twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Tuesday, February 7, 2012

අලි මිරිකීම හෙවත් Barn Buddy මේනියාව

හ්ම්ම්... පහුගිය දවස් ටිකේ මැරිලා මැරිලා යන්තං ආයෙත් නිදහසක් ලැබුනා. මේ දවස් ටිකේ නම් ෆ්‍රී එකේ ඉන්නේ. ඉතින් මේ මොකක් හරි කොටන්න කියල ලේස්ති වුනේ. මේකේ ඉතින් නම දැක්ක ගමන් සීන් එක තේරෙනවනේ.:) අපේ කට්ටියගේ Barn Buddy පිස්සුව ගැන තමයි මේ කියන්න  හදන්නේ. අලි මිරිකනවා කිව්වම කට්ටිය බය වෙයිද දන්නේ නෑ. ඔය අලි මිරිකනවා කියන්නේ නම් අපේ උන් හදා ගත්ත වචනයක්ද කොහෙද. දන්නවනේ ඉතින් දැන් Barn Buddy වල ට්‍රෙන්ඩ් එක අලි නේ. අපරාදේ කියන්නේ මාත් මුල් කාලේ ඕක ගැහුවා. ඕක විතරක් නෙමෙයි, තව Farm Ville කියල එකක් තියනවා. ඒක නම් දරුනුවටම ගැහුවා. හැබැයි ටික කලකින් ඔය ඔක්කොම එපා වෙලා නවත්තලා දැම්මා.මට මේක ලියන්න හිතුන වෙලාවේ මම ආයෙත් Farm Ville පැත්තේ ගියා. අලේ දැක්කම ආස හිතෙනවා ආයෙත් ගහන්න. මම ටක් ගාල ආව.: )

ඔය තියෙන්නේ මගේ වගාවේ ෆොටෝ. ලස්සනයි නේද.:)




අයියෝ පිට ගියානේ. කියන්න ආවේ Barn Buddy ගැන නේ. හරි දැන් කතාවට එමුකො. මම Farm Ville ගැහුවට හැමෝම වගේ කැමති Barn Buddy වලට. අපි සකන්ඩ් ඉයර් ඉන්න කාලේ තමයි ඔය උණ මුලින්ම ආවේ. ඒ කාලේ නම් අපේ ගොඩක් අය ඕක ගැහුවා. දැන් නම් අඩුයි, හැබැයි එදා ඉඳල තාමත් ඕක එකදිගටම ගහගෙන ආපු උන් ඉන්නවා. ඒ කාලේ අපිට උඩ බැච් එකේ අක්ක කෙනෙක් හිටියා, එයා තමයි අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉස්සරහින්ම හිටියේ. සාමාන්‍යයෙන් කෙල්ලෝ ඔය වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්නේ නෑ නේ. ඒ වුනාට මේකට ඇබ්බැහි වෙච්ච කෙල්ලෝ නම් ගොඩක් හිටියා. ඒ කාලේ අපේ අයියලා එලාම් තියාගෙන මහා රෑ ඇහැරෙනවලු එළවලු කඩන්න. දැන් නම් එහෙම නෑ. දැන් එළවලු වවන එක නෙමෙයි නේ ට්‍රෙන්ඩ් එක, දැන් ට්‍රෙන්ඩ් එක අලි.

මම  ඕක මුලින්ම දැන ගත්ත දවසේ බැලුව යකෝ අලි මොකටද ෆාම් වල ඉන්නේ කියලා. කුකුල්ලු, හරක් වගේ නම් කමක් නෑ කියමුකෝ, ඒත් දෙයියනේ අලින්ගෙන් අහවල් එකක් ගන්නද? උන්ව ක්ලික් කරාමත් සල්ලියි, ලකුණුයි ලැබෙනවලු. අබුද්දස්ස කාලේ කිව්වලු.:) අපේ උන් ඕකට කියන්නේ අලි මිරිකනවා කියලා. "මම අලි ටික මිරිකලා එන්නම්" කියල තමයි Barn Buddy ගහන්න යන්නේ. අපේ එකෙක් ඉන්නවා ඌ Barn Buddy ගහන්න විතරමයි මූණුපොතට එන්නේ. අඩු ගානේ ලයික් එකක් වත් දාන්නේ නෑ, ඔය වැඩේ විතරමයි. සමහර උන් ඉන්නවා Barn Buddy ගහන්න හොර එකවුන්ට් හදාගෙන. එකෙක් ඉන්නවා ඌට හොර එකවුන්ට් 10ක් විතර තියනවා. එතකොට ඒවයින් සල්ලියි තෑගියි යවාගන්න පුළුවන් නේ ඇත්ත එකවුන්ට් එකට. දවසක් ඔන්න අපේ එකෙක් Pool (ඔය වගේම තවත් වයිරස් එකක්:) ) ගහ ගහ ඉන්නවලු.  උගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ හිටියට ජීවිතේට චැට් කරලා නැති කෙල්ලෙක් ඌට හායි කියල එවල. අනේ ඉතින් මූත් උතුරා යන සහෝදර ප්‍රේමයෙන් අනිත් පැත්තට හායි කියල ගහල. ඊට පස්සේ ඒකි කියල, "අලි ගනන් අඩු වෙලාලු නේ" කියල. පස්සේ බැලින්නම් අපේ එකෙක් හදපු හොර එකවුන්ට් එකක්ලු.

