twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Wednesday, January 11, 2012

දන්සැල



 ඇති තරම් බෙදාගෙන කන්නට 
හොඳ අතුරුපසකුත් එක්කම
ඕනෑ තරම් කෑම තියන
පුංචි උඹේ දන්සල

රටේ ලෝකෙ කවුරුත්ම
ඇවිත් කා බී සතුටු වී යන
උන්ගෙ සතුටමද උඹේ සතුට?
නොතේරේ නංගියේ මට

වරදීවි දවසක උඹට
අසරණ වේවි හොඳටම
ඔය දන්සලෙන් කාපු කවුරුවත් 
එදාට නැතිවේවි උඹ ළඟ

දුකයි මට උඹ ගැන
උඹ ඔය යන විදිය ගැන
ඒත් මොනව කරන්නද
මාත් හරි ආසයි උඹේ දන්සලට

අතෑරපන් ඔය මෝඩකම
පාලනය කරගනින් ඔය ආසාව
දැන්වත් හොඳට තේරුම් අරන්
වහල දාපන් උඹේ ඔය දන්සල

..................................................................................................................................
ප.ලි. මේක මම දන්න කියන කෙනෙක් ගැන හිතට ආපු සිතුවිල්ලක්. අත්දැකීමක් නෙමෙයි හරිද.....:D

36 comments:

  1. අයියා කතා කරන්නේ දන්සැලක් ගැනද නැත්තම් බත් කඩයක් ගැනද... දන්සැලක්නම් ඉතින් මොනා කරන්නද නිකන් කන්න බොන එකේ ගිහින් කාල එනවා මිසක් ඕකෙ හතර මායිම් හොයන්න ඕනය...

    ReplyDelete
  2. දන්සෑල් වලින් කන්න අකමැති අයත් ඉන්නව නේද ?

    ReplyDelete
    Replies
    1. දීල බලන්නකො...කට්ටිය නොකාම් ඉඳීද කියල.

      Delete
  3. මට නම් හිතෙන්නේ දන්සැලට වඩා සුදුසු බත් කඩය තමා. සමහරු කාලා සල්ලි දීලා ගනුදෙනු බේරලා එනවා. සමහරු සල්ලි නොදී කාලා මාරුවෙනවා !!!

    ReplyDelete
  4. Gimhani : දන්සැල් වලින් කන්න අකමැතියි කියන උන්ම තමයි ඔව්වයෙන් කන්නේ... කවුද අකමැති හික් හික්... දන්සැලුයි බත් කඩයි කියන්නේ දෙකක්. කසුන් කියන්නේ දන්සැලක් ගැනද බත් කඩයක් ගැනද කියන්න දන්නෙ නෑ...

    ReplyDelete
  5. දන්සැල බත්කඩේට වඩා හොදයි.

    ReplyDelete
  6. කසුන් කියන්නේ දන්සලක් ගැනම තමා

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මෙතන කියන්නෙ මේ දන්සල් දෙන්ඩ එපා කියලා විතරනේ , දෙන දන්සලත් හොදනං දන්සලේ කෑමත් හොදනං දන්සල වැන්දාට ඇති වරද කිම.......?

    ReplyDelete
  9. දන්සල් කන්න අකමැති කවුද... හික්
    සල්ලි දීලා කන එකට වඩා නිකන් කන එක හොඳා.....

    නියමෙට ලියලා තියනවා අයියේ...මොකෝ මේ වගේ දෙයක් ලියන්න හිතුනේ

    ReplyDelete
  10. අඩේ කොහෙද බං ඕක තියෙන්නෙ... කාලෙකින් දන්සැලකින් කෑවෙ නෑ. ;)

    ReplyDelete
  11. උඹ විභාග අස්සෙ දන්සල් වදින්නත් යනවද?... ගිහින් පාඩම් කරපන්.. ඕව අස්සෙ රිංගන්න යන්නෙ නැතුව... ;)

    ReplyDelete
  12. අනේ ඔය නවම් මාවතට පෝස්ට් කාඩ් එකක් දාපං කසුන් ඕක කොහෙද තියෙන්නෙ කියලා. ටෙලිග්‍රෑම් එකක් උනත් කමක් නෑ.

    henryblogwalker the dude

    ReplyDelete
  13. Iya honda dan salakin kala nethi hedai

    ReplyDelete
  14. මේ පහුගිය ටිකේ විභාගෙ තියෙනවයි කියපු එකා දන්සැල් ගානේ ගියාද???

    මොනා උනත් කවි ටිකනම් එලකිරි... මම මේ උඹ ලියපු කවියක් කියෙවුවමද කොහෙද??? ඔය දන්සැල් වැන්දා වගේ නෙමෙයි බඩ ලෙඩ කර ගන්නවා එහෙම නෙමෙයි...

    ReplyDelete
  15. දන්සල් නම් කමක් නැහැ..
    නිකන් දෙනවනම් ඔන්න ඔහේ කාලා දාමු.
    හැබැයි මම කියුවේ දන්සල් ගැන ඔන්...

