අම්මියෝ, ගොඩක් කාලෙකින් මේ මොනවහරි කොටන්න කියල ලේස්ති වුනේ. ගොඩක් දවසකින් බ්ලොග් එකක් කියෙව්වේවත් නෑ. දන්නෙ නැද්ද ඉතින් ඔය හිටීගමන් එක එක ප්‍රශ්න එනවනෙ.:) අද ලියන්න හදන දේ නිකන් ආත්මානුකම්පාව පිටකිරීමක් වගේ දෙයක්. පොඩි කාලෙ ඉඳලම මට ලොකු අඩුවක් විදියට දැනුනු දෙයක් තිබුනා. අදටත් ඒ අඩුව කිසි අඩුවක් නතුව ඒ විදියටම මට දැනෙනව. සමහර විට ඒක එදාටත් වැඩිද කියලා හිතෙනවා. ඒ තමයි මටම කියල අක්කෙක් නැති එක. නංගියෙක් හරි මල්ලියෙක් හරි ඕන වුනා නම් ඒ කාලෙ අම්මටයි තාත්තටයි කියලා මොකක් හරි ඇරේන්ජ්මන්ට් එකක් දගන්න තිබුනා. ඒත් දෙයියනේ අක්ක කෙනෙක් කොහොමද එහෙම හදාගන්නේ.
අයියලා වැඩක් නෑ, උන් මේ ලෝකෙ රහක් නෑ. අනිත් එක උන් ගහනවයි, බනිනවයි, නීති දානවයි, බලෙන් වැඩ කරගන්නවයි කරදර ගොඩයි. උන් එක්ක හුරතල් වෙන්නත් බෑ නේ. ඊලඟට නංගිලා මල්ලිලත් වැඩක් නෑ, උන්ගෙනුත් වද විතරයි. අනිත් එක ප්‍රශ්නයක් ආපු වෙලවට, හිතට දුකක් ආපු වෙලාවට නංගිල මල්ලිලා එක්ක කියන්න බෑ නේ. ඒ වගේද අක්කෙක් හිටියොත්, හැමතිස්සෙම ආදරෙන් හොයලා බලනවා, හිතේ තියන ඕන ප්‍රශ්නයක් දුකක් කියන්න පුලුවන්, ඕන තරම් හුරතල් වෙන්න පුලුවන්, අම්ම නැති වෙලවට උකුල උඩ ඔලුව තියගෙන නිදා ගන්න පුලුවන්. තව කොච්චර වාසි තියේද. ඒ නිසයි මම අක්ක කෙනෙකුට එච්චර ආස. මොනව කරන්නද ඉතින් නෑ නේ. අනිත් එක ඉතින් අක්කෙක් ඉන්නවා නම් ඉතින් අම්ම නැති වුනත් බඩගින්නේ ඉන්න වෙන්නේ නෑ නේ.:)
මටම කියලා අක්ක කෙනෙක් හිටියේ නැති වුනත් මට ටිකක් හරි අක්ක වගේ හිටියේ මද්දු අම්මගේ දුව. මම පොඩි කාලේ හිටියේ මද්දු අම්ම ළඟ. මද්දු අම්ම ලඟට මගේ ගැන හොයල බැලුවේ ඒ අක්ක තමයි. මට කවලා පොවලා නාවලා මාව බලාගත්තා. හැබැයි කවදාවත් තමන්ගේම අක්ක කෙනෙක්ගෙන් ලැබෙන ආදරේ නම් මට ලැබුනේ නෑ. මද්දු අම්මගේ පුතාල දෙන්නට (ඒ කිව්වේ ඒ අක්කගේ මල්ලිලා දෙන්න) ලැබෙන ආදරෙයි මට ලැබෙන ආදරෙයි මහා ලොකු වෙනසක් මට දැනුනා. ඒ නිසයි මට එදා ඉඳලා අක්ක කෙනෙක් නැති අඩුව ගොඩක් දැනුනේ. කොහොම වුනත් ඉතින් මට එහෙම හරි අක්ක කෙනෙක් හිටියේ එයා විතරයි. ඒ නිසා වෙන්නැති එයා බැඳලා යන දවසේ අයියලා දෙන්න තරමටම මටත් ඇඬුනේ. බැඳලා ගියාට පස්සේ නම් මාව ඉන්නවද නැද්ද කියලවත් බැලුවේ නැද්ද කොහෙද.:) හැබැයි මම නහයේ සර්ජරි එකක් කරන්න ඉස්පිරිතාලේ නවත්තපු වෙලාවේ නම් අක්ක පුදුම මහන්සියක් වුනේ මම නිසා. (අක්ක ඒ ඉස්පිරිතාලේ නර්ස් කෙනෙක්)