අලින්ගෙන් තමයි වැඩිපුරම ලකුණු ලැබෙනවා කියන්නේ. ඒක නිසා කට්ටිය පුළුවන් තරම් අලි එකතු කරන්න තමයි හදන්නේ. උන් කරන්නේ අපේ එකවුන්ට් වලට සල්ලි එවලා, අපේ එකෙන් ගහල අලි අරගෙන ඒවා උන්ට යවා ගන්නවා. ඕකෙ සල්ලි වර්ග කීපයක් තියනවා. තෑගි විදියට යවන්න පුළුවන් නිල පාට සල්ලි විතරයි. ඒවයින් බඩු ගන්න බෑ. තව පොඩි ජැක්පොට් එකක් වගේ සෙල්ලමක් ඒකෙම තියනවා. ඒක ගහල නිල් පාට සල්ලි රතු පාට සල්ලි වලට හරවා ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඒවයින් බඩු ගන්න පුළුවන්. ඉතින් හිටීගමන් එක එකා ඇවිල්ල අපේ එකේ එකතු වෙලා තියන සල්ලි වලින් අලි අරන් යනවා. ඔය Barn Buddy ගහන එකෙක්ගේ කාමරයකට පොඩ්ඩකට හරි ගියොත් ඉතින් අල්ලගෙන ඕක තමයි කරන්නේ. අනේ ඉතින් අපි ගිය වැඩේ පැත්තක තියලා උන් අපේ එකෙන් ලොග් වෙලා අලි ගන්නකල් අපි බලාගෙන ඉන්න ඕන.

ඔය අලි නිසා හිටීගමන් අපේ උන් මරාගන්නවා. මම දවසක් එළියේ ඉඳල කාමරේට එනකොට දෙන්නෙක් මරා ගන්නවා.

"අඩෝ _රි වැඩ කරන්න එපා හු__ ඌ මගේ අලියනේ."

"ඇයි ඌ උඹේ කියල කොහෙවත් ගහල තිබුනද?"

බැලින්නම් වෙලා තියෙන්නේ, වෙන කාමරේක එකෙක් අපේ කාමරේ එකෙක්ගේ එකවුන්ට් එකෙන් ගහල අලියෙක් අරගෙන. මොකක් හරි හේතුවක් නිසා ඒ වෙලාවේ ඌට ඒක උගේ එකවුන්ට් එකට යවාගන්න බැරි වෙලා. ඌ පස්සේ ඇවිත් ඒක ගන්න බලනකොට, ඊට විනාඩියකට විතර කලින් වෙන එකෙක් ඒ අලියව අරගෙන. ඒ වෙලාවේ තමයි ඔය වලිය ගිහින් තියෙන්නේ. ඔහොම ළදරු සීන් තමයි ඉතින් යන්නේ. කොහොමහරි දැන් මගේ කලින් හිටපු සත්තුන්ගෙන් බල්ල විතරයි ඉන්නේ. අනිත් ඔක්කොම එක එකා අරගෙන ගියා. බලල ඔහේ වැටිලා හාමතේ බලාගෙන ඉන්නවා.:D

අනිත් වැඩේ තමයි ක්ලික් කරන්න කියලා චැට් එකෙන් ලින්ක් එවන එක. ඒක නම් මහම වදයක්. සමහර වෙලාවට හරි මචන් කියලා නිකන් ඉන්නවා. වැඩේ  කියන්නේ ජීවිතේට වචනයකවත් කතා කරන්නේ නැති ජුන්නියෝ පවා අයියා මේක ක්ලික් කරන්න කියලා එක එක ලින්ක් එවනවා නේ. මට නම් එවල නෑ, අපේ කාමරේ දෙමල කොල්ලෙක් ඉන්නවා, ඌට නම් අපේ රෙපාගේ කෑල්ල ඔහොම ලින්ක් එවනවා. 



