ඇය හා මා හමුවීමට තීරණය කරගත් වෙලාව පසුවී විනාඩි 10ක් ගතවී ඇත. මගේ හද ගැස්ම වේගවත්ය. මොහොතින් මොහොත ෆෝන් එක ගෙන වෙලාව බලමි. මා අසල වාඩිවී සිටි තරුණ යුවලට මාගේ අපහසුතාව දැනෙන්නට ඇත. ඔවුන් මා දෙස බලා සිටිති. ඔවුන් මා දෙස බලා සිටින්නේ අනේ පව් කියන්නාක් මෙනි. මේ ඇය හා මාගේ පළමු හමුවීම නොවුවත් මම කිසි විටක ප්‍රමාද වී ඇයව හමුවීමට යන්නට නොකැමැත්තෙමි. ප්‍රමාද වී ඇයව වෙහෙසීමට, අපහසුතාවයට පත් කිරීමට මම කොහෙත්ම අකමැතිය. අනෙක් අතට මට වැඩ නැති වුවද ඇය බොහෝ කාර්ය බහුලය. ඇයගේ කාර්ය බහුල රැකියාවත් සමග මා හමුවීමට වෙලාවක් ඈ හදා ගන්නේ දැඩි කැපවීමකිනි. ඒ සියලු කරුණු නිසා මා කිසි දිනක පමා වී ඇය හමුවීමට ගොස් නැත. මේ පමාවූ ප්‍රථම අවස්ථාවයි.
තව ඇත්තේ හෝල්ට් දෙකක් පමණි. එහෙත් බසයෙන් බැස මුහුදු වෙරලට යාමට පයින්ද සැලකිය යුතු දුරක් යා යුතුය. බසය හෝල්ට් එකේ නවත්වන්නටත් පෙර මම බසයෙන් පැන දුවන්නට පටන් ගතිමි. රුපියල් පනහේ ඉතුරු සල්ලි ගත්තේ නැති බව මතක් වුවත් මා නැවත නොහැරුනෙමි. මට හැකි උපරිම වේගයෙන් මම දුවමි. වෙලාව 5.52ය. මම ඇයට එන්නට කීවේ 5.30ට ය. මා උපතින්ම හති රෝගියෙකු වූ බැවින් දැන් මට දුවා ගන්නට නොහැකි තරම් හති වැටී ඇත.
එහෙත් ඇගේ සෙනෙහෙබර මුහුණ සිහි වනවිට මගේ හතිය නැති වෙන්නේය. ඇය වැඩ ඇරී එහෙමම පැමිණි නිසා සාරියකින් සැරසී පැමිණ සිටිනවා විය යුතුය. මම ඊට ගොඩක් කැමැත්තෙමි. ඇය සාරියට ගොඩාක් ලස්සනය, හුරුබුහුටිය. ඒ වගේම ඇය සාරිය ඇන්ද විට බොහොම වැදගත් පෙනුමක් උසුලයි. මම එයට වැඩියත්ම කැමති ඒ නිසාය. ඇත්තෙන්ම මම ඇය ගැන ගොඩක් ආඩම්බරය. යාලුවන් සමග වුවත් ඇය ගැන කතා කරද්දී මගේ හිස එසවී පපුව ඉදිරියට එන්නේ නිරායාසයෙනි.
