twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Saturday, October 1, 2011

හිතට වැදුන සිද්ධියක්

මම ආයෙත් කාලෙකට පොස්ට් එකක් දාන්නේ නෑ කියල හිතන් හිටියේ. ෆයිනල් ඉයර් එකේ රිසර්ච් එක පටන් ගත්ත ගමන් නිසා හොඳටම හිර වෙලා ඉන්නෙ. ඒ නිසා බ්ලොග් එක ගැන හිතන්නවත් වෙලාවක් නෑ. හැමදාම බලන බ්ලොග් ටිකටවත් කමෙන්ට් කළේ නෑ. හැබැයි අද වුන එක සිද්දියක් මට ලියන්නම ඕන කියල හිතුනා. බොහොම පොඩි කතාවක්. මේක මම මෙතෙක් දාපු පොඩිම පොස්ට් එක. 

මම  දැන් ටිකකට කලින් නිදාගෙන හිටියේ. මට දැන් නින්දෙන් වගේ ඇහෙනවා අපේ කාමරේ පොදි කලබයක් වගේ. හය හත් දෙනෙක් විතර සෙට් වෙලා මොකක් හරි ගැන කතා වෙනවා. අමාරුවෙන් ඔලුව උස්සගෙන බැලුව, එහා රූම් එකේ එකා අලුත් ලැපක් ගෙනත්. කට්ටිය වට වෙලා ඒක බල බල ඉන්නවා. ලැප ගෙනාපු එකා ෆුල් හැපි එකේ ඉන්නෙ. හිනා වෙනවා, කාමරේ පුරා ඇවිදිනවා, උඩ පනිනවා, එක විකාරයයි. අලුත් ලැපනේ ඉතින් එහෙම වෙන්න එපායැ කියල මම ඇඳටම වෙලා හිටියා.

ටික වෙලාවකින් සොෆ්ට්වෙයාර් ටිකක් දාගන්න කියල වෙන කාමරේකට ගෙනියන්න හැදුවා. ඒ කාමරේ එකා ගත්ත ලැප උකුලට, වරෙන් යන්න කියල එලියට ගියා. අයිතිකාරයා කෑගහන්න ගත්ත "අනේ යකෝ ඕක පරෙස්සමින් අරන් යමන්, ඔය මගේ කෑල්ල මහන්සියෙන් හම්බ කරපු සල්ලි" කියල. අයියෝ සල්ලි කිව්වලු, ඒ කියන්නේ මූට කෑල්ල තමයි මේක අරන් දීල තියෙන්නේ. ඒක තමයි මූ මේ මැරෙන්න හදන්නේ. 

ටික  වෙලාවකින් මම නැගිටල මොනවා හරි කාල එන්න කියල කැන්ටිමට ගියා. යන ගමන් අර ලැප අරන් ගියපු කාමරේටත් පොඩ්ඩක් ගියා. ඒ කාමරේ එකා සොෆ්ට්වෙයාර් දානවා, අයිතිකාරයා පැත්තකට වෙලා බලන් ඉන්නවා. මම උගෙන් ඇහුව "උඹත් කීයක්‌ හරි දැම්මද, නැත්තන් කෑල්ලද ඔක්කොම සල්ලි දැම්මේ" කියල. බලනකොට කෑල්ල කොහෙන්ද ලෝන් එකක් අරගෙන ලැප අරන් දීල තියෙන්නේ. ඌ කියක්වත් දාල නෑ. කෙල්ල පඩියෙන් වාරිකේ ගෙවනවලු. 

මූට ගෙදර නම් කම්පියුටර් එකක් තියනවා. ඒත් හොස්ටල් එකේනේ ඉන්නෙ. ඒක නිසා ඒක වැඩක් නෑ. ඇත්තටම තනි පාවිච්චියට කම්පියුටර් එකක් නැතුව අපේ රිසර්ච් එක කරන්න අමාරුයි. ඒ නිසා තමයි කෙල්ල බලෙන්ම වගේ මූට ලැපක් අරන් දීල තියෙන්නේ. උගේ අම්මල තාත්තල අතින් වෙන්න ඕන දෙයක් තමයි උගේ කෙල්ල කරලා තියෙන්නේ. මම උගෙන් විස්තර අහන වෙලාවේ උගේ මූනෙ ඉරියව් හොඳට බලාගෙන හිටියේ. ඌ මාරම සතුටකින් මාත් එක්ක විස්තර කිව්වේ. ඒ වගේම ඒ වචන වල අහිංසක ආඩම්බරයක් තියනවා උගේ කෑල්ල ගැන. ඒක ඌ කතා කරන විදියෙන් ඒක හොඳට තේරුනා.

