කවදාවත් නැතුව එක පෝස්ට් එකක් දාල දවසකින් තව පෝස්ට් එකක් දාන්න යන්නේ. මොකද අද මට ටිකක් විශේෂ දවසක්. හ්ම්ම්! ඔන්න ඉතින් අදට, ඒ කිව්වේ මාර්තු 14 වෙනිදට කසුන් කියන චරිතය ඉපදිලා අවුරුද්දක් වෙනවා. 2011 මාර්තු 14 තමයි මම බ්ලොග් කෑල්ලක් හදාගෙන මුලින්ම පොස්ට් එකක් දැම්මේ. අද ලොකු හෑල්ලක් ලියන්න නම් බලාපොරොත්තු වෙන්නේ නෑ. 50 වෙනි පෝස්ට් එක දාලත් වැඩි දවසක් නෑ නේ. ඒකෙ කියන්න තියන ඔක්කොම කිව්වා.:)
හැබැයි මේ හරහා ඇති වුන යාළුකම ගැන නම් ආයෙත් කියන්නම ඕන. කමෙන්ට් එකකින් පටන් ගත්ත යාළුකම, මූණුපොත, ස්කයිප්, ජංගම දුරකථනය හරහා ගිහින් සැබෑ ජීවිතයේදීත් හොඳ යාළුවො දක්වා දුර ගිහින්. හොඳම යාළුවො කියන ගොන්නට බ්ලොග් කෙරුවාවෙන් අඳුර ගත්ත යාලුවොත් කීප දෙනෙක්ම එකතු වෙලා. සැබෑ ජීවිතයේ දුක සතුට බෙදාගන්න, ප්‍රශ්නයක් ආවම විසඳගන්න, තීරණයක් ගන්න තියන වෙලාවට උපදෙස් ගන්න වගේ ඕන දේකට දැන් මේ අය ළඟ ඉන්නවා. ඉතින් මම කලින් කිව්වා වගේ මේ ගනුදෙනුව හරිම සුන්දරයි. ඒ හැම දෙනාටම නැවත නැවතත් ස්තූතියි. ඒ ඇසුර මට ගොඩක්ම වටිනවා. මේ විදියට හැමදාම ලඟින් ඉන්න කියලා තමයි මම ඉල්ලන්නේ.
එහෙනම් කට්ටිය ඔය පහලින් තියන කේක් කෑල්ලක් කාලම යන්න. කුඩු හලන්න එපා කූඹි එනවා.:D
cake eke ivara wenne kalin mama awa suba pathanna.
ReplyDeletethawa thawa rasawath nirmanath ekke digu kalayk
blog awakashaye rendennata magen unusum suba pathum !
(ada singhala fonts na malli wene computer ekaka inne )
ගොඩක්ම ස්තුතියි අක්කෝ. ගොඩක් කල් බ්ලොග් අවකාශයේ රැඳෙන්න නම් අක්කලා මාත් එක්ක ඉන්න ඕන.:) ඒක තමයි මගේ ශක්තිය.
Deleteසුභම සුභ උපන්දිනයක් වේවා අයියෝ.....!!!!!!!!
ReplyDelete:)
ස්තූතියි නංගෝ...)
Deleteමම නම් කියන්නෙ කේක් කනවට වඩා මේ සතුට සමරන්න කොහෙ හරි ගිහින් නාන එක වටිනව කියල :)
ReplyDeleteඅනිවා අයියේ කරනවානම් ලොකු පිනක්
Deleteඅනේ පලයල්ලා යන්න. මම කිව්වනේ උදේ පාන්දරම නාන එකෙයි මේකෙයි සම්බන්ධයක් නෑ කියලා.:P
Deleteකසුන් මලයෝ ඔන්න කර ගන්නව නම් පිනක් මේ සාතන් අයියා මලාට නාන්නේ නෑ ඔහොම එකක් සෙට් වුනොත් මිස....