මම වෙරළට ලඟා වුනෙමි. ඇය අපේ සුපුරුදු බංකුවේ වාඩි වී සිටින්නීය. ඇය නිශ්චලය, මුහුද දෙස නිසලව බලා සිටින්නීය. මම පිටුපසින් සෙමෙන් සෙමෙන් ලංවුනෙමි. ඇයට නොපෙනී ඇය වෙත යාමට ගත් උත්සාහය සුපුරුදු පරිදි අසාර්ථකය. ඈ කෙන්ද්‍රය වූ අරය මීටර් 5ක් වූ වෘත්තයකට මා ඇතුලු වූ වහාම ඇයට ඒ බව දැනේ. ඇය මා දෙස හැරී බැලුවාය. මම ඈ දෙස බැලුවේ බියෙනි. ඇය කවදාවත් මා ප්‍රමාද වූවා කියා මට නොබනින මම දනිමි. එහෙත් මාගේ ප්‍රමාදය ගැන ඇගේ මුහුණේ පොඩි හෝ අප්‍රසාදයක් තිබුනොත් මට ගොඩක් දුක සිතෙනු ඇත. එහෙත් එවැනි කිසිදු අප්‍රසාදයක් ඇගේ මුහුණේ නැත. ඒ වෙනුවට එහි වූයේ වෙනදා දකින සෙනෙහබර ලෙන්ගතු සිනහවමය. මේ මහ මුහුදටත් වඩා විශාල වූ කරුණාවක් දයාවක් ආදරයක් මා කරෙහි ඈ තුල විය. මා කෙතරම් වාසනාවන්ත දැයි මට සිතුනි.
එහෙත් ඇගේ මුහුණ ක්ෂණයෙන් වෙනස් වූයේ මා නොනවත්වා හති දමනු දුටු විටය. ඇගේ මුහුණෙ වූ හිනාව මැකී ඒ වෙනුවට තරහක් ආරූඪ වූයේ මා බලා සිටියදීමය.
"අදත් හොඳටම දුවල නේද? කොච්චර කියල තියනවද ළමයො ඔහොම දුවන්න එපා කියල. ඔයාට ඔහොම මහන්සි වෙන්න හොඳ නෑ කියල දන්නවනේ" ඇයට තරහ ගිය විට මා අමතන්නේ ළමයා කියාය.
"මම කියල තියනවනෙ පරක්කු වුනාට කමක් නෑ, මට කෝල් එකක් දීල හෙමින් එන්න කියල".
මා ඇයට පිළිතුරු දීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ඒ වන විටත් කතා කරගැනීමට නොහැකි තරම් මට හති වැටී තිබුණු නිසාය. එය දුටු ඇය තරමක් බිය විය. ඇය ක්ෂණිකව මා අසලට පැමිණ මා අල්ලා බංකුවෙන් වාඩි කරවීය.
"කෝ ඉන්න".
ඇය මගේ කමිසයේ උඩ බොත්තම ගලවා මගේ පපුව අත ගාන්නට විය. මම අමරුවෙන් වචන ගැට ගසා ගත්තෙමි. "මට අමාරුවක් නෑ පැටියො, ඔයා බය වෙන්න එපා".
"ඒ වුනාට බලන්නකො ඔයා හති දාන හැටි". ඇය තාමත් තරහෙන්ය.
"ඒක ටික වෙලාවකින් ඇරිල යාවි". මම ඇයගේ අතින් අල්ලා මා අසලින් වාඩි කරවා ගත්තෙමි.
ඇය තවමත් මා හති දමනු බලා සිටී. හතිය මට සාමන්‍ය දෙයක් වුවද ඇය ඊට ගොඩක් බය ය.
"දැන් වතුර ටිකක් බොන්න." ඇය බෑගයෙන් එලියට ගත් වතුර බෝතලය මා අත තැබීය.
මා වතුර බී අවසන් වූ පසු ඇය ඇගේ පුංචි ලේන්සුව ගෙන මගේ මුහුණේ දහඩිය පිස දමන්නට විය. ඇගේ දෑස් දිලිසෙනු මට පෙනුනි. මෙතෙක් වේලා හිරකරගෙන උන්නු කඳුලු බිංදුවක් ඇගේ කම්මුල දිගේ පහලට එන්නට විය. තවත් කඳුලු බිංදු කීපයක්ම එය අනුකරනය කලේය. මා මේ ලෝකේ අකමැතිම දේ එයයි. ඇය මා හැරගියද මට කෙසේ හෝ හිත හදාගත හැක, එහෙත් ඇගේ ඇස්වල කඳුලු නම් මට කොහෙත්ම ඉවසිය නොහැක.