අක්ක කෙනෙක් නැතුව හිත රිදුන තැන් නම් ගොඩක් තිබුනා. මට අදටත් මතක් වෙන එක සිද්ධියක් තියනවා. දවසක් අපේ ලොකු අම්මලාගේ ගෙදර දානයක් තිබුනා. අපි ඔක්කොම එහෙ ගිහින් හිටියේ. ඒ කාලේ මට එච්චරම ලොකු වයසක් නෑ. අයියල දෙන්නටත් (මද්දු අම්මගේ පුතාල දෙන්න) ලොකු වයසක් නෑ. අපි තුන් දෙනා ඉතින් බෙදාගෙන පැත්තකට වෙලා කෑවා. එතනට ලොකු අම්මගේ දුව බඳින්න හිටපු අයියත් ආව. අපි හතර දෙනාම කතා කර කර කකා හිටියේ. අපි කන වෙලාව වෙනකොට කට්ලට් ඉවර වෙලා තිබුනේ. ඒ වෙලාවේ එතනට මද්දු අම්මගේ දුවයි (මම කලින් කියපු අක්ක), ලොකු අම්මගේ දුවයි ආව. ලොකු අම්මගේ දුව අර අයිය ළඟිනුත්, මද්දු අම්මගේ දුව අයියල දෙන්න ළඟත් වාඩි වුනා. ඊලඟ මොහොතේ ඒ දෙන්න අතේ ගුලි කරන් හිටපු කට්ලට් ටිකක් හොරෙන්ම අර තුන් දෙනාගේ පිඟන් වලට වැටුනා. මොන කරුමෙකටද මන්ද මම ඒක දැක්කා. මගේ පිඟානට කට්ලට් එකක් දාන්න කෙනෙක් හිටියේ නෑ. මට අක්කෙක් හිටිය නම් මගේ පිඟානටත් ඒ වගේම කට්ලට් එකක් වැටේවි. මට ඒ වෙලාවේ දැනුන දේ නම් මට අදටත් විස්තර කරගන්න බෑ. මම හිටපු වයසත් එක්ක ඒ සිද්ධිය නම් වදින්න පුළුවන් ඇතුලටම වැදුනා.
දැන් ඉතින් හිතන්න එපා මේ කට්ලට් එකක් කන්න නැති වුන එකටයි මේක මේ දුක් වෙලා තියෙන්නේ කියලා. කට්ලට් එකට වඩා ලොකු දෙයක් එතන තියනවා. ඒ දේ තමයි මට නැති වුනේ. ඒක හැමෝටම තේරෙනවා ඇති කියලා මම හිතනවා.
අපේ එකෙක් ඉන්නවා ඌට අක්කලා හතර දෙනෙක් ඉන්නවා. අර මගේ පොඩි පොඩි කතා ටිකක් පෝස්ට් එකේ බස් ටිකක් එකක කෙල්ලෙක්ට නම්බර් එකක් ලියල දෙන්න ගිහින් චාටර් වෙච්ච එකා ගැන තමයි මේ කිව්වේ. අම්මෝ ඌට තියන සැලකිලි. අක්කල හතර දෙනා තරඟෙට වගේ ඌට ආදරේ කලේ. උගේ අම්මයි තාත්තයි ඌ ගැන හෙව්වෙම නෑ, හැම දෙයක්ම බැලුවේ අක්කලා. අක්කලා හතරක් නම් හැබැයි ටිකක් විතර කරදරයි.:D දැන් නම් අක්කලා තුන් දෙනෙක්ම බැඳලා ගෙදරින් ගිහින්. දැන් ඉතින් අස්සයා මැරිච්ච කව් බෝයි වගේ ඔහේ ඉන්නවා.
අක්කෙක් හිටිය නම් කියන සිතුවිල්ල හැමදාම හිතේ තිබුනත්, මේ ගැන ලියන්න හිතුනේ මේ ලඟදි වෙච්ච සිද්ධියක් නිසා. අක්කලා, මල්ලිලා ගැන කොච්චර හිතනවද හොයනවද කියලා මට එදා හිතුනා. මේ ලඟදි අපේ ඩිපාර්ට්මන්ට් ට්‍රිප් එක ගියා. සෞඛ්‍ය තත්ත්වය හොඳ නැති නිසා මම නම් ගියේ නෑ. හැම අවුරුද්දෙම ට්‍රිප් එක සංවිධානය කරන්න ඕන සකන්ඩ් ඉයර් එක. මේ කතාව ඉන්න අක්කා අපේ බැච් එකේ කෙල්ලෙක්. අර මම ඔයා හිතන විදියේ කෙනෙක් නෙමෙයි කසුන් කියන පෝස්ට් එකේ ඉන්න කෙල්ලම තමයි. ඒකිගේ මල්ලි අපේ ඩිපාර්ට්මන්ට් එකේම සකන්ඩ් ඉයර් එකේ, ඒ කිව්වේ මේ පාර ට්‍රිප් එක කරපු බැච් එකේ. ඔන්න ඉතින් ට්‍රිප් එක ගිහිපු අපේ කට්ටිය පාන්දර 4.30 විතර ආව. අනේ ඉතින් මම පාන්දරම ලස්සන ලස්සන වචන ගොඩක් කියාගෙන ගිහින් කාමරේ දොර ඇරියා. ඊට පස්සේ උන්ට ඕන මගුලක් කරගන්න කියලා මම ආයෙත් නිදා ගත්තා.
