twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Friday, August 31, 2012

පමාවී පැමිණි වසන්තය





සුමුදු මුදු සඳ කිරණ
එළියයි වෙනදාට වැඩියෙන් අද
හමන මුදු මද පවන
සුවයයි ගෙනෙන්නේ ගතට
පිපිණු මල් වල සුවඳ
සුවඳයි වෙනදාටත් වැඩිය
කිමද මේ අරුමය 
වසන්තය උදාවීද මගේ ලොවට

පෙර කිසිදා නැති ලෙසට
හැඩ වෙලා මගේ ලොව
මේ නම් වසන්තයමැයි
උදා වූයේ මගෙ ලොවට

වසන්තය ඔබ,
පමා වූවා හොඳටම
එන්නට තිබුනේ
බොහෝ කලකට පෙර
කටුක ගිම්හානය 
රිදෙව්වා මා හොඳටම

එපා  කිසිදා 
හැරයන්නට මගේ ලොව
සොඳුරු වසන්තයේ 
සැනසෙන්නට ඉඩ දෙන්න
පොරොන්දුවක් වෙන්න
හැමදාටම ඔබ මට..
හැමදාමත් මේ ලෙසට 
මගේ ලොව ඉන්නා බවට



45 comments:

  1. මරු වචන සෙට් එක.ජය වේවා !

    ReplyDelete
  2. ammo.....kasun ayyawa dakka kal. :)) lassanai pada tika ayya.

    ReplyDelete
    Replies
    1. ලියන්න මූඩ් එකක් තිබුනේ නෑ නගෝ. කම්මැලි වෙලා.:) තැන්කූ නගෝ..!

      Delete
  3. හිහි.. පමා වෙලා ආව වසන්තයේ වටිනාකම වැඩි අයියේ.. එහෙනම් අර "අඩුව" කවියේ කිව්ව "අඩුව" පිරවුනා නේ..
    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ වගේ නේද?..;) තැන්කූ නගෝ...!

      Delete
  4. මෙලෝ රහක් නැති, ඔහේ වැනි වැනි ඉන්න, කාටවත් වැඩක් නැති, නිකන්ම නිකන් ඩයල් එකටත් හරිගියා එහෙනං, ඈ?

    ඒ වසන්තය සදා ‍රැඳේවා!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඒකනේ අයියේ කියන්නේ, එහෙම උන්ටත් හරි යනවා නේ...:D

      ස්තුතියි අයියේ..!

      Delete
  5. ඔයේ............පාටි පාටි....:)
    ඕන මට පාටි 3 ක ඇරියස් එකක් තියනවා....;) (මතකදෝ)
    ලස්සනයි කසුන්..
    දැන් අර කලින් කියපු අඩුව හරිනේ..?
    ඔන්න මගෙන් හදවතින්ම සුභපැතුම්...!!!!

    // එපා කිසිදා
    හැරයන්නට මගේ ලොව
    සොඳුරු වසන්තයේ
    සැනසෙන්නට ඉඩ දෙන්න
    පොරොන්දුවක් වෙන්න
    හැමදාටම ඔබ මට..
    හැමදාමත් මේ ලෙසට
    මගේ ලොව ඉන්නා බවට //

    මෙන්න මේ ටික දැක්කම මට මෙහෙම හිතුනලු...
    //මහමෙරක් තරම්
    ආදරය දෝතින් පුදා මලක් මෙන් සදා රැදෙන්නම්
    ඒ වසන්තයේ මිහිර විදින්නට //

    ReplyDelete
    Replies
    1. කසුන් විතරක් මොකෝ.... තව එක්කෙනෙක්ටත් වසන්තය උදා වෙලා නෙව... නේද ටෙඩී ??? @ මොනිටරේට හිනා වෙමින්....

      Delete
    2. හික්ස්..මටත් ඉතින් තනියම හිනාලු මධු අයියේ.. ;)

      Delete
    3. ඒක නේන්නම් රෙඩ් නංගි... තනියම හිනා යන වැඩනේ වෙන්නේ... හික්ස් :)

      Delete
    4. දැනේ ඇයි මේ දෙන්නම මගේ කොමෙන්ටුවට හිනා වෙන්නේ...හිනායන දෙයක්වත් මන් කොමෙන්ට් එකේ දාලා නැනේ...:D :P

      Delete
    5. නෑ මේ නිකන් ටෙඩී අක්කේ.. ;)
      ජය වේවා...!!

      Delete
    6. @ප්‍රදී
      හෑ?? :O කෝ දැන් එතකොට ඔයාගේ පාටිය?? ඉස්සෙල්ලා ඒක කියමු බලන්න. ඒක දුන්නට පස්සේ අනිත් ඒවා සලකලා බලමු.:D :P දැන් නම් අඩුව හරි වගේ.;)

      //මහමෙරක් තරම්
      ආදරය දෝතින් පුදා
      මලක් මෙන් සදා රැදෙන්නම්
      ඒ වසන්තයේ මිහිර විදින්නට //

      මෙහෙම වෙනවා නම් ෂෝයි නේ...:)

      Delete
    7. @ප්‍රදී :
      නෑ නෑ... දෙන්නට දෙන්නා පාර්ටි දී ගත්තා නම් ඉවරයි නෙහ්... නේද ටෙඩී !!!

