twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Tuesday, March 22, 2011

වැරදුනු අනුපාතය හෙවත් මොරටුවේ අඳෝනාව.

දැන් කට්ටිය බලනවා ඇති මොකක්ද මේ වැරදුනු අනුපාතය කියල. මම මේ කියන්න යන්නේ මොරටුව කැම්පස් එක ගැන කතාවක්. මාත් ඉතින් ඔන්න ඕකෙ තමයි ඉන්නෙ. මොරටුව කැම්පස් එකේ අනුපාතය 2:1. ඒ කියන්නෙ කොල්ලො දෙන්නට එක කෙල්ලයි. ඔන්න ඔතනින් තමයි ප්‍රශ්නෙ පටන් ගන්නෙ. අපි පොඩි කාලෙ හිතන් ඉන්නෙ කොහොමද? කැම්පස් ගියාම හරි ජොලියෙ ඉන්න පුලුවන් කියලනෙ. ඒ මදිවට කොහොමද උසස් පෙල පන්තිවල සර්ල දෙන ටෝක්ස්? "මේ කාලෙ විතරයි මහන්සි වෙන්න තියෙන්නෙ. කැම්පස් ගියාට පස්සෙ කෙල්ලෙක් යාලු කරගෙන ෆුල් ජොලියෙ ඉන්න පුලුවන්". අනේ අමරුවෙන් මොරටුවෙ ආපු උන්ට නම් ඉතින් ඕව කතන්දර විතරයි. මෙහේ අනුපාතය එක කෙල්ලට කොල්ලො 2යි. ඒ කියන්නෙ සෑම කොල්ලො දෙන්නෙක්ගෙන්ම එක කොල්ලෙක් ඉන්නෙ අවදානම් කලාපයේ. ඇත්තම කියනව නම් ප්‍රායෝගික හේතු නිසා ඔය ප්‍රශ්නය ඔයිටත් වඩා බරපතලයි.  මෙහේ හරියන කෙල්ලෙක් හොයා ගන්නව කියන්නෙ chemistry වලට A එකක් ගන්නව වගේ වැඩක්. එහෙම සිලෙක්ට් වෙන කෙල්ලන්ට පුදුම ඉල්ලුමක් තියෙන්නෙ.  එතකොට ඉතින් තියන තරඟය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ.

(ඕක IT going down එකකට ගොඩ කැන්ටින් එකේ අලවලා තිබුන පෝස්ටර් එකක්. සැ.යු. මේකෙ 4වෙනි පේළිය නම් මම අනුමත කරන්නෙ නෑ.)

ඉතින් කෙල්ලෙක් දාගන්න ෆුල්ම ගේමක් දෙන්න ඕන. මෙහේ කොල්ලො පොළවෙ පස් කන්නෙ නැති එක විතරයි. ඒකටම හරි යනව මෙහෙ ඉන්න කෙල්ලො ටිකත්. ලේසියකට කැමැත්ත නම් දෙන්නෙ නෑ. කොල්ලව මරවල තමයි කැමතියි කියල කියන්නෙ. හෙනම ලොකු ලයින් එක. එක අතකට වැරද්දක් කියන්නත් බෑ ඉතින්. තියන ඉල්ලුමේ හැටියට කෙල්ලො එහෙම ලොකු වෙන එක ස්වාබාවිකයි. ඒ නිසා මෙහෙ රජ කරන්නෙ ස්වබාදහමේ ප්‍රාතමිකම නීතිය. ඒ කිව්වෙ ප්‍රබලයා විසින් දුබලයා පරාජය කිරීම. සුපිරි ඩයල්ස් කොහොම හරි කරල ඉතින් කෙල්ලෙක් සෙට් කරගන්නවා. අනේ ඉතින් අපි වගේ අඩු සුදුසුකම් තියන උන්ට දෙයියන්ගෙම පිහිටයි. ඔහේ හූල්ල හූල්ල ඉන්නවා ඉතින්, වෙන මොනව කරන්නද? අපි නම් කමක් නෑ කියමු, මෙහේ ඉන්න ඉන්ජන්ටවත් කෙල්ලෙක් සෙට් කරගන්න බෑ නෙ. උසස් පෙළදි ලෝකෙ නැති ගැටලු විසඳපු උනුත් මොරටුවෙ මේ ප්‍රශ්නෙ ඉදිරියේ අසරණයි. කොහොම හරි ඔය ප්‍රශ්න නිසා මෙහේ කොල්ලන්ගෙන් 2/3 කට වඩා තනිකඩ ජීවිතේ තමයි ඉතින්. අර පන්තිවල සර්ලට දෙකක් කියල එන්න හිතෙන්නෙ ඔය වෙලවට තමයි. 

