ඇති තරම් බෙදාගෙන කන්නට
හොඳ අතුරුපසකුත් එක්කම
ඕනෑ තරම් කෑම තියන
පුංචි උඹේ දන්සල
රටේ ලෝකෙ කවුරුත්ම
ඇවිත් කා බී සතුටු වී යන
උන්ගෙ සතුටමද උඹේ සතුට?
නොතේරේ නංගියේ මට
හොඳ අතුරුපසකුත් එක්කම
ඕනෑ තරම් කෑම තියන
පුංචි උඹේ දන්සල
රටේ ලෝකෙ කවුරුත්ම
ඇවිත් කා බී සතුටු වී යන
උන්ගෙ සතුටමද උඹේ සතුට?
නොතේරේ නංගියේ මට
වරදීවි දවසක උඹට
අසරණ වේවි හොඳටම
අසරණ වේවි හොඳටම
ඔය දන්සලෙන් කාපු කවුරුවත්
එදාට නැතිවේවි උඹ ළඟ
දුකයි මට උඹ ගැන
උඹ ඔය යන විදිය ගැන
ඒත් මොනව කරන්නද
මාත් හරි ආසයි උඹේ දන්සලට
උඹ ඔය යන විදිය ගැන
ඒත් මොනව කරන්නද
මාත් හරි ආසයි උඹේ දන්සලට
අතෑරපන් ඔය මෝඩකම
පාලනය කරගනින් ඔය ආසාව
දැන්වත් හොඳට තේරුම් අරන්
වහල දාපන් උඹේ ඔය දන්සල
දැන්වත් හොඳට තේරුම් අරන්
වහල දාපන් උඹේ ඔය දන්සල
..................................................................................................................................
ප.ලි. මේක මම දන්න කියන කෙනෙක් ගැන හිතට ආපු සිතුවිල්ලක්. අත්දැකීමක් නෙමෙයි හරිද.....:D
නියමයි සහෝ!!!
ReplyDeleteඅයියා කතා කරන්නේ දන්සැලක් ගැනද නැත්තම් බත් කඩයක් ගැනද... දන්සැලක්නම් ඉතින් මොනා කරන්නද නිකන් කන්න බොන එකේ ගිහින් කාල එනවා මිසක් ඕකෙ හතර මායිම් හොයන්න ඕනය...
ReplyDeleteදන්සෑල් වලින් කන්න අකමැති අයත් ඉන්නව නේද ?
ReplyDeleteදීල බලන්නකො...කට්ටිය නොකාම් ඉඳීද කියල.
Deleteමට නම් හිතෙන්නේ දන්සැලට වඩා සුදුසු බත් කඩය තමා. සමහරු කාලා සල්ලි දීලා ගනුදෙනු බේරලා එනවා. සමහරු සල්ලි නොදී කාලා මාරුවෙනවා !!!
ReplyDeleteGimhani : දන්සැල් වලින් කන්න අකමැතියි කියන උන්ම තමයි ඔව්වයෙන් කන්නේ... කවුද අකමැති හික් හික්... දන්සැලුයි බත් කඩයි කියන්නේ දෙකක්. කසුන් කියන්නේ දන්සැලක් ගැනද බත් කඩයක් ගැනද කියන්න දන්නෙ නෑ...
ReplyDeleteදන්සැල බත්කඩේට වඩා හොදයි.
ReplyDeleteකසුන් කියන්නේ දන්සලක් ගැනම තමා
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමෙතන කියන්නෙ මේ දන්සල් දෙන්ඩ එපා කියලා විතරනේ , දෙන දන්සලත් හොදනං දන්සලේ කෑමත් හොදනං දන්සල වැන්දාට ඇති වරද කිම.......?
ReplyDeleteදන්සල් කන්න අකමැති කවුද... හික්
ReplyDeleteසල්ලි දීලා කන එකට වඩා නිකන් කන එක හොඳා.....
නියමෙට ලියලා තියනවා අයියේ...මොකෝ මේ වගේ දෙයක් ලියන්න හිතුනේ
අඩේ කොහෙද බං ඕක තියෙන්නෙ... කාලෙකින් දන්සැලකින් කෑවෙ නෑ. ;)
ReplyDeleteඋඹ විභාග අස්සෙ දන්සල් වදින්නත් යනවද?... ගිහින් පාඩම් කරපන්.. ඕව අස්සෙ රිංගන්න යන්නෙ නැතුව... ;)
ReplyDeleteඅනේ ඔය නවම් මාවතට පෝස්ට් කාඩ් එකක් දාපං කසුන් ඕක කොහෙද තියෙන්නෙ කියලා. ටෙලිග්‍රෑම් එකක් උනත් කමක් නෑ.
ReplyDeletehenryblogwalker the dude
Iya honda dan salakin kala nethi hedai
ReplyDeleteමේ පහුගිය ටිකේ විභාගෙ තියෙනවයි කියපු එකා දන්සැල් ගානේ ගියාද???