"ඔන්න ඉතින්! ඇයි මේ අඬන්නෙ? ඔයා දන්නවනේ මට ඔය ඇස්වල කඳුලු බලන්න බෑ කියල".
ඇඬිල්ල නවතින පාටක් නැත. "දැන් ඔයා හදන්නෙ මාවත් අඬවන්නද?"
ඇඬිල්ල ක්ෂණිකව අඩු විය. ඇගේ ඇඬිල්ල නැවැත්විය නොහැකි වෙලාවට මමද අඬන්නෙමි. මා අඬනවාට කොහෙත්ම අකමැති ඇය එවිට ක්ෂණිකව ඇඬිල්ල නවත්වයි. දැන් ඒ ක්‍රමය මා සතු ප්‍රබල අවියකි. මම මගේ දෑතින්ම ඇගේ කඳුලු පිසදැම්මෙමි.
"මට පොරොන්දු වෙන්න ආයෙත් ඔහොම කරන්නෙ නෑ කියල. පරක්කු වෙනව නම් මට කෝල් එකක් දෙන්න මම ඉන්නං. මට ඔයා එනකල් දවසක් උනත් බලාගෙන ඉන්න පුලුවන්, ඒත් ඔයා ඔහොම දුක් විඳිනව බලන්න බෑ." හැඬිල්ල පාලනය කරගත් ඈ දුබල හඬින් පැවසීය.
මම හා කීමට ඔලුව වැනුවෙමි.
"ඔලුව වනල හරි යන්නෙ නෑ, මට පොරොන්දු වෙන්න". ඇය නැවතත් සැර විය.
"හරි හරි මම පොරොන්දු වෙනව".
"හ්ම්ම්..." ඇය දීර්ග හුස්මක් හෙලුවාය.
"මම අර වෙලාවෙ හොඳටම බය වුනා".
ඇය මගේ නළල මත නැවත එකතු වී තුබූ දහඩිය බින්දු කීපය අතින් පිස දැමුවාය. මම ඈ දෙසට නැවී ඇගේ නළල සිප ගත්තෙමි. ඇය දෑස පියාගෙන ගැඹුරින්ම ඒ මොහොත විඳ ගත්තාය. තත්පර කීපයක් යනතුරුම ඇය දෑස පියාගත් වනම සිටියාය.
"ඔයත් මට එක දෙයක් පොරොන්දු වෙන්න ඕන."
"කියන්න" ඇය මෘදුව පැවසුවාය.
"මටවත් දරාගන්න බැරි තරම් මට ආදරේ කරල මාව කවදාවත් දාල යන්නෙ නෑ නේද?"
ඇය කිසිත් නොකියා මගේ මුහුණ දෙස එක එල්ලේ මොහොතක් බලා සිටියාය. ඒ බැල්මෙන් මට පිලිතුරු ලැබිණි. ඊලඟ මොහොතේ ඇය මාව ලඟට ඇදගෙන පපුවට තුරුලු කර ගත්තාය. එහි උණුසුමත් ඇගේ හෘද ස්පන්දනයත් මට හොඳින් දැනේ. අප දෙදෙනාගේම හදවත් ගැහෙන්නේ එකටම බව මට දැනුනි.
"මේ පිස්සව දාල මම කොහේ යන්නද? අනික මම නැති වුනොත් කවුද මගේ පැටියව බලා ගන්නෙ? බය වෙන්න එපා, මම කවදාවත් දාල යන්නෙ නෑ. හැමදාම ලඟින් ඉඳගෙන බලාගන්නව, සත්තයි".
මුලු ලෝකයම මගේ වූවාක් මෙන් මට දැනුනි.
"මම එච්චරයි ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ."