ඔය අපේ එකෙක්ගේ ෆාම් එකක්. දවසකට සැරයක් ඔය අලි ටික ඔක්කොම ක්ලික් කරන්න ගියාම කොහොමද ආතල් එක? අපේ උන් නම් එක එක රටවල් වල Barn Buddy ගහන උන්ව ෆ්‍රෙන්ඩ්ස්ලා කරගෙන ඉන්නේ. මම දැක්කා දවසක් එහෙම එකක්ගේ වෝල් එකක '292' කියලා දාල තිබුනා. බැලින්නම් ඒ උගේ අලි ගානලු. අයියෝ සල්ලි කිව්වලු.

ඇත්තටම ඉතින් Barn Buddy කියන්නේ වෙලාව කන වැඩක්. විභාග තිබුන දවස් වල පවා අපේ උන් ඕක පොඩ්ඩක් වත් අතපසු කලේ නෑ. ඒකට ඇබ්බැහි වුනොත් ඉතින් කුඩු ගැහුවා වගේ තමයි. පොඩි ත්‍රිල් එකක් නම් තියනවා ඉතින්. මාත් ඕක කාලයක් ගැහුවනෙ.:) මම ඒ ගැන විවේචනය කරන්න නම් යන්නේ නෑ. ඔය වගේම තමයි දැන් Pool ගැහිල්ලත්. පුදුම කැපවීමෙන් අපේ උන් ඒක ගහන්නේ. මම දවසක් අපේ උන්ගේ කාමරයකට යනකොට අපේ එකෙක් උගේ ලැපේ ස්ක්‍රීන් එකට අඩි රූලක් තිය තිය මොකක්ද කරනවා. මම බැලුවා යකෝ මේ මොකක් කරනවද කියලා. මම හිතුවා මූ මොකක් හරි මනිනවා කියලා. බැලින්නම් මූ Pool ගහනවා. අඩි රූල තියල මොකක්ද මන්ද බලල තමයි මූ ෂොට් එක ගහන්නේ. බලන්න ඉතින් කොල්ලන්ගේ කැපවීම. ඔන්න ඔහොමයි ඉතින් අපේ අය කාලේ කන්න මොකක් හරි මගුලක් හොයා ගන්නේ.

අපේ  උන්ගේ Barn Buddy සහ Pool ගහන්නම වෙන් වෙච්ච කලාප තියනවා.හොස්ටල් එකේ එක බ්ලොක් එකක එක ෆ්ලෝ එකක් තියනවා, ඒකෙ තනිකර ඔය වගේ ඒවාට වෙන් කරලා තියෙන්නේ. ඒකෙ එක කාමරේක වයිෆයි වලින් නෙට්වර්ක් කරපු ලැප් 4ක් තියනවා. එකකට ඩොන්ගල් එකක් කනෙක්ට් කරලා ලැප් 4න්ම නෙට් යන්න පුළුවන් වෙන්න හදලා තියෙන්නේ. ඕන එකෙකුට ඕන වෙලාවක එතනට ගිහින් ඉඩ තියන මැෂින් එකක වාඩි වෙලා, චැට් කරන්න, Barn Buddy ගහන්න, Pool ගහන්න පුළුවන්. ඒ වගේ ගොඩක් පහසුකම් සපයලා තියෙන්නේ වෙලාව කන අයට. අවසාන වශයෙන් මෙන්න මේ ෆොටෝ එකත් බලන්නකෝ.  මූනුපොතේ තිබිල හම්බවුනේ.


31 comments:

  1. මමත් ඉස්සර නිදි මරාගෙන ගැහුවා....ඒත් දැන් එපා වෙලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයට කාලයක් ගියාම එපා වෙනවා සහෝ. හැබැයි සමහරුන්ට නම් එහෙම නෑ.

