twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Thursday, April 21, 2011

විෂය භාර දෙවියන් වෙත ලියමි

                                                                                                                     කසුන්,
                                                                                                                     "කසුන්ට හිතෙන හැටි",
                                                                                                                     බ්ලොග් අවකාශය.
                                                                                                                     2011/04/21

දේව සභාව,
තව්තිසාව

දෙවියන් වහන්ස,

මා මේ ලිපිය මුලු දේව සභාව වෙතටම යොමු කරන්නේ මාගේ ප්‍රශ්නයට අදාල දෙවියන් කවුරුන් දැයි මා නොදන්නා නිසාය. නමුත් මෙය අදාල වන්නේ විශය බාර දෙවියන් වහන්සේ වෙතය. අදාල දෙවියන් විසින් මෙය බාර ගෙන මෙයට ඉක්මන් විසඳුමක් දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි. මම ප්‍රශ්නය ඍජුවම ඉදිරිපත් කරමි. මම තවම තනිකඩය. මෙය දැවෙන ප්‍රශ්නයක් බව ඔබ වහන්සේට අමුතුවෙන් කිව යුතු නැත. මෙය මට පමණක් ඇති ප්‍රශ්නයක් නොවේ. කෙල්ලන් කොල්ලන් විශාල සංඛ්‍යාවක් මේ ප්‍රශ්නයෙන් පීඩා විඳියි. අපේ බ්ලොග් ලියන මධුරංගයාද ඉන් එකෙකි. කෙල්ලන් කොල්ලන් පමනක් නොව ඇතැම් වැඩිහිටි ගැහැණුන් හා පිරිමින්ද මේ නිසා පීඩා විඳින බව ඔබ වහන්සේ සමහර විට නොදන්නවා විය හැක. ඒ සියල්ලන්ම වෙනුවෙන් මම ගේමට බැස්සේ ඒ නිසාය.


අත රිදෙන කල් මැසේජ් කරන්නට, කට රිදෙනකල් කතා කරන්නට, කන රිදෙනකල් අහන් ඉන්නට කෙනෙක් නැත. හුරතල් වෙන්නට, රන්ඩු වෙන්නට, බොරුවට තරහ වුනාම යාලු කරගන්නට කෙනෙක් නැත. හිතට දුකක් ආපු වෙලාවට දුක කියන්නට, ප්‍රශ්න වලින් ඔලුව පිරිච්ච වෙලාවට කතා කරල හිත හදාගන්නට, හයියෙන් අඬන්න හිතුන වෙලාවට උකුල උඩ ඔලුව තියාගෙන අඬන්නට කෙනෙක් නැත. උදේට කෝල් එකක් දී මා ඇහැරවා 'ගුඩ් මෝනිං' කියන්නට, රෑට 'ගුඩ් නයිට්' මැසේජ් එකක් එවන්නට, දවල්ට කෝල් එකක් දී කෑවද කියා අහන්නට කෙනෙක් නැත. හැම තිස්සෙම මගේ ගැන හොයන්නට, හැම තිස්සේම මගේ ලඟින් ඉන්නට, මගේම කියා කියන්නට කෙනෙක් නැත. ඉහත සඳහන් සියලුම කාරනා අත්‍යාවශ්‍ය කාරණා බව ඔබ වහන්සේට අමුතුවෙන් කිව යුතුද නැත.   

