twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Saturday, March 17, 2012

තවත් එක් (කෙටි) කතාවක්




හිරුගේ තද හිරු රැස් පහව ගොස් පරිසරය සෞම්‍ය ස්වභාවයක් ගනිමින් සිටියේය. එහෙත් ඒ සෞම්‍ය බව විඳ ගැන්මට තරම් මා වාසනාවන්තයෙක් නොවීය. දින ගණනක් අතු නොගෑ මිදුල, උසට වැවී තිබුණු තණකොළ, වියලී ගිය මල් ගස්, මවා පෑවේ අත්හැර දැමූ නිවසක අකාරයක්ය. දින ගණනක් පුරාවටම අවට නිවෙස් වලින් තම ආහාර වේල සපුරා ගත් ටිකිරා ඒ ගැන කිසිදු තරහක් ඇති කර නොගෙන තවමත් ගේට්ටුව අසලට වී වත්ත මුර කරයි. වැට අයිනේ ඇති අඹ ගහ මුළුමනින්ම මියගොස් ඇත්තේය. එහි දිරාගිය සැකිල්ල මතට වී සති ගණනක් පුරාවට සිටින කාක්කා දෙස මම බලා සිටියෙමි. අඹ ගෙඩියක් තබා කොළයක් වත් නැති ගස මතට වී ඌ නිසොල්මනේ සිටියි. 

"පුතේ...."

මම අම්මාගේ හඬින් අවදි වී ගෙතුලට ඇදුනෙමි. ඇඳ අසල ඇති මේසය අල්ලාගෙන ඇය වම් ඇලයට හැරෙමින් සිටියාය.

"ඇයි අම්ම හැරෙන්න හදන්නේ?"

"එකම විදියට ඉන්න බෑ දරුවෝ."

මම ඇයට හැරෙන්නට උදව් කර ඇඳ අසල තබාගෙන තිබූ බැංකුවෙන් වාඩි වුනෙමි.

"ඇයි අම්ම කතා කළේ?"

"අර දරුවා තාම ආවේ නැද්ද පුතේ?"

"තාම නෑ අම්මේ, මම දැන් කතා කරනකොට බස් එකෙන් බහින්න හදන්නේ කිව්වා. දැන් ඒවි."

"හ්ම්ම්...."

"දැන් ඇයි අම්ම නිශාට එන්න කියන්න කිව්වේ? ඔන්න ආයෙත් එයා එක්ක රණ්ඩු වෙන්න නම් හදන්න එපා හොඳද."

"පිස්සුද දරුවෝ, මැරෙන්න වැටිලා ඉන්න මම මොකටද තවත් රණ්ඩු වෙන්නේ. පුතා බය නොවී ඉන්නකෝ."

මා මේ සිටින්නේ අවුරුදු විසි හතක් මා රැක බලාගත් මගේ අම්මාගේ මරණ මන්චකයේය. වෛද්‍යවරුන්ට අනුව ඇයට තවත් දින දෙක තුනකට වඩා ජීවත් වීමට අවස්ථාවක් නැත. තරුණ කළ අධික ලෙස වෙහෙස වී ඇති නිසා ඇගේ සිරුර ඉතා දුර්වල බවත්, එම නිසා තව දුරටත් ඖෂධ ලබා දීමෙන් ඇගේ මරණය ඉක්මන් විය හැකි බවත් වෛද්‍යවරුන් පැවසුවෝය. තවදුරටත් කළහැකි කිසිත් නැතැයි ඔවුන් පැවසුවෝය. එසේ කියා ප්‍රතිකාර නවතා අම්මාගේ ටිකට් කැපුවේ මීට දින හතරකට පමණ ඉහතදීය. වාට්ටුවෙන් පැමිණෙන වෙලාවේ එහි සිටි වෛද්‍යවරයා මගේ කරට අත දමා පැවසූ වදන් තවමත් මගේ කන් වල දෝංකාර දෙයි.

