twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Tuesday, April 10, 2012

අවුරුද්ද නම් ඒවි, ඒත් ඒ මම හිතපු විදියට නොවේවි


තවත් අලුත් අවුරුද්දක්
ටික දිනකින් ඒවි
හැමදාම වගේ මේ පාරත්
කොහා උගේ සින්දුව කියාවි

ඒත් ඒ අවුරුද්ද
හිතපු තරම් ලස්සන නොවේවි
අවුරුද්ද ගැන මම දැකපු හීන
එකක් වත් ඉටු නොවේවි

අවුරුද්දට ගෙදර යන්න
ඔයා මගේ ළඟ නැති වේවි
වෙනද  පුරුදු පාරේම
මම තනියම ගෙදර යාවි

නැකත් වෙලාවට ෆෝන් එකෙන්
බත් කටක් කවන්න මට බැරි වේවි
වැඩ අල්ලන්න ඔයත් එක්ක
කතා කරන්න මට බැරි වේවි

මම හිතපු විදියට
මුකුත් වෙන්නේ නැති වේවි
අවුරුදු  කාලේ ඔයත් එක්ක
ඇවිදින්න යන්න මට බැරි වේවි

ඔයා ගෙදරින් අරන් ආපු
කැවිලි කන්න මට බැරි වේවි
ඔයාට දෙන්න හිටපු මල් මල් ගවුම
දෙන්න විදියක් නැති වේවි

තවත් දවසක් වගේම
අවුරුද්දත් යන්න යාවි
සින්දු කියපු කොහාටත්
ඊට පස්සේ වෙන වැඩ තියේවි

අවුරුද්දට මම දැකපු හීන
එකින් එක බොඳ වේවි
අවුරුද්දත් ගිහින් ඔයත් ගිහින්
මම විතරක් මෙහි ඉතුරු වේවි


63 comments:

  1. Replies
    1. මොකඩ අනී ඔයාත මේ එකපාලම වුනේ.....o.O

      “නැකත් වෙලාවට ෆෝන් එකෙන්
      බත් කටක් කවන්න මට බැරි වේවි
      වැඩ අල්ලන්න ඔයත් එක්ක
      කතා කරන්න මට බැරි වේවි“

      හයියූ සල්ලී.......ඩුකේ බෑ අප්ප......:(
      ඇඩෙනව.......:‘(

      Delete
    2. දන්නේ නැද්ද නගෝ ඉතින් එකපාරට එක එක දේවල් වෙනවනේ.:) අනේ පුළුවන් නම් ලොකු දෙයක් නංගියේ මං වෙනුවෙන් පොඩ්ඩක් අඬහන්කෝ. මට දැන් අඬල අඬලම එපා වෙලා.:D

      Delete
  2. ඔන්න ඕකනේ බං කියන්නේ.. උඹ ගෙවුන හැම අවුරුද්දක්ම ගත කලේ තනියමනේ.. ඉතින් මේකේ කියලා මොකටයි ඔච්චර දුක් වෙන්නේ.. මේ අපි බලපං.. අපිට අවුරුදුත් නෑ..

    ReplyDelete
    Replies
    1. හෑ?? ඇයි හෆ්ෆා.. අයියාට තියෙන්නෙ අවුරුදු 3ක්ම? :D

      Delete
    2. කසුනෝ මෙන්න මෙයාට උඹම උත්තරයක් දීපන්..

      Delete
    3. ඔව් ඉතින් වෙනද පුරුදු විදියට තනියම හිටිය නම් කිසි අවුලක් නෑ. මෙතන සීන් එක මේ පාර අවුරුද්ද ගැන හීන ගොඩක් දැක්කනේ.:)

      අනේ මේ, අවුරුද්ද පුරා නිකන් පාන් දෙනවා කිව්වත් මම නම් බොලා දෙන්නගේ වලි වලට මැදට පනින්නේ නෑ.

      Delete
    4. පාන් නෙමෙයි බං මම උඹට ඉතාලි කෑල්ලක් සෙට් කරලා දෙන්නම්... :)

      Delete
    5. ම්හු.... ඒත් බෑම තමයි.

      Delete
    6. ජය වේවා හිතූ අක්කී.....මං කියන්නත් ගිහින් ආයෙ හැමතැනම ඕකම කියන නිසා අයිය ටලහ වෙයි කියල කිව්වෙ නෑ....;)

      Delete
  3. කොහා ආයෙත් කෑගසාවි...
    එරබදු මල් රතුපාටින් පිපේවි...
    කැවුම් කෙසෙල් සුවඳ හමාවි...
    ආයෙත් අවුරුද්ද ඔබ සොයා ඒවි......