මම ඇගේ පපුවෙන් මෑත් වී එහෙමම ඇගේ උකුල මත හිස තබා ගත්තෙමි. එය මා මේ ලෝකේ ඉන්නට කැමතිම තැනයි. සුපුරුදු පරිදි ඇය මගේ හිස අතගාන්නට පටන් ගත්තාය. කටින් නොකිව්වත් මා එය බලාපොරොත්තු වෙන බව ඇය දනියි. ඉස්සර අම්මගේ ඔඩොක්කුවට වී අම්මා හිස අතගාන විට මා විඳි සුවය අද ඇයගේ ඔඩොක්කුවේද මම නොඅඩුව විඳිමි. හිස අත ගාන ගමන් ඇය මගේ හිස සිම්බාය.
"හ්ම්ම් කොල්ල ගොඩක් දවසකින් නාල නෑ නේද?"
" නෑ නෙ." මම කෙටියෙන් පිලිතුරු බැන්දේ මගේ දැහැනට බාධා වෙන නිසාවෙනි.
"ඉතින් දවල් වෙලාවට නා ගන්නකෝ පැටියො".
මම නිහඬය.
"ඉන්නකො මම ඔයා ලඟට ආවම කරන්නම්කො වැඩේ. කොල්ලව තම්බල ගන්නම්."
ඒ දවස වැඩි ඈතක නොවේවා යයි මම පැතිමි.
"තම්බල නෙමෙයි බැදල ගත්තත් කමක් නෑ ඔයා මගේ ලඟ ඉන්නව නම්".
ඇය කිසිත් නොකීවාය, දීර්ග හුස්මක් පමණක් හෙලුවාය.
එක වරම ඇය හිස අතගෑම නැවැත්තුවාය.
"දැන් පරක්කු වෙලා වස්තුවේ, නැගිටින්න."
මම නොසෙල්ලුනෙමි. "අනේ තව ටිකක් ඉමුකො".
"නැගිටින්න දැන් පරක්කු වෙලා"
ඇය මගේ උරය සොලවයි. මම ප්‍රතිචාර නොදැක්වුවෙමි. ඇය මගේ උරය වැරෙන්ම සොලවන්නට විය. මම මදක් කෝපයෙන් හැරී බැලුවෙමි.
"නැගිටපන් යකෝ, තෝ අද ලෙක්චර්ස් යන්නෙ නැද්ද?"
ඒ මගේ උඩ ඇඳේ එකාය.
"තෝ දවල් හීන බලනවද? නැගිටපන්. 8.10යි වෙලාව."
මුළු රටම එක මිටට
2 weeks ago
හික්!!!! උස්සල පොලොවෙ ගැහැව්ව වගේ.. :D
ReplyDeleteහිහ්...හිහ්... මරු හීනේ... දැන් එහෙනම් ඉතින් නැගිටින්නකෝ.... :)
ReplyDeleteනියමයි...
ReplyDeleteපට්ටයි.
ReplyDeleteහිකිස්.....නියමයි. මේක ඇත්තටම වුනු එකක්ද?
ReplyDeleteෆට්ට ඈ....සිරා මේක දවල් හීනයක්ද..ඈ..?
ReplyDeleteඅය්යේ උඹටත් මරු වැඩනේ වෙන්නේ
ඔන්න එහෙනම් මම අය්යට සුභම සුභ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා
@ChAnDiKa
ReplyDeleteඒකනෙ අනෙ. මම පව් නේද?
@කොට ජීවිතේ
දැන් නම් නැගිටල ඉන්නෙ සහෝ. හි..හි..
@MaRLaN
thanks මචෝ
@රොබින්
thanks මචෝ
@StArry aNgeL
නෑ අනෙ! ඇත්තටම ඕක මම ඇහැරගෙන ඉන්නකොට දැකපු හීනයක්. කොහොමත් ඔච්චර in detail හීන පේන්නෙ නෑ නෙ.
@බීටා
ඒක නම් දවල් හීනයක්ම තමයි බං.
