මුලින්ම කියන්න ඕන දැන් මේ කියන්න යන්නේ මගේ කතාවක්, මගේ අත්දැකීමක් නෙමෙයි කියල. මට පොතක් ලැබුන 'මට හමුවූ පුදුම මිනිස්සු' කියල. මේක මාස ගානක් තිස්සේ අපේ බෝඩිමේ තිබිල දැන් හොස්ටල් එකේ අපේ කාමරේ තියෙන්නේ. හවස කම්මැලි කමට එහාට මෙහාට පැද්දි පැද්දි ඉන්නකොට මේක දැක්ක. මාස ගානකින් නෙමෙයි අවුරුදු ගානකින් කතා පොතක් කියවල නැති නිසා මේක කියවන්න හිතුනා. මේ පොත ලියල තියෙන්නේ 'ජයසුමන ධර්මබන්ධු' කියන කෙනා. ඒ මනුස්සයාගේ ජීවිතේ විවිද අවස්ථාවල මුණගැහුන අරුම පුදුම මිනිස්සු ගැන තමයි මේ පොත ලියවිලා තියෙන්නේ. මේ පොතේ ඒ වගේ කතා 35ක් තියනවා. මේ පොත 'ඇම්. ඩී. ගුණසේන සහ සමාගමේ' ප්‍රකාශනයක්. 'ලිහිණි පොත්' යන නමින් තමයි මේ පොත ප්‍රකාශනයට පත් කරලා තියෙන්නේ. මේකේ පළමු මුද්‍රණය 1964.
අද කාමරේ කවුරුත් නෑ, සේරම ගෙවල්වල ගිහින්. ඉතින් අද කාමරේ මගේ රාජ්ජේ. ඒක නිසා මේ පොතේ තියන හිතට අල්ලපු කතාවක් දෙකක් කොටන්න කියල තමයි මේ ලේස්ති වුනේ. මොකද අනිත් උන් ඉන්න වෙලාවක පොතක් බල බල ටයිප් කරන්න ගියොත් උන් බලයි මට පිස්සුද කියල. මම බ්ලොග් එකක් ලියන බව උන් දන්නෙත් නෑ. හරි දැන් පසුබිම විස්තර කළා ඇති.
......................................................................................................................................................................
අඩු වයස්කාරිය.
අප ජීවත්වන සමාජය පිලිබඳ විශාල අවබෝදයක් ලබා ගැනීමට මට හැකි වූයේ මා බදුලු රෝහලේ සේවයේ යෙදී සිටි කාලයේදී යැයි මට සිතේ. සමාජයේ නොයෙක් උස් පහත් පුද්ගලයින් හා සමග කතාබහ කිරීමට අවකාශ ලැබීම මීට හේතු වශයෙන් දැක්විය හැක. රෝහලේදී මට ලැබුණු කාර්යය ලෙඩුන් ඇතුලත් කිරීම නිසා ඔවුන් සමග නොයෙක් දේ ගැන සාකච්චා කිරීමටත් ඒ මගින් විශාල අවබෝධයක් ලබා ගැනීමටත් මට හැකි විය. රෝහලට ඇතුලත් වීමට එන ඇතැම් රෝගීන් තම දෙමව්පියන්ගේ නම් පවා නොදැන සිටීම මගේ පුදුමයට හේතුවක් විය.
එදා මට රාජකාරිය කිරීමට නියමව තිබුනේ රාත්‍රී අටේ සිට සඳුදා උදේ අට දක්වාය. රාත්‍රී සේවය කිරීමට මා ඒ තරම් සතුටක් නොදැක්වූයේ මුළු රාත්‍රියම නිදි මැරීමට සිදුවන නිසාය. එසේ නමුත් අපට විවේක ගැනීම පිණිස ඇඳක් කාර්යාලයේ ම සවිකර තිබීම නිසා තරමක පහසුවක් දැනුනද වරින් වර පැමිණෙන රෝගීන් ගෙන් ඊටද බාධා පැමිණෙන්නට විය.
