twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Monday, May 28, 2012

කල්පනා (II කොටස)

ඔන්න මම යුගයේ දියාරුම ආදර කතාව අරගෙන ආයෙත් ආව.:D අම්මෝ පළවෙනි කොටස දැම්මට පස්සේ කොට වැඩියි කියල කීප දෙනෙක්ම අනං මනං කියලා තිබුනා.:( මේ පාර එහෙම නොවෙන්න ලියනවා. කියවපු අයට දැන් පළවෙනි කොටස මතකත් නැතුව ඇති. පළවෙනි කොටස බලනවා නම් මෙතනින් යන්න.

.....................................................................................................................................................................

කලින් කොටසේ ඕනම ටිකක් කියන්න බැරි වෙලා නේ. මම සරණිව ඇඩ් කරගත්තට පස්සෙ එයාගෙ ප්‍රොෆයිල් එකෙන් එයාගෙ කැම්පස් එකයි ඩිග්‍රී එකයි බලාගත්තා. ඊට පස්සෙ මම කල්පනාලව ඇඩ් කරගත්තතෙ නිකන් ගෙස් කරලා නේ. පස්සෙ මම කල්පනා එක්ක කතා කරන්න ගත්තට පස්සෙ එයගෙ විස්තර අහල බලනකොට එයත් ඒ කැම්පස් එකේ ඒ ඩිග්‍රී එකමයි. ඊට පස්සෙ තමයි කල්පනාගේ යාලුවෙක් වීමේ මෙහෙයුම දියත් කලේ.

.....................................................................................................................................................................

කලින් කොටසේ කියපු විදියට මම කල්පනාට ඇත්තම විස්තරේ කිව්වා. හැබැයි ඊට පස්සේ එයා නිකන් අවුල් වගේ. කතා කරද්දීත් අමුතුයි, වෙනද වගේ ෆ්‍රෙන්ඩ්ලි නෑ, වැඩි වෙලා කතා කරන්නෙත් නෑ, වෙනදට සමහර වෙලාවට එයාම චැට් එක පටන් ගත්තට ඊට පස්සේ එහෙම පටන් ගත්තේ නෑ. මට තේරුනා වැඩේ දෙල් වෙලා තමයි කියලා. දවසක් චැට් එකට සෙට් වුන වෙලාවක මම ඇහුව ඔයා දැන් ඇයි නිකන් අමුතු වෙලා වගේ කියලා. එයා කිව්ව නේ මට දැන් ඔයාව විස්වාස නෑ කියලා.:( ඊට පස්සෙ මම සම්පූර්ණ කතවයි මගේ විස්තරයි ආයෙත් පාරක් කිව්වා. ඒත් හරි යන්නෙ නෑ වගෙ. ඒ පාර මම මගේ ඇත්ත එකවුන්ට් එකට එයාව ඇඩ් කළා. එයා ඒක ඇක්සෙප්ට් කලා. ඊට පස්සෙ කෙලින්ම ඇත්ත එකවුන්ට් එකෙන්මයි චැට් කළේ. ඊට පස්සේ ඉතින් ඔය පරණ සිද්ධිය ගැනයි වෙන වෙන දෙවලුයි කතා කර කර ඉන්නකොට එයා ආයෙත් ශේප් වුනා. එයාට තේරුනා මම කියන්නේ ඇත්ත කියලා.

වැඩේ ශේප් වුනාට පස්සෙ මම හෙමිහිට ආයෙත් වචනෙ දාල බැලුවා. ම්හු... ඒක හරියන්නේ නෑ. එයා සරණි ගැන නම් විස්තර කියන්න කැමතිම නෑ. මම වැඩිය බල කරල අහන්න ගියේ නෑ, එයා තරහ වුනොත් මුකුත් නෑ නේ. එ නිසා ශේප් එකේ කතා කර කර හිටියා. ඊට පස්සෙ අතරින් පතර ශේප් එකේ දෙපාරක් විතර ආයෙත් සරණි ගැන විස්තර අහුවා. අන්තිම වතාවෙ එය කිව්ව එයා අම්ම එක්ක ගෙයක් අරගෙන කැම්පස් එක කිට්ටුව නැවතිල ඉන්නේ කියලා. ඊට පස්සෙ කියපු දෙයින් මම බින්දුවටම වැටුනා. එයා කිව්වා එයා දන්න විදියට සරණිගෙ කොල්ලත් එහේ නැවතිල ඉන්නෙ කියලා. මිනිහ සමහර දවස් වලට කැම්පස් එක ලඟට එනවලු සරණිව එක්කන් යන්න. ඒ දෙන්න කැම්පස් ඉවර වුන ගමන් බඳීවි කියලත් කිව්වා. අයියෝ සල්ලි කිව්වලු...:'(

