සති අන්ත ඉරිදා සන්ධ්‍යාවේදී මම අත්‍යාවශ්‍ය කළමනා කීපයක් රැගෙන ඒමට කඩපළට ගියෙමි. තනිව යාම සාමාන්‍ය සිරිත වුවත්, මෙවර තෙහැවිරිදි දියණියද මගේ සුලැඟිල්ලක මොලකැටි දෑතින් එල්ලී සිටියාය. තරමක් විශාල වෙළඳසැලේ ඒ මේ අත සෙනග සැරි සරති. මා බඩු ගන්නා අතරේ දියණිය මගේ සුලැඟිල්ල අතහැර ඇය රිසි තැන්වල ඇවිද්දාය. සියලුම දෙනා මා හඳුනන බැවින් මම ඈ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූයෙමි.
මොහොතකින් බලනවිට පෙනෙන මානයක දියණිය සිටියේ නැත. මම තරමක කලබලයෙන් විපරම් කළෙමි. දුටු දසුනින් මම ඇවිලී ගියෙමි. ඇය වෙළඳසැල කොනේ වූ කුඩා බංකුව මත වාඩි වී මහා බර කල්පනාවකය. ඇයගේ දෙනෙත් තිබුණේ ඇගේ වයසේම තවත් දැරියක් ළඟය. මම මොහොතක් ඇය දෙස බලා උන්නෙමි. ඇය ඇගේ කුඩා මිරිවැඩි සඟල දෙස බැලුවාය. එහි තැන තැන මඩ තැවරී දුර්වර්ණ වී ගොස් තිබුණි. රුපියල් සීයකට මීට බොහෝ කලකට පෙර අරන් දුන් එය දැන් බොහෝ පැරණිය. පොහොසත් දැරිය උජාරුවෙන් ශබ්ද නගන ඇගේ පාවහන් යුවල එහා මෙහා කළාය. ක්‍රමයෙන් රතු පැහැ වන පුංචි මුහුණේ තරු කැටවන් දිළිසෙන නෙත් සඟලේ හැඟුම් තේරුම් ගන්නට මා අපොහොසත්ය. එක්කෝ ඒවා තේරුම් ගන්නට මා බියය. පුංචි සිඟිති දියණිය මේ මිනිසුන් අතර තනිවී සිටින්නා සේ මට පෙනේ.
ඇය මගෙන් කිසිවක් ඉල්ලන්නේ නැත. ඒ පුංචි දෙනෙත් මහමග යන පොඩි උන් ලඟ නතර වෙයි. වාහනවල ගැටෙයි. සතුටින් සිනහවන ළදරු සිනාවන් හා එක් වී සිනාසෙයි. දෙවියනි.. ඇය දන්නේ මොනවාද... ජීවිතයේ කටුක බව පපු කැනැත්තේ ඇතුළතින්ම විඳ දරා ගන්නා දුප්පත් මට ඇය වෙනුවෙන් ලොවක් තැනිය හැකිද..? ඒ පුංචි දෙනෙත් ළඟ මා කවරදාටත් වඩා දුප්පතෙකියි මට දැනේ.
අපට තිබුනේ සරල සුගම ළමා වියකි. ඒ කුරුම්බැට්ටි මැෂිමේ සුරතල් ළමා විය අද ලැප්ටොප් පරිගණකයක් දක්වා විකාශනය වී තිබේ. මා තවමත් සිතන්නේ මගේ දියණියට බෝරිච්චි අත් දැමූ ගවුමක් ඇති කියාය. රබර් සෙරෙප්පු දෙකක් ඇති කියාය. මට වඩා වාසනාවන්ත පියවරුන් තම දරුවන් උදෙසා වත්කම් සරි කරද්දී ඒ හා සැසඳෙන්නට මගේ හිඟන ජීවිතයට නොහැකි වූයේ ඇයි..? දියණියගේ මුව දකිද්දී මට අර මහා දුප්පත්කම අසරණකම දැනෙන්නේ ඇයි..?