      Delete
  2. අපේ එකෙක් ඔහොම කැපවීමෙන් බාන් බඩී සෙල්ලම් කලා.කොටින්ම එළවළු නෙලන වෙලාවට මැඡින් එක ගාවට එන්න බැයි නම් බෝඩිමේ එකෙක්ට කෝල් එකක් හරි දීලා කියනවා උගේ එළවළු නෙලන්න එන්නයි කියලා. බැරිවෙලාවකවත් උගේ ෆාම් එකෙන් අපි නෙළුවොත් එදාට වසලා හමාරයි !!!

    ඔය අලි ගන්න පුලුවන් සීන් එක අම් මම් දැනගෙන උන්නේ නෑ. දැන් නම් සෙල්ලම් කරන්නෙත් නෑ. ඒ තරමටම එපා වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. :) මහිමයි, මමයි දෙන්නත් ඔය වැඩේ කළා. එකෙක්ට එන්න බැරි නම් අනිත් එකාට කියනවා කඩන්න කියලා. හැබැයි ඒ Farm Ville වල.

      Delete
  3. ඕක ගහන්න මමත් පටන් ගත්තා. දවසක් දෙකක් ප්ලේ කරද්දී ජීවිතෙත් එක්ක එපා වුනා. ඊට පස්සේ මම ගිහින් ගෙදර පැල හිටෙව්වා. සිම්පල් ප්ලෑන් එකක් නේ කසුන්

    ReplyDelete
    Replies
    1. අන්න එල කොල්ලෙක්. ඒකෙන් ලබන සතුට මීට වඩා කොච්චර වටිනවද?

      Delete
  4. බොරුව දැම්මට හොඳට ගහනව වගේ...

    එලාම් තියාගෙන ඉඳල නැගිටින උන් නම් මගේ යාළුවො අතරත් හිටිය... ඕව ගහල කාටද බන් හරිගියෙ.. ගහපන්කො ඉවෝනි... පහුගිය සතියට සාතන්ගෙ ආමි එක මිලියනයක් විතර විනාස උනා... :)

    ReplyDelete
    Replies
    1. ආහ් එතකොට ඉවෝනි ගැහුවමද හරි යන්නේ??? :P

      Delete
  5. අප්පා ඔය බාං බඩිය ගහන්න ගත්තොත් ඉවරයි. මමත් කාලයක් පට්ටෙට ඕකට ඇබ්බැහි වෙලා හිටියේ පස්සේ ඔය එන ලකුනු ගනන් අනං මනං වෙනස් කොරාම ගහන එක එපා උනා. මමත් කාලයක් ඕක නිසාම බුකි ගත උන කාලයක් තිබුනා. හප්පේ....

    ReplyDelete
    Replies
    1. හප්පෝ එහෙම හරි එපා වුන එක ලොකු දෙයක්. බොලා නම් ඕවට පුරුදු වෙන්න එපා මල්ලියෝ. විනාසයි තමයි.

      Delete
  6. මාත් ආසයි බාන් බඩි එකට... ඒත් අපේ යාලුවෝ ගොඩක් අය ඒක නවත්තල... දැන් සත්තු ගණන් වැඩි කියල කතාවක් තමා කිව්වේ... මම දන්න කෙනෙකුත් පූල් ගහනවා.. මට නම් මෙලෝ හසරක් නොතේරේ... ඔය කිව්වට අයියගෙ ෆාම් එක තියෙන්නෙ හොඳට... හා හා... :)

    ReplyDelete
    Replies
    1. අපෝ පුරුදු වෙන්න නම් එපා නගෝ. කුඩු ගැහුවා වගේ තමයි. ඒක Farm Ville එකේ ෆාම් එක. මම කිව්වේ, ඉස්සර දරුනුවටම ගැහුවා කියලා.:)

      Delete
  7. මමත් බාන් බඩි ගැහුවා ටික කාලයක්.. ඊට පස්ස ෆාම් විල් එක ගැහුවා. දැන්නම් ඕවා ඔක්කොම එපා වෙලා. ෆේස් බුක් එකේ එක ගේමක්වත් ගහන්නෙ නෑ දැන්නම්..

    ReplyDelete
    Replies
    1. අපෝ වැඩක් නෑ අක්කේ ඕව. කාලේ කන්න නම් හොඳයි. Pool නම් ටිකක් ගති,:) හැබැයි ඉතින් ඒත් ඇබ්බැහි වුනොත් ඉවරයි තමයි.

      Delete
  8. අත්තටම ඔය Facebook Games වලින් කරන්නෙ අපේ කට්ටිය ලව්වා ගේම් එක ටෙස්ට් කරවගෙන එයාල පස්සේ එක විකුණනව. එහෙමත් නැත්නම් අපිට මෙච්චර Online Users ල සෙල්ලම් කරනව කියල සල්ලි හොයන එක.