ඔය වෙනකොට මම ගමේ සෙට් එකටත් සීන් එක කියල තිබුනේ. උන් මට හරකට වගේ බනිනවා. කල්පනා අර කොල්ල ගැන කියපු කතවත් මම ගිහින් කිව්වා. කොහොමහරි මටත් හිතුනා මම තේරුමක් නැති වැඩක්ද මේ කරන්නෙ කියලා. පස්සෙ අපි මෙහෙම වැඩක් කළා. මම අර කලින් කොටසෙ කිව්වේ එයාගෙ යාලු අක්ක කෙනෙක් ඉන්නවා කියල මාත් අඳුරන, ඒ අක්කට අපේ එකෙක් ලවා කෝල් එකක් දුන්නා. ඌ මගෙ ෆෝන් එකෙන් හොරෙන් නම්බර් එක අරන් මට හොරෙන් එයාට කතා කරනවා වගේ තමයි කතා කලේ. ඔන්න ඔය කෝල් එකෙන් තමයි මගේ ජීවිතෙ බේරුනේ. ඒ අක්ක කතා කරපු එකාට ඇත්තම කියල තිබුනා. අවුරුද්දකටත් වඩා ෆෝන් එකෙන් කතා කර කර ඉඳලා අපි දෙන්න මුලින්ම හම්බවුන දවසෙ ඉඳලලු එයගෙ හිත වෙනස් වෙලා තියෙන්නෙ. මම හැඩ මදිලු. එයා ඒ දවස්වලමයි මගේ ගැන තිබුන අදහස අත ඇරලා තියෙන්නේ. හැබැයි එයා විභාගේ ඉවර වෙනකල් ඉඳලා ඒක කියන්න. ඔය කතාව අහුවට පස්සෙ නම් මට එයා ගැන හිතේ තිබුන හැඟීම නැති වෙලාම ගියා. එදා ඒ කෝල් එක නොගන්න සමහරවිට අද වෙනකල්ම මම එයා ගැන හිත හිත ඉන්න තිබුනා.

කොහොමහරි ඔය විදියට ඒ කතාව ඉවරයක්ම වෙලා ගියා. මම කල්පනාටත් විස්තරේ ඔක්කොම කිව්වා. එයත් කිව්වා එහෙම නම් ඒක නවත්තපු එක හොඳයි කියලා. හැබැයි කල්පනාගෙයි මගෙයි චැට් කිරිල්ල නම් එතනින් නැවතුනේ නෑ. ඊට පස්සේ මම කවදාවත් සරණි ගැන කල්පනාගෙන් ඇහුවේ නෑ. අපි යාළුවො විදියට චැට් කර කර හිටියා. කාලයත් එක්ක අපි ගොඩක් ෆිට් වුනා. දෙන්න ඔන්ලයින් හිටියොත් අනිවාර්යෙන්ම කතා කරන ගානට ඇවිත් ඒ වෙනකොට. ඒ කාලේ මම හැමතිස්සෙම ලැබ් එකට රිංගන්න පුරුදු වෙලා හිටියේ. ඉන්ටර්නෙට් මනී පිස්සුව ගහල තිබුනෙත් ඒ කාලේ. කල්පනා එක්ක චැට් කර කර ඇඩ් ක්ලික් කරන එක තමයි කරන්නේ.:) හැබැයි පස්සේ හැබැයි පස්සේ ලැබ් එකට යන එක ගොඩක් අඩු වුනා.  ඒ නිසා කල්පනා එක්ක චැට් කරන එකත් අඩු වුනා. ඊට පස්සේ ෆේස්බුක් එකේ මැසේජ් යවන්න ගත්තා. මම ගොඩක් වෙලාවට ෆෝන් එකෙන් තමයි මැසේජ් කලේ. ඔහොම මැසේජ් කර කර කාලයක් හිටියා. මැසේජ් දෙපැත්තට යන වේගය එන්න එන්නම වැඩි වුනා. පස්සේ එයා ෆෝන් එකෙන් ෆේස්බුක් යන තරමටම වැඩේ දුර දිග ගියා.

