පුංචි සංදියේ පටන්ම
මගේ හිතේ ලැගුම් ගත් ඔබ
තවමත් මුණ නොගැසුනේ
කිමදැයි නොදනිමි මම
දකින දකින අය තුල
සෙව්වෙමි ඔබ නිරතුරුව
බිඳුන සිත පමණමයි
සිටියේ නෑ ඔබ කිසි තැනක
යෙහෙළියයි ඔබ මට
මවකි මට නිරතුරුව
රැජිනයි ඔබ මගෙ සිහින ලොව
එහෙත් කොහිද තවම ඔබ?
වෙහෙසයි දැන් මට හොඳටම
තවත් වාරු නෑ මගෙ හිත
අද ඒවිද හෙට එයිද?
තව කොතෙක් නම් බලා ඉන්නද?
දනිමි මම හොඳහැටිම
නොපවතින බව ඔබ, මේ මනුස්ස වාසය තුල
ඒත් තවමත් සොයමි මම
මගේ අතාත්ත්වික පෙම්වතිය
//දනිමි මම හොඳහැටිම
ReplyDeleteනොපවතින බව ඔබ, මේ මනුස්ස වාසය තුල//
මේකනම් ඇත්ත.අපි හිතන් ඉන්න කෙනාම ලබා ගන්නනම් ඉතිං මකවලා හදන්න වෙයි.ඒත් මල්ලි ඔය අතාත්විකයට ලගින්ම යන නෙනෙක් හම්බ වුනොත් තියා ගන්න.ටික කාලයක් යනකොට හිතේ හිටිය කෙනාට වඩා හොදයි කියලා හිතෙයි.බලන්නකෝ බොරුද කියලා...:D
අලේ ඔව් අක්කා, අපේ හිතේ තියන ඔක්කොම හරියටම තියන අය නම් ඉතින් හොයන්න වෙන්නේ නෑ. එහෙම අය හිටියත් එයාල අපිට කැමති නෑ.:P මේක නිකන් අදහසක් විතරයි අක්කේ.:)
Deleteඔහොම යනකොට හම්බ වෙයි මල්ලී ඒත් ඔබ සොයන හැම ගති ගුණම ඇති අය ලැබෙන්නේ නෑ . අඩුගානේ ඒ ලඟින් යන කෙනෙක්වත් ලැබෙයි .
ReplyDeleteලඟින් යන කෙනෙක් වත් ලැබුනොත් හොඳයි නේ...:( ඔයා මට හරියන කෙනෙක් හොයල දෙනවද අක්කෝ?
Deleteඉල්ලන් කන්න යනව කියන්නෙ මෙන්න මේ වගේ එව්වට... මොනා වුනත් ඉතිං ලස්සනට ලියල තියෙනව... :)
ReplyDeleteඔය කවියකට ලස්සනයි කිව්වමද කොහෙද.;) දැන් කොල්ල කවිත් කියවනවා එහෙනම්.:)
Deleteවෙහෙසයි දැන් මට හොඳටම
ReplyDeleteතවත් වාරු නෑ මගෙ හිත
අද ඒවිද හෙට එයිද?
තව කොතෙක් නම් බලා ඉන්නද?
මගේ අතාත්වික පෙම්වතා කියලා ඕකේ මාතෘකාව වෙනස් කරා නම් මේ කවි පන්තියම මටත් අදාලයි අයියේ.. ලස්සනයි..
ඕක මම හිතන්නේ ගොඩක් අයට අදාලයි නගෝ.:D බලමු ඉතින් හොයල නේද...;)
Deleteඑයි එයි බලන හිටපන් කෝ :P
ReplyDeleteආහ් උඹ කියන්නේ එතකොට එන්නේ නෑ??? හෙන ගහපන් තොගේ කටට.
Deleteඅපි හිතන අයම අපිට ලැබෙන්නේ නෑ බං මලයෝ... ඒත් ලැබෙන අයට හරියන විදියට හැඩ ගැහෙන්න අපිට පුළුවන් නම් ජීවිතේ ගොඩක් ලස්සන වේවි. නැති දේ ගැන දුක් වෙනවට වඩා ලැබෙන දේ සතුටින් භාරගනින්... !
