කතාව හිතුවට වඩා දික් වුනා. පටන් ගත්ත එක ඉවර කරන්නත් ඕන නේ, ඒක නිසා අද නම් මේක කොහොම හරි කියල ඉවර කරනවා, හුරතල් කර කර ඉන්න වෙලාවක් නෑ. සෙකන්ඩ් ශයි එක පටන් ගත්ත හැටිත් කිව්වනේ. අද තියෙන්නෙ සෙනසුරාද දවසේ වැඩසටහන් විස්තරේ කියන්න. කලින් කොටස් බැලුවේ නැත්තන් මෙන්න පාර.
ඊට කලින් මම ජීවත් වුන පසුබිම කියල ඉන්න ඕන. මම කලින් කිව්වනේ අපේ අම්මයි තාත්තයි හිටියේ නිල නිවාස වල කියල. ඒ නිසා මම හිටියේ ලොකු අම්ම ළඟ. (ඊටත් කලින් හිටියේ ආච්චි ළඟ.) ආච්චියි, පොඩි මාමයි හිටියේ මහ ගෙදර. අපේ අලුතෙන් හදපු ගේ තිබුනෙ ලොකු අම්මලාගේ ගෙට පාරෙන් මෙහා පැත්තේ. ටික කාලෙකට පස්සෙ අපේ ගෙදරත් කවුරුත් නැති නිසා ආච්චියි, පොඩි මාමයි අපේ ගෙදර ඇවිත් නැවතුනා. ඊට පස්සෙ මාත් හිටියේ අපේ ගෙදරමයි. හැබැයි අපි හැමෝටම කෑම දුන්නේ ලොකු අම්ම.
හරි දැන් කතාවට එමුකෝ. අපිට සෙනසුරාදා තමයි O/L ගණන් පන්ති තිබුනේ. අපිට (11 වසර) තිබුනේ උදේ 8 ඉඳල 12 වෙනකල්, චානිකාලට (10 වසර) තිබුනේ 1 ඉඳල 5 වෙනකල්.
(වෙන වින්ඩොව් එකක ඕපන් කරගන්න. එතකොට පැහැදිලිව පේනවා.)
ඔන්න මම චිත්‍රෙකුත් ඇන්ද පැහැදිලි කරන්න ලේසි වෙන්න.:) චානිකා ගෙදර ළඟ ඉඳල යාළුවො එක්ක පයින් තමයි පන්තිය ලඟට එන්නෙ. තව යාළුවො දෙන්නෙක් එනව ඒකි එක්ක. ඒ දෙන්නගේ ගෙවල් තියෙන්නෙ ඔය රූපෙටත් වඩා තව ටිකක් දකුණට වෙන්න. චානිකාගේ ගෙදරට කට්ටිය සෙට් වෙලා එතන ඉඳල පයින් පන්තියට යන්නෙ. අපිට ඉතින් හරි ශෝක්. අපි කරන්නේ උන් තුන් දෙනා එන වෙලාව අල්ලලා පයින් අපේ ගෙදරට එන එක. එතකොට ඔය උඩ අඳුරු කරල තියන සීමාවේ කොහේදී හරි අපිට චානිකාව මූනටම හම්බ වෙනවා. එහෙම කිව්වට ඉතින් ඕක එච්චර ලේසි වැඩක් නෙමෙයි. ඒකි කවදාවත් එක වෙලාවකට පන්තියට එන්නෙ නෑ. 12.30 ඉඳල 1.00 අතරේ කොයි වෙලාවේ ඒවිද දන්නේ නෑ. කොහොම හරි ඔය අතරේ තමයි එන්නෙ. ඉතින් අපි කරන්නේ පන්තිය ළඟම ඉන්න යාලුවෙක්ගෙ ගෙදර 12.00 ඉඳල 12.30 වෙනකල් ඉඳල 12.30 ට බයිසිකලුත් තල්ලු කරගෙන පයින් ගෙදර පැත්තට එනව. ඒ පන්තියට අපේ සෙට් එකේ ඔක්කොම වගේ ආව. හැබැයි මේ මිෂන් එකට එන්නෙ 5යි. අනිත් අය පන්තිය ළඟ ගෙවල් වල ඉන්නෙ. උන්ගේ ගෙවල් තියෙන්නෙ උඩ තියන රූපෙන් තව වම් පැත්තට වෙන්න. ඔය පස් දෙනාගෙන් තුන් දෙනෙකුට බයිසිකල් තිබුනා. මටයි, මහිමටයි, තව එකෙක්ටයි. මහිමයි අනිත් එකයි තමයි චානිකාල එනවද බලන්න ඉස්සරහින් යවන්නේ. මායි, අනිත් ප්‍රධාන නළුවයි, තව කොල්ලෙකුයි (ඌට ආදරේට කියන්නේ බඩා කියල.) මගේ බයිසිකලෙත් තල්ලු කරගෙන පයින් යනවා, අරුන් දෙන්න බයිසිකල් දෙකෙන් ඉස්සරහින් යනවා ඔත්තු බලන්න.
දැන් ඔය පයින් යනවා කියන එක එච්චර ලේසි නෑ. හිතල බලන්න, අපිට යන්න තියෙන්නෙ කිලෝ මීටර් 0.5යි. ඒ වුනාට ඒ දුර යන්න විනාඩි 30ක් ගන්න ඕන. ඇයි ඉතින් අර තුන් දෙනා කොයි වෙලාවේ ඒවිද දන්නේ නෑ නේ.