"පුතා අම්මව සතුටින් තියන්න. එයාට තව වැඩි දවසක් නෑ."

තාත්තාගේ හදිසි වියෝවෙන් පසු අක්කාත් මාත් උස් මහත් කිරීමට අම්මා නොවිඳිනා දුක වින්දාය. අපේ සියලුම අවශ්‍යතා සපිරුණේ අම්ම කුලී වැඩ කර උපයාගත් මුදලිනි. දෑසින් වැටෙන කඳුළු සඟවා ගැනීමට මම ඇඳ මතින් හිස තබා ගත්තෙමි. අපහසුවෙන් ඔසවාගත් සුරතින් ඇය මගේ හිස පිරිමදින්නට විය. ඒ සුවය මා වින්දේ බොහෝ කලකිනි. ඇය යමක් කියන්නට වෙර දරන බවත් එහෙත් ඇය ගොළු වී ඇති බවත් මට හැඟිනි.

"සුරංග! සුරංග!!"

"අන්න අම්මේ නිශා ඇවිත්."

"අනේ පුතේ ඒ දරුවව එක්කන් එන්න."

මා කාමරයේ සිට ගේ ඉදිරිපසට ඇවිද ගියේ තරමක් චකිතයකින් යුතුවය. හිසේ කෙස් ගාණටත් වඩා මෙහි පැමිණ ඇති නිශා අවසන් වතාවට මෙහි පැමිණියේ මීට වසර තුනකට පමණ ඉහතදීය. ඒ අම්මා ඇයට බැන එලවාගත් දවසේය. සුපුරුදු ලෙන්ගතු සිනාවෙන්ම මුව සරසා ගත් ඈ දොර අසල සිටගෙන සිටියාය. ඒ සිනාව යට සැඟවුණු වේදනාව මට නොපෙනුනාම නොවේ. මා මද වේලාවක් නිසලව ඈ දෙස බලා සිටියා විය යුතුය.

"කොහොමද නිශා? එන්න ඇතුලට."

"වරදක් නෑ සුරංග. ඔයාට කොහොමද? ඔයා ඇදිල ගිහිල්ල." ඈ පැවසුවේ වේදනාත්මක ස්වරයෙනි. මා ඊට සිනහවකින් පමණක් පිළිතුරු දැක්විය.

"අම්මගේ තත්ත්වේ කොහොමද සුරංග?"

"තව දවස් දෙක තුනකට වඩා ජීවත් වෙන එකක් නෑ කියල ඩොක්ටර්ස්ලා කියන්නේ නිශා."

මගේ  මුහුණ දෙස බලා සිටියා විනා ඇය කතා නොකලාය.

"අපි යමු නිශා, අම්ම ඔයා එනකල් මග බලාගෙන ඉන්නේ."

"ඇයි සුරංග අම්ම මට එන්න කිව්වේ?"

"අනේ මන්ද නිශා, ඇහුවට කියන්නේ නෑ."

"මට ආයෙත් බනීවිද දන්නේ නෑ නේද?" ඈ බොහොම ආයාසයෙන් මුහුණට සිනාවක් ආරූඪ කරගත්තාය.

"නෑ නෑ, බනින්න නම් නෙමෙයි කිව්වා." මා එසේ කීවද හිත යට පොඩි බයක් නොතිබුනාම නොවේ. කුමක් වෙන්න යනවාදැයි මට කිසිම  අදහසක් නොවීය. 

නිශා දුටු විට අම්මාගේ මුහුණේ ඇතිවූ ඉරියව් වෙනස මම හොඳන් බලාසිටියෙමි. පසුගිය කාලයේ ඇයට තදින්ම වෛර කල අම්මා ඈ දුටු විගස බොහොම ආදරෙයෙන් සිනහසීම මට මහත් ප්‍රහේලිකාවක් විය.