රාත්‍රී දහය පමණ වන විට රෝගීන් ගේ පැමිණීම අඩු වූයෙන් රෝගියෙකු පැමිණිය හොත් මා අවදි කරවන ලෙස සේවකයාට දන්වා ඇඳේ දිගා වුනෙමි. පෑ බාගයක් පමණ එසේ ඉන්නට ඇති. හදිස්සියේම, "මහත්තයා, මහත්තය ලෙඩෙක් ඇවිල්ල" යි සේවකයාගේ කටහඬ ඇසුණෙන් මම නැගිට මේසය වෙත පැමිණියෙමි.
මා ඉදිරිපිට බැලූ බැල්මට අවුරුදු හතළිහකට නොඅඩු යැයි කිව හැකි දුර්වල ශරීරයක් ඇති, හිස සිට දේ පතුල වැසෙන තෙක් රෙද්දක් පොරාගත් කාන්තාවක් සිටගෙන හුන්නාය.
"මොකක්ද නම?" මම ඇයගෙන් ඇසුවෙමි.
"එමලින් නෝනා." යි ඈ සිහින් හඬින් පිළිතුරු දුන්නාය. ඈ පිළිතුරු දුන් පිළිවෙලින් ඇයගේ රෝගය තරමක් බරපතල බව මට හැඟිණි.
"හිටගෙන ඉන්න අමාරු ඇති නෙව, ඔතනින් වාඩි වෙන්න."
ඈ සෙමෙන් සෙමෙන් ඉදිරිපස අසුනේ වාඩිවූ පසු,
"වයස කීයද?" යි මම ඇසුවෙමි.
"තිස් තුනයි." ඇය කීවාය.
නමත් වයසත් පොතෙහි ඇතුලත්කළ මා සේවකයා සමග ඈ වාට්ටුවට යවා නැවතත් ඇඳේ පෙරලුනෙමි. වාසනාවකට මෙන් ඉන් පසු රෝගීන් නොපැමිණියෙන් පැය කීපයක් සුව සේ නිදා ගැනීමට මට පුළුවන් විය. මා අවදි වනවිට පාන්දර පහට පමණ ඇත.
මුහුණ කට සෝදා මා ආපහු කාමරයට ඇතුළු වනවාත් සමගම එහි සිටි සේවකයා,
"මහත්තය හරි වැඩේ නේ වෙලා තියෙන්නේ." යි මා දෙස බලමින් කීවේය.
"මොකද?" මම ප්‍රශ්න කළෙමි.
"අර ඊයේ රෑ වාට්ටුවට ඇතුළත් කරපු ගෑනි මහත්තයට මතකද?"
"ඔව්, ඔව්, අර මම වාඩි වෙන්නෙයි කීවේ, එයාද?"
"අන්න හරි ඒ ගෑනි මැරිල!"
"මොනව? මැරිල?" එයම ප්‍රතිරාවය කළ මා "මොකද වෙලා තියෙන්නේ?" යි ඔහුගෙන් ඇසුවෙමි.
"ඊයේ රෑ හදිස්සියේම අමාරු වෙලා ලොකු දොස්තර මහත්තයා ඇවිල්ලා බෙහෙතක් විදල තියනවා."
"ඉතින්"
"බෙහෙත විදල පැයක් යන්න හම්බුවුනේ නෑ ගෑනි මැරුණා. පස්සේ දැන් උදේ මරණෙ ගැන සෝදිසි කරල බැලුවහම ආරංචි වුනා ඒ ගෑනිගේ වයස අවුරුදු හතලිස් නමයක් ලු. ඉතින් ගෑනි වයස දීල තියෙන්නේ තිස් තුනයි කියල. දොස්තර මහත්තය අවුරුදු තිස් ගණනක් නිසා ශක්තිය ඇති කියල විදල තියෙන්නේ සැර බෙහෙතක්. බෙහෙතෙ සැරට ලු මැරිල තියෙන්නේ. මහ මෝඩ ගෑනියෙක් නේද මහත්තය?" කියමින් ඔහු කාමරයෙන් පිටවිය.
