twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Monday, July 16, 2012

කල්පනා ( V කොටස)

අම්මියෝ යාන්තන් අර විභාග කියන ජාතිය ඉවර වුනා. පස්සට ගිහින් ගිහින් අන්තිමට කොහොමහරි ඔන්න තිබුන. අපිත් ඉතින් ගිහින් ලියල ආව. තව චුට්ටෙන් ලේක්චර්සලා ගේ ස්ට්‍රයික් එකත් සෙට් වෙනවා. නූලෙන් විභාගේ ඉවර වුනේ ඊට කලින්. විභාග ඉවරායි කියල වැඩ නම් ඉවර නෑ මේ මාසේ ඉවර වෙනකල්ම එක එක සබ්මිෂන් තියනවා. ඒ අතරේ පොඩි ඉඩක් ලැබුන නිසා මේකේ තව කෑල්ලක් ලියන්න කියල හිතුනේ. හෆොයි දැන් නම් කියවපු අයට කතාව මතකත් නැතුව ඇති. අනේ ඔන්න අමාරුවෙන් හරි මතක් කරගන්න හොඳේ. කලින් කොටස් කියවනවා නම් මෙන්න පාර.

......................................................................................................................................................................

කලින් කොටසේ කියපු විදියට, දහසක් බලාපොරොත්තු තියාගෙන කල්පනාව මුණගැහෙන්න ගිය පළවෙනි දවසම අන්තිමට හිත් වේදනාවක් විතරක් ඉතුරු කරලා ගෙවිලා ගියා. එදා රෑ ගුඩ් නයිට් මැසේජ් එකවත් නැතුව නිදාගන්න ගියා. පහුවෙනිදා ඇහැරුණ ගමන්ම මම බැලුවේ මැසේජ් ඇවිත් තියේද කියලා, මැසේජ් නෑ...! කලින් දවසේ වෙච්ච ඔක්කොම මට එකින් එක මතක් වෙන්න ගත්තා. මම ටිකක් වෙලා බලාගෙන හිටියා මැසේජ් එකක් ඒවිද කියලා. ඒත් නැති නිසා මම හිත හදාගෙන එයාට මැසේජ් එකක් දැම්මා. ගුඩ් මෝනින් කියලා මම ඇහුවා ඊයේ මොකද වුනේ කියලා. ඒත් රිප්ලයි නෑ. ටිකක් වෙලා ඉඳලා මම ආයෙත් මැසේජ් එකක් දැම්මා. ඒත් සද්දයක් නෑ. ඊට පස්සෙ මම අයෙත් මැසේජ් එකක් දැම්ම ''ඔයාට මොකද්ද වෙලා තියෙන්නෙ? ඇයි කතා කරන්නෙ නැත්තේ?'' කියලා. ඔන්න ඊට පස්සේ රිප්ලයි එකක් අවා. ඊට හොඳයි ඒ රිප්ලයි එක නෑවිත්ම තිබුනා නම්.

''කසුන් අපි මේ සම්බන්දෙ නවත්තමු.''

මම ඒ දකින්නේ හීනයක් කියලා මොහොතකට හිතුනත් ඒක එහෙම නෙමෙයි තේරුනා. මට විනාඩි ගානක් යනකල් මුකුත් හිතාගන්න බැරුව බලාගෙන හිටිය මතකයි. ඊළඟට වෙන්නේ මොකක්ද, මම කරන්න ඕන මොකක්ද, මට මේ මුකුත් හිතා ගන්න බෑ. ඊට පස්සෙ මම අත් දෙක වෙව්ල වෙව්ල මැසේජ් එකක් දැම්ම, ''ඇයි එහෙම කියන්නෙ, මොකද එක පාරට වුනේ?" කියලා. ඊට පස්සෙ ආයෙත් අර පරණ කතා ටිකම තමයි කිව්වේ. ගෙදරින් කැමති නෑ, ගෙදරට හොරෙන් තවත් මේක කරන්න කැමති නෑ, ඔය වගේ කතා ගොඩක් කිව්වා. මට දැන් පිස්සුව වගේ. මම කියන්න පුලුවන් හැමදේම කිව්වා, එයාගෙ හිත වෙනස් කරන්න ගොඩක් උත්සහ ගත්ත, ඒත් එයා ඒ කිසි දෙයක් ගානකට වත් ගත්තෙ නෑ. එද දවසෙම එක දිගටම මම පුදුම උත්සහයක් ගත්තේ එයාගෙ හිත වෙනස් කරන්න. ඒත් කිසිම වැඩක් වුනේ නෑ. මම කියන දේවල් ගැන හිතල බලන්න වත් එයාට උවමනාවක් තිබුනේ නෑ. මම ඇහුවා එයාට කෝල් එකක් ගන්නද කියල, එයා එපා කිව්වා. කෝල් කලාට මුකුත් වෙනස් වෙන්නේ නෑ කිව්වා. ඒත් මම එයාට කෝල් එකක් ගත්තා, ආන්සර් කලෙ නෑ.

