twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Sunday, August 14, 2011

නොපතමි යලි ඔබව



අතීතයේ දවසක
නොසිතූම මොහොතක
හැරදමා තනිකර
යන්නට ගියේ ඔබ

මා මැවූ නෙක සිහින
කඩා සුනු විසුනු කර
අඳුරු කර මගෙ ලොවම
ගියේ ඔබ ඈතකට

කොයිතරම් කිව්වත්
කොයිතරම් හැඬුවත්
තේරුම් ගත්තේ නෑ ඔබ මගේ සිත..
රලු වූයේ කෙලෙස
ඔය තරමටම
නොතේරෙන්නට මගෙ දුක..

දුකයි මට ඔබ නැතුව
පාලුයි මගෙ හිතට
විඳවමි සිතින් මම
ඔබේ මතක ලොව තුලම

එනමුදු කිසි දිනක
නොපතමි යලි ඔබව
මට උරුම තනිකමම
දැන් හොඳට හුරුයි මට

17 comments:

  1. නියම කවි ටික !!!!
    ඇත්තටම් ගෑනු හිතක් තේරුම් ගන්න අපි ඉගෙන ගත්තා මදි බං. මොකද එකපාරටම පරණ සිද්දියක් මතක් උනේ. ආයෙමත් ෆේස්බුක් චැට් එකටවත් ඇවිල්ලද මන්දා.

    තනිකම කියන්නේ කාටත් පොදු දෙයක් !!!! අපි කවදාහරි ජීවිතයේ තනි වෙනවා. තනිකම දුකක් !!! ඒත් ඒකට අපි මුහුණ දෙන්න වෙනවා. !!!!!

    ReplyDelete
  2. ඔව් ඇත්ත ගැනු සිත් ඉක්මන්ට වෙනස් වෙනවලු...
    ඒත් එහෙම වෙනස් නොවන සිත් ඇති අයටත් අන්තිම ඉතුරු වෙන්නේ
    තනිකමත් අමතක කරන්න බැරි අතීතයකුත් විතරයි..
    ඒ තනිකම දැන් පුරුදුයි හොදටම....
    කොච්චර පුරුදු වෙලාද කියනවනම් ඒකෙන් දැන් මිදෙන්න කැමතිම නැ.. ඒතරම් සැහල්ලුවක් දැනෙන්නේ...

    ReplyDelete
  3. හිත් මල් එකළු කර
    එති එති පෙම්
    සුව විදින කල
    නොදැණුනේ කිම
    අමුතු රිදුමක්
    නිදන් වි ඇති බැව්
    රුදු පෙමට මුවාවෙන්..

    දැනුනි නම්
    එක් බිදකුවත්
    නුබ වියෝ දුක්
    උරුම කරන බැව්
    නොබැදෙමි රුදු
    පෙමේ කිසි දින
    හිත පහවුරු ගා
    දුකම උරුම කල..

    ReplyDelete
  4. "මට උරුම තනිකමම
    දැන් හොඳට හුරුයි මට"

    මම ආසම පද දෙක.. මුළු කවි ඔක්කොම ලස්සනයි..!!! හුගාක් ලස්සනට ලියලා.. :)

    ReplyDelete
  5. @Prasanna
    අප්පොච්චියේ මේ මාලු අයිය නේද? Google Account එකක් තියනව කියල දන්නෙ නෑ නෙ. තැන්කූ තැන්කූ.

    @මධුරංග
    දැන් නම් චැට් කරන්නෙ නෑ බං. මම අර පෝස්ට් එක දාල ටික කාලෙකින් චැට් කිරිල්ල නැවතුනා. ඊට පස්සෙම චැට් කලේ නෑ. සමහර විට ටික කාලෙකින් ආයෙත් චැට් කරන්න ගනීවි, නැත්තන් කලින් වගේ බොක්කටම වදින මැසේජ් එකක් එවාවි. අනේ ඉතින් මම වෙන දෙයක් බලාගෙන ඉන්නවා. මේක ගොඩක් කාලෙකට කලින් ලියපු එකක්. අග ටික ලියාගන්න බැරුව තියල තිබුනෙ. ඊයෙ රෑ හෙනම ගේමක් දීල ඉතුරු ටික ලියා ගත්ත.

    @Gimhani
    ගොඩක් වෙලාවට එහෙම තමයි ගිම්හානි. වෙනස් නොවී හැමැදාම එක හිතින් ආදරේ කරන අයට දුක විතරයි ඉතුරු වෙන්නෙ.

    @රත්ගමයා
    තැන්කූ මචෝ!

    @අසනි
    ඔන්න මට මේකට කවියකින්ම උත්තර දෙන්න නම් බෑ, අර ටික ලියා ගත්තෙත් පුදුම ගේමක් දීල. :D

    ඇත්ත අසණියේ, මෙහෙම දුකක් උරුම වෙනව කියල දන්නව නම් කවදාවත් එයාගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ.

    @හිතුවක්කාරි
    මාත් ආසම ඒ පද දෙකට නංගියෝ. ස්තූතියි.

    ReplyDelete
  6. "මට උරුම තනිකම
    දැන් හොදට හුරුයි මට" බලන් යද්දි අපි ගොඩ දෙනෙක්ගේ උදාන වැකිය වෙලා... නේද සහෝ..

    ReplyDelete
  7. කොහොමහරි කමක් නෑ ලිව්වනේ. ඒ ඇති හොදටෝම !!!!
    මම් හිතන් හිටියේ පරණ සීන් එකක් මතක් වෙලාය කියලා.
    කවි ටික නම් පට්ට.

    ReplyDelete
  8. විරහවක රඟ.... අෆොයි...

    ReplyDelete
  9. @අසනි
    ඒක ඇත්ත අසනි. ඒක ගොඩක් අයට පොදුයි වගේ.

    @මධුරංග
    පරණ සීන් හිටී ගමන් මතක් වෙනව. දැන් නම් ඒක එච්චර ගානක් නෑ.

    @නාකියා
    මොනව කරන්නද සහෝ!

    ReplyDelete
  10. ලස්සනයි කවිය .. මාවත් හැරදමා ගොඩක් අය ගියා ඒත් මම කවි ලීවේ කීප වතාවයි දුක නැති නිසා නම් නෙවේ .. ලියාගන්න බැරි නිසා ..

    නියමෙට ලියලා තියනවා මිත්‍රයා

    ReplyDelete
  11. අහපන් ආදරය
    එන්න එපා
    නුඹ හිතට
    හිත අකැපයි
    උඹට

    ReplyDelete
  12. @හිස් අහස
    අම්මෝ, දුක හිතෙන හිතෙන වෙලාවට කවි ලියන්න ගියා නම් මට වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ බං. හැබැයි එහෙම කලා නම් මෙලහකට කවි පොත් දෙකක් විතර ලියල. :D

    @පිණිබිඳු
    අනේ ඔව් අක්ක, ආදරය නම් අකැපයි තමයි.

    ReplyDelete
  13. සිතක් තේරුම් ගන්න බැරි තවත් හිතකට පෙම් කරනවට වැඩිය හොඳයි කළු ගලකට පෙම් කරන එක..

    ReplyDelete
  14. @චතුර
    ඔව් බං කලුගල් ඊට මෙලෙකයි.

    ReplyDelete
  15. ගිය අය ඕනෑම නැහැ තමයි :/

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.