twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Wednesday, June 29, 2011

දෑස පියාගෙන කිමද (අවසාන කොටස)


...................................................................................................................................................................
මම අමාරුවෙන් දෑස් විවර කරගත්තෙමි. මා සිටින්නේ රෝහලේය, මා දැක ඇත්තේ සිහිනයකි. මට හීල්ලුනි. එහෙත්..... අරුමයකි, හීනෙන් මා විඳි සුවය මා තවමත් විඳිමි. මම සැබවින්ම ඒ සුවය විඳිමි. මගේ කෙස් අතරින් දිවෙන ඒ අතැඟිලි මම හොඳින් හඳුනමි. මම වහා හිස ඔසවා බැලුවෙමි. ඒ ඇයයි. මගේ හිස අතගාමින්, වෙනදා මෙන් ආදර බර බැලමකින් මා දෙස බලා සිටින්නේ මගේ ආදරණීය බිරිඳයි.

"මැණික!"

මම කෑගසාගෙන නැගිට්ටේ පුටුවත් පෙරලාගෙනය. ඇය අමාරුවෙන් සිනාසුනාය.

"කොයි වෙලාවෙද සිහිය ආවෙ?" මම ඇගේ මුහුණ දෑතින්ම අල්ලා ගත්තෙමි.

"දැන් විනාඩි 30ක් විතර වෙනව ඇති පැටිය."

වචන වලට පෙරලා ගත නොහැකි හැඟිම් ගොන්නක් මා සිතේ තෙරපෙන්නට විය. කුමක් කියන්නදැයි මටම නොවැටහේ. මට ඇය හා කතා කිරීමට අවශ්‍ය වුවත් කටින් හඬ පිට වුනේම නැත. මා වචන වලින් නොකීවත් මගේ හැගීම් ඈ තේරුම් ගන්නට ඇත. හැමදාමත් මෙන් මා සිටින තත්ත්වය තේරුම් ගත් ඇය, අනුකම්පා සහගත ලෙස මා දෙස බලාසිටියාය. වචන වෙනුවට වැල නොකැඩී කඳුලු කැට කඩා හැලෙන්නට විය. ඒ නම් සතුටු කඳුලු විය යුතුමය. ලොකු දුව ඉපදුන දිනයේවත් මා මෙතරම් සතුටක් නොලැබූ බව මට හොඳටම විශ්වාසය. මගේ කඳුලු පිසින්නට ඇය උත්සාහ කලද අත එතරම් එසවීමට තවම ඇයට ශක්තියක් නැත. මම දෑතින්ම ඇගේ අත අල්ලා ගත්තෙමි.

"ඉතින් ඇයි මට කතා කලේ නැත්තෙ?" මම කඳුලු අතරින් වචන ගැටගසා ගත්තෙමි.

"මගේ අත උඩ ඔයා නිදාගෙන ඉන්න හැටි දැකල මට ඇහැරවන්න ලෝබ හිතුන."

"ඔයා හරි ලමයෙක් නෙ. ඉන්න මම ටක් ගාල ඩොකටර්ව එක්කගෙන එන්නම්."

"අනේ පැටියො චුට්ටක් මගේ ලඟට වෙලා ඉන්නකෝ. ඩොකටර්ට පස්සෙ කතා කරමු."

" එහෙම බෑ නෙ වස්තුවේ, මොනව හරි ට්‍රීට්මන්ට් කරන්න තියනවද දන්නෙ නෑ නෙ. ඉන්න මම ටක් ගාල එන්නම්."

මම හඬමින්ම වෛද්‍යවරිය සොයා දිව ගියෙමි.

අධික දුකට මෙන්ම අධික සතුටටද මිනිසුන්ගේ මනස විකල් වන්නේය. මම වෛද්‍යවරියගේ කාමරය පසු කර සෑහෙන දුරක් දුවා තිබුනි. මම නැවතත් හැරී අසිහියෙන් මෙන් දුවන්නට විය. මම වෛද්‍යවරියගේ කාමරයට දුවන අතරමගදී හමුවූ හෙදියන් කීපදෙනක්ම වික්ශිප්තව මා දෙස බලාසිටියෝය. මාගේ දිවීමත්, දෑසේ කඳුලුත් ඔවුන්ට පවසන්නට ඇත්තේ වෙන කතාවකි. ඔවුන්ට සියල්ල පහදා දීමට අවැසි වුවත් දැන් වෙලාවක් නැත. මා නැවතුනේ වෛද්‍යවරියගේ කාමරයේ දොර අසලය. හොඳටම හති වැටී සිටි නිසා කතා කරගැනීමට අපහසු විය.

