ධනුක නැවතත් ඔරලෝසුව දෙස බැලුවේය. වේලාව 12.27යි. ඔහුගේ නොසන්සුන් කම තව තවත් වැඩි වන්නට විය. ඔහුගේ ගතත් සිතත් දෑසත් හොඳටම හෙම්බත් වී ඇති සෙයකි. එහි පැමිණ සිටි දහසක් දෙනා අතර ඔහු ඔහුට හිමි ආදරණීය මුහුණ සොයන්නට විය. එහෙත් ඔහු තව තවත් වෙහෙසටත්, කණස්සල්ලටත් පත් වූවා මිස ඔහු සොයන මුහුණ ඒ අතර නොවීය. ඔහු පෙර දින කීපයේ මතක අතර සැරිසරන්නට විය. වෙනදා මේ වේලාව වනවිට ඇය ඔහුත් සමග කාලය ගත කල ආකාරය ඔහුට සිහිවෙයි. ඔහුගේ යටි බඩ දෙසින් ඇතිවූ වේදනාව ඔහුට නොදැනුනේ ඔහුගේ හිතේ වේදනාව ඊට වඩා බොහෝ සෙයින් විශාල නිසා විය යුතුය. ඔහුට කතා කරන හෙදියගේ හඬ ඔහුට නෑසුනේ ඔහු ඇය ගැනම සිතුවිල්ලේ ගැලී සිටිය නිසා විය යුතුය.
"මිස්ටර් ධනුක...."
ඔහුගෙන් ප්‍රතිචාරයක් නැත. ඔහු සිටින තත්ත්වය අවබෝධ කරගත් හෙදිය ඔහු අසලටම පැමිණ ඔහුව ඇමතුවාය.
"වයිෆ් එනකල්ද බලන් ඉන්නේ?"
ධනුක පියවි සිහියට පැමිණියේ එවිටය.
"ආහ් මිස්... ඔව් එයා තාම නෑ නේ."
"ඒවි ඒවි." ඔහු දෙස අනුකම්පා සහගත බැල්මක් හෙලූ හෙදිය පැවසුවාය.
ඔහු දුර්වල සිනාවකින් පමනක් ඊට පිලිතුරු බැන්දේය.
"මම ආවේ ඔයා කාලද බලන්න. ඔයාට තව ටිකකින් බේතක් දෙන්න තියනවා."
එසේ කියා රාක්කය දෙස බැලූ හෙදියට පෙනුනේ බත් පාර්සලය තවමත් එසේම මේසය මත ඇති බවයි. ධනුක බිම බලාගෙන සිටියා විනා කිසිත් නොකිව්වේය.
"ඇයි තාම කාල නැත්තේ? අර මනුස්සය බත් එක ගෙනත් දීල කොච්චර වෙලාද?"
"අරය ආවම කන්නම් මිස්."
"අනේ මන්ද ඔයාල නම්... වයිෆ් නැතුව බත් ටික තනියම කාගන්නවත් බෑ නේද?"
ධනුකගේ පිළිතුර නැවතත් සිනහවක් පමණක් විය.
"හැබැයි මම ඔයාට තව විනාඩි 15යි දෙන්නේ. වයිෆ් ආවත් නැතත් 1.45 වෙනකොට කාල ඉන්න ඕන හොඳද. හරියටම 1ට බේතක් දෙන්න තියනවා. කාල විනාඩි 15ක් වත් ඉඳල තමයි ඒ බේත බොන්න ඕන."
"හරි මිස්"
ලෙඩුන් බැලීමට වාට්ටුවට පැමිණි පිරිස දෙස ඔහු බලා සිටියේ අසරණ දෑසිනි. දෙමාපියන්, බිරින්දෑවරුන්, දරුවන් පැමිණ අනිත් ලෙඩුන්ගේ සුවදුක් විමසන ආකාරය, ලඟට වී කතා කරන ආකාරය ඔහුට පෙනෙයි. දහසක් දෙනා මැද ඔහු තනිවී සිටින්නේය. තවත් වේලාවක් ඔහු වාට්ටුවට ඇතුළුවන දොර දෙස බලා සිටියේ කොයි මොහොතක ඇගේ රුව දැක ගැනීමේ අටියෙනි. තවදුරටත් බලාපොරොත්තු සුන් වූ ඔහු කොට්ටය ඇඳ විට්ටමට හේත්තු කර ඊට හේත්තු වී තදින්ම දෑස පියා ගත්තේය. ඇය පැමිණේයැයි තිබූ බලාපොරොත්තුව ඔහු කෙරෙන් ගිලිහී ඇති සෙයකි.