"අපි යමු රත්තරං පැටියෝ.."
ඇය දැහැනින් මිදුණාය. ඒ ඇද ගත් සුසුම පුංචි ළය මඩලට බර වැඩි බව මම හොඳටම දනිමි. ඇය ඉපදීමට පෙර මා මීට වඩා ශක්තිමත්ව හිඳින්නට තිබිණ. එක්කෝ දුප්පත් මට දාව උපදින්නට තරම් අවාසනාවක් ඇගේ දෛවයේ නොතිබෙන්නට තිබිණ. ජීවිතයේ දුක අනෝරාවක්ව මගේ හිස මතට කඩා වැටෙද්දී අසරණ දෑතින් මා ඇගේ හිස වසාගන්නට තැත් කරන අසරණ තාත්තා කෙනෙකි. මේ අනෝරාවෙන් ඇයද පීඩා විඳින බව මම දනිමි. නමුදු කාටත් ජීවත් වන්නට අපහසු මේ නපුරු ආර්ථිකයෙන් මා කියා කුමක් කරන්නද... මේ කටුක යථාර්ථයට නිහඬව මුහුණ දෙන පියවරුන් අප අතර කොතෙක් නම් ඇත්ද..?
"තාත්තේ"
"ඇයි පැටියෝ?"
"මට අරවයින් එකක් අරන් දෙන්නකෝ තාත්තේ"
මම අලුතෙන් ඇවිළී ගියෙමි. ගෙන ආ රුපියල් පන්සියයෙන් ඉතිරිව තිබුණේ හරියටම රුපියල් හතලිහකි. ඇය කඩපලේදී දුටු මිරිවැඩි සඟලක්, බෝනික්කෙක් හෝ වෙනයමක් ඉල්ලුවොත්?
"මොනවද රත්තරං පැටියො..?"
"රටකජු ගොට්ටක්.." ඇගේ මුලු වතම සඳ වතක් සේ පිපී ඇත.
මහ මග නොබලා ඇයව බදාගෙන ලෝකයටම ඇසෙන සේ කෑ ගසා අඬන්නට මට සිතෙයි. අපටත් වඩා මේ කිරි කැටියා අපේ ජීවිත තේරුම් ගෙන ඇතිද..?
උඹ මගේම දුව වෙලා ආත්ම ගණනක් උපදින්න ඕන. මතක තියාගන්න, මේ තාත්තා මැරෙන්න මොහොතක් තියල හරි මගේ රත්තරං පැටියට සතුටින් ඉන්න ලෝකයක් හදල දෙනවා. මං දන්නව ඔය පුංචි පපුව ඇතුලෙ හිර කරගත්තු දුක එදාට මහවැලිය වගේ ගලනවා.
"ඔබහට ලෝකය ඉදිකර දී මිස මට යා නොහැකිය පුංචි පුතුන්" කියා මහගම සේකරයන් ලියා තැබුවේ දරුවන් ළඟ තාත්තලාට දැනෙන ඒ මහා අසරණකම සහ ආදරය නිසා විය යුතුය.

..................................................................................................................................................................
ප.ලි. මේක මට අද ආපු ඊ මේල් එකක තිබුනෙ. ලියපු කෙනෙක්ගෙ නමක් තිබුනෙ නෑ. මම හිතන්නෙ ඇත්ත කතාවක්. මේක පත්තරේක පළවුන ආර්ටිකල් එකක්. ඒ ආර්ටිකල් එක කපල ගහපු ෆොටෝ එකක් තමයි තිබුනෙ. මම අකුරත් වත් වෙනස් කරන්නෙ නැතුව එහෙමම ටයිප් කරල දැම්ම. මම දන්නෙ නෑ, මගෙ ඇස් දෙක නම් බොඳ වුනා මේක කියවල. ඒකයි දාන්න හිතුවෙ.
දරුවන් වෙනුවෙන් ලෝකයක් තනන්නට වෙර දරන පියවරුන්ටත්, දෙමව්පියන්ගේ තත්ත්වය තේරුම් ගෙන ඇති පමණින් සැනසෙන දරුවන්ටත් උපහාරයක්ම වේවා.
