twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Tuesday, October 18, 2011

පොඩි පොඩි කතා ටිකක්

සති එකහමාරකින් විතර මේ පෝස්ට් එකක් දාන්නේ. මම කලින් පෝස්ට් දෙකේම කිව්වනේ වැඩකට හිර වෙලා ඉන්නේ කියල. ඒක නිසා කමෙන්ට් කලේ වත් නෑ. වැඩියත්ම කමෙන්ට් එකක් දාන්න වත් හිතට නිදහසක් තිබ්බේ නෑ. කොහොමහරි ඒ කාර්යාබහුලකම නිසාම හිත රිදෙන දේවලුත් වුනා. හරි හරි ඒවා වැඩක් නෑ. ඊයේ පෙරේදා දවස් දෙකේම ෆිල්ම් බලපු එක තමයි කලේ. තරහ නැති වෙනකල්ම ෆිල්ම් බැලුව.:D  දැන් මේ කොටන්න යන්නේ ලොකු දෙයක් නම් නෙමෙයි, පොඩි පොඩි කතා ටිකක්. මට නම් මේවට හිනා ගියා, හැබැයි ඉතින් මම කියනකොට නම් හිනා යයිද දන්නේ නෑ. හිනා ගියේ නෑ කියල මට බනින්න එපා ඔන්න හොඳද. 

පළවෙනි  කතාව අපේ ගමේ සෙට් එකේ එකෙක් ගැන. මිනිහ ලංකාවේ ලොකු පුද්ගලික සමාගමක ප්‍රාදේශීය ශාඛාවක මැනේජර් කෙනෙක්. මිනිහට ෆීල්ඩ් එකේ යන්න තමයි තියෙන්නේ. ඌ වැඩට යන්නේ බයික් එකේ. එක දවසක් බයික් එක නැතුව මිනිහ බස් එකේ ගිහින් තියනවා. ඒක එක පැත්තක ශීට් තුනක් තියන බස් එකක්ලු. ඔන්න ඉතින් මිනිහ ජනෙලේ අයිනේ වාඩි වෙලා යනවලු. ශීට් එකේ ඇතුලේ පැත්තේ කොනේ පන්ති යන කොල්ලෙක් ඉන්නව. ඒකා උසස් පෙළ කරන වයසේ විතර කොල්ලෙක්ලු. ඔහොම ඉතින් යනකොට මගින් කෙල්ලෙක් නැග්ගලු. ඒ කෙල්ල, සුදෝ සුදු , ලස්සනම ලස්සන, ............................, ..............................., (ඌ කියපු අනිත් විස්තර ටික කියන්න බෑ.:P) කෙල්ලෙක්ලු. ඒ කෙල්ල වට පිට බලල බලල වාඩි වෙන්න වෙන තැනක් තිබුනේ නැති නිසා අපේ එකා හිටපු ශීට් එකේ මැද වාඩි වෙලා. දැන් තමයි ඉතින් සෙල්ලම! දැන් අර පොඩි එකයි අපේ එකයි දෙන්නම එකම ගානට ඇඹරෙනවලු. අර පොඩි එකා අර කෙල්ල දිහා හොරෙන් බල බල ඉන්නවලු. අපේ එකා ඉතින් එහෙම දේවල් වලින් නවතින්නේ නෑ. ඔය වගේ වෙලාවට උගේ මැනේජර්කම් සේරම ඉවරයි. දැන් ඉතින් මිනිහට කොහොමහරි මේකිට නම්බර් එක දෙන්න ඕන වෙලා. නම්බර් එක දෙන්න ඕන වුනාට මූ ළඟ ලියන්න කොලයක් නැතිලු. (මේක මැනේජර් උනාට කරන වැඩක් නෑ. ඒක නිසා කොළ කෑල්ලක් වත් ගෙනියන්නේ නෑ.) හැබැයි මිනිහ ළඟ පෑනක් නම් තිබිල. ඔය වෙලාවේ තමයි බස් ටිකට් එක පිහිටට ඇවිත් තියෙන්නේ. 

