twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Sunday, June 12, 2011

දෑස පියාගෙන කිමද (II කොටස)

අම්මෝ ගොඩක් කාලෙකින් ලියන්නෙ. ලියන්න තරම් මූඩ් එකක් තිබුණෙ නෑ, මහ කම්මැලි කමෙන් හිටියෙ. කොහොම හරි මේකෙ පළවෙනි කොටස කියවපු අයට දැන් කතාව මතකත් නැතුව ඇති. කතාව මතක නැත්තන් හරි අලුතෙන් කියවන කෙනෙක්ට හරි මෙන්න පළවෙනි කොටසට පාර.
....................................................................................................................................................................

හෙදියගේ පිටුපසින් මම වෛද්‍යවරියගේ කාමරය වෙත පියමැන්නේ තරමක හිතේ බියකිනි.

"Excuse me doctor, may I come in?"

"Ah please come in."

ඇය සිටියේ බිත්තියේ එල්ලා තිබූ කිසිවෙකුගේ හිසක MRI ඡායාරූපයක් පිරික්සමිනි. එය මාගේ බිරිඳගේ විය යුතු යයි මම අනුමාන කළෙමි.

"වාඩිවෙන්න මිස්ටර්"

ඇයට ස්තූති නොකරම මම වාඩි වුනෙමි.

"දැන් කොහොමද ඩොක්ටර් මගේ wife ට?"

ඒ ප්‍රශ්නයට උත්තර දීමට ඇය දැඩි උත්සාහයක් ගන්නා අයුරුත්, එහෙත් කිසිත් කියාගැනීමට නොහැකිව අසරණ වන අයුරුත් මම බලාසිටියෙමි. මද නිහැඬියාවකින් අනතුරුව ඇය හඬ අවදි කලාය. 

"ඔය දෙන්න marry කරල කොච්චර කල් වෙනවද?"

ඇය එකවරම ඇසූ ප්‍රශ්නයෙන් මම පුදුමයට පත් වුනෙමි.

"අවුරුදු එකොලහක් වෙනව ඩොක්ටර්."

"හ්ම්ම්. අද පොඩි දෙන්න ආවෙ නැද්ද? "

ඇයද කතා කරන්නේ මගේ මූන දිහා බලාගෙන නොව වෙනතක් බලාගෙනය.

"දැන් මග එනව ඇති ඩොක්ටර්. මම කිව්ව ඩ්‍රයිවර්ට එක්කගෙන එන්න කියල."

දීර්ඝ හුස්මක් ඉහලට ගත් ඇය කතාව ආරම්භ කළාය.

"මේකයි මිස්ටර්, මම කියන දේ හොඳින් තේරුම් ගන්න. ඔයාට මේ කියන දේ අහන් ඉන්න අමාරු වේවි. But I should tell you the truth."

මගේ මුහුණ අඳුරු වන දුටු ඇය කියන්නට ගිය දේ කීමට පසුබට විය. එහෙත් නැවතත් ඇය දැඩි උත්සාහයකින් කතාව ආරම්භ කළාය.

"ඔයාගේ වයිෆ්ට බොහොම රෙයා ඩිසීස් එකක් හැදිල තියෙන්නෙ. මම මගේ ජීවිතේට මෙහෙම පේෂන්ට් කෙනෙක් දැකපු පලවෙනි වතාව. ඒක මොලේ ආශ්‍රිත රෝගයක්. එයාගෙ මොලේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා තියෙන්නෙ. ඒකයි එයාට සිහිය නැත්තෙ."

මාත් සමග මල් වලට වතුර දදා සිටි ඇය මගේ දෑස් ඉදිරිපිටම එක්වරම කපාහෙලූ ගහක් මෙන් ඇදගෙන වැටුනු ආකාරය යලිත් මගේ මතකයට ආවේය. මා ඇය අසලට දිව යන විටත් ඇයට සිහිය තිබුණු අතර ඇය සිහිය නැතිවීමට පෙර පැවසූ දෙය මගේ සවන් තුල තාමත් දොංකාර දෙයි. "ඔයා මගේ ලඟ ඉන්නව නේද පැටිය? මට එතකොට බය නෑ."