ඔබ වහන්සේ අප ගැන දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලකි. මට මෙසේ වී ඇත්තේ ඒ නිසාය. අමාරුවෙන් කෙල්ලෙක්ට හිත ගියොත් ඒකට කොල්ලෙක් සිටී. නැත්තන් එකෙක් මට වඩා ඉස්සර වෙයි. අමාරුවෙන් හරි සෙට් කරගන්නා එකද වැඩි කල් අල්ලන්නේ නැත. පළමු එක නිළ නොවන වශයෙන් අවුරුදු 2ක් විතර ගලාගෙන ගියත් නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ඔන්න මෙන්න තිබියදී දෙල් විය. දෙවැන්න තිබුනේ සතියක් පමණි. තුන්වැනි එක බොහෝම අමාරුවෙන් මගේ කටේ බලේට යාන්තම් සති තුනක් ඇද ගත්තේය. මට ඔබ වහන්සේ සමග හෙනම මල ය. එක්කෝ මා කරගන්නා එක කරගැනීමට දිය යුතුය, නැත්තන් හොඳ කෙනෙක් සොයා දිය යුතුය. ඒ එකක් වත් නැත. ඇති එකාට දෙක තුන ඇත, අපිට කිසිත් නැත. ඔබ වහන්සේගේ මේ ධනවාදී ආකල්ප ඉක්මනින්ම වෙනස් විය යුතුය. එසේ නොවුන හොත් කුමකින් කුමක් වේදැයි කිව නොහැක. පාරකදී වත් ඔබ වහන්සේ හමු වුනොත් දෙවියන් කියා බලන්නේ නැත.

දැන් මාගේ වයස 25 ටත් කිට්ටුය. රිදී ජුබිලිය සමරන්න වෙන්නේද තනිකඩවය. වැලන්ටයින් දින කීයක් නම් සාමාන්‍ය දවස් ලෙස ගෙවෙන්නට ඇත්ද? 

(මේ මූනු පොතේ මා වැනි තවත් එකෙක් පළ කර තිබූ පින්තූරයකි. ඔබ වහන්සේලාට මේ කන්නලව් ඇසෙන්නේ නැත්තේ ඇයි දැයි නොදනිමි.)


මට නම් දැන් එපාම වෙලාය. මගේ කරුමෙටම වැටුනේද මොරටුව විශ්ව විද්‍යාලයටය. එහි ඇති භයානක තත්ත්වය ඔබ වහන්සේ දන්නවා ඇතැයි සිතමි. නොදන්නේ නම් මෙම ලින්ක් එකෙන් ගොස් බලා ගන්නා ලෙස ඉල්ලා සිටිමි. එහෙයින් එතනින්ද කිසිදු සරණක් නැත. මා තෙරුම් ගත් දෙයක් නම් මගේ හැකියාවෙන් මට කිසිදා ගොඩයෑමට නොහැක. ඊට අනිවාර්යෙන්ම දේවාශිර්වාදය අවැසිය. ඔබ වහන්සේ යම් ආශ්චර්යක් කල යුතුවම ඇත. අපේ පරම්පරාවේ මුණුබුරු මිණිබිරියන් එකෙක් වත් ප්‍රොපෝසල් එකකින් විවාහ වී නැත. ඒ නිසා මමද එසේම විය යුතුය. මට අපේ පරම්පරාවේ දැලි ගෑමට නොහැක.

ඉහත කරුණු සලකා බලා  ඉක්මනින්ම මගේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. මට සුදුසු කෙනෙක් සොයා බලා මල්සරා ලවා මට මල් දුන්නෙන් විද්දවීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි. මෙය අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක් බව සිහි තබා ගනු මැනවි. නැත්තන් තිස් තුන් කෝටියක් වූ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ගනන දෙකෝටි අනූනව ලක්ෂ අනූ නවදහස් නවසිය අනූ නවයක් වීම සක්කරයාටවත් වැලැක්විය නොහැකි වනු ඇත.

                               
                                                                                                          මීට,
                                                                                                          භක්තිමත් නර පනුවා,
                                                                                                          කසුන්.

..................................................................................................................................................................
ප.ලි. මේ පෝස්ට් එක කියවන අතලොස්සක් දෙනා හිතන්න එපා මේකගෙ ඔලුවෙ තියෙන්නෙම කෙල්ලෙක් හොයා ගන්න එක ගැන විතරයි කියල. අනේ එහෙම එකක් නෑ. මේ දවස් වල ටිකක් හිතේ අවුලෙන් ඉන්නෙ. එක එක ප්‍රශ්න. ඒව අමතක වෙලා යන්න කියල මොකක් හරි විකාරයක් කරන්න ඕන කියල හිතලයි මේක ලිව්වෙ.