ඔච්චර දෙයක් කරන්න උගේ කෙල්ල ඌට කොච්චර ආදරේ ඇද්ද? මම කෙල්ලෙක් ඔහොම දෙයක් කළා කියල නම් ඔය ඇහුවමයි. අපිට කොහෙද ඉතින් ඔහොම කෙල්ලො. මාත් මගුලක් කියනවා, ඔහොම තියා කොහොමවත් කෙල්ලෙක් නෑ නෙ අපිට.:P 

25 comments:

  1. මෙව්වා නම් ලියන්නත් එපා අප්පා. දුක හිතෙනවනේ බොල. අපට කොයින්ද ඕ වගේ කෙල්ලෝ. ඒ කෙල්ල මූට මාර ආදරෙයි වගේ.

    ReplyDelete
  2. හ්ම්... මං නම් සමහර වෙලාවට ඕකේ අනිත් පැත්ත කරලා තියෙනවා ඕනෙ තරම්.

    සමහර දාට මං අද වෙනකං වත් නොකාපු චොකලට් ජාති ඕනේ තරම් ගිහිං දීලා තියෙනවා. කවදාවත් ඒකෙන් කෑල්ලක්වත් මටනම් හම්බුවෙලා නෑ.... ඒත් සල්ලි වියදම වුනා කියලා නම් පසුතැවීමක් නෑ... ටිකක් විතර දුකක් නම් තියෙනවා.

    ReplyDelete
  3. මේ වගේ ගැණු ලමයෙක් ගැන ඇහුවමයි , ඒ වගේ කෙනෙකුට "කැල්ල" ය කියල කථා කරන එක අපහාසයක් . උඹේ ඒ යාලුවා සැහෙන වාසනාවන්තයෙක් කියල තමයි කියන්න තියෙන්නෙ

    ReplyDelete
  4. මම නම් ඔහොම කතා ගොඩක් අහල තියෙනව කසුනො... ඔහොම කෙල්ලො ඉන්නව... හැබැයි ගොඩක් වෙලාවට උන් රැවටෙනව.. :)

    ඉඳිවි කොතැනක හෝ කියල සින්දුවක් අහල තියෙනවද උඹ... හම්බු වෙනකන් හිටු...

    ReplyDelete
  5. හම්... හොඳ කෙනෙක්

    ReplyDelete
  6. අර කිව්වත් වගේ මට වෙලා තියෙන්නේ ඕකේ අනෙක් පැත්ත... කෙල්ල ලගවත් උන්නනම් තව දුක නැ.. මොනවා උනත් එල කපල් එකක්..

    ජය..

    ReplyDelete
  7. කසුන් හිතන්නෙ කෙල්ලෙඔ ඔය වගේ දේවල් කරන්නෙ නෑ කියලද ? අනේ මන්දා මේ කොල්ලො කෙල්ලො ගැන හිතන් ඉන්න විදිය මොනාද කියලා....

    ඔය වගේ දේවල් නෙමේ කසුන් ...ඔයිට වඩා දේවල් කරන කෙල්ලො ඉන්නවා... මගේ නංගි මිනූ යාලු වෙලා උන්න කොල්ලට ඕස්ට්‍රලියාවේ ඉගෙන ගන්න කාලෙ ජොබ් එක නැතුව ගිහින් සල්ලිත් නෑ යුනි එකට ගෙව්වෙ නැති උනොත් කංකාවට එවනවා කියද්දී මේකි කරේ තිබ්බ චේන් එක විකුනලා සල්ලි යැව්වා....අන්තීමට ඒ කොල්ලම මිනූ නංගව දාලා ගියා

    ReplyDelete
  8. රැක ගන්න ඕනා ගෑනු ළමයෙක්...

    සාතන් අයියා කිව්වා වගේම "හිඳිවි කොතැනක හෝ හිමිකාරයා උපන් ඔබේ නමින්...
    වඩිවී කෙදිනක හෝ...ඒ එන තුරා හිත හදාගෙන ඉඳින්"

    ReplyDelete
  9. ඔයාටත් ඔයවගේ හොද කෙනෙක් හම්බවෙයි දුක් වෙන්න එපා:)

    ReplyDelete
  10. @දිල්
    කසුන් හිතන්නෙ කෙල්ලෙඔ ඔය වගේ දේවල් කරන්නෙ නෑ කියලද ? අනේ මන්දා මේ කොල්ලො කෙල්ලො ගැන හිතන් ඉන්න විදිය මොනාද කියලා....
    ඉතින් අක්කේ කොල්ලෝ එහෙම වෙලා තියෙන්නේ කොල්ලොන්ගේ වරදකින් නෙවි නේ
    කෙල්ලෝ එහෙම කරනවා අඩු නිසා නේ
    දෙගොල්ලොම හොද අයත් ඉන්නවා නරක අයත් ඉන්නවා
    ඔක්කොම මිනිස්සුනේ

    ReplyDelete
  11. @කසුන්
    මොකෝ බොටත් මගුල් විසේ ඔලුවට ගහලද?

    ReplyDelete
  12. නියම ආදරේකට කොහෙද සීමාවල්, වැට කඩොළු...???? බොලාලා තාම පුන්චි වැඩී ඔව්ව තෙරුම් ගන්න කියලයි මට නම් හිතෙන්නෙ !!!