ReplyDeleteසිරා කතාව අයියේ! අපිට ලැබෙන කෙනා අනුව අපේ උවමනා එපාකම් හැඩගස්වා ගන්න ගන්න එක තමයි හොඳම දේ. මෙහෙමයි, හිතේ ඇඳිච්ච කෙනෙක් නම් ඉන්නවා, ඒත් එහෙම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා කියලා එකක් නෑ. ලැබෙන දෙයක් සතුටින් බාරගන්නවා.:)
Deleteමල් පිපුන වසන්තය
ReplyDeleteනුඹ වගෙයි මට හැමදාම
නෙත ගැටෙන නෙත් අතරේ මම
නුඹව හෙවුවා ආදරේ හින්දම..
කඳුළ මගේ අද නොනැවතී වැටෙන
නුඹෙ මතකයේ සැමරුම් අතර
පාට බොද උන සිහිනයක් විලසට
නුඹ හිනැහෙනවා අදත් මා ලග..
පොඩ්ඩක් ඉවසලා හිටපන් බං.. උඹලට හරි හදිස්සියනේ..
දන්නෙ නැහැ නුඹ තවම
Deleteකෙතරම් ආදරේද
ඒ වසන්තයට මම.
පාලු වූ මගේ උයන
මග බලයි තවම
නුඹ එනතුරු වසන්තය රැගෙන.
අපෝ ඔයිට වඩා බෑ. ලෝක අමාරුවෙන් ඕකත් ගැට ගහගත්තේ. හදිස්සියක් නෑ අලේ.....;)
එයාල ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ අයියේ... අතාත්විකම තමා...
ReplyDeleteඒකනේ නගෝ බලන්නකෝ..... අපි පව් නේ...:(
Deleteහමු වූදා ඒ අතාත්වික පෙම්වතිය..
ReplyDeleteඒකි හොයලා තියෙන්නෙ වෙන එකෙක්වනෙ...
මාව නෙවෙයි..
මලා, එහෙම වුනොත් නම් ඉතින් බඩ කපන් මැරෙන්න වෙන්නේ. වෙන කරන්න දෙයක් නෑ.
Deleteදකින දකින
ReplyDeleteදෑස් තුලින්
ඇය සොයලා
හෙම්බත්වුන
නුඹේ හිතට
සිසිල අරන්
පොද වැස්සක්
වෙලා එන්න
කෙනෙක් ඒවි
ඉක්මණටම
බලන් ඉන්න
හද දොර හැර....
ඔය දොර නම් ඇරලා තියෙන්නේ සහෝදරී. වැඩේ කියන්නේ පොද වැස්සක් අරගෙන තියා නිකන් යනගමන් ඔලුව දාල වත් යන්නේ නෑ නේ එකෙක්වත්....:D
Deleteආ....
Deleteඉතින් ඔයාට දැන් ඕනෙ යනගමන් ඔලුව දාල යන්න කෙනෙක්ද,නැත්තන් සදහටම නවතින කෙනෙක්ද...?අන්න එයා එන්නනම් ටිකක් කල් යනෝ....ඉවසන්ඩෝ.....
වර්චුවල්...!!!!
ReplyDeleteහ්ම්ම්....:(
Deleteපික්සු හැදෙනවා.. වැඩේ ඇත්ත. මෙහෙත් එහෙමයි.
ReplyDeleteඇත්ත නේන්නම්....! අපි පව් නැද්ද අලේ...???
Deleteදැන් එතකොට මේ හිතේ ඉන්න කෙනෙක් ගැනද, ඒ කියන්නේ මවාගත්ත රුපයක් ගැනද නැත්තම් ඇත්තම කෙනෙක් ඉන්නවද ඒ වගේ, ඒ කෙනා ගැනද කියන්නේ?
ReplyDeleteමොනවා උනත් හිතන පතන දේවල් ඒ අයුරින්ම ඉටු වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා :)
මවා ගත්ත කෙනෙක් නම් ඉන්නවා. හැබැයි එයා තාම හම්බවෙලා නෑ...:( එයා ගැන තමයි මේ කිව්වේ. අන්න ඒ ප්‍රාර්ථනාව නම් ගොඩක් වටිනවා නගෝ.:)
Delete"දනිමි මම හොඳහැටිම
ReplyDeleteනොපවතින බව ඔබ, මේ මනුස්ස වාසය තුල
ඒත් තවමත් සොයමි මම
මගේ අතාත්ත්වික පෙම්වතිය"
හිහිහී... ඉක්මනටම සොයා එත්වා කියලා ප්‍රාර්ථනා කරනවා..!!! :)
හැබැයි ඉතින්.. අපි හිතින් මවාගෙන ඉන්න අය නම් අපිට ලැබෙනවා ගොඩක් අඩුයි සහෝ.