ප.ලි.ප.ලි. මම වැලන්ටින් ගැන කියල තිබුනට මම නම් කෙල්ලෙක් හිටියත් ඒ දවස සෙලිබ්‍රේට් කරන්නෙ නෑ. ඇත්තටම ආදරේ කරනව නම් හැම දාම එක සමරන්න ඕන. එක දවසක් විතරක් බොරුවට දඟලන්න ඕන නෑ.

23 comments:

  1. මාත් මේ ඔකා අහුවෙනකන් ඉන්නේ
    අහූවුනදාට බලාගමුකො

    ReplyDelete
  2. අනිවා, ඉක්මනට මොකක් හරි කොරගනින් ගොයියො පරම්පරාවෙ දැලි ගාන්න බෑනෙ,

    ReplyDelete
  3. උඹ මොරටුවේ ගියාට දෙය්යන්ට නම් එහෙ එන්න ලෙසි නැය .. දෙය්යන් උනත් එහෙ එන්න කලින් අවුරුදු 2 ක් පන්ති වල බඩ ගාන්න ඕනැය , වෙන දෙවිවරු කරපු ප්‍රොජෙට් නැති නිසා තම්න්ම එකක් තනියෙන් කරන්න ඕනැය . යමර පේපර් වලට ලියා ලකුණු ගන්න ඕනැය , දිවිය ලෝකේ පහසුකම් වැඩි නිසා ඉසෙඩ් ඉකෝරයත් අම්බානක වැඩි විය හැකිය එයිනුත් පනින්න ඔනැය එනිසා උඹ කොච්චර ලීවත් දුක තේරුම් ගන්න මොරටුව යුනිවර්සිටියට නම් එන්න දෙය්යන්ටත් අමාරුය . උඹ එතනට ගිහින් ඇති නිසා බයවෙන්න එපාය කවදා හෝ ඉස්තරම් විදිහට වැඩේ හරි යයි ය

    ReplyDelete
  4. අනේ දෙයියනේ කසුනගේ වගේ තමා මටත්. ඌ කෙල්ලෝ නති කැම්පස් එකකට තේරිලා කෙල්ලෙක් වැටුනේ නැති එකට දුක් වෙනවා. මං කෙල්ලෝ ගොඩක් ඉන්න කැම්පස් එකකට වැටිලා කෙල්ලෙක් දාගන්න බැරි උන එකට දුක් වෙනවා.

    මේ කමෙන්ට් එකත් එක්ක මගේ අදෝනාව අමුනලා එවනවා. ඒකවත් බලලා මටයි කසුනටයි ගින්දර වගේ කෑලි දෙකක් සෙට් වේවා. දෙයියෝ මෙතන කොටලා මගේ දුකත් බලලා එන්න.

    මම අදට නවතිනවා. වැඩේ හරි ගියොත් හොද දෙයියෝ වගේ පහලින් කමෙන්ට් කරන්න.

    ReplyDelete
  5. @mahima
    අනිවා බං, මේ පාරත් හරි ගියේ නැති වුනොත් ඕකට ගේමක් සෙට් කරමු.

    @MK
    ඒකනෙ එහෙම නැති වුනොත් මට ආයෙ අපේ පවුලෙ අයට මූන දෙන්නවත් බැරි වේවි.

    @buwa
    සහෝ කියන කතාවත් ඇත්ත, දෙයියන්ට ඒ පැත්තෙ එන්න අමාරුයි නේ. උඹ කියන විදියට හරි යනව නම් ඉතින් හොඳයි. බලමුකෝ....

    @මධුරංග
    හලේ මම ඒ පෝස්ට් එක කලින් කියවල තිබුනේ නෑ. "ඔටු බංකු"? හිකැස්.... එහෙමත් ඒව තියනවද බං?

    හරි අපි බලමුකෝ දැන් දෙයියො මොකක්ද කියන්නෙ කියල. මේ කතා දෙකම බලල වත් දෙයියන්ගෙ හිත උනු උනොත් හොඳයි ඉතින්.