ඇය මා දුටු විගස මා අසලට දිව ආවාය.

"ඇයි මිස්ටර් ගුණවර්ධන, මොකද මේ හති දාන්නෙ?" ඇය ඇසුවේ සැකයෙන් මෙනි.

"ඩොක්ටර්..."

"කියන්න මිස්ටර් ගුණවර්ධන. මොකද වුනේ?"

"මම.... මම කිව්ව නේද ඩොක්ටර්... එයා.. එයාට මුකුත් වෙන්නෙ නෑ... කියල."

"එයාට සිහිය ආවද?"

මම ජයග්‍රාහි සිනහවකින් හිස සලා ඇයට පිලිතුරු දුන්නෙමි.

"ඔය ඇත්තමද? කොච්චර හොඳද. ආහ්, යමු බලන්න. එයාව චෙක් කරන්න ඕන."

වෛද්‍යවරිය හා මම කාමරයට එන විට හෙදියන් කීප දෙනෙක්ම බිරිඳගේ ඇඳ අසල සිටියෝය.

"ආහ්, ඩොක්ටර් ආවද?"

වෛද්‍යවරිය කෙලින්ම ගියේ ඇයව සම්බන්ද කර තිබූ පරිගණකය වෙතයි.

"මිස්ටර් ගුණවර්ධන දුවපු විදියට අපි බය වුනා. ඇපි හිතුවෙ මොකක් හරි කරදරයක් වෙලා කියල."

"මට හිතුන."

ඉන්පසු වෛද්‍යවරිය බිරිඳව පරීක්ෂා කලාය.

"හ්ම්ම්, ඔයගෙ වයිෆ්ට දැන් කිසි ප්‍රශ්නයක් නෑ. මේ, එයාගෙ මොලෙන් දැන් සාමාන්‍ය විදියට සිග්නල් යනව. ඒ කියන්නෙ එයාගෙ මොලේ දැන් ආයෙත් සම්පූර්නයෙන්ම ක්‍රියාත්මක වෙලා"

ඇය පරිගණක තිරයේ යම් ප්‍රස්ථාරයක් පෙන්වමින් පැවසුවාය. වෛද්‍යවරියගේ එම වචන පිපාසයෙන් මැරෙන්න යන මිනිසෙකුට ලද දිය පොදක් වන් විය. මගේ හිතට දැනුන සැනසීම, සැහැල්ලුව වචන වලින් නම් කෙලෙසක වත් විස්තර කල නොහැකිය. මම බිත්තිය අල්ලගෙන එතැනම වාඩි විය. මගේ දෑස් පියවුනේය. මම දීර්ඝ හුස්මක් හෙලුවෙමි. මා සිටින තැන ගැන හැඟීමක් මට නොවීය. මා නැවතත් දෑස් අරින විට දුටුවේ සියල්ලෝම මා දෙස බලා සිටින ආකාරයයි.

"ඇයි ඔතනට වෙලා? මෙතනට එන්නකො." වෑහෙන කඳුලු අතරින් මගේ බිරිඳ පැවසුවාය.

මගේ හිතට දැනුන සැහැල්ලුව, සැනසීම කොතරම් දැයි මට ඇයට කියන්නට ඇත්නම් යයි මට සිතුණි. මාව සැමවිටම තේරුම් ගන්නා ඇය එය තේරුම් ගන්නට ඇත. මම පුටුව ගෙන ඇගේ හිස අසලින් වාඩි විය. හෙදියන් දෙදෙනෙක් කොට්ට දෙකක් තබා ඇයව ඇඳවිට්ටමට හේත්තු කලෝය.

"හරි, කට්ටිය දැන් යමු. මිස්ටර් ගුණවර්ධනට කතා කරන්න ගොඩක් දේවල් ඇතිනෙ. මෙච්චර දවස් තනියම නෙ කතා කලේ, දැන් දෙන්න එක්ක කතා කරන්න පුලුවන් නෙ."