ඔහු නැවත දෑස් ඇරියේ තමා ලඟ යමෙක් වේගයෙන් හුස්ම ගන්නා හඬ කණ වැකීමෙනි. හොඳින් හුරු පුරුදු හඬක් වූ එය ඔහු හඳුනා ගත්තේය. ඔහු දෑස් හැර ඇය දෙස බැලීය. තදින්ම හති දමමින් සිටි ඇය අනුකම්පා සහගත බැල්මකින් ඔහු දෙස බලා සිටියාය.
"මම හිතුව ඔයාට නින්ද ගිහින් කියල."
ඔහු කිසිත් නොකිව්වේය. ඔහුට ඔරලෝසුව බැලුනේ නිරායාසයෙනි. වේලාව 12.41 වී තිබුණි. ඇයද ඔහු අනුව යමින් ඔරලෝසුව දෙස බැලුවාය. ඇයගේ පමාව නිසා ඔහු අමනාපයෙන් සිටින බව ඇයට පැහැදිලි විය.
"අද හදිස්සි වැඩක් වැටුන ධනුක. ඔෆිස් එකේ ලොක්කෝ ඔක්කොමත් එක්ක මීටින් එකක් තිබුන. කොහොමවත් එන්න විදියක් තිබුනේ නෑ. ඒකයි එන්න පරක්කු වුනේ. මාත් එක්ක තරහද?"
ධනුක නිහඬය.
"ඔයා මාත් එක්ක තරහෙන් නේද ඉන්නේ?"
ධනුක තවමත් නිහඬය. දීර්ඝ හුස්මක් පිටකළ ඇය ධනුකගේ හිස අත ගාන්නට විය.
"මට එන්න පරක්කු වෙයි කියල තේරුණ නිසයි මම කලින්ම සුමනෙගෙ අතේ කෑම එක එව්වේ. ඔක්කොම කෑව නේද?"
"මම තාම කෑවෙ නෑ."
ඔහු කිව්වේ ඇසෙන නෑසෙන ගානටය. රාක්කය දෙස බැලූ ඇය දුටුවේ කෑම පාර්සලය තවමත් රාක්කය මත ඇති ආකාරයයි. හදවත දවා අලු කරන තරම් වේදනකුත්, සියුම් තරහවකුත් ඈ තුල හටගත්තේ එකවිටමය.
"ඇයි දරුවො කෑවෙ නැත්තෙ? මේ ලෙඩ වෙලත් ඉන්න වෙලාවෙ නොකා හිටියම හරි යනවද? මම සුමනෙ අතේ කියලම එව්වනෙ මම පොඩ්ඩක් පරක්කු වෙනවා, බත් එක කන්න කියල."
ධනුක නිහඬය. ඇය බත්මුල පිඟාන මත තබා ලිහන්නට විය.
"ඇයි කෑවෙ නැත්තෙ කියන්නකෝ?
"මට බඩගින්නක් තිබුනෙ නෑ."
"බඩගින්නක් තිබුනෙ නෑ කියල හරි යන්නෙ නෑ නෙ. ඩොක්ටර් කිව්ව නේද හරියට වෙලාවටම කන්න, නැත්තන් ගැස්ට්‍රයිටීස් වැඩි වුනොත් සර්ජරි කරපු එක තව අමාරු වෙයි කියල."