    ReplyDelete
    Replies
    1. කොහත් ආයෙත් කෑගහවී, එරබදු මලුත් ආයෙත් පිපේවි, කැවුම් කොකිස් සුවඳත් ආයෙත් ඒවි, එතකොට අවුරුද්දත් ආයෙත් ඒවි, ඒත් එයා.......???

      Delete
    2. එයාට හොඳයි නම් ඔයා ඒගැන හිතන්න එපා මල්ලි....
      ඔයාට හරියන කෙනා ඔයා ළඟට ඒවි....

      Delete
  4. බොහොම දුක කතාවක් වගේ...

    ReplyDelete
    Replies
    1. දුක තමයි බං. මොනවා කරන්නද ඉතින්?

      Delete
  5. හරිම දුක කවියක් .නැවතත් අවුරුද්ද එවි ඔබව සොයාගෙන.

    ReplyDelete
    Replies
    1. අවුරුද්ද ආවට වැඩක් නෑ නේ සහෝදරී, ඕන කෙනා ආවේ නැතුව.:(

      Delete
  6. අනේ බං අපිහිතන හැමදේම වෙනවනම් ජිවිතේ මෙලෝ රහක් නැතිවෙනවා නේ
    ඒක නිසා ඔන්න ඔහේ හැමදේම වෙන්නේ හොදට කියලා හිතලා හිත හාදාගන්.

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි මුගේ ලයින් එක බලහන්කො. මේ අර ටික දවසකට කලින් බූට්‌ කවි ලියපු එකා නේද? :D

      Delete
  7. හ්ම්ම් නොකීව කතාවක් ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් අක්කෝ. අක්කට ඒ ගැන කියන්න අවස්තාවක් ආවේ නෑ නේ.

      Delete
  8. හ්ම්ම්... අවුරුද්දක් ඒවි ඔය ඔක්කොම ටික වෙනුවෙන්... :) දුකයි හැබැයි කවි ටිකනම්..

    ReplyDelete
    Replies
    1. එහෙම අවුරුද්දක් කවදාවත් එන්නේ නෑ නේ නගෝ.

      Delete
  9. ඒවී අවුරුද්ද නුඹට
    ඇහේවි කොවුල් හඬ නුඹට
    කාලයට ඉඩ දෙන්න
    ඒ හිතැගී අවුරුද්ද එන්න..

    වසන්තයන් ඒවි සිනා අරගෙන
    සැගව යාවී සීත හිතට ලං කර
    ආදරෙන් ලං වෙන්න හිත රැක ගන්න
    එන යන සීතයන්නට ගල් නොගැහී අද..

    ලගින් හිද තුරුළු වේවි
    ආදරෙයෙන් හිත සනසාවි
    නැකත් වෙලාවට නුඹට
    බත් කවන්න කෙනෙක් ඉදීවි..

    ගෙවුන සීත යාමෙට හිත මුලා නොකරන්න
    ආදරෙන් ඔය හිත පරිස්සම් කර ගන්න
    පොපි මල් හිම යට දළු ලන සේම
    ආදරයක් ඇදේවී ඔය කදූළු අද්දරම..


    විශේෂයි :- කලින් විහිළුවක් කරලා දැන් මෙහෙම කවියක් ලිවුවේ ඇයි කියන්න උඹ දන්නවනේ..

    ReplyDelete
    Replies
    1. දනිමි මම හොඳ හැටිම
      ආදරයක් ඇඳෙන බව
      කවදා හෝ
      මේ කඳුළු අද්දර.

      ශීත කල නිම වේවි
      වසන්තය එළඹෙවී
      සීතලෙන් මිදුන පොපිමල්
      එදාට විකසිත වේවි

      එහෙත් මා ප්‍රිය මිතුර
      ගෙවෙන්නාවූ අද දවස
      නොදකියි සිත එතරම් දුර
      නෙත් කෙවෙනි බොඳ කරන්
      සොයන්නේ ඈවම නේද

      Delete
    2. නෙත් කෙවෙනි බොද කරන්
      සිත සොයයි ඈ නිඹද
      ඒ නුඹේ හිතේ
      පිරූ පාරමී හින්දම..

      නමුදු හැම පාරමිතාවක
      ඈට හිදිනු බරි නම් හෙටක
      නෙත් කෙවෙනි බොද කරන්
      කඳුළු සලනු කිමට..

      ආදරේ හැටි අමුතුයි
      හිත වේදනාම පුරයි
      කදූළු දෙනෙතින් රිදවූ හද
      ආයෙම පුදන්නේ කෝමේයි??

      Delete
    3. ඇයි බං අයියේ මගෙන් මොකක් හරි තරහක් පිරිමහගන්න හදනවද? බොහොම අමාරුවෙන් එකක් ගැටගහ ගත්තා, මේකා ආයෙත් කවියක් දාල.