වේගය = දුර / කාලය
= 0.5 km / 0.5 h
= 1 km/h
ඒ කියන්නේ අපි යන්න ඕන පැයට කිලෝමීටර් 1ක වේගෙකින්. යකෝ මිනිහෙකුට ඔච්චර හෙමින් ඇවිදින්න පුලුවන්ද? කොහොම හරි ඒ වෙලාව ගන්නත් ඕන. නැවතිලා ඉන්නත් බෑ. පන්තිය ළඟ ඉන්න බෑ සර් දැක්කොත් ඊළඟ දවසේ පන්තියේදී ලුණු ඇඹුල් ඇතුව අහගන්න පුළුවන්. පාරේ නැවතිලා ඉන්න බෑ කවුරුහරි දැක්කොත් ලොකු අම්මට කියනවා. අපේ ලොකු අම්ම අපේ ගමේ ලොකු ඉස්කෝලේ ටීචර් කෙනෙක්. ඉතින් ගොඩක් අය ලොකු අම්මව අඳුරනවා. අපේ සීයත් අපේ පැත්තේ ඩයල් එකක්. ඉතින් සීයට වුනත් ආරංචිය එන්න පුළුවන්. ඒක නිසා කරන මගුලක් නොන්ඩි නොවී කරන්න ඕන. අපේ ගෙදරට වෙලා හිටියත් පාරේ යනකොට බලන්න පුළුවන් ඉතින්. ඒත් එහෙම මදි, මූනටම හම්බවෙන්න ඕන. ඒ නිසා ඉතින් යන්න පුළුවන් උපරිම හෙමින් යනවා. මිනිස්සු බල බල යනවා මේ දුවල පනින වයසේ කොල්ලො මොකද මේ ගාටන්නේ කියල.
කොච්චර හෙමින් ගියත් ඉතින් අර වේගෙන් නම් යන්න බෑ. ඒ වෙලාවට ප්‍රයෝජනයට ගන්නේ බයිසිකලේ. අනේ ඉතින් මුකුත් නොදන්න අසරණ බයිසිකලේ ඒ වෙලාවට කැඩෙනවා. හොඳට තියන චේන් එක ඉබේ පනිනවා, රෝද කරකැවෙන්නේ නැතුව යනවා, හැන්ඩ්ල් එක හැරෙන්නේ නැතුව යනවා, ලෙඩ ගොඩයි. මහ පුදුම බයිසිකලයක් සෙනසුරාදා 12.30යි 1.00යි අතරෙමයි කැඩෙන්නේ. එතකොට ඉතින් අපි තුන් දෙනා නැවතිලා බයිසිකලේ හදනවා. ගෙදර ළඟටම එනකොටත් ආවේ චානිකාල ආවෙ නැති වුනොත් තමයි ඉතින් ඕක කැඩෙන්නේ. කොහොම හරි මාසෙකට දෙපාරක් විතර ඕක කැඩෙනවාම තමයි. ඒ වැඩෙන් ඉතින් සැලකිය යුතු අමතර වෙලාවක් යවාගන්න පුළුවන්. සෙල්ලම් සේරම දාලත් අපේ ගෙදර ලඟට යනකොට ඒ තුන දෙනා ආපු නැති දවස් තිබුනා. එදාට ඉතින් ගෙදරට වෙලා බලනවා.:(
අපේ ඔත්තු කාරයෝ දෙන්නත් හෙන කට්ටක් කනවා. ඇයි ඉතින් උනුත් අර විනාඩි තිහම බලාගෙන ඉන්න ඕන නේ. උන් ඉතින් ඔය අඳුරු කරලා තියන සීමාවේ දෙපැත්තට බයිසිකල් පැද පැද ඉන්නවා. උන් දෙන්න චානිකාලව දැක්ක ගමන් කිසි කතාවක් නෑ හෙන ගහන්න වගේ එහෙමම අනිත් පැත්තට හරවගෙන එනවා අපිට පණිවිඩේ කියන්න. අපි ඉතින් එතකොට මූඩ් එක එහෙම හදාගෙන ලේස්ති වෙලා ඉන්නවා. ඇත්තටම උන් දෙන්නට වෙන කරන්න දෙයක් නැති කමට ස්වේච්චාවෙන්මයි ඕකට සෙට් උනේ. අපිත් එක්ක පැයට කිලෝමීටර් 1ක වේගෙන් ඇවිදිනවට වඩා ඒක හොඳයි කියල හිතෙන්න ඇති.:) සමහර දවස් වලට උන් ඔත්තු බැලිල්ල පැත්තකින් තියල අපේ ගෙදරට ගිහින් ඉන්නවා. චානිකාගේ යාළුවො දෙන්නත් හරි සෝයි. අපිව දැක්කම ඒකිව ඉස්සරහට දාල උන් දෙන්න පස්සට වෙනවා. අන්න යාළුවො.