ධනුක, තමාට ඉදිරියෙන් ඇති ඇඳේ සිටි රෝගියාට ඔහුගේ බිරිඳ සහ දරුවන් වටවී කෑම කවන ආකාරය දෙස බලා සිටින්නේය. සරණි බත් කටක් අනා ඔහුගේ මුවට ලං කළාය. ඇයට කියා බත් කටක් කවා ගැනීමට බොහෝ වෙලා බලා සිටියත්, ඔහු බත් කට කටට දමා ගත්තේ අමනාපයක් මවාගෙනය.
"ඔයා මම පරක්කු වුන තරහට නේද ඔයා නොකා හිටියේ."
"නෑ, එහෙම එකක් නෑ."
"නැත්තේ මොකද? මම දන්නේ නැද්ද ධනූ ඔයා ගැන. මාත් එක්ක තියන තරහට ඔයා ඔයාගෙන්ම පළිගන්න එපා."
"තරහකට නෙමෙයි සරණි, මම ඉතින් ඔයාට කියල කවාගන්න ආස නිසයි හිටියේ. ඔයාට ඉතින් මට වැඩිය රස්සාව ලොකු වුනානේ."
අවසන් වාක්‍යය ඔහුගේ මුවින් පිටවූයේ බොහෝ සිහින් හඬිනි. ධනුකගේ ඒ වචන සරණිට උල් පිහියකින් පපුව මැදට ඇන්නාක් මෙන් විය. සරණිට කතා කිරීමට අවශ්‍ය වුවත් වචනයක් වත් කියාගත නොහැකි ලෙස ඇය ගොළු විය. බත් අනමින් සිටි ඇගේ අත පිඟාන මතම ගල් විය. ඇය තත්ත්පර කීපයක්ම ධනුකගේ මුහුණ දෙස එක එල්ලේ බලාගෙන සිටියාය. ඇගේ බැල්මෙන් මිදෙනු වස් ධනුක බිම බලාගත්තේය. ඇය නැවතත් ධනුකගේ මුහුණ තමා දෙසට හරවා ගත්තාය.
"මොකක්ද ධනුක ඒ කතාවේ තේරුම? පොඩ්ඩක් මාව තේරුම් ගන්නකෝ. ඇත්තටම මට කොහෙත්ම එන්න විදියක් තිබුනේ නෑ. නැත්තන් මම පරක්කු වෙන්නේ නෑ නෙ. ගොඩක්ම අර්ජන්ට් මීටින් එකක් තිබුනේ."
"මේක ලන්ච් අවර් එකනේ. ලන්ච් අවර් එකේ මොන මීටින්ද?"
"ප්‍රයිවට් කම්පැනි වලවැඩ කරන්න ගියාම ලන්ච් අවර් කියල බලන්නේ නෑ නෙ ධනුක. ඔයා මට වැඩිය හොඳට ඒක දන්නවා නෙ. අද සතියේ අන්තිම දවස නිසා ඒ වැඩේ අද කොහොම හරි ඉවර කරලා සබ්මිට් කරන්න ඕන කියල බොස් කිව්ව."
ඊට දෙන්නට පිළිතුරක් ධනුක සතු නොවීය.
"ඇයි ධනුක ඔහොම හිත රිද්දන්නේ? හැමදාම තුන් වේලටම ගේට්ටුව අරිනකොටම දුවගෙන ඇවිත්, එක දවසක් පොඩ්ඩක් පරක්කු වුන නිසාද ඔයා ඔහොම කියන්නේ? ඉස්පිරිතාලේ හිටපු දවස් අමතක කරන්න, මීට කලින් කවදාවත් මට ඔයාට වඩා කිසිම දෙයක් ලොකු වෙලා තියනවද? අපේ පොඩි එකාටත් වඩා මට ඔයාව වටිනවා කියල ඔයා හොඳටම දන්නව නේද?"
දිලිසෙමින් තිබුණු ඇගේ ඇස් වලින් කඳුළු බිඳු පේලියක් කඩා හැලෙන්නට විය. ඇය නැවතත් බත් කටක් ගෙන ධනුකට ලං කළාය. ඇය නැවතත් කිසිත් කියාවි යැයි ධනුක සිතුවත් ඇය ඊට වඩා කිසිත් කියන්නට නොගියාය. ධනුක බඩගින්නේ සිටි නිසා ඇයට වුවමනා වූයේ ඉක්මනින් ඔහුට බත් ටික කැවීමටය.
