයි වැදිච්ච තෙලේ තරම.

    - සවිරු පෙරේරා

    ReplyDelete
    Replies
    1. පිස්සුද මේ කියන විදිහට මෙයාගේ ලමයව කවදා හරි කැම්පස් යන්න බැරි උනොත් ඌව දායි කුඹුරකට හාන්න. ඌ කිව්වොත් මට ප්‍රයිවට් කැම්පස් එකකට යන්න ඕනේ කියලා මෙයා සියදිවි නසාගනී.

      Delete
    2. @සචිරු පෙරේරා
      ඔන්න ඔය කතාව තමයි සහෝ මම අහන්න අකැමතිම. ඒ නිසාමයි මම කලින්ම මොරටුවේ තත්ත්වේ ගැන කියල හිටියේ. මම කලිනුත් කිව්වා වගේ දේශපාලන පෙළඹවීම් නිසා කෑගහන පිරිසකුත් ඇති. හැබැයි බහුතරය කවුරුවත් කියන නිසා නෙමෙයි මේකට විරුද්ධ වෙන්නේ. තමන්ටම මේක වැරදියි කියල හිතෙන නිසයි විරුද්ධ වෙන්නේ. මට තෙල වැදිලා කියල හිතෙනවා නම් පොඩ්ඩක් හොයලා බලන්න මොරටුවේ තත්ත්වේ. මම කිව්වට විස්වාස කරන එකක් නෑ නේ. ජේවීපී කරන්න තියා මෙහෙ මහා ශිෂ්‍ය සංගමය වත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේ වෙනුවෙන් කල එකම දේ ප්‍රතිකාවක් බෙදා හැරීමයි, එක් වරක් පෝස්ටර් ඇලවීමයි විතරයි. (ඒක ඉතින් මෙහෙ තියන එකමුතුකමේ අවුලක්.) ඒ නිසා ජෙප්පන්ගේ තෙල් කතන්දරය බොහොම අවධාරණයෙන් ප්‍රතික්ෂේප කරනවා.

      දෙවැනි කරුණ නම් කවුරුහරි කියයි කියලා මම බලාපොරොත්තු වුනා කතාවක්. බොහොම සරල උත්තරයක්‌ දෙන්න තියෙන්නේ. එහෙම වුනොත් අනිවා මම මගේ ලමයව පුද්ගලික විශ්ව විද්‍යාලයකට යවනවා. මොකද එතකොට මම තාත්ත කෙනෙක්, ඒ වෙලාවට මම බලන්නේ ළමයාගේ පැත්තෙන් විතරයි. හැබැයි එක දෙයක් බඩේ බත් වගේ විස්වාසයි, තිබුනොත් යවනවා මිසක් එහෙම දවසක් ආවත් මම පුද්ගලික විශ්ව විද්‍යාල දාන්න ඕන කියන පැත්තට නම් කතා කරන්නේ නෑ. මේකත් හොඳට පැහැදිලි කරගන්න සහෝ, මම මේකේ කොහෙවත් කාටවත් කියලා පුද්ගලික විශ්ව විද්‍යාලවල තියනවා නම් ඒවාට යන්න එපා කියලා. ඒවා දාන්න එපා කියන දේ තමයි මම කියලා තියෙන්නේ. තියනවා නම් ඉතින් කවුරු ගියත් කමක් නෑ, තියෙද්දී නොයා ඉන්නවා කියන එක තේරුමක් නෑ නේ.

      @දෙවැනි ඇනී
      කලින් කෙනාට දීපු උත්තරේ දෙවැනි ඡේදය කියෙව්වම ඔයාටත් උත්තර ලැබේවි.

      Delete
    3. ඉතින් ගොනෝ අපේ තාත්තලත් අපි ගැන හිතන්නේ එහෙම තමයි

      Delete
    4. ඉතින් ගොන් වස්සෝ මම උඹලගේ තාත්තට කිව්වද උඹව පුද්ගලික විශ්ව විද්‍යාලයකට දාන්න එපා කියලා.