දැන් ඉතින් ඔය සීන් එකෙන් දවසේ වැඩ ඉවර වෙන්නේ නෑ. ආයෙත් පන්ති ඇරිලා චානිකාල එන්නෙත් පයින්. අයියෝ ඉතින් අපි ඒ වෙලාවෙත් බලාගෙන හිටියේ නැත්තන් හරි නෑ නේ. ඒ පන්තිය අරින්නේ 5ට නේ. එතකොට ඉතින් අපි 5 වෙනකල් ඉන්න ඕන. මහිමයි අනිත් බයිසිකලේ තියන කොල්ලයි නම් ගොඩක් වෙලාවට යනවා. (උන් දෙන්නගේ ගෙවල් තියෙන්නේ එක පැත්තේ.) එතකොට ඉතුරු වෙන්නේ අපි දෙන්නයි බඩායි විතරයි. ඉතින් පැය හතරක් එක එක විකාර කර කර ඉන්නවා. පාඩම් වැඩත් කරනව, ගොඩක්ම කලේ කයිය ගහන එක තමයි. ඔය බඩා කියන එකා කියවන්න ගත්තම ඉතින් අපිට තියෙන්නේ අහන් ඉන්න විතරයි. අම්මෝ උගේ කයිය. කොහොමහරි ඉතින් පහ වෙනකොට ඊළඟ දර්ශනේට සුදානම් වෙනවා. අරුන් දෙන්නගේ ගෙවල් තියෙන්නේ ඔය රූපෙන් වම් පැත්තට තව ගොඩක් එහායින්. උන් දෙන්න බස් එකේ තමයි යන්නේ. අපි ඉතින් පාරට ඇවිත් ඉන්නවා චානිකාල එනකල්. චානිකාල ගියාම අරුන් දෙන්න එහෙමම බස් එකේ නැගල යනවා. සමහර දවස් වලට ගෙදරට වෙලාත් බලන් ඉන්නවා. වැඩේ කියන්නේ අපි ගෙදරට වෙලා හිටියත් ඒකි ගේ දිහා බලාගෙනයි යන්නේ. ඔය ඔක්කොම සෙල්ලම් කරන්න පුළුවන් මාම සෙනසුරාදත් වැඩ නිසා.
කොහොමහරි සෙනසුරාද දවසට මුලින්ම කන්නේ හවස 6ට විතර. උදේ කාල යන්න වෙලාවක් වෙන්නේ නෑ, කිට මරල, ජෙල් නාල, ඔක්කොම කරනකොට පරක්කු වෙනවා. අනිත් එක කන්න නම් උඩහ ලොකු අම්මගේ ගෙදරට යන්නත් ඕන. ඒක නිසා උදේට කන්න වෙන්නේ නෑ. දවල්ට අරුන් දෙන්න ඉන්නවා නේ, උන් නොකා ඉඳිද්දි මට කන්න බෑ නේ. ලොකු අම්මට හැමදාම උන්ටත් එක්ක උයන්න කියන්නත් බෑ නේ. ඒක නිසා දවල්ටත් නෑ. ඊට පස්සේ ඉතින් හවස සෙෂන් එකත් ඉවර වෙලා අරුන් දෙන්නත් ගියාම තමයි ඉස් ඉස්සෙලාම බත් කටක් කන්න වෙන්නේ. ඒ කාලේ නම් ඉතින් ඕක කිසි ගානක් නෑ. හෙන ලොකු කමක් වගේ තමයි දැනුනේ. 'ආදරයෙදියි, යුද්ධෙදියි ඕන දෙයක් ඔට්ටුයි' කියල කියනවනේ. හැබැයි ඉතින් ඒ ගොන් වැඩ වලට දැන් විඳවනවා. දැන් වේලක් දෙකක් කන්න පොඩ්ඩක් පරක්කු වුනොත් බඩ පිපිල, උගුරට එන්න ගන්නවා.:( (ගැස්ට්‍රයිටීස් වල රෝග ලක්ෂණ) ඒ ටික කතාවට අදාළ නෑ. ඔන්න ඔහොම තමයි ඉතින් අපේ සෙනසුරාද දවස ගෙවුනේ.
ගණිතය පන්ති කිව්වට එතන ගණිතය, විද්‍යාව, සිංහල, සමාජ අධ්‍යයනය ඔක්කොටම පන්ති තියනවා. ඉතින් නිවාඩු කාලවලට 11, 10 දෙකටම එකට පන්ති වැටෙන වෙලාවල් තියනවා. එහෙම එකටම පන්ති ඉවර වුන දවසක චානිකාල එන්න හදනකොටම අපිත් එන්න පිටත් වුනා. අපි කතා වෙලා හෙමින්ම යන්න පටන් ගත්ත. දැන් උන් තුන දෙනා පොඩ්ඩ පොඩ්ඩ අපිට කිට්ටු වෙනවා. හැබැයි අපිව පහු කරගෙන යන පාටක් නෑ. යාළුවො දෙන්න සද්ද නෑ, අපිට දැන් ඇහෙනවා චානිකා කුටු කුටු ගානවා.
"මොනව කරනවද මන්ද? සක්මන් භාවනාව කරනවද කොහෙද"
අපි සැලුනේ නෑ, අපි එහෙමම ගියා. ඒ පාර දැන් තුන් දෙනා අපිව පහු කරගෙන යන්න හදනවා. චානිකා තමයි ඉස්සෙල්ල අපිව ඕවර්ටේක් කලේ. යාළුවො දෙන්න අපිව ඕවර්ටේක් කරන්න වගේ හදල ශේප් එකේ අයෙත් පහු වුනා. චානිකා ඒක දන්නේ නැතුව අපිව පහු කරගෙන ගියා. ඒකි ඉස්සරහට ගිහින් බලනකොට යාළුවො දෙන්න නෑ.:D ඒ පාර ඒකි මල පැනල කෙළගෙන යන්න ගියා. ඊට පස්සේ යාළුවො දෙන්නත් පස්සෙන් දුවගෙන ගියා. ඔහොම පොඩි පොඩි සිද්ධි නම් ගොඩක් තියනවා.