ඔන්න ඉතින් ඔහොම යනකොටලු කොල්ල ආයෙත් ගොනාට ඇන්දේ.:) ආයෙත් පාරක් යාළුකම එතනින් එහාට ගියා. ඒක මගේ පැත්තෙන් වුනා කියල මට හොඳටම තේරුනා. එයා නම් එහෙම මුකුත් පෙන්නුවේ නැතත් එයත් එහෙමයි කියලා මට තේරුනා. ඒක එහෙමයි කියලා තේරුම් ගන්න එක එච්චර අමාරු වුනේ නෑ. එයා ටිකක් ආඩම්බරයි හැබැයි, පුළුවන් තරම් එහෙම නොපෙනන ඉන්න තමයි උත්සහ කළේ. ඒ වුනාට ඉතින් ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියනවා නේ. මට මැසේජ් කරන එක එයාගේ ජීවිතේ අනිවාර්ය අංගයක් වුනා. එයා කැම්පස් ඉඳල ගෙදර ආවම එක පාරට කම්පියුටර් එක ඔන් කරන්න බැරි නිසා ආපු ගමන් ෆෝන් එකෙන් ෆේස්බුක් ගිහින් මැසේජ් එකක් දානවා. ඒ තරමට මට මැසේජ් කරන එක එයාට වැදගත් දෙයක් වුනා. ඔන්න ඔය කාලේ තමයි මම ට්‍රේනින් ගියේ. අර 'A-14 පාර' කවිය ලියන දවස් වල ආදර හුටපටයක් ඔලුවට ගහල තිබුනා කිව්වේ ඔන්න ඔය සීන් එක තමයි. හිතට දැනුන පාළුව තනිකම වැඩි වුනේ මේ හේතුව නිසා තමයි.

සයිට් එකට ඉන්ටනෙට් තිබුනෙ නෑ. මම එහේ යන්න කලින්ම කෝකටත් කියල ෆෝන් එකට ebuddy දාගෙන ගියේ. හවසට ඕෆ් වෙලා සමහර දවස් වලට චැට් එකට සෙට් වෙනවා. ඕෆ් වෙලා ගිය ගමන් මම බලනව ඉන්නවද කියලා. හිටියෙ නැත්තන් මම කරන්නෙ ලොග් වෙලාම ෆෝන් එක අතේ තියාගෙන හාන්සියක් දාගෙන ඉන්නවා. එතකොට එයා ඔන්ලයින් ආව ගමන් මම ඉන්නවා දැක්කම කතා කරනවා. චැට් එකක් අවම ෆෝන් එක vibrate වෙනවා, මම ඉතින් vibrate වෙනකල් ෆෝන් එක අතේ තියාගෙන හාන්සි වෙලා ඉන්නවා. එයත් හැමදාම වගේ ඒ වෙලවට ඔන්ලයින් එන්න පුරුදු වුනා. දවල් වරුවෙ ඔය වැඩේ කරන්න වෙන්නෙ නැති නිසා දවල් වරුව මැසේජ් කරන එක තමයි කලේ. එයා කැම්පස් ඉන්න දවස් වලට නම් වැඩිය මැසේජ් කලේ නෑ. ගෙදර ඉන්න දවස් වලට නම් නිතරම මැසේජ් කලා. ගිනි අව්වෙ පිච්චි පිච්චි ඉන්න වෙලවට ෆේස්බුක් ගිහින් බැලුවම එයාගෙ මැසේජ් එකක් තියනව නම් මහන්සිය කොහෙන් ගියාද කියල නෑ.