මිනිහ ශේප් එකේ බස් ටිකක් එක ගත්තලු. දැන් අර පොඩි එකත් රබර් ඇහැ දාගෙන හිටපු නිසා ඌට තේරිලා අපේ එකා මොකාටද එන්න හදන්නේ කියල. දැන් මේකා අපේ එකා දිහා බලාගෙන ඉන්නවලු. වෙන එකෙක් බලන් ඉන්නකොට කොහොමද රෙද්දක් ඇඳගෙන බස් ටිකට් එකේ නම්බර් එක ලියන්නේ. දැන් ඉතින් අපේ එකා මූ අහක බලාගන්නකල් ඉන්නවලු. මොන! මේකා මේ පැත්ත බලාගෙනම ඉන්නවලු. පොඩ්ඩක් හරි අහක බැලුවත් ආයෙත් තත්පරයකින් ආයෙත් බලනවලු. බල්ල පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ කියනවනේ. ඒක ඉතින් පැහැදිලි ඉරිසියාව. කොහොම හරි ඉතින් එක අංකයක් ලියන්නත් හෙනම ගේමක් දෙන්න වුනාලු. ඔහොම ඉතින් දහසක් බාධක මැද්දේ, සෑහෙන වෙලාවක් ගිහින්, කෑල්ලෙන් කෑල්ල ලියල අපේ එකා නම්බර් එක ලියා ගත්තලු. ලියාගෙන පෑන සාක්කුවේ දාගෙන දෙයියනේ කියල ඊළඟ අදියරට සුදානම් වෙනකොටම අනේ කෙල්ල නැගිටල බහින්න ගියාලු. අයියෝ සල්ලි! කාට කියන්නද ඉතින් මේ අවනඩුව. මොනවා කරන්නද ඉතින් කියල මූ මූන දෙක කරගෙන ටිකට් එක සාක්කුවේ දාගන්න හදනකොටම අර එහා පැත්තේ හිටපු පොඩි එකා මහ හයියෙන් හිනා වෙන්න ගත්තලු. හෑහ්, මොකක්ද දෙයියනේ ඒ වුනේ? අරූ දැන් අපේ එකා දිහා බල බල බස් එකටම ඇහෙන්න හිනා වෙනවලු.  වෙච්ච වැඩේට ඌට හෙනම හැපි. අර බහින්න ගිය කෙල්ලත් දැන් ඒ පැත්ත හැරි හැරි බලනවලු. ඒකිට නම් සීන් එක තේරෙන්න ඇති. දැන් ඉතින් මොනවා කරන්නද, අපේ එකාගේ රෙදි නෑ. ඌ එතන ඉඳල අර කොල්ල බහිනකල්ම ආයෙත් ඒ පැත්ත වත් බැලුවේ නැතිලු. පව් අසරණය, එතන ඉඳල දිගටම ජනේලෙන් එලිය බලාගෙන ඇවිල්ල. මට ඔහොම එකක් වුනා නම් මම නම් ජනේලෙන් පනිනවා. මම නම් කියන්නේ හතුරෙකුට වත් ඔහොම දෙයක් වෙන්න එපා කියල.

ඊළඟ කතාව කැම්පස් එකේ එකෙකුට වෙච්ච දෙයක්. මිනිහට කෙල්ලෙක් ඉන්නවා. දන්නවනේ ඉතින් මේ වයසේ කපල් එකක් නම් ඉතින් පොඩි පොඩි ජිඟිරි බිඟිරි වැඩ වෙනවමනේ. මූ ඒ අංශෙන් ඉහලටම ගිය එකෙක්.:) මූ දවසක් හෙන දුක් මූඩ් එකක් දාගෙන අපේ කොල්ලෙකුට කිව්වලු, "බලපන් බන්, කෙල්ල මට කිව්වනේ බැන්දට පස්සෙ කරන්නත් මොනවා හරි ඉතුරු කරගන්නකො කියල". $%&$^#*@(&$* අයියෝ දෙයියනේ අර අසරණයට මොනවා හිතෙන්න ඇද්ද? අයියෝ මේවා අහන්න තරම් මාත් පව් කරලා තියනවා නෙ! දැන් ඌ ඕක කියල තියෙන්නේ එකෙක් එක්ක විතරයි. අපේ එකෙක්ට කිව්වම ඉතින් ආයෙත් මොනවද, ඊළඟ දවසේ කොහොමහරි මුළු බැච් එකම ඔය කතාව දන්නවා. මට මතක විදියට ඌ දවස් දෙක තුනක් රෙදි නැතුව කැම්පස් ආවේ. 

ඊට පස්සේ දවස් දෙක තුනකින් ඔය කතාව රීමික්ස් කරලා අපේ රෙපාට කතාවක් හැදුනා. කතා හදන්න නම් ඉතින් අපේ උන්ට පුදුම හැකියාවක් තියෙන්නේ. දැන් කොල්ලෝ කියන්නේ රේපාගෙන් කෑල්ල ඇහුවලු, "මොකක්ද අයියේ, බඳිනකල්ම ඉන්නවද හැම දේම කරන්න?" කියල.

