twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Friday, February 24, 2012

අතාත්ත්වික පෙම්වතිය




පුංචි සංදියේ පටන්ම
මගේ හිතේ ලැගුම් ගත් ඔබ
තවමත් මුණ නොගැසුනේ
කිමදැයි නොදනිමි මම

දකින දකින අය තුල
සෙව්වෙමි ඔබ නිරතුරුව
බිඳුන සිත පමණමයි
සිටියේ නෑ ඔබ කිසි තැනක

යෙහෙළියයි  ඔබ මට
මවකි  මට නිරතුරුව
රැජිනයි ඔබ මගෙ සිහින ලොව
එහෙත් කොහිද තවම ඔබ?

වෙහෙසයි දැන් මට හොඳටම
තවත් වාරු නෑ මගෙ හිත
අද  ඒවිද හෙට එයිද?
තව කොතෙක් නම් බලා ඉන්නද?

දනිමි  මම හොඳහැටිම
නොපවතින බව ඔබ, මේ මනුස්ස වාසය තුල
ඒත් තවමත් සොයමි මම
මගේ අතාත්ත්වික පෙම්වතිය

52 comments:

  1. //දනිමි මම හොඳහැටිම
    නොපවතින බව ඔබ, මේ මනුස්ස වාසය තුල//

    මේකනම් ඇත්ත.අපි හිතන් ඉන්න කෙනාම ලබා ගන්නනම් ඉතිං මකවලා හදන්න වෙයි.ඒත් මල්ලි ඔය අතාත්විකයට ලගින්ම යන නෙනෙක් හම්බ වුනොත් තියා ගන්න.ටික කාලයක් යනකොට හිතේ හිටිය කෙනාට වඩා හොදයි කියලා හිතෙයි.බලන්නකෝ බොරුද කියලා...:D

    ReplyDelete
    Replies
    1. අලේ ඔව් අක්කා, අපේ හිතේ තියන ඔක්කොම හරියටම තියන අය නම් ඉතින් හොයන්න වෙන්නේ නෑ. එහෙම අය හිටියත් එයාල අපිට කැමති නෑ.:P මේක නිකන් අදහසක් විතරයි අක්කේ.:)

      Delete
  2. ඔහොම යනකොට හම්බ වෙයි මල්ලී ඒත් ඔබ සොයන හැම ගති ගුණම ඇති අය ලැබෙන්නේ නෑ . අඩුගානේ ඒ ලඟින් යන කෙනෙක්වත් ලැබෙයි .

    ReplyDelete
    Replies
    1. ලඟින් යන කෙනෙක් වත් ලැබුනොත් හොඳයි නේ...:( ඔයා මට හරියන කෙනෙක් හොයල දෙනවද අක්කෝ?

      Delete
  3. ඉල්ලන් කන්න යනව කියන්නෙ මෙන්න මේ වගේ එව්වට... මොනා වුනත් ඉතිං ලස්සනට ලියල තියෙනව... :)

    ReplyDelete
    Replies
    1. ඔය කවියකට ලස්සනයි කිව්වමද කොහෙද.;) දැන් කොල්ල කවිත් කියවනවා එහෙනම්.:)

      Delete
  4. වෙහෙසයි දැන් මට හොඳටම
    තවත් වාරු නෑ මගෙ හිත
    අද ඒවිද හෙට එයිද?
    තව කොතෙක් නම් බලා ඉන්නද?

    මගේ අතාත්වික පෙම්වතා කියලා ඕකේ මාතෘකාව වෙනස් කරා නම් මේ කවි පන්තියම මටත් අදාලයි අයියේ.. ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ඕක මම හිතන්නේ ගොඩක් අයට අදාලයි නගෝ.:D බලමු ඉතින් හොයල නේද...;)

      Delete
  5. එයි එයි බලන හිටපන් කෝ :P

    ReplyDelete
    Replies
    1. ආහ් උඹ කියන්නේ එතකොට එන්නේ නෑ??? හෙන ගහපන් තොගේ කටට.

      Delete
  6. අපි හිතන අයම අපිට ලැබෙන්නේ නෑ බං මලයෝ... ඒත් ලැබෙන අයට හරියන විදියට හැඩ ගැහෙන්න අපිට පුළුවන් නම් ජීවිතේ ගොඩක් ලස්සන වේවි. නැති දේ ගැන දුක් වෙනවට වඩා ලැබෙන දේ සතුටින් භාරගනින්... !