මම පස්සෙ ඇහුව ඊයෙ මැසෙජ් කරන්න පරක්කු වුන නිසාද මේ කියලා. එහෙම එකක් නෙමෙයිලු. ඊයෙ හච් සිම් එක දුන්නට පස්සෙලු එහෙම හිතුනෙ. එයා මෙච්චර දවස් මැසෙජ් කලෙත් ගෙදරට හොරෙන්ලු, දැන් සිම් එකත් ලැබුනට පස්සෙ ගෙදරට හොරෙන් හැමතිස්සෙම කතා කරන්නත් වෙනවලු, ගෙදරින් අකමති දෙයක් එහෙම හොරෙන් කරන්න එයා කැමති නැතිලු. ඒ නිසා ඒ වෙලාවෙම තීරනය කලාලු මේක නවත්තනව කියලා. ඔය විදියට දවස් දෙකක්ම ගෙවිලා ගියා. කියන්න පුළුවන් හැම විදියටම කිව්වා, වැඩක් වුනේ නෑ. මම ජීවිතේට කාටවත් එච්චර බලු වෙලා නැතුව ඇති. අවුරුදු දෙකක් තිබිල නැති වුන පළවෙනි ආදරේ වෙනුවෙන් වත් මම එච්චර චාටර් වෙන්න නැතුව ඇති. කොහොමහරි සති අන්තෙත් ගෙවිල මම ආයෙත් කැම්පස් ආව. ඊට පස්සේ ඔෆිස් ගිහිල්ලත් දවස් ගානක් යනකල් අනිත් උන් එක්ක හරියට හිනාවෙලා ඉන්නවත් බැරි වුනා. අර මගේ ඩිවිෂන් එකේ හිටපු කෙල්ල පස්සේ කිව්වා ඒ දවස් ටිකේ ඒකි හරිම අමාරුවෙන් එතන හිටියේ කියලා. ඒ අස්සේ අපි බාරව හිටපු මිස්ගෙත් ලව් කේස් එකක් නිසා ඒ මිසුත් හෙන අප්සට් එකේ හිටියේ ඒ දවස් වල. අරකි කියනවා ඒ දවස්වල නිකන් මලගේක ඉන්නවා වගේලු හිටියේ.:D

බාහිරට පේන වේදනාව අඩු වුනත් හිත ඇතුලේ තියන වේදනාව එහෙමමයි කියලා මට තේරුනා. ඊළඟ සති අන්තෙත් මම ගෙදර ගියා. හිතේ දුකක් තියන වෙලාවට මම ඉන්න වැඩිපුරම ගමේ යාළුවො සෙට් එකත් එක්ක. එතකො‍ට ඒ වෙලාවට හරි දුක නැතුව යනවා. කොහොමහරි මේ වැඩේ හරියන්නේ නැති නිසා දරුණු තීරණයක් ගත්තා. ඒ අපේ O/L විද්‍යාව සර්ව හම්බවෙන්න යන්න. ඒ සර් මනෝවිද්‍යා උපදේශක කෙනෙක්. ඒ නිසා මොකක් හරි දරුණු ප්‍රශ්නයක් වුනාම අපි උස්සගෙන දුවන්නේ ඒ සර් ළඟට. කොහොමද අවුරුදු පහකට විතර කලින් උගන්නපු සර්ට ආදර ප්‍රශ්නයක් ගැන කියනකොට තියන ආතල් එක? :D හැබැයි අපේ එකෙකුත් ඔය වගේ ප්‍රශ්නෙකට ඒ සර්ගෙන් උපදෙස් අරන් තිබුනා. කොහොමහරි සර්ට මුළු කතාවම කිව්ව. සර් කතාව අහගෙන ඉඳල කිව්වේ මේ සිද්ධියේ හැටියට හොඳම දේ මට මේක අමතක කරලා මගේ හිත හදාගන්න එක කියලා. සර් කිව්වෙත් එයාට මේ සම්බන්දෙ කරගෙන යන්න කිසිම උවමනාවක් නෑ, ඒ නිසා මම මොනවා කලත් වැඩක් නැති වේවි කියලා. සර් ගොඩක් උපදෙස් දුන්නා කරන්න කියලා.

