twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Monday, April 4, 2011

ජීවිතේ සුන්දරද මෙතරම්

ගොඩක් දවසකින් තමයි මේ පෝස්ට් එකක් දාන්නෙ. විභාගයකට පාඩම් කලා. බාගයක් ඉවරයි, ඉතුරු බාගෙ අවුරුද්දෙන් පස්සෙ තියෙන්නෙ. අනිත් අයගෙ පෝස්ට් කියව කියව තමයි හිටියෙ. දාන්නෙ මොකක්ද කියල හිතනකොට මට කල්පනා වුනා ලස්සන සිද්දියක්. මම කැම්පස් එකේ පළවෙනි අවුරුද්දෙ ඉන්නකොට දැකපු සීන් එකක්. ඒක මට ගොඩක් හිතට වැදුන දෙයක්. හරි දැන් නමස්කාරෙ කිව්ව ඇති කතාවට එමුකො.

ලෙක්චර් එකක් නැති වෙලාවක මම ගියා කැන්ටීන් එක පැත්තෙ තේකක් බොන්න. කන්නත් මොනවද අරගෙන (ගත්තෙ මොනවද කියල හරියට මතක නෑ) තේ එකකුත් අරගෙන මම මේසෙක වාඩි වුනා. ගත්ත එක කන්න හදනකොටම මට ලස්සන දර්ශනයක් මීටර් වුනා. මගේ මේසෙට මේස දෙකක් ඉස්සරහ මේසෙ ලස්සන කුරුලු ජෝඩුවක් තේ බොනවා.


  කුරුලු ජෝඩුවක් කිව්වට බය වෙන්න එපා, කොල්ලෙකුයි කෙල්ලෙකුයි. උන් දෙන්නගෙ හෙනම කිචි කිචිය. හිනා වෙනව හුරතල් වෙනව එතන එක විකාරයයි. කරුමෙ කියන්නෙ මට ඉතින් ඔය වගේ දෙයක් නම් සිටිස් ගාල මීටර් වෙනවා. මම දැන් ඉතින් කන ගමන් ඔය පැත්තට ඇහැ දාගෙන ඉන්නෙ. කොල්ල නම් තේක බීල ඉවර කලා. කෙල්ල නම් කොල්ලගෙ උරේට ඔලුව තියාගෙන තේක කනව. කෙල්ලගෙ කොන්ඩ රැල්ලක් මූනට වැටිල. ඒපාර කොල්ල එකත් එක්ක සෙල්ලම් කරනව. අර පූස් පැටියෙක්ට නූල් කෑල්ලක් ලැබුනම ඌ සෙල්ලම් කරන්නෙ, අන්න ඒ වගේ සීන් එකක් තමයි මට එක පාරට මතක් වුනේ.

කොහොම හරි කෙල්ලත් තේක කාල ඉවර කලා. දැන් මුන් දෙන්නගෙ ආයෙත් කිචි කිචිය. මට අහන්නත් හිතුන මොනවද දෙයියනේ ඔච්චර කතා කරන්න තියෙන්නෙ කියල. ඇයි යකෝ මුන්ගෙ කටවල් රිදෙන්නෙ නැද්ද? හිනාවෙනව, විරිත්තනව, ඔරවනව, බොරුවට තරහ වෙනව, ආයෙත් හිනා වෙනව, එතන නිකන් පෙර පාසලක් වගේ. එක පාරක් අර කෙල්ල කොල්ලගෙ උරහිසත් හැපුව. මමත් හපන්න කවුරු හරි හෙව්ව, වෙලාවට ලඟ පාත කවුරුවත් හිටියෙ නෑ. මම අතේ තිබුන තේ කෝප්පෙ හපාගෙන හිටිය. ඒපාර කොල්ල කෙල්ල දිහා හැරිල මේසෙ උඩ ඔලුව තියා ගත්ත. දැන් කෙල්ල කොල්ලගෙ ඔලුව අත ගානව. මට අර සිරසෙ ගිය 'දෙදාහක් ආදරෙන්' කතාවෙ සිංදුව මතක් උනා.

ඔබ මගේ වෙලා...
මගෙ ලඟට වෙලා...
නිවාඩු පාඩුවේ කියන්න
ආදරේ කියා...