      Delete
    5. //මට තෙල වැදිලා කියල හිතෙනවා නම් පොඩ්ඩක් හොයලා බලන්න මොරටුවේ තත්ත්වේ. මම කිව්වට විස්වාස කරන එකක් නෑ නේ. ජේවීපී කරන්න තියා මෙහෙ මහා ශිෂ්‍ය සංගමය වත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ.//

      අත්දුටුවයි..ප්‍රත්‍යක්ෂයි :)

      Delete
  10. ප්‍රයිවට් යුනිවසිටිස් වලින් එලියට එන අය එක්ක රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිටවෙන අයට එක පෙලට දුවාගන්න බැරිවෙයි කියල බයක් එහෙම හිතෙන්නෙ නැද්ද කසුන් ? මං කියන්නෙ මේ වෘත්තීය ඉරිසියාවක් වගේ දෙයක් ?

    ReplyDelete
    Replies
    1. අනාගතයේදී ඒක වෙයි කියලා බයක් තියනවා. මොකද කියලා මම පෝස්ට් එකේ කියලා තියනවා. රජයේ විශ්ව විද්‍යාල වලට පහසුකම් නොදී, අවශ්‍ය තරම් දේශකවරු නොදී, ප්‍රමාණවත් තරම් මුදල් වෙන් නොකර පුද්ගලික විශ්ව විද්‍යාල එක්ක තරඟ කරන්න වුනොත් එහෙම බැරි දවසක් එන්නත් පුළුවන්. ඒක බොහොම සරලයි නේ අයියේ. අනිත් එක දේශකවරුන්ගේ පඩි වැඩි නොකර ඒ මිනිස්සුත් පුද්ගලික විශ්ව විද්‍යාලවලට පැනගත්තම රජයේ විශ්ව විද්‍යාල වලට බුදු සරණයි. හැබැයි එහෙම වෙයි කියන බයට වෘත්තීය ඉරිසියාව කියන වචනේ හරිද කියල මම දන්නේ නෑ.

      Delete
  11. දෙගොල්ලොම එකයි.කිසිම වෙනසක් නෑ.කොහෙන් කොහොම මොනදේ කිවුවත් දක්ෂය උඩට එනව මෝඩය හැලිල යනව.ඒ නිසා මං නම් කැමතී තර්ක නොකර මගේ ප්‍රයිවට් ඩිග්‍රිය මගෙ පාඩුවේ කරගෙන ඉන්න.මටනම් හැමදේටම වඩා මේක රත්තරං.බුදුසරණයි ලමායි.කවුරුත් මාව නම් වලි වලට අල්ලගන්නෙපා

    ReplyDelete
    Replies
    1. මට පොඩ්ඩක් උඹත් එක්ක ප්‍රයිවට් එකේ කතා කරන්න ඕන බං. මම මූනුපොතේ මැසේජ් එකක් දාන්නම්.

      Delete
  12. කසුන් අයියා දන්නවා මහි ගේ මේ පිළිබඳව තිබුණු පොස්ට් එකේ මම කියපු දේවල්. ඒ වලට ඇනොලා මට කියපු දේවලුත් ඔයා දන්නවා. එත් කියන්න දෙයක් තියෙනවානම් සක්කරයාත් බයනොවී එක කිව යුතුයි.. ඒ ගැන මම සතුටු වෙනවා. කවුරු තරහා උනත් මම විශ්වාස කරන දෙයක් තමයි අපිට ඉන්නේ අපි විතරයි කියන එක, ඒ නිසා ඔයාට හිතෙන දෙයක් පොස්ට් එකකට දාන එක ගැන දෙපාරක් හිතන්න එපා.

    අනිත් එක තමයි මම පවුද්ගලික විශ්වවිද්‍යාල එනවට අකමැත්තක් නැහැ. අකමැත්ත තියෙන්නේ එවල ප්‍රමිතියක් නැති කම. මහා ගොඩාක් මුදල් අරගෙන අඩු දැනුම තියෙන මෝඩයන්ව උපාධිධාරීන් කරනවටයි මම අකමැති. පෞද්ගලික විශ්ව විද්‍යාලත් විශ්වවිද්‍යාල කොමිෂන් සභාව යටතේ තියෙනවා නම් හොදයි කියන මතේ තමයි මම ඉන්නේ.