ඔබටත් එසේම වේවා කියල ප්‍රාර්ථනා කරනවා!
නැගිටපන් යකෝ. තෝ අද ලෙක්චස් යන්නෙ නැද්ද.. හෙහ් හෙහ් පට්ට කතාව..
ReplyDeleteජය,,
"හ්ම්ම් කොල්ල ගොඩක් දවසකින් නාල නෑ නේද?"
ReplyDeleteඕකතමයි කිපදෙනෙක් විතරක් දන්න තිත්ත ඇත්ත.
@Gayan Rupasinghe
ReplyDeleteස්තූතියි සහෝ!
@mahima
අන්න බලපන්කො ඉතින් උඹ ඒකෙන් ගත්ත දේ!
අඩේ මොකෝ බං මේ උනේ. එක පාරටම නිකන් නිදාගෙන ඉදලා ඇදෙන් වැටුනා වගේ නේ. මම හිතුවේ උබේ ආදර කතාව කියලා.
ReplyDeleteමටයි උබටයි දෙන්නටම තියෙන්නේ ඔය හීනෙම තමා මචෝ.... මොනා කරන්නද කවදාහරි ඒ හීනේ හැබෑ වෙයි නේ
අඩේ මොකෝ බං මේ උනේ. එක පාරටම නිකන් නිදාගෙන ඉදලා ඇදෙන් වැටුනා වගේ නේ. මම හිතුවේ උබේ ආදර කතාව කියලා.
ReplyDeleteමටයි උබටයි දෙන්නටම තියෙන්නේ ඔය හීනෙම තමා මචෝ.... මොනා කරන්නද කවදාහරි ඒ හීනේ හැබෑ වෙයි නේ
ඕව ඉතින් ඔහේ නිකන් ඉන්න වෙලාවට හිතෙන දේවල් බං. මගේ ආදර කතාව ඔය තරම් දුරකට ගියේ නෑ.
ReplyDeleteදෙයියට ලියපු ලියුම කියවල ඉවර වෙලානෙ මේක කියවන්නෙ... ඒක හින්ද රැවටුනේ නම් නෑලු... හැබැයි පුතේ ඉතිං පණ පිහිටවල කොටල තියෙනව...
ReplyDeleteකෙල්ලෙක් සෙට් වෙච්ච දවසක වේලාසන නැතුව පරක්කුවෙලා පලයන්... උන් කැමති එහෙමලු... ඕක දන්නෙ නැතුව කලින්ම ගිහින් සාතන් හොඳ කටු කාල තියනව...
@සාතන්
ReplyDeleteඒකත් එහෙමද. උඹටත් හොඳ අත්දැකීම් තියනව නේද? සෙට් වුන දවසක පරක්කු වෙලා ගිහින් බලන්නම්කො. ඒත් ඉතින් එහෙම බලන්නවත් එකක් සෙට් කරගන්න එපාය.
මොනව වුනත් කතාව නම් පට්ටයි අය්යේ.. දිගටම ලියන්න.. අපි ඉන්නවනේ කියවන්න බලාගෙන...:D :D
ReplyDelete@අහිංසකයා
ReplyDeleteතැන්කූ මලේ.
ඔහ්..ශිට්.. හීනයක්ද දැකලා තියෙන්නේ.. මධුරංග අයියා කිවුවා වගේ ඇඳෙන් බිමට වැටුනා වගේ මට දැනුනේ.. බොහොම නරකයි වැඩේ..:D:D
ReplyDelete@ප්‍රාර්ථනා
ReplyDeleteමොනව කරන්නද නංගි? හිතේ දුකට පේන දේවල් නෙ.
ane meka hiinayakda.. balanna mama kochcara lassanata kiyawan aawada,, anthimeta kaala.
ReplyDeleteකමක් නෑ.....උදේ දැකපු හීනයක්නේ....ඉක්මනට හැබෑවෙයි.....!!
ReplyDelete