    ReplyDelete
  6. දරුව,
    මිනිසුන් කවදත් තමන්ට නොමැති නොලැබෙන දේ හොඳ යැයි සිතා වැලපෙති. එළුවා අනෙක් වත්තේ තණකොළ වඩා රසවත් යැයි සිතුවා සේම නුඹද වනිතාවක් හා එක්වීම සැපක් යැයි සිත සිතා වැලපේ.
    කාන්තාවන් යනු ලෙඩ ගොඩක් බව නුඹට වැටහෙන්නේ නුඹ අමාරුවේ වැටුන දාටයි..
    තනිකඩ ජීවිතයේ අරුමය විඳින්නේ නැතිව නුඹ කරගන්නට තතනන දේට එක්වන්නට ඇති අකැමැත්ත නිසාම මම නුඹගේ කන්නලව්ව නිතිපතා Recycle bin එකට යැව්වෙමි...
    නමුත්, දැන් දැන් නුඹ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට පටන් ගැනීම නිසාම නුඹට දඬුවමක් වශයෙන් සක්කරවට්ටමක් කරේ එල්ලාගැනීමට අවකාශ සළසා දෙමි.

    මෙතැන් පටන් විසි එක් දවසක් ගිය තැන, උදෑසන අවදිවී හොඳින් ස්නානය කර පිරසිදු වී සුවඳ විලවුන් ගල්වාගෙන, අළුත් ඇඳුම් හැඳ, රුපියල් දසදහසක පඬුරු ද රැගෙන කොල්ලුපිටියේ ක්‍රෙස්කැට් වෙළඳ සංකීර්ණයට යව. එතැන සිටින සිහින් පටි යෙදූ රතු පැහැති පියයුරු යන්තමින් පෙනෙන තරමේ කෙටි ඇඟළුමක් ඇඟ ලූ වයස විස්සක් පමණ වූ වනිතාවට සිහින් සිනහවකින් සංග්‍රහ කරනු. ඈ ගස්සා අහක බලා ගති නම්, වෙනත් තැනකට ගොස් එවැනි වනිතාවක් පෙරලා සිනහ වනතුරු ඉහත කී කෙම අත්හදා බලනු..
    ඈගේ විස්තර, තලබණු අංකය ආදිය හුවමාරු කරගත් පසු, ළඟම ඇති ආපන ශාලාවට ඈ රැගෙන ගොස්, නුඹ සතු මුදලෙන් ඉස්තරම්ම පූජාවට්ටියක් ගෙන ඈට සංග්‍රහ කරනු..
    ඉතිරිය නුඹට භාරයි...

    නුඹට සෙතක්ම අත් වේවා.

    මීට,

    විශය භාර දෙවියෝ.

    පලි: ඉන්පසු නුඹට සිදුවන කරදරවලට මට කන්නලවු කිරීමෙන් වලකිනු, නුඹගේ විද්‍යුත් ලිපිනය මින්පසු මම Spam ලේඛණයට ඇතුලත් කරමි..

    ReplyDelete
  7. මේකත් මාරම පුරස්නේ තමා නේ...............
    ඔන්න දෙය්යා උපදෙසක් දීලා තියනවා......හික්

    ReplyDelete
  8. මෙන්න මධුරංගයෝ දෙයියො reply කරලා................

    @Alchemist
    දෙයියන්ට තරහ ගිහින්ද මන්ද. අනේ දෙයියො මාව අමාරුවේ දාන වැඩක් නේද සෙට් කරන්න යන්නෙ. අනේ දෙයියො සක්කරවට්ටමක් නැතුව හොඳ දැරිවියෙක් සෙට් කරල දෙන්නකො.

    @බීටා
    දෙයියො කියල තියන වැඩේ කරන්න ගියොත් නම් අනාථයි මලේ. ඊට හොඳා තනියම ඉන්න එක.

    ReplyDelete
  9. @ විෂය භාර දෙයියන්ට :
    අනේ දෙය්යනේ ඔය කෙල්ලෝ එක්ක යාලු උනාම සල්ලි නැවක් එපැයි නඩත්තු කරන්න. අනිත් එක තමයි සල්ලි නැති උනදාට ඕකුන් අපිටත් කොකා පෙන්නලා යන්න යයි නේ. මේන්ටේනස් වලට යන කොස්ට් එක වැඩියි. ආර්ථිකව අවාසිදායකයි.