එතන මමයි අපේ බැච් එකේ තව එකෙකුයි ට්‍රේනින් හිටියා. දවසක් අපි දෙන්නට මහ පස් කඳු ටිකක් මනින්න කිව්ව අපේ ඉමීඩියට් බොස්. ඒව මේ ඔය ගෙවල් වල තියනව වගේ පස් ගොඩවල් නෙමෙයි, මීටර් 6, 7 විතර උස ඒවා. ඔය පස් කඳු මනින දවසෙත් මම ඒව උඩට වෙලා මැසේජ් කර කර හිටියෙ. එහෙම මැසේජ් එකක් ටයිප් කර කර පස් කන්දක් උඩ ඇවිදලා තව නූලෙන් බෙල්ල කඩාගන්නවා. ඔහොම ඉන්න අතරෙ තමයි මාව ආයෙත් කොලඹ හෙඩ් ඔෆිස් එකට ගෙන්න ගත්තෙ. ඊට පස්සෙ ඉතින් හැමදම වැඩ ඉවර වෙලා කැම්පස් ඇවිත් කෙලින්ම රිංගන්නෙ කැම්පස් එකේ ලැබ් එකට. චැට්ම තමයි වැඩේ ඊට පස්සේ. ඒක වහනකල්ම ඉඳලා තමයි යන්නේ.

පස්සෙ මම එයාගෙ නම්බර් එක ඉල්ල ගත්තා පොඩි බොරුවක් දාල. ඒ දවස් වල ෆේස්බුක් චැට් එක හරියට පිස්සු කෙලිනවා. මැසේජ් යන්නේ නැතුව හිර වෙලා තියනවා, ඉබේ ඕෆ්ලයින් යනවා, විකාර ගොඩයි. මම කිව්වා අවුලක් නැත්තන් මට ඔයාගේ නම්බර් එක දෙන්න, චැට් එක පිස්සු කෙලින වෙලාවට මොකද වුනේ කියලවත් බලාගන්න පුළුවන් නේ කියලා.;) එයත් ටක්ගාල නම්බර් එක දුන්නා. ඊට පස්සේ දවස් දෙකක් විතර චැට් එක පිස්සු කෙලපු වෙලාවට මොකද වුනේ කියලා මැසේජ් කරලා බලාගත්තා. ඔය අතරේ තමයි මම දෙවනි ට්‍රේනින් ප්ලේස් එකට ගියේ. අර 'මම ඔයා හිතන විදියේ කෙනෙක් නෙමෙයි කසුන්' පෝස්ට් එකේ කියපු තැන තමයි. ඒ පොස්ට් එකේ කියපු කෙල්ලයි, එතන හිටපු අපේ බැච් එකේ අනිත් උනු දෙන්නත් ඔය සීන් එක දැනගෙන හිටියේ. 

ඔහොම ඉඳල තව ටික දවසකින් මම තව පියවරක් ඉස්සරහට තිබ්බා. මම දවසක් ඇහුවා ෆෝන් එකට මැසේජ් කලාට කමක් නැද්ද කියලා. එයා කිව්වා කමක් නෑ කියලා. එදා ඉඳල පටන් ගත්තා ඒ වැඩේ. ඊට පස්සේ ෆේස්බුක් මැසේජ් අඩුවුනා. ඔය කාලේ වෙනකොට සීන් එක උච්චතම අවස්ථාවට ඇවිල්ලා තිබුනේ. ඔෆිස් එකේ වැඩ කරන අතරෙත් මැසේජ් කිරිල්ල දිගටම කරගෙන ගියා. ඒ වෙනකොට කොහෙහරි යනවා නම් කියල යන්න ඕන, ගිහින් ආවම කියන්න ඕන, ගුඩ් නයිට් මැසේජ්, ගුඩ් මෝනින් මැසේජ් වගේ හැම ආදර කතාවකටම වගේ පොදු වුන ඔක්කොම දේවල් අනිවාර්ය වෙලා තිබුනේ. තවත් කාලය ගන්න ඕන නෑ කියල හිතුන නිසා මම ගමේ සෙට් එකත එක්කත් කතා කරලා තීරණය කළා කල්පනාට හිතේ තියන දේ කියන්න ඕන කියලා. 