    බ්ලොග් ලියන අපේ අයම ගමුකො. හිතු, අයිස් . චම්මා අයියා. මම දැනට දන්නේ ඔය තුන්දෙනා විතරයි. දැනට තියෙන ලංකාවේ පිළිගත්ත පෞද්ගලික විශ්වදියල වල ඉගෙන ගන්න අය තමයි ඔවුන්.
    ඒ ආයතන නැත්තන් ඒ අය අද මහපාරේ නේද?
    ඒ ආයතන මහාගොදාක් මුදල් ගන්න ආයතන නෙමෙයි.අන්න ඒ ආයතන වලට මගේ කිසිම විරුද්දත්වයක් නැහැ.
    එත් දැන් ඉදිවෙන්න යන මුදල් කන විශ්වවිද්‍යාල වලට මම විරුද්දයි.. අයියාගේ අදහසට එකගයි

    ReplyDelete
    Replies
    1. මගේ අදහස කියුවා විතරයි, ඇනොලා බැන්නට අනේ ඇනෝ හිතන්න මගේ මේ අදහස රජය බලන්නේ නැහැනේ. ඒ නිසා මට බැනලා වචන නාස්තිකරගන්න එපා

      Delete
    2. //එත් දැන් ඉදිවෙන්න යන මුදල් කන විශ්වවිද්‍යාල වලට මම විරුද්දයි//

      ඉදිවෙන්න විශ්ව විද්‍යාල වල ගාස්තු ගැන ඔයා දන්නවද ? ඒ ගැන ඒ විශ්ව විද්‍යාල දාන ඇයින් කොතනකදි හරි කියල තියනවද? අඩුම තරමේ අලුතෙන් දාන විශ්ව විද්‍යාල මොනවද ? ඒ වයේ පාඨමාලා මොනවද ? තියෙන්නේ කොහෙද කියලවත් දන්නවද ?

      Delete
    3. මෙතන කමෙන්ට් දෙකක් මකල දාලා මොකෝ ?

      Delete
    4. දෙන්න රණ්ඩුවක් පටන් ගන්න ගිය නිසා දෙන්නගෙම කමෙන්ට් මැකුවා.

      Delete
  13. හැමදේම නිකං ලැබෙන නිසා ලංකාවෙ මිනිස්සු සෑහෙන්න නරක් වෙලා..

    ඉපදුනු දා ඉදං ඉන්ජෙක්ෂන් නිකං..
    තව ටිකක් ලොකු උනාම ත්‍රිපෝෂ නිකං..
    ඉස්පිරිතාලෙ ගියාම බෙහෙත් නිකං..
    ඉස්කෝල නිකං..
    පොත් නිකං..
    නිල ඇඳුමත් නිකං..
    ඉස්කෝලෙ ඉවර උනාම විශ්ව විද්‍යාලත් නිකං..

    ඉතිං පුදුම වෙන්න දෙයක් නෑ..

    ඉති ඊට පස්සෙ රස්සාවකුත් නිකං ම හම්බ උනේ නැත්නං ලිප්ටන් වට රවුමට ඇවිත් නිකං කෑ ගහල යනව..

    මහන්සි වෙලා දේවල් උපයා ගන්න අපි ඉගන ගත්තෙ නැත්තං හැමදාම ලංකාව මෙහෙම්යි..

    මහන්සි වෙලා සල්ලි 'උපයා' ගත් පිරිසට අදාල වරප්‍රසාද ලැබිය යුතුයි! අධ්‍යාපනය පමනක් ම නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. හරි පුදුමයි නේද සහෝ, නිකන් දෙන දේවල් මිනිස්සුන්ට එපා වෙන්නේ තමන්ට ඒ දේ නොලැබෙන දවසට විතරයි නේද? එතකන් ඒ දේවල් හොඳයි නේද?