Deleteඅප්පටසිරි ඒකත් එහෙමද අක්කේ? ඒ වුනාට මිනිහගේ ටෝක් නම් දවසට දෙපාරක් නානවා වගේ.
Deleteදැන් උඹ මට නේ අයියේ ටෝක් දුන්නේ? දැන් දීපල්ලකෝ මේවට උත්තර.
බොහෝම සංතෝසයි..ආවා වගේම ඉස්සරහටත් යං...
ReplyDeleteබොහොම ස්තූතියි මාරයියේ. ගොඩාක් කාලෙකින් අයිය මේ පැත්තේ ආවේ.:)
DeleteCongratz!
ReplyDeletethanks bro...!
Deleteලස්සන කේක් එකක්...
ReplyDeleteකෑල්ලක් කාලම යන්න එහෙනම්...:)
Deleteකසුන්ට වැඩි වැඩියෙන් හිතිලා තව අවුරුදු ගානක් බ්ලොග් එක කරන්න ලැබෙන්න කියලා හදවතින්ම පතනවා.
ReplyDeleteහොද වෙලාවට දැම්ම ආවේ. මේ ගැටෝ එක මිස් වුනානම් ඉදලා වැඩක් නෑ.
බොහොම ස්තූතියි අක්කා. ගැටෝ කිව්වේ මේ කේක් එකද? අනේ ඕවයේ නම් දන්නේ නෑ නේ අක්කා අපි.:)
Deleteඅපොයි අයිසින් කේක් එපා අයියෙ... නැද්ද බටර් කේක් එහෙම....:)))
ReplyDeleteතව දිගටම ලියන්න නෑ නෑ ටයිප් කරන්න ඇඟිලි වලට වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා... !!!
කේක් කෑල්ලක බටර් ටිකක් ගාල වගේ දෙන්නද? :) බොහොම ස්තූතියි නගෝ.
Deleteසුභ උපන්දිනයක් වේවා බ්ලොගේට....කේක් එක රස පාටයි...යම්....
ReplyDeleteතව තවත් ලියන්න ශක්තිය,දිරිය ලැබේවා.... :)))
බොහොම ස්තූතියි අක්කා. ශක්තිය ඉතින් කියවන ඔයාල තමයි.
Deleteසුභ උපන්දිනයක් මල්ලි...!!! තව තව ලියන්න ශක්තිය වෙලාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteතැන්කූ මාළු අයියේ. අන්න වෙලාව ලැබෙන්න කියන එක නම් සෑහෙන්න වටිනවා.:)
Deleteඅවුරුද්දක් උනාද බන්... කාලය යන වේගෙ... සතුටුයි දිගටම ලියපන් මචන්... 22 හමු වෙමු
ReplyDeleteසිරාවට අයියේ, අවුරුද්දක් ගියා කියල නම් දැනුනේ නෑ. තැන්කූ අයියා! 22 සෙට් වෙමු.
Deleteසුභ උපන්දිනයක් වේවා කසුන්ට.....!!!!
ReplyDeleteසිය දහස් ගණනින් පෝස්ට් ලියවෙන්නට, වසර ගණනාවක් ලියන්නට වාසනාව ලැබේවා.
මේ කේක් එකේ අයිසින් විතරද මන්දා තියෙන්නේ.
(මේ පැත්තට පාර කීව කෙනත් ඇවිත් තියෙන්නේ...:D)
බොහොම ස්තූතියි අයියේ.
Deleteනෑ නෑ, මැද කේක් තියනවා.:) පාර කියපු කෙනා නම් ඉතින් නිතරම මේ පැත්තේ එනවා නේ.:)
ජය වේවා අයියේ.. අපිට පාර්ටියක් ඕනේ හොඳේ.. මෙහෙම e- කේක් දීලා විතරක් හරියන්නේ නෑ
ReplyDeleteස්තූතියි නගෝ. පාටිය ඉතින් අර මම කියපු විදියට කරමු.:)
Deleteසුභ පතනවා...!
