කාලෙකින් මුකුත් ලිව්වෙත් නෑ. අප්පෝ ලියන්නත් පස්ට කම්මැලියි අප්පා. ඒත් මේක පාලුවට යන්න දෙන්නත් හිතට දුකයි. ඒ නිසා පොඩි හොර වැඩක් කරන්න කියලා සෙට් වුනේ.:) මීට කලින් මම බ්ලොග් එකේ දාපු කවියක් ආයෙත් දාන්න කියලා හැදුවේ. කලින් කිව්වේ ගොඩාක් කලින්. ඒ කිව්වේ මගේ දෙවනි පෝස්ට් එකේ තමයි මම ඒක දැම්මේ. ඒක ගොඩක් දෙනෙක් දැකලත් නැති නිසා ආයෙත් දාන්න හිතුනා. එතකොට මගේ බ්ලොගේ පාලුවට යන්නෙත් නෑ නේ. හැබැයි පොඩි බොරුවක් එක්ක තමයි එදා මම ඒක දැම්මේ. මම එතන දැම්මේ ඒක මගේ මගේ යාලුවෙක් ලියපු එකක් කියලා. හැබැයි ඇත්ත කතාව ඒක මම ලියපු එකක්.:) මම එදා එහෙම දැම්මේ මගේ අනන්‍යතාවය අහු වෙයි කියලා බයට. දැන් නම් එහෙම අවුලක් නෑ, අපේ බැච් එකේ එකම එකයි බ්ලොග් කියවන්නේ, ඌත් දැන් දන්නවා මගේ බ්ලොග් එක ගැන.
අපේ තර්ඩ් ඉයර් එකේ මුල තමයි ට්‍රේනින් යන්න තියෙන්නේ. මම මුලින්ම වැටුනේ මැදවච්චිය - මන්නාරම (A-14) පාරට. සයිට් එක තිබුනේ මැදවච්චිය ටවුන් එකේ ඉඳල කි.මි. 39ක් මන්නාරම පැත්තට වෙන්න. ඒ සයිට් එක තිබුන පැත්ත දරුණුවටම යුද්ධෙ තිබුන පැත්තක්. ඒ කාලෙත් බිම් බෝම්බ අයින් කරපු නැති පැති තිබුණා. අපි හිටපු හරියේ එකම එක ගෙයක් වත් නෑ. මට මතක විදියට කි.මි. 20ක් විතර මැදවච්චිය පැත්තට ගියාම තමයි ගමක් අහුවෙන්නේ. අපි හිටපු හරියේ ටිකක් එහාට වෙන්න සරණාගත කඳවුරු දෙකක්ද තුනක්ද තිබුනා. පොලිස් ස්ටේෂන් එකක් තිබුනා, ඊට අමතරව තැනින් තැන ආමි එකෙන් හිටියා. මිනිස්සු කියල එච්චරයි හිටියේ. හැබැයි ඔය පාරේ නම් වාහන යනවා එකම ගානට. UN එකේ ඒවා, RDA එකේ ඒවා, ට්‍රිප් යන වාහන, බස් ඔය වගේ ගොඩක් වාහන ගියා. පාරවල් කෙලින් නිසා උන් යන්නේ නම් හයිවේ එකේ යනවා වගේ. ඒ අස්සේ හිටී ගමන් මැති ඇමතිලත් යනවා. ඒ ඔක්කොම මන්නාරමට යන ඒවා.
මහ පුදුම පාළුවක් තිබුනේ එහෙ ගියාම. අනිත් එක පොඩි ආදර හුටපටයකුත් ඔලුවට ගහලා තිබුනේ ඒ කාලේ.:) ඉතින් විකාරයි වගේ එහෙ ඉන්නකොට. පළවෙනි සතියෙම මට ඉන්න වුනේ පාර හදන තැන. ස්ටාෆ් මදි වෙලා අපේ ට්‍රේනින් හිටපු දෙන්නට මාරුවෙන් මාරුවට ලේබර්ස්ලව සුපර්වයිස් කරන්න වුනා. ඉතින් දවසෙම ගිනි අව්වේ, දුවිල්ලයි ගල් කුඩුයි එක්ක ඉන්න ගියාම පුදුම සනීපයි. ඒ පාර කැඩිලා නිසා පුදුම දූවිල්ලක් තිබුනේ. ඒකට ගල් කුඩුත් එකතු වුනාම හරිම සන්තෝසයි. සතියක්ම මට එහෙම ඉන්න වුනා. අන්න එහෙම ගිනි අව්වේ ඉන්නකොට ලියවුන කවියක් තමයි මේ.
(මේ තියන කි.මි. කනුව ළඟ තමයි අපේ සයිට් ඔෆිස් එක තිබුනේ. මේක මම ගත්තේ එහෙන් එන්න බස් එක එනකල් ඉන්න වෙලාවේ.)
මම එහෙ හිටියේ සති තුනයි. හෙඩ් ඔෆිස් එකේ වැඩක් කියලා මාව ආයෙත් ගෙන්නගත්තා. මම ආපු ගමන් කලේ මේ කවිය ෆොටෝ එකට දාල හදපු එක.:) මගේ ඇත්ත මූනුපොතේ එකවුන්ට් එකේ ඉන්න අයට නම් බලන්න පුළුවන් මේක ඇති Wall Photos වල. සති තුනෙන් ඉවර වුන නිසා හොඳයි, තව හිටිය නම් පිස්සු හැදෙනවා.
මේකනම් නියමයි කසුනො...