      Delete
  14. ම්ම්ම්ම්... මේ සම්බන්ධව මටනම් ඉතිං විශේෂයෙන් කියන්න දෙයක් නෑ... ඒත් මම දන්න එක දෙයක් තියෙනවා, ඔය දැනට තියෙන පෞද්ගලික අධ්‍යාපන අඅයතන වල පවා "සල්ලි තියෙනවට ඇවිත් ඉගනගන්න අය අඩුයි". මම දැකලා තියෙන 90%කටත් වැඩි පිරිසක් ඉන්නෙ අම්මාලා තාත්තලා අමාරුවෙන් හම්බකරන සල්ලි අරන් ඇවිල්ලා ඉගනගන්න ඕනෙකමට, ඉස්සරහට යන්න අධ්‍යාපන සුදුසුකමක් ගන්න උවමනාවට ඉගනගන්න අයයි. අනික සාමාන්‍ය මධ්යම පාන්තික පවුල් වල ළමයි ඇවිල්ලා සල්ලි ගෙවලා ,ඉගනගන්න, විභාග පාස් වෙන්න කන කට්ට මම දැකලා තියෙනවා.. සහ ඔය කට්ට කනවා... ;)

    අවසාන වශයෙන් මම නම් කැමතියි කවුරුහරි කෙනෙක් ඉගනගෙන උඩට එන්න හදනවානම්.මම රජයේ වි.වි ක හිටියත් කවදාවත් මමනම් ඔය පෞද්ගලික වි.වි ඇති කරන වට විරුද්ධ වෙන එකකුත් නෑ...

    ම්ම්.. ඉස්සරහට ඇති කරන්න අයන් පෞද්ගලික වි.වි වල ගුණාතමක බව ගැන මම කියන්න දන්නෙ නෑ හරියටම.. හැබැයි මොන දේ කලත් පෞද්ගලික අඅයතනයක වගේ රැකියාවක් කරන්න නම් විභාග පාස් කරපු සහතිකයට වඩා වැඩි යමක් ඕනෙවෙයි කියන එක තමා මගේ මතය.

    මම දන්න ගොඩක් අය ඉන්නවා පෞද්ගලික අධ්‍යාපන ආයතන වලින් උපාධි අරන්, අද වෙනකොට පෞද්ගලික ආයතන වලම රැකියා කරගෙන හොදින් ජීවත් වෙන, A/L හොදටම කරගන්න බැරිවුනා කියලා,රජයේ වි.වි යන්නත් බැරිවුනා එකේ, ඔය පෞදිගලික අධ්‍යාපන අඅයතනත් නොතිබුණානම්, අනේ එයාලට මොනා වෙයිද ??

    අවසානෙටම කියන්නෙ මගෙනම් කාගැනවත් තරහක් නෑ... කට්ටිය මට සටන් පාඨ කියාගෙන එයිද දන්නෙත් නෑ.. ඒත් මම කිව්වෙ මම දකින් සාධාරන විදිය ගැනයි!!!

    මම රජයේ වි.වි නැති කරන්න කියන්නෙත් නෑ.. පෞද්ගලික වි.වි ඇති කරන්න කියන්නෙත් නෑ... ඒත් එහෙම පෞද්ගලික වි.වි ඇති කරනවානම්, ඒකෙ වරදකුත් නෑ කියන මතයේ තමා ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කවුරුවත් සටන් පාඨ කියන්නේ නෑ.:)

      "මම රජයේ වි.වි නැති කරන්න කියන්නෙත් නෑ....."

      මෙහෙම දෙයක් තියනවා නගෝ, කවුරුත් කිව්වේ නැති වුනාට මේ ක්‍රියාදාමයේ අවසානය ඕක වෙන්න ලොකු ඉඩක් තියනවා.

      Delete
  15. අම්මපා හැබෑට කැම්පස් වලින් අවුට් වෙන අය මේ තරම්ම මැට්ටො කියලා මම කලින් හිතාන හිටියේ නෑ

    ReplyDelete
    Replies
    1. patta kathawa..govermnt yana un witarai hoda job karanna ona.ane hu..

      Delete
    2. @දෙවනි ඇනෝ
      නිකන් බොරුවට කුණුහරුප කියන්නේ නැතුව පෝස්ට් එක හරියට කියවලා ඉඳපන් බං. මම කොහෙද කියපන් එහෙම කියලා තියෙන්නේ?