චානිකා නිසා එක පාරක් මගේ අක්ෂකාස්ථිය (collar bone) පවා කඩාගත්තා. වලියකට ගිහින් එහෙම නෙමෙයි ඔන්න. ඒකිට පන්ති තිබුන දවසක අපි දෙන්න බයිසිකලෙන් ඒ පැත්තට ගියා. අපිට ඉස්සරහින් අත් ට්‍රැක්ටරයක් ගියා, අපි ඒක අල්ලගෙන යන්න හැදුවේ. එක පාරටම බයිසිකලේ හැන්ඩ්ල් එක ට්‍රැක්ටරේ ටේලර් එකේ ඇන්දේ පැටලුනා. මුකුත් කරගන්න වෙලාවක් තිබුනේ නෑ, හැන්ඩ්ල් එක හැරිලා බයිසිකලේ එතනම ඇදන් වැටුන. මම ගියේ ඉස්සරහ වාඩි වෙලා, බයිසිකලේ වැටුනේ දකුණු පැත්තට. මගේ උරේ තමයි බිම වැදුනේ. මට දැනුන ඇතුලෙන් නිකන් ගලවාගෙන යනවා වගේ. දැන් මට පුදුම සනීපයක් දැනෙන්නේ. :( එතන මිනිස්සු ටික දෙනෙකුත් හිටියා. මම කිව්වා ඉක්මනට ආයෙත් හරවගෙන යමු කියල. අරූ දන්නෙ නෑ නෙ මට තියන අමාරුව, ඌ කියනවා දැන් මෙහෙමම හරවගෙන ගියොත් නොන්ඩියි, ඔහොමම ඉස්සරහට ගිහින් ආයෙත් එමු කියල. මට ඉතින් අරූගෙ බෙල්ල පයින් පාගල මරන්න තරම් තරහයි. ඒ පාර ඌට දෙකක් කියල ඇදගෙන ගෙදර ආව. බෙල්ල කඳට සෙට් වෙන තැන ඉස්සරහින් පේන අස්ථි දෙකක් තියෙන්නේ, අන්න ඒ දෙකේ දකුණු පැත්තේ එක මුලුන්ම තමයි කැඩිලා තියෙන්නේ. ඒ කාලේ වෙනකොට ඒ අස්ථි හරියට හැදිල තිබිල නැති නිසා එච්චර අමාරුවක් වුනේ නෑ. කොහොම හරි අරූ හොඳටම බයිට් වුනා මාව සීන් එකෙන් අයින් කරන්න හිතලම කරපු වැඩක් කියල. ඌට නම් සීරීම් තුවාලයක් වත් නෑ.
ඕකෙ හැඟීම්බරම අවස්ථාව එන්නෙ ඊට පස්සේ. මම අත කඩාගෙන ඉන්නකොට තාත්ත ඇවිත් මාව එහෙ එක්කගෙන ගියා. ඊට පස්සේ සති තුනක් විතර අම්ම මාව එහේ තියාගෙන සාත්තු කළා. සිංහල බේතුත් කළා. එහේ ඉන්නකොට ලොකු අයිය (ලොකු අම්මගේ ලොකු පුතා) ආව මව බලන්න. ඌ ඇවිත් කිව්වේ මාව නන්නත්තාර වෙන කතාවක්. ඌ කිව්වා සුදු බොක් කට් කපපු ලස්සන ගෑනු ළමයෙක් මාව බලන්න චීස් බට්න් බිස්කට් එකකුත් අරන් ඇවිල්ල තියනවා කියල. අයියෝ සල්ලි කිව්වලු, ඒ ඉතින් චානිකා ඇරෙන්න වෙන කවුද? මට ඉතින් රටක් රාජ්‍යයක් පහල වුනා වගේ. ඒකිට ගමේ යාලුවොන්ගෙන් ආරංචිය ලැබිල. පස්සෙ මට හෙනම අප්සට්, මම ගෙදර හිටපු නැති එකට. මොනව කරන්නද ඉතින් පින නෑ එහෙම දේකට. දැන් ඉතින් හිතල බලන්නකෝ මගේ හිතට එන දේවල්. මම පස්සෙන් යන කෙල්ල මාව බලන්න අපේ ගෙදර ආව කිව්වම ඉතින් ඊට වැඩිය දෙයක් තියේද? ඒකි මට කවද හරි කැමති වෙයි කියන විස්වාසේ මට තදින්ම ඇතිවුනා. ඊට පස්සෙ ඉතින් හොඳ වෙලා ආයෙත් ගෙදර එනකල්ම නිකන් හීන ලෝකෙක වගේ හිටියේ. මම ආයෙත් ගෙදර එන වෙලාවේ අපේ සෙට් එක ඇවිත් හිටිය. මුලුන්ම කලේ අර බිස්කට් ඒක කාපු එක. කොහොමහරි වාසනාවට වගේ ගෙදර කවුරුවත් ඒ කවුද කින්ද මන්ද ඇහුවේ නෑ.
