twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Friday, June 24, 2011

ආයෙත් පාරක් හිත රිද්දුව නේද?

හරි නම් මම දැන් දාන්න ඕන මගේ කතාවෙ ඊලඟ කොටස. මට දෙතුන් දෙනෙක් බැන්නත් එක්ක මම කතාව දානව හෙමින් වැඩියි කියල. ඒත් මම මේක ගැන කියන්න ඕන හිතුන. ආයෙත් හිත රිදුනා. ඔව්, කාලෙකට පස්සෙ ආයෙත් හිත රිදුන. මගේ කලින් පෝස්ට් කියවපු අය නම් දන්නව ඇති මම ආදරෙන් දෙතුන් පාරක්ම පරාද වුනා කියල. ඒ හැම දෙයක් ගැනම මම හිත හදාගෙන හිටියෙ. ඒත් ආයෙත් පාරක් මගේ හිත පරාද වුනා. කලින් තරම් දරුණු නැති වුනත් ආයෙත් හිත රිදුන.

අන්තිම වතාවට මම ආදරෙන් පරාද වුනේ කැම්පස් ආවට පස්සෙ. ෆේස්බුක් එකෙන් අමුතුම විදියකට අඳුන ගත්ත ඇය හා මම යාලුකමට වඩා ගොඩක් දුර ගියා. අන්තිමට ඒක කෙලවර වුනේ ආදරයකින්. ඒත් ඒ ආදරයට වැඩි ආයුශ තිබුනෙ නෑ. එයාගෙ ගෙදරින් කැමති නෑ කියල ඒ සම්බන්දෙ නවත්තමු කියල එයා කිව්ව. (ඒක ඇත්ත හේතුව නෙමෙයි කියල නම් මම දන්නව. ඒත් ඇත්ත හේතුව මම තාම දන්නෙ නෑ.) කොච්චර කරුණු කිව්වත් වැඩක් වුනේ නෑ. එයාගෙ හිත වෙනස් වුනේම නෑ. අන්තිමට මනෝ විද්‍යා උපදේශක කෙනෙක් ගාවට ගිහින් තමයි මම අමාරුවෙන් හිත හදා ගත්තෙ. මම ඒක නෙමෙයි කියන්න ගියේ. මම කියන්න යන්නෙ එතන ඉඳල වුන කතාවක්.

ඒ විදියට සම්බන්දෙ නැවැත්තුවත් එයා මට කවදාවත් ඈතට යන්න දුන්නෙම නෑ. මම මැසේජ් කරන එක නැවැත්තුවම එයා ඇහුව ඇයි යාලුවෙක් විදියට එයාට මැසේජ් එකක් වත් එවන්නෙ නැත්තෙ කියල. එයා කිව්ව හැමදාම උදේට එයා මගේ මැසේජ් එක එනකල් බලන් ඉන්නව කියල. අරමුණක් නැතුව වුනත් හැමදාම මම මැසේජ් යැව්ව. ඒ අතරෙ මම ආයෙත් දෙතුන් පාරක් එයාට තේරුම් කරල දෙන්න උත්සහ කලා, ඒත් ආයෙත් කිව්වෙ ඒ කතාවමයි. පස්සෙ මම එයා ගැන තිබුන අදහස සම්පූර්ණයෙන්ම ඇතෑරියා. ආයෙත් කවදාවත් ඕන නෑ කියල හිතුව. පස්සෙ මම එයාටත් තේරුම් කරල දීල මැසේජ් යවන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුව. මම ඊට පස්සෙ ෆේස්බුක් එකෙන් වත් කතා කලේ නෑ. ටික කාලෙකින් එයා ආයෙත් ෆේස්බුක් එකෙන් චැට් කරන්න පටන් ගත්ත. ඒකෙන් වෙන්නෙ අමාරුවෙන් මම අමතක කරපු දේවල් ආයෙත් මතක් වෙන එක වුනත්, මම එයා එක්ක කතා කලා. එයා මගේ හිත රිද්දුවත් මම කවදාවත් කැමති වුනේ නෑ එයාගෙ හිත රිද්දන්න. ඒක නිසා මම කතා කලා. එයා කිව්ව එයා ඔන්ලයින් ඉන්නව දැක්කොත් කතා නොකර යන්න එපා කියල. මාත් සමහර දවස් වලට චැට් කලා. ඒත් මම වැඩිය ඒ වැඩේ කරන්න ගියේ නෑ. එහෙම කතා කරල ආයෙත් ටික දවසක් කතා නොකර ඉඳල මැසේජ් එකක් එවනව "ඔයාට දැන් මාව මතක් වෙන්නෙවත් නෑ නේද? මැසේජ් එකක් ඒකක් එවන්න වත් මාව මතක් වෙන්නෙ නැද්ද?" ඔය වගේ කතා දෙතුන් පාරක්ම කිව්ව. ඔන්න ඔහොම ටික කාලයක් ගත වුනා.