"අම්මට කොහොමද අම්මේ?" නිශා වෙනදා මෙන්ම අදත් කටපුරා අම්මා කියා ඇයව ඇමතුවාය.

"මගේ ලඟට එන්න දුවේ."

නිශා බෑගය ඇඳ උඩින් තබා බංකුවේ වාඩි වූවාය.

''ඉන්න නිශා මම පුටුවක් ගේන්නම්.''

''එපා එපා සුරංග, මෙහෙම හොඳයි.''

අම්මා කීමට යන දේ දැන ගැනීමේ අටියෙන් මාද උලුවස්සට හේත්තු විය.

''දූ දැන් මොනවද කරන්නේ?''

''මම මැනේජ්මන්ට් කෝස් එකක් කරන්න පටන් ගත්තා අම්මේ. තව මාස දෙකකින් ඒක ඉවරයි.''

''හ්ම්ම්... දූ තාමත් මාත් එක්ක තරහෙන්ද ඉන්නෙ?''

''අනේ නෑ අම්මේ, එහෙම දෙයක් නෑ.''

''මගේ අතින් ලොකු වැරැද්දක් වුනා දරුවෝ. ඔය දෙන්නව වෙන් කරල මම මහ පාපයක් කරගත්තෙ.''

එවර නිශා නිහඬය. ඈ බිම බලාගෙන සිටින්නීය.

''මම දූට එන්න කිව්වෙ ඒ වැරැද්ද හරි ගස්සන්න.''

මට මගේ කන් අදහා ගත නොහැකි විය. මා නිශා දෙස බලද්දී ඈද මා දෙස පුදුමයෙන් බලා සිටියාය. මට ඇසුනු දේ ඇයටද ඇසුනා විය යුතුය.

''මොකද දෙන්නම බය වෙලා? මම මේ ලෙඩ විකාරෙන් කියවනව නෙමෙයි.'' ඈ පැවසුවේ සිනා සෙමිනි. එහෙත් ඒ සිනහව පැවතියේ මොහොතකි.

''පොවපු කිරි වලට මම ලොකු වන්දියක් ඉල්ලුවා දරුවෝ. මට මගෙ දරුවගෙ සතුටට වඩා කෙහෙල්මල් කුලේ ලොකු වුනා. මට දැන් මගෙ ගැනම ලැජ්ජයි දරුවෝ.''

''අනේ එහෙම කියන්න එපා අම්මේ. මෙයයි අක්කයි වෙනුවෙන් අම්ම විඳපු දුක අපි දන්නවනේ. අම්මා ගොඩක් ආඩම්බර වෙන්න ඕන තාත්ත කෙනෙක් නැතුව ළමයි දෙන්නෙක් මෙච්චර තැනකට ගෙනාවට.''

''මැරෙන්න වැටිල ඉන්නකොට තමයි දුවේ හැම දේම තේරෙන්නේ. මම මෙච්චර කාලයක් කර උඩ තියාගෙන හිටියේ කොච්චර වැදගැම්මකට නැති දෙවල්ද කියල දැනුයි මට තේරෙන්නේ. මම මගෙ දරුවගෙ ජීවිතේ විනාස කලා. මගෙ දරුවගෙ විතරක් නෙමෙයි දූගෙ ජීවිතෙත් මම විනාස කලා. දැන් අවුරුදු තුනක් වෙලත් තාමත් අපේ එකා දූ ගැන මතක් කර කර විඳවනවා. මම හොඳටම දන්නවා දූත් එහෙමයි කියලා. මම දූගේ විස්තර ඔක්කොම දන්නවා. පරක්කු වෙලා හරි දැන් මට ඒ වැරද්ද හදන්න ඕන දුවේ.''

හැඬුම් අතරින් අම්මා කතා කරද්දී නිශා කඳුලු පිසදාගනු බොඳවූ දෑස් තුලින් මම දුටුවෙමි.