    ReplyDelete
    Replies
    1. සිරා කතාව අයියේ! අපිට ලැබෙන කෙනා අනුව අපේ උවමනා එපාකම් හැඩගස්වා ගන්න ගන්න එක තමයි හොඳම දේ. මෙහෙමයි, හිතේ ඇඳිච්ච කෙනෙක් නම් ඉන්නවා, ඒත් එහෙම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා කියලා එකක් නෑ. ලැබෙන දෙයක් සතුටින් බාරගන්නවා.:)

      Delete
  7. මල් පිපුන වසන්තය
    නුඹ වගෙයි මට හැමදාම
    නෙත ගැටෙන නෙත් අතරේ මම
    නුඹව හෙවුවා ආදරේ හින්දම..

    කඳුළ මගේ අද නොනැවතී වැටෙන
    නුඹෙ මතකයේ සැමරුම් අතර
    පාට බොද උන සිහිනයක් විලසට
    නුඹ හිනැහෙනවා අදත් මා ලග..


    පොඩ්ඩක් ඉවසලා හිටපන් බං.. උඹලට හරි හදිස්සියනේ..

    ReplyDelete
    Replies
    1. දන්නෙ නැහැ නුඹ තවම
      කෙතරම් ආදරේද
      ඒ වසන්තයට මම.
      පාලු වූ මගේ උයන
      මග බලයි තවම
      නුඹ එනතුරු වසන්තය රැගෙන.

      අපෝ ඔයිට වඩා බෑ. ලෝක අමාරුවෙන් ඕකත් ගැට ගහගත්තේ. හදිස්සියක් නෑ අලේ.....;)

      Delete
  8. එයාල ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ අයියේ... අතාත්විකම තමා...

    ReplyDelete
    Replies
    1. ඒකනේ නගෝ බලන්නකෝ..... අපි පව් නේ...:(

      Delete
  9. හමු වූදා ඒ අතාත්වික පෙම්වතිය..
    ඒකි හොයලා තියෙන්නෙ වෙන එකෙක්වනෙ...
    මාව නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. මලා, එහෙම වුනොත් නම් ඉතින් බඩ කපන් මැරෙන්න වෙන්නේ. වෙන කරන්න දෙයක් නෑ.

      Delete
  10. දකින දකින
    දෑස් තුලින්
    ඇය සොයලා
    හෙම්බත්වුන
    නුඹේ හිතට
    සිසිල අරන්
    පොද වැස්සක්
    වෙලා එන්න
    කෙනෙක් ඒවි
    ඉක්මණටම
    බලන් ඉන්න
    හද දොර හැර....

    ReplyDelete
    Replies
    1. ඔය දොර නම් ඇරලා තියෙන්නේ සහෝදරී. වැඩේ කියන්නේ පොද වැස්සක් අරගෙන තියා නිකන් යනගමන් ඔලුව දාල වත් යන්නේ නෑ නේ එකෙක්වත්....:D

      Delete
    2. ආ....
      ඉතින් ඔයාට දැන් ඕනෙ යනගමන් ඔලුව දාල යන්න කෙනෙක්ද,නැත්තන් සදහටම නවතින කෙනෙක්ද...?අන්න එයා එන්නනම් ටිකක් කල් යනෝ....ඉවසන්ඩෝ.....

      Delete
  11. වර්චුවල්...!!!!

    ReplyDelete
  12. පික්සු හැදෙනවා.. වැඩේ ඇත්ත. මෙහෙත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම්....! අපි පව් නැද්ද අලේ...???

      Delete
  13. දැන් එතකොට මේ හිතේ ඉන්න කෙනෙක් ගැනද, ඒ කියන්නේ මවාගත්ත රුපයක් ගැනද නැත්තම් ඇත්තම කෙනෙක් ඉන්නවද ඒ වගේ, ඒ කෙනා ගැනද කියන්නේ?

    මොනවා උනත් හිතන පතන දේවල් ඒ අයුරින්ම ඉටු වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා :)

    ReplyDelete
    Replies
    1. මවා ගත්ත කෙනෙක් නම් ඉන්නවා. හැබැයි එයා තාම හම්බවෙලා නෑ...:( එයා ගැන තමයි මේ කිව්වේ. අන්න ඒ ප්‍රාර්ථනාව නම් ගොඩක් වටිනවා නගෝ.:)

      Delete
  14. "දනිමි මම හොඳහැටිම
    නොපවතින බව ඔබ, මේ මනුස්ස වාසය තුල
    ඒත් තවමත් සොයමි මම
    මගේ අතාත්ත්වික පෙම්වතිය"

    හිහිහී... ඉක්මනටම සොයා එත්වා කියලා ප්‍රාර්ථනා කරනවා..!!! :)
    හැබැයි ඉතින්.. අපි හිතින් මවාගෙන ඉන්න අය නම් අපිට ලැබෙනවා ගොඩක් අඩුයි සහෝ.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ...:) අලේ ඔව් සහෝදරී හිතේ ඉන්න කෙනාම හොයන්න නම් වෙන්නේ නෑ.:(

      Delete
  15. මාත් බලාගෙන ඉන්නේ එනකන් තමා !!!
    බලමු... මැරෙන්න කලින් ආවොත් හොදා !