"සරණි! ඔයාට තරහ ගියාද?"
"තරහ ගියේ නෑ ධනුක, මට ගොඩක් දුක හිතුන මම මෙච්චර මහන්සියක් වෙද්දීත් ඔයා එහෙම කතාවක් කිව්වම."
"ඒක අමතක කරන්න සරණි. මට ඉබේම වගේ ඒක කියවනේ."
"ඉබේම කියවෙන්නේ ඉතින් හිතේ තියන දේවල් නේ."
"අනේ එහෙම නෑ. මට ඔයා පරක්කු වෙනකොට ගොඩක් දුක හිතුන. වෙනදට ඉතින් ගේට්ටුව අරිනකොට ඔයා මෙතන නේ."
"හ්ම්ම්, මම දන්නවා ඉතින් කොල්ල මම එනකල් පාර බලාගෙන ඉන්නවා කියල. මම මීටින් එකට ඉන්නේ නැතුව එන්න හදල බෝසාගෙන් හොඳට බැනුනුත් අහගත්ත."
"අනේ එහෙමද? මම දන්නවා සරණි.... කරන්නම දෙයක් නැති වුනොත් ඇරෙන්න ඔයා කවදාවත් නෑවිත් ඉන්නෙ නෑ කියල. මම කියපු කතාව අමතක කරල දාන්න."
එසේ කියූ ධනුක සරණිගේ ඇඟට හේත්තු වුනේය. ඇය ධනුකගේ හිස සිම්බාය.
"හ්ම්ම් අමතක කරන්න තමයි... මට කෑගහල අඬන්න හිතුන. හොස්පිටල් එක නිසා අමාරුවෙන් ඉවසගෙන හිටිය. සුලු පටු චෝදනාවක් නෙමෙයි නෙ ඔයා මට කලේ."
ඇය කිව්වේ නෝක්කාඩු ස්වරයෙනි. ධනුක කිසිත් නොකියා බිම බලගෙන සිටියේය.
"හරි හරි පැටිය ඒක කමක් නෑ. දැන් කමුකො." ධනුකගේ මුහුණ දුටු සරණි කතාව වෙනස් කළාය.
"ඔයා කාලද?"
"තාම නෑ ධනුක."
"එහෙනම් ඔයත් ඔහොමම ටිකක් කන්නකෝ."
"හරි ඔයා තව ටිකක් කන්නකෝ, මම කන්නම්."
"ඉතින් මට කවන ගමන් ඔයත් ටිකක් කන්නකෝ."
"හ්ම්ම්"
"ආහ් ඔයා ආවද? මම මේ මෙයා කාලද බලන්න ආවේ." හෙදිය සිනහවෙමින් එතනට පැමිණියාය.
"ඔව් මිස් අද පොඩ්ඩක් පරක්කු වුනා."
"හ්ම්ම්, ඒක තමයි මෙච්චර වෙලා මූණ එල්ලගෙන හිටියේ. අපෝ බලන්න එපාය ඒ වෙලාවේ මූනේ හැටි. දැන් නම් හොඳට හිනා වෙලා ඉන්නවා."
ධනුකත් සරණිත් සිනාසුනා මිස කිසිත් නොකිව්වෝය.
"කොහොමහරි නෝන එනකල්ම හිටිය නේ බත් ටික කවාගන්න? මම මේ ආවේ තාමත් කාල නැත්තන් පැත්ත දාල හරි කවන්න."
"තව චුට්ටෙන් මටත් පැත්ත දාල තමයි කවන්න වෙන්නේ. මාත් එක්ක තරහ වෙලා හිටියෙ මෙච්චර වෙලා." සරණිද කතාවට එක් වූවාය.
"ඔය බොරු මිස්, එහෙම නෑ."