                        (මේක library එකේ මේසෙක ටිපෙක්ස් වලින් ලියල තිබුන කවියක්.)

තාම කතාව ඉවර නෑ, තව තියනවා. අපි කියමුකො කොහොම හරි කොල්ලෙක් සෙට් කරගත්ත කියල. වැඩේ කියන්නෙ ඊට පස්සෙත් සමහර කෙල්ලන්ගෙ ලොකු ලයිල් එක නෙ. ඇයි ඉතින් කෙල්ල දන්නව කොල්ල කොච්චර උනත් ඉන්නෙ බයෙන් කියල. මොකද තියන තරඟෙත් එක්ක කොයි වෙලෙ වෙන කොල්ලෙක් කෙල්ලව ඩැහැ ගනීද කියල කියන්න බෑ නෙ. කෙල්ලො ඕක දන්න නිසා පුදුම විදියට ගනන් උස්සන්නෙ. අනේ ඉතින් ලෝකෙ නැති දුක් විඳල කෙල්ලෙක් දාගත්ත එකාට ඊට පස්සෙ වෙන්නෙ ඒකෙ ගෑස් බල බල ඉන්න.  



හැබැයි ඉතින් එහෙම කිසිම ලොකු ලයින් එකක් නැති, හොඳ කෙල්ලොත් මොරටුවෙ ඉන්නවා. ඒකත් කියන්න ඕන. කොහොම හරි ඉතින් ඔන්න ඕකයි මොරටුවෙ කතන්දරේ. දුක කියන්නෙ ඉතින් ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ මෙහේ විතරයි නෙ. පේර, ජපුර, රුහුණ ඔය වගේ කේස් එකක් නෑ නෙ. ඕක කාගෙ වැරැද්දද, වැරදුනේ කොතනද කියල නම් මම දන්නෙ නෑ. හැබැයි කෙල්ලන්ගෙන් ඉල්ලන්න තියෙන්නෙ අඩුගානෙ 1:1 අනුපාතයටවත් මොරටුවට සිලෙක්ට් වෙන්න ට්‍රයි කරන්න කියල. එතකොටවත් මෙහෙ කොල්ලන්ට සාදාරනයක් ඉෂ්ට වෙයි නෙ. දැන් බොලා හිතනව ඇති, මේව මට කෙල්ලෙක් නැති නිසා දුකට කියන කතා කියල. ඔව් ඉතින් ඒක තමයි ඇත්ත.

Sunday, March 20, 2011

හිතේ දුකට ලියවුනු කවි

අපිට තව ටික දවසකින් එන්ඩ් සෙමෙස්ටර් එක්සෑම් පටන් ගන්නවා. ඉතින් පාඩම් කරන්න පටන් ගන්න කලින් තව පෝස්ට් එකක් දාන්න ඕන කියල හිතුන. මගේ පළවෙනි පෝස්ට් එකේ මම කියල තියනව නෙ මමත් ආදරේ නිසා ඇනගත්ත කෙනෙක් කියල. පළවෙනි පෝස්ට් එක කිව්වට ඉතින් මහ ඈතක නෙමෙයි. මේක හතරවෙනි පොස්ට් එක නෙ. මම උසස් පෙල කරන කාලෙ මම ආදරේ කරපු කෙල්ලෙක් හිටිය. මම ඒකිට ගොඩාක්ම අදරේ කලා. ඊටත් වැඩිය ඒකි මට ආදරේ කලා. අපි දෙන්න කියන්න බැරි තරම් සතුටින් හිටියෙ. කොහොම හරි අපි පාඩම් කරනවට වඩා කලේ මැසේජ් කරන එක. මම අර මැට්ට ගැන කතාවක් කිව්ව නේද? ඒකත් හිටියෙ අපේ බෝඩිමේමනෙ. ඒ කතාවෙ අර අනතුරට ලක්වුන එකා මට ඔය වැඩේට සෑහෙන බැනල තියනව. ඌ කට කැඩෙනකල් කියල ඇති මචන් ඕය වැඩේ නවත්තල පාඩම් කරපන් කියල. ඒ වුනාට ඉතින් ඔය විකාර ඔලුවට ගැහුවම සක්කරය ඇවිත් කිව්වත් වැඩක් නෑ නෙ. අපේ කට්ටිය ඒක දන්නව ඇතිනෙ. මැට්ටයි අනිත් උන් ටිකත් අරූත් එක්ක සෙට් වෙලා මට බනිනවා. අපරාදෙ කියන්නෙ ඒ කියපු එක වචනෙකින්වත් වැඩක් උනේ නෑ. දැන් කල්පනා කලාම මට තේරෙනවා අපි ඒ කාලෙ කොච්චර මෝඩද කියන එක. කොච්චර මෝඩද කියනව නම් අපි ආදරේ කරන්න පටන් ගන්නකොට අපි එකපාරක් වත් හම්බවෙලා වත් තිබුනෙ නෑ. ෆොටෝ එකක් වත් දැකල තිබුනෙ නෑ. ඒකි අපේ බෝඩිමේ හිටපු කොල්ලෙක්ගෙ යාලුවෙක්. ෆෝන් එකෙන් තමයි සෙට් උනේ. ඉතින් හිතා ගන්න පුලුවන් නෙ වැඩේ. ඕක ඉතින් හෙනම දිග කතාවක්. ඒක කියන්න ගියොත් මම කියන්න ආපු එක කියන්න වෙන්නෙ නෑ. 