එදා සති අන්තෙක දවසක්. මම හිටියේ ගෙදර. යාළුවො සෙට් එකත් ඇවිත් හිටියේ, ඒ නිසා බයත් අඩුයි. කොල්ල ගත්ත ෆෝන් එක. අත එච්චරම වෙව්ලුවේ නෑ.:D "මට ඔයාට දෙයක් කියන්න තියනවා" කියලා මම මැසේජ් එකක් ගැහුවා. යවල ඉන්නවා දැන් බලාගෙන රිප්ලයි එනකල්. ම්හු... සද්දයක් නෑ. දැන් පොඩ්ඩක් විතර හිතට බයත් එක්ක. බලාගෙන ඉන්නවා ඉන්නවා රිප්ලයි නෑ. කොහොමහරි විනාඩි 40ක් විතර යනකල් රිප්ලයි නෑ. ඔන්න ඊට පස්සේ මැසේජ් එකක් ආව. 

කල්පනා: [මම නිදාගෙන හිටියේ කසුන්. දැනුයි ඇහැරුනේ. මොකක්ද කියන්න තියනවා කිව්වේ.]

ඔන්න එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.

මම: [මම බැලුවා මොකද සද්දයක් නැත්තේ කියලා. මට ඔයාට දෙයක් කියන්න තියනවා. හැබැයි මට ඔයා මුලින් පොරොන්දු වෙන්න මේක කිව්වට පස්සේ මාත් එක්ක තරහ වෙන්නේ නෑ කියලා.] 

කල්පනා: [හරි හරි මම තරහ වෙන්නේ නෑ, කියන්නකෝ.] 

මම: [මං ගැන වැරදියට හිතන්නත් බෑ හොඳද.]

කල්පනා: [හරි ළමයෝ, එහෙම වෙන්නේ නෑ.]

මම: [මම ඔයාට ආදරෙයි.] 

ඊට පස්සේ ටික වෙලාවක් යනකල් සද්දයක් නෑ. ටිකකින් මැසේජ් එකක් ආව.

කල්පනා: [ඔයා ඇත්තටමද කිව්වේ කසුන්?]

මම: [ඔව් කල්පනා. ඇයි ඔයාට මාව විසවාස නැද්ද?]

කල්පනා: [නෑ එහෙම දෙයක් නෙමෙයි කසුන්. ඔයා හරිම හොඳ කෙනෙක්. මම දන්නවා ඒක. ඒත් ඔයා දන්නවා නේද මම ඔයාට වඩා වැඩිමල් කියලා?]

මම: [මම ඒක දන්නවා කල්පනා. මට නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාට ඒක ප්‍රශ්නයක්ද?]

කල්පනා: [මට නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒත් කවද හරි අපේ ගෙදර අයට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද කසුන්.]

මම: [මාස 7යි නේ කල්පනා ඔයා මට වැඩිය වැඩිමල්. අනිත් එක මම ඔයාට ආදරේ නම්, ඔයාට මට ආදරේ කරන්න පුළුවන් නම් වසය කියන දේ ප්‍රශ්නයක් නෑ නේ.]

කල්පනා: [ඒක නම් ඇත්ත කසුන්. ඔයා ගොඩක් හොඳ කෙනෙක්.]

මම: [මට කෙලින්ම කියන්න කල්පනා ඔයාට ඒක ප්‍රශ්නයක්ද?]

කල්පනා: [නෑ නෑ, මට නම් ප්‍රශ්නයක් නෑ කසුන්.]

මම: [එහෙනම් ඔයා මට කැමතියි කියලා මම හිතා ගන්නද?]

කල්පනා: [මට තව ටිකක් හිතන්න ඕන කසුන්.]

මම: [හරි ඔයා හොඳට හිතලා උත්තරයක්‌ දෙන්න. මම එතකල් බලාගෙන ඉන්නම්.] 

(ඔය දෙබස ඔයිට වඩා දිගයි. මට දැන් මතක නෑ හරියට. කතාවේ අදහස මට මතක විදියට ඔය ලිව්වේ.) 

දැන් තමයි අමාරුම හරිය එන්නේ. උත්තරයක් එනකල් බලාගෙන ඉන්න එක. යාළුවො සෙට් එක ඉන්නකල් නම් අවුලක් තිබුනේ නෑ. උන් ගියාට පස්සේ තමයි තමයි ඉන්න බැරි වුනේ.  කොච්චර එයා මට ආදරෙයි කියල මට කලින් හිතිලා තිබුනත් ඒ වෙලාවේ ලොකු බයක් දැනුනා. හදිස්සියෙවත් එයා මට කැමති නෑ කිව්වොත් මොනවා වේවිද? මට ඒක දරාගන්න පුළුවන් වේවිද? මම හිතුවා හෙට උත්තරයක් ලැබේවි කියලා.  මට මතක විදියට එදා රෑ චැට් කලෙත් නෑ. මම ෆේස්බුක් එකේ ස්ටේටස් එකක් දාල නිදාගන්න ගියා.