අන්තිම එක නම් මෙලෝ රහක් නැති වෙයිද මන්ද. ඔන්න අපි කැන්ටින් එකේ කකා ඉන්නවා. අපිට දකුණු පැත්තේ මේසෙ පොෂ්ද පොෂ්වෙන්න දඟලනද මන්ද කෙල්ලෙක් හිටිය. දණහිසෙනුත් අඟල් දෙක තුනක් උඩට ඇඳන් ඇවිත් අපි වගේ අහිංසක කොල්ලන්ට හිතේ නිදහසේ බත් ටික වත් කන්න දෙන්නේ නැති කෙල්ලෙක්.:P (හැමදාම වගේ එහෙමයි :) ) ඒකිගේ යාළුවො සෙට් එකත් එක්ක තමයි හිටියේ. ඔහොම අපි කකා ඉන්නකොට ඒ කෙල්ල කාල අත හෝදන්න යන්න නැගිට්ට. නැගිටිනකොටම පුටුව ළඟ වාඩි වෙලා හිටපු බල්ලාගේ කකුල පෑගිලා ඌ මහ හයියෙන් කෑගැහුව. අර කෙල්ල කට රෝල් කරලා රෝල් කරලා බල්ලට "oh sorry" කියල කිව්වා. අපේ මේසෙ හිටපු උන් ටික තව ටිකෙන් බත් ටික පිට උගුරේ ගිහින් මැරෙනවා. අපි ඉතින් මනුස්ස කමට බොහොම අමාරුවෙන් හිනාව කාගෙන හිටිය. හැබැයි අපරාදේ කියන්න බෑ, ඒකිගේ යාළුවො ටික නම් කැන්ටිමටම ඇහෙන්න හිනා වුනා.

21 comments:

  1. පොඩි පොඩි කතා සෙට් එකම නියමයි ! වැඩ ඉවර නම් ආයිමත් ලියන්න සති 2-3 බලා ඉන්න එපා !

    ReplyDelete
  2. කසුන් මුල් කතා දෙක නම් ලෙසටම තේරුනා බං, ඒත් අන්තිම එක තුත්තක් විතර ටියුබ් ලයිට් උනා බං.

    ReplyDelete
  3. හික්ස්.... මරු කතා ටික අප්පා. පලවෙනි එකේ කොල්ලට බිම පලාගන යන්න හිතුනෙ නැද්ද දන්නෙ නෑ.

    ReplyDelete
  4. පට්ට කතා ටික.... හක් හක්.. බල්ලට සොරි කිව්වම තේරෙන්න ඇති බන්... ලොවෙත් නෑ....

    ReplyDelete
  5. මරු කතා සෙට් එක !!!
    අන්තිම එකවගේ එකක් අපේ එකෙක්ටත් උනා. අපේ කොල්ලෙක් අහක බලාගෙන ගිහින් කණුවක හැප්පිලා. කණුවට සොරි කියලා ආවලු !!!

    ReplyDelete
  6. අනේ අර බස් එකේ ගිය යාළුවා මොනතරම් අසරණ වෙන්න ඇත්ද?? නම්බරේ අමාරුවෙන් හරි දුන්නට පස්සේ මූ හිනා උනානම් අඩු ගානේ හිත හදා ගන්න තිබුනා මං නම්බරේ දුන්නනේ කියලවත්....

    ReplyDelete
  7. උඹ ඕන්නම් හිනාවෙයන්. මමත් බල්ලන්ට පූසන්ට සොරි කියනවා නැට්ට පෑගුනාම. හිතලා නෙවෙයි නිකං පුරුද්දට.
    henryblogwalker the Dude

    ReplyDelete
  8. @Weni
    ඔව් ඔව් එච්චර දවස් ගන්නේ නෑ. හැබැයි තව ටික දවසකින් මීටත් වඩා හිර වෙයි කියල හිතනවා.

    @prasanna86k
    ඇයි ඉතින් කට රෝල් කරලා බල්ලට සොරි කිව්වට ඌට තේරෙනවද? ඒකිට පුරුද්දට කියවුනේ.

    @නිසුපා
    කියල වැඩක් නෑ අක්කේ, ඌ අපිත් එක්ක ඒක කියනකොටත් හෙනම ලැජ්ජාවෙන් කිව්වේ. බිම වගේ හිටියනම් ෂුවර් එකටම ඕක වලක් හාරගන්නවා.