කොහොම හරි ඒ බැඳීමට හොඳ පදනමක් තිබුනෙ නෑ වගේම වැඩි අයුෂ තිබුනෙත් නෑ. විභාගෙ ඉවර උන ගමන් ඒකත් නැවතුනා. ඒකි ගොඩක් කලින් ඒ තීරණේ අරන් තිබුනෙ. ඒත් මට කිව්වෙ විභාගෙ ඉවර උනාම. ගෙදරින් කේස් කියල තමයි කිව්වෙ. ඒත් මට පස්සෙ ඇත්ත කතාව ආරන්චි උනා. ඒකිගෙ හිත වෙනස් වෙලා තියෙන්නෙ මාව මුලින්ම මුන ගැහුන දවසෙ. මම හැන්ඩි මදිලු. මොනව කරන්නද ඉතින්. 

කොහොම හරි ඔය සම්බන්ධෙ නැවතුන දවස් වල මම ෆුල් අවුට් හිටියෙ. ඕව ගැන ඉතින් අපේ කට්ටියට අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ. කොහොමත් මම ටිකක් අනිත් කොල්ලන්ට වඩා සෙන්සිටිව්. මට ඔය සීන් එක නම් දරාගන්නම බැරි උනා. අම්ම මගෙන් දෙතුන්පාරක්ම අහල තියනව මොකක්ද පුතේ ප්‍රශ්නෙ කියල. ඉතින් ඔය කාලෙ හිතේ දුක කියාගන්න කෙනෙක් නැති උනාම මම නිසදැස් ලිව්වා. සිංහලෙන් නම් කමක් නෑ කියමුකො, මම ඒව ලිව්වෙ ඉංග්‍රීසියෙන්. ඉතින් හිතා ගන්නකො මම හිටපු තත්ත්වෙ. ඒව ඉතින් මහ ලොකු නිසදැස් නෙමෙයි. සමහර ඒවගෙ එලිසමය වත් නෑ. නිසදැස් කිව්වට ඒව කතන්දර වගේ. දුකට ලියවුන ඒවනෙ. කට්ටිය කියවල නෝන්ඩි කරන්න නම් එපා. මම ඒ ටික දාන්නම්.


Don't Ask Why


You are away from me, but I’m always with you
Don’t ask why, I can’t tell it


You don’t need me, but my heart is always with you
Don’t ask why, I can’t explain it


You are not mine anymore, But I love you forever
Don’t ask why, I don’t even know it



You are Nowhere

When there are stars in the sky,
I try to find you among them

When there is the moon in the sky,
I try to compare the moon with your face

When I see the sea,
I try to hear your voice among the sound of waves

When the wind whispering,
I try to feel your breath in it

When birds are singing,
I try to hear your voice among them

When it is raining,
I try to feel the warmth of your tears among them

But…………..!

I can’t see you,
I can’t hear you,
I can’t feel you,

You are nowhere,
Just only your memories everywhere!