      හිටින්කෝ බලන්න මොකක්හරි කරන්න.

      Delete
    4. ඇයි මොකද බයද??

      Delete
    5. උදාවන හෙට දවස
      නොසිටීවි ඇය මගේ ලොව
      කටුක වූ සත්‍යය
      පසක් කර ගතිමි මම

      කප්පරක් වූ හීන
      ඈ ගැනම සිත ඇඳුන
      මැකී යාවිද විගස
      සත්‍යය පසක් කළ පමණින්ම

      Delete
    6. උදාවෙන හෙට දවස
      බලාපොරොත්තුවක් තියේවි නුඹ ලග
      ජීවිතය විදින්න
      කඳුළැලි අතරින් හෙට..

      ආදරය ඒවී ජීවිතට විදගත් දාට
      කඳුළු වලට වහල් නොවී හිත
      හෙට පිබිදේවී හීරු ආයෙම
      අළුත් බලාපොරොත්තු අරගෙන..

      කොවුල් හඬ ඇසේවී වෙනදා වගේම
      අවුරුද්ද ගෙවේවි පුරුදු පරිදිම
      සිනහව රැදීවී නුඹේ මුවග
      දැන් හිත හදා ගත්ත හින්දම..

      Delete
    7. මතක ඇත්නම් නුඹට
      ඈ නමින් මා ලියූ කව
      "පද ගලපාගනු බැරි
      අසරණ වූ කවියා මම
      මට ලියනු බැරි
      සොඳුරුතම වූ කවිය ඔබ"

      අසම්පූර්ණයි තවම
      ඈ නමින් මා ලියූ කවිය
      අත් හැර දමන්නට එය
      සිත නොනැමෙයි කිසි විට

      ලියනු බැරි නම් ඒ කවිය
      ලියූ දහසක් කවි වල පල කිම
      ආසයි මට ලියන්නට
      ඇගේ නමින් ඒ සොඳුරුතම කවිය

      Delete
    8. ලියා ගන්නට පද අහිමි උන
      එකම එක කවිය ඇය
      එළිසමය නොදී නූබට
      නුඹේ කවියෙන් පලා ගිය..

      එයම ඇති ඒ කව නවතන්නට
      පද අතරේ සිර නොවී තව
      ගලපනු බැරි කවියකට නුඹ
      තව අකුරු අමුනන්නේ කිම??

      Delete
    9. පිස්සු හැදෙනවා! ඒක නම් ලොවෙත් පට්ටයි.

      මගේ කවියෙන් පලා ගිය ඇය
      එළිසමය වූවා
      තවත් කවියකට
      මට ලියනු බැරි වූ කව
      ලියා ඇත වෙනකෙකු අද

      කියන්නේ සැබෑවකි නුඹ
      තවත් අයිති නැහැ මට ඒ කවිය
      නොගැලපෙන පද ගොඩක් මැද
      තවත් හරඹ කරනු කිම

      Delete
    10. මට නිකන් පාන් වගේ අෆ්ෆා :(

      Delete
    11. පාන් වගේ නම් කොච්චර දෙයක්ද නංගියේ. පාන් ගෙඩියක් කීයක්‌ වෙනවද...:D

      Delete
  10. ඇත්තයි අය්යේ ළඟ උන්නු කෙනෙක් ඈත්වුනාම ඒ දැනෙන දුක හුඟාක් වැඩියි :(

    බුකියෙන් දැකල තිබුනත් අදයි මේ පැත්තේ ආවේ.

    ReplyDelete
    Replies
    1. ළඟ උන්නු කෙනෙක් නම් නෙමෙයි මලයෝ. ලං කරගන්න හදලා බැරි වුන කෙනෙක් ගැන මේ ලිව්වේ.:) සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට!

      Delete
  11. කවි නම් ලියන්න බෑ කොලුවො. සුභ අලුත් අවුරුද්දක් වේවා. ඔන්න ඕවා අල්ලලා දාහං.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. කවි මොටද අයියේ, අයියටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! දැන් නම් හිත හදාගෙන ඉන්නේ අයියේ.:)

      Delete
  12. තනිව හිටිං
    බැන්ද දාට
    උඹට දැනෙයි
    තූ නොදකිං

    ජය ! සුභ අලුත් අවුරුද්දක් ස‍හෝ !