"මෝඩ ගෑනු, මේ වගේ කී දෙනෙක් අකාලයේ මැරෙන්න ඇත්ද?" මම කල්පනා කළෙමි.
......................................................................................................................................................................
මිත්‍රයා
අවුරුද්ද අවසානය සාමාන්‍යයෙන් දෙමව්පියන් කාටත් වැඩ අධික සමයක් වෙයි. ඊට හේතුව දරුවන්ට අලුත් පත් පොත් අරන් දීමටත්, අලුත් අවුරුද්දේ පාසල් යාමට අලුත් ඇඳුම් පැළඳුම් සකස් කිරීමටත්, පාසල් නොයන දරුවන් පාසල්වලට අලුතින් ඇතුළත් කිරීමටත් තිබීමය.
මා විවාහකයකු නොවූවත් මගේ අක්කාගේ කුඩා දියණිය පාසලකට ඇතුළත් කිරීම මට බාර දී තිබුණෙන් මේ දිනවල මටද වැඩ අධික සමයක් විය.
"බලන්නකෝ මල්ලියේ දරුවා ඉස්කෝලෙට දාගන්න එපායැ. ඉස්කෝලෙකට අලුතින් ඇතුළත් කරන එකත් එච්චර ලේසි නෑ. ඒ වුනත් මල්ලිට නම් බැරිවෙන එකක් නෑ ඔය යාලුවෙක්ගෙ මාර්ගයෙන් දුවව ඉස්කෝලෙට දාගන්න."
අක්කා මෙසේ කී විට "හොඳයි බලමු" යි මා කීවේ උසස් විදුහලක ප්‍රධානාචාර්ය වරයෙකු සමග ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කරන මගේ මිත්‍රයෙකු සිටි නිසා ඔහුගේ මාර්ගයෙන් දියණිය පාසලට ඇතුළත් කරගැනීමට හැකි වෙතැයි මා සිතූ බැවිනි.
මගේ අදහස ඉෂ්ට කරගැනීමට සිතා එක් ඉරිදාවක උදෑසන දියණියත් සමග මා මිත්‍රයා පදිංචිව සිටි නිවෙසට ගියෙමි. ටික වේලාවක් ඔහු හා සමග කතා කරමින් සිට පසුව මා ආ කාරණාව ඔහුට කීවෙමි. මෙය ඉතාමත් බැරෑරුම් කටයුත්තක් බව කී ඔහු කෙසේ වෙතත් මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නොහැකි නිසා ප්‍රධානාචාර්ය වරයාට ලිපියක් ලියා දීමට කැමති විය. මිත්‍රයාට මුව නොසෑහෙන සේ ස්තූති කරමින් ඒ ලිපියත් රැගෙන මා පසුවදා උදෑසනම දියණියත් කැටුව විදුහල වෙත ගියේ ප්‍රධානාචාර්ය වරයා මුණගැසීම පිණිසය.
මා එහි යනවිට ප්‍රධානාචාර්ය වරයා පැමිණ නොසිටියෙන් ඔහු එනතුරු වාඩි වී සිටින ලෙස එහි සිටි ලිපිකරු මහතා මට කීවේය. නැවත වරක් මේ සඳහා පැමිණීමට නොහැකි නිසා මහත් බලාපොරොත්තු සහිතව මා ඔහු එනතුරු වාඩි වී සිටි අතර, අල්ලපු කාමරයෙන් ටැලිපෝන් සීනුවක් නාද වූයෙන් ලිපිකරු මහතා මා එහි තනිකර දමා ටැලිපෝන් පණිවිඩය ගැනීම පිණිස එහි ගියේය.