ඒ වෙනකොටත් මම ගුඩ් මෝනින්, ගුඩ් නයිට් මැසේජ් පවා යැව්වා එයාට. ඒවාට රිප්ලයිත් ලැබුනා. ඒ කාලෙත් මම එයාට ආයෙත් තේරුම් කරලා දීල අදහස වෙනස් කරන්න ගොඩක් උත්සහ කළා. ඒත් ඒ කිසි දේකින් වැඩක් වුනේ නෑ. හැබැයි එක දෙයක් මට හොඳට තේරුනා, අපි දෙන්න අතරේ සම්බන්දෙ නැවැත්තුවට එයාට මගෙන් ඈත් වෙන්න වුවමනාවක් තිබුනේ නෑ. ඒ දවස් වලත් හැමදාම හවසට ඔෆිස් ඉවර වෙලා ඇවිත් ලැබ් එකට රිංගනවා. ගොඩක් දවස් වලට එයා ඔන්ලයින් හිටියා, ඒ හැමදාම වගේ අපි චැට් කළා. මම චැට් නොකලත් එයා හරි චැට් එක පටන් ගත්තා. අපේ සම්බන්දෙ නැවත්තුවට එයා හිටිගමන් අමුතු කතා කියනවා.ඒ කියන්නේ ඉතින් සම්බන්දෙ නැවත්තුව කිව්වට ඒක නිකන් හරියටම නැවතිලා නෑ වගේ. ඔහොම උනාම ඉතින් කොල්ල විකාර වෙනවා. ඒ වෙලාවට ඉතින් මම ආයෙත් වචනේ දාල බලනවා.:) ම්හු... වැඩක් නෑ, ඊට පස්සේ එයා හැසිරෙන්නේ මුකුත් වුනේ නෑ වගේ. 


 
කෙල්ලන්ට කොල්ලන්ගේ හිත් එක්ක සෙල්ලම් කරන්න කොච්චර ලොකු හැකියාවක් තියනවද කියලා මට ඒක ගැන පස්සේ කල්පනා කළාම හිතුනා.

මට  හරියට දින වකවානු මතක නෑ, කොහොමහරි සතියක් හරි දෙකක් හරි මම ගොනාට ඇඳ ඇඳ හිටියා. පොඩි පොඩි සිද්දි ගොඩක් තියනවා ඒවා වැඩක් නෑ වගේ. දැන් මේක ලියන්න පටන් අරන් මාස ගානක් වෙනවා නේ. කොහොමහරි මම වැඩේ හරියන්නේ නැති නිසා ආයෙත් ගියා විද්‍යාව සර්ව මුණගැහෙන්න. ඒ පාර නම් දොඹ හැලෙන්න අහගත්තා.:/ කලින් මුකුත් කිව්වේ නැත්තේ අප්සට් එකේ හිටිය නිසා කිව්වා. සතෙකුට වගේම නැතත් ඊට කිට්ටු වෙන්න බැන්න.:D බැනල බැනල කිව්වා එක පාරක් හරියට කතා කරලා දෙකෙන් එකක් බේරගන්න කියලා. ඒත් උත්තරේ නෑ නම් ආයෙත් ගුඩ් මෝනින් මැසේජ්, ගුඩ් නයිට් මැසේජ්, නිකන් මැසේජ් මුකුත් බෑ කිව්වා. උගුඩුවා වගේ අහගෙන හිටියට ආයෙත් ආවේ ඒක කරන්න පුලුවන්ද බැරිද කියන දෙගිඩියාවෙන්. ඇවිත් මම දවස් දෙක තුනක් ශේප් එකේ ආයෙත් වචනේ දාල බැලුව. වෙනසක් නෑ.