    @පිස්සා පලාමල්ල
    :D ඒක නිකනුත් නෙමෙයි කිව්වේ, හොඳට නලවල කිව්වේ. ඒක නිසයි වැඩියත්ම ආතල එක.

    @මධුරංග
    අයියෝ! ඒක පට්ට ආතල් එක. අර කෙල්ල හොඳයි එහෙනම්. බල්ලට පන හරි තියනවා.

    @Dinesh
    ඒකනේ, රැවුලත් නෑ කැඳත් නෑ වගේ සීන් එකක් නෙ වෙලා තියෙන්නේ.

    @Dude
    ඒ කෙල්ලටත් ඉතින් පුරුද්දට තමයි කියවුනේ. අපිට ඉතින් ඔහොම දෙයක් වුනාම ඇති නෙ අයියේ ඒක අල්ලගෙන හිනා වෙන්න.

    ReplyDelete
  9. පොඩි උනාට ෂෝක් කතා ටික ......

    ReplyDelete
  10. "oh sorry"..............නියම කතා ටික යාලු...

    ReplyDelete
  11. නාලිය ඇවිත් ඕක කියනකොට නේ බං සිරා අතල එක තිබුනේ
    ඕකට හොද වැඩේ :-)

    ReplyDelete
  12. අර උබට බස් එකේදී උණු පොඩි සීන් එකත දාමුකෝ
    අර ඔයත් එක්ක මෙතන ඉන්න බැ කිව්ව එක

    ReplyDelete
  13. අඩේ මහිමයා මොකද්ද බන් ඒ සීන් එක ???
    ඒකත් කියමුකෝ බන්

    ReplyDelete
  14. කසුන් මොකක්ද මේ කාඩ් එක?
    http://matahithenahatty.wordpress.com/2011/10/19/%e0%b6%9a%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%8f%e0%b6%9c%e0%b7%99-%e0%b6%95%e0%b6%b1%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%99-%e0%b7%80%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%bb%e0%b7%8f/

    ReplyDelete
  15. @පන්සල් හංදිය
    තැන්කූ අයියේ!

    @අසනි
    තැන්කූ අසනියේ!

    @මහිම
    මොකක්ද යකෝ ඒ කතාව? මම කිව්ව කියල හිතා ගනින්. මාව මැරුවත් කමක් නෑ, මගේ චරිතය ඝාතනය කරන්න එපා යකෝ. තෝව අර ගිලෙන්න ගිය වෙලාවෙ බේරගත්ත එකේ වැරැද්ද.

    @මධුරංග
    ආහ් එහෙනම් උඹ උගෙන් කතාව අහ ගනින්කො.

    @Dude
    මොකක්ද දෙයියනේ ඒ ගහල තියන මඩ?:( ඔය වසුන්දරා අක්ක එහෙම මාත් එක්ක එච්චර හොඳත් නෑ.:)

    ලාස්ට් රෝ එකේ ඉන්න කස්ස මම නෙමෙයි. ඒ ලාස්ට් රෝ එකේ ගොඩක් සීනියර් ඩයල් එකක්. මම ඉන්නෙ Kasun Chanaka කියලමයි.

    ReplyDelete
  16. හා හා...බල්ලා දැට්ස් ඕකේ කිව්වේ නැද්ද..? මැනර්ස් නැති බල්ලෙක් ද කොහෙද... :D

    ReplyDelete
  17. ඊට පස්සේ කසුන්ට ඔය කෙල්ල හම්බුනේ නැද්ද බස් එකේදී ? මීට පස්සේ නොම්මරේ ලියපු කොළ කැලි ටිකක් සාක්කුවේ දාගෙන යන එක හොඳයි..

    ReplyDelete
  18. @Beetle
    ඒකනේ බලන්නකෝ සහෝ, බල්ල මුකුත් නොකිය යන්න ගියානේ. මහ නරක බල්ලෙක්.

    @සරත් ලංකාප්‍රිය
    අන්න බලන්නකො ඉතින් මම වගේ අහිංසක ළමයෙක් ගැන අයිය හිතපු හැටි. මට ඉඳල වැඩක් නෑ දැන් නම්.:(

    ReplyDelete
  19. පට්ට කතා ටික. ඒක නෙමෙයි අන්තිම කතාවේ කෙල්ල කෙල්ලගේ තියෙන සත්ව කරුණාවටනේ සොරි කිව්වේ :)) ඒක හිනාවෙන්න වටිනවාද ???

    ReplyDelete
  20. @Hasitha
    ඒකනේ නේද? :D

    ReplyDelete
  21. හෙහෙ මාර කතා ටික :)

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.