දුක හිතෙන කතාවක් ඒ උනාට අන්තිම ටිකේ සතුටක් දැනුනා. ඇත්තටම දෙමව්පියන්ව තේරුම් ගන්න පුලුවන් ලමයි ඉන්න එක ඒ පවුලට ආශිර්වාදයක්.
ReplyDeleteදෙමව්පියන් උනත් දරුවන්ව හදනකොට අල්පේච්ච කම පුරුදු කරලා හදන්න ඕනේ. නැත්නම් ඒ ළමයි ලොකු උනාම තමා කරදරේ !!!
ඒකට අපේ පුංචි අම්මලෑ එවුන් !!! දකින දකින දේ ඉල්ලලා පොලොවේ පස් කන්න හදනවා.
මේ වගේ පොඩි එඋව්න්ට නෙවේ, ලොකු මහත් උන දරුවන්ට ඔය තත්වේ තෙරුම් ගන්න බැරි එක තමා. මම නම් ගොඩක් ම දැකලා තියෙන්නේ.
ReplyDeleteඇත්තටම දුක හිතුන කතාවක් ...තාත්තෙක්ගේ හිතකට අම්මලා වගේ ඉකි ගගගා අඩන්න බැ එයලා අඬන්නේ පපුවෙන්,,සංවේදි කතාවක්.
ReplyDeleteහරිම සංවේදීයි මේ සටහන. ගොඩාක් ස්තූතියි මෙය අප වෙනුවෙන් නැවතත් අකුරු කලාට
ReplyDeleteමම මේ කතාව කලින් කියවලා තියෙනවා. ආයෙත් කියෙව්වා. වචනවලට හැරවිය නොහැකි ලොකු කතාවක් මේ කතාවේ තියෙනවා
ReplyDeleteනියම කතාවක් මලය... ඔන්න සාතන්ටත් ටිකක් අප්සට් වගේලු මේක කියවල...
ReplyDeleteMiles to go before I sleep
ReplyDeleteMiles to go before I sleep!!!
It was really touching...
Wish you for your dreams
හරිම සංවේදී කථෘවක් සහෝ... මට මේක කියවද්දී මගේ අතීතයත්... අනාගතයත් දෙකම එකපාර මතක් වුනා. හදවතට ගොඩක් දැනෙන අකුරු කිරීමක්. ආයෙත් ටයිප් කරලා පළ කළාට ස්තුතියි.
ReplyDelete@මධුරංග
ReplyDeleteඔව් බං, දෙමව්පියනුත් දරුවන්ට අරපිරිමැස්ම, පරෙස්සම පොඩි කාලෙම කියල දෙන්න ඕන. එහෙම නැති වුනාම කොච්චර හම්බකලත් මදි වෙනව.
@බීටා
ඒක නම් ඇත්ත බං. සමහර උන් කොච්චර ලොකු මහත් වුනත් උන්ට අම්මල තාත්තල විඳින දුක තේරුම් ගන්න බෑ.
@නිම්ශා
ඒක ඇත්ත සහෝදරී. තාත්තෙක්ගෙ හිතක මොන තරම් දුකක් තිබුනත් පෙන්නන්නෙ නෑ නෙ, හිතේ හිරකරගෙන ඉන්නව මිසක්.
@විසිතුරු
ස්තූතියි සහෝ සටහනක් තැබුවට.
@All in one
ඔව් සහෝ, ඒ කතාව හරියටම තේරුම් ගන්න තාත්ත කෙනෙකුටම මිසක් වෙන කෙනෙකුට බැරි වේවි.
@සාතන්
අම්මේ පුදුමයි එහෙම හැඟීමක් දැනුන. ඉක්මනට දොස්තර කෙනෙක්ට පෙන්නන්න. ඔය මොකක් හරි ලොකු ලෙඩක් හැදීගෙන එන්නෙ. :P
@Shanika Sarathchandra
thank u vry much sis.