දැන් ටික දවසක ඉඳල එයා හැමදාම චැට් කරන්න ගත්ත. ඒ කිව්වෙ, මම ඔන්ලයින් ඉන්නව දැක්කොත් අනිව කතා කරනව. එයාගෙ විස්තර, ප්‍රශ්න, හැමදෙයක්ම මාත් එක්ක කිව්ව. ඔන්න එතකොට තමයි මම අමාරුවෙන් හදා ගත්ත හිත ආයෙත් වෙනස් වෙන්න ගත්තෙ. ඊට පස්සෙ කවදාවත් මම චැට් එක පටන් ගත්තෙ නෑ, හැබැයි මම බලාගෙන හිටිය එයා චැට් කරාවි කියල. කවදාවත් ඕන නෑ කියල හිතපු කෙනා එක්ක ආයෙත් අමුතු බැඳීමක් ඇති වුනා. මම එතකොටත් එයාව ඕන නෑ කියන තීරණයෙමයි හිටියෙ. ඒත් කියන්න තෙරෙන්නෙ නැති විදියට ආයෙත් මම එයාට ලං වුනා. ඊට පස්සෙ එයා වහෙන් ඔරෝ එක එක කතා කියන්න ගත්ත. එයා මට මොකක් හරි කියන්න උත්සහ කරනව කියල තේරුනා. එයා කිව්ව, "මම ජීවිතේ තීරන ගත්තෙ කිසිම වගකීමක් නැතුව, මට දැන් ඒ දේවල් තේරෙනව. මම දැන් ඒ දේවල් ගැන ගොඩක් දුක් වෙනව. මම දැන් ගොඩක් වෙනස් වෙලා ඉන්නෙ." කියල. පහුගිය දවස් වල ඔය වගේ ගොඩක් දේවල් කිව්ව. තව ඇහුව "ඔයා ඊට පස්සෙ කාත් එක්ක හරි යාලු වුනාද?", "ඔයා ආයෙත් කාටවත් ආදරේ කරන්නෙ නැද්ද?" ඔය වගේ ගොඩක් දේවල්. මම ආයෙත් කවදාවත් එයාට ආදරේ කියල කියන්නෙ නෑ, මට කවදාවත් එයාව ආයෙත් ඕන නෑ කියල දැඩි තීරනයක් අරගෙන තිබුනෙ. ඒ නිසා ඒ කියපු කිසි දේකට මම විශේෂත්වයක් පෙන්නුවෙ නෑ. ඒ හැම දේටම මම බොහොම පරෙස්සමින් උත්තර දුන්න. හැබැයි මම එහෙම දැඩි තීරණයක හිටියට මගේ හිත නම් දවසින් දවස ඒ පැත්තටම ලං වුනා. මට ඒක පාළනය කරන්න හැකියාවක් තිබුනෙ නෑ.