    ReplyDelete
  13. යාළුවාට කියාපන් මචං ඌ වාසනවානතයි කියලා මම කීවා කියලා . පොරට ලෝබ නැති කෙල්ලක් හම්බෙලා . අනිත් පැත්තෙන් ලැපකුත් හම්බෙලා .

    ඌට කියහං ඕක අරං උඩ පයින්නැතුං ඕක පරිස්සං කරගන්න කියලා .!

    උඹත් ඉක්මනට කෙල්ලක් දාගෙන ගනිං එකක්

    ReplyDelete
  14. රටක් වටින කෙල්ලෙක්ට කෑල්ල කියල කියන්න ලැජ්ජා නැද්ද කියලා ඇහුවා කියලත් කියපං

    ReplyDelete
  15. සික් මේ මල්ලිලා කෙල්ලො ගැන හිතන් ඉන්න හැටි. කොහොම හරි මේ ආකල්පෙ වෙනස් කරන්න ඕන

    ReplyDelete
  16. අපේ නෝනිත් ඔයාගේ යාලුවගේ සහකාරිය වගේ තමා... ඇත්තටම ඒ වගේ ගැහැණු දැක්කම නිබ්බූත පද මතක් වෙනවා...

    “මෙවන් සහකාරියක් ලද පුරුෂයෙක් නිවී සැනසුමය“

    සහෝ... පුළුවන් නම් පෝස්ට් එක එඩිඩ් කරලා ‘කෑල්ල‘ කියන එක වෙනස් කරන්න. ඒ වගේ කෙනෙක්ව බාල්දු කරන්න වටින්නෑ. අත්දැකීමෙන් කියන්නේ.

    ReplyDelete
  17. @දිල් :
    මෙහෙමයි දිල් අක්කේ. අස්සයෙක්ට වතුර වලක් ලඟට ගෙනියන්න පුලුවන් උනාට උට වතුර පොවන්න බෑ.

    ඕකම හරවලා ගමු මේ කතාවටත්. ඒ වගේ ලස්සන ආදරයක් මිනූ නංගිගෙන් (මට අක්කද දන්නේ නෑ) ඒ කොල්ලා පින් කරලා නෑ.

    ReplyDelete
  18. මටනම් කියන්න තියෙන්නේ ඌ ඇත්තටම ලකී පොරක්.. සමහර කෙල්ලෝ අරන් දෙන්නේ මෙලෝ වැඩකට නැති දේවල්නේ.. එහෙම එකේ මේ වගේ ඌට වැදගත්ම දෙයක් අරන් දෙන්න කල්පනා කරන්න තරම් හොද මොලයක් ඒ කෙල්ලට තියෙනවා..

    මලයා දුක් වෙන්න එපා.. ලගදිම හොද කෙල්ලෙක් සෙට් වේවි....

    ReplyDelete
  19. අපිට කොහෙන්ද බං බූල් බල්ලො!

    ReplyDelete
  20. මාත් මෙහෙම කතාවක් නම් ඇහුවමයි...හැබැයි එහෙම කෙනෙක්ට කෑල්ල කියන එකනම් අපහාසයක් තමයි මටත් හිතෙන්නේ.

    ReplyDelete
  21. ඇයි වදේ උඹටත් චානිකා දුන්නෙ මන්චි ක්‍රිස්කො ටින් එකක්.... :) :) :) :): ):)

    ReplyDelete
  22. හ්ම්ම්... මම නම් හිතන්නේ නෑ ආදරේ මේ වගේ දේවල් වලින් මනින්න පුළුවන් කියලා,, අනේ මට නම් මගේ ආදරේ කියන්න තියෙන්නේ මගේ දුප්පත් කවි හිත විතරමයි.. ඒත් ඒ කෙල්ල නම් ඇත්තටම ඒ කොල්ලට ආදරේ ඇති. නැත්නම් කවදාවත් ඔය වගේ දෙයක් කරන්නේ නෑනේ.

    ReplyDelete
  23. ඔය වාගේ අය නැත්තේ නෑ මල්ලි. වැඩේ තියෙන්නේ සමහර ඒ වගේ අය හිමි වෙන්නේ ඔවුන්ව අගය නොකරන වැඩකටම නැති පිරිමින්ට. මගේ යහළුවෝ ගොඩ දෙනෙක් ඉන්නවා,කැම්පස් කාලේ සැමියාට/පෙම්වතාට පාඩම් වැඩ කරගන්න කියලා ඔවූන් රැකියාවේ යෙදෙන.

    ReplyDelete
  24. mamanam mekata mukuth kiyanne naha,, hitha ridenawa...

    ReplyDelete
  25. anithKona kiyuwa hariyatama hari..... සමහර ඒ වගේ අය හිමි වෙන්නේ ඔවුන්ව අගය නොකරන වැඩකටම නැති පිරිමින්ට. eka sahathika aththa kathaaawak

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.