twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Tuesday, April 24, 2012

අවසන් කවිය




ඔබ නමට ලියවෙන
මෙයයි අවසන් කව
තවත් මේ පන්හිඳෙන්
නොලියවෙයි කවි ඔබ ගැන

මතක  ඇත්නම් ඔබට
පෙර දිනක ඔබ නමට
සෙනෙහසින් පද බැන්ද
පුංචි කවියක අරුමය

අසම්පූර්ණයි තවම
ඔබ නමින් මා ලියූ කවිය
අත් හැර දමන්නට එය
සිත නොනැමෙයි කිසි විට

වෙහෙසයි දැන් සිත හොඳටම
ගලපගන්නට බැහැ
තවත් මේ පද මට...
වෙහෙසුනත් කොයිතරම්
අර්ථයක් දෙනු බැහැ මේ කවියට

නික්මෙන්නට කාලයයි
අතැර හැර ඒ කවිය
නොගැලපෙන පද ගොඩක් මැද
තවත් හරඹයක ඵල කිම

තරහක් නෑ කිසිම
එළිසමය නොවූවාට
මගේ කවියට නුඹ...
මට ලියනු බැරි කවිය
ලියනු ඇත තවකෙකු හෙට

නිමාවයි මෙය
වෙහෙසකර වූ ගමනක
ඉතින් හැර යමි
මට අයිති නැති මගේ කවිය


39 comments:

  1. /* නිමාවයි මෙය
    වෙහෙසකර වූ ගමනක
    ඉතින් හැර යමි
    මට අයිති නැති මගේ කවිය */

    අබරං සිල් ගන්න ගියා වගේද ?...

    ReplyDelete
    Replies
    1. ඒ කතාව මතක නෑ අලේ. ඇහුවට කිව්වෙත් නෑ නේ.

      Delete
  2. ලියා ගන්නට පද අහිමි උන
    එකම එක කවිය ඇය
    එළිසමය නොදී නූබට
    නුඹේ කවියෙන් පලා ගිය..

    එයම ඇති ඒ කව නවතන්නට
    පද අතරේ සිර නොවී තව
    ගලපනු බැරි කවියකට නුඹ
    තව අකුරු අමුනන්නේ කිම??

    මතකනේ මම මේ ටික කලින් වතාවක කිවුවා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.:) ඒකෙන් තමයි මේ කවියට මූලික අදහස ගත්තේ.

      Delete
  3. හ්ම්ම්ම්ම්ම්ම්.... :(

    ReplyDelete
  4. රජ බූට් එකක් වගේ.......:(

    ReplyDelete
    Replies
    1. බූට්‌ එකක් කන්න මුලින් යාලු වෙන්න එපාය බං.:)

      Delete
  5. හරි මූටත් හරි... :(

    ReplyDelete
  6. ගනන් ගන්න එපා බං...

    ReplyDelete
    Replies
    1. දුක තමයි රංජනී කිව්වලු...

      Delete
  7. මොකෝ බං සීන් එක?

    ReplyDelete
    Replies
    1. වයසේ වැරැද්ද බං...

      Delete
  8. ඉවරයි....මොකෑ උනේ....

    ReplyDelete
    Replies
    1. උඹ කියපු එක තමයි වුනේ. ඉවරයි...:)

      Delete
  9. අනේ මන්ද.... කසුන් අයිය කවි ලියන්න අරගෙන ලියනවා ලියනවා දිගට හරහට... අහද්දී කියන්නේ නම් කවිය ගැන කියල... අපි නොදන්න කවි... :P

    ReplyDelete
    Replies
    1. තරහට වගේ කවි ලියන්නේ නගෝ...:D

      Delete
  10. බූට් මෙතරම් රස ඇයි
    කියා මට නම් නොම දැනෙයි...

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අයිය බූට්‌ කාල නැද්ද මන්ද ඒවගේ රස දන්නේ නැත්තේ.:D මේක ඉතින් බූට්‌ එකක් කියන්න බෑ...