''තාමත් ඒ වැරැද්ද හරිගස්සන්න පුලුවන් නේද දුවෙ?''

වචනයක් වත් කතා කරගැනීමට නොහැකි වූ නිශා හිස සැලුවාය. අම්මාගේ මුහුණේ ඇති වූ සිනහව තුළ කොයිතරම් සතුටක් ගැබ්ව තිබුනාද යන්න මට මිනිය නොහැකි තරම් විශාල විය.

"මට දැන් සැනසිල්ලේ ඇස් දෙක පියාගන්න පුළුවන් දුවේ."

"අනේ මගේ කොල්ලව හොඳට බලාගන්න දුවේ. මේ පිස්සට කවුරුහරි ළඟ නැත්තන් මුකුත් කරගන්න බෑ."

"හරි අම්මේ, මම අම්මට පොරොන්දු වෙනවා මම සුරංගව අම්ම බලාගත්ත වගේම බලාගන්නවා කියලා."

තවදුරටත් ඒ කතාවට සවන් දීමට තරම් ශක්තියක් නොතිබූ නිසා මම ඉස්තෝප්පුව දෙසට ඇදුනෙමි. හාන්සි පුටුවට බරවූ මාගෙ ඇස් ඉදිරිපිට, අතීතය පොතක් මෙන් දිගහැරෙන්නට විය. නිශා කුඩා කල පටන්ම මාගෙ හොඳම මිතුරියයි. සැපේදී මෙන්ම දුකේදීත් එක මෙන් ලඟ සිටි අතලොස්සෙන් කෙනෙකි ඈ. අප කෙමෙන් තරුණ වියට එලඹෙද්දී ඒ යාලුකම යාලුකමකට එහා යෑම අපට වැලැක්විය නොහැකි වූවා මෙන්ම එය වැලැක්වීමට අපට වුවමනාවක්ද නොවීය. පරිපූර්ණ නොවූ මිනිසුන් අතර පරිපූර්ණ බැඳීම් ඇති විය හැකිය යන්නට අප දෙදෙනා තරම් උදාහරනයක් තවත් නොවීය. එහෙත් අපි එතරම් වාසනාවන්ත නොවීමු. අපේ සම්බන්දයට නිශාගේ ගෙදරින් ආශිර්වාදය ලැබුනත් මගේ අම්මා ඊට තදින්ම විරුද්ධ විය. හේතුව වූයේ කුල ප්‍රශ්නයයි. අම්මාට අනුව ඇයගේ කුලය අපිට කිසිසේත්ම නොගැලපෙන්නේය. අම්මාගේ දෙවනි දියනිය ලෙස අම්මා සැලකූ නිශා අම්මාගෙ පරම සතුරෙකු බවට පත්වූයේ එලෙසිනි. අම්මාගෙ කැමැත්ත ගැනීමට ඇය නොකල දෙයක් නැත. අම්මාගෙ දැඩි විරුද්ධත්වය නිසා පසුකාලීනව නිශාගේ දෙමවුපියන්ද අපේ සම්බන්ධයට විරුද්ධ වුවත් ඇය කිසි විටෙක උත්සාහය අත්නොහලාය. මම මානසිකව වැටෙද්දී ඇය නිරතුරුව මාව ශක්තිමත් කළාය.

මීට වසර තුනකට පමන පෙර ඇය අවසන් වතාවට මෙහි පැමිණි දිනය මට සිහි වෙයි. ඇය එදා පැමිණියේ අම්මා සමග කතා කර කෙසේ හෝ අප දෙදෙනාගේ සම්බන්ධයට අවසර ලබා ගැනීමේ අටියෙනි. එහෙත් සිදුවූයේ අනෙකකි. අප කෙතරම් කරුණු කිව්වත් අම්මාගේ අදහස බිඳකුදු වෙනස් නොවීය. අම්මා ඇයට හොඳටම බැන වැදුනාය. නිශා පරාජය බාර ගත්තේ අම්මාගේ තර්ජනයක් හමුවේය.