මගේ බිරිඳ ක්ෂණිකව මා දෙස බැලුවාය. මම යන්තමට සිනාසුනෙමි. වෛද්‍යවරියත් හෙදියනුත් යන්නට ගියෝය. ඈත් මාත් තනිවිය. මම ඇගේ අත අල්ලා ගත්තෙමි. අතනොහැරෙන්නට තදින්ම අල්ලා ගත්තෙමි. ඇය මා යමක් කියන තෙක් බලා සිටියාය. එහෙත් කිසිත් කීමට වඩා ඇගේ ලඟට වී ඇය දෙස බලාසිටීමට මට සිත් විය.
 

"මම සිහිය නැතුව ඉන්නකොට ඔයා මොනවද මට කිව්වෙ?"

මම දීර්ඝ හුස්මක් හෙලුවෙමි.

"කොච්චර නම් දේවල් කිව්වද? ඔයා ඒව ගානකට වත් ගත්තෙ නෑ නෙ."

ඇය අමාරුවෙන් අත ඔසවාගෙන මගේ හිස අතගාන්නට විය.

"ඔයාට ගොඩක් දුක හිතුනද පැටිය?"

මෙතෙක් වේලා වියලී තිබුණු දෑස් නැවතත් තෙත් වන්නට විය. ඇයගේ ප්‍රශනයට පිළිතුරු දීමට මම උත්සහ නොගත්තෙමි. ඒ එය වචන වලින් කියා නිම කල නොහැකි නිසාය. මෙතෙක් කල් ඇය දෑස පියාගෙන සිටින විට දහසක් දේ කිව්වත්, ඈ මා දිහා බලාගෙන සිටින මේ මොහොතේ මම ගොලු වී සිටිමි. මම ඇගේ උකුලෙන් හිස තබා ගෙන අත් දෙක ඇගේ ඉන වටා දමා ඇයව බදා ගත්තෙමි. මට මහ හඬින් ඇඬෙන්නට විය.

"අනේ ඇයි මේ අඬන්නෙ? අනේ පැටිය අඬන්න එපා, දැන් ඉතින් මම ඉන්නවනෙ."

"අද මාව නවත්තන්න හදන්න එපා. මට ඇති වෙනකල් අඬන්න දෙන්න. ඔයා දන්නෙ නෑ පහුගිය කාලෙ මම ජීවත් වුනේ කොහොමද කියල."

"මම දන්නව. මට ඒ හැම දෙයක්ම ඔයාගෙ මූන බැලුවම තේරෙනව. ඔයා මට කොච්චර ආදරේද, මම නැතුව කොච්චර දුක් වුනාද කියල ඔය මූනෙන් පේනව මහත්තයෝ."

"ආයෙ කවදාවත් ඔහොම කරන්න එපා. ඔයා දන්නෙ නෑ මම කොච්චර බය වුනාද කියල. වැරදිලාවත් ඔයාට මොනව හරි වුනා නම් ඉතින්....! ඔයා දන්නවනෙ මට ඔයා නැතුව ඉන්න බෑ කියල."

"නෑ, මට මුකුත් වෙන්නෙ නෑ. ආයෙත් කවදාවත් පොඩ්ඩකට වත් තනි කරන්නෙ නෑ."

මම තව තවත් හඬන්නට වීමි.

"අනේ දැන් ඉතින් අඬන්න එපා පැටිය. මටත් දුකයි නෙ ඔයා ඔහොම අඬනකොට."

"ඩොක්ටත් කිව්ව ඔයාගෙ ජීවිතේ ගැන වැඩි විශ්වාසයක් තියන්න බෑ කියල. මම කිව්ව ඩොක්ටර්ට ඒක කොහොමවත් වෙන්න බෑ, ඔයාට කවදාවත් මාව දාල යන්න බෑ කියල."

"ඒකනෙ, ඔයාව දාල මම කොහේ යන්නද?"

"පොරොන්දු වෙන්න කවදාවත් මාව දාල යන්නෙ නෑ කියල."

"කවදාවත් නෑ, මම හැමදාම මගේ මහත්තයගෙ ලඟටම වෙලා ඉන්නව, සත්තයි."

මට ජීවිතයේ තව කිසිවක් උවමනා නැත. මම ඇගේ උණුසුමට තුරුල් වී සිටියෙමි. පොඩි දරුවෙකු තුරුලු කරගන්නා මවක් මෙන් ඇය මාව තුරුලු කරගෙන සිටියාය.

"කෝ පොඩි දෙන්න?"

"තාම ඉස්කෝලෙ ඇත්තෙ. මම හවසට එක්කගෙන එන්නම්."