      Delete
    3. කැම්පස් වලින් අවුට් වෙන උන් මැට්ටෝ ! පු.වි.වි වලින් අවුට් වෙන එවුන් පොරවල් ! අනේ යකෝ !!!

      Delete
  16. පු වී වී එපා කිව්ව කටවල් වලින්ම කෑගහල තව කාරනා දෙකක් ඉෂ්ට කලානම් අපිත් මෙව්වට හුරේ දානවා . එක පිටරට උපාධි අරන් ඇවිත් ACT 16 කරලා ආණ්ඩුවේ රෝහල් වලම පත්වීම් ලබා ගන්න එක නවත්වන්න . දෙක තව රජයේ විශ්ව විද්‍යාල වැඩිකරලා තව ළමයි ගොඩාක් බඳවා ගන්න කියල කෑගහන්න .

    ReplyDelete
    Replies
    1. ඔය පළවෙනි එක නම් කරන්න බැරි වෙයි අක්කේ. මොකද මේ වෙනකොට ගොඩක් දුරට ස්ථාවර වුන දෙයක්. දෙවනි එකට නම් කෑගහන්න ඕන තමයි. හැබැයි මෙහෙම දේකුත් තියනවා අක්කේ, ඒකටත් අපි විතරද කෑගහන්න ඕන? ඒක අපේ වගකීමක් විතරද? කැම්පස් ළමයි උද්ඝෝෂණ කරනවට මේගොල්ලෝ හරි විරුද්ධයි නේ. එහෙම එකේ අක්ක කියනවා අපිට තවත් කෑගහන්නලු.

      Delete
  17. මම මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් දැනට අවුරුදු දෙක තුනකට කලින් අවුට් වුනු කෙනෙක්. කැම්පස් එක ඇතුලේ ඉන්නකන්ම මමත් හිතුවේ තනිකරම ඔයා හිතන විදියටමයි..කිසිම වෙනසක් නැතුව. කොටින්ම NDT අය අපේ උපාධිය ඉල්ලන එකටම කොයි තරම් විරුද්ධ උනාද? ඇත්ත තමා තමන් මහන්සියෙන් එන තැනට වෙන කෙනෙක් කිසිම මහන්සියක් නැතුව එනවා දකින්න කවුරු උනත් කැමති නෑ. හැබැයි අපි අවුට් වෙලා අවුරුද්දක් විතර ගියාට පස්සේ ඔය හැඟීම ඉබේම වෙනස් උනා. ඒ දවස්වල අපි ටිකක් විතර ආත්මාර්ථකාමී වෙලා හිටියා කියලා මට හිතෙනවා. (හැබැයි මේක කිසිම ප්‍රමිතියක් නැතුව කරනවානම් දැනට උනත් මේකට එකඟ නැහැ)

    ගොඩක් අය මේ කාරණේට අකමැති එක හේතුවක් තමයි රැකියා ලබා ගැනීමේදී රජයේ වී.වී. අයට තැනක් නැති වෙයි කියන එක. පාඨමාලාවේ ප්‍රමිතිය වෙනස් වෙන්නේ නැත්නම් ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ කියලයි මට හිතෙන්නේ. පරිගණක ක්ෂේත්‍රයට නම් දැනටත් කොයි තරම් පුද්ගලික වී. වී. තියනවද. ඒත් රජයේ වී. වී. වලින් අවුට් වෙන අයට ඒ නිසා කිසිම හානියක් වෙලා නෑ වගේම 99% ක් ම ප්‍රමුඛත්වය තියෙන්නේ ඒ අයට (රැකියාවලදී වගේම පශ්තාත් අධ්‍යාපනයේ දීත්).ඒක එහෙම වෙන ඒක ස්වාභාවිකයි. හැබැයි එකක් තියනවා. පුද්ගලික වි. වි. වලින් දේශකවරුන් මුදලට ගැනීම හෝ වෙනයම් හේතුවක් නිසා පාඨමාලා ප්‍රමිතිය පහත වැටුනොත් ඒ දේ වෙන්න පුළුවන්. එහෙම වෙන්න නොදෙන එක ගැන වගකීමක් දිය යුතුයි.