ඔහොම ඉඳල ලඟදි දවසක එයා කිව්ව එයාට මාව මුනගැහෙන්න ඕන කියල. මට විකාර වෙලා ගියා. ඒත් මම වෙනසක් පෙන්නුවෙ නෑ. මම කිව්ව එන්නම් කියල. කොහොමත් මට එයාට බෑ කියන්නත් බෑ, අනිත් එක මටත් එයාව මුණගැහෙන්න ආස හිතුන. මොකද කියන්න නම් දන්නෙ නෑ. ඊට පස්සෙ එයා මගෙන් අහුව "ඔයාට ආයෙත් මගෙත් එක්ක කතා කරන්න දෙයක් ඇත්තෙම නැද්ද?" කියල. මම කිව්ව ඉතින් අපි කොහොමත් හැමදාම කතා කරනවනේ කියල. මට හොඳටම පැහැදිලි වුනා එයා මට මොකක්ද කියන්න හදන්නෙ කියල. හැමදාම වගේ එයාට ඒ වෙලාවෙත් ඕන වුනේ ආයෙත් ඒක මට කියල කියව ගන්න. මම කිව්ව ඔයාට කතා කරන්න ඕන නම් කියන්න, මම එන්නම් කියල. කොහොම හරි ඉරිද එනව කියල වැඩේ ස්ථීර කරගත්ත. මට එයා එක්ක ආයෙත් කතා කරන්න දෙයක් තිබුනෙ නෑ. ඒත් මටත් ආස හිතුන ආයෙත් එයාව මුණගැහෙන්න. මගේ යටි හිතේ ලොකු ආසාවක් ඇතිවුනා ඒ ගැන. මම උත්සහ කලේ ඒ ගැන වැඩිය හිතන්නෙ නැතුව, ගිහින් කියන දෙයක් අහගෙන ඉඳල එනව කියල. ඒත් ඉතින් මගේ හිත නම් ගොඩක් දුර ගියා. මට නොතේරුනත් මම එයාව මුණගැහෙන්න ආසාවෙන් බලන් හිටිය. අනේ ඉතින් ඔක්කොම කරල ඔන්න ඊයෙ හවස මැසේජ් එකක් ආව "ඉරිදට එන්න වෙන්නෙ නෑ, සොරි" කියල. කාට කියන්නද ඉතින්. 

බුද්ධියෙන් හිතල බැලුවොත් මට දුක් වෙන්න කිසිම හේතුවක් නෑ. මොකද එයාමයි කිව්වෙ මාව මුණගැහෙන්න ඕන කියල. මට නෙමෙයි නෙ උවමනාව තිබ්බෙ. ඒ හැම දෙයක්ම එහෙම වෙලත් ඇයි ආයෙත් මගේ හිත රිදුනෙ? මම මොකටද දුක් වෙන්නෙ? මට එයාට කියන්න දෙයක් තිබුනෙ නෑ නෙ. ඔය කිසි දෙයක් මගේ හිත තේරුම් ගන්නෙ නෑ නෙ. මගේ හිත දන්නෙ එකම දෙයයි ඒ ආයෙත් එයාව මුණගැහෙන්න ආසාවෙන් හිටිය කියන එක විතරයි. කොහොම හරි මම ආයෙත් පාරක් පරාද වුනා. මගේ හිත ආයෙත් පාරක් රිදුන. මේක කියවන කෙනෙක්ට හිතෙයි මූට පිස්සු කියල කියල. මට ආයෙත් එයාව ඕන නැත්තන් මම මොකටද දුක් වෙන්නෙ කියල හිතේවි. ඒක තමයි මටත් තේරෙන්නෙ නැත්තෙ. මට මම ගැන දුකයි, ඊට වැඩිය මට මාත් එක්ක තරහයි. වැඩකට නැති දේවල් වලට තේරුමක් නැතුව දුක් වෙනව. හැමදාමත් එහෙමයි.

සමහරවිට එයා එන්න බෑ කියන්න ඇත්තෙ ඇත්තටම මොකක් හරි හේතුවක් නිසා වෙන්න ඇති. සමහරවිට ආයෙත් දවසක එන්න කියාවි. මට නම් දැන් විකාරයි. ආයෙත් එන්න කිව්වත් යන්න ඕන නෑ කියල මම හිතාගෙන ඉන්නෙ. ඒත් මගේ හිත නම් එහෙම නෙමෙයි. මේක විකාරයක් වගේ වෙන්න ඇති. කියවපු අය තරහ ගන්න එපා, හිතේ දිකට ලිව්වෙ.   

....................................................................................................................................................................
ප.ලි.  මේක ලියන අතරෙත් එයා චැට් කලා. මුකුත් වුනේ නෑ වගේ කතා කලා. එන්න වෙන්නෙ නෑ කියල කිව්වෙ මොකද කියලවත් කිව්වෙ නෑ. මම ඇහුවෙත් නෑ. ඔයා කතා කරනකල් මම ඔයා එක්ක කතා කරනව. තව දෙයක්, ඔයා හැමදාම එකක් හිතේ තියාගෙන වෙන දෙයක් නෙ කියන්නෙ. ඔයාට ඕන ආයෙත් පාරක් ඒක මට කියලම කියව ගන්න. ඔයාට කැමති තරම් මගේ හිත රිද්දන්න. ඒත් මම කවදාවත් ඔයාගෙ හිත රිද්දන්නෙ නෑ. හැබැයි මම කවදාවත් ආයෙත් ඔයාට ආදරෙයි කියල කියාවි කියල නම් බලාපොරොත්තු වෙන්න එපා.

