twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Friday, March 23, 2012

හිතේ දුකට එතකොට කවි කියැවෙනවා


පහත  කවි පෙළ අමරදේවයන්ගේ 'පිලේ පැදුර හේනට අරගෙන යනවා' ගීතයේ තාලය සිහි කරගෙන කියවන මෙන් ඉල්ලා සිටිමි.

මැච් එක බලා බත් එක මට මිස්          වෙනවා
කැන්ටිම වසා කන්නට තැන් නැති      වෙනවා
පාරේ කඩත් වහලා දැන්                  නිදියනවා
රෑට කන්න මොකවත් මට නැති          වෙනවා

බඩගින්දර ඉවසන්නට බැරි                වෙනවා
හිතේ ගින්න ඊටත් දැන් වැඩි               වෙනවා
දවල් කාපු බත් එක මට සිහි                වෙනවා
හිතේ දුකට එතකොට කවි            කියැවෙනවා

හෙට උදේට ලෙක්චර් එක සිහි           වෙනවා
බඩගින්දර තව එතකොට වැඩි            වෙනවා
නොකා නොබී නින්දට යන්නට          වෙනවා
හිතේ දුකට එතකොට කවි            කියැවෙනවා

...................................................................................................................................................................

ප.ලි. රෑ කෑම අහිමි වීමේ දරුණු ශෝකයෙන් ලියන ලද්දක් බව සලකන්න.

44 comments:

  1. හයියෝ කෑවා කෑවා.. කොහේදෝ තිබ්බ බඩගින්නක් ආව පින්තුරේ දැකලා

    ReplyDelete
    Replies
    1. එළකිරි. දැන් ඉතින් මම බඩගින්නේ හිටියා වගේ ඉන්න.:D

      Delete
  2. කවි ටිකනම් සුපිරි.ඒත් මල්ලි කැම්පස් එක ඉස්සරහ පොඩි ලොරියක් ඇවිත් ශෝට් ඊට්ස් විකුනනවානෙ රෑ 11 විතර වෙනකල්.දැන් ඒක නැද්ද??

    පින්තූරෙ තියෙන බත් එකනම් රස පාටයි ඒක දිහා බලාගෙන උදේට කන්නට්යි යන්නෙ දැන්.

    තව එකක්//පැලේ පැදුර හේනට අරගෙන යනවා'// නෙවෙයි පිලේ පැදුර හේනට අරගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් තාම එනවා අක්කා. ඒත් ඉතින් අපි ඉන්නේ පිටිපස්සේ හොස්ටල් වලනේ. ආයෙත් මහ රෑ ඉස්සරහට යන්න කම්මැලි හිතුනා.:)

      තැන්කූ අක්කේ නිවැරදි කලාට. මට මෙච්චර කල් ඇහුනේ අර විදියට.:) ඔන්න මම හැදුවා ඒක.

      Delete
  3. තේමාව මොක වෙතත්, කවි ටික නම් පංකාදුයි... බොලා වගේ මැච් පිස්සන්ට බඩගින්නේ නිදයන එක සුළූ දෙයක් නොවැ... ඒක නෙවෙයි, බංගලි කොල්ලෝ ටික පව් නේද බං !!!

    ReplyDelete
    Replies
    1. බඩගින්නේ නිදා ගන්න වැඩියෙන්ම අවුල් හිතට අයියේ.:) බංගලි කොල්ලෝ ගැන නම් කියලා වැඩක් නෑ අයියේ. සිරාවටම පව්.

      Delete
  4. ඒක නම් සාගිනි කවියක්. මේ කවි වලින් ලියලා තියෙන බ්ලොග් පෝස්ට් දැක්කම මට දැනෙන්නෙ අර ඉංග්‍රීසි බ්ලොග් වලට සමහරුන්ගෙ තියෙන බය සැක වගෙ එකක්. මම අර කලිනුත් කිව්වා වගෙ මේවට පද්‍යයෙන්ම නැතුව ගද්‍යයෙන් කමෙන්ට් කලාම අර රබර් සෙරෙප්පු දාගෙනමගුල් ගෙදර ගියා වාගෙ වෙයිද කියලා හිතෙනවා.

    කවිය ෂෝයි, ආ

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. පිස්සුද අයියේ, මම නම් ඔය කවි පෝස්ට් වලට අමුවෙන්ම තමයි උත්තර දෙන්නේ.:) ඇයි දෙයියනේ අපි කවියක් ගැට ගහගන්නේ පුදුම ගේමක් දීලා, එහෙම එකේ අනිත් අයගේ ඒවටත් කවි වලින් උත්තර දෙන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ.:P

      Delete
  5. වෙලාව එක හමාරයි, මේක දැකල ගෙදරින් ගෙනාපු බත් එක කන්න එපාවෙයිද මංද....

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් මටත් එක්ක කන්න වෙන වැඩක් අයිය සෙට් කරන්න හදන්නේ.:D

      Delete
  6. හ්ම්ම් බත් එකට හොඳට මාළු දාල තියන බව පේනවා . නොකා නොබී මැච් බලනව වගේ .
    …කවි ටිකත් ලස්සනයි .