      Delete
    2. හහ් බූට් රස හොඳට දන්න බුවෙක් තමයි මේ. බූට් සින්දු තමයි වඩා රසවත්...
      ඇත්තට මේ කසුන් කාලා තියෙන්නෙ බූට් එකක්ම නෙවෙයිද?
      henryblogwalker the Dude

      Delete
    3. බූට්‌ එකක් වෙන්නේ අයියේ යාලු වෙලා ඉඳලා දාල ගියා නම් නේ. වැඩේ වුනේ යාලු වුනේ නැති එක නේ....:(

      Delete
  11. හ්ම්ම්..අහෝ දුකකි ඉරකි තියතකි...:(
    ඇයි මන්දා මේ කලේ එක දිගටම අහන්න වෙනේ දුක හිතෙන කතා විතරමයිනේ කාගේ කාගේත් වෙලාවල් හොද නැද්ද මන්දා...:(

    ReplyDelete
    Replies
    1. ඔව්, කාගේත් ඔරලෝසු ටික හදාගන්න වෙනවා.

      Delete
  12. හ්ම්ම්.....ගලපගන්න බැරි කවියක්නම් ඉතිං, නැවතීමෙ තිත තියලා අවසාන කරන එක හොදයි අයියේ..:)

    ReplyDelete
    Replies
    1. නැවතීමේ තිතත් තියල වරහනකුත් දැම්මා නගෝ...:D

      Delete
  13. අහිමි නම් සිත
    කවි බදිනු කිම
    බලා වෙනතක
    සුසුම්ලනු කිම

    සොයා හදවත්
    පුබුදනා සිත්
    පෙමින් බැදිලා
    සිටින් වෙලිලා

    ජයෙන් ජයම වේවා... !

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කතාව...! ජය.

      Delete
  14. ලියාගන්නට නොහැකි කව
    සඟවා හතේ පතුලෙම
    අලුත් කවක් අරඹමු යලිත්
    අකුරු කරනට දෙදෙන එක්වම.....

    හයියූ....අඩනෙ හලේ ඩැක්කෙ.....:(

    ReplyDelete
    Replies
    1. අම්මියෝ ආයෙත් නම් කවි ලියන්නේ නෑ නංගියේ, රචනාවක් වගේ එකක් ලියනවා ලිව්වොත්...

      Delete
  15. මේ මොකෝ මල්ලි..... :O

    ReplyDelete
    Replies
    1. අක්ක ගොඩක් කාලෙකින්! මම හිතුව පාර අමතක වෙලා කියලා.:) දන්නේ නැද්ද අක්කේ ඉතින් හිටී ගමන් එක එක සීන් වෙනවා නේ.

      Delete
  16. ayyage blog ekath gold fish ayyage blog eke hambune dawas wela hambune .. eke digate okkome post kiyawa onne iye thama join une ayyage site ekate :) digateme me widihate liyaen hode.. lassanate oyala me blog liyanewa appa,,asawe bae.. :D i wish you all the best :)

    ReplyDelete
    Replies
    1. තැන්කු නගෝ! කියවන ඔයාලගේ හයිය තියනවා නම් දිගටම ලියනවා.:)

      Delete
    2. Aeke ithin nathi wenne nane ayye,, digateme liyane ahh thawe ekak man asama post eke oyage are private universities gane thibbe post eke,, okkoteme asay aith eke godak watine post ekak :D take care

      Delete
  17. "පද සොයා දුක් විද
    නෙක රටා මැවු කල
    මගෙ අතින් ලියැවුණ
    මට අහිමි කව නුඹ.." කොහෙදෝ මෙහෙම තිබුණා..

    අලුත් කවක් ලියන්නට.. අලුත් තාලයකට.. ජීවිතයේ.. හැම ස්වරයකම හැමදාමත් රැදෙන්න...
    සුබ පැතුම් මල්ලියෝ...!!! :)

    ReplyDelete
    Replies
    1. අම්මෝ කවි ඒ කවි නම් දැන් එපා වෙලා අක්කේ. බලමුකෝ ඉස්සරහට....;)

      Delete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.