"ආහ් නැත්තෙ මොකද, මට හිතා ගන්න පුළුවන් අර හිටපු විදියට. පොඩ්ඩක් එහෙ මෙහෙ වුනාට තරහ ගන්න එපා ඉතින්. මේ දවස් වල ඔයත් ගෙදර නැති නිසා එයාට වැඩ වැඩි ඇතිනේ."
"අනේ ඔව් මිස්, මෙයත් ගෙදර නැති නිසා මට පිස්සුව වගේ මේ දවස් වල. වෙනදට මෙයත් ටිකක් හරි උදව් කරනව, දැන් එකත් නෑ නෙ. උදව් ඕනත් නෑ, පෙන්න හිටියත් හිතට හයියක් නෙ."
ධනුක සරණි දෙස බැලුවේය.
"මේ ටිකේ ගෙදර ගියාම හරිම අවුල්. පොඩ්ඩගෙත් වාර විභහගේ කිට්ටුයි, ඒවත් බලන්න ඕනනේ. අනිත් එක ඔෆිස් එකෙත් වැඩ හිර වෙලා මේ දවස් වල. අදත් එන්න පරක්කු වුනේ ඒකයි."
සරණි ගැන ධනුකගේ හිතේ තදබල අනුකම්පාවක් ඇතිවිය. ඇයගේ හිත රිදවීම ගැන ඔහු බලවත් සේ පසුතැවීමට පත්වුනේය.
"ඒකනේ, පවුනෙ මෙයාට."
ධනුක කිසිත් නොකියා බිම බලා සිටින්නේය. සරණි, ධනුකගේ හිස පිරිමදින්නට විය.
"ඔයා තමයි ඉතින් මෙයාව ඕනවට වැඩිය හුරතල් කරනව ඇත්තේ."
"අනේ ඔව් මිස්, වෙන කවුරු ඉතින් මෙයාව හුරතල් කරන්නද? පොඩ්ඩයි මෙයයි කියල ඉතින් මට වෙනසක් නෑ."
"අපෝ අපේ ගෙදරත් ඔහොම තමයි. අපේ එක්කෙනත් මේ වගේමයි. මහ බබාව බලාගන්න එක තමයි අමාරුම වැඩේ. උදේ ඉඳල හවස් වෙනකල් මහ කම්පැනියකුයි දාස් ගානක් මිනිස්සුයි හැන්ඩ්ල් කරනවා, හැබැයි ගෙදර ආපු ගමන් පොඩි එකා වගේ වෙනව. මම පේන්න හිටියේ නැත්තන් මූණ එල්ලගෙන තමයි ඉන්නේ."
"ආහ් එහෙනම් මම විතරක් නෙමෙයි නේද ඒ වගේ?" ධනුකගේ මුවට සිනහවක් නැගුණි.
"නෑ නෑ තව ගොඩක් ඉන්නවා. ඉන්න, මම බේත් ටික අරන් එන්නම්. ඒ ටිකත් වයිෆ්ට කියලම පොවා ගන්න."
හෙදිය සිනාසෙමින් යන්න ගියාය.
"තව පොඩ්ඩයි පැටියෝ, මේ ටිකත් කන්න."
"සරණි, අනිත් දවසේ ඔෆිස් එකේ වැඩ දාල එන්න එපා. පොඩ්ඩක් පරක්කු වුනාට කමක් නෑ."
"නෑ නෑ, මාව රස්සාවෙන් අස් කලත් අනිත් දවසෙ අනිත් දවසෙ ගේට්ටුව අරින්නත් කලින් මම මෙතන ඇති."
"එහෙම එපා ළමයෝ. ඒ වැඩත් කෙරෙන්න ඕන නෙ. අනිත් එක මට දැන් ටිකක් හොඳයි නෙ."
"හරි ධනූ, ඔයා ඒව ගැන හිතන්න එපා. ඔෆිස් එකේ වැඩ වගේද මට ඔයාගේ මූණ පොඩ්ඩක් බලාගන්න එක."
"හ්ම්ම්. පොඩ්ඩ මොකද, කරදර කරනවද?"