    //විභාගෙකින් 100% ක්ම දක්ශකම මනින්න බරි එක ඇත්ත. ඒ වුනාට දැනට ලෝකෙ පිලිගත්ත වඩාත්ම සුදුසු ක්‍රමේ ඒක//
    100% එකඟයි. උසස් පෙළ කියන්නේ ඉතාමත් හොඳ මිනුම් දණ්ඩක් කියලා මම තරයේ විශ්වාස කරනවා. හැම දක්ෂයෙක්ටම විභාගෙන් සමත් වෙන්න බැරි බව ඇත්ත. ඒත් කිසිම අදක්ෂයෙක්ටත් බැහැ විභාගෙන් සමත් වෙන්න. ඔයා කිව්වා වගේ එහෙම මග ඇරෙන දක්ෂයින්ට අවස්ථා 3 ක් ම ලැබෙන්නේ නිකන් නෙමෙයිනේ. ඒ නිසා ඔය ලකුණු 2,3 ක් අඩු වෙන අයට සාධාරණයක් කරන්න ඕන කියන කතා නම් මම පිළිගන්නේ නැහැ.

    මොනවා උනත් මට හිතෙන්නේ මෙහෙමයි. අපි අධ්‍යාපනය ලැබුවේ රජයේ වියදමින්. අපිට උපාධිය ගන්න සල්ලි විසි කරන්න සිද්ධ උනේ නැහැ. ඒ වාසිය අපිට තිබුනා. ඒ නිසා පුද්ගලික විශ්ව විද්‍යාලයකට යන කෙනෙක්ට උනත් නිකන්ම උපාධිය ලැබෙන්නේ නෑ. එයාලාට වියදම් කරන්න වෙනවා. ඒ වගේම ඒවාට සිසුන් බඳවා ගනිද්දී ප්‍රමිතියක් ඇතුව එය කරනවානම් සහ රජයේ වි. වි. වල ප්‍රමිතිය රඳවා ගැනීම ගැන වග කියනවානම්, පුළුවන් අය සල්ලි වියදම් කරලා ඉගන ගත්තට වරදක් නැහැ කියලයි මට හිතෙන්නේ (ඒ "සල්ලි" උපයා ගන්නත් ඔවුන් හෝ ඔවුන්ගේ දෙමාපියන් යම්කිසි මහන්සියක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරන නිසා).

    ReplyDelete
    Replies
    1. වැඩිය නොලියමි. මාත් සයුරී සමග එකඟයි .

      Delete
  18. ලංකාවේ විශ්විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය දැන් සැසදෙන්නේ ඇවිදින ඇටසැකිලි සිටින අප්‍රිකාවේ අසාර්ථක රජයන්ගේ අධ්‍යාපනික ආයතන වලට සාපේක්ෂවය. ලංකාවේ උසස් අධ්‍යාපනය බේරා ගැනීමට පොරමඩුල්ලේ එස්බියාවත් , අන්තරේ හීනමාන චාටර්කාරයන්වත් , තුන්වේල යහමින් කා කිරෙන් අත සෝදාගන්න නාමල් බෙබිවත් එන්නේ නැත. ලංකාවේ උසස් අධ්‍යාපනය උසස් මට්ටමකට ගෙන ආ හැක්කේ එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට පමණි. පිකටින් යාම, දේශපාලන පක්ෂ වලට කඩේ යාම, පර පිඩක ආතල් එකෙන් නවක වදය දීම, ලිංගික අතවර කිරීම මේ සෑම දෙයක්ම කරන මොවුන් කරන නමුත් නොකරන එකම දෙය හරි හැටි අධ්‍යාපනයේ නියැලීම පමණි.