සුළු වෙලාවකට පසු ඔහු නැවතත් එහි පැමිණියේ, "බලන්න මිස්ටර් මෙහෙමත් මිනිස්සු ඉන්නවා නේද ආ" කියමිනි.
"මොකද? මොකද?" ඔහුගේ කතාව අසාගනු රිසියෙන් මම ඇසීමි.
"නෑ අයිසෙ දැන් ටැලිපෝන් කළේ මිස්ටර් වීරසිංහ කියල එක්කෙනෙක්. එයා ඊයේ යාලුවෙකුට ලියුමක් දුන්නලු ළමයෙක් ඉස්කෝලෙට ගන්නෙයි කියල. යාලුවගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසා ලියුම දුන්නට ඒ ගැන එච්චර සැලකිලිමත් වෙන්න ඕන නෑ කියල ප්‍රින්සිපල් මත්තයට කියන්නෙයි කියල දැන් ටැලිපෝන් කරලා කිව්ව. අම්මප මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ ආ"
මේ කතාවෙන් මා පුදුමයෙනුත් පුදුමයට පත් වූ නමුත් ඒ බවක් ඔහුට නොහැඟෙව්වේ වීරසිංහගේ ලියුම ගෙන ආ තැනැත්තා මා බව ඔහු දැනගනිතියි බියපත් වූ බැවිනි. ප්‍රධානාචාර්ය වරයා එන්නටත් කලින් ඒ තැනින් වහාම පිටවී ගිය මා ලියුමකැබලි වලට ඉරා දැම්මේ කේන්තිය පිරිමසා ගන්නා අදහසිනි.
.....................................................................................................................................................................
ප.ලි. මම වචනයක් වත් වෙනස් කළේ නෑ. පොතේ තිබුන විදියටමයි දැම්මේ.
කතා ඔබේ නොවුනත් ඔය වගේ මිනිස්සු නම් ඕනි තරම් ඉන්නවා.. මගේ යාළුවෙක් හිටියා ඔහොම කාලෙන් කාලෙට මගෙන් උදව් ඉල්ලුවා.. මටත් කරන්න පුළුවන් කාල වල කරන්න පුලුවන් විදියට උදව් කලා.. මිනිස්සුන්ට කරදර අමාරු කාල එන්නෙ කිය කියා නෙවෙයිනෙ.. මේ ලඟදි මගෙන් එක පාරටම මට කරන්න බැරි තරමේ උදව්වක් ඉල්ලුවා.. මම බැහැයි කිව්වා බැරි නිසාම ! අනේ මිනිහා දැන් ජීවිතේට අඳුරන්නෙ නැති ගානට තමයි ඉන්නෙ..මට ගානක් නැහැ.. අන්තිමේ මන් මිනිහව අඳුරා ගත්තනෙ කියලා සතුටු වෙනවා !
ReplyDeleteමිනිස්සු ගැන කතාකරන්න ගිගොත් මල්ලී පොත් ගනන් ලියන්න දේවල් තියනවා . පුදුමයි ඒත් ඇත්තයි ...
ReplyDeleteහොඳ පොතක් වගේ...මම පොත් කියවන්න හරිම පෙරේතයි..අරන් කියවන්නම ඕනේ....
ReplyDeleteමිනිස්සු ගැන නම් කතා කරන්න එපා...
ReplyDeleteමටත් ඔය මාතෘකාව මගෙ බ්ලොග් පෝස්ට් ටැග් එකකට දාන්නයි හිතාගෙන ඉන්නෙ.