නින්ද යාගෙන එනකොට කෝල් එකක් එනවා. මම බැලුවා යකෝ මේ පාන්දර මට කවුද කෝල් කරන්නේ කියලා. බැලින්නම් අරකි. කොල්ලෙක්ට කතා කරන වෙලාවක්ද ඒක මම අහන්නේ? :P මම ආන්සර් කරපු ගමන් මේකි පිස්සුවෙන් වගේ කියවගෙන කියවගෙන ගියා මටත් නිකන් පිස්සු වගේ. "අනේ බලන්න කසුන්, අපේ මල්ලි කොහේ ගියාද හොයා ගන්න නෑ. ට්‍රිප් එක ගිහින් ආවට පස්සෙ මල්ලි හොයාගන්න නෑ. විශ් කරන වෙලාවේ හිටියෙත් නෑ. ෆෝන් එකත ඔෆ් කරලා. යාලුවන්ගෙන් ඇහුවම එක එක කතා කියනවා. එකෙක් කියනවා මොකක්ද වැඩකට ගියාලු, එකෙක් කියනවා බෝඩිමට ගිහින් නිදිලු, අනිත් උන් දන්නේ නෑ කියනවා. බලන්න කසුන් අද එයාගේ බර්ත්ඩේ එක. මම එයාට තෑග්ගකුත් අරන් තියාගෙන හිටියේ දෙන්න. දැන් හොයාගන්නවත් නෑ. කොහෙහරි කරදරයක් නැතුව ඉන්නවා නම් කමක් නෑ. අනේ පොඩ්ඩක් හොයල බලන්නකෝ කසුන්. මම හිතන්නේ මෙයා අද බීලද කොහෙද. ඒකයි කවුරුවත් මට කියන්නේ නැත්තේ. පොඩ්ඩක් බලන්නකෝ කසුන්."
සීන් එක මේකයි. මේකිගේ මල්ලි අඩිය ගහන එකෙක්. හැබැයි ඒකි ඒක දන්නේ නෑ. ට්‍රිප් එක ගිහින් එන අතරේ උන් සෙට් එක බීල. පස්සේ කැම්පස් එකට ඇවිත් ඒකි මල්ලිව හොයනකොට ඌ නෑලු. දැන් අරකිට පිස්සු හැදිලා වගේ. ඊට පස්සේ මම සකන්ඩ් ඉයර් එකෙකුට කෝල් කරලා බැලුවා, ඌ වැඩිවෙලා බෝඩිමේ නිදිලු. ඌව කරෙන් අරගෙන ගිහින් තමයි බෝඩිමට දාල තියෙන්නේ.දැන් ඉතින් ඕක කිව්වොත් මේකි යකා නටනවා. මම කිව්වා මල්ලි මහන්සියට බෝඩිමට ගිහින් නිදි කියලා. මල්ලි ඉන්නවා කියල දැනගත්තට පස්සේ ඔන්න බය නැතිවුනා. හැබැයි දැන් ඒකිට සැකයි බීල කියලා. දැන් ඊට පස්සෙත් කෝල් කර කර මගෙනුත් එක එක විදියට අහනවා මල්ලි බීල නේද කියලා. මම බොහොම අමාරුවෙන් බේරිලා ශේප් කර කර හිටියා. ඊට පස්සේ එක පාරක් කිව්වා "කමක් නෑ එයා දැන් පොඩි ළමයෙක් නෙමෙයි නේ, හරි වැරැද්ද එයාම තීරණය කර ගනීවි නේ. එයාට හොඳ නම් මට මොකද?" කියලා. මම හිතුවා අම්මෝ ඊට පස්සේ වත් වැඩේ ඉවරයි කියලා. මොන? මෙන්න ටිකකින් ආයෙත් කෝල් එකක් එනවා. එතකොට 6.30 විතර ඇති. "කසුන් මට ඔයාලගේ පරණ බෝඩිමට යන පාර කියන්න." (අපි කලින් හිටිය බෝඩිමේ තමයි දැන් ඒකිගේ මල්ලිලා ඉන්නේ) මොන මගුලක්ද මේකි කරන්න යන්නේ? කොල්ලෝ 16ක් ඉන්න බෝඩිමකට යන්නද මේකි හදන්නේ? අම්මෝ පුදුම අමාරුවෙන් කියලා කියලා ශේප් කරගත්තේ. ඒකි යන්නමයි හැදුවේ. කොහොමහරි මගේ අහිංසක නින්දට නම් හොඳටම ෂොට් එක හම්බවුනා.පාන්දර 4.30 ඉඳලා 6.30 විතර වෙනකල් පස් පාරක් විතර කෝල් කළා. ඉතින් කොහේ නිදා ගන්නද? නින්ද යාගෙන එනකොට ආයෙත් කෝල් එකක් එනවා. ඒකි නම් පොඩ්ඩක් වත් නිදාගෙන නෑ.
