ආදරේ ගැන නම් ඉතින් ගොඩක් අය කතා කරනවා නේද? කමක් නෑ මාත් ඒ ගැන මට හිතෙන දේ කියන්නම්. මොකද මටත් ඒ ගැන ගොඩක් අත්දැකීම් තියනවා. ඇත්තටම ඔය ආදරේ කියන වචනෙ නිර්වචනය කරන්න පුලුවන් ජගතෙක් නම් මේ ලෝකෙ නෑ. මොකද ඒක කෙනාගෙන් කෙනාට, අවස්තාවෙන් අවස්තාවට වෙනස් වෙනව. සමහර වෙලවට ඒක හරි බොළඳයි, වෙලාවකට හරි ගැඹුරුයි. ඒ ආදරේ හරි බොළඳයි, නැත්තන් ඒක මහ සීරියස් ලව් එකක් කියල අපි වෙලාවකට කියනව. ඒක ඉතින් එක එක්කෙනාගෙ විදිය. හැබැයි ඉතින් ආදරේදි ඕනවට වඩා බොළඳ වෙන එකයි ඕනවට වඩා සීරියස් වෙන එකයි හොඳ නෑ කියල මාත් පිළිගන්නවා. අපේ ගොඩක් අය ආදරේ කරන්න ගිහින් ඇන ගන්නවා. මාත් ඉතින් එහෙම දෙතුන්පාරක්ම ඇනගෙන තියනවා.
අපේ කට්ටියට ගොඩක්ම වරදින්නෙ තමන්ට හරි කෙනා තෝරගන්න බැරි එකෙන්. ඒකට ඉතින් ඇත්තටම වාසනාව තියෙන්න ඕන. අවුරුදු ගනන් ආදරේ කරල බැඳල දික්කසාද වෙන අයත් ඉන්නවා, බස් එකේදි නොම්මරේ දීල සෙට් වෙලා බොහොම හොඳට පවුල් කන අයත් ඉන්නවා. මම නම් හිතන්නෙ ඒව පෙර කල පින් අනුව තමයි වෙන්නෙ. මම නම් ආදරේ විඳල තියනවට වඩා ආදරේ නිසා විඳවල තියනවා. මම ආදරේ වෙනුවෙන් හැම දෙයක්ම කලා. ඒත් ඒ වෙනුවට මට ලැබුනෙ දුක විතරයි. එහෙම තමයි ඉතින්, කෙනෙක් ආදරේ නිසා සතුටු වෙද්දි තව කෙනෙක් විඳවනව. ඒකත් ඉතින් පින තමයි. කොල්ලෙක්ට හොඳ කෙල්ලෙක් ලැබුනොත් ඉතින් ඊට වඩා දෙයක් නෑ. චාටර් කෙල්ලෙක් ලැබුනොත් නම් ඉවරම තමයි. කෙල්ලන්ටත් ඉතින් ඒක එහෙමම වෙන්න ඇති.
මෙහෙම කතාවක් අහල තියෙද?
"Love is the cure for every pain. But there there is no cure for the pain of Love"
ඒත් එහෙමයි කියල අපිට ආදරේ නොකර ඉන්න බෑ නෙ. ආදරේ කරන්න, ඒක අපිට අවශ්‍ය දෙයක්. හැබැයි ඒ ආදරෙදි ටිකක් ආත්මාර්තකාමී වෙන්න. තමන් ගැන මුලින් හිතන්න. ආදරේ, ජිවිතේ කරගන්න එපා. වෙන් වෙන්න පුලුවන් තරමට විතරක් ලං වෙන්න. කොයිතරම් ලඟින් හිටියත් දවසක ඒ ආදරේ අපිව දාල යන්න පුලුවන් කියල මතක තියාගන්න. එතකොට අපිට ආදරේ නිසා එච්චර විඳවන්න වෙන එකක් නෑ. දෙතුන්පාරක් ඇනගත්තට පස්සෙ මම හොඳටම තේරුම් ගත්ත දේ තමයි මම ඔය කිව්වෙ.
මේක මට facebook එකේ හම්බ වුන ෆොටො එකක්
තව දෙයක් කියන්න ඕන, ආවට ගියට, කම්මැලිකම නැති වෙන්න, ආතල් එකට නම් කාටවත් ආදරේ කරන්න එපා. කාටවත් බොරු බලාපොරොත්තු දීල, හිත කඩන්න එපා. ඒක මහ ලොකු පවක්. තමන්ගේ ආදරේ නැති වුනාම කොච්චර දුක හිතෙනවද කියල දන්නෙ එහෙම දේකට මූන දුන්න කෙනෙක් විතරයි. මම ඒක ගැන හොඳටම දන්නවා. අනිත් එක ඉස්කෝලෙ යන නංගිලා මල්ලිලාට නම් කියන්න තියෙන්නෙ, ඉස්කොලෙ යන කාලෙ නම් ඔය විකාර කරන්න එපා. එහෙම කරපු අයගෙන් 99.99% කටම පාඩුවක් මිසක් කිසිම දෙයක් ලබුනෙ නෑ. අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ. ඒවට කල් තියනවා, කලබල වෙන්න එපා.
මට අන්තිමට කියන්න තියෙන්නෙ මේක තමයි. මේකත් මට facebook එකෙන් ලැබුන ෆොටො එකක්.
කතාව සිරා...
ReplyDeleteඒත් මම තවම ඇනගෙන නෑ.....
දිගයම ලියන්න අය්යා.....ඔන්න මම Follow පාරකුත් දැම්මා
එලකිරි මල්ලියෝ!
ReplyDeleteමට නම් එපා කරපු මාතෘකාව තමයි ආදරේ කියන්නේ. ඇනගෙන ඉවරෙකුත් නෑ ගොඩ ගිහින් ඉවරෙකුත් නෑ.
ReplyDelete@මධුරංග
ReplyDeleteමට නම් ඒ මාතෘකාව තේරෙන්නෙ නෑ බං
මම කැමතිම ලිපියක් මේක....බොක්කෙන්ම ලියලා තියන්වා කිව්වොත් අයියා තරහගන්නෙපා....;)
ReplyDeleteඒක ඇත්ත....ආදරේ ජීවිතේම කරගත්තොත්.....ජීවිතේම දුකක් තමයි.....ගොඩ ඒමක් නෑ....විඳවීමෙ සීමාවක් නෑ....ඒත් ඔය සින්හලේ තේරෙන්නෙ නෑනෙ මුලින්....:(
@හිතුවක්කාරි
ReplyDeleteතරහ වෙන්නෙ මොකටද නගෝ. ඇත්තටම බොක්කෙන්ම තමයි ලිව්වෙ.
ආදරේ ජීවිතේ කරගන්න හොඳ නෑ කියල තේරුම් අරගෙනම පටන් ගත්තත් ගොඩක් වෙලාවට අපිට ඒක ඉක්මනටම අමතක වෙනව. නොදැනීම ආයෙමත් ආදරේ ජීවිතේ කරගන්නව. ඒක තමයි ප්‍රශ්නෙ.
ආදරෙ ජීවිතෙම කරගත්තම මැරෙන්න ලෙසී.. මොකද බොරු කරල රවට්ටල ගියාම දනෙන දුක මරනය වගෙ තමයි
ReplyDelete