ReplyDeleteඒක නෙවෙයි කසුන් මට හමුවූ එලකිරිම ඩයල් එකක් ඉන්නවා. ඌ මකුළු දැල් වලට ඇලර්ජික්. ඒ වුනාට මකුළුවට හානියක් නොවී, මකුළුදැල් නැතිකරන්නෙ කොහොමද කියලා බ්ලොග් පෝස්ට් එකක් කොටල තිබ්බනෙ. ඌ ඕක නිසාම මගේ හදවතේ විශේෂ තැනක් බුක් කරගෙන ඉන්නෙ. උඹ දන්නවද ඔය කියන ඩයල් එක?
henryblogwalker the Dude
අපි උබලත් ඔහොම කතා දැකල තියෙනව බන්... අහල තියෙනවා.. අත් දැකලත් තියෙනවා... ඒත් ඒව ඔය වගේ අකුරු කරන්න අමාරුයි... මිනිස්සු හරි පුදුමයි බන් තේරුම් ගන්න අමාරුයි.
ReplyDeleteසිරා පොතක් වගේ
කතා දෙකේම ගන්න ලොකු දෙයක් තියෙනවා.. මිනිසා කියන්නේ තේරුම් ගන්න අමාරු සත්වයෙක්නේ.. නාදුනන කෙනෙක් උනත් හොදින් හදුනන මිත්‍රයෙක් උනත් සමහර වෙලාවට තේරුම් ගන්න හරි අමාරුයි..
ReplyDeleteමම නම් ඔය පොත කියවලා නෑ. අඩුම ගානේ පොත කියවන්න හිතුන එකත් ලොකු දෙයක්. :)
ReplyDeleteදැන් පොත් කියවන්නේ විභාග එහෙම ඉවරයි වෙන්ටෑ.
@Weni
ReplyDeleteයාලුවගෙ හැටි එහෙම හරි දැනගත්ත එක මදෑ නේද.
@Gimhani
ඒක ඇත්ත අක්කේ, ලියල නම් ඉවර කරන්න වෙන්නේ නෑ.
@දිල්
ඔය පොත නම් හොයා ගන්න පුළුවන් වේවිද දන්නේ නෑ අක්කේ. ගොඩක් පරණ පොතක් නේ. පළමු මුද්‍රණය 1964.
@සාතන්
ඔව් නේද, කතා කරලා ඉවරයක් කරන්න වෙන්නෙත් නෑ, ප්‍රයෝජනයකුත් නෑ.
@Dude
ReplyDeleteහෑහ්.. මේ මගේ ගැන වත්ද කියන්නේ? ඔය විස්තරේ තියන මම දන්න අය ඉන්නේ මම විතරයි.:D
@පිස්සා පලාමල්ල
ඔව්, පොඩ්ඩක් වාඩි වෙලා කල්පනා කලොත් අපිටත් මෙහෙම පොතක් ලියන්න පුළුවන් වේවි මිනිස්සු ගැන.
@Dinesh
මිනිහ කියන සතා නම් තේරුම් ගන්න බෑ තමයි අයියේ.
@මධුරංග
සිරාවටම මොකද මන්ද මට එකපාරටම හිතුනේ පොතක් කියවන්න. විභාගේ දෙසැම්බර් අග බං.
ඔය වගේ දේවල් තය කොයිතරම් වෙනව ඇතිද
ReplyDeleteඇත්ත මිනුස්ස කියන අයව තේරුම් ගන්න බැහැ
ReplyDeleteshoiiiiiiiiiiii
ReplyDelete@prasanna86k
ReplyDeleteඔව්, වෙනස තියෙන්නේ ඒව ගැන ලියවෙන්නේ නැති එක විතරයි.
@Dush
ඒක නම් ඇත්ත සහෝදරී, එකටම හිටියත් සමහර අය තේරුම් ගන්න බෑ.
@පාර කියන තාරකාවි
thankssssss
සත්තකින්ම අසනි මිනිස්සුන්ට ගොඩක් බයයි..ඒ නිසාම වෙන්න ඇති අසනි හුදකලාවට කැමති..කතා කල යුතු වගේම ..අප්‍රසන්නම මාතෘකාවත් මිනිස්සුමයි යාලු..
ReplyDeleteඅපොයි දෙයියනේ....!!! :(((
ReplyDelete