    දෙයියෝ උනත් නරයෙක් කෙල්ලෙක් ඉල්ලපු පලියට ඔයවගේ බලු වැඩ කරන එක හරිද මං අහන්නේ.දෙය්යන්ගේ නාමෙන් සතුටෙදි වගේ දුකේදිත් ආදරයෙන් ඉන්න පුලුවන් ගෑනු ලමයෙක් හොයලා දෙන්න. දෙයියන්ට මං උදේ හවා පින් අනුමෝදන් කරන්නම්.

    ඔන්න ආයේ එහෙම ඕවගේ උන් නම් දෙන්න හදන්න එපා.

    ReplyDelete
  10. ඒකනෙ බං, බලපන්කො දෙයියො දීල තියන ටෝක් එක. ඔහොම එකක් කරගන්න දෙයියන්ට කියන්න ඕනද. මිනිහට කියල වැඩක් නෑ බං.

    ReplyDelete
  11. ඔකනම් මචන් කොල්ලො වේන අපිට පොදු ප්‍රශ්නයක් නොව

    ReplyDelete
  12. ඔව් බං, අපි සෙට් වෙලා මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන.

    ReplyDelete
  13. කසුන් අය්යේ වැඩේ කොහොමෙය්............
    දැන් බොලලා කාටද දුක් ගැනවිල්ල කියන්න යන්නේ....

    ReplyDelete
  14. වැඩක් නෑ බං, දෙයියො අපිට කන් දෙන්නෙ නෑ. අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතාරිනව.

    ReplyDelete
  15. කසුනො,
    දෙයිය උ‍ඹේ ලියුම රිසයිකල් බින් එකට කියා විසිකෙරුවේ මගේ අඩවිය පෙනෙන මානයටය... කණගාටුවෙන් වුවත් කීමට ඇත්තේ දෙවියන් හරි බවය... නැති කමට ඉල්ලුවාට ඕවා ඇති විට තිබෙන කරදරයෙන් බේරීමට සාතන්ටත් බැරිවිය...

    අත රිදෙන කල් මැසේජ් කරන්නට, කට රිදෙනකල් කතා කරන්නට, කන රිදෙනකල් අහන් ඉන්නට තිබේ නම් මරු යැයි සිතුවාට එය හැමදාටම කරන්නට වුවහොත් උඹගෙන් ඊළඟට වදයක් වෙන්නේ දෙයියන්ට නොව මටය... ඒ එම ගෑණු පරාණය එළවීමට මගේ සහචරයින් වන යක්කු‍න්ගේ උදව් පතන බැවිනි...

    පරම්පරාවේ ගෞරවය බේරාගැනීමට පෙර තමුන්ගේ නිදහස බේරාගැනීම වටී... ගැණු පරාණයක් පටලවා ගැනීම අත්‍යවශ්‍ය නම් පහත කියමන නිතර ප්‍රශ්න කිරීම සහ උත්තර දීම වටී...

    "තමන්ටම කියා එළදෙනක් ගත් විට කිරි ටික වෙනුවෙන් අකමැත්තෙන් වුවද උගේ මළ මුත්‍ර සුද්ධ කිරීමේ සිට සියලු කුජීත වැඩ කිරීමට සිදුවේ....එයට මම සූදානම්ද?...."

    මීට
    සාතන්...

    ReplyDelete
  16. @සාතන්
    ඒ එච්චරම අමාරුද ගොයියො සීන් එක? ඔය කියන කතා ඇහුවම බයත් හිතෙනවනෙ. දෙයියොත් කිව්වෙ ඔය කතාවමයි. එහෙනම් ඉතින් ඔය ඉන්න විදියටම ඉන්නව. ඒක හොඳයි වගේ.

    ReplyDelete
  17. අඩෝ ඉන්ජොන්ට කෙල්ලො නැත්ද බන්????

    ReplyDelete
  18. මාර ප්‍රශ්නේ නේද?

    ReplyDelete
  19. @JHOTHISHALANKA
    ඒකනෙ අයියෙ බලන්නකො.

    ReplyDelete
  20. එල එල..මගෙ එකටත් ගිහින් බලන්න..
    www.sabithl.blogspot.com

    ReplyDelete
  21. අඳුරු කුටිය තුළ දොර ගුළු ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ :p

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.