ReplyDeleteස්තූතියි මලේ...!
Deleteසුභම සුභ පැතුම්!!!
ReplyDeleteස්තූතියි අක්කා...!
Deleteබ්ලොග් අවකාශයේ දිදුලන තරුවක් වීමට සුභපැතුම් henryblogwalker aka Dude ගෙනි.
ReplyDeleteඅම්මෝ එච්චර පුළුවන් වේවිද මන්ද?:) බොහොම ස්තූතියි Dude අයියේ...!
Deleteසුභපැතුම් කසුන්...
ReplyDeleteස්තූතියි අයියේ...!
Deleteදෙයියන්ගෙ පිහිටෙන් බුදුන්ගෙ සරණින් තව චිරාත් කාලයක් ලියන්න වාසනාව ලැබෙන්න කිව්ව ඕං......සුභ පැතුම් හොඳේ.......
ReplyDeleteබොහොම ස්තූතියි සහෝ...!
Deleteකසුන්ට අවුරුද්දයි කනියගෙන් පලවෙනි කමෙන්ට් එකයි හැපි බර්ත් ඩේ මචාංංං
ReplyDeleteබොහොම ස්තූතියි සහෝ...!
Deleteබ්ලොග් ලෝකේ අව්රුද්දට සහ ඉපදිලා අවූරුදු 24 ටත් ඔන්න මගෙන් සුභ පැතුම්.. ඉදිරියටත් හිතන පතන හැමදේම හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා :)
ReplyDeleteබොහොම ස්තූතියි නගෝ. ඉපදිලා අවුරුදු 24 වෙන්න තව ටික දවසක් තියනවා අලේ.:)
DeleteWell done and keep blogging!
ReplyDeletethanks friend...!
Deleteඅම්මපා අද මම හිතුවේ අද උඹේ ඇත්තම උපන්දිනේ කියලනේ.. බුකියේ බිත්තියේ පෝස්ටරයක් දාලා උඹේ ඔරිජිනල් එකේ මොකද උපන්දිනේ නැත්තේ කියලා බලද්දි තමයි වැඩේ මීටර් උනේ.. අපරාදේ මම ඉස්සෙලාම දාපු සුභ පැතුම..
ReplyDeleteඑතකොට ඊයේ ඇත්තම උපන්දිනේ නෙමෙයිද? :/
Delete@Dinesh
Deleteමොකද අනේ අපරාදේ වෙන්නේ? ඒ සුභ පැතුවේ බ්ලොගේ උපන්දිනේට නේ.:)
@වර්ණා
ඇයි ළමයෝ ඔරිජිනල් එකවුන්ට් එකේ තියන එක නේ මගේ ඇත්තම උපන්දිනේ. මේක බ්ලොගේ උපන්දිනේ.
ඔන්න පරක්කු වෙලා හරි මගෙනුත් සුබ පැතුම් .....
ReplyDeleteපරක්කු නෑ අයියා, 12ට කලින් දාල නේ.:) ස්තූතියි අයියා...!
Deleteඔන්න මගෙනුත් සුභ පැතුම්..
ReplyDeleteස්තූතියි අක්කේ...!
Deleteමගෙනුත් සුබ පැතුම්
ReplyDeleteස්තූතියි අක්කේ...!
Deleteජයෙන් ජයම වේවා අයියේ!!! ඉදිරියටත් සාර්ථක ගමනක් යන්න මගෙන් සුබහ් පැතුම්!!
ReplyDeleteගොඩක් ස්තූතියි නගෝ...!
DeleteWhat Is Caesars Casino & Hotel Casino? - Dr.MCD
ReplyDeleteCaesars Casino & 부천 출장샵 Hotel Casino: It's a fun 군포 출장안마 place 충청북도 출장샵 to stay with family and friends. It's 광주광역 출장마사지 located in 전라북도 출장안마 the heart of Las Vegas, steps from LINQ Promenade and