''නිශාදී, මේක හොඳට අහගනින්. හැබයි උඹ මගේ කොල්ලගෙ ඇඟේ එල්ලුනොත් අම්මපා මම වහ බොනවා. මගේ මිනිය උඩින් තමයි උඹට මේ ගෙදරට එන්න වෙන්නේ.''

නිශා තවත් වචනයක් වත් කතා නොකලාය. ඇය පිස්සියක් මෙන් හඬමින්ම දිව ගියාය. සියල්ල අවසන මට තීරණයක් ගැනීමට සිදුවිය. මම අවසන් වතාවට ඇය හමුවීමට ගියෙමි. ඇය මා කී හැම දෙයක්ම තේරුම් ගත්තාය. ඈට මාව අම්මාගෙන් දුරස් කිරීමට කිසිම උවමනාවක් නොවීය. ඈ හැමවිටම ඇගේ සතුටට වඩා සැලකුවේ මගේ යහපතයි. ඈ මට යන්න අවසර දුන්නත් මා ඈ එහි තනිකර එන්න හදද්දී ඈ නැවතත් මගේ අතේ එල්ලී හඬන්නට වූයේ මොනම හේතුවක් නිසාවත් ඈට මා අමතක කර හිත හදාගැනීමට නොහැකි නිසා විය යුතුය. ලෝකයම අහිමි වූවා සේ ඈ හඬද්දී මා ඇය එහි තනිකර දමා ආවේ කෙසේදැයි මට අදටත් සිතගත නොහැක.

අපේ ජීවිත මහ පුදුමාකාරය. වරක් අම්මා නිසා නිසා මම පනටත් වඩා ආදරය කල නිශාව නැති කරගැනීමට මට සිදුවිය. දැන් මා ජීවිතයේ වැඩියෙන්ම ආදරය කළ පුද්ගලයා වන අම්මා මාව හැරයන්නට සැරසෙන අතර ඇය නැවත නිශා සහ මාව එක් කර ඇත. දරාගත නොහැකි දුකකුත් එවැනිම සතුටකුත් අතර මගෙ සිත දෝලනය වෙයි.

''මම් එහෙනම් ගිහින් එන්නම් සුරංග.''

ඈ මාගේ ලඟට එන තුරුම මම ඇයව නොදුටුවෙමි. මෙතරම් කලක් අවදියෙන් සිටින විට සිතින් මවාගත්, නින්දේදී සිහිනෙන් දුටු ඒ රුව දැන් මා අභියසම ඇත. ඒ රුව දැන් නැවතත් මාගේමය.

''සුරංග?''

මා කිසිත් නොකියා ඇය දෙස බලා සිටි නිසා ඇය නැවත මා ඇමතුවාය.

''ආහ්... හරි නිශා, පරෙස්සමින් ගිහින් එන්න. ගිහින් මට කියන්න.''

''සුරංග, මට ඔයට දෙයක් කියන්න තියනවා.''

''කියන්න නිශා.''

''සුරංග, .....''

ඇගේ කතාවට බාධ වූවේ ඇගේ ජංගම දුරකථය නාද වූ බැවිනි.

''හෙලෝ මහෙශ්!''

''මම සුරංගගෙ ගෙදර ආව පොඩ්ඩකට.''

''ඔව් ඔව් එයා තමයි.''

''මම ඇවිත් කියන්නම් මහේශ්.''

''නෑ නෑ ඔයා ඉන්න මහේශ්. මම දැන් එන්න හදන්නෙ.''

''හරි, බුදු සරණයි.''

"කවුද නිශා?"

ඇය ජංගම දුරකථනය බෑගයට දමා නිහඬව බිම බලා සිටියාය.

"ඇයි නිශා, මොකද? කවුද ඒ කතා කළේ?"

"ඒ මම බඳින්න ඉන්න කෙනා සුරංග."