30 comments:

  1. හිතාගන්න බෑ මොනවා ලියන්නද කියලා.. අනිත් දේවල් කොහොම උනත් ආදරේදි අපි කොච්චර හිතුවත් හිත දැඩි කරගෙන ඉන්න අපිට එහෙම කරන්න අමාරුයි.. ඒත් මේකෙන් වෙන්නේ මල්ලිගේ හිත තව තවත් රිදෙන එක..

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. කෙල්ල උබව රූකඩ නැටුමකටවත් ගන්න හදනවද මන්දා පරිස්සමෙන් හිටු...

    ReplyDelete
  4. ඔය කෙල්ලත් එක්ක ආපහු සමිබන්දයක් පටන්ගන්නෙ නෑ කියල ස්තිරේටම තීරණයක් අරන් තියෙනව නම් වහාම සියළු සම්බන්ද කම් නවත්තපන්... චැටින්, එස් එම් එස්, කෝල්ස් ඔක්කොම... ටිකක් දරුණුයි තමයි.... ඒ වුනත් ඒක තමයි හොඳම විදිහ...

    ReplyDelete
  5. අනේ අයියා මටත් හිතෙන්නෙ සාතන් අයියා කියපු දේ හොඳය් කියලා.එයා බලාපොරොත්තු වෙන්නෙ ඔයා එයා ගාව වැටීගෙන ආදරේ කරන්න කියලා ඉල්ලයි කියලා වගෙ.පරිස්සමීන් වැඩ කරන්න අයියා,අමාරු උනත් හිතට වහල් නොවී ඉන්න බලන්න.නැත්තම් ඔයාට ගොඩාක් දුක් වෙන්න වේවි කියලා හිතෙනව.

    ReplyDelete
  6. ඔක නිකන් හොඳවේගෙන එන තුවාලයක් ආයි ආයි පාරනවා වගේ වැඩක් නෙමෙයිද?

    ReplyDelete
  7. හිත රිදෙන්න හේතුවක් නෑ කියලා කියන්න බෑ කසුනෝ. ඒක තමා ආදරේ හැටි. අපි කොච්චර අමතක කරලා ඉන්න උත්සහ කලත් ආයෙම එයා පොඩි හිනාවක් දැම්මත් ඇති. නිමිලා තියෙන හිත ආයේම ඇවිලිලා එනවා. ඇත්තටම ඇවිලෙනවා නෙමෙයි යාන්තමට දුමක් නගිනවා විතරයි. ඇවිලෙනවා නම් ඒකත් එකක්. එතකොට ඉක්මනින්ම නිමිලා යනවා. මේක ඊට වඩා දුකක්.

    උබ වගේම තමා මටත්. මාත් ඒ අතීතය වලලලා තියෙන්නේ. නමුත් කාලෙන් කාලෙට ඒ අතීතය මතක් වෙලා හිත රිද්දා ගන්නවා. අනේ මන්දා අපට මෙහෙම වෙන්නේ මොකද කියලා මට නම් තේරෙන්නේ නෑ.

    වෙනදා වගේ උබ ලියලා තියෙන රටාව ලස්සනයි කියලා කියන්න බෑ. මොකද දුකක් ලියලා තියෙනකොට ඒක කියවලා අන්තිමේ ලස්සනයි කියලා මගේ හිත සතුටු කරගන්න තරම් ගුණමකුවෙක් නෙමේ බං.

    උබට මොකක් හරි ලැබීමක් තියෙනවනම් එයා ලැබෙයි. සාමාන්‍ය විදිහට ඉමු. එතකොට එල නේ. ඕවා ගනන් ගන්න එපා බං. !!!!