අන්තිමට කොල්ල බොහොම අමාරුවෙන් තීරණයක් ගත්ත. ටෙනින් ප්ලේස් එකේහිටපු කෙල්ලෝ දෙන්නගෙනුත් ඒකට ලොකු හයියක් ලැබුනා. විශේෂයෙන්ම මගේ සෙක්ෂන් එකේ හිටපු කෙල්ල. 'ඕනවට වඩා කෙල්ලෙක්ට ඔහොම සකන්ඩ් වෙන්න එපා' කිව්වා. ආයෙත් ඉතින් තවත් මොනවද.:) මම ඒ වෙලේම මැසේජ් එකක් දැම්මා හවස ඔන්ලයින් එන්න කියලා. ඊට පස්සේ රා කළ 16ක් බීපු කොටියෙක් වගේ මම හවස ලැබ් එකට ගියේ. යනකොට එයා ඔන්ලයින් හිටියා. මූඩ් ඒක බහින්න කලින් මම ටක් ගාල කතාව පටන් ගත්තා. මට හරියට මතක නම් නෑ, කොහොමහරි මම කිව්වා, "මට තව දුරටත් මෙහෙම ඉන්න එකෙන් හිත රිදෙන විතරයි, මට හරියටම වචනයක් කියන්න කියලා." එයා කිව්වා "මට ඒක තේරෙනවා" කියලා. හෑ?? එතකොට දැන දැනමයි එහෙම කරලා තියෙන්නේ. ඊට පස්සේ මම කිව්වා "මට මේ මොහොතේම හරියට වචනයක් කියන්න" කියලා. ඊට පස්සේ දැන් ඔන්න ඇඹරෙනවා, කියන්නේ නෑ හරියට. මම ඉතින් අර මූඩ් එක නැති වෙන්න දෙන්නේ නැතුව බොහොම අමාරුවෙන් හිටියා. බැරිම තැන මම ඇහුවා "ආයෙත් අපේ සම්බන්දෙ පටන් ගන්න පුලුවන්ද බැරිද?" කියල. ඔන්න එතකොට කිව්වා යාන්තන් වචනේ.

"බැහැ කසුන්...."

හරිනේ, ඕක අහගන්න නේ දැඟලුවේ. මට ඒ වෙලාවේ දැනුන දේවල් නම් විස්තර කරන්න තේරෙන්නේ නෑ. මට වැටෙන්න දෙයක් තිබුනේ නෑ තවත්, අන්තිමටම වැටිලා හිටියේ. ඒ නිසා ලොකු දුකක් ආවේ නෑ. ඒ වෙනුවට මම ආයෙත් මේ වෙනුවෙන් දුක් වෙන්නේ නෑ කියලා හිතට ලොකු හයියක් ආවා. මම එහෙනම යන්නම් කියලා බෝඩිමට ගියා. ආයෙත් මම ඒ ගැන හිතුවේ නෑ. ඕනෑම දේක සීමාවක් තියනවා නේ, එතනින් එහාට ගියාම නම් මට ආයෙත් ඒක ඕනම නෑ. ඊට පස්සේ ඉතින් මම විස්තරේ අපේ උන්ටයි සර්ටයි කිව්වා. සර් ආයෙත් බැන්නා මෙච්චර කල් ගත්තේ මොකද කියලා.:/ එදා රෑම ගුඩ් නයිට් මැසේජ් එක නැවැත්තුවා. උදේ ගුඩ් මෝනින් මැසේජ් එකත් නැවැත්තුවා. ඒ කියන්නේ කිසිම කන්ටෑක්ට් නැති උනා ඊට පස්සේ. දවස් දෙකක් විතර ඔහොම ගෙවුනා. මම ඇත්තටම යතා තත්ත්වයට පත්වේගෙන ආව. ඔන්න දවස් දෙකකට පස්සේ උදේ බස් එකට නැගලා වාඩි වෙලා ඉන්නකොට මැසේජ් එකක් ආව, කල්පනාගෙන්. 

"කසුන්, ඇයි දැන් ඔයා ගුඩ් මෝනින් මැසේජ් එකක් වත් ගුඩ් නයිට් මැසේජ් එකක් වත් එවන්නේ නැත්තේ? අපිට යාළුවො විදියට වත් ඉන්න බැරිද කසුන්? ඔයා දන්නේ නෑ මම හැමදාම ඔයාගෙන් ගුඩ් මෝනින් මැසේජ් එක එනකල් කොච්චර බලාගෙන ඉන්නවාද කියලා."