    ReplyDelete
  16. කවියෙන් කියන දන්සලක්... ම්ම්ම්... එපා ඔය දන්සල් වලින් කන්න යන්න, ආස උනාට කොහොම උයනවද දන්නේ නෑනේ දන්සලේ???

    ReplyDelete
  17. ඔය දන්සල් නම් වැහිලා යන තරමටම හොදයි.ඒක දන්සල් කන අයටයි දන්සල් දාන අයටයි දෙගොල්ලන්ටම හොදයි.
    ඒක නෙමේ. මොකෑ එකපාරටම දන්සලක් මතක් උනේ ?

    @වර්ණා :
    වර්ණා නංගිට දන්සලකින් අමු කැවිලද දන්නේ නෑ.

    ReplyDelete
  18. දැන් විභාගෙ ඉවරද මල්ලි....

    මේ ගැන නම් කියලා වැඩක් නත.දන්සැල් දෙන අයට තේරෙනකොට පෙරහැර ගිහින් ඉවරය.

    ReplyDelete
  19. දන්සැල් ගැන කතා කරලා වැඩක් නෑ... ඒත් බං ගෙදර ඉදෙන බත තරම් දන්සැල් වල කෑම රහ නෑ....

    ReplyDelete
  20. දැන් කොහෙද ඔය දන්සල තියෙන්නේ ? අපිට යන්ඩ නම් නෙවේ ඇහුවේ අපි ඔය දන්සල් වලින් කන උදවිය නෙවේ අපි හොඳ හෝටල් වලින් කාපු බීපු අය හරිද

    එල කවි සෙට් එක ඈ .

    ReplyDelete
  21. මේක මම දන්න කෙනෙක් නිසා මට ලියන්න හිතුන දෙයක්. ප.ලි. වලට ඒක දාන්න අමතක වුනා. ඔන්න දැන් ඒක දැම්මා.

    ReplyDelete
  22. @පොදු ජ'නලය
    ස්තූතියි සහෝ!

    @පිස්සා පලාමල්ල
    ඈ බං අයියේ, මම කොහොමද බොට අයිය වුනේ...???:) අයියෝ අර සිංහලෙන්ම කියල තියෙද්දී ආයෙත් අහනවා..:( දන්සලක් ගැන තමා කිව්වේ.

    @Gimhani
    වෙන්නැති අක්කේ, එහෙම අයත් ඇති ඉතින්.

    @Chathuranga Perera
    අනේ මන්ද අයියේ, මොන විදියට වුනත් එකම වැඩේ නේ....:) අපොයි එහෙම සල්ලි නොදී මාරු වෙන එක නම් පව් නේද? :ඩී

    @පිස්සා පලාමල්ල
    දන්සලක් ගැන...........!!!!

    @රාජ්
    අත්දැකීමෙන්ද මන්ද කියන්නේ.....:ඩී

    @මහිම මදුරංග
    හ්ම්ම් හ්ම්ම්. උඹ දන්නවා ඇතිනේ.

    ReplyDelete
  23. @sameera
    ඔව් ඉතින් වන්දනා කරන එකේ නම් වරදක් නෑ සහෝ. දෙන කෙනාට තමයි දවසක වැරදුනොත් වරදින්නේ.

    @බීටා
    මම දන්න කෙල්ලෙක් ඉන්නවා බං මෙහෙම දන්සලක් දෙන. ඒ ගැන මට ලියන්න හිතුනා.

    @nawammawatha
    හා හා දැන් පවුල් පන්සල් වෙලා නේද? මට බෑ ඔය දන්සල් තියන තැන කියල ගුටි කන්න.

    @සාතන්
    අලේ නෑ නෑ මම ගියේ නෑ....:( මම තාම පොඩි එකා....:)

    @Dude
    ඒක තමා, පවුලට අහු වෙන්නම යැව්වා නම් හරි.:ඩී

    @Anonymous
    ඇයි සහෝ එහෙම කියන්නේ....?:)

    @Dinesh
    හෑහ් මීට කලින් මම 5ක් විතර ලියලා තියනවා නේ.:( නිසදැස් කියල ලේබල් එකේ ඇති. ඒවාට කමෙන්ට්නුත් දාල තියනවා.

    ReplyDelete
  24. @වර්ණා
    ඒක ඇත්ත, නිකන් දෙනවා නම් කෑවට මොකද නේද? ;)

    @Shani
    ඒක නම් ඇත්ත නගෝ. ඕවයේ මොන ජරාව තියේද දන්නේ නෑ නේ.

    @මධුරංග
    ඒවා වැහෙන එක කන අයට කෙසේ වෙතත් දෙන අයට නම් ගොඩක් හොඳයි බං.

    @නිසුපා
    තව එක සබ්ජෙක්ට් එකක් තියනවා අක්කා.

    ඒක තමයි ප්‍රශ්නේ අක්කේ දීපු දන්සල් වල ආදීනව තේරෙනකොට වෙන්න තියන දේවල් වෙලා. එතකොට පරක්කු වැඩියි.