    ReplyDelete
  8. එයා එන්න කිවුවොත් ඔයා අනිවාර්යෙන්ම අයෙත් යනවා අයියා,ඒ තමා හැටි..ඔයාට පිස්සු නෑ..
    ඔය තමා ඔය වගේ තත්වෙක ඉන්න කෙනෙක් හැසිරෙන ඇත්ත ස්වභාවය..
    plz..එයා කවුරු වුනත්..මේ කතාවට ලස්සන නිමාවක් දෙන්න.. :(.. එකක් කියන්නම් අයියා,girlsලා ඔහොම තමයි... සමහරවිට ඔයාගෙ ආදරේ පිළිනොගන්න සධාරණ හේතුවක් එයාට තියෙන්න ඇති,ඒ වගේම තාමත් එයා දන්නවා ඔයාට ලංවෙන්න බෑ කියලා..
    ඒත් එයා ඔයාට කැමති.. එච්චරයි...
    දැන් නම්... ඔයා හැසිරෙන්නේ ගොඩාක් ආඩම්බරකාරයෙක් වගේ.. ඒ විදිහ හොඳයි..

    ReplyDelete
  9. @Dinesh
    ඔව් අයියෙ හැමදාම වුනේ ඒක. ඒක වැඩියත් මගේ මෝඩ කම. පොඩි දේකින් වුනත් ගොඩක් දුර හිතින් යනව.

    @කිඩෝ
    මට එහෙමත් හිතිල තියවන බං. අනේ මන්ද.

    @සාතන්
    එහෙම කරන්න හිතෙන්නෙ නෑ බං අයියෙ. කතා කාලාම කතා නොකර ඉන්න හිතෙන්නෙ නෑ. ඒක මගේ මෝඩකම් වෙන්න ඇති. උඹේ වගේ නෙමෙයි බං, මගේ ALU එකට කිසි තැනක් නෑ. ඒකට තීරණ ගන්න බෑ.

    @කඩේ හාමිනේ
    ආයෙ නම් එහෙම දෙයක් වෙන්නෙ නෑ නංගියෝ. මම මගේ පැත්තෙන් කරන්න පුලුවන් හැම දේම කලා. ආයෙත් කවමදාවත් මම නම් එයාට ආදරෙයි කියන්නෙ නෑ. ඒත් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න අමාරුයි.

    @ශ්‍රී
    ඒ වගේ වැඩක් නම් තමයි සහෝදරය. ඒත් මට ඒකෙන් මිදෙන්න අමාරුයි.

    ReplyDelete
  10. @මධුරංග
    උඹේ කතාව නම් සීයට සීයක්ම ඇත්ත මධුරංගයෝ. ඒකෙ ආයෙත් වචනයක් වත් හදන්න දෙයක් නෑ. උඹ කිව්ව වගේ පොඩි දුමක් විතරයි නැග්ගෙ. ඒත් ඒකත් ඇති හිත රිදෙන්න. හැඟීම් දැනීම් නැති වෙන්න මොකක් හරි කරගන්න පුලුවන් නම් හරි. එතකොටවත් ආයෙත් හිත රිදෙන එකක් නෑ.

    මම නිකන් විකාරෙන් වගේ කෙටුවෙ බං. හිතට එන එන ඒව ලිව්ව. ලියපුව නම් මේ ලෝකෙ රහක් නැතුව ඇති. මට ඕන වුනේ හිතේ තියන ටික කාටහරි කියල ඉවරයක්
    කරල දාන්න.

    @ප්‍රාර්ථනා
    කෙල්ලො එහෙම තමයි කියල නම් අහල තියනව නංගියෝ. ඒත් ඕනම දේක සීමාවක් තියෙන්න ඕන නේද? ඔයා කියන විදියට ලං වෙන්න බෑ කියල හොඳාකාරවම දන්නව නම් බොරුවට හෝප්ස් දෙන එක හරි වැරදියි නේද? එහෙම වුනාම වෙන්නෙ අමාරුවෙන් හදා ගත්ත හිත ආයෙත් කැඩෙන එක නෙ. එයා තාමත් අපේ සම්බන්දෙ නවත්තපු ඇත්ත හේතුව නම් කිව්වෙ නෑ.

    මම ආඩම්බරකාරයෙක් නෙමෙයි නංගි. මම කරන්න ඕන උපරිමය කලා. ආයෙත් මම ඒ වෙනුවෙන් මුකුත් කරන්නෙ නෑ කියල දැඩි තීරණයක ඉන්නව, එච්චරයි. එහෙම නොවුනොත් වෙන්නෙ තවත් වැඩිපුර හිත රිදෙන එක.