මේකි පස්සේ දවසේ ලෙක්චර්ස් ආවෙත් නෑ. කොහොමහරි අරූ ටිකක් දවල් වෙන්න කෝල් එකක් දීල. අරකි බනිනකොට මල්ලි අනිත් පැත්තට බැනගෙන බැනගෙන ගිහින්. "තමුසේ මගුලක් කියනවා, මම මේ මහන්සියට නිදා ගත්තේ" කියලා. කොහොමහරි අන්තිමට ඒකි උගේ බොරුවට අහු වුනා.:) මම පස්සේ කෝල් එකක් දීල බැලුවා, එතකොට ශේප්. කොහොමහරි ඕක අපේ බැච් එකම වගේ දන්නවා. ට්‍රිප් එක ගිහින් ආපු වෙලාවේ මේකි කැම්පස් එක දෙවනත් වෙන්නම මල්ලිව හොයලා. අපි ඉතින් ඊට පස්සේ කලේ අරකිගේ මල්ලි දැකපු දැකපු තැන අක්කට කියනවා කියල ඌව බයිට් කරපු එක. හැබැයි ඒකිගේ සැකේ සම්පූර්ණයෙන්ම නැති වෙලා නම් නෑ. මට පස්සෙත් කිව්වා පොඩ්ඩක් හොයලා බලන්න කියලා. මට ඇත්තටම දුක හිතුනා ඒකි ගැන. කොයිතරම් අරූ ගැන හොයනවද? කොයිතරම් ඌට ආදරේද? මට ඒකිට ඇත්ත කියන්නත් හිතිලා පස්සේ ආයෙත් නිකන් හිටියා ඒකිට දුක හිතෙයි කියලා. එකක් ඒකි මගේ හොඳ යාලුවෙක්, අනිත් එක ඒකිත් අක්ක කෙනෙක්. ඒකිගේ එකටම ඉන්න යාළුවො එක්කෙනක් වත් ට්‍රිප් එක ගියේ නෑ. (වෙනදට ඒ සෙට් එකම යනවා නම් විතරයි යන්නේ. නැත්තන් එක්කෙනෙක් වත් යන්නේ නෑ.) ඒත් මේකි මල්ලි නිසාමයි ගියේ.
'අක්කා දෙවැනි අම්මාය' කියලත් කතාවක් තියනවා නේ. මම හිතන්නේ අක්කලා ඉන්න ගොඩක් දෙනෙක් ඒකට සාක්ෂි දරයි. මෙහෙම දේකුත් තියනවා, මම අයියලා, නංගිලා මල්ලිලාට ආදරේ නෑ කියනවා නෙමෙයි හොඳද. නැත්තන් මට අයියලාගෙන් බැනුම් අහන්න වෙන්නේ.:) ඒක පෙන්නන විදියෙයි වෙනස තියෙන්නේ. හරියට අම්මගෙයි තාත්තගෙයි ආදරේ වගේ. අම්ම ආදරේ පෙන්නද්දී තාත්ත හිතේ තියාගෙන ඉන්නවා. ඒ වගේම තමයි අයියලත් ආදරේ පේන්නේ නෑ.
කැම්පස් එකේදී වුනත් නිතරම දකිනවා අපේ උන්ගේ අක්කලා හැමතිස්සෙම කතා කර කර සැප දුක අහනවා, ගෙදර එන්න කියනවා. අලේ ඉතින් මට එහෙම කතා කරන්න කවුරුවත් නෑ නේ.:( දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මේ ආත්මේ පින් කරලා ලබන ආත්මේ හොඳ අක්කෙක් ලැබෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්න වෙන්නේ.:)
..................................................................................................................................................................
ප.ලි. හැබැයි ඉතින් මේ ලෝකේ ඉන්න හැම අක්කම මම ඔය කිව්වා වගේ නෑ. හතුරෙක්ගෙවත් අක්ක කෙනෙක් වෙන්න හොඳ නැති අතලොස්සක් පමණ පිරිසකුත් ඉන්නවා.
ආත්මානුකම්පාව නෙමෙයි මේකෙ තනිකර තියෙන්නෙ ඊරිසියාව සහ නොදැනුවත්භාවය ;) අක්ක කෙනෙක් හිටියනම් මේකෙ අනිත් පැත්ත ලියන්නෙ...
ReplyDeleteඔය කිව්වේ කතාවක්. හැබැයි ඉතින් ඉරිසියාව කියන එකත් හරි.:)
Deleteඋඹට තිබුනා කසුන් අම්මලාගෙන් නංගි කෙනෙක්ව ඉල්ල ගන්න. මටත් අක්කලා නංගිලා නෑ තමා. ඒත් හැම දේටම මල්ලි කෙනෙක් නම් ඉන්නවා.