ආයෙත් හෙනම ගේමක් ගියා ඒකිගේ උපන්දිනේට. මට ඕන වුනා මොකක් හරි මමම හදපු කාඩ් එකක් වගේ එකක් දෙන්න. ඒ කාලේ වර්ඩ් වල ටයිප්කරනවා ඇරෙන්න වෙන මුකුත් දැනගෙන හිටියේ නෑ. කොහොම හරි කාඩ් එකක තිබුන මල් පොකුරක් කපාගෙන ඒක ස්කෑන් කරල, ෆොටෝෂොප් වලින් වටේ කපල, පාට හදල, ඒක වර්ඩ් වලට අරගෙන තමයි වැඩේ කලේ. කරල කරලම තනියම තමයි ඔක්කොම ඉගෙන ගත්තේ. කාඩ් එකක් හදන්න ගියාට කාඩ් එකක් හදන්න තේරෙන්නේ නෑ, බර්ත්ඩේ කාඩ් එකක් අරගෙන ඒක ඇතුලට දාල දෙන්න පුළුවන් වෙන විදියේ කොලයක් තමයි පස්සෙ හැදුවේ. මාස තුනකට විතර කලින් වැඩේ පටන් ගත්ත නිසා වෙලාව අරගෙන හදල හදල ලස්සන නිර්මාණයක් කරගන්න පුළුවන් වුනා. ඊළඟ ගොන් වැඩේ කලේ ඊට පස්සෙ. අනිත් එකාත් දන්නවා මම එහෙම එකක් හදනවා කියල. මම ඌටත් කිව්වා මොකක් හරි එහෙම එකක් හදල දෙන්න කියල. කොහෙද, ඌට බැරිලු. ඔන්න ඒ වෙලාවේ බුදු හාමුදුරුවොන්ට පමණක් දෙවැනි වුන මගේ මහා කරුණාව ආයෙත් අවදි වුනා. මම කිව්ව "හරි මචන් අවුලක් නෑ, අපි දෙන්නම මේකම දෙමු" කියල. අම්ම දැන ගත්ත නම් මට ගහන්නේ බැට් එකෙන්. ඇත්තටම දැන් ඕව මතක් වෙනකොට මට මං ගැනම පුදුම තරහක් එන්නෙ. මම ඒ කරපු දේවල් වලට මට අනිත් පැත්තට ලැබුනේ මොනවද කියල මම අදටත් කල්පනා කරනවා.
කොහොම හරි ඒකෙ අකුරු වල පාට විතරක් වෙනස් කරලා අරූටත් එකක් හදාගත්ත. ඒක ප්‍රින්ට් කරගන්න ගිහිල්ලත් ලෝක කට්ටක් කෑව. ටවුන් ඒක පුරාම වරුවක් ඇවිද්ද ප්‍රින්ට් අවුට් එකක් ගන්න. හැම තැනම මොක්ක හරි අවුලක්. එක්කෝ ලයිට් නෑ, නැත්තන් තීන්ත ඉවරයි, ප්‍රින්ටරේ කැඩිලා, ඊටීසී. අන්තිමට එක තැනකින් ගහගෙන ගියා ඒකෙ රතු විතරයි වැදුනේ.:( පස්සෙ ඊළඟ දවසේ ආයෙත් ඇවිත් යන්තං තැනක් සෙට් වෙලා ගහගෙන ගියේ. ඊට පස්සෙ ඉතින් එක වගේම කාඩ් දෙකක් අරගෙන ලියල, අර කොළ දෙක ඇතුලට දාලා දෙන්න ලේස්ති කරලා තිබුනේ. මම O/L වලට තාක්ෂණික විෂයට කොමර්ස් කලේ. ඉස්කෝලේ හරියට කලේ නැති නිසා මම කඩෙන් තියරි තියන ලොකු පොතක් ගත්ත. (හාෆ් ශීට් සයිස් විතර කොළ තියන පොතක්) ඒ පොත ගත්ත අලුත තමයි කාඩ් එක දෙන්න සෙට් වුනේ. කලින් වගේම අලුත් පොතක දාල දෙන්න ඕන නිසා කාඩ් දෙක ඒක අස්සේ දාල දුන්න. අපේ පන්තියේ කෙල්ලෙක් හිටිය චානිකාගේ අර යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ගෙවල් පැත්තේ. ඒකි අතේ තමයි පොඩි පොඩි පණිවිඩ එහෙම යවන්නේ. ඉතින් අර කාඩ් දෙක දාපු පොත අර කෙල්ලට දුන්න චානිකාගෙ යාලුවගෙ අතේ චානිකාට යවන්න කියල. දැන් ඒක දීල ඊළඟ සතියෙ පන්ති ආවම අර කෙල්ල කිව්ව චානිකා පොතට තැන්ක්යූ කියන්න කිව්ව කියල. හෑහ්! ඒ මොකක්ද ඒ වුනේ?
මේකයි වෙලා තියෙන්නේ, චානිකාත් තාක්ෂණික විෂයට කලේ කොමර්ස්. ඉතින් අලුත්ම පොතක් අස්සේ අරක දාල දුන්නම ඒකි හිතල ඒක උපන්දිනේට තෑග්ගක් කියල.:) අයියෝ සල්ලි! කමක් නෑ, ඒක ඒකිට හරි ප්‍රයෝජනවත් වෙන්න ඇතිනේ. ඒ අවුරුද්දේ වෙසක් එකටත් අපි දෙන්න කාඩ් දෙකක් දුන්න. ඒ පාර නම් අපි දෙන්නටත් කාඩ් දෙකක් ලැබුන. හලේ හරි සතුටුයි. ඉතින් ඔහොම වුනාම පිස්සු වැටෙන එක අහන්නත් දෙයක්ද?