"එයාගෙ මොලේ ක්‍රියාකාරීත්වය ආයෙත් හරියට පටන් ගත්තොත් තමයි එයාට සිහිය එන්නෙ. It means, එයාට සිහිය නෑ කියන්නෙ තාමත් එයාගෙ මොලේ හරියට වැඩ කරන්නෙ නෑ කියන එක. දැන් සති තුනක් වෙනවනෙ ඔය විදියට, ඒක එච්චර හොඳ නෑ මිස්ටර්. මම කියන්න හදන්නෙ මේකයි, ඉක්මනටම එයාට සිහිය ආවෙ නැත්තන් අපිට එයාගෙ ජීවිතේ ගැන බලාපොරොත්තුවක් තියා ගන්න බෑ."


ඇය වේගයෙන් කියා අවසන් කළ වදන් පෙල මගේ දෙසවන් තුලට ඇතුලු වූයේ මහා ගිගිරුමක් ලෙසය. පියවි සිහිය එලවා ගත නොහැකිව මා බොහෝ වේලාවක් ඇය දෙස බලාසිටියා විය යුතුය. සර්වාංගයම හිරි වැටී ඇඟ පණ නැති වනවා පමණක් මට මතකය.

මා නැවත සිහිය ලද්දේ මුහුණ මත වැටුනු වතුර බිංදු කීපයක සීතලටය.

"He is conscious."

අමාරුවෙන් ඇස් ඇරගත් මා දුටුවේ දණ ගසා ගෙන මා දෙස බලාසිටින වෛද්‍යවරිය හා හෙදියයි. මම බිම වැතිරී සිටියෙමි. ක්ෂණයකින් වෛද්‍යවරිය කියූ දේ නැවතත් මට සිහිපත් වුණි. ඒ වචන විශ්වාස කිරීමට කෙලෙසවත් සිත ඉඩ නොදෙන්නේය. මගේ බිරිඳ නොමැතිව මා මොහොතක්වත් ජීවත් වන්නේ කෙසේද? මේ භවයේ පමණක් නොව, මතු උපදින හැම භවයකම එකට ජීවත් වන්නට පොරොන්දු වූ ඇයගෙ ජීවිතය පිළිඹඳ විශ්වාසයක් තැබිය නොහැකි යයි වෛද්‍යවරිය කියන්නේ කෙසේද? මා ජීවත් වන්නේද ඇගේ හද ගැස්මෙන් බව වෛද්‍යවරිය නොදන්නවා විය යුතුය.

මම බිම වාඩි වුනෙමි.

"ඩොක්ටර්..."

මට කතා කිරීමට වචන නොමැත. ඇඬීමට කඳුල එන්නේද නැත. සියල්ල අහිමි වූවා සේ මහ මූසල හිස් බවක් පමණක් දැණුනි.

"නෑ ඩොක්ටර් ඒක වෙන්න බෑ. ඔයාල ඔයිට වඩා උත්සහ කරන්න. මම දන්නව එයාගෙ ජීවිතේ බේර ගන්න පුලුවන්."

"Please try to understand mister. We have done our best. Nothing more to do."

"How is that possible, there should be a way."

මම ආවේශයෙන් මෙන් වෛද්‍යවරිය වෙත කඩා පැන ඇගේ දෙවුරෙන් අල්ලා වැරෙන් සොලවන්නට විය. 

"I want my wife back. Do you understand? I want her back."

"Mister please, කලබල වෙන්න එපා." හෙදිය මගේ අතින් අල්ලා මා සන්සුන් කරන්නට උත්සාහ ගත්තාය.

මම බොහොම අමාරුවෙන් මාව පාළනය කරගතිමි. දීර්ඝ හුස්මක් හෙලූ මම කිසිත් කියාගත නොහැකිව බලාසිටියෙමි. දිලිසෙමින් තිබූ වෛද්‍යවරියගේ ඇස් වලින් කඳුලු බිඳු කීපයක් කඩා හැලෙනු මම දුටුවෙමි. ඇයට තවත් කීමට දෙයක් නොතිබූ නිසා මම යන්නට හැරුනෙමි.

"මට විශ්වාසයි ඩොක්ටර්, එයාට මොනවත් වෙන්නෙ නෑ.  She has no choice, she has to stay for me."

"I like your confidence. But I just told you the situation as it is."

"Thank you doctor."

මා කාමරයට යන විට මා තාවකාලිකව සේවයට ගත් රියදුරු තරුණයා කාමරයෙන් පිටත තිබූ පුටුවේ වාඩි වී සිටියේය. මා දුටු විගස ඔහු අසුනෙන් නැගිට මද සිනාවක් පෑවේය.