    @prasanna86k
    අනිවා! ගෙදර බත තරම් රහක් ගුණක් ඔය කිසි දන්සලක නෑ.

    @හිස් අහස
    නෑ නෑ කියන්නෙම නෑ. උඹ ඔය හොරෙන් එන්න අහන්නේ.;)

    ReplyDelete
  25. අපුරුයි....
    මේ කියන දන්සැල් දෙන උදවිය කන්න(?) දෙන්නේ පින් තකා නෙමෙයිනේ,
    තමන්ගේ සන්තෝසෙටනේ
    හැබැයි ඒ සන්තෝසෙ ලබන්න හැමෝටම කන්න දෙන්න ඕනිද කියන එකත් ප්‍රශ්නයක් (ගෙදර හදන කෑමවේල කාල සන්තෝසෙන් ඉන්න අය එක්ක බැලුවහම)

    එහෙම බැලුවහම හිතෙන්නේ කීයක්හරි හොයා ගන්න බත් කඩයක් කරන අය හොඳයි කියල මේ විදිහට දන්සැල් දෙන අයට වඩා

    හැබැයි ඉතින් කන්න එන එකාගේ පැත්තෙන් බැලුවම, වඩා හොඳ දන්සැල්ම තමා....

    ReplyDelete
  26. කවුද බොලේ ඒ දන්න කියන එක්කෙනා.. හොද වෙලාවට දැංවත් ඒ ප.ලි කෑල්ල දැම්මේ..

    කිවුවත් වගේ කලින් කවි දාලා තියෙනව නේන්නම්.. මේ දවස් වල මගේ මීටරේ හොද නෑ බං ගනන් ගන්න එපා..

    ReplyDelete
  27. ම්ම්ම්ම්ම්ම්ම්....ලස්සන අදහස...

    ReplyDelete
  28. මට තේරුණාද මන්දා මේක??? හ්ම්ම්ම්.... දන්සැල් වලින් කෑවා වගේ නෙවෙයි... පස්සෙ විදවන්න වුනොත්......

    ReplyDelete
  29. @ලොකු පුතා
    "මේ කියන දන්සැල් දෙන උදවිය කන්න(?) දෙන්නේ පින් තකා නෙමෙයිනේ, තමන්ගේ සන්තෝසෙටනේ"

    අනිවා සහෝ. ඒකනේ මම එතන ප්‍රශ්නාර්ථයක් දාල තියෙන්නේ. ගෙදර කෑම තරම් ඔය එකක් වත් වැඩක් නෑ බං. කන අයගේ පැත්තෙන් බැලුවොත් දන්සල්ම තමා හොඳ. හැබැයි දන්සල් දෙන අයට තමා කවදා හරි වරදින්නේ.

    @Dinesh
    ආහ් ඇයි අහන්නේ? එන්නද???? ;)

    @~~තරූගේ ලෝකය~~;
    ස්තූතියි සහෝ!

    @Andare
    ස්තූතියි!

    @හිතුවක්කාරි
    ඒක ඇත්ත නගෝ. එහෙම අවධානමක් නම් තියනවා.

    ReplyDelete
  30. දන්සැල් වලින් කන්න එපා බං. බඩේ අමාරුව හැදෙනවා. ගෙදර බත් කොච්චර හොඳද.

    ඔය නවමා චූටි මැණිකේගෙන් ළඟදිම කන්නයි යන්නෙ.

    ReplyDelete
  31. ඇයි උඹට දන්සැල් ගානේ යන්න පුළුවන්නම් අපි ආවම නරකද??

    ReplyDelete
  32. @පිණිබිඳු
    අපෝ ඔව් අක්කේ ඕව මහ ලෙඩ වැඩ. හැබැයි වැඩේ තියෙන්නේ ගෙදර තාම බත් උයන්නේ නැති එක.:පී

    නවම් අයිය මාවත් ඕවට මාට්ටු කරන්න යන්නේ.

    @Dinesh
    හෑහ්, දැන් කවුද කිව්වේ මම දන්සල් ගානේ ගියා කියල?:(

    ReplyDelete
  33. ඔය වගේ දන්සැල් වලට තමා අර බෝඩ් ගහල තියෙන්නේ..
    "තාමත් බෙදා හදාගෙන කෑමට ගැනීමට පුළුවන" කියලා.

    අවුල කියන්නේ සමහර දන්සැල් දැක්කාම හිතන්න බෑනේ මේක දන්සැලක් කියලා.කාගෙන යද්දි තමා තේරෙන්නේ කෑම රහ නෑ කියලා. කොහොමත් ඉතින් ගොඩකට දෙන්න හන්දා ඕවයේ ලුණු,ඇඹුල් පදමට නෑ මයෙ හිතේ..

    ReplyDelete
    Replies
    1. අලේ මේක ස්පෑම් වෙලා තිබුනේ, දැන් දැක්කේ. මේවා නම් අත්දැකීමෙන් කියනවද මන්ද? ;) ඒක හරි කාටත් උයනවා කියන්නේ රහ කෑම රස නෑ තමයි.:)

      Delete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.