    ReplyDelete
  11. @ප්‍රාර්ථනා
    තව දෙයක් නංගියෝ, ඔයා මෙතනදි පොඩ්ඩක් කෙල්ලන්ගෙ පැත්තෙන් බලල ඒක සාධාරනීකරණය කරන්න හදල තියනව. ඒත් ඒක කොහොම කිව්වත් වැරදියි නේද? හිතේ එකක් තියාගෙන වෙන දෙයක් කියන එක මම නම් කියන්නෙ ලොකුම වැරද්දක්. ආදරේ කරද්දි ගොඩක් වෙලාවට ප්‍රශ්න ඇතිවෙනව කෙල්ලෙන්ගෙ මේ පුරුද්ද නිසා. මම හරි නේද?

    ReplyDelete
  12. උඹ ඔය කිව්වට ආදරෙයි කියයි. ඒත් පුළුවන්නම් ඒක නොකියම හිටපං. ගෑණූන්ට අපේ දුර්වල තැන් තේරුම් ගන්න දෙන්න එපා. එතකොට තමා උං අපේ ඔලුවට අතහෝදන්න එන්නේ...

    ReplyDelete
  13. අඩෝ ලොක්කා,
    උබට මට කියන්න තියෙන්නේ මම ඇන ගත්ත වෙලාවේ උබ මට කියපුවම තමයි.
    යකෝ උබම නේද ඒවෙලාවේ මගේ FB ACCOUNT එකෙන් එයාව අයින් කරල දැම්මේ
    යකො ඒකතමා කරන්න තියන හොදම දේ.
    අයින් කරල දාපන් ඕකිව. කවදා වත් අයි කත කරන්න එපා.
    ඔය කෙල්ලා උබව කනව. උබට කිවට තෙරෙන්නේ නැ නේ.
    අපිට ඕනවෙලවට ලගනැති උන් කවදා වත එපා.

    ReplyDelete
  14. කෙල්ලොන්ට පුලුවන් කොල්ලෙක්ව ඕන විදිහට නටවන්න . ඒක උං උපතින්ම ගේන හැකියාවක් මචෝ . කොයි ගල් හිතත් කොයිම හරි කෙල්ලෙකුගේ ලඟදී උනු වෙනවා .

    මමනම් ඉතින් ඇනගත්තා .

    උඹට දෙයියංගෙම පිහිටයි

    ReplyDelete
  15. @prasanna86k
    ඒක නම් කවමදාවත් වෙන්නෙ නෑ මාලු අයියෙ. මැරුවට ආයෙත් නම් මම එහෙම දෙයක් කියන්නෙ නෑ.

    @mahima
    ඒත් බං ඒ සිද්දි දෙක වෙනස් නේද? ඒ වෙලාවෙ අපිට හොඳටම ශුවර් වුනා නෙ ඒකි කරන්නෙ බොරුවක් කියල. මෙතන මට මුකුත් හිතා ගන්න බැරුව ඉන්නෙ බං.

    @හිස් අහස
    ඒක නම් සම්පූර්ණ ඇත්ත සඳරුවෝ. මම උපරිම උත්සාහ කරනව එහෙම නොවී ඉන්න.

    ReplyDelete
  16. Machan please use your brain. Continuing like this will NOT take you anywhere. Don't let a girl use you. You're not a toy for someone to play with. Be firm.

    Stop all contacts with this girl machan. I know, it will be very hard for the first few weeks or maybe months. But it will be for your own good.

    You deserve a better person than this for your life bro. Good luck.

    ReplyDelete
  17. @Ano
    You are correct friend, I should not let anyone to use me. But the thing is, I don't think she is trying to do that. I just can't understand what is going on. But if I got to know that she is trying to use me, she is out at the same moment.

    ReplyDelete
  18. ane me booruwek wenna hadanna epa. ai wihin tamunge jewite nasti karaganna hadanne. eyage hema matakenma ath wenna. muladi amaru unat eka oyata karanna puluwan.ohoma digatama giyot oya ayet walaka wetenawa...

    ReplyDelete
  19. මටත් හිතෙන්නෙ මේ කතාවෙදි අර සාතන් කියපු කතාව හරි. එයා ආයෙත් ඔහොම කරනවනං ඔයා කරන්න තියෙන්නෙ එයාගෙන් ඈත් වෙන එක. හැම විදියකින්ම.