"මම සර්ට කෝල් එකක් ගත්ත වැඩ කලේ නෑ නෙ."

"ආ එහෙමද"

ඔහු ඉදිරියේ නොහඬා සිටීමට මම දැඩි උත්සාහයක් ගත්තෙමි. දුරකතනය අතට ගත් මා දුටුවේ එය ක්‍රියාවිරහිත වී ඇති බවයි.

"බැටරි බැහැල ඕෆ් වෙලා. චාමර ඇවිත් ගොඩක් වෙලාද?"

"නෑ සර්, විනාඩි පහක් විතර ඇති."

"හ්ම්ම්"

ඔහුට මගේ කටහඬේ තිබූ අප්‍රාණික බව හා වේදනාව දැනෙන්නට ඇත.

"බබාල දෙන්න ඇතුලෙ සර්."

"ඒ දෙන්නට කෑම ගෙනාව නේද?"

"ඔව් සර්, මම සර්ටත් කෑම එකක් ගෙනාව."

අප දෙදෙනා අතරේ ඇය රෝගී වූ මුල් දිනවල ඇතිවූ කතාබහක් මට සිහිපත් විය.

"සර් මම කෑම එකක් ගෙනාව මේක කාල ඉන්න."

"මට මොන කෑමද බං"

"එහෙම කියන්න එපා සර්. නොකා නොබී ඉඳල සර් ලෙඩ වුනොත් බබාල දෙන්නට මොකද වෙන්නෙ?
දැන් නෝනවයි බබාල දෙන්නවයි ඔක්කොම බලාගන්න ඕන සර්. ඒකට සර් කෙලින් ඉන්න ඕන."

"මම කොහොමද බං කන්නෙ මෙයා මෙහෙම ඉන්නකොට."

"මට තේරෙනව සර්, සර් ඉන්න තත්ත්වෙ. ඒත් සර් මේ වෙලාවෙ නෝනයි බබාල දෙන්නයි වෙනුවෙන් ජීවත් වෙන්න ඕන. ඒගොල්ලො ගැන හිතලවත් කන්න සර්."

"හ්ම්ම් ඒක හරි."

චාමර මම සේවය කරන ආයතනයට අනුබද්ධව කලක් රියදුරෙක් ලෙස සේවය කළේය. ඔහු ඉතා මිත්‍රශීලී හා විශ්වාසවන්ත තරුණයෙකි.

"චාමර කාලද?"

"ගෙදර ගිහින්ම කනව සර්."

"ගෙදර යන්න පරක්කු වෙනවනෙ, මේ දෙන්නට කවන්නත් ඕන නෙ. කැන්ටිමෙන් මොනවහරි කන්න."

මම මුදල් නෝට්ටු කීපයක් චාමර අත තැබුවෙමි."

"ඕන නෑ සර්. මම ගිහින් කන්නම්."

"මේක ගනින් බං."

චාමරව පිටත් කර, බොහොම ආයාසයෙන් සිනාවක් ආරූඪ කරගෙන මම කාමරයට ඇතුල් වුනෙමි. ලොකු දුව සහ පුංචි පුතු අම්මාගෙ දෙපසට වී ඇය දෙස බලාසිටිති. කාමරයට ඇතුලු වූ මා දෙස ඔවුන් බලාසිටියේ ප්‍රශ්නාර්ථයක් සහිත දෙනෙත් වලිනි. ඒ ප්‍රශ්නයට පිළිතුරු මා කෙසේ නම් දෙන්නද? මම පොඩි පුතු ලඟට කරගෙන ඔහුගේ හිස අතගෑවෙමි.

"තාත්ති, අම්මි මොකද තාම ඇස් අරින්නෙ නැත්තෙ? අම්මි ලෙඩ වෙලාද? අම්මිට අමාරුද?"

 පුංචි පුතුගේ ප්‍රශ්න වලින් මා තව තවත් අසරණ විය.

"අම්මිට මුකුත් වෙලා නෑ පුතා. අම්මිට මහන්සියි, එක නිසා අම්මි නිදාගෙන ඉන්නෙ."

"ඉතින් මෙච්චර දවස් නිදා ගන්නවද?"