කාලා වරෙන්කො ඉතින්...! අර ඉතින් කොල්ල හදාගෙන හිටිය ඔක්කොම දේවල් ඉවරයි. වතුර එකකට වැටුන සෝඩියම් කෑල්ලක් වගේ කොල්ලගේ හිත දිය වෙලා ගියා. ඊට පස්සේ ඔය කතාව ඔහොම දිගට ගියා ටිකක් වෙලා. කොහොමහරි කොල්ල ඇන්ද ආයෙත් පාරක්. ඊට පස්සේ අපරාදේ කියන්න බෑ ආයෙත් ගුඩ් නයිට් ගුඩ් මෝනින් මැසේජ් පටන් ගත්තා. හැබැයි එහෙම කිව්වට මම යවනකල් එයා මැසේජ් එකක් එවන්නෙත් නෑ. මමම කලින් යවන්න ඕන. ටිකක් කල් යද්දී මට ආයෙත් තේරුනා මේ වැඩේ හරියන්නේ නෑ කියලා. විද්‍යාව සර් දැනගත්තා නම් පන්තිය ළඟ තියලා මට ගහන්නේ. ඒ පාර මම මුකුත් කියන්න ගියේ නෑ, සද්ද නැතුව මැසේජ් කරන එක නැවැත්තුවා. ඕනම නම් එයා එවාවි නේ කියලා මම හිතුවා. එයා මැසේජ් එව්වෙත් නෑ, ආයෙත් ඒ ගැන ඇහුවෙත් නෑ. ඊට පස්සේ ඒ වැඩේ එහෙමම නැවතුනා. ඒ පාර නම් මම කරදරයක් නැතුව හිත හදාගත්තා.:) 

මම ඊට පස්සේ ෆේස්බුක් එකේ වත් කතා කරන්න ගියේ නෑ, අමාරුවෙන් හදාගත්ත හිත ආයෙත් වෙනස් වෙන්න පුළුවන් නිසා. හැබැයි එයා නම් ඔන්ලයින් දැක්ක වෙලාවට කතා කරන්න ගත්තා. කතා කලාම කතා නොකර ඉන්න බෑ නේ, මම බොහොම පරෙස්සමින් යාලුවෙක් විදියට විතරක් කතා කළා. ඔය චැට් එක ඔහොමම දිගටම ගියා. මම හිතාගෙන හිටියේ කවදාවත් එයා චැට් එක පටන් ගත්තොත් මිසක් මම නම් චැට් කරන්න යන්නේ නෑ කියලා. ඔය සකන්ඩ් වුන ටික ඇතිනේ හොඳටම.:) එයා ඊට පස්සේ බොහොම ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කළේ. හැබැයි මම මගේ සීලේ බිඳ ගත්තේ නෑ ආයෙත්. කොහොමහරි මාව ඔන්ලයින් දුටු තැන කතා කරන ගනාට ආව එයා. මට හිතා ගන්න බැරි තාමත් ලං වෙන්න හදනකොට පුළුවන් තරම් ඈත් වෙලා, ඈත් වුනාම ඇයි ලං වෙන්න හදන්නේ කියලා. එයා හැබැයි කිව්වා අපි දෙන්න හැමදාටම යාළුවො කියලා. එහෙම කතා කළේ යාලු කමට වෙන්න ඇති කියලා හිතල මමත් හිටිය ඉතින්. 

එයා දවස් දෙකක්ම කිව්වා එයාව ඔන්ලයින් දැක්කොත් කතා නොකර යන්න එපා කියලා. කොල්ල ඉතින් ඒ පාර ලොවෙත් හිත ගල් කරන් හිටපු නිසා ඒවා ගැන වැඩිය හිතුවේ නෑ. කලින් වගේ නම් ආයෙත් අඳිනවා. මම දවස් දෙක තුනක් එයා දැකලා කතා කළා, කියලත් නොකර ඉන්න එක හරි නැති නිසා. ඊට පස්සේ ශේප් එකේ ආයෙත් දැක්කේ නෑ වගේ හිටියා. හැබැයි එයා නම් දකින හැම වෙලාවෙම කතා කළා. ඔය විදියට ඉතින් චැට් එක දිගටම කෙරීගෙන ගියා. ඇත්තටම එයා මොන දේ කලත් මට අද වෙනකල් වෛරයක් ඇති වෙලා නෑ. ඒ නිසා යාලුවෙක් විදියට මාත් කතා කළා. දැන් බොලා හිතන්නේ කතාව ඉවරයි කියලද?? නෑ, තව තියනවා...!
 .................................................................................................................................................................