    කොකටත් මේව ගැනත් හොයල බලන්න....!

    ReplyDelete
    Replies
    1. අනිවා, අපිට ආදරේට නෙමෙයි නේ ඕව කරන්නේ. අපිව පාවිච්චි කරලා සල්ලි හොයන්න නේ උන් හදන්නේ. අපි ඉතින් අහු වෙනවා.

      Delete
  9. mama nam issara idanma pool nam gahuwa eth barn buddy gahanna ashawak athi une na

    ReplyDelete
    Replies
    1. Pool වුනත් ඉතින් ඇබ්බැහි වුනොත් සොරි තමයි මචෝ.

      Delete
  10. හිකිස්ස්ස්ස්ස්.. හෆ්ෆා මාත් පිස්සුවෙන් ගැහුවා ඔය ඔක්කොම ගේම්ස්.. ඒත් දැන් මාස ගානකින් එකම ගේම් එකක්වත් ගැහුවෙ නෑ.. එපා වුනා. අනික බ්ලොග් ලිවිල්ල කියවිල්ල නිසා. එලාවත් මදි කම එක්ක, ඒක අමතක වුනා..:D

    අම්මෝ අච්චර අලි??? :O

    ReplyDelete
    Replies
    1. ඔව් අලේ, බ්ලොග් ලියන එක ඊට වඩා කොච්චර හොඳද. ඔය අලි ටික ඉතින් හැමදාම එකා එක පාර ගානේ ක්ලික් කරන්න ඕන නේ.:) මට නම් දැක්කම එපා වෙනවා.

      Delete
  11. බොරු කියන්නේ මොකටද මම නම් ඔය දෙකම ගහලා නෑ.. වෙලාවක් නැතිකම තමයි ඉතින්...

    ReplyDelete
    Replies
    1. අපෝ වෙලාව තිබුනත් ගහන්න නම් ගන්න එපා.....!

      Delete
  12. ටික දවසක් ගැහුවා... 2009 විතර. ඊට පස්සෙ නම් ඔය ඔක්කොම විල්ලවල් බ්ලොක් කලා... වාතයක් උනා ඒ කාලේ... තාමත් ගහනවද බන් ඕක ?

    ReplyDelete
    Replies
    1. එදා ඉඳලම තාම ගහන් උන් ඉන්නවා අයියේ. මටත් මාසෙන් දෙකෙන් එපා වුනා.

      Delete
  13. අපෝ මට නම් එපාම කරපු වැඩේ.. මම කාලයක් ගැහුවා මොකක්දෝ game එකක්. ඒකත් ඔය පැළ ඉන්දන එකක්. දැන් ඒක හොයාගන්නවත් නෑ... :P

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔය වගේ පැල හිටවන ගේම් ගොඩක් ආව ඒ කාලේ. දැන් නම් ඒ ගොඩක් ඒවා නෑ.:)

      Delete
  14. ape ayath oka gahuwa. mam nam aasawatawath gahala nah. pool nam ply kra.. :D

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි බං. පූල් නම් පොඩි ගතියක් තියනවා.:) මම නම් ඒත් ගහන්නේ නැත්තේ ඇබ්බැහි වෙන නිසා.

      Delete
  15. මාත් සෑහෙන කාලයක් ඕක සෙල්ලම් කරා. 300 වෙනකල් රෑන්ක් එක ආවා. අලි කොටි ඌරො හැම එකාම ගත්තා. හොර එකවුන්ට් 4ක් හදාගත්තා ඕකටම. දැන් නම් කාලෙකින් ගියේ නෑ. ගිහින් බලන්න ඕනෙ වගාව තියෙනවද කියලා. දැන් නම් වවපුවා වේලිලා ඇති.

    ReplyDelete
    Replies
    1. අප්පත්තියේ එචචර ගැහුවද? ඒකනේ මම කිව්වේ කෙල්ලොත් මේකට ගොඩක් ඇබ්බැහි වෙලා කියලා.:)

      Delete
  16. මමත් බාර්න් බඩි ප්ලේ කරනවා. ඒ දවස් වලනම් පිස්සුවෙන්.. දැන් නම් නිවාඩු තියෙන කොට තමයි. ලෙවල් 300 ගානක් දැන්...\

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.