තැන්කූ තැන්කූ...:) අලේ ඔව් සහෝදරී හිතේ ඉන්න කෙනාම හොයන්න නම් වෙන්නේ නෑ.:(
Deleteමාත් බලාගෙන ඉන්නේ එනකන් තමා !!!
ReplyDeleteබලමු... මැරෙන්න කලින් ආවොත් හොදා !
බලමු ඊට කලින් ඒවිද කියලා.:) උඹ කියන්නේ ඉස්සෙල්ලා හම්බවෙන්නේ උඹටද මටද? ;)
Deleteමෙන්න මෙහෙම සීන් එකක් තියෙනවා, ඔය අතාත්වික පෙම්වතියගෙ ස්පෙසිෆිකේෂන් වරින් වර අප්ඩේට් වෙනවා.
ReplyDeletehenryblogwalker the Dude
වැඩක් නෑ කියලා, අයිය නම් මගේ විදියම තමයි.:) හරියටම කිව්වා. අත්දැකීම් නේ...? ;) පොඩි කාලේ ඉඳල කොයිතරම් නම් අලුතෙන් ඔය ස්පෙක් එකට එකතු වෙලා අඩු වෙලා ඇත්ද?
Delete//දනිමි මම හොඳහැටිම
ReplyDeleteනොපවතින බව ඔබ, මේ මනුස්ස වාසය තුල
ඒත් තවමත් සොයමි මම
මගේ අතාත්ත්වික පෙම්වතිය//
මාත් මෙ ඔහොම අතාත්වික පෙම්වතෙක් හොයනවා අයියේ...;)
අප්පොච්චියේ ඔයා නම් හොයල තේරුමක් නෑ....;) :P
Deleteඑහෙනම් ඔක්කොම අතාත්වික ලෝක වල ඉන්නේ නේ ??හපොය් කවද පොළොවේ පය ගහල ඉඳීවිද දන්නේ නෑ...
ReplyDeleteඒ වගේ නේද?:) කාගෙත් කතාව එකයි බං. වෙනසකට තියෙන්නේ හැමෝම කියන්නේ නෑ.
Deleteමමද පෙම් බැදි
ReplyDeleteඅතාත්වික මගේ
සොදුරු හිතවත
ලදරු මොල කැටි
හදක් හිමි නුඹ
කොහේ හිදිනෙද...
ඉපිද නැතිවද...
අප්පොච්චියේ කොහෙද අසනියේ ගිහින් හිටියේ? අර බ්ලොගේ පාලුවට ගිහින්.
Deleteඑදා ඉදන් අද වෙනකන් ආදරෙන් අසනියේ කියලා අමතපු ඔයාලා දාල මම යන් නෑ...දුර හිටියත් ඔයාලා දිහා බලන් ඉදිවී..
Deleteදුර ඉඳල බලන් හිටියට මදි.:( ළඟ පාත ඉන්න ඕන.:)
Deleteහී හී.....ලග පාත ගෙයක් කුලියට දෙනවද හොයලා කියන්නෝ............
Delete:D හරි මම බලන්නම්. හැබැයි මෙහෙ ගෙවල් හරි ගණන්.:)
Deleteමන් හිතුවා අනේ අසනියේ කොහේ යන්නද අපේ ගෙදර ඉඩ ඇති කියයි කියලා....ඕන්...පැත්ත පලාතෙවත් එන්න එපා කියලා නොකියා කිව්ව නේ.....
Deleteඉතින් අලේ මම ඉන්නෙත් හොස්ටල් එකේ නේ. මෙහෙ කොහෙන්ද මට ගෙවල්.:D
Deleteඒකත් හැබෑවම තමයි....තව මෙහෙම කතා කරොත් දුක සැප විමසන චැටක් වෙනවා....
Delete:D ඔව් නේද!
Deleteහෙ හේ ...ඒ අපි යාලුවොනේ නේ......
Deleteඅනිවාර්යෙන්ම! ඒකෙ ආයෙත් අහන්න දෙයක් නෑ නේ.:)
Deletekawiya parana unath meka dakkama monawath kotalama yanna hithunane appa.. Kawadawath angasampurna manushayekwa hoyanna bane itin me loke.lagin yana kenekwath thama..thamath hambune nadda appa..?
ReplyDeleteතාම නෑ නේ...:/ ඔයා ඉතින් මට හොයල දෙන්නෙත් නෑ නේ කිව්වට...:'(
Deletehaiyo duka thama...ikmanatama hamba wewi..itin aduwama hamba wenne nane.. Comment1 singlish unata sry..4n1ta sinhala daganna ona ikmanatama..
Delete