ReplyDeleteතැන්කූ තැන්කූ.....:)
Deleteකවිය නම් ලස්සනයි පරණ එකක් ඇදලා හරි ආපහු දාපු එක හොදයි නැතනම් අපි වගේ අය දන්නේ නැනේ.....:)
ReplyDeleteකලින් බලල තිබුනේ ටික දෙනයි නිසා තමයි සහෝ ආයෙත් දැම්මේ, හැබැයි මේ පාරත් බලල තියෙන්නේ ටික දෙනයි...:D
Deleteඔහොම තමයි කසුන් ජීවිතය. ඔය ප්‍රැක්ටිකල් වලට ගිහින්නෙ. රස්සාවට ගියාම සෑහෙන කාලයක් ඉන්න වෙනවා. ඒකට පෙර පුහුණුවක් තමයි ඔය ලබන්නෙ. ඉතින් තියෙන්නෙ තමන් කරන දේ එන්ජොයි කරන්න ඉගෙනගන්න එකයි. එතකොට ජීවිතේ ඔච්චර නීරස නෑ.
ReplyDeletehenryblogwalker the Dude
අපෝ ඔව් අයියේ, ටෙක්නිකල් ඔෆිසර්සලා, සුපවයිසර්සලා ජීවිත කාලෙම ඔහොම නේ. අම්මියෝ...:( අපේ ජොබ් එකේ නම් එලියට වෙලා ඉන්න ඕන නෑ අයියේ. ඩොකියුමන්ට්ස් එක්ක නේ අපිට වැඩ තියෙන්නේ. අර ස්ටාෆ් මදි නිසයි අපිට සයිට් එකේ ඉන්න වුනේ.
Deleteපට්ට පට පට ඈ.......
ReplyDeleteතැන්කූ තැන්කූ.....:)
Deleteසිරාවටම මම මේක ඉස්සෙල්ලා තමයි කියෙවුවේ.. මාරම ගති ඈ..
ReplyDeleteඈතක නැගෙන මිරිගුව
මෑත දුහුවිලි රටා මත
අනන්තට ලෙස දෙකොනම
ඈතට විහිදෙන අතර මග..
මුදුන් උන හිරු කිරණ
මේ තරම්ම රුදුරුද විටෙක
ගත තෙත් උන දහඬියට
මේ ජීවිතේ නුහුරුයි වගේද?
විශේෂයි : උඹට කවද්ද කියපන් ආදර හුටටයක් ඔළුවට ගහලා නොතිබුනේ??
* අනන්තය ලෙස දෙකොනම
Deleteවෙන්න ඉන පළවෙනි කවියේ තුන් වෙනි පේලිය..
අන්න අන්න ඉතින් කින්ඩි දානවනේ....:'( ඒ මගේ දෙවැනි ආදර කතාව. ඒක ළඟදීම කියන්න හිතාගෙන ඉන්නේ.
Deleteඔච්චර හොදට තියෙද්දි ලියන්න කම්මැලි කියපු එකට මම කැමති නැහැ !
ReplyDeleteජය !
සිරාවටම ලියන්න කියවන්න මාරම කම්මැලියි බං.
Deleteපිස්සු හැදෙනව අප්ප....ලේසි නෑ ඔයාගෙ උපමාව කඩන්න
ReplyDeleteඒත් මේකට කවියක් ලියල මිසක නවතින්නෑ
(මං කියවල අන්ත අසරණ නන්නත්තාරමවෙලා ගිය තුන්වෙනි කවිය...:(...)
තැන්කූ තැන්කූ නංගියේ අගය කිරීමට...:) හ්ම්ම් ලියමුකො බලන්න එහෙනම් එකක්...:)
Deleteඔහොම තමා ජීවිතය .. අත්දැකීම් තමා ඉදිරි ජීවිතේ ලස්සන කරන්නේ ..
ReplyDeleteඔව් ඒක ඇත්ත අක්කෝ. ඒවායින් පුදුම ශක්තියක් ලැබෙන්නේ.
Deleteමමනම් මීට කලින් මේක දැකලා තියෙනාවෝ :)
ReplyDelete"පසුකර යනවා මිසක් කිසි කෙනෙක් රැඳෙන්නේ නැහැ
අපේ ජිවිත වගේමයි "
හ්ම්ම් ඔයා ඔක්කොම ටික කියෙව්වා නේ...:)
Deleteඒක හරිම ලස්සනයි අයියේ!!පිස්සු නොහැදි ආවානෙ... ;) බාගෙට පිස්සු හැදිලා හරි:p
ReplyDeleteඔව් ඔව් යන්තං පිස්සු නොහැදී ආව...:D
Deleteඅයියෝ හොරා ගේ හොර එළිවෙන්නේ මොකෝ
ReplyDeleteමේවා ඉතින් හැමදාම හංගගෙන ඉඳල බෑ නේ...:)
Deleteමම උබට කලින් ඕකට මොනවද කිවුව නේ :)
ReplyDeleteෆේස්බුක් එකේ නම් උඹ කමෙන්ට් එකක් දාල තිබුනා..:)
Deleteජීවිත වල හැටි අපුරුයි .
ReplyDeleteලස්සන කවියක් මල්ලි....
ReplyDeleteමාත් ටිකක් කම්මැලි වෙලා...:))))
මේක අර මුල් කාලේ දාපු කවි සිතුවීල්ල නේද ? මම් මේ කවිය කියෝලා තියෙනවා !!!
ReplyDelete