ReplyDeleteමං හිතන්නේ මල්ලි කෙනෙක්ට අක්කා කෙනෙක් වගේම.... අයියා කෙනෙක්ට නංගි කෙනෙක් සංයෝජනයත් හොඳට ගැලපෙනවා. දැන් ඉතිං කසාදයක් බැඳලා දුවෙක් හදාගනින්... එතකොට ඔය කනස්සලු ගතිය නැත්තටම නැතුව යනවා බං....
නංගිලා නම් දෙන්නෙක් ඉන්නවා මාළු අයියේ.:) ඔව් ඔව් මම මුලින්ම දුවෙක් ලැබෙනවා නම් තමයි මම ගොඩක් ආස.:)
Deleteඅනේ මල්ලී ඔයා කියල තියෙන්නේ ඇත්ත කියල මටත් හිතෙනවා . මගේ මල්ලි ගැන මාත් මෙහෙමයි .
ReplyDeleteඅම්මටත් වඩා ලගින ඉන්නේ මම .
ඒකනේ අක්කෝ! අක්කගේ මල්ලි නම් ගොඩක්ම වාසනාවන්තයි.
Deleteමටත් අක්කෙක් හිටියේ නෑ වුනත්, පොඩි කාලේ ඉඳන් අද වෙනකල්ම වගේ ලොකු මාමගේ දුව වෙන අක්කත් එක්ක තමයි ෆිට් එක. මට වඩා අවුරුද්දයි වැඩිමල්. පොඩි කාලේ ඉඳලම අපි දෙන්නා එකට... බඳින්න කලින් කාලේ මාත් ඇතුළුව අපේ අනිත් නංගිලා මල්ලිලා සෙට් එකටම මැටිකෝප්පෙන් එකක් දාගෙන බත් කවන්නේ එයා.
ReplyDeleteඅක්කලා මල්ලිලාට ආදරේ නම් තමයි. කොච්චර ආදරේද කිව්වොත් මට අවුරුද්දකටත් වඩා අඩු පුංචි කාලේ අම්මා මාව වඩන් ඉද්දී, මේ අක්කා තියෙන ජෙලස් එකට මගේ කකුල හැපුවලු පාර හිටින්න... මොකද මාව එන්න කලින් අපේ අම්මා හුරතල් කරලා තියෙන්නේ එයාවනේ !!!
අක්කලා කොහොමත් මල්ලිලාට ආදරේ තමා... අයියලා වදයක් වුනාට ආදරේ අඩුවක් නෑ... වෙනස තියෙන්නේ අක්කලා වගේ හැම පොඩි දේම හොයා බලන එකත්, හුරතල් කරන එකත් කරන්නැති එකයි...!!!
"මේ අක්කා තියෙන ජෙලස් එකට මගේ කකුල හැපුවලු පාර හිටින්න."
Deleteමෙහෙම වැඩ නම් ගොඩක් කරනවා නේද පොඩි ළමයි.:) අර මම කියපු ලොකු අම්මගේ ලොකු දුව එක පාරක් එයාගේ නංගිව පෑන්ට්‍රි කබඩ් එකකට දාල වහල සද්ද නැතුව ඉඳලා තිබුනා.:D පොඩි කාලේ එහෙම වුනාට දැන් නම් පණ දෙන්න වගේ ආදරෙයි නංගිට.
"අයියලා වදයක් වුනාට ආදරේ අඩුවක් නෑ... වෙනස තියෙන්නේ අක්කලා වගේ හැම පොඩි දේම හොයා බලන එකත්, හුරතල් කරන එකත් කරන්නැති එකයි...!!!"
100% එකඟයි.
මටත් ඉන්නවා මල්ලි කෙනෙක්. එයා යාලුවෙන්න කලින් ඉඳන්ම අක්කේ අර කෙල්ලට මම කැමති කියලා මට කියුවා. පස්සේ එයා එක්ක යාලු උනාට පස්සෙත් මුලින්ම මට කියුවේ. අපේ අම්මිටත් කියුවේ මම. ගොඩාක් වෙලාවට එයා කරන හැමදෙයක්ම මට කියන්න පුරුදු වෙලා හිටියේ. අපේ අයියා එහෙම නැහැ. මම එදා ඉඳන්ම අපේ මල්ලිට කියලා තියෙන්නේ උඹ කරන ඕනෑම දෙයක් මට කියන්න ඕනා කියලා. අද වෙනකම්ම ඒ විශ්වාසය එයා නැති කරලා නැහැ. මම ගොඩාක්ම ආදරේ මගේ මල්ලිට. එයාත් මට එහෙම්මමයි.
ReplyDeleteමට එහෙම කිසි දෙයක් කියන්න කව්රුත් නැහැ. අක්කා කෙනෙක් හිටියනම් කියලා හිතුනු වාර ගණන අනන්තයි.