Bas ek haa ke inthesar me raathi yuhi guzar jaayegi
ab tho bas uljaana he saath mere, neend kahaa aayegi
subha ki kiran naa jaani konsaa sandesh laayegi
rim jim se gun gunaayegi, yaa pyaas adhuree rehejaayegi
...................................................................................................................................................................

 

...................................................................................................................................................................

කල්පනා.....................

ඉල ඇදෙනකල් අඬන්න,
හෙම්බිරිසාව හැදෙනකල් හිනා වෙන්න,
යුගයේ දියාරුම ආදර කතාව......

කල්පනා (III කොටස) 
 
ළඟදීම....!

:D :D :P :P



32 comments:

  1. Replies
    1. මු ඇවිල්ල මුලින්ම නිකන් සාමාන්‍ය විදියට කෙලව ගත්තා.
      ඊළගට ෆෝන් ඒකෙන් කෙලව ගත්තා.
      ඊටපස්සේ FB එකෙන්.
      දැන් මේදවස්වල බ්ලොග් වලින් කෙලව ගන්න විදියක් හොයනවා. :P

      Delete
    2. මමනේ 1 වෙන්න හිටියේ :/ :/

      Delete
    3. මහිමයාගේ කටේ කිරි ටොපියක් දාන්න ඕන ඒ කතාවට...

      Delete
    4. මොනවා වුනත් උඹට ප්ලස්‌ නොදී බෑ බං ඒ කතාවට....:D

      ++++++++++++++++++++

      @සාතන්
      මඩක් ගහනකොට ප්ලස්‌ දාන්න නම් ඉන්නවා කට්ටිය....;)

      @වර්ණා
      හෑ?? උදේ 8ට දාපු පෝස්ට් එකට හවස 7ට ඇවිත් එක වෙන්නේ කොහොමද අලේ?

      @Dinesh
      කිරි ටොපියක් නෙමෙයි ඕකගේ කටට දාන්න ඕන, හොඳට ඉදිච්ච පැපොල් ගෙඩියක් කාල ඕකගේ කටට................!

      Delete
    5. මෙව්වට ප්ලස් නොදා කොහොමද මිනිහො... ඒත් කෝ මම දාපු අනෙත් කමෙන්ටුව?...

      Delete
    6. තවත් කමෙන්ට් තිබුනේ නෑ, ඔච්චරයි තිබුනේ.... මම Spam වලත් බැලුවා.

      Delete
  2. " ඒ වෙනකොට කොහෙහරි යනවා නම් කියල යන්න ඕන, ගිහින් ආවම කියන්න ඕන, ගුඩ් නයිට් මැසේජ්, ගුඩ් මෝනින් මැසේජ් වගේ හැම ආදර කතාවකටම වගේ පොදු වුන ඔක්කොම දේවල් අනිවාර්ය වෙලා තිබුනේ. "

    මම මේ කල්පනා කලේ මට එන මැස්ජ් වල හැටියට මම උඹ උනා නම්..........

    ReplyDelete
    Replies
    1. හෑ??? මෙයාට එන්නෙ එහෙනම් මාර මැසේජ් ව්එන්නැති නෙ?? හෆ්ෆටතිලි!!!!

      Delete
    2. @Dinesh
      හෑ??? කියමු බලන්න එතකොට මොන වගේ මසේජ්ද එන්නේ කියලා???

      @හිතු
      ඒකනේ, බයත් හිතෙනවා.

      Delete
  3. Replies
    1. පොඩි දෝෂයක් නිසා මකා දැම්මෙ..සමාවෙන්න..