"අම්මිට ගොඩාක් මහන්සියි පුතේ. අම්මි ඔෆිස් ගිහින්, ගෙදර වැඩත් කරල, අපිට කෑමත් හදල, පුතාලගෙ වැඩත් කරල, තාත්තිගෙ වැඩත් කරල, ඔක්කොම කරල දැන් අම්මිට ගොඩාක් මහන්සියි."

අවුරුදු 5ක් වූ පුංචි පුතුට ඒ පිළිතුර ප්‍රමාණවත් විය. අවුරුදු 9ක් වූ, වසයට වඩා මුහුකුරා ගිය දැනුමක් ඇති ලොකු දුව කිසිත් නොකියා අම්මා දෙසම බලාසිටියාය. අම්මාගෙ තත්ත්වය ගැන ඇයට වැටහීමක් ඇත්තා සේය.

"තාත්ති, මම එහෙනම් ආයෙත් කවදාවත් අම්මිට කරදර කරන්නෙ නෑ."

මම පුංචි පුතු පපුවට තද කරගත්තේ දරාගත නොහැකි වේදනාවකිනි.
 
"ඔව් පුතේ, මීට පස්සෙ අපි කවුරුත් අම්මිට කරදර නොකර ඉමු."

මෙතෙක් වේලා හඬන්නට ඇස් වල නොතිබූ කඳුලු වැල නොකැඩී දෙනෙත් අගින් බේරෙන්නට විය. එය හැඬීමක් බවට පත්වන්නට ගත වූයේ මොහොතකි. මෙතෙක් වේලා නිහඬව බලා සිටි ලොකු දුවටද තව දුරටත් ඇගේ කඳුලු අවනත නොවීය.

"තාත්ති ඇයි ඉතින් අඬන්නෙ? අම්මි නිදාගෙන ඉන්නකොට තාත්තිට දුකද?"

"ඉතින් මල්ලියෝ, අම්මි නිදාගෙන ඉන්නකොට තාත්තිට පාලුයි නෙ. ඒකයි තාත්ති අඬන්නෙ."

ලොකු දුව මා බේරාගැනීමට ඉදිරිපත් වූවාය. ඇය පැමිණ පුංචි පුතුගේ හිස අතගාන්නට විය.

"අයියෝ තාත්ති, ඕකට අඬන්න ඕනද? අපි අම්මි ඇහැරුනාම ඇති වෙනකල් කතා කර කර ඉමු."

මට කල හැකිව තිබූ එකම දෙය එයට හිස සැලීම පමණි. 

"තාත්තේ මට නම් බඩගිනියි. අපි කමුද?" ලොකු දුව එසේ ඇසුවේ බඩගින්නටම නොව, මාතෘකාව වෙනස් කිරීමට බව මට සිතුනි.

"ආහ් ඔව්, දැන් හවස් වෙලත් එක්ක. අපි කාල ඉමු."

17 comments:

  1. මචෝ... සරලව කියනවනම් පට්ටයි බං.... එලම කිරි..... බොක්කටම වදිනවා කතාව නම් ආයෙ කියල වැඩක් නැහැ.... ඉක්මනට ලියහන්... අනික් කොටහත් ඉක්මනට කියවන්න.....

    ReplyDelete
  2. මල්ලී කතාවනම් හරිම ලස්සනයි.. ඔයා කියන්න හදන දේ මිට ටිකක් වෙනස්ව මම විදපු දෙයක්.. ඔයා ඒගැන දන්නවා මං හිතන්නේ.. ඉතින් මේ කතාවේ අවසානය මගේ කතාව වගේ කරන්නනම් එපා.. අනිත් කොටසත් ඉක්මනින් දාන්න..

    ReplyDelete
  3. නියමයි නියමයි මලය... කම්මැලිකම අතඇරල ලියපන් ඉතුරු ටිකත්...
    (කම්මැලි නැති මිනිහෙක් කිව්වෙ හරි. ;) )

    ReplyDelete
  4. මචං... කතාව එළ, පුලුවන් නම් ඔය කොල්ලට කතා කරන කොට Mister කියන්නෙ නැතුව එක්කො sir හරි Mr.xxxx කියල නමක් හරි දාන්න බලන්න.. නිකංම Mister කියන එක හරි rude වගේ..

    ReplyDelete
  5. කසුන් ලියන විදිය ගොඩක් හොඳයි. කල් අරගෙන හෙමිහිට ලිවුවම ලස්සනට කථාව ගොඩනැගෙනවා... මගේ සුභ පැතුම්...