ඒත් මුන්ගෙ කතාව නම් නවතින්නෙ නෑ. මගේ දකුණු පැත්තෙ මේසෙ හිටපු කෙල්ලො ටිකටත් දැන් තේරිලා මම කන්න වගේ අර දෙන්න දිහා බලගෙන ඉනනව කියල. උන් මගේ දිහා බලගෙන ඉන්නවා. මම ඉතින් වැරදි දෙයක් දිහා නෙමෙයිනෙ බලාගෙන ඉන්නෙ, උන්ට ඕන කුදයක් ගහ ගන්න කියල මම බලාගෙනම හිටිය.

ඒ පාර කෙල්ල බත් එකක් එලියට ගත්ත බෑග් එකෙන්. මම හිතන්නෙ තේ බීල ඩෙසර්ට් එකට කන්න වෙන්න ඇති. කොල්ලත් ඔලුව උස්සල දෙන්නත් එක්ක බත් එක කන්න පටන් ගත්ත. කෙල්ල පළවෙනිම කට කැව්වෙ කොල්ලට. ඒපාර කොල්ලත් කටක් අනල කෙල්ලට කැව්ව. දැන් වැඩේ දිගට යනව. කෙල්ල කොල්ලට කවනව, කොල්ල කෙල්ලට කවනව, මම උන් දෙන්න කන දිහා බලාගෙන ඉන්නව. දැන් මෙතන අමුතුම තරඟයක්. කෙල්ල බලන්නෙ කොල්ල තමන්ට කවන බත් කටට වඩා රස කටක් කොල්ලට කවන්න, කොල්ල බලන්නෙ කෙල්ල තමන්ට කවනවට වඩා රසට කෙල්ලට කවන්න. දැන් හෙනම ගේම, දෙන්න දැන් තරඟෙට එළවලු දාල අනනව. මට පේනව දැන් එළවලු ටික සිටි පිටි ගාල ඉවර වෙනව. ඔය කැම්පස් එක ලඟ කඩ වලින් කෑම ගත්තම හරි අමාරුවෙන් එලවලු ටික පිරිමහගන්නෙ. එහෙම එකේ ඔහොම කවන්න ගියොත් හොඳට තියේවි. මට තෙරුනා වෙන්න යන විනාසෙ. දැන් ඔන්න එක පාරටම වැඩේ නැවතුනා. මම ටිකක් ඉස්සිල බැලුව මොකද කියල. වැඩේ හරි මම කිව්වෙ, එළවලු ඉවර වෙලා. තව බත් එකෙන් බාගයක් විතර තියනවා. දැන් දෙන්න මූනට මූන බලගෙන හිනා වෙනව. දෙන්නටම හිනා වුන වැඩේට. පැත්තක හිටපු මටත් හිනා. ඒපාර දෙන්නත් එක්ක බත් ඇට ඇහිඳ ඇහිඳ කන්න පටන් ගත්ත. ගොන් කමනෙ ඉතින්, පිස්සුවෙන් වගේ එළවලු ටික කාල ඉවර වෙලා දැන් නිකන් බත් කනව.

ඒ ජීවිත කොයි තරම් නම් ලස්සනද කියල මට හිතුන. මම හිතනව ඒ පිටින් පෙනුන ලස්සන ඒ විදියටම ඇතුලතිනුත් ඇති කියල. මම ප්‍රාර්ථනා කලේ ඒ සතුට හැමදම උන් දෙන්න ලඟ තියෙන්න කියල. ඒ දෙන්න එකට ඉඳිද්දි ලෝකෙ පෙරලුනත් උන් දන්නෙ නෑ. එහෙම තමයි වෙන්නත් ඕන. එතකොට මොන ප්‍රශ්නෙ ආවත් ඒ දෙන්න එකට ඉන්නකල් සතුටින් ඉන්න පුලුවන්නෙ.