11 වසරෙන් 3/4 ක්ම ඔය වගේ තමයි ගෙවුනේ. පස්සෙ ඒකි කියපු කතාවකින් මම හොඳටම වැටුන. ආයෙත් නැගිට ගන්න බැරි වෙන්නම වැටුන. මම ඒකිට අර අපේ පන්තියේ කෙල්ල අතේ මොකක් හරි කියල යැව්වා. ඒ පාර ඒකි කියල තිබ්බ එකිටයි මටයි යාළුවො විදියට ඉන්න ඕන නම් ආයෙත් ඔය වගේ දේවල් කියන්න එපා කියල. එච්චර කල් ඒකි හැමදාම හිනාවෙලා කතා කරන නිසා ඉතින් මම ඇත්තටම ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියේ. එදා නම් මට සේරම එපා වුනා. දෙපාරක් හිතන්නේ නැතුව මම චානිකා ගැන තිබුන අදහස අතෑරල දැම්ම. තියන තරම් කටු කාල, ඒ අවුරුද්දේ මාස 9ක්ම නාස්ති කරලා අන්තිමට ඉතින් ලැබුන දෙයක් නෑ. එහෙම තමයි ඉතින් ජීවිතේ නේද. අපි බලාපොරොත්තු වෙන හැමදේම ලැබෙන්න ගියොත් එකෙත් ගතියක් නෑ නෙ. එතකොට අනිත් එකා මොකද කලේ? මම ගේම් එකේ නෑ කියන්නේ ඌ නිකන් සුක්කානමක් නැති වාහනයක් වගේ. ඌටත් ඉතින් වැඩේ අතාරින්න වුනා. පස්සෙ ආයෙත් ආරංචි වුනා චානිකායි අර කලින් කොල්ලයි ආයෙත් සෙට් වෙලා කියල. කාට කියන්නද ඉතින් මේ අසාධාරණ.
මම පස්සෙ කල්පනා කරපු දෙයක් තමයි ඔය වුන මහන්සිය ඉංග්‍රීසි සාහිත්‍ය සබ්ජෙක්ට් එකට යෙදෙව්වා නම් 'C' එකක් වත් ගන්න තිබුන නේද කියල.:) එතකොට පරක්කු වැඩියි. කොහොමහරි චානිකාගෙයි අරූගෙයි සම්බන්දෙ අදටත් තියනවා. ඒ කොල්ලත් මොරටුව කැම්පස් එකේ. අපි නම් හිතුවේ ඌ නිකන් රස්තියාදුකාර ඩයල් එකක් කියල. මොන පිස්සුද ඌ පලවෙනි පාරම මොරටුව ඉන්ජිනේරින් ගියා. දැන් නම් අවුට් මම හිතන්නේ. චානිකාත් ලෝ එන්ට්‍රන්ස් කරනවා. මොරටුව ළඟ පාතම කොහේ හරි නැවතිලා ඉන්නේ. දෛවයේ සරදම් නම් තාමත් එහෙමමයි. ඒකි සමහර වෙලාවට කැම්පස් එක ලඟට ලඟට එනවා අරූව හම්බ වෙන්න. දවසක් ෆයිනල් අයියලාගේ එක්සෑම් ඉවර වෙලා බකට් එකක් දීල මඩ නාගෙන එලියට එනකොට මෙන්න මේකි හෝල්ට් එකේ ඉන්නවා. ජිල් බෝල වගේ ඇස් දෙක ලොකු කරගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා. මට කතා කරන්න යන්න ඕන වුනත් මඩ නාගෙන හිටපු නිසා ගියේ නෑ. 'කල් හෝ නා හෝ' එකේ මියුසික් එකත් පැත්තකින් යනව වගේ ඇහුන, මම ගනන් ගත්තේ නෑ. ඊට පස්සෙ දවසක නම් ඒකි එතන ඉන්නවා දැකල මම ගිහින් කතා කළා. එතකොට තමයි විස්තර දැන ගත්තේ. තාමත් වෙනද වගේම හිනා වෙලා කතා කරනවා.
විස්වාස කරන්න පුළුවන් නම් මේකත් විස්වාස කරන්න. මම කලින් කිව්වනේ මගේ අනිත් ප්‍රධාන නළුවා NDT කියල. ඌ NDT එන්න කලින් IT වලටයි තවත් මොකක් හරි දෙකකට විතර ඇප්ටිටියුඩ් ටෙස්ට් ලියන්න කැම්පස් ආව. ඒ ආපු වෙලාවක ඌව කැන්ටිමට එක්කගෙන ගිහින් කාල එලියට එන්න ආව. දෙයියනේ... චානිකයි කොල්ලයි කැන්ටින් එක කොනේ වාඩි වෙලා උකුළු මුකුළු කර කර තේ බොනවා. අපි දෙන්නට දෙන්න මූනට මූන බලාගත්තේ ඉබේම වගේ. ඒ වෙලාවේ මට ඇතිවුන හැඟීම මට තාමත් තේරුම්ගන්න බෑ. මොකක්දෝ වාසනාවකට උන් දෙන්න අපිව දැක්කේ නෑ. ඔලු දෙක සාක්කු වල දාගෙන ශේප් එකේ මාරු වෙලා ආව. ඔන්න ඔහොමයි ඉතින් අපිට වෙන්නේ. ඕක තමයි ඉතින් මගේ පලවෙනි ආදර කතාව.