    මටත් තියනවා මේ වගේම කතාවක්. හැබැයි මේක ඇත්ත කතාවක්.
    http://oyayimamayi.blogspot.com/2011/05/blog-post_21.html

    ReplyDelete
  6. @අපරාජිතයා
    බොහොම ස්තූතියි සහෝ, අනිත් කොටසත් හෙට ලියන්න පටන් ගන්න ඕන.

    @Dinesh
    මම ප්‍රාර්ථනා කරන්නෙ එකම එක දෙයයි අයියෙ. කිසිම කෙනෙක්ගෙ කතාවක අවසානය අයියගෙ කතාව වගේ වෙන්න එපා කියල.

    @සාතන්
    එළ එළ! අපොයි ඔව්, අපි දන්නව අයියෙ උඹේ කඩිසර කම ගැන.

    @harshana1985
    ස්තූතියි සහෝ අදහසට. මම ඒක එච්චර හිතුවෙ නෑ. ඊලඟ කොටසෙ නමක් දාන්නම්.

    @Asanka
    ස්තූතියි සහෝදරී.(බ්ලොග් එක කියවල අමාරුවෙන් හොයාගත්තෙ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල.)

    ඒක හරිම සංකීර්ණ කතාවක්. වුන දේ සාධාරනද කියන්න නම් මට තේරෙන්න නෑ.

    ReplyDelete
  7. අම්මට සිරි !!!! පට්ටම ලස්සන කතාවක්නේ බං කසුනෝ. දිගටම ලියපං. අපි කියවනවා. දැන් නම් කතාව කියවද්දි හෙනම දුකයි. අර ගෑනු කෙනාට ඉක්මන් සුව පතනවා.

    ඊලග කොටසත් ඉක්මනට දැම්මා නම් මේ හුස්මටම කියවගෙන යන්න තිබ්බා. මචං මේ කතාව ඉවර වෙලා තවත් කතාවක් ලියමු නේ ??? උබ ලියන කතා මාරම ලස්සනයි.


    (මේ දවස්වල මගේ ඩොංගලේ ඩේටා ඉවර වෙලා තිබ්බේ. අදයි බිල යාවත් කාලීන උනේ. ඒකයි කියවන්න එන්න බැරි උනේ.)

    ReplyDelete
  8. වෛද්‍ය විද්‍යාවට හොඳ කරන්න බැරි ලෙඩ සමහර විට හාස්කමකින් වගේ හරි යනවා. අනේ එහෙම හාස්කමක්වත් වෙනවා නම්...

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. @මධුරංග
    උඹ තව එකක් ලියන්න කතා කරනව. මේක ලියන්න විඳින දුක මම නෙ දන්නෙ. හදල ලියන එක මට නම් හරි අමාරුයි බං. බලමුකො ඉස්සරහට, කතාවකට අදහසක් ආවොත් ලියමු.

    මේ ඒක නෙමෙයි, දැන් කැම්පස් ඉවරද? දැන් ජොබ් හොයනවලු නෙ. එල එල, මගේ සුභ පැතුම්. හොඳ එකක් හොයා ගනින්.

    @පිණිබිඳු
    ඒක ඇත්ත අක්කා. වෛද්‍ය විද්‍යාවෙන් කරන්න බැරි දේවල් අපේ ප්‍රාර්ථනා වලින්, ආදරයෙන් කරන්න පුලුවන්.

    ReplyDelete
  11. බොරු කියන්න ඕන්නෑ බං මට ඇඩුනා!

    ReplyDelete
  12. @මලියා
    සිරාවටමද? එහෙනම් වැඩේ ටිකක් සාර්ථකයි වගේ.

    ReplyDelete
  13. ලස්සනයි කතාව. එත් ගොඩාක් දුක හිතෙනවා....

    ReplyDelete
  14. @StArry aNgeL

    ස්තූතියි සහෝදරී.

    ReplyDelete
  15. මචං මේක නම් නියමයි බං... උඹ මාර ගතියට ඒක ලියලා තියෙනවා.

    ReplyDelete
  16. @prasanna86k

    තැන්කූ මාලු අයියේ...........

    ReplyDelete
  17. hmm හිතා ගන්න බෑ කියන්න දෙයක් :((

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.