ඔයා මල්ලිට ගොඩක් ආදරෙයි කියලා මම දන්නවා නගෝ. ඔයා මට දවසක් මල්ලි ගැන කියපු දෙයක් මට හොඳට මතකයි. ඔයා කිව්වා, "මට එයාට හොඳට උගන්නගන්න ඕන. එච්චරයි මට ඕන" කියලා. වචන දාහකින් කියන්න බැරි දෙයක් ඒ වචන ටික යට හැංගිලා තිබුනා.
Deleteඅනිත් එක ඔයා වගේ අක්කෙක් ඉන්නකොට මල්ලිට කෑමෙන් බීමෙන් නම් අඩුවක් නැතුව ඇති.:D ඔයා හදන ඒවා කන්න බැරි එක වෙනම කතාවක්.:P
අර අර ඉතින් ඔහොම නොන්ඩි දානවද මම අහන්නේ. මගේ කෑම කන්ඩ කට්ටිය පින් කරලා තියෙන්න ඕනා... හිකිස්....
Delete:D :P
Deleteඅපෙ අක්ක තමා මල්ලිට වකුගඩුව දුන්නෙ. http://emailkavikaari.blogspot.com/2011/06/blog-post_05.html
ReplyDeleteමම මේක කියවලා තියනවා නැන්දේ. මේකේ විතරක් නෙමෙයි නැන්දගේ ගොඩක් පෝස්ට් වල අක්කව බොහොම ආදරෙන් මතක් කරලා තියනවා මට මතකයි. 'මතු බුදු වෙන අක්කා' කියන යෙදුම හොඳටම ඇති නැන්දගේ අක්ක ගැන තේරුම් ගන්න.
Deletei also feel like.good story.thanks
ReplyDeletethanks bro...!
Deleteඅක්ක කෙනෙක් හිටිය නම් කියලා හිතෙනවා, ඒකටත් එක්ක අක්කෙක්ට වැඩිය හොද අයියා කෙනෙක් ඉන්නවා.
ReplyDeleteඅයියා අක්කා කෙනෙක් ගෙනා දාට බලා ගත් තැහැකි............. :-D
Deleteඑහෙනම් සහෝ ගොඩක් වාසනාවන්තයි.
Deleteඅයියා අක්ක කෙනෙක් ගෙනාපු දවසට, ඒ අක්ක හොඳ නම් සහෝට අයියට අමතරව තව අක්කෙකුත් ලැබේවි. හැබැයි එහෙම නැති වුනොත් හිටපු අයියත් නැති වෙන්න පුළුවන්.:)
අම්මා නැති කලට කිරි අම්මා වී
ReplyDeleteකළුවර නිවසට මිණි පහනක් වී
මා දෙස බලමින් පෙරුමන් පිරුවේ
අක්කේ මම මතු සක්විති වෙයි සිතලාදෝ....
අක්කි,ඔයා නැති අඩුව මට දැනෙන තරම් ඔයාටත් දැනෙනව නම්..?
මට හරියට තේරුම් ගන්න බෑ ඇනෝ ඔයාගේ කතාව. අක්ක බැඳලා ගෙදරින් ගියාද, නැත්තන්....
Delete:) අක්කලා එහෙම තමා. අපේ මල්ලිටත් කියන්න ඕන මේ ගැන.....
ReplyDelete:) අක්කෙක් ලබන්න පින් කරලා තියෙන්න ඕන ඇති අක්කේ.
Deleteමටනම් ඒ වාසනාව තිබ්බා.. ඒ අතින්.. අක්කා ගෙදර හදන හැම කෑමක්ම ඉස්සෙලා කවලා ටෙස් කරන්නේ මට.. :) හැබැයි ඉතින් රණ්ඬු වෙද්දිත් එහෙමම තමයි.. සමහර දාට නියපොතු වලට අත් හීරිලා මගේ.. පස්සෙ එයාම බෙහෙත් ගානවා.. අක්කා ගෙදරින් ගියාට පස්සේ දැන්නම් හරි පාළුයි බං..
ReplyDeleteදැන් තමයි අක්කගේ අගේ තේරෙන්නේ නේ?
Deleteඇඩෙනව අප්ප......එකා යකා නිසා මට මොකෙක්වට් නෑ......
ReplyDeleteහැබැයි මංනම් ආස අයියෙක්ට නැත්තන් මල්ලියෙක්ට....වෙන කෙල්ලො බෑ....එටකොට මට රජවෙලා ඉන්ඩ බැලිවෙනවනේ.....:/
එකා යකා කියල නම් තේරෙනවා.:D ඕක ඉතින් තනිකර ඉරිසියාව නේ.:P
Deleteආ...ඇයි මොකෝ....ඒම ටමයි.....මං නා කිව්වෙ නානෙ......කෙලින්ම කිව්වනෙ....:/
Deleteහරි හරි නංගියේ ඉතින් ඕකට තරහ ගන්න ඕන නෑ නේ. අපි කතා කරලා විසඳගමු.:D
Deleteමටත් ගොඩක් වෙලාවට හිතිලා තියෙනවා අක්කෙක් හිටියානම් කියලා.