"කරදරයක් නම් නෑ, තාත්තත් නැති නිසා අම්මට කරදර කරන්න එපා කිව්වම පාඩුවේ ඉන්නව."
"දකින්නත් ආසයි."
"මම හෙට එක්කගෙන එන්නම්කෝ."
"අනේ එක්කගෙන එන්න සරණි."
"ආහ් ධනුක වතුර බොන්න, මම මේක හෝදගෙන එන්නම්."
සරණි පිඟානත් රැගෙන වතුර කරාමය දෙසට යනු ධනුක ඇසිපිය නොහෙලා මෙන් බලා සිටියේය. ඇය නොපෙනී ගිය පසු යලි එනතෙක් ඔහු නොයිවසිල්ලෙන් බලා සිටියේය.
.....................................................................................................................................................................
ප.ලි. ගොඩක් දවසකින් මුකුත් ලිව්වේ නැති නිසා ලිව්වේ. ඒ වුනාට මේ ලෝකේ රහක් නෑ වගේ.:( කමක් නෑ ඉතින් පන දාගෙන කොටපු එකේ පබ්ලිෂ් කරල දානවා.
ප.ප.ලි. මාතෘකාව මාළු අයියගේ පෝස්ට් එකක පොඩ්ඩක් විතර කොපියක්.
මල්ලි සිරාවටම මගේ පෝස්ට් එකට වැඩිය පට්ට බං... නියමයි... මොකද්දෝ කරුමෙකට මේක වැදුනා නියමෙටම...
ReplyDeleteනියමෙට ලියලා තියනවා, ඔය වගේ දේවල් ජීවිතේදි ඇත්තටම සිද්ධ වෙනවා ..........
ReplyDeleteඅත්දැකීම් ඇතුව කියන්නෙ හරි ......
අඩේ මරු බං මේ කතාව. මෙහෙම ඒවා කියවන්න මාරම ආසයි බං. මෙහෙම කෙල්ලෙක් එක්ක ඉන්න තියෙනවා නම් ආයේ වෙන මොනවද ඕන වෙන්නේ.
ReplyDeleteඅඩේ අප්පා මෙහෙමත් සුන්දර පවුල් ජීවිතයක්,මෙහෙමත් සුන්දර බිරින්දෑවක් ඉන්නවනම්, පට්ටනේ බං....
ReplyDeleteමිනිස්සු මේවට බොලඳ කතා කිව්වට ඕන කෙනෙක් ආසයි බං මේ වගේ පවුල් කන්ට....ඒත් ගොඩක් අයට එහෙම වෙන්නේ නැති එකනේ අවුල....
නියමෙට ලියලා තියෙනවා මේක....සිරා...
සුපිරි කතාව, හිතට නම් සුපිරියටම වැදුණා. කොහොම නමුත් හස්බන්ඩා පොඩ්ඩක් වයිෆ්ගේ පැත්තෙනුත් හිතන්න ඕනේ කියන එක නම් හොඳට තේරුණා.
ReplyDeleteඅනාගතයකට වටිනා කියන පාඩමක් මේ කතාවේ තිබුණා කියන එක නම් කියන්නම් ඕනේ :))
ආදරය ගැන අනිත් උන් ලියලා තියෙනවනෙ. ඔහොම කරුණාවන්ත නර්ස්ලා ලබන්නත් වාසනා ගුණයක් තියෙන්න ඕනෙ...හික්ස්.
ReplyDeletehenryblogwalker the dude
@prasanna86k
ReplyDeleteහලේ මාළු අයියගේ පෝස්ට් එක තරම් නම් ගතියක් නෑ මේක. හැබැයි හිතට ඇල්ලුවා නම් එච්චරයි. මම හිතුවේ රහක් නැති වෙයි කියල.
@පන්සල් හංදිය
ඔව් නෙ ඉතින් අවුරුදු තිහට ඔය වගේ අත්දැකීම් නැති වෙන්න බෑ නෙ.:) වෙලාවක එහෙම සීන් එකක් ලියන්නකෝ.