    ReplyDelete
    Replies
    1. මැච් එක මුල ඉඳලම මාර හොට් අක්කෝ, ඒකයි කන්න යන්න වුනේ නැත්තේ.:)

      Delete
  7. නොකා නොබෝ මැච් බලන්නේ අපි සෙල්ලම් කරනවද බං.. අපරාදෙනේ...

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට පට්ට මැච් එක අයියේ. බලන්න වටිනවා.

      Delete
  8. Replies
    1. ඔන්න ඉතින් අපේ අයියල! කිව්වොත් ඔහොම හිත බිඳෙන වචනයක් තමයි.

      Delete
  9. මගේ බඩගින්න ඇවිස්සුව
    මේ පොටෝව දැම්මා
    මේ කසුන් මලයාට නම්
    අදත් බඩගින්නේ ඉන්නන වෙන්න .....:P

    ReplyDelete
    Replies
    1. අයියෝ මොන හිතකින්ද අක්කේ එහෙම කිව්වේ??? :'( මම පව් නේ.

      Delete
  10. වෙලාවට කාලා බීලා ඉවරවෙලා බැලුවේ නැත්නම් මේ ෆොටෝව දැක්කනම් හතරගාතේ දාලා වැටෙන්නේ බඩගිනි හැදිලා

    ReplyDelete
    Replies
    1. වෙලාවට නැත්තන් මටත් හොඳවයින් අහගන්න තිබුනා.:D

      Delete
  11. ගීතයේ තාලය සිහි කරගෙන කියවන මෙන් ඉල්ලා සිටිමි. මේ ටික කියෙව්වම හිනා යනවා බං... කවි කියවන්න හිතෙන්නේ නෑනේ...

    මරු මචං ... එල...

    ReplyDelete
    Replies
    1. ඔහොම නෝන්ඩියට හිනා වෙන එක හරිද නවකයන්ට? :'(

      Delete
  12. අර උඩ කෑම දැක්කම කටට කෙලත් ඉනුවා !!!
    ෆයිඩ් රයිස් කන්න නම් ආසයි. ඒත් කොයි ??
    කවි ටික නම් සුපිරි යෑ. කෑම නැති උන එක ගැන දුකත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි බං දැන් ජොබ් කරන මිනිස්සුනේ. තුන් වේලටම ෆ්‍රයිඩ් රයිස් කන්න බැරියෑ.:D

      Delete
  13. බඩගින්න වැඩිවෙන කවියක්නෙ..පින්තූරෙත් පංකාදුයි!!!

    ReplyDelete
    Replies
    1. බඩගින්න වැඩි වෙන එක තමයි හොඳ. මාත් බඩගින්නේ හිටියනේ.:D

      Delete
  14. අයියෝ මෙයාටත් වෙන වැඩ :D

    ReplyDelete
    Replies
    1. ඉතින් හිනා වෙලා හරියනවද එතකොට? නියම නංගිලා!

      Delete
    2. hinaa wune natho .me mama andana gaman :P

      Delete
  15. අයියෝ අයියේ.. බඩගින්නේ මෙලෝ සිහියක් නැතුව මැච් බලනවට හොඳ පාඩම

    ReplyDelete
    Replies
    1. දුක නැද්ද අලේ ඔහොම කියන්න නගෝ? නංගිලා ඔක්කොම එකයි.:(

      Delete
  16. අනේ මචං මොන ලොඩ්ඩ කරත් චණ්ඩි බණ්ඩි පුරවන් ඉඳපන් කියල තමයි....අපේ හිච්චි ආච්චි කියල තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමයි බං. හැබැයි ඉතින් වැඩේ කියන්නේ ආතල් එකේ ඉන්න වෙලාවට ඕක මතක් වෙන්නෙම නෑ නේ.

      Delete
  17. කෑම වගේද මචෝ මැච් එක.......
    කන්ඩනං කවද බැරිද.
    කවි සෙට් එක සුපිරියි ඈ.......

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචන්, දාපන් පහක්.:)

      Delete
  18. අපි දන්නේ නෑ ඔන්න ගැස්ට්‍රික් වැඩි වුණොත්.... බඩගින්නෙ හිටිය වගේයැ...

    ReplyDelete
  19. ආහ් දැන්ද මේ පැත්ත මතක් වුනේ? නියම කෙනා හැබැයි මට වෙලාවට කන්න කියලා කියන්නේ.:P

    ReplyDelete
    Replies
    1. ඉතින් අයියේ 23 දාපු පොස්ට් එකට 26 කමෙන්ට් කළාම ඔහොම කියන්න හොඳද :((

      Delete
  20. ලස්සන කෑම පිඟාන. දැක්කාම බඩගිනිවෙනවා.
    කවි ටිකත් ලස්සනයි. :)))

    ReplyDelete
  21. අයියෝ බඩ ගින්න වගේද බන් ක්‍රිකට්

    ReplyDelete
  22. සිරා බොල.. අදනේ මේක සෙට් වුනේ.. හැම දාම එමි... ෆලෝවක් දෙමි..

    ReplyDelete
  23. සුපිරියි සහෝ.........
    සිරා කවි ටික
    A/L කාලෙ මතක් වුනා
    ඒ කාලෙ
    බඩගින්නට මගෙ ඇස් දෙක පියවෙනවා
    හීනෙන් කෑම මැවිලා කෙල ගිල්ලෙනවා

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.