ReplyDeleteඅපි කීදෙනෙකුට ඔහොම හිතෙනවා ඇද්ද සහෝ?
Deleteමට නම් අයියයි අක්කලා දෙන්නයි හිටියෙ..ඒ අතින් නම් මන් වාසනාවන්තයි..ලොකු අක්කා කරුනාවන්තයි..හොඳයි..චූටි අක්කා සැරයි හැබැයි ආදරෙයි..
ReplyDeleteසිරාවටම මට අන්තිම ටික ලියද්දී වෙනි අයියව මතක් වුනා.:) අක්කල ගැන නිතරම කියලා තියනවා නේ.
Deleteපුංචි කාලෙ ඉදන් මමත් ආසාවෙන් හිටියා අක්කා කෙනෙක් හිටියනම් කියලා.. අයියගෙ දඬුවම් ක්‍රම ගැන නම් හරියටම ලියලා තියේ.. :D
ReplyDeleteඅක්කා කෙනෙක්ගෙ ආදරය ලැබිලත් ඒ ආදරය තේරුම් ගන්න බැරි කොයිතරම් නම් ඉන්නවද.. :)
දුක හිතුණ කතාවක්..
අයිය මේක දකින එකක් නෑ නේ.:D
Deleteඇත්තටම එහෙම අයත් ඉන්නවා සහෝදරී. ඒක නම් ඉතින් පව තමයි. අපරාදේ මට ඒ ගැන ලියන්න මතක් වුනේ නෑ නේ.
මටත් ඉතින් අඩුපාඩුවක් නැතුව තුන්දෙනේක්ම ඉන්නවනේ...
ReplyDeleteආදරේ වගේම තමයි ඉස්සර උන්ට හොරෙන් කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්න බැහැ
කොහෙන් හරි පොඩ්ඩක් දැනුනු ගමන් නෝන්ඩි කරනවා
ඒ මදිවට පොලිසියෙන් පැනලා වගේ හැමතිස්සෙම මගේ පොත්පත් අවුස්සලා බලලනවා
පුදුම වධයක් දුන්නේ....
මම වයස අවුරුදු එක හමාරෙන් පස්සේ නිදාගෙන තියෙන්නෙත් ලොකු අක්කා ගාව....
එයා තමයි මාව ගොඩක් බලාගෙන තියෙන්නේ
අනිත් අක්කල දෙන්නත් පුළුවන් හැමතිස්සෙම රණ්ඩු කෙකි වගේ හිටියට මට ආදරෙන් හිටියා කියල මම දන්නවා
කොහොම උනත් ගෙදරක පලවෙනි ළමය කෙල්ලෙක් වෙන එකේ ගොඩක් හොඳ පැති මම දකිනවා...
මට අයිය කෙනෙක් නැති එක හොඳයි.
මගේ මලයට මම දීපු වධ ටික මතක් වෙද්දී මටත් අයිය කෙනෙක් හිටියනම් ඌත් මට එහෙම නේද කරන්නේ කියල මතක් වෙනකොට ඇඟේ හිරිගඩු පිපෙනවා... :)
අර මම කියල තියෙන්නේ අක්කලා හතර දෙනෙක් ඉන්න කොල්ලෙක් ගැන. ඌටත් ඔය වදේ ඔහොමම තිබුනා.:D හැබැයි ඒ කරලත් උගේ හොර අල්ලන්න බැරි වුනා අක්කලාට. පැහැදිලිවම පළවෙනි ළමයා කෙල්ලෙක් වීම දෙමව්පියන්ගේ සහ පස්සේ ඉපදෙන ළමයින්ගේ වාසනාව කියලයි මාත් හිතන්නේ.
Delete"මගේ මලයට මම දීපු වධ ටික මතක් වෙද්දී මටත් අයිය කෙනෙක් හිටියනම් ඌත් මට එහෙම නේද කරන්නේ කියල මතක් වෙනකොට ඇඟේ හිරිගඩු පිපෙනවා... :)"
නො කමෙන්ට්ස්....:D :D
ම්ම්ම්ම්ම්... මට ඉන්නෙත් මල්ලියෙක්නෙ.. අම්මාට වඩා එයා ගැන හොයන්නෙ ඉතිං මම තමා.. අයියා කියන දේ ඇත්ත තමා, දැන් මම උනත් හැමවෙලේම බලන්නෙ මට වැරදුනු, අමාරු වුනු තැන් මල්ලිට මඟ ඇරවලා ඉස්සරහට යවන්න, ඉගනගන්න උද්ව් කරන්න, ජීවිතේ දිනවන්න. විභාගයක් උනත් එහෙම තමා, මට වඩා හොදට මල්ලි කරනවනම් ආසයි.. ඒකට තමා හැමවෙලේම උද්ව් කරන්නෙ..:)
ReplyDeleteමම මල්ලිලාට ආසයි.. හැබැයි මට ඉස්සර ඉදන්ම හිතුනා මට අයියා කෙනෙකුත් හිටියානම් මරු කියලා..:D
ප.ලි- අයියා දැන් දුක් වෙන්නෙපා. අයියා දවසක බබාලා හදදි ඉස්සෙල්ලා දුවෙක් ,ඊටපස්සෙ පුතෙක් හදන්න..;) එතකොට හලි..;)
මේ තියෙන්නේ සාක්ෂි.:)
Delete"දැන් මම උනත් හැමවෙලේම බලන්නෙ මට වැරදුනු, අමාරු වුනු තැන් මල්ලිට මඟ ඇරවලා ඉස්සරහට යවන්න, ඉගනගන්න උද්ව් කරන්න, ජීවිතේ දිනවන්න."