....................................................................................................................................................................
ප.ලි. තව පොඩි පොඩි සිද්ධි නම් ගොඩක් තියනවා. ඒව ඔක්කොම ගලප ගලප ලියන්න වෙලාවක් නෑ. උඩින් පල්ලෙන් කිව්වම රහකුත් නෑ. ඒ නිසා ඒව ලිව්වේ නෑ. කොහොම හරි මොකක් හරි එක අරමුණක් වෙනුවෙන් මම ජීවිතේ වැඩියෙන්ම මහන්සි වුනේ ඔය වැඩේට. ඒ වගේම ගොඩක් පාඩම් පවා ඉගෙන ගත්තා.
ප.ප.ලි. අර චානිකා ගෙනාපු චීස් බට්න් එකේ ටින් එක තාමත් මගේ ළඟ තියනවා. ඒක නංගිගේ අල්මාරියේ දාල තියෙන්නේ.:)
ප.ප.ප.ලි. තව පොඩ්ඩෙන් මේ පොස්ට් එක දන්න වෙන්නේ නෑ. පෙරේදා අපි සෙට් එක නාන්න ගිහින් කතාවේ අනිත් ප්‍රධාන නළුවයි, මහිමයයි ගිලිලා මැරෙන්න ගියා. අම්මෝ මතක් වෙනකොටත් හිරි වැටෙනවා. ඉඩක් ලැබුන වෙලාවක ඒ ගැනත් ලියන්නම්.
හප්පා.... මම හිතුවෙ නම් චානිකා ටිකක් හරි සැට් වෙන්න ඇති කියල... ඒත් ඉතින් උන් දෙන්න අදටත් සතුටින් ඉන්නව කියන්නෙ සිරා ලවක් නෙ... එහෙම උනු එක හොඳයි කියල හිත හදා ගන්නයි තියෙන්නේ...
ReplyDeleteඒ උනාට වෙන කොල්ලෙක් එක්ක මූනටම හම්බුනාම ෆුල් අවුට් නේ බන්.... හික් හික්... අත්දැකීම්.
සිරාවට ලියල කතාව....
ඔය පළවෙනි එකනේ... කෝ ඉතුරුවා....
ReplyDeleteඋඹට කියන්න තියෙන ඒව චැට් එකේදිම කියන්නම්... දැක්කයින් දැක්කෙ නෑ උඹ වගේ පොරක්...
ReplyDeleteමචං උන් දෙන්නා ලවු එක නවත්තල කියලා කතාවක් යවල තියෙන්නේ බොරුවට
ReplyDeleteමොකද කොල්ලගේ අම්මා ඕක දැනගෙන හෙන කේස් එකක් දල තියනවා ඒකනිසා තමයි උන්දෙන්න ඔහොම කතාවක් යවල තියෙන්නේ
මටත් මේක කියවපු කොල්ලගේ යාලුවෙක් කිවේ
පිස්සු හැදෙන සද කිව්වලු.මම හිතුවේ උබට කෙල්ල සෙට් වෙලා ඇති කියලා බන්.මොනව කරන්නද ඉතින් ආපසු ගමනේ යා......සිරාවට ලියලා තියෙනවා..
ReplyDeleteඅඩේ කසුනා කියන්නේ සිරාම පොරක් නේ. මරම කට්ටක් කාලා තියෙනවා කෙල්ල හන්දා. දන් ඉතින් නිකන් ඉන්න එකේ වෙන කෙල්ලෙක්ටවත් ඇමක් දැම්මොත් නරකද. මොකද ප්‍රොපෝසල් එකකින් බඳින්න කියලා යෑ.
ReplyDelete"අර චානිකා ගෙනාපු චීස් බට්න් එකේ ටින් එක තාමත් මගේ ළඟ තියනවා. ඒක නංගිගේ අල්මාරියේ දාල තියෙන්නේ."
ReplyDeleteමෙන්න මේකටනම් දුක හිතුනා...තමන් ආදරේ කරන අය අනිත් අයට අයිති වෙන්න දෙන් එපා...ඒක ආදරේට කරන නිගාවක්..ඒ ආදරේ ඕනානම් ලබා ගන්න..නැත්තනම් අත අරින්න..ඒත් තමන් ආදරේ කරන කෙනාව වෙනත් කෙනෙක්ට අයිති වෙන්න උදව් කරන්න එපා..දවසක දරා ගන්න බැරි වේවි...
අඩේ මම හිතුවා අනිතිමට චානිකා සෙට් වෙන්න ඇති කියලා... බෙටර් ලක් නෙක්ස්ට් ටයිම් කිව්වලු... හැබැයි ඊළග වතාවෙනම් හවුලේ යන්න එපා....
ReplyDeleteමොන ඒත් එහෙම තමා
ReplyDeleteඔහොම තමයි බං කොල්ලෙකුට කවදාවත් බෑ තමන්ගේ පලවෙනි ලවු එක අමතක කරන්න . කෙල්ලෙකුට නම් ඒක සිම්පල් .
ReplyDeleteමම හිතුවේ කොහොම හරි උඹ චානිකාව සෙට් කරගන්නීවිය කියලා . අපරාදේ උඹ මාස නවයක්ම ට්‍රයි කරලා ආයෙත් ට්‍රයි නොකර අතහැරලා දැම්මේ .. තව ටිකක් ට්‍රයි කරලා බලන්න තිබුණා .. නවය නපුරුයි නේ බං උඹට දහයක් ට්‍රයි කරන්න තිබුණා
අර චීස් බටන් ටින් එකේ පින්තූරයකුත් දැම්මානම් තමා හොඳ !