    ReplyDelete
    Replies
    1. බලමු ඊට කලින් ඒවිද කියලා.:) උඹ කියන්නේ ඉස්සෙල්ලා හම්බවෙන්නේ උඹටද මටද? ;)

      Delete
  16. මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවා, ඔය අතාත්වික පෙම්වතියගෙ ස්පෙසි‍ෆිකේෂන් වරින් වර අප්ඩේට් වෙනවා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ කියලා, අයිය නම් මගේ විදියම තමයි.:) හරියටම කිව්වා. අත්දැකීම් නේ...? ;) පොඩි කාලේ ඉඳල කොයිතරම් නම් අලුතෙන් ඔය ස්පෙක් එකට එකතු වෙලා අඩු වෙලා ඇත්ද?

      Delete
  17. //දනිමි මම හොඳහැටිම
    නොපවතින බව ඔබ, මේ මනුස්ස වාසය තුල
    ඒත් තවමත් සොයමි මම
    මගේ අතාත්ත්වික පෙම්වතිය//

    මාත් මෙ ඔහොම අතාත්වික පෙම්වතෙක් හොයනවා අයියේ...;)

    ReplyDelete
    Replies
    1. අප්පොච්චියේ ඔයා නම් හොයල තේරුමක් නෑ....;) :P

      Delete
  18. එහෙනම් ඔක්කොම අතාත්වික ලෝක වල ඉන්නේ නේ ??හපොය් කවද පොළොවේ පය ගහල ඉඳීවිද දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඒ වගේ නේද?:) කාගෙත් කතාව එකයි බං. වෙනසකට තියෙන්නේ හැමෝම කියන්නේ නෑ.

      Delete
  19. මමද පෙම් බැදි
    අතාත්වික මගේ
    සොදුරු හිතවත
    ලදරු මොල කැටි
    හදක් හිමි නුඹ
    කොහේ හිදිනෙද...
    ඉපිද නැතිවද...

    ReplyDelete
    Replies
    1. අප්පොච්චියේ කොහෙද අසනියේ ගිහින් හිටියේ? අර බ්ලොගේ පාලුවට ගිහින්.

      Delete
    2. එදා ඉදන් අද වෙනකන් ආදරෙන් අසනියේ කියලා අමතපු ඔයාලා දාල මම යන් නෑ...දුර හිටියත් ඔයාලා දිහා බලන් ඉදිවී..

      Delete
    3. දුර ඉඳල බලන් හිටියට මදි.:( ළඟ පාත ඉන්න ඕන.:)

      Delete
    4. හී හී.....ලග පාත ගෙයක් කුලියට දෙනවද හොයලා කියන්නෝ............

      Delete
    5. :D හරි මම බලන්නම්. හැබැයි මෙහෙ ගෙවල් හරි ගණන්.:)

      Delete
    6. මන් හිතුවා අනේ අසනියේ කොහේ යන්නද අපේ ගෙදර ඉඩ ඇති කියයි කියලා....ඕන්...පැත්ත පලාතෙවත් එන්න එපා කියලා නොකියා කිව්ව නේ.....

      Delete
    7. ඉතින් අලේ මම ඉන්නෙත් හොස්ටල් එකේ නේ. මෙහෙ කොහෙන්ද මට ගෙවල්.:D

      Delete
    8. ඒකත් හැබෑවම තමයි....තව මෙහෙම කතා කරොත් දුක සැප විමසන චැටක් වෙනවා....

      Delete
    9. හෙ හේ ...ඒ අපි යාලුවොනේ නේ......

      Delete
    10. අනිවාර්යෙන්ම! ඒකෙ ආයෙත් අහන්න දෙයක් නෑ නේ.:)

      Delete
  20. kawiya parana unath meka dakkama monawath kotalama yanna hithunane appa.. Kawadawath angasampurna manushayekwa hoyanna bane itin me loke.lagin yana kenekwath thama..thamath hambune nadda appa..?

    ReplyDelete
    Replies
    1. තාම නෑ නේ...:/ ඔයා ඉතින් මට හොයල දෙන්නෙත් නෑ නේ කිව්වට...:'(

      Delete
    2. haiyo duka thama...ikmanatama hamba wewi..itin aduwama hamba wenne nane.. Comment1 singlish unata sry..4n1ta sinhala daganna ona ikmanatama..

      Delete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.