හිරු බටහිර අහසේ මුළුමනින්ම සැඟව ගොසිනි. වේගයෙන් හමන සුළඟ පරිසරය තව තවත් වියලි කරවන්නට විය. ටොමියා බඩගින්නේ කෙඳිරිගානු ඇසෙයි.

"දැන් සති දෙකකට කලින් මේක තීන්දු කළේ සුරංග. අම්මයි තාත්තගෙයි බලකිරීම ඉවසන්නම බැරි තැන, එයාලට තවත් බරක් වෙන්න කැමති නැති නිසා මම අන්තිමට කැමති වුනා. තව මාස තුනකින් වෙඩින් එක. අනේ අම්මට කියන්න එපා සුරංග. අම්ම ගොඩක් සතුටෙන් ඉන්නේ. මේක දැනගත්තොත් එයාට දරාගන්න බැරි වෙයි."

මා ඔලුව වැනුවා මට මතකය.

"අනේ මට දුක ඔයා ගැන සුරංග. අම්මත් නැති වුනාම ඔයාව බලාගන්නේ කවුද?"

කඳුළු සඟවන්නට ඈ ඉවත බලාගත්තත් එහි පලක් නොවීය. නොකඩවා වැටෙන කඳුළු බිඳු අතරින්ම ඈ යලිත් මා දෙස බැලුවාය.

"මට පොරොන්දු වෙන්න සුරංග ඔයා හැම දේම හොඳින් කරගෙන ලස්සනට ජීවත් වෙනවා කියලා."

ඇය මගේ අත ගෙන ඇගේ හිස මත තබාගත්තාය. මා නැවත ඔලුව වැනුවා විය යුතුය. ඇය ඇගේ ලේන්සුවෙන්ම මගේ කඳුළු පිසදා මගේ හිස අතගෑවාය. ඒ නම් නිසැකවම අවසාන වතාවමය.

"මම යන්නම් සුරංග, මහේෂ් අපේ ගෙදර ඇවිත්."

පොද වැටෙමින් තිබුණු නිසා නිශා කුඩයත් ඉහලගෙනම එලියට බැස්සාය. අන්දර වැට අතරින් ඈ නොපෙනී ගියේ අවසාන වතාවට බව දැන් මා හොඳින්ම දනී. දිරා ගිය අඹ ගස මත සිටි කාක්කා තවමත් එලෙසමය. ලෝකයම මොහොතින් මොහොත වෙනස් වුවත් ඌ තවමත් එතැනමය.

අම්මා කහිනු ඇසී මම නැවතත් කාමරය දෙසට ඇදුනෙමි.
...............................................................................................................................................................

ආදරය යනු ජීවිතයම නොවන බව සැබෑවකි. එහෙත් සැබෑ ආදරයක් නොලබන ජීවිතය ජීවිතයක් නොවන බවද ඒ තරමටම සැබෑවකි. කෙනෙක් එවැනි ආදරයක් ලැබීමට වාසනාවන්ත වන අතර තවෙකෙකු එසේ නොවන්නේය. 


42 comments:

  1. හ්ම්.. හොඳට හිතට දැනුන කතාවක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ...!

      Delete
  2. මට හිතුනා ඒත් මොකක් හරි අවුලක් ඇති කියලා... ලස්සනයි අයියේ.. මේ ටික නම් හිතටම වැදුනා...
    "ආදරය යනු ජීවිතයම නොවන බව සැබෑවකි. එහෙත් සැබෑ ආදරයක් නොලබන ජීවිතය ජීවිතයක් නොවන බවද ඒ තරමටම සැබෑවකි."

    ReplyDelete
    Replies
    1. :) ස්තූතියි නංගියෝ...!