මේකේත් අවසාන කොටසටම ගොඩ වැදුනේ... ආදරේ කියන්නේ පුදුම දෙයක් පැත්තක ඉදන් බලන අයට ඕන දෙයක් කියන්න පුලුවන්.. ඒත් ඇත්තටම ඒ හිතට දැනෙන දේවල් පැත්තක ඉන්න අයට හරියටම තේරුම් ගන්න ටිකක් අමාරුයි.. ඒ හින්දා කිසිත් නොකියමි
ReplyDelete@පිස්සා පලාමල්ල
ReplyDeleteකොහෙද, පොඩ්ඩකට වත් සෙට් වුනේ නෑ නේ.:) ඔව් ඉතින් උන දෙන්න හරි සතුටින් ඉන්නවා නම් ඒ ඇතිනේ.
මූනට හම්බ වුන වෙලාවේ නම් උතුර දකුණ මාරු වුනා. ඒ ගැන නම් කියල වැඩක් නෑ.
@Prasanna
දෙවනි එක ගැන කියන්න ගියොත් නම් මේ බ්ලොග් එකේ වෙන මොනවත් ලියන්න වෙන්නේ නෑ. අනිත් ඒව නම් ලියන්න තරම් දෙයක් නෑ.
@සාතන්
වෙන මොකක්ද ඉතින් මට පලු යන්න බනීවි...:)
@මහිම
හෑහ්, කවුද කිව්වේ? මට ගමෙත් ඉන්න නැති වෙයිද දන්නේ නෑ.
@පිස්සු පුසා
ආපසු ගමනේ නම් ගිහින් තියනවා. මොන, කිසි වැඩක් නෑ.:)
@මධුරංග
ඇම දාන්න ඕන නෑ බං. ලැබෙන්න තියන දෙයක් නම් ලැබේවි. නැත්තන් ඉතින් ප්‍රපෝසල් එකකට හිත හදාගෙන ඉන්නේ, මම කලිනුත් කිව්වෙ.:)
@අසනි
ReplyDeleteඒක ඇත්ත අසනි. ස්තුතියි ඒ අදහසට.
@Dinesh
නෙක්ස්ට් ටයිම් වලත් බෙටර් ලක් එකක් තිබුනේ නෑ.:(
@මහිම
හා හා කට!
@හිස් අහස
අරම කිව්වට පස්සේ තවත් කොහොමද බං පස්සෙන් යන්නේ. කනට ගැහුව වගේ කතාවක් නේ කිව්වෙ. දහය නෙමෙයි කීයක් කරත් ඔය සෙතේම තමයි බං.
අපරාදේ මම ඒක මීටර් වුනේ නෑ. ඊයේ ආයෙත් කැම්පස් ආව, නැත්තන් දැන් හරි දාන්න තිබුනා.
@දේවා ගේ අඩවිය
ඒක නම් ඇත්ත. ඒ වෙලාවට හිතට එන දේවල් කොහොමවත් අනිත් අයට තේරුම් කරලා දෙන්න බෑ.
උබ නම් මචන් පට්ට පොරක්..
ReplyDeleteජය,,,
කසුන්,
ReplyDeleteමම මෙහෙම සිතියම් ඇඳල විස්තර කරපු ලව් ස්ටෝරියක් දැකලම නෑ. අනික අස්ථි ගැන පවා කියලා තියනවනෙ. ඒක නෙවෙයි කසුන්, කසුන් මට වඩා පරම්පරා දෙක තුනක් පහලින් ඉන්න කොල්ලෙක් වුනාට අපෙයි කසුන්ලගෙයි ආදර කතාවල පොඩි පොඩි වෙනස් කම් විතරයි තියෙන්නෙ. සමානකම් ඊට වැඩියි. උදාහරනයක් හැටියට අපි ජෙල් ගෑවෙ නෑ. ඒ කාලෙ ප්‍රින්ට් අවුට් තිබ්බෙ නෑ. නමුත් චේන් පනින බයිසිකල් ඇතුලු අනිත් සේරම එක හා සමානයි.
අපේ පරම්පරාවෙ සමහර එවුන් අතීතය අමතක වුනා වගෙ ඉන්න එක විතරයි වෙනස.
henryblogwalker the Dude
@Gayan Rupasinghe
ReplyDeleteමම හරි හොඳ කොල්ලෙක් නේ?
@Dude
ඔව් අයියේ, පාවිච්චි කරන උපකරණ වෙනස් වුනාට කොයි කාලෙත් ආදර කතාවල බේසික් එක එකයි.:)
"අපේ පරම්පරාවෙ සමහර එවුන් අතීතය අමතක වුනා වගෙ ඉන්න එක විතරයි වෙනස."
ඒක නම් පට්ටම කතාව. 100%ක්ම ඇත්ත.
අසනි කිව්ව දේටම මටත් දුක හිතුනා...
ReplyDeleteජීව්තේ හැටි තමා බන් ඉතිං...
ඔව් බං ඉතින් එහෙම තමයි ජීවිතේ. කැමති හැම දේම ලැබෙන්නේ නෑ නේ.
ReplyDeleteඅම්මේ චිස් බටන්ස් ටින් එක විසික් කරලා දැම්මොත් මොකද
ReplyDelete