"අනේ දකින්නත් ආසයි මගේ පැටව් ටික."

"ඔව්, ඒ දෙන්නත් ඔයා නැතුව මූණ එල්ලගෙන ඉන්නෙ."
.....................................................................................................................................................................

"May I come in doctor?"

"Ah Mr. Gunawardhana, please come in."

"ඩොක්ටර්, ඇත්තටම අරයට දැන් හොඳටම හොඳයි නේද? නැත්තන් සල්ලි ප්‍රශ්නයක් නෑ තව ටික කාලයක් මෙහේ තියා ගමු. පොඩි හරි රිස්ක් එකක් ගන්න මම කැමති නෑ ඩොක්ටර්."

"නෑ මිස්ටර් ගුණවර්ධන දැන් කිසිම රිස්ක් එකක් නෑ. තවත් ට්‍රීට්මන්ට් කරන්නත් නෑ. දැන් එයාට ටිකක් රෙස්ට් කරන්න දෙන්න විතරයි තියෙන්නෙ. බය වෙන්න එපා, එයාව ගෙදර එක්ක යන්න.

"Ok doctor."

"මිස්ටර් ගුණවර්ධන, ඔයාලගෙ ගෙදර සර්වන්ට්ල ඉන්නවද?"

"නෑ ඩොක්ටර්. ඇයි ඒ?"

"මේකයි මිස්ටර් ගුණවර්ධන, එයාගෙ අත පය ගොඩක් කල් එකම විදියටම තිබුන නිසා ඒව ආයෙත් සාමන්‍ය විදියට ක්‍රියාත්මක වෙන්න ටික කාලයක් යනව. ඒක ටිකෙන් ටික කලා නම් තමයි වැඩිය හොඳ. නැත්තන් එයාට ඇඟේ පතේ අමාරු එන්න පුලුවන්. ඒක නිසා එයාට එකපාරට ආයෙත් ගෙදර වැඩ ටික කරන්න දෙන්නෙ නැතුව ඉන්න පුලුවන් නම් වැඩිය හොඳයි මිස්ටර් ගුණවර්ධන."

"ඔව්, ඔව් ඩොක්ටර්. ඒක ප්‍රශ්නයක් නෑ. එයාට ආයෙත් හොඳටම හොඳ වෙනකල් මම එයාට වැඩ කරන්න දෙන්න නෑ. මම දවල් වරුවට එයාව බලාගන්න කෙනෙක් හොයාගත්ත. රෑට මම ඉන්නවනෙ. එයාට හොඳ වෙනකල් ගෙදර වැඩ ටික මට කරගන්න පුලුවන් වෙයි."

"ඒක හොඳයි මිස්ටර් ගුණවර්ධන. මම දන්නව, වයිෆ් වෙනුවෙන් ඔයාට ඕක බොහොම සුලු දෙයක්. මටත් මිස්ටර් ගුණවර්ධන වගේ හස්බන්ඩ් කෙනෙක් හිටියනම් කියල හිතෙනව."

"ඒ කිව්වෙ ඩොක්ටර්? ඇයි ඩොක්ටර් ගෙ හස්බන්ඩ්...."

"නෑ මිස්ටර් ගුණවර්ධන, මම තාම මැරි කරල නෑ."

"ආහ් එහෙමද, අපරාදෙ ඩොක්ටර් මට මල්ලි කෙනෙක් වත් නෑ නෙ. නැත්තන් ඩොක්ටර්ට දෙන්න තිබුන."

වෛද්‍යවරියට සිනහ පහල විය. මමද සිනාසුනෙමි.

" Now you are smiling."

"Of course doctor. I'm smiling now. I'm just simply living now. I was dying last days."

"I know Mr. Gunawardhana. I noticed that."

"Thank you very much doctor. And I'm very sorry about what happened that day."

"No, No, it's OK Mr. Gunawardhana. If I were you, I would have done the same thing. Just forget it." 

"මම එහෙනම් අරයව එක්ක යන්න ලේස්ති කරගන්නම් ඩොක්ටර්."

"හරි මිස්ටර් ගුණවර්ධන මම ටිකට් එක ලියල තියන්නම්. ඔයා වයිෆ්ව රේඩි කරගෙන එන්න."

"හරි ඩොකටර්."
..................................................................................................................................................................