    නරඹන්න කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් පොලු පිහි අතැතිව උසස් අධ්‍යාපනයේ නියැලෙන අයුරු (කොහොමද ලී කෙලි සෙල්ලම සහ පිහිය? කොහොමද ඩිග්‍රිය කරනකම් සිවුර පටලවාගෙන පිරිවෙනෙන් පිනට ලඩා ගහගෙන පින් බත් කෙලින ගරුතර සංගරත්නය හැසිරෙන හැටි ) http://www.youtube.com/watch?v=lfxrReGbYNU

    මෙන්න රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් පිකටින් කරන හැටි (අයියලා එන්න කීවාම යන්න ඕනේ , නැත්තනම් පෝරියල් තමයි)

    http://www.youtube.com/watch?v=eIyVk3pRwKk&feature=related

    මෙන්න අර නලින් ද සිල්වා සීයා නිතර කියන ගර්හිත ජරාජීර්ණ බටහිර (ඇමරිකාවේ ) විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා ලංකාවේ ළමයි සාමකාමිව උත්සවයක් සමරන හැටි. (පේනවද මුන් කොකා කෝලද මොනවාද බොන හැටි , ඕවා ඉස්සර කොළඹ විශ්ව විද්‍යාලයේ බොන්න තහනම් ) http://www.youtube.com/watch?v=ri0erYYQ5dE

    දැන් ඉතින් මේවා වලට ඉරිසියා නොවී එක්කෝ උඹලගේ හරක් මඩු ටික හොඳ තත්වයකට අරගෙන වරෙල්ලා නැත්නම් ලබන ආත්මෙවත් උඹලා දැන් ඉන්න වදකාගාර වලට යන්න නොලැබී මේ වගේ එල තැන වල උසස් අධ්‍යාපනයේ දීමට හැකි වේවා කියා කටපුරා සාදුකාරයක් දීපන්. මීට සුදු සීයා

    ReplyDelete
  19. සමානාත්මතාවය සහ තවත් සිසුවකුගෙ පරම ඉගෙනීමෙ අය්තිය නොඑසේනම් උපාධියක්‌ සම්පූර්න කිරීම වෙනුවෙන් නොබියව හඬ නැගූ ලංකා උසස්‌ අධ්‍යාපනයෙ නිරත සහ නිරත වු හිතුවක්‌කාරිට සහ සයුරිට අපගෙ උපහාරය. සැබැ සිංහල ගති ඇති අනුන් ගැන සිතන ඔබ වැන්නවුන් තව තවත් අප විශ්ව විද්‍යාල අතරින් බිහිවේවා...!!!

    කසුන් මලයට අවශ්‍ය පිලිතුර ඔබ වැනිම විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙක්‌ ඔබට ලබා දී තිබෙනවා. ක්‍රමවත් පුද්ගලික විශ්ව විද්‍යාල පද්ධතියක්‌ සැම රටකටම අවශ්‍යයි. හැබැයි, උපාධි කඩ දානවට විරුද්ධ ඔයා ඩිප්ලොමා සහතික කඩ වලට එක්‌ඟයි. ඒක නිකන් හරියට උපාධි ඇරෙන්න උසස්‌ පෙල අසමත් අයට ඕන බයිලයක්‌ කිව්ව වගෙ නේද? ඔන්න ඕක නිසයි මම හිතන්නෙ ලංකාවෙ විශ්ව විද්‍යාල වලින් උගත් වගේම අර හිතුවක්‌කරි සහ සයුරි වගෙ හිත හොඳ අනුන් ගැන හිතන අයම බිහි වෙන්න ඕන කියල. කවුරු මොනව කිව්වත් ලංකවෙ වැඩි හරියක්‌ ඉන්නෙ එහෙම හිතන කොල්ලො කෙල්ලො තමයි.

    තිත්ත ඇත්ත.... :)

    ReplyDelete
  20. අනී........මන්ද.....
    ඒත් මංනම් හිතන්නෙ ඇති වුනොත් හොඳයි කියල...(අනේ මාත් එක්ක මරාගන්නනම් එන්න එපා හොඳේ..මං තාම චූටී....:(....)

    මං එහෙම කියන්නෙ ර.වි. වලට එන ගොඩක් දෙනාගෙ උනන්දුව කැපවීම වැඩිවෙන නිසා..මොකද හැමොටම සල්ලි නෑනෙ.... සහ ර.වි.වලත් අනිවාර්යෙන්ම පු.වි තරම් පහසුකම් වැඩිවෙන නිසා....