I Just Can't 
I can’t look at the moon,
Coz I see your face on it

I can’t hear birds are singing,
Coz I hear your voice in it

I can’t remember the past,
Coz you always hurt me in it

I can’t live my life anymore,
Coz I can’t live without you in it



Remember 

When you feel sad,
Remember there is someone who is always wishing
to make you happy

When you feel a pain,
Remember there is someone who is always wishing
to make you comfortable

When there is no one to listen to you,
Remember there is someone who is always wishing
to listen to you

When there is no one to look after you,
Remember there is someone who is always wishing
to look after you

When you need someone,
Remember there is me who is always wishing
to be your one.


ප.ලි. මේවට මාතෘකා නම් තිබුනෙ නෑ. ඒව මම දැන් දැම්මෙ.

Friday, March 18, 2011

මැටි කතා වස්තුව

මේ කියන්න යන්නෙ අපේ කොල්ලෙක් ගැන. අපි ඌට ආදරේට කියන්නෙ මැට්ට කියල. ආදරේට කිව්වට ඉතින් මිනිහ කරන වැඩ වල හැටියට වෙන කියන්න නමක් නෑ. ඕකට ඔය නම දැම්මෙ මම. අපරාදෙ කියන්න බෑ එදා ඉඳල අපේ උන් ඌට ඒ නමින්ම තමයි අමතන්නෙ. ඌටත් ඒක දැන් ගානක් නෑ. මිනිහගෙ බයික් එකට පවා කොල්ලො ආදරේට කියන්නෙ "මැටි රථය" කියල. හිටී ගමන් ගොන් පාට් දැම්මට මිනිහ හිත හොඳ කොල්ල. 1 වසරෙ ඉඳලම මම මිනිහව අඳුනනව. 6 වසරෙ ඉඳල තමයි හොඳටම ෆිට් උනේ.

මිනිහට මේ ලෝකෙ වැඩක් නැති වුනාට ජනාධිපති ලේකම්ටත් වඩා බිසි. ඒක දැන් නම් ජොබ් එකක් කරනවා. මිනිහ හෙන ගැජමැටික්ස් ඩයල් එක. කම්පියුටර් එකට, බයික් එකට හෙන හෙන ගැජමැටික්ස් දානවා. මිනිහ ගොඩක් වෙලාවට අටුව කඩල පුටුව හදනව වගේ වැඩ කරන්නෙ. හැබැයි ඉතින් මිනිහ ඇත්තටම දක්ශයා. පොඩි පොඩි දේවල් වලින් අපිට හිතන්නවත් බැරි වැඩ ඌ කරනවා. මැටි වැඩ කරන්න ඌට මාර මීටරයක් තියෙන්නෙ. හැබැයි වඩකට ඇති වැඩකට හරි ඉගෙන ගන්න හරි ජීවිතේට ඔය මොලේ පාවිච්චි කරන්නෙ නෑ.

