වදකාර හිත,
මට හෙනම මළ උඹ එක්ක
පොඩ්ඩක් ඇත්තන් ඇති
කොහේ හරි පැටලෙන්න
පොඩිම පොඩි දෙයක් අල්ලගෙන
ගව් ගනන් දුරට යන
ලොවෙත් නැති හෙන උසට
අහසෙ මාලිග හදන
ඇත්තටම උඹට පිස්සුද?
මට හෙනම මළ උඹ එක්ක
අන්තිමට කෙලවගෙන
එන්නෙපා මගේ ලඟට
උඹේ ඔය ගොන් කමට
කරන්න නම් දෙයක් නෑ මට
ඒ සිරාවටම,
මට හෙනම මළ උඹ එක්ක.
මට හෙනම මළ උඹ එක්ක
පොඩ්ඩක් ඇත්තන් ඇති
කොහේ හරි පැටලෙන්න
පොඩිම පොඩි දෙයක් අල්ලගෙන
ගව් ගනන් දුරට යන
ලොවෙත් නැති හෙන උසට
අහසෙ මාලිග හදන
ඇත්තටම උඹට පිස්සුද?
මට හෙනම මළ උඹ එක්ක
අන්තිමට කෙලවගෙන
එන්නෙපා මගේ ලඟට
උඹේ ඔය ගොන් කමට
කරන්න නම් දෙයක් නෑ මට
ඒ සිරාවටම,
මට හෙනම මළ උඹ එක්ක.
මොකැදෑ මේ අපිත් එක්කද මළ බැලුවා...බැලින්නම් මේ හිත් පොඩිය එක්කනේ..දෙයියම්පා මටත් වෙලාවකට ඔහොම්මමයි...මට්ටු කර ගනින් යාලුවේ අමාරුවෙන් හරි...
ReplyDeleteනොකියාම දුර යනෙන
මොහොතක් නොනවතින
මටම දස වදෙන් බැට දෙන
දඩබ්බර සිතයි නුබ මගෙ...
රස්තියාදුවේ පර තෙරේ හැසිරෙන
මගේ දිවි සකය කරකන
නුබට මළ පනිනු ඇත
නුබව මෙල්ල මන් කල දිනේ...
යාලුට මගෙන් සුබ පැතුම් ඕන්...... හොයලා බලන ඈයෝ100ක් ම ඉන්නවා...ජයෙන් ජය පතනවා මගේ යාලු...100ය 1000වෙන්න ශක්තිය ඇති නුබේ හිතේ...
ReplyDeleteමටත් මෙ හිතත් එක්ක එපාවෙනවා එක වෙලාවකට.
ReplyDeleteනොලැබෙන දෙයක් ගැන වෙලාවකට මැරෙන්න හදනවා. කොච්චර කිව්වත් ඒක ලැබෙන්නේ නෑ කියලා. කොයි .... !!! අහන එකක් යෑ.
කවි ටික සුපිරි !!!!
ෆලෝවර්ස්ලා 100ට මගෙන් සුබ පැතුම් !!!!
අලුත් අදහසක් . ''හිත හිලෑ නෑ..හරිම මුරන්ඩුයි ..තැන තැන ඇවිදිනවා ..'' කියල සින්දුවක් තියෙනවා . බන්දුල විජේවීර කියන්නේ වගේ මතක
ReplyDeleteඅල්ලලා බැඳල තියා ගන්න ගියොත් ලොවෙත් නැතුව පැනල යනවා.. ඕනි මඟුලක පල කියල අත හැරියොත් බැඳපිය කියල ලඟම දැවටි දැවටි ඉන්නව
ReplyDeleteමටත් වෙලාවකට අම්බානෙට මල.....
ReplyDeleteකණට දෙකක් ගහල තියාගනින් බන්... ;)
ReplyDeleteඔය හිත නම් වෙලාවට ගලවලා විසිකරන්න තරම් මළක් එන්නෙ. මටත් හෙනම මළ ඕකා එක්ක
ReplyDeleteඅප්පා මටත් ඔහොම කාලයක් තිබ්බා. දැන්නම් පුදුම විදියට හීලෑ වෙලා.. පුදුම සනීපයක් දැනෙන්නේ....
ReplyDeleteඅන්තිමට කෙලවගෙන
ReplyDeleteඑන්නෙපා මගේ ලඟට
...............
අල්ලලා ගහනවා කන පැලෙන්න
මොකෝ මේ?