    ReplyDelete
  21. කවදාවත් කතා කාරලා ඉවර කරන්ඩ බැරි මාතෘකාවක් !
    මාත් කියන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල ඕන නෑ කියලා !
    රජයේ විශ්ව විද්‍යාල වල බදවා ගැනීම් වැඩි කරලා පහසුකම් වැඩි කිරීම වෙනුවට පුද්ගලික විශ්ව විද්‍යාල දාල මේ ප්‍රශ්නය විසදන්න බෑ.

    අර කිව්වත් වගේ තුන්වෙනි පාන්තික පවුලක් කොහොමද අච්චර ලොකු ගානක් ගෙවලා උපාධියක් ගන්නේ ? මූලික අවශ්‍යතා ටික පිරිමහා ගන්නවත් හරි හමන් මුදලක් නැති මිනිස්සු උපාධි වලට වියදම් කරයි යෑ.

    අනිත් එක තමයි කොච්චර කෑ ගැහුවත් පුද්ගලික විශ්ව විද්‍යාල කියලා කියන්නේ සල්ලිකාර පන්තියේ බූදලයක් මිසක් සාමාන්‍ය ජනතාවට අයිති දෙයක් නෙමෙයි.

    ReplyDelete
  22. I am a graduate from the University of Colombo, now doing my higher studies in USA. and my brother studied in a foreign country as a medical student, now he serves back in SL. so tell who is the better one? the person who studied from people's money and most probably won't come back to SL or the one who studied from his parents money and now serving the country????

    ReplyDelete
  23. Oya kuhakayek thamai malli, sorry.
    Dan oya kiyaine campus yana ayata wiruddai kiyala. Mama 2004 Moratuwa engineering. Moratuwe ugannanne boru hinda 2005 indan wena rataka. Private uni awoth adugane gvt uni wala quality wath hadei.

    ReplyDelete
    Replies
    1. ඈහ්... මොරටුවෙ ඉංජිනයරින් වල බොරුද ඉගැන්නුවෙ... O_o

      Delete
    2. අනේද කියන්නේ නිසූ :)

      Delete
    3. අක්කලා, ඔය වගේ අය එක්ක කතාවට යන්න එපා අලේ. තේරුමක් නෑ.

      Delete
  24. එහෙනං යකෝ ඔය ඉන්ටනැශනල් ඉස්කෝල වල ගිහින් ළමයි ඉගෙනගන්නේ. එතකොට නිදහස් අද්‍යාපනය ලබපු අපි කෑගැහුවද අපි නිකං ගන්න දේ තොපි සල්ලි වලට ගන්නවා කියලා. රජයේ ඉස්කෝල වලට ළමයි ගන්නේ එක එක සුදුසුකම් බලලා. ඒ වගේමයි ඉන්ටනැශනල්/ප්‍රයිවට් ඉස්කෝල වලට සල්ලි ගෙව්වොත් ඇති සාමන්‍යෙන් වැඩි සුදුසුකම් ඕනේ නෑ. ඒකම තමයි ඔය ප්‍රයිවට් කැම්පස් සහ ආණ්ඩුවේ එව්වල වෙනස. අනික සල්ලි ගෙව්වා මේං උඹේ ඩිග්‍රිය කියලා දෙන්නේ නෑ. ඔය ඕන තරං උන් ඉන්නේ සල්ලි ගෙවලත් ඔව්ව කරගන්න බැරුව මගින් හැලෙන උන්. අනික ඕගොල්ල්ලෝ නොමිලේ ලැබුවට, ඔව්වට වියදම් කරන්නේ රටේ මිනිස්සු උන් හම්බ කරන එව්වලින් බදු ගෙව ගෙවා. ඔච්චර තරහා ගන්න එපා. මෝඩයාට සල්ලි තිබුණත් ඩිගිරි ගන්න බෑ. කොහොමත් අන්තිමේදි මොල කාරයෝ තමයි එලියට එන්නේ

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.