@මධුරංග
අනිවා ඔහොම කෙල්ලෙක් ඉන්නවා නම් මුකුත් ඕන නෑ තමයි. හැබැයි රජෝ හොයා ගන්න පුලුවන්ද කියන එකයි අවුල.
@ගලයා
"මෙහෙමත් සුන්දර බිරින්දෑවක් ඉන්නවනම්, පට්ටනේ බං...."
අපෝ එහෙම අය නෑ කියන්න බෑ බං. ඕන තරම් ඇති. හැබැයි ඉතින් පින තියෙන්න ඕන ඒකට.:)
@Hasitha
අනිවා, එතන හස්බන්ඩ පොඩ්ඩක් ආත්මාර්ථකාමී වෙනවා. ස්තූතියි සහෝ.
@Dude
ඒකත් ඇත්ත ඔහොම අය ගොඩක් අඩුයි නේද? ඉන්න තරමක් ඉන්නේ අලි ඔලුවෙන් ඇඟට අරන් ඉන්න, මනුස්ස කමක් දන්නේ නැති නර්ස්ලානේ.
ම්ම්ම්ම්ම්ම්... මට මැවිලා පෙනුනා හැම සිද්ධියකටම අදාල රූපරාමු.ඒ තරම් අයියගෙ ලිවීම සාර්ථකයි...:)
ReplyDeleteමෙහෙම සුන්දර පවුල් ජීවිත ගෙවන්න, හමෝටම පුළුවන් නම්... හැම හස්බන්ඩ් කෙනෙක්ම තම්න්ගෙ වයිෆ් එනකම් නොක නොබී බලාගෙන ඉඳීවිද??? :O
මලයා කතාව නියමෙටම ලියලා තියෙනවා.. අනේ මටත් එහෙම කෙනෙක් ලැබෙනවනම් කියලා හිතුනා.. ඒත් අපි හැමෝම ඒ තරම් වාසනාවන්ත නෑනේ....
ReplyDelete@හිතුවක්කාරි
ReplyDeleteස්තූතියි නගෝ!
"හැම හස්බන්ඩ් කෙනෙක්ම තම්න්ගෙ වයිෆ් එනකම් නොක නොබී බලාගෙන ඉඳීවිද???"
අම්මෝ අපි නම් ඕව දන්නේ නෑ.:)
@Dinesh
ලැබේවි ලැබේවි, ආයෙත් පාරක් එහෙම කෙනෙක් ලැබේවි. මම කියනවට විස්වාස කරන්න.
hmmm
ReplyDeleteසිරා... ලස්ස්සනයි බන් හැමෝම ඔහොමනම් මේ ලොකේ....
ReplyDelete@පාර කියන තාරකාවි
ReplyDeletehmmm විතරද?
@පිස්සා පලාමල්ල
එහෙන නැති එක තමයි ඉතින් අවුල නේද.
සිරා බන්....
ReplyDeleteඋඹට මේ වගේ කතා නියමෙට ලියන්න පුලුවන්
හරිම ලස්සනයි.. ලස්සනට ලියල තියෙනවා..
ReplyDeleteසරණි ධනුකව බලන්න පරක්කු වෙලා..මන් පෝස්ටු බලන්න එන්න පරක්කු වෙලා..ගොඩක් හිතට දැනුනා...අපි හැමෝම බලපොරොත්තු වෙන්නේ මේ ජීවිතවල තියෙන ආදරේම නේද????
ReplyDeleteඅසනි ජීවිතේ පළවෙනි පාරට හෝස්පිටල් එකේ එක රැයක් ගත කරපු දවසේ...අසනිත් මග බලාගෙන හිටියේ ඔය වගේමයි...ඒත් උදේ හවා ආවේ අම්මා විතරමයි..නොයෙන බව දැනගෙනත් කෙනෙක් එනකන් මග බලන් හිටියා..
අනිත් අය තමන් ආදරය කරන අය එක්ක හුරතල් වෙද්දි අසනි කදුළු පුරෝගෙන බලන් හිටියේ... ගොඩක් හිතට දනුනා..