වාහනය අපේ ගේ ඉදිරිපස නතර විය. මම බිමට බැස ඇයව දෑතින් ඔසවා ගත්තාය. චාමර වහා පැමිණ පිටුපස තිබූ රෝද පුටුව දිගහැර බිමින් තැබුවාය.

"ඕන නෑ චාමර, මට තාම මෙයාව වාරු කරගන්න පුලුවන්. ඕක ඇතුලෙන් තියන්න."

ඇය මා දෙස ඇසිපිය නොහෙලා බලා සිටියාය. මම ඇයව රැගෙන විත් සාලයේ තිබූ සෝෆාවෙන් වාඩිකරවීය. චාමර බඩු සියල්ල ඇතුලෙන් තබා වාහනය අසලට වී සිටියේය.

"චාමර එහෙනම් ගිහින් හෙට එන්නකො. අපි හෙට ගනන් හිලව් බේරමු."

"හරි සර්."

මම ඔහුව පිටත් කර ගෙතුලට පැමිණ ඇය අසලින් වාඩි වුනෙමි. මම දෑතින්ම ඇගේ සුරත අල්ලා ගත්තෙමි. ඇගේ අවුල් වී තිබූ හිසකෙස් මම සකස් කලෙමි. ඇගේ දෑස් දිලිසෙමින් තිබෙනු මම දුටුවෙමි.

"ඉන්න මම තේ ටිකක් හදාගෙන එන්නම්."

"තේ ඕන නෑ පැටිය, පස්සෙ බොමු. මට ඔයා ලඟට වෙලා ඉන්න ඕන."

"ඉතින් මම ටක් ගාල තේ හදාගෙන එන්නම්. ඔයාට මහන්සිත් ඇතිනෙ වාහනේ ඇවිත්."

"ඕන නෑ. ඔයා ලඟ ඉන්නකොට මගේ ඔක්කොම අමාරු නැති වෙනව."

"හ්ම්ම්"

"මාව ඔයාගෙ උකුල උඩින් හාන්සි කරගන්නකො."

මම ඇගේ හිස මගේ උකුල උඩින් තබා ගත්තෙමි. මම ඇගේ හිස අතගාන්නට පටන් ගත්තෙමි.

"වෙනද ඔයානෙ මගේ උකුල උඩට වෙලා සැපට ඉන්නෙ. දැන් ඉතින් මාව තියාගෙන ඉන්න."

"අයියෝ ඕන තරම් තියාගෙන ඉන්නංකො."

"ඔයාට මම නිසා ගොඩක් කරදර වෙන්න වුනා නේද?" මද නිහැඬියාවකින් පසු ඇය යලුත් හඬ අවදි කලාය.

"මොනවද මේ කියවන්නෙ ඔයා කොහොමද මට කරදරයක් වෙන්නෙ?"

"ඒ වුනාට ඔයා හරියට නිදාගත්තෙවත් නෑලු නේද? ඔයා හරියට කෑවෙ බිව්වෙත් නෑලු."

"ඔයා කොහොමද ඒව දන්නෙ?"

"මට නර්ස්ල කිව්ව. මට එයාල හැම දෙයක්ම කිව්ව."

"හ්ම්ම්"

"ආහ්, ඔය ඩොක්ටර්ට ගහන්න ගිය එකත් කිව්ව."

"අයියෝ මේ ගෑනු රටම ගිනි තියනව. මම ඩොක්ටර්ට ගහන්න ගියේ නෑ."

"හරි හරි මම දන්නව. මට නර්ස් කෙනෙක් ඔක්කොම විස්තරේ කිව්ව."

"තරහ යන්නෙ නැද්ද ඉතින් එයා කියපු කතාවට."

ඇය කිසිත් නොකියා මා දෙස බලාසිටියාය.

"මම දෙයක් කියන්නද පැටිය?"

"කියන්න."

"මම කොහොමත් දන්නව ඔයා මට ගොඩාක් ආදරෙයි කියල. ඒත් ඔයා මට මෙච්චරටම ආදරෙයි කියල මම දැනගෙන හිටියෙ නෑ."

"හ්ම්ම්, දැන් දන්නව නේද?"

ඇය හිස සැලුවාය

"එහෙනම් මීට පස්සෙ ඔහොම කරන්න එපා."

"නෑ, ආයෙත් කවදාවත් මම හෙම්බිරිසාවක් වත් හදා ගන්නෙ නෑ."