      Delete
  3. ආදරය යනු ජීවිතයම නොවන බව සැබෑවකි. එහෙත් සැබෑ ආදරයක් නොලබන ජීවිතය ජීවිතයක් නොවන බවද ඒ තරමටම සැබෑවකි. කෙනෙක් එවැනි ආදරයක් ලැබීමට වාසනාවන්ත වන අතර තවෙකෙකු එසේ නොවන්නේය.

    මම වැඩිය කතා කියවන එකෙක් නෙවි.හැබැයි බං මේ කැල්ල නම් බොක්කටම වැදුනා.

    ReplyDelete
    Replies
    1. උඹට නම් ඔය කෑල්ල බොක්කට වදිනවා කියල මම දැනගෙන හිටියා.;)

      Delete
  4. ඇස් දෙකේ කඳුලු පුරවගන බලපු කෙටි කතාවක්. එතරම්ම සන්වේදී . අකුරු කොටන්නත් බෑ වගේ . පැටලෙනවා .
    //"ආදරය යනු ජීවිතයම නොවන බව සැබෑවකි. එහෙත් සැබෑ ආදරයක් නොලබන ජීවිතය ජීවිතයක් නොවන බවද ඒ තරමටම සැබෑවකි."//

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කෝ අගය කිරීමට.

      Delete
  5. නියම කතාව අයියෙ හිතට වදින්නම ලියල තියෙනව.......අර නිල් පාටින් දාපු ටිකට නම් කියන්න වචන නෑ.....

    ReplyDelete
    Replies
    1. තැන්කූ සහෝ...!

      Delete
  6. එල එල... අන්තිමට නිශාදි ගත්තු පොරොන්දුව තමයි පොරොන්දුව... ලේසියට පෙනුනට ඉෂ්ඨ කරන්න බැරිම ඒ වගේ එව්ව තමා...

    සන්වේදීද අරවද මේවද නම් දන්නෙ නෑ.. වෙන්න ඕන විදිහට වෙලා තියෙනව :)

    ReplyDelete
    Replies
    1. නිල් පාටින් තියෙන එකේ දෙවනි වාක්‍යට එකඟ නෑ මචෝ...

      Delete
    2. එකඟවෙන්න වෙනව අයියෝ.....:(

      Delete
    3. ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්න බෑ කියලා නිශාදි වුනත් දන්නවා ඇති අයියේ.:)

      ඒක ඉතින් පුද්ගලයානුබද්ධව වෙනස් වෙනවා ඇති. හැබැයි අයියේ මෙතන උඹ විතරයි කියලා තියෙන්නේ ඒකට විරුද්ධයි කියලා.:P

      Delete
    4. ඉතින් බන් මගේ අදහසනෙ මම කමෙන්ට් කලේ... :)

      Delete
  7. හරිම දුක හිතෙන,සංවේදී කතාවක් අයියේ..දැනුනා හොදටම..

    //ආදරය යනු ජීවිතයම නොවන බව සැබෑවකි. එහෙත් සැබෑ ආදරයක් නොලබන ජීවිතය ජීවිතයක් නොවන බවද ඒ තරමටම සැබෑවකි. //

    ම්ම්ම්ම්ම්... ඇත්ත...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නගෝ...!

      Delete
  8. //පොවපු කිරි වලට මම ලොකු වන්දියක් ඉල්ලුවා දරුවෝ//

    කතාවෙ ආසම වචන පේලිය. කොයිම වෙලාවක හරි යටිපෙලට මේක තියාගෙන මගෙන් පෝස්ට් එකක් එයි කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ඒක මම අල්ල ගත්තේ ගොඩක් කාලෙකට කලින් බලපු හින්දි චිත්‍රපටියකින් අයියේ.:) එල එල, අයිය ලියන්නකෝ අපිට කියවන්න.

      Delete
  9. ඇත්තටම දැනුන දේවල් වචනවලට හරවන්න ගොඩාක් අමාරුයි අයියෝ....
    නියමෙටම ලියලතියෙනව....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නගෝ අගය කිරීමට.