ඔන්න වැඩේ දෙල් වුනා. කොල්ලට තේරුනා මම උන් දෙන්න දිහා බලාගෙන ඉන්නව කියල. ඊට පස්සෙ කෙල්ලයි කොල්ලයි දෙන්නම මගේ දිහා දෙතුන් පාරක් බැලුව. අනේ ඉතින් මම වැරදි දෙයක් දිහා නෙමෙයිනෙ බලන් හිටියෙ. ඒ වුනට ඉතින් මම තවත් එතන ඉන්න එක උන්ගෙ නිදහසට බාධාවක් කියල මට තෙරුනා. ඇයි ඉතින් දැන් මම බලාගෙන ඉන්නෙ කියල දන්නවනෙ. සුනිල් එදිරිසිංහ මහත්තයගෙ සිංදුවක් කියාගෙන හිත හදාගෙන මම නැගිටල එන්න ආව.

හිඳීවි කොතැනක හෝ....
හිමිකාරයා උපන් නුඹේ නමින්,
වඩීවි කෙදිනක හෝ...
ඒ එනතුරා... හිත හදාගෙන ඉඳින්


ප.ලි. අර ඉතුරු බත් ටිකට මොකද කලේ කියල බලාගන්න බැරි වුනානෙ.

11 comments:

  1. තව ඩින්ගෙන් කසුනෙක් හොයන්න වෙනවා. අඩේ මටත් කියන්න තියෙන්නේ ඔය සිංදුවම තමා. බය වෙන්න එපා සහෝ උබටයි මටයි කියලා කෙල්ලො දෙන්නෙක් කොහේ හරි ඉඩීවී නේ බං.

    සිරාම ලස්සනයි ලියලා තියෙන විදිහ නම්. එල එල...
    දිගටම ලියපං මචෝ...

    (ලකින්ම ලියලා කලින්ම පබ්ලිස් කරලා තිබ්බා. කියවන්න බලද්දි ලිපිය නෑ. ඩ්‍රාෆිට් එකට දාලා)

    ReplyDelete
  2. පට්ට කතාව........ උදළු, පිහි නැති ලස්සන love storyය. සින්දුව කියන්න මාත් එනවා.

    ReplyDelete
  3. කසුන් අය්යා නියමෙටම ලියලා තියනවා..........
    කසුන් අය්යටය් මදුරංග අය්යටය් ලඟදිම හොද කෙල්ලෝ දෙන්නෙන් සැට් වෙන්ට කියලා මම ප්‍රාර්තනා කරනවා ඕං

    ReplyDelete
  4. @මධුරංග

    ඒක තමයි බං. අපි බෑන්ඩ් එකක් දාගෙනම මේ සින්දුව කියමු. ගොඩක් අය ඉන්නව වගේ මේක කියන්න.

    එහෙම හිටියොත් නම් හොඳයි බං.

    (ඔව්, මම කලින් දාල අයෙත් අයින් කලා පොඩ්ඩක් වෙනස් කරන්න.)

    @Blog Walk on Dew

    thanks මචෝ. අනිවා, අපි සෙට් වෙලා කියමු. අපි බෑන්ඩ් එකක් දාන්න යන්නෙ ඕක කියන්නම. උඹත් වරෙන්.

    @බීටා

    එලකිරි මල්ලියෝ. එහෙම හරි අපිව ගොඩ දාන්න බලපන්.

    ReplyDelete
  5. උබටත් අනුන්ගෙ මගුලක් බැලුවෙ නැත්තම් නින්දයන්නෙ නේ නෑ නේ

    ReplyDelete
  6. @mahima
    ඔව්නෙ ඉතින්, උඹ දන්නවනෙ ඩයල් එක ගැන.

    ReplyDelete
  7. මගේ කරුමෙද මන්ද සාතන් එක්ක වැඩ කරන පොරවල්( අවු 40 ට වැඩී ඔක්කෙමල) එකෙක් කියන්නෙ නෑනෙ කෙල්ලෙක් අල්ලන් කසාදයක් බැදගනින් කියල... උන් කියන්නෙ මේකෙ ෆන් එකක් තියෙනව තමයි... ඒත් උඹල තාම වාසනාවන්තයි අපි වගේ නෙමෙයි කියල... මොකද ‍මන්ද?..

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. @සාතන්
    අනේ මන්ද. හැබැයි පොඩි ළමයි වැඩිහිටියන්ගෙ අවවාද පිලිගන්න ඕන නෙ. :P

    ReplyDelete
  10. අනේ දුක හිතුනා මට තනි ඇහට ඇඩේන්න

    ReplyDelete
  11. හීන ඇත්ත වෙනවනම්.. :( :(

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.