"ඒක හොඳයි."

"පොඩි දෙන්න ඉස්කෝලෙ ගිහින්ද?"

"ඔව්, ඊයෙත් යන්න වුනේ නෑ නෙ. අද බලෙන්ම යැව්ව."

"ඔයාටත් හරියට ඔෆිස් යන්න වුනේ නෑ නේද?"

"මාව නම් අස් කරලද දන්නෙ නෑ. ඔයා ලෙඩ වුනාට පස්සෙම දවස් හත අටක් වගේ තමයි ඔෆිස් ගියේ."

"අයියෝ බලන්නකො ඉතින් ඔයාගෙ වැඩ."

"කොහොමද ළමයො මම ඔෆිස් යන්නෙ ඔයා අර විදියට ඉන්නකොට?"
"අනේ එහෙනම් හෙටම ගිහින් එන්න."

"හෙටත් ඉඳල අනිද්දම යනව. ඔයාව දාල යන්න මොකක්ද වගේ. දවල් වරුවට ඔයාව බලාගන්න මම ගෑණු කෙනෙක්ට එන්න කිව්ව. එයා හෙට ඉඳල ඒවි. ඔන්න ඔයා පොඩ්ඩක් වත් මහන්සි වෙන්න බෑ හරිද. ඩොක්ටර් කිව්ව ඔයාට ගොඩක් විවේකය ඕන කියල. ගෙදර වැඩ ඔක්කොම මම බලාගන්නම්. ඔයාට තියෙන්නෙ හොඳටම හොඳ වෙනකල් කාල බීල රෙස්ට් එකේ ඉන්න. කොහොමත් ඔයා කුණු කුණු ගානවනෙ මම ගෙදර වැඩ වලට උදව් වෙනව මදි කියල. දැන් ඉතින් ඔයාට හොඳ වෙනකල් හැමදෙයක්ම කරන්නෙ මම."

"අනේ එහෙම ඕන නෑ පැටිය. ඔයාට මම නිසා පහුගිය දවස් වල වෙච්ච කරදර ඇති. මට දැන් හොඳයි නෙ. මට ගෙදර වැඩ ටික කරගන්න පුලුවන්."

"මේ මේ, ඒකට කලබල වෙන්න ඕන නෑ. ඒක තීරණය කරන්නෙ මම. පණ්ඩිත වෙන්නෙ නැතුව ඉන්න."

"ඔයාට ඉතින් කියල වැඩක් නෑ නෙ." 

"ඔව් එහෙම තමයි."

ඇය මා දෙස මොහොතක් බලා සිටියාය.

"ඇයි ඔයා මට ඔච්චරටම ආදරේ?"

"ඒකට උත්තරේ මම දන්නෙත් නෑ වස්තුවේ."
ඇය මට තුරුලු වී දෑස පියා ගත්තාය. ඇගේ දෑස් වලින් කඳුලු කැට කීපයක් ගිලිහෙනු මට පෙනුනි. මේ සතුට, සැනසීම යලි කවදාවත් අප වෙතින් නොගිලිහේවා යි මම පැතුවෙමි.

                                                                   ....සමාප්තයි....


17 comments:

  1. ලස්සනයි කසුන් මල්ලී.. හරිම සුන්දර අවසානයක්.. මොහොතකට මට හිතුනා එදා මගේ පූජත් මේ වගේ සනීප උනානම් කියලා.. ඒ හින්දමද කොහේද ඇස් වලට කඳුළු ආවේ..

    මුල ඉදන් අවසානය වෙනකම්ම කතාව ගොඩක් ලස්සනයි මල්ලී.. තවත් කතාවක් ලියන්න...

    ReplyDelete
  2. ලස්සනය් අයියේ ගොඩාක් ලස්සනයි,මේ වගේ ලස්සන කතා ලියන්න තවත් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  3. අම්මෝ කසුනෝ. සුන්දර ඒ වගේම ලස්සන අවසානයක්. මේ ටික කියවගෙන යනකන් ඉවසිල්ලක් තිබුනේ නෑ. ඇත්තටම උබට හොදට කතා ලියන්න පුලුවන්.

    කාලයක් උබ අපිව දුකට දැම්මා. දැන් ඒ දුක නැති කරලා සතුටක දාලා.

    ආයෙත් කතාවක් ලියමු නේද ? මෙහෙම ලියනවනම් හැමදාම ලිව්වත් පව් නෑ. ඇත්තටම කතාව පුදුම සිරා කතාවක්.