මිනිහගෙ මැටි වැඩ වලින් හොඳම එකක් කියන්නයි මම හදන්නෙ. අපි දෙන්නම A/L කරන කාලෙ හිටියෙ එක බෝඩිමේ. ඒකෙ තව කොල්ලො 8ක් විතර හිටියා. අපි ඔක්කොම එකම සෙට් එකේ. ඒකෙ කාමර 4ක් තිබුනා. අපේ කාමරෙ හිටිය හතිය තියන කොල්ලෙක්. පොඩ්ඩ ඇත්තන් ඌට හතිය වැඩි වෙනවා. අපේ කතා නායකයා නොහොත් මැට්ට හිටියෙ අල්ලපු කාමරේ. දවසක් අර හතිය තියන එකා පාඩම් කර කර ඉඳල කම්මැලි කමට පොඩි බ්‍රේක් එකක් ගන්න මැට්ට ඉන්න කාමරේට ගියා. ඌ ඒ වෙලවේ දැනගෙන හිටියෙ නෑ ඌ ඒ යන්නෙ කොයිතරම් භයානක ගමනක්ද කියල. ගිහින් ඇඳේ හාන්සි වෙලා ඉඳල. ඔන්න ඔය වෙලාවෙ අපේ මැට්ටගෙ මැටි මොලේට මැටිම මැටි අදහසක් ඇවිත්. මිහින ශේප් එකේ ලියල අයින් කරපු කොල ගොඩක් ගෙනත් කාමරේ මැද ගොඩ ගහල. ඊට පස්සෙ අර ශේප් එකේ අර කොල ටිකට ගිනි තියල කාමරේ දොර ගාවට වෙල ඉඳල. වෙන්න යන විනාසය ගැන කිසිම අදහසක් අර අහිංසක කොල්ලට තිබිල නෑ. කොහොම හරි කොල ගොඩ හොඳට ඇවිලෙන කොට රස්නෙ දැනිල අරූ ඔලුව උස්සල බලල. ඒකා ගිනි ගොඩ දැක්කෙ එතකොටලු. එතකොටම අපෙ ඩයල් එක මැට්ට කාමරෙන් එලියට පැනල එලියෙන් දොර ලොක් කරල. ඇතුල ඉන්න එකා (හති කාරයා) අර ගිනි ගොඩ නිවන්න බලල. ඒ වුනට කොල ගොඩක් තිබුන නිසා නිවන්න බැරි වෙලා. වටේ ගිනි ගන්න මොනවත් තිබිල නැති නිසා, කොල ටික පත්තු වෙල නිවිල යයි නේද කියල අරුත් බලන් ඉඳල. ටික වෙලවක් යද්දි තමයි ඇතුලෙ ඉන්න එකාට එන පොට හරි යන්නෙ නෑ කියල තෙරිලා තියෙන්නෙ. කොල ගොඩ පත්තු වෙන කොට ටික ටික කාමරේ දුමෙන් පිරෙන්න ගත්තලු. එතකොට තමයි ඌට මැට්ටගෙ ප්ලෑන් එක තේරිලා තියෙන්නෙ. මූ දොරට ගහගෙන ගහගෙන ගිහිල්ල. ඒත් වැඩක් නෑ, මැට්ට එලියට වෙල හිනා වෙවී ඉන්නවලු. දැන් කාමරේ හොඳටම දුමෙන් පිරිලලු. දොර ඇරෙන පාටකුත් නැතිලු. අරූට දැන් සුදු කොඩි පේනවලු. ජනේලෙ ඇරල ෆෑන් එක දැම්ම නම් දුම එලියට යනව නෙ, ඇතුලෙ හිටපු එකාට කලබලේට ඒක මතක් වෙලා නෑ.




මමයි අනිත් උන් ටිකයි හිටියෙ කොනේම කාමරේ. අපි කයියක් ගහ ගහ හිටියෙ. ඔන්න අපිට ඇහෙනවා මැට්ටගෙ මැටි හිනව. අපිට තේරුනා මූ මොකක් හරි ජිල්මාට් වැඩක් කරල තමයි කියල. ඕක ඔහොම හිනා වෙන්නෙ ඒ වගේ වෙලවට. අපිත් ටක් ගාල දුවගෙන ගියා ආතල් එකක් ගන්න හිතාගෙන. යනකොට මූ දොර ලඟට වෙලා බොහොම ජයග්‍රාහී ලීලාවෙන් හිනා වෙවී ඉන්නවා. අපිත් දොර ගාවට කිට්ටු කලා. එතකොටම අපිට ඇහුනා අරූ ඇතුලෙ ඉඳල දොරට ගහ ගහ කෑ ගහන සද්දෙ. "යකෝ මේක ඇරපන් මට හුස්ම ගන්න බෑ". අපි දඩි බිඩි ගාල දොර ඇරියා. එතකොටම මහා දුමක් දොරෙන් එලියට ආව. අපිට ඇතුලට යන්නත් බැරි තරම් ඇතුලෙ දුම පිරිල. එතකොටම ඇතුලෙ හිටපු එකා කැහැ කැහැ එලියට පැන්න. අපිට තාම විකාරයි මොකද උනේ කියල. දැන් මැට්ට සද්දයක් නෑ.