    ReplyDelete
    Replies
    1. ඒකනම් සෑමො බැඳපු එකෙකුට විතරක් පහල වෙන Exclusive සිතිවිල්ලක්!!! :D :P
      Are you married Dude?

      henryblogwalker the Dude

      Delete
    2. @සැමා
      අඩේ එහෙමද බං, අනේ ඕව කියල බය කරන්න එපා මාව.:(

      සහෝටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

      @Dude අයියා
      ඒකනේ මාත් බැලුවේ, මම හිතන් හිටියේ මූත් අපි වගේ පොඩි කොල්ලෙක් කියලා.:D

      Delete
  13. අවුරුද්ද ඉවර වෙද්දී ඔය මතකත් උඹ ගාවින් යන්න යාවි...
    ඒ නිසා OPPW කියලා අවුරුද්ද සමරපන් හිතේ හැටියට...
    මොකද මේ අවුරුද්ද ආපහු කවදාවත් එන්නේ නැහැ, ආපහු එන්නේ ඊළඟ අවුරුද්දනේ...
    (ඒක අවුරුද්දකට විතරක් නෙමෙයි බං, හැම මොහොතක් වෙනුවෙන්ම අදාළ දෙයක්)

    සුබ අළුත් අවුරුද්දක් වේවා....!

    ReplyDelete
    Replies
    1. OP වුනාට PW හරියන්නේ නෑ නේ බං, මේ අවුරුදු කාලේ නේ.:D :D සම්පූර්ණ ඇත්ත බං, කිසිම දෙයක් නිසා ජීවත් වෙන මොහොතේ තියන වටිනාකම අඩු කර ගන්න එක තේරුමක් නැති වැඩක්.

      සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!

      Delete
    2. මොකක්ද OPPW තේරුනේ නැහැනේ?

      Delete
    3. හා හා ඒවා පොඩි ළමයින්ට ඕන නෑ.;)

      Delete
  14. හ්ම්ම්ම්...සැහෙන්න දුක හිතෙන දෙයක් වගේ ..:( දුරස් ඉන්න කෙනෙක්ව ලං කරගන්න අමාරුයි තමා..:( මොනවා උනත් දුක හිතෙන ලස්සන කවි ටික.
    ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා යාලු...!!!

    ReplyDelete
    Replies
    1. දුක හිතෙන කතාවක් නම් තමයි සහෝදරී.

      ඔයාටත් සුභම සුභ අපුත් අවුරුද්දක් වේවා...!

      Delete
  15. ලස්සනයි අයියා... ඒත් නැති වුන කෙනා වෙනුවට ගොඩාක් වටින ගොඩාක් හොඳ කෙනෙක් ඔයාට ලැබේවි.. සුභ අලුත් අවුරුද්දක් වේවා අයියා..

    ReplyDelete
    Replies
    1. "ඒත් නැති වුන කෙනා වෙනුවට ගොඩාක් වටින ගොඩාක් හොඳ කෙනෙක් ඔයාට ලැබේවි" :)

      සුභ අලුත් අවුරුද්දක් නංගියේ...!

      Delete
  16. එකම බෝට්ටුවේ බන් මමත්

    ReplyDelete
    Replies
    1. දාපන් බං 5ක් :D දුක තමයි රංජනී කිව්වලු...!

      Delete
  17. සුභ පැතුම් එකා දෙන්නා වීමට :)

    ReplyDelete
    Replies
    1. අන්න අන්න ඉතින් නංගියා කින්ඩි දානවනේ...:(

      Delete
    2. ඉතින් සුභ පතුවමත් කින්ඩි ලු :/ ආපහු සුභ පතන්නෙම නැහැ :/

      Delete
    3. කින්ඩි නේන්නම්! වැඩේ දෙල් වුනා කිව්වට පස්සේ සුභ පතන්නේ කින්ඩියට නේ.:( :(

      Delete
    4. එහෙම අදහස් කලේ නැහැනේ. දෙල් උනානම් ඊළඟ වැඩේ දෙල් නොවී කරගන්න තමයි සුභ පැතුවේ

      Delete
  18. බයවෙන්ට එපා එන අවුරුද්ද සුබ වේවි ඈ

    ReplyDelete
    Replies
    1. අලේ බොලිවුඩ් වල ඔක්කොම මගේ අහිංසක බ්ලොගේ බලනවද? ඉස්සෙල්ලා සල්මන් ඛාන් ආව, දැන් ඔයත්.:D

      හ්ම්ම් බලමුකෝ ඊළඟ අවුරුද්ද.;)

      Delete
  19. මේ කවි ලියන්න බෑ කිව්ව මිනිස්සු... හයියෝ සංසාරෙ...

    ReplyDelete
    Replies
    1. ;) ;) ;) මේවා ඉතින් නිරායාසයෙන් ලියවිච්ච ඒවා.:)

      Delete
  20. දුක හිතෙන කවි කතාවක් !!!

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.