    ReplyDelete
  20. මචෝමමත් ඔය වගේම ආදරයෙන් බැට කාපු නස්තාර් උන ඩයල් එකක්.මචෝ කුණු කුණුම තමයි.ඔය මහ ජරා ජාතියක්.අම්මා කියන උතුම් කෙනා ඇරෙන්න ජාතියම මහ ජරායි බං... යකෝ ගිය ***ලව මොන ප යන්නකටඩ අයේ කරේ ගහ ගන්නේ.අතම ඇරලා දාපන් බං මෝඩයෙක් නොවී....

    ReplyDelete
  21. @2nd Ano
    ඒක හිතන තරම් ලේසි නෑ යාලුවා. ඒත් මම එහෙම කරන්න උත්සහ කරන්න ඕන.

    @හිම කුමාරි
    ඔව්, හැමෝම වගේ කියල තියෙන්නෙ ඒක තමයි. ඒක ගොඩක් අමාරුයි. ඒත් මම උත්සහ කරන්න ඕන. මට හිතාගන්න බැරි එයා එහෙම කරන්නෙ උවමනාවෙන්ද කියල.

    @අපරාජිතයා
    උඹ කියන විදියෙ ගොඩක් කෙල්ලො ඉන්නව බං. ඒත් මචන් හැමෝම එහෙම නෑ නේද? මට තේරුම් ගන්න බැරි මෙයාත් එහෙම කෙනෙක්ද කියන එක. මට නම් හිතෙන්නෙ එහෙම නෙමෙයි කියල. ඒ ඉතින් කාලයක් ආදරේ කරපු නිසා එයාගෙ වැරදි පේන්න බැරි වෙන්න මම අන්ධ වෙලා නිසාද දන්නෙ නෑ.

    ReplyDelete
  22. @කසුන් අයියා : ඔයා කියන හැමදේම 100%ක්ම හරි අයියා.. මම ඒ girlව සාධාරණිකරණය කරන්න ගියා නෙවේ..ඔය වගේ සිද්ධියක ඇත්ත තත්වෙයි කිවුවේ.. ඔය ඇත්ත තත්වේ නෙවේනම්(හිතේ චංචල බව).. එයා ඔයාට බොරුවට hopes දෙන්න හදන බව දැන දැනත් අයියා එයාත් එක්ක contacts තියාගන්නේ නෑ... මොකද කෙනෙක් අමතක කරන්න තියෙන හොඳම් විදිහ තමයි ඒ..
    ඔයා එහෙම කරන්න බෑ කියලා නොයෙක් හේතු ඉදිරිපත් කරයි.. හරියට මම කරුණු කීපයක් දැක්කුවා වගේ..
    අන්න ඒකයි මම කිවුවේ අයියේ,වෙන දෙයක් නෙවේ...
    හැබැයි නංගි කෙනෙක් වශයෙන් මගේම අයියට කියනවා නම් මම කියන්නෙත් "එයාව account එකෙන් අයින් කරන්න " කියලා තමයි අයියා...
    කොහොම වුණත් ඔයාට සතුට අරං එන දෙයක් සිද්ධ වෙන්න!.එච්චරයි..

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. @ප්‍රාර්ථනා
    ගොඩක් අය කිව්වෙ ඒ දේ තමයි. බලමු, අන්තිම විසඳුම විදියට ඒකත් කරන්න වේවි. අදහස් වලට ස්තූතියි නංගියෝ.

    ReplyDelete
  25. මට වගේ ඕක උනා නම් මෙලහකට කෙල්ලට පයින් ගහල එලවලා...:ඪ් :ඪ්
    ඒ උනත් ඉතින් අයියා ඒ කෙල්ලට හදවතින්ම ආදරේ කරල තියෙනව වගේ...එහෙම උනාම ඇත්තටම මම මුලදි කිව්ව විදියට කරන්න බෑ.....
    කොහොම උනත් මම නම් කියන්නෙ ඕක අමතක කරල දානවනම් හොඳයි..නැත්තම් ඔයාගෙ හිත තමයි තව තවත් රිදෙන්නෙ...
    අය්යට ගැලපෙන ලස්සන අහින්සක කෙනෙක් ගැන හිතන්න..එතකොට අරයව අමතක කරන්න ලේසි වේවි..
    :))

    ReplyDelete
  26. @ආගන්තුකයා
    ඔව් බං, ඇත්තටම ආදරේ කරපු කෙනෙකුට එහෙම කරන්න බෑ බං. මම කොහොමත් ආයෙත් එයාව බලාපොරොත්තු වෙන්න නෑ. වෙන දෙයක් වෙච්චදෙන් කියල ඉන්නව.