කොහොම හරි අපේ එකෙක් අත දාල ෆෑන් එක දැම්ම. ඔන්න එතකොට කාමරේ දුම අඩු වෙන්න ගත්ත. දුම අඩු වුනාම තමයි අපි දැක්කෙ කාමරේ මැද තිබුන ගිනි ගොඩ. අපිට තෙරුනා වෙලා තියන සන්තෑසිය. දැන් අනතුරට මූන දුන්න එකා හොඳටම කහිනවා. හතියත් ටිකක් වැඩි වෙලා. දැන් මැට්ට ඩිම් වෙලා, මූන දෙක වෙලා ඉන්නෙ. කොහොම හරි ඌට ඉන්හේලර් එක උරන්න දීල, හතියට බොන බේත් දීල, ප්‍රතමාධාර ටික කරල ඌව යතා තත්ත්වයට ගත්ත. හැබැයි ඉතින් අපි ඒ වෙලාවෙ ආවෙ නැත්තන් කතාව ඔයිට වැඩිය වෙනස් වෙන්නත් තිබුන. දැන් කට්ටිය හිතනවා ඇති අපි මැට්ටට ලෙලි යන්න බනින්න ඇති කියල. අනේ නෑ, ඌ මැට්ටනෙ, ඌට බැනල වැඩක් නෑ. ඌට බනිනවට වැඩිය හොඳයි ඒ කටට සාන්ද්‍ර නයිට්‍රික් ඇසිඩ් ටිකක් හලා ගන්න එක. අපි මොනවත් උනේ නෑ වගේ හිටිය. ඒක උගේ සෞඛ්‍යටත් හොඳයි, අපේ සෞඛ්‍යටත් හොඳයි. ඒ අනතුරට ලක් වුන කොල්ල දැන් මොරටුවෙ ඉන්ජෙක්. එච්චර වටින එකෙක් තමයි අපේ මැට්ට මරා ගන්න හැදුවෙ. මේක බොරුවක් නම් නෙමෙයි, ඇත්තම කතාවක්. ඔන්න ඔහොමයි අපේ මැට්ටගෙ වැඩ. ඔය අපේ මැට්ටගෙ වීරක්‍රියා වලින් එකක්. තව ඔය වගේ කතා ගොඩක් තියනවා. මම ඒවත් ඉස්සරහට කියන්නම්.

Monday, March 14, 2011

හිතට දැනෙන ඇත්තම කතාවක්

මේක මගේ යාලුවෙක් ලියපු නිසදැසක්. මිනිහ මොරටුව කැම්පස් එකේ ඉන්නෙ. මිනිහ පහුගිය දවස් ටිකේ training හිටියෙ. A-14 පාරෙ, මැදවච්චියෙ තමයි මිනිහ training වැටුනෙ. A-14 පාර ප්‍රතිසංස්කරනය කරන්න තමයි ඒ project එක තිබිල තියෙන්නෙ. මැදවච්චියේ කිව්වට මැදවච්චියෙ ඉඳලත් 40km විතර එහා. කොහොම හරි මිනිහට එහේ ඉඳල එපා වෙලා. දෙපැත්තෙම කැලෑවලු. සරණාගත කඳවුරු 3යි, පොලිස් කෑම්ප් එකයි, නේවි කෑම්ප් එකයි අරුනම මනුස්සයෙක් පේන්නවත් හිටියෙ නැතිලු. ඒ මදිවට අව්වයි, දූවිල්ලයි, ගල් කුඩුයි එක්ක ඉඳල මිනිහට එපාම වෙලා. ඔන්න ඔය විදියට මල පැනල පාර අයිනට වෙලා අව්වෙ ඉන්න වෙලවක මිනිහ ලස්සන නිසදැසක් ලියල තියනවා. පස්සෙ ඒක දාල මිනිහ ෆොටෝ එකක් හදල තිබුනා. මම ඒක facebook එකේ තිබිල දැක්කෙ. මම ඒක එහෙමම දාන්නම්.


P.S. ඔය තියන 39km කනුව මිනිහගෙ site office එක ගාව තිබුන එකලු.

මට තේරෙන්නෙ නැති ආදරේ

ආදරේ ගැන නම් ඉතින් ගොඩක් අය කතා කරනවා නේද? කමක් නෑ මාත් ඒ ගැන මට හිතෙන දේ කියන්නම්. මොකද මටත් ඒ ගැන ගොඩක් අත්දැකීම් තියනවා. ඇත්තටම ඔය ආදරේ කියන වචනෙ නිර්වචනය කරන්න පුලුවන් ජගතෙක් නම් මේ ලෝකෙ නෑ. මොකද ඒක කෙනාගෙන් කෙනාට, අවස්තාවෙන් අවස්තාවට වෙනස් වෙනව. සමහර වෙලවට ඒක හරි බොළඳයි, වෙලාවකට හරි ගැඹුරුයි. ඒ ආදරේ හරි බොළඳයි, නැත්තන් ඒක මහ සීරියස් ලව් එකක් කියල අපි වෙලාවකට කියනව. ඒක ඉතින් එක එක්කෙනාගෙ විදිය. හැබැයි ඉතින් ආදරේදි ඕනවට වඩා බොළඳ වෙන එකයි ඕනවට වඩා සීරියස් වෙන එකයි හොඳ නෑ කියල මාත් පිළිගන්නවා. අපේ ගොඩක් අය ආදරේ කරන්න ගිහින් ඇන ගන්නවා. මාත් ඉතින් එහෙම දෙතුන්පාරක්ම ඇනගෙන තියනවා.