    ප.ලි. - කතාව මැද්දෙන් කඩු පාරවල් දාලා කඩ්ඩෙන් කොටන්න එපා. අපේ හිත් වලට කඩ්ඩට වඩා සිංහල වලින් ලියපු ඒවා හොදර දැනෙනවා. ඒ සිංහල ආත්මීය භාෂාවක් හින්දා වෙන්න ඇති.

    ReplyDelete
  4. @Dinesh
    ඇත්තම කියන්නද අයියෙ? අන්තිම ටික ලියද්දි මටත් අයිය ගැනයි පූජ අක්ක ගැන මතක් වුනා. මේ වගේ හැම කතාවකම අවසානය මගේ කතාව වගේ වෙන්න කියල ප්‍රර්ථනා කරමු අයියෙ.

    @කඩේ හාමිනේ
    ස්තූතියි නංගියෝ!

    @මධුරංග
    බලමු සහෝදරය, ඉස්සරහට තව කතාවකට අදහසක් ආවොත් ලියමු.

    මම එහෙම කඩු කෑලි දැම්මෙ ඇත්තටම එහෙම වෙන නිසා බං. හොඳට නෝට් කරල බලපන් ඔය ඩොක්ටර්ස්ල, ඉන්ජො වගේ ලොකු ජොබ් කරන පොරවල් දෙකක් කතා කරද්දි අතරින් පතර කඩ්ඩෙනුත් කතාව යනව. මට නම් ඒක හොඳට මීටර් වෙලා තියනව. ඒකයි එහෙම අයිටම් එකක් දැම්මෙ.

    ReplyDelete
  5. මචං කියලා වැඩක් නෑ, කතාව අතිවිශිෂ්ටයි! මගෙන් කඳුලු බිදු කිහිපයක් පූජා කරා උබේ කතාවට,

    කඩ්ඩත් ශේප් නමුත් මධුරංග කිවුවා වගේ සිංහල නිකන් අපේ ආත්මීය භාෂාව!

    මචං ජය වේවා කිව්වා!

    ReplyDelete
  6. @මලියා
    තැන්කූ සහෝ!

    ReplyDelete
  7. හරිම ලස්සන කතාවක්. ඊට එහා දෙයක් කියන්න මතක් වෙන්නෙ නෑ. අදමයි මේ පැත්තට ආවෙ ඒත් මේ කතාවෙ ඔක්කොම කියෙව්වා.

    ReplyDelete
  8. @හංසි
    ස්තූතියි සහෝදරී අදහස් එකතු කලාට.

    ReplyDelete
  9. හරිම ලස්සනයි අයියේ...

    "මටත් ඔයා වගේ හස්බන්ඩ් කෙනෙක් හිටියා නම්"..හික්ස්... එළම එළ ඩොකී...:D

    ReplyDelete
  10. තැන්කූ නංගියෝ. ඒ කෑල්ල අවුල් වගේද?

    ReplyDelete
  11. ලස්සනම කතාවක්!!
    කඳුලුත් ආව බන්

    ReplyDelete
  12. @තාරක Dilsh@n
    ස්තූතියි සහෝ අගය කිරීමට. උඹලගෙ අදහස් තමයි මට තියන ශක්තිය.

    ReplyDelete
  13. මේක කියවලා මට ඇඬුණා බං. මං කතාවෙ මේ කොටස කියවන්න ගත්තෙත් බයෙන් මොකද කෙල්ලට මොකක් හරි වෙයි කියලා හිතලා. හරිම ලස්සනයි මචන්.

    ප.ලි. හැබැයි මේ කෙල්ලට මොකක්හරි උනා නම් එහෙම මං උබව තියන්නේ නෑ. :P

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. @Golden Dragon
    ස්තූතියි සහෝ අදහස් එකතු කලාට. කියවන අයගෙ අදහස් තමයි මගේ ශක්තිය.

    ප.ලි. අම්මෝ, එහෙනම් මම නූලෙන් බේරිලා තියෙන්නෙ නේද?

    ReplyDelete
  16. කතාව අති විෂිශ්ටයි..! කියවගෙන යද්දි ඇඬෙනවා..

    ReplyDelete
  17. අනේ මටත් ඔහොම කෙනෙක් ලැබෙන්න ඕනා :)

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.