@චතුරංග පෙරේරා
මට මේක කියවපු ගමන් හිතුන අනිත් අයත් එක්ක බෙදා ගන්න ඕන කියල. ස්තූතියි අයියෙ සටහනක් එක් කලාට.
ඔව් කසුන්.. තාත්තලාගේ ආදරය ඔය වගේ තමයි.. එයාලා දුක් උනත් ඒක පෙන්නනේ නෑ.. ආදරේ උනත් එහෙමයි..වචනයෙන් නොකියන අවස්ථා තියෙනවා උනත් ඊට එහා ගිය හිත ඇතුලේ රැදුන් ආදරයක් තියෙනවා තාත්තලා ලග..
ReplyDeleteමම මේ කතාව කලින් කියවල තිබුනා. ඒ උනාට සමහර කතා තියෙනව දහස් වරක් කියෙව්වත් ආයෙම එක් දහස් එක් වෙනි පාර කියවනකොටත් ආයෙම ඇස් තෙත් වෙනව. පපුවට ආයෙම දැනෙනව. මේ ඇත්තටම ඒ වගේ කතාවක්......ස්තූතියි මල්ලි.....
ReplyDeleteඅනේ මගේ ඇස් දෙකට එන කඳුළු කැට නවත්තගන්න බැරි හැටි මට... :((
ReplyDeleteඅපොයි මේක සංවේදී වැඩියිනේ....
ReplyDelete@Dinesh
ReplyDeleteඔව් අයියෙ, තාත්තල දුක වගේම ආදරෙත් එලියට පෙන්නන්නෙ නෑ. හැබැයි ආදරේ පෙන්නන්නෙ නැති එකෙන් වෙන්න නම් ගොඩක් වෙලාවට පාඩුවක්. මොකද ඒ නිසා දරුවො සමහර වෙලාවට තාත්තලාගෙන් ඈත් වෙනව.
@Ravi
හ්ම්ම්... මේකත් ඇත්තටම ඒ වගේ කතාවක් තමයි. මාත් මේක පෝස්ට් කලාට පස්සෙත් කීප වතාවක් ආයෙත් කියෙව්ව. ස්තූතියි සටහනක් එක් කලාට.
@මකුළු පැංචි
මටත් මගේ ඇස් දෙක බොඳ වෙන එක නවත්තගන්න බැරි වුනා අක්කා.
@prasanna86k
ඔව් මාලු අයියෙ, සංවේදී වැඩියි වගේ තමයි. ලේසියෙන් අඬෙන්න නැති මටත් ඇඬුනෙ ඒක නිසා වෙන්න ඇති.
පුදුම විදිහට සංවේදී කතාවක්..... ස්තුතියි මේක බෙදාගත්තාට
ReplyDeleteමම නම් කියෙවුවෙ අදමයි... රවි අයිය තමයි පාර පෙන්නුවේ..
ReplyDeleteවෙන දෙයක් කියන්න මට වචන නැහැ...
@Charmi
ReplyDeleteස්තූතියි අදහස් එක් කලාට සහෝ!
@සොඳුරු සිත
ස්තූතියි අක්ක සටහනක් තැබුවට!
සත්තයි...ඇස් වලට කදූළක් නම් ආවා.....හරිම ස0වේදී.....කාට උනත් මේක කියෙව්වහම ....හිතට දැනෙනවා.....මටනම් හුගාක් දැනුනා.....
ReplyDeleteමගේ ළමා විය සිහිපත් විය.එහි මෙවන් සිදුවීම් බොහෝ තිබේ
ReplyDeleteඇත්තටම ඇස් දෙක බොඳ උනා...
ReplyDeleteමම හිතන් හිටියේ මෙහෙම ළමයි ඉන්නේ පොත්වල විතරයි කියලා. මොකද මට මතක විදියට මමත් පුංචි කාලේ අඬලා තියෙනවා ආස දේවල් ඉල්ලලා. ඒත් මං දැන් දන්නවා ඇත්තටම එහෙම දරුවෝ ඉන්නවා කියලා. ඒ අපේ අක්කගේ චූටි එකී නිසා...