ඔයා ළඟ ඉඳං හැම දෙයක්ම කියලා දෙනවා නම් බොහොම ලේසියෙන් මල්ලිට හැම දෙයක්ම හොඳට කරගන්න පුළුවන් වෙයි.
මගේ ප්ලෑන් එක එහෙම තමයි නගෝ. මුලින් කෙල්ලෙක්, ඊට පස්සේ කොල්ලෝ දෙන්නෙක්.:)
උඹේ කතාව බැලුවම මට කියන්න තියෙන්නේ..
ReplyDeleteමාත් අක්කට වැඩ දාගෙන හිටියා. (ඉස්සර අපි මරා ගන්නව නොවැ) එයා බැදපු දවසේ කදුලු පුරවං ඇඩුවා.
ඒ ටික ඇති නේද ?
ඒ ටික හොඳටම ඇති කතාව තේරුම් ගන්න බං.:)
Deleteඔන්න මාත් මේ පැත්තේ ආවා..මේක නම් මගේ හිතට හුගක්ම දැනුනා..මටත් ඉන්නවා මල්ලිලා දෙන්නෙක්ම මගේ පණ වගේ.හැම දේම හොයල බලලා කරලා දෙන්න ඕන පොඩි බබාලා වගේ..:) මටත් ඕන උනේ අක්ක කෙනෙක් දැන් නම් මට මගේම අක්ක කෙනක් ඉන්නවා..අයියාගේ අක්කා. මගේ හැමදේම හොයල බලනේ එයා.මොනවා හරි කියන්න ඕන උනත් එයා ලගට තමා දුවල යන්නේ..කොහොම උනත් යාලුගේ අහිංසක ආශාව ඉතින් ගැන ඇත්තටම දුකයි.. :(
ReplyDelete"මටත් ඉන්නවා මල්ලිලා දෙන්නෙක්ම මගේ පණ වගේ.හැම දේම හොයල බලලා කරලා දෙන්න ඕන පොඩි බබාලා වගේ..:)"
Deleteඅයියෝ ඔහොම කියන්න එපා අලේ, ඉරිසියයි.:(
ඔයාගේ මල්ලිලා දෙන්නත් වාසනාවන්තයි, ඔයත් වාසනාවන්තයි.:) ඊළඟ ආත්මේ වත් අක්ක කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
This comment has been removed by the author.
ReplyDeleteනැති දේ මහමෙරක් වගේ දැනෙන එක තමයි හැටි. හැම දෙයක්ම හොඳට සිද්ධ වුනොත් මටත් අක්කා කෙනෙක් ලැබෙයි කියලා හිතෙනවා. මොකද ඒ අක්කා එයාගේ මල්ලි ගැන හිතන හැටි දැක්කම ලෝබ හිතෙන තරමක්....... :)
ReplyDeleteනංගි මගෙ ළඟ නැතුව බැරි - ඇයත් හරි මගෙ පණත් හරි.(හැබැයි මේක එයාට නම් දැන ගන්න අරින්නෙ නෑ.)
මට තදින්ම දැනෙන්නෙ මල්ලියෙක් නැති අඩුව තමා.අපේ සදීප දැක්කම අනේ මටත් ඒ වගේ මල්ලියෙක් ඉන්නවනම් කියලා හිතිච්ච වාර අප්‍රමාණයි.
මට නම් මේ කියනකන් අක්කෙක් ඕන කියලා හිතිලා නෑ.
ReplyDeleteමට ඉන්නේ මලයෙක් !!
මට නම් අපේ එකා ටරක් රාජ්ජයක් වගේ. ඕන ප්‍රශ්නයක් උගෙත් එක්ක සාකච්ඡා කරන්ඩ පුලුවන්. මාර ෆ්‍රෙන්ඩ්ලි බුවෙක් !!!
අනේ කසුන් යාලුවා උබත් මම වගේමයි මගේම අදහස් කවුද දන්නේ නෑ ඔයා මටත් තියන ලොකුම ප්‍රශ්නය
ReplyDelete