අපේ කට්ටියට ගොඩක්ම වරදින්නෙ තමන්ට හරි කෙනා තෝරගන්න බැරි එකෙන්. ඒකට ඉතින් ඇත්තටම වාසනාව තියෙන්න ඕන. අවුරුදු ගනන් ආදරේ කරල බැඳල දික්කසාද වෙන අයත් ඉන්නවා, බස් එකේදි නොම්මරේ දීල සෙට් වෙලා බොහොම හොඳට පවුල් කන අයත් ඉන්නවා. මම නම් හිතන්නෙ ඒව පෙර කල පින් අනුව තමයි වෙන්නෙ. මම නම් ආදරේ විඳල තියනවට වඩා ආදරේ නිසා විඳවල තියනවා. මම ආදරේ වෙනුවෙන් හැම දෙයක්ම කලා. ඒත් ඒ වෙනුවට මට ලැබුනෙ දුක විතරයි. එහෙම තමයි ඉතින්, කෙනෙක් ආදරේ නිසා සතුටු වෙද්දි තව කෙනෙක් විඳවනව. ඒකත් ඉතින් පින තමයි. කොල්ලෙක්ට හොඳ කෙල්ලෙක් ලැබුනොත් ඉතින් ඊට වඩා දෙයක් නෑ. චාටර් කෙල්ලෙක් ලැබුනොත් නම් ඉවරම තමයි. කෙල්ලන්ටත් ඉතින් ඒක එහෙමම වෙන්න ඇති. 


මෙහෙම කතාවක් අහල තියෙද?
"Love is the cure for every pain. But there there is no cure for the pain of Love"

ඒත් එහෙමයි කියල අපිට ආදරේ නොකර ඉන්න බෑ නෙ. ආදරේ කරන්න, ඒක අපිට අවශ්‍ය දෙයක්. හැබැයි ඒ ආදරෙදි ටිකක් ආත්මාර්තකාමී වෙන්න. තමන් ගැන මුලින් හිතන්න. ආදරේ, ජිවිතේ කරගන්න එපා. වෙන් වෙන්න පුලුවන් තරමට විතරක් ලං වෙන්න. කොයිතරම් ලඟින් හිටියත් දවසක ඒ ආදරේ අපිව දාල යන්න පුලුවන් කියල මතක තියාගන්න. එතකොට අපිට ආදරේ නිසා එච්චර විඳවන්න වෙන එකක් නෑ. දෙතුන්පාරක් ඇනගත්තට පස්සෙ මම හොඳටම තේරුම් ගත්ත දේ තමයි මම ඔය කිව්වෙ.

මේක මට facebook එකේ හම්බ වුන ෆොටො එකක්


















තව දෙයක් කියන්න ඕන, ආවට ගියට, කම්මැලිකම නැති වෙන්න, ආතල් එකට නම් කාටවත් ආදරේ කරන්න එපා. කාටවත් බොරු බලාපොරොත්තු දීල, හිත කඩන්න එපා. ඒක මහ ලොකු පවක්. තමන්ගේ ආදරේ නැති වුනාම කොච්චර දුක හිතෙනවද කියල දන්නෙ එහෙම දේකට මූන දුන්න කෙනෙක් විතරයි. මම ඒක ගැන හොඳටම දන්නවා. අනිත් එක ඉස්කෝලෙ යන නංගිලා මල්ලිලාට නම් කියන්න තියෙන්නෙ, ඉස්කොලෙ යන කාලෙ නම් ඔය විකාර කරන්න එපා. එහෙම කරපු අයගෙන් 99.99% කටම පාඩුවක් මිසක් කිසිම දෙයක් ලබුනෙ නෑ. අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ. ඒවට කල් තියනවා, කලබල වෙන්න එපා.



මට අන්තිමට කියන්න තියෙන්නෙ මේක තමයි. මේකත් මට facebook එකෙන් ලැබුන ෆොටො එකක්.