ප. ලි.: අද නම් මෙලෝ රහක් නැතුව ඇති. උණ විකාරෙන් මේ ලිව්වේ.:D උණ හැදුනම නින්ද යන්නේ නැති නිසා මේක ලිව්වා.:)

ප. ප. ලි.: මගේ බ්ලොග් ඉතිහාසයේ පළවෙනි වතාවට ටික දෙනෙක් මගෙන් ඇහුව ඊළඟ කොටස දාන්නේ නැද්ද කියලා. මට පට්ට හැපිලු...:)   

26 comments:

  1. :) අපූරුයි කතාව!

    ReplyDelete
  2. kalpana athurudahan kiyala hithuwath baladdi thama innawane.
    kolloth ekai kelloth ekai balan yanakota..:/ hugak welawata hagim ekka sellam karana1 thama karanne..ithiriyath puluwan welawata liyamu..
    ikmanata asanipa hoda wenna kiyala prarthana karanawa kasun..!!!

    ReplyDelete
    Replies
    1. කල්පනා නම් ඔය ඉන්නේ...:D ඉතුරු කොටස නම් 21න් පස්සේ හිරූ.:)

      Delete
  3. තව මොනවද හනේ වෙන්න තියෙන්නෙ.මටත් හිතෙන්නෙ කෙල්ලෙක්වත් කොල්ලෙක්වත් විරුද්ද පාර්ශ්වයට ඕනෑවට වඩා පාච්චල් වෙන්න ඕනෙ නෑ.අනික ඔහොම හැසිරෙන කෙනෙක්ට.. :/

    ඔයින් බේරුනා මදෑ.හෙන පචයක් ගහලා වගේ මටනම් හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනිවා අක්කේ ඒක ඇත්ත. ඕනම දේක සීමාවක් තියනවා නේ. තමන්ගේ ආත්ම ගරුත්වය ගැනත් හිතන්න ඕන.

      ඔව් අක්කේ, මට ඒක ලියන්න අමතක වුනා. එයා එක එක වෙලාවල් වල එයා කියපු කතා වලින් හොඳටම තේරෙනවා ඒක ලොකූ බොරුවක් කියලා.

      Delete
  4. කව්ද කියන්නෙ මෙලෝ රහක් නෑ කියල. අපිටනම් මේ කතාව මාර රහයි . බලාගෙන ඉන්නෙ ඉතුරු ටිකත් ලියනකම් .

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටිකට තව ටික දවසක් යනවා අක්කෝ...:) වැඩ නේ...:/

      Delete
  5. කවුද බොලේ කියන්නේ කතාව ලස්සන නෑ කියලා. ඒ තියෙන්නේ කතාව සුපිරියටම ලියලා.
    අඩේ උන විකාරෙන් උනත් ලස්සනට ලියන්න පුලුවන් නේ. ඉක්මනටම උන හොද වෙන්න කියලා පතනවා !!!

    පහුගිය ටිකේ විභාට ටික ඉවර උන එක නම් හොදයි. නැත්න්ම ඉතින් තව කල් යන වැඩක් වෙන්නේ. සර්ලා ස්ට්‍රයික් නෙව !!!!

    ඔන්න කලින් වතාවේ වගේ කල් නොදා ඉක්මනටම කතාව ලියහන් !!!

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔව් බං, නූලෙන් බේරුනේ. ඇකඩමික් ස්ට්‍රයික් එකටත් අහු වුනා නම් විනාසයි. පුළුවන් ඉක්මනට ලියන්නම් බං.:)

      Delete
  6. මීට වඩා මොකක්ද තියෙන්නේ? එහෙනම් ආයෙත් ශුවර් එකටම අඳින්න ඇති :D

    මමනම් කියන්නේ කොච්චර ආදරේ උනත්, කැමති උනත් කිසිම කෙනෙක්ගේ පස්සෙන් නම් යන්න ඕන නැහැ කියලා.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... බලමුකෝ...;)

      එහෙම පස්සෙන් යන එකේ සීමාවක් තියෙන්න ඕන අක්කේ අනිවාර්යෙන්ම.

      Delete
  7. itiri kotasa danakan onna balagena innawa....ikmanata danna hode ayya.ayyata ikmanatama sanipa wenna kiyala prarthana karanawa!!!