ReplyDeleteමොනා උනත් කවි ටිකනම් එලකිරි... මම මේ උඹ ලියපු කවියක් කියෙවුවමද කොහෙද??? ඔය දන්සැල් වැන්දා වගේ නෙමෙයි බඩ ලෙඩ කර ගන්නවා එහෙම නෙමෙයි...
දන්සල් නම් කමක් නැහැ..
ReplyDeleteනිකන් දෙනවනම් ඔන්න ඔහේ කාලා දාමු.
හැබැයි මම කියුවේ දන්සල් ගැන ඔන්...
කවියෙන් කියන දන්සලක්... ම්ම්ම්... එපා ඔය දන්සල් වලින් කන්න යන්න, ආස උනාට කොහොම උයනවද දන්නේ නෑනේ දන්සලේ???
ReplyDeleteඔය දන්සල් නම් වැහිලා යන තරමටම හොදයි.ඒක දන්සල් කන අයටයි දන්සල් දාන අයටයි දෙගොල්ලන්ටම හොදයි.
ReplyDeleteඒක නෙමේ. මොකෑ එකපාරටම දන්සලක් මතක් උනේ ?
@වර්ණා :
වර්ණා නංගිට දන්සලකින් අමු කැවිලද දන්නේ නෑ.
දැන් විභාගෙ ඉවරද මල්ලි....
ReplyDeleteමේ ගැන නම් කියලා වැඩක් නත.දන්සැල් දෙන අයට තේරෙනකොට පෙරහැර ගිහින් ඉවරය.
දන්සැල් ගැන කතා කරලා වැඩක් නෑ... ඒත් බං ගෙදර ඉදෙන බත තරම් දන්සැල් වල කෑම රහ නෑ....
ReplyDeleteදැන් කොහෙද ඔය දන්සල තියෙන්නේ ? අපිට යන්ඩ නම් නෙවේ ඇහුවේ අපි ඔය දන්සල් වලින් කන උදවිය නෙවේ අපි හොඳ හෝටල් වලින් කාපු බීපු අය හරිද
ReplyDeleteඑල කවි සෙට් එක ඈ .
මේක මම දන්න කෙනෙක් නිසා මට ලියන්න හිතුන දෙයක්. ප.ලි. වලට ඒක දාන්න අමතක වුනා. ඔන්න දැන් ඒක දැම්මා.
ReplyDelete@පොදු ජ'නලය
ReplyDeleteස්තූතියි සහෝ!
@පිස්සා පලාමල්ල
ඈ බං අයියේ, මම කොහොමද බොට අයිය වුනේ...???:) අයියෝ අර සිංහලෙන්ම කියල තියෙද්දී ආයෙත් අහනවා..:( දන්සලක් ගැන තමා කිව්වේ.
@Gimhani
වෙන්නැති අක්කේ, එහෙම අයත් ඇති ඉතින්.
@Chathuranga Perera
අනේ මන්ද අයියේ, මොන විදියට වුනත් එකම වැඩේ නේ....:) අපොයි එහෙම සල්ලි නොදී මාරු වෙන එක නම් පව් නේද? :ඩී
@පිස්සා පලාමල්ල
දන්සලක් ගැන...........!!!!
@රාජ්
අත්දැකීමෙන්ද මන්ද කියන්නේ.....:ඩී
@මහිම මදුරංග
හ්ම්ම් හ්ම්ම්. උඹ දන්නවා ඇතිනේ.
@sameera
ReplyDeleteඔව් ඉතින් වන්දනා කරන එකේ නම් වරදක් නෑ සහෝ. දෙන කෙනාට තමයි දවසක වැරදුනොත් වරදින්නේ.
@බීටා
මම දන්න කෙල්ලෙක් ඉන්නවා බං මෙහෙම දන්සලක් දෙන. ඒ ගැන මට ලියන්න හිතුනා.
@nawammawatha
හා හා දැන් පවුල් පන්සල් වෙලා නේද? මට බෑ ඔය දන්සල් තියන තැන කියල ගුටි කන්න.
@සාතන්
අලේ නෑ නෑ මම ගියේ නෑ....:( මම තාම පොඩි එකා....:)
@Dude
ඒක තමා, පවුලට අහු වෙන්නම යැව්වා නම් හරි.:ඩී
@Anonymous
ඇයි සහෝ එහෙම කියන්නේ....?:)
@Dinesh
හෑහ් මීට කලින් මම 5ක් විතර ලියලා තියනවා නේ.:( නිසදැස් කියල ලේබල් එකේ ඇති. ඒවාට කමෙන්ට්නුත් දාල තියනවා.
@වර්ණා
ReplyDeleteඒක ඇත්ත, නිකන් දෙනවා නම් කෑවට මොකද නේද? ;)
@Shani
ඒක නම් ඇත්ත නගෝ. ඕවයේ මොන ජරාව තියේද දන්නේ නෑ නේ.
@මධුරංග
ඒවා වැහෙන එක කන අයට කෙසේ වෙතත් දෙන අයට නම් ගොඩක් හොඳයි බං.
@නිසුපා
තව එක සබ්ජෙක්ට් එකක් තියනවා අක්කා.