ස්තූතියි මේ කතාව දැම්මාට... මේක කියවලා දරුවෝ දෙමව්පියන්ගෙ සිතිවිලි තේරුම් ගනීවි තමන් අම්මෙක් තාත්තෙක් වෙනකන්ම ඉන්නෙ නැතුව...
@හිතුවක්කාරි
ReplyDeleteඔව් සහෝදරී, කතාව ගොඩක් සංවේදීයි. ස්තූතියි අදහස් එක් කලාට.
@Ano
අපි ගොඩක් දෙනෙක්ට ඔය වගේ අත්දැකීම් ඇති නේද? ස්තූතියි සටහනක් තැබුවට.
@මන්තරකාරි
ඔව් ඇත්තටම එහෙම ළමයි ඇති සහෝදරී. හැම ළමයම ඒ වගේ දෙමව්පියන්ගෙ තත්ත්වය තේරුම් ගන්නව නම් අම්මල තාත්තල කොච්චර වාසනාවන්තද?
මේවා අපෙත් ජීවන අත්දැකීම් .. ඒ හින්ද කියවනකොට පපුව හෝස් ගාල දැවිල යන එක නවත්තන්න බැහැ..
ReplyDeleteදෙමවුපියො නිසා දරුවො අසරණ වෙන එක පව්. ඒත් දරුවො ඒක තේරුම් අරගෙන දෙමව්පියො අසරණ නොකරන එක නම් කොච්චර දෙයක්ද.
ReplyDelete@සරත් ලංකාප්‍රිය
ReplyDeleteගොඩක් අයට ඔය වගේ අත්දැකීම ඇති නේද අයියෙ? අනිත් එක ඔය වගේ දේවල් තදින්ම හිතට කාවදිනව. ස්තූතියි අදහස් බෙදා ගත්තට.
@පිණිබිඳු
ඔව් අක්කෙ, එහෙම දරුවො නම් වාසනාවක්.
සංවේදී කතාවක්.. ඒත් අද ඉන්න හුඟක් පොඩි එව්වොන්ට දෙමව්පියන්ගෙ අමාරුකම් දැනෙන්නෙ නෑ...
ReplyDeleteඔව් සහෝ, අද කාලෙ දෙමව්පියන්ට ආර්ථික ප්‍රශ්න වැඩිපුර දැනෙන්නෙ ඒක නිසා තමයි.
ReplyDeleteඅනේ සහෝ හෙට විබාගේ මන් පන බයේ හිටියේ එත් මේක කියෙව්වට පස්සේ මාර හැගීමක් අවේ අම්මා තාත්ත වෙනුවෙන් මට මේක කරන්න පුළුවන් කියල ඔයාට ගොඩක් ස්තුති මේක බෙදා ගත්තට ...
ReplyDeleteසංවේදී කතාවක්..
ReplyDeleteසතුට තියෙන්නෙ සල්ලිවල නෙවෙයි. සතුටින් ඉන්න ඔනෙ නම්, ජීවිතේ කිසිම දෙයක් තවත් දෙයක් එක්ක සංසන්දනය කරන්න හොඳ නෑ. එහෙම කලොත් කවදාවත් සෑහීමකට පත්වෙන්න හම්බවෙන්නෙ නෑ.
ReplyDeleteඅහල තියෙනවද නන්දා මාලනීගෙ "මිරිවැඩි සඟලක්" ගීතය?
eth amma thathage watinakam atherum ganna puluwan lamai ki denek aththatama maka kiyawala coment karanna athida. api hamoma kiynakotanam amma thaththa ape loke eth e loke api kadla danne koi tharam katha widiyatada.
ReplyDeleteමොහොතකට මගේ තාත්තාව මගේ දෑසට පෙන්නුම් කළා මේ සටහන..
ReplyDeleteකියවද්දි ඇස් බොද වුනා
ReplyDelete