    ReplyDelete
  27. මම කෙල්ලෙක් එත් කෙල්ලගෙ පැත්තෙන් හිතුවොත් හෙතුව දන්නෙ නැති නිසා එයා ඔයාව මග හැරපු හෙතුවනම් කියන්න අමරුයි.. ඔයාගෙ පැත්තෙන් ඔයා ට එ girl වැරැද්දක් කරෙ කියල හිතෙනව මට, එත් මම වැරදි වෙන්න පුලුවන්, කෙල්ලො ආදරෙදිද ගොඩාක් බොලදයි, එ වගෙමයි ගොඩාක් ආසයි තමන්ට කෙනෙක් ආදරේ කියල ගොඩාක් කියනවනම්, මෙ තත්වෙඩදි ඔයා තවත් ඔයාගෙ හිත රිද්දගන්න එකයි වෙන්නෙ, අමරුවෙන් උනත් තෙරුම් ගන්න උත්සහ කරන්න.. එයා නැවත ඔයාගෙන් ආදරෙ ඉල්ලනව ඇතී, එත් එයාගෙ හිතෙ විශ්වාසයක් නැහැ,, ආදරෙදී විශ්වාසය තමයි ගොඩාක් වැදගත්,, මට දැනෙන විදියට තමයි ඔන්න මම කියුවෙ...!!

    ReplyDelete
  28. මේකයි කසුන් ලොක්කා මමනම් කියන්නේ, මේ ලෝකේ වටහා ගන්න අමාරැ, ඒත් අමාරැවේන් වටහා ගතයුතු ජීවීන් කොටසක් විදියටයි මම නම් කාන්තා පාර්ශවය දකින්නේ. මම එහෙම කියන්නේ, මගේ මේ ජීවන අත්දැකීම් වලින්ම පමනක් නෙමේයි. කොහොම උනත් මේතනදි ඔයා ක්‍රයා කරල තියෙන විදිය හරි කියලයි මටනම් හිතෙන්නේ, මට නම් එච්චරම ඔය සම්බන්ද අත්දැකීම් නෑ...., ඒත් මමනම් ඔයවගේ අර්බුදයකදී, ඔයා ගත්තා වගේ තිරණයක් ගනීද, කියල හිතාගන්න අමාරයි. දැන්නම් ඔයා මැරි කරලා කියලා මම ඔයාගෙම පෝස්ට් එකකින් දැක්කා. හැබැයි එහෙම වටහා ගන්න අමාරැඋනා කියලා, අපේ ජීවිත වලින් එයාලව අයින් කරන්නත් අපිට බැහැ නේද...? මොකද මගේ අම්මත් කාන්තාවක්. ඉතිං මම නම් මේ ප්‍රශ්නෙදි අසරණයි...!

    ReplyDelete
  29. අපෝ බන් මෙතන වෙලා තියෙන්නෙ උඹ මනෝ වෛද්‍යවරයගෙ අදහස් හරකා වගේ ඔලුව වනල පිලිගත්තට ක්‍රියවට නංවල නෑ .
    (ඒම කියන්නේ ,උඹ අමාරුවෙන් හිත හදාගත්ත නම් උඹ කවදාවත් කතා කරන්න යන්නෙ නෑ .මටත් ඔය වගේ සිද්ධියකට සමාන ආසන්න ගෑල්ලමෙක් ඉන්නව .දැනට කතා කිරිල්ල නවත්තල මාස 11 විතර .මගේ හිතටත් හිතෙනව එයා ආයෙ කතා කරයි කියල .ඒ වුනාට මාත් මාර කට්ටක් කාල හිත හදාගත්තෙ .ඒක නිසා මගේ බල්ලවත් ආයෙ යන්නෙ නෑ ඒකිට කතා කරන්න .උඹ තව පාරක් ඩොකා හම්බෙයන් පුතෝ .උපදේශනේ වෙලා මදි වගේ )

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.