ඒක තමයි ප්‍රශ්නේ අක්කේ දීපු දන්සල් වල ආදීනව තේරෙනකොට වෙන්න තියන දේවල් වෙලා. එතකොට පරක්කු වැඩියි.
@prasanna86k
අනිවා! ගෙදර බත තරම් රහක් ගුණක් ඔය කිසි දන්සලක නෑ.
@හිස් අහස
නෑ නෑ කියන්නෙම නෑ. උඹ ඔය හොරෙන් එන්න අහන්නේ.;)
අපුරුයි....
ReplyDeleteමේ කියන දන්සැල් දෙන උදවිය කන්න(?) දෙන්නේ පින් තකා නෙමෙයිනේ,
තමන්ගේ සන්තෝසෙටනේ
හැබැයි ඒ සන්තෝසෙ ලබන්න හැමෝටම කන්න දෙන්න ඕනිද කියන එකත් ප්‍රශ්නයක් (ගෙදර හදන කෑමවේල කාල සන්තෝසෙන් ඉන්න අය එක්ක බැලුවහම)
එහෙම බැලුවහම හිතෙන්නේ කීයක්හරි හොයා ගන්න බත් කඩයක් කරන අය හොඳයි කියල මේ විදිහට දන්සැල් දෙන අයට වඩා
හැබැයි ඉතින් කන්න එන එකාගේ පැත්තෙන් බැලුවම, වඩා හොඳ දන්සැල්ම තමා....
කවුද බොලේ ඒ දන්න කියන එක්කෙනා.. හොද වෙලාවට දැංවත් ඒ ප.ලි කෑල්ල දැම්මේ..
ReplyDeleteකිවුවත් වගේ කලින් කවි දාලා තියෙනව නේන්නම්.. මේ දවස් වල මගේ මීටරේ හොද නෑ බං ගනන් ගන්න එපා..
ම්ම්ම්ම්ම්ම්ම්....ලස්සන අදහස...
ReplyDeleteමට තේරුණාද මන්දා මේක??? හ්ම්ම්ම්.... දන්සැල් වලින් කෑවා වගේ නෙවෙයි... පස්සෙ විදවන්න වුනොත්......
ReplyDelete@ලොකු පුතා
ReplyDelete"මේ කියන දන්සැල් දෙන උදවිය කන්න(?) දෙන්නේ පින් තකා නෙමෙයිනේ, තමන්ගේ සන්තෝසෙටනේ"
අනිවා සහෝ. ඒකනේ මම එතන ප්‍රශ්නාර්ථයක් දාල තියෙන්නේ. ගෙදර කෑම තරම් ඔය එකක් වත් වැඩක් නෑ බං. කන අයගේ පැත්තෙන් බැලුවොත් දන්සල්ම තමා හොඳ. හැබැයි දන්සල් දෙන අයට තමා කවදා හරි වරදින්නේ.
@Dinesh
ආහ් ඇයි අහන්නේ? එන්නද???? ;)
@~~තරූගේ ලෝකය~~;
ස්තූතියි සහෝ!
@Andare
ස්තූතියි!
@හිතුවක්කාරි
ඒක ඇත්ත නගෝ. එහෙම අවධානමක් නම් තියනවා.
දන්සැල් වලින් කන්න එපා බං. බඩේ අමාරුව හැදෙනවා. ගෙදර බත් කොච්චර හොඳද.
ReplyDeleteඔය නවමා චූටි මැණිකේගෙන් ළඟදිම කන්නයි යන්නෙ.
ඇයි උඹට දන්සැල් ගානේ යන්න පුළුවන්නම් අපි ආවම නරකද??
ReplyDelete@පිණිබිඳු
ReplyDeleteඅපෝ ඔව් අක්කේ ඕව මහ ලෙඩ වැඩ. හැබැයි වැඩේ තියෙන්නේ ගෙදර තාම බත් උයන්නේ නැති එක.:පී
නවම් අයිය මාවත් ඕවට මාට්ටු කරන්න යන්නේ.
@Dinesh
හෑහ්, දැන් කවුද කිව්වේ මම දන්සල් ගානේ ගියා කියල?:(
ඔය වගේ දන්සැල් වලට තමා අර බෝඩ් ගහල තියෙන්නේ..
ReplyDelete"තාමත් බෙදා හදාගෙන කෑමට ගැනීමට පුළුවන" කියලා.
අවුල කියන්නේ සමහර දන්සැල් දැක්කාම හිතන්න බෑනේ මේක දන්සැලක් කියලා.කාගෙන යද්දි තමා තේරෙන්නේ කෑම රහ නෑ කියලා. කොහොමත් ඉතින් ගොඩකට දෙන්න හන්දා ඕවයේ ලුණු,ඇඹුල් පදමට නෑ මයෙ හිතේ..
අලේ මේක ස්පෑම් වෙලා තිබුනේ, දැන් දැක්කේ. මේවා නම් අත්දැකීමෙන් කියනවද මන්ද? ;) ඒක හරි කාටත් උයනවා කියන්නේ රහ කෑම රස නෑ තමයි.:)
Delete