      ------------------------------------------------------------------
      හෆ්ෆා.. මාස 7ක් කියන එක එච්චර සීරියස් ප්‍රශ්නයක් වුනාද? මම කියන්නෙ මේ ඕකට උත්තරය්ක් දෙන්න හිතන්න ඕනෙ කාරණා අතරට ඒකත් තිබ්බාද? ම්ම්ම්ම්ම්ම් ^_^

      හොදම තැනකින් නතර කරලා... කල්පනා මොකද කිව්වෙ ඉතිං??? :O

      Delete
    2. නෑ, ඒක නිසා නෙමෙයි නගෝ. කොච්චර වුනත් කෙල්ලෝ එකපාරට උත්තරයක්‌ දෙන්නේ නෑ නේ, පොඩ්ඩක් අගේ කරන්න ඕන නේ....;)

      Delete
  4. අඩෙ අප්පා ෆේස්බුක් ලවක් නෙ....:))

    මට ඉස්සෙල්ලා කොටසත් මිස් වෙලා තිබුනෙ.ඒකත් කියවලාම තමා මේක කියවන්න ආවෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ, ඒකනේ මම කිව්වා කට්ටිය මට මෝඩයෙක් කියාවි කියලා මේක කියවලා...:D

      Delete
  5. අම්මෝ හංගන්න ඉන්න රහස් ටික . හරි හරි ඔහොම යමුකො :D

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි අක්කෝ, රහස් එක පාරට කියන්නේ නෑ නේ...;)

      Delete
  6. Replies
    1. මොකෝ නංගියේ බය වෙලා??? :)

      Delete
  7. ඉතිරියත් කියවලාම මුකුත් කියමු නේ..?
    අපි හිතන පැත්තට ගියාලු අන්තිමට....:)
    //මම හැඩ මදිලු// අපොයි...මෙහෙම දේවල් කොච්චර නම් ලෝකේ වෙනවද......:(
    'මම ඔයා හිතන විදියේ කෙනෙක් නෙමෙයි කසුන්' මේක දැන්ලු බැලුවේ....:)
    අදත් හොදම ටිකෙන් නවතලානේ...ඉතිරියත් ඉක්මනට දාමු...:)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත හිරූ හැඩ මදි ප්‍රශ්නේ ගොඩක් වෙලාවට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොනවා කරන්නද ඉතින්...:(

      Delete
  8. onna ilaga kotasat ikmanata danna kasun ayya.....

    ReplyDelete
    Replies
    1. හරි ඉක්මනට දාන්නම්කො....:)

      Delete
  9. දියාරු ආදර කතාවක් නෙවෙයි මලයෝ මේකනම් අයිස් කුට්ටියක්..එක හුස්මට දිග පොස්ටුවක් කියෙව්වමද ‍කොහේද?

    ReplyDelete
    Replies
    1. :) ඇයි නැත්තන් කතන්දර කියනවනේ අක්කේ කොට වැඩියි කියලා, ඒ නිසා දිගට දැම්මා...:)

      Delete
  10. ay ayya hithane meke diyaru kathawak kiyala?? man nam hithane na kathawe kiyawapu katiya ekkenek wath meke diyaru kathawak kiyala kiyala :) lassanay. ikmante anik post ekak danne hode :) take care

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ඉතුරු ටික කියෙව්වම ඔයාටම හිතෙයි මේක මහ දියාරු කතාවක් කියලා...:) හරි ඉක්මනට දාන්නම්කො....

      Delete
  11. Replies
    1. හ්ම්ම් බලමුකෝ...

      Delete
  12. ඒ කැමති වෙයිද බං....?
    මට එකම එක මාසෙකට බෑ කිව්වනේ...
    බලමුකෝ...

    සුභ වෙවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  13. හික්ස් :)
    පට්ට ආදර කතාව !! මාස 7ක් කියන්නේ මොන වැඩියක්ද බන්. මම් එහෙම්පිටින්ම අවුරුදු එකාමාරක් වැඩිමල් කෙල්ලෙක්ට ආදරේ කලේ. තාමත් වැඩිම කැමැත්ත තියෙන්නේ අක්කා කෑලි වලට. හික්ස් :)

    ෆෝන් වල වයිබ්‍රේට් ගැන කිව්වම අපේ කොල්ලෙක් කියපු කතාවක් මතක් වෙලා වරුවක් විතර හිනා උනා. උබලත් අහලා ඇති වයිබ්‍රේට් හා කෙල්ලෝ අතර සම්බන්ධය ගැන !!! හික්ස් :)

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.