      Delete
    8. @මධුරංග, Red
      බලන්නකෝ අලේ මෙයා පාටි ඉල්ලන්නේ මෙයාගේ පාටිය දුන්නේ නැතුව නේ.:/ 'In a relationship' වෙලා කොච්චර කල්ද දැන්?? :D

      Delete
    9. @ කසුන්: 3 : 1 අනුපාතෙනේ එන්නේ එතකොට ඔයයි මුලින්ම පාටිය දෙන්න ඕනේ කසුන්....;)
      @ මදුරංග : 3 : 1 අනුපාතෙනේ ඉතින් දෙන්නට දෙන්නා තමා පාටිය දෙන්න වෙන්නේ....:D :P
      @ Red : නිකන් නම් කමක් නෑ නංගෝ....;)

      Delete
    10. දැන් ඉතින් දෙන්නාම එකතු වෙලා පාර්ටියක් දුන්නොත් නරකද?? :D

      Delete
    11. අම්මියෝ නංගිලා බලා ඉන්නෙම අපේ දත ගලවන්න නේද.....:D :P
      හරි හරි පාටියක් දෙන්නම්කො......:);)

      Delete
  6. අහ්හ් හා.... ;) පමා වී පිපෙන මල් සුවඳයි .... වගේ පමා වෙලා එන වසන්තයත් සුන්දර වැඩියිලු!!!

    සුබ පැතුම් හොදෙ!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක එහෙම තමයි.:) තැන්කූ නගෝ...

      Delete
  7. මේ මල්ලියෝ මටද අර බැනල තියෙන්නේ :D
    …හැමදාම වසන්තයේම ඉන්න ලැබේවා කියල පතන්නම්කෝ .

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔයාට තමයි අක්කෝ.:D :P තැන්කූ අක්කෝ...

      Delete
  8. කවුද වසන්තයා.. මම අඳුරණ එකාමද දන්නෙ නෑ.. O.o
    කමක් නෑ.. පරක්කු වෙලා හරි ඌ ආව නිසා මගෙනුත් සුභ පැතුම්..
    …( අයියට කියන්න ඕකා ඔහොමමයි.. කිසිම වැඩක් වෙලාවට කරන්නෙ නෑ.. :/ )

    ReplyDelete
    Replies
    1. නෑ බං උඹ දාන්න එකා නෙමෙයි මේ වෙන එකෙක්.:D තැන්කූ තැන්කූ මලයා...

      Delete
  9. නියමයි නියමයි කසුනෝ... පමාවි පිපුන මල් සුවදයි කියනවනේ.. ඔහොම යමු.. සුභ පැතුම් වේවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එහෙම කියනවා නේ..:) තැන්කූ තැන්කූ...!

      Delete
  10. පට්ටයිලු ඈ.... :))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. යහපති දේවයන් වහන්ස...:)

      Delete
  11. උදාවු වසන්තේ
    සදාකල් රැඳේවා.....

    හද විමන් දොරින්.... එන පැතුම් පවන්....
    විහිද යයි හමා..... !!!

    සුබ පැතුම් මචං ! එහෙනම් මේ ටිකේ දිගටම මල් පිපේවි නෙහ්...

    ReplyDelete
    Replies
    1. //මෙලෝ රහක් නැති, ඔහේ වැනි වැනි ඉන්න, කාටවත් වැඩක් නැති, නිකන්ම නිකන් ඩයල් එකක්.


      මෙන්න මේ ටික වෙනස් කරන්ඩ වෙයි නෙහ්... දැන් උබව වැඩක් තියෙන කෙනෙකුත් ඉන්නවා නෙහ් මලේ !!!
      අපට නම් පාර්ටි ඕන නෑ... උබලා දෙන්නා සතුටින් ඉදහන් !!!

      Delete
    2. දැන් නම් ඉතින් මල් පිපේවි දිගටම..:) ඒක පොඩ්ඩක් වෙනස් කරන්න වෙයි නේද? ;) පාටියක් දාමු පස්සේ කාලෙක.:)

      Delete
  12. නියමයි අයියා.. ගොඩාක් සතුටුයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නගෝ...:)

      Delete
  13. අස්ථිර මේ ලෝකේ ස්ථිර වසන්තයක් කොහේ හොයන්නද යාළු...ඔය ආපු වසන්ත්තය හොදට ගෙවන්න උත්සාහ කරන්න යාලු...එතකොට අපිට වසන්තයක් තිබුන කියන එකවත් ඉතිරි වෙයි .....

    ReplyDelete
    Replies
    1. :O අලේ එහෙම කියන්න එපා සහෝ..:/ දුක හිතෙන කතා නේ කියන්නේ...:( :D ස්තුතියි සහෝ..:)

      Delete
  14. ලස්සනයි සහෝ........:) :)
    සැඟවුණු අර්ථය?? :)

    ඔබට ජය හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. සැඟවුණු අර්ථයක් නෑ ඉතින්...;) ස්තුතියි සහෝදරී...:)

      Delete
  15. කවියක් නිසදැසක් ලියාගන්න බෑ කිය කිය හිටපු කොලුවා... සංසාරේ කිව්වලු :)

    ReplyDelete
    Replies
    1. අන්න අයියට විතරයි වැඩේ තේරුනේ. :ප :ප

      Delete
    2. @සාතන් අයියා
      එහෙම ඉතින් ඔය වෙලාවට ඉබේ ලියවෙනවා නේ.;) සංසාරේ තමයි...:P

      @මහිම
      ඇයි ඉතින් මේ උඹටත් තේරිලා තියෙන්නේ...

      Delete
  16. යකඩෝ...මේක මං දකිනකොට ගොඩක් පරක්කුයිනෙ.

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.