      Delete
  10. ඔහොම දේවල් කොච්චර වෙනවා ඇද්ද??? කුලයම නොවුනත් වෙන දේවල් නිසා දෙපැත්තට වෙන අය කොච්චර ඇද්ද?? :((

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් අක්කේ. මේ එකම එක හේතුවක් විතරයි.

      Delete
  11. ///ආදරය යනු ජීවිතයම නොවන බව සැබෑවකි. එහෙත් සැබෑ ආදරයක් නොලබන ජීවිතය ජීවිතයක් නොවන බවද ඒ තරමටම සැබෑවකි. කෙනෙක් එවැනි ආදරයක් ලැබීමට වාසනාවන්ත වන අතර තවෙකෙකු එසේ නොවන්නේය. ///

    100% ඇත්ත.... මුළු කතාවම මෙතෙන තියෙනවා...

    ReplyDelete
    Replies
    1. තැන්කූ මාළු අයියේ...!

      Delete
  12. බල්ල ඉන්නකොට පොල්ල නෑ. පොල්ල තියෙනකොට බල්ල නෑ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඉතින් බලන්නකෝ...:(

      Delete
  13. සිරාවටම කතාව ලස්සනයි කසුනෝ.. අන්තිමේ නිල් පාටින් දාලා තියෙන දේට මමත් එකගයි.. මමත් ඉන්නේ ඔය වාසනාවන්ත නොවෙන අයගේ පැත්තේ..

    එහෙනම් උඹත් කෙටි කතා ලියන්න ගත්තා.. එල එල.. දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් අපි ගැන මතක තරම. මේ මගේ හතරවෙනි කෙටි කතාව. කලින් තුනෙන් දෙකකටම කමෙන්ට් කරලත් තියනවා. සික්, මගේ හිත බිඳුනා.:(

      Delete
    2. ගනන් ගන්න එපා බං.. අතීතේ අමතක කරන්න හදන නිසාමද කොහේද මට දැන් ගොඩක් දේවල් මතක හිටින්නේ නෑ.. මේ ඇත්තමයි බං...

      Delete
    3. ඔව් ඔව් අපිව දැන් මතක නෑ කියල නම් දන්නවා.

      Delete
    4. උඹලටයි දැන් අපිව මතක නැත්තේ....

      Delete
    5. ආහ් මම කියන්නෑ ඉතින් කාටද මතක නැත්තේ කියලා.

      Delete
  14. එහෙම වුන එකෙන් කතාව සාර්ථකයි .

    ReplyDelete
    Replies
    1. :) ස්තූතියි අක්කේ...!

      Delete
  15. කුලය.... ආගම... මේ කරුණු කොයිතරම් නම් දරුණු විදියට ජීවිත වලට බලපානවද කියල දන්නෙ අත්දැකීමෙන් එහෙම දේකට මුණ දුන්නු අය තමා.. කතාව ලස්සනයි අයියා.. මම ඔයාගේ කියවපු පළවෙනි කෙටි කතාව...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත නගෝ. අපි පිට ඉඳන් බලනවට වඩා ඒක ගොඩක් වේදනාකාරී ඇති.

      Delete
    2. ඇයි හඳහන්
      ඕවා වලින් හිත පෑරෙන තරම් මෙහෙම වචනෙන් විස්තර කරන්න බෑ. එකයි මම මේ ගැන මුකුත්ම කියන්නේ නැත්තේ

      Delete
  16. අපි අසීමාන්තිකව ආදරය කරන කොට අපිටත් හම්බ වෙනවා ඒ ආදරය අසීමාන්තිකවම..ඒ වෙනකම් විඳ දරා ගෙන ඉන්න එක තමයි ජීවිතය..

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ ඒක හැමතිස්සෙම වෙන්නේ නෑ අයියේ. අපි කොච්චර අසීමාන්තිකව ආදරය කලත් අපිට අනිත් අතට මුකුත්ම ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්.

      Delete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.