    ReplyDelete
    Replies
    1. තැන්කු නගෝ. ඉතුරු ටිකත් ඉක්මනට දාන්නම්කො..:)

      Delete
  8. මොනාද අනේ මේක මෙගා කරන්නේ

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් පුළුවන් තරම් කොට කරලා නේ.:/ නැත්තන් ඕක මෙගාම තමයි.:)

      Delete
  9. හ්ම්ම්ම්......අද තමා කල්පනා ඔක්කෝම කියෙව්වේ..

    ReplyDelete
    Replies
    1. :) ඔයා මේ පැත්තේ ආවේ ගොඩක් දවසකින් නේ..

      Delete
    2. නැ අනේ.. මම එනවා..ඒත් කොමෙන්ටු දදා ඉන්නෙ නැ.. මේ දවස් වල විභග කියන එනවා කියලා නො එන ජාතිය නිසා වේලාව තියෙනවා... :D

      Delete
  10. ඔහොමත් සෙකන්ඩ් වෙනවද බං කසුනෝ.. මට ඉතින් උඹට කියන්න හිතෙන ඒවා එක්කෝ ඕන නෑ.. ඉවරත් නෑලු තාම.. තව මොනා කරලද මන්දා මීටත් පස්සේ...

    " ප. ප. ලි.: මගේ බ්ලොග් ඉතිහාසයේ පළවෙනි වතාවට ටික දෙනෙක් මගෙන් ඇහුව ඊළඟ කොටස දාන්නේ නැද්ද කියලා. මට පට්ට හැපිලු...:) "

    අපරාදේ මම ඇහුවේ.. සද්ද නැතුව ඉන්න තිබ්බේ.. ;)

    ReplyDelete
    Replies
    1. කියන්න තියන ඒවා මැසේජ් එකක් වත් දාන්න.;) ඒකනේ මම කලින් දවසක කිව්වේ ඒවා ජීවිතේට හොඳ අත්දැකීම් කියලා.:) වැරදි වලින් තමයි මිනිස්සු ඉගෙන ගන්න ඕන. කොහොමද මගේ ටෝක් එක.:D

      ඉතින් උඹ නැතත් තව 5ක් විතර ඇහුවනේ අයියේ...:P :D

      Delete
  11. //කෙල්ලන්ට කොල්ලන්ගේ හිත් එක්ක සෙල්ලම් කරන්න කොච්චර ලොකු හැකියාවක් තියනවද කියලා මට ඒක ගැන පස්සේ කල්පනා කළාම හිතුනා//

    මෙන්න මේ කෑල්ලනම් පොඩ්ඩක් අස්පට් වගේ ..අයියාම කියනවානෙ, අපි කොල්ලොන්ට මොන අහරි ලිව්වාම, හැම කොල්ලාම එක වගේ නෑ, එක්කෙනෙක් වරදක් කල පලියට හැමෝම එහෙම නෑ කියලා..:) ඒ නිසා මෙතනත්{"සමහර" කෙල්ලන්ට } කියන වචනය පාවිච්චි කොලානම් හොදා නෙ?? :D

    ම්ම්ම්.. කොහොම වුනත් අයියා කල්පනා ගෙන් එහෙම ඈත් වෙන්න හිතපු එකත් හොදයි.. එහෙම පරිස්සම් වුනු එක හොදයි.. නැත්තම් නිකන් හිත රිදෙන එකනෙ වෙන්නෙ...ඇත්ත, ඕනාවට වඩා සෙකන්ඩ් වුනාම අපේ අගය නැති වෙනවානෙ කාට වුනත්...

    කතාව මටනම් කිසි අවුලක් නෑ.. උන විකාරෙන් වුනත් මේ හොදට තියෙන්නෙ..:)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ, නගා මම කියපු දේ හරියට තේරුම් අරගෙන නෑ.:) මම කතා කළේ කොල්ලන්ගේ හිත් එක්ක සෙල්ලම් කරන්න තියන 'හැකියාව' ගැන විතරයි. එහෙම කරන පිරිස ගැන සහ නැති පිරිස ගැන කියලා නෑ නේ.:) එහෙම කරන පිරිස ගැන කතා කලොත් නම් 'සමහර' කියන වචනේ දාන්න ඕන තමයි.

      Delete
  12. kathwe ithuru tikath ikmanatama dannda neththam mula tika amathaka wela ayeth kiaywanda wenwa...:)

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.