ReplyDeleteමට හිතුනා FB එකෙත් සද්දයක් නැතිකොට කෙලවාගෙන තමා කියල
අහසේ මාලිගාව හදන්න ඉස්සර බෝංචි වැලක් හදල ඉන්න. එතකොට බෝංචි වැල දිගේ මාලිගාවට යන්න ඇහැකි..
ReplyDeleteඔය හිතට තාප්පයක් බැන්ඳත් නතර කර ගන්න බැරි වෙයි....... ඔව් ඉතින් එයා හින්ද අන්තීමට දුක් විඳින්නේ අපිනෙ...
ReplyDeleteමොනව වුනත් ඉතිං තමුන්ගෙම හිතනෙ.
ReplyDelete@අසනි
ReplyDeleteඔව් මේකට බුරුලක් පෙන්නන්න හොඳ නෑ. කොහොම හරි මට්ටු කරගන්න ඕන. නැත්තන් ලෝක ඇනේ.
ස්තුතියි අසනියේ සුභ පැතුමට. වෙලාවට අද පොස්ට් එකක් දාල, නැත්තන් ඔයාට දෙකක් කියන්න කියල හිටියෙ මම. :)
@මධුරංග
ඔව බන් මූට කියන සිංහලේ තේරෙන්නේ නෑ. ඔක්කොටම වැඩිය මළ චූටි දෙයක් අල්ලගෙන ලොවෙත් නැති විදියට අහසේ මාලිගා හදනකොට. ඊට පස්සේ ඉතින් හූල්ල හූල්ල ඉන්නවා.
@Bindi
ඔව් අක්කේ, ගොඩක් අයට ඔය ප්‍රශ්නෙ තියනවනේ. ඒකයි ඒ ගැන සින්දුත් ලියවිලා ඇත්තේ. :)
@Weni
එහෙම අතෑරලා දැම්මොත් මූ කොයි ලෝක යයිද කියන්න බෑ සහෝ. ශුවර් නැති ඩයල් එක.
@prasanna86k
කතා කරලා වැඩක් නෑ මාළු අයියේ මූ ගැන. :)
@සාතන්
සීන් එක මුගේ කන හොයාගන්න බෑ නෙ.
@පිණිබිඳු
ඇත්තට අක්කේ ගලවල විසි කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.
@Gimhani
ReplyDeleteහිත හීලෑ කරගත්ත එකනම් ලොකු දෙයක් සහොදරී. මාත් කොහොම හරි ට්‍රයි කරන්න ඕන.
@අම්බලම
:) ඒ පදේ නම් නියමයි සහෝ.
@mahima
පිස්සුද බං, තවත් මොනව කෙලවෙන්නද? :)
@සරත් ලංකාප්‍රිය
ඔය බෝංචි වැල් ශුවර් නෑ අයියේ, ඕක මොකෙක් හරි කැපුවොත්?
@දිල්
එකනේ අක්කේ තරහ. ඌ කරන ගොන් වැඩ වලට වන්දි ගෙවන්න ඕන අපි.
@නිසුපා
අන්න එකනේ අක්කේ මොකක් වත් ඇක්ෂන් එකක් ගන්න බැරි. මොකක් වුනත් ඒක මගේනේ. :)
මේ හිත වගේ වගක් නැතිව
ReplyDeleteහින දකිනකොට දුර ඈත
නිකමටවත් හිතෙනවනම්
බොදවෙන බව හීන,
රිදවගෙන එනකොට
ආයෙමත් මා ලගට
වේදනා නොදේවී අකීකරු හිතම මට..
@Dinesh
ReplyDeleteඔව් අයියේ, මේ හිතට තේරෙන්නේ නෑ ඔය ගොඩක් හීන බොඳ වෙනබව.
මෙලෝ රහක් නැති,
ReplyDeleteඔහේ වැනි වැනි ඉන්න,
කාටවත් වැඩක් නැති,
නිකන්ම නිකන් ඩයල් එකක්
ලියපු කවියක්ද මේක?
එහෙම ඩයල් එකකට
මෙහෙම කවි හදන්න හැකිනම්..
blah blah blah blah
blah blah blah
henryblogwalker the Dude
ඔය මම කියපු ලක්ෂණ ඇත්තටම ඉතින් මට ගැලපෙනව අයියෙ. :)
ReplyDeleteහැබැයි හිතත් මාරු බන්.. අදට වෙලා පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන යන්න අරපන්කෝ.. ඒක යනවා ලොවෙත්....
ReplyDeleteමෝඩ, මුරණ්ඩු, කමකට නැති හිත!
ReplyDeleteලස්සන කවිය
ReplyDelete