twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Monday, September 5, 2011

මට හෙනම මළ උඹ එක්ක



වදකාර හිත,
මට හෙනම මළ උඹ එක්ක
පොඩ්ඩක් ඇත්තන් ඇති
කොහේ හරි පැටලෙන්න

පොඩිම පොඩි දෙයක් අල්ලගෙන
ගව් ගනන් දුරට යන
ලොවෙත් නැති හෙන උසට
අහසෙ මාලිග හදන
ඇත්තටම උඹට පිස්සුද?
මට හෙනම මළ උඹ එක්ක

අන්තිමට කෙලවගෙන
එන්නෙපා මගේ ලඟට
උඹේ ඔය ගොන් කමට
කරන්න නම් දෙයක් නෑ මට

ඒ සිරාවටම,
මට හෙනම මළ උඹ එක්ක.

23 comments:

  1. මොකැදෑ මේ අපිත් එක්කද මළ බැලුවා...බැලින්නම් මේ හිත් පොඩිය එක්කනේ..දෙයියම්පා මටත් වෙලාවකට ඔහොම්මමයි...මට්ටු කර ගනින් යාලුවේ අමාරුවෙන් හරි...

    නොකියාම දුර යනෙන
    මොහොතක් නොනවතින
    මටම දස වදෙන් බැට දෙන
    දඩබ්බර සිතයි නුබ මගෙ...

    රස්තියාදුවේ පර තෙරේ හැසිරෙන
    මගේ දිවි සකය කරකන
    නුබට මළ පනිනු ඇත
    නුබව මෙල්ල මන් කල දිනේ...

    ReplyDelete
  2. යාලුට මගෙන් සුබ පැතුම් ඕන්...... හොයලා බලන ඈයෝ100ක් ම ඉන්නවා...ජයෙන් ජය පතනවා මගේ යාලු...100ය 1000වෙන්න ශක්තිය ඇති නුබේ හිතේ...

    ReplyDelete
  3. මටත් මෙ හිතත් එක්ක එපාවෙනවා එක වෙලාවකට.
    නොලැබෙන දෙයක් ගැන වෙලාවකට මැරෙන්න හදනවා. කොච්චර කිව්වත් ඒක ලැබෙන්නේ නෑ කියලා. කොයි .... !!! අහන එකක් යෑ.
    කවි ටික සුපිරි !!!!

    ෆලෝවර්ස්ලා 100ට මගෙන් සුබ පැතුම් !!!!

    ReplyDelete
  4. අලුත් අදහසක් . ''හිත හිලෑ නෑ..හරිම මුරන්ඩුයි ..තැන තැන ඇවිදිනවා ..'' කියල සින්දුවක් තියෙනවා . බන්දුල විජේවීර කියන්නේ වගේ මතක

    ReplyDelete
  5. අල්ලලා බැඳල තියා ගන්න ගියොත් ලොවෙත් නැතුව පැනල යනවා.. ඕනි මඟුලක පල කියල අත හැරියොත් බැඳපිය කියල ලඟම දැවටි දැවටි ඉන්නව

    ReplyDelete
  6. මටත් වෙලාවකට අම්බානෙට මල.....

    ReplyDelete
  7. කණට දෙකක් ගහල තියාගනින් බන්... ;)

    ReplyDelete
  8. ඔය හිත නම් වෙලාවට ගලවලා විසිකරන්න තරම් මළක් එන්නෙ. මටත් හෙනම මළ ඕකා එක්ක

    ReplyDelete
  9. අප්පා මටත් ඔහොම කාලයක් තිබ්බා. දැන්නම් පුදුම විදියට හීලෑ වෙලා.. පුදුම සනීපයක් දැනෙන්නේ....

    ReplyDelete
  10. අන්තිමට කෙලවගෙන
    එන්නෙපා මගේ ලඟට
    ...............

    අල්ලලා ගහනවා කන පැලෙන්න

    ReplyDelete
  11. මොකෝ මේ?
    මට හිතුනා FB එකෙත් සද්දයක් නැතිකොට කෙලවාගෙන තමා කියල

    ReplyDelete
  12. අහසේ මාලිගාව හදන්න ඉස්සර බෝංචි වැලක් හදල ඉන්න. එතකොට බෝංචි වැල දිගේ මාලිගාවට යන්න ඇහැකි..

    ReplyDelete
  13. ඔය හිතට තාප්පයක් බැන්ඳත් නතර කර ගන්න බැරි වෙයි....... ඔව් ඉතින් එයා හින්ද අන්තීමට දුක් විඳින්නේ අපිනෙ...

    ReplyDelete
  14. මොනව වුනත් ඉතිං තමුන්ගෙම හිතනෙ.

    ReplyDelete
  15. @අසනි
    ඔව් මේකට බුරුලක් පෙන්නන්න හොඳ නෑ. කොහොම හරි මට්ටු කරගන්න ඕන. නැත්තන් ලෝක ඇනේ.

    ස්තුතියි අසනියේ සුභ පැතුමට. වෙලාවට අද පොස්ට් එකක් දාල, නැත්තන් ඔයාට දෙකක් කියන්න කියල හිටියෙ මම. :)

    @මධුරංග
    ඔව බන් මූට කියන සිංහලේ තේරෙන්නේ නෑ. ඔක්කොටම වැඩිය මළ චූටි දෙයක් අල්ලගෙන ලොවෙත් නැති විදියට අහසේ මාලිගා හදනකොට. ඊට පස්සේ ඉතින් හූල්ල හූල්ල ඉන්නවා.

    @Bindi
    ඔව් අක්කේ, ගොඩක් අයට ඔය ප්‍රශ්නෙ තියනවනේ. ඒකයි ඒ ගැන සින්දුත් ලියවිලා ඇත්තේ. :)

    @Weni
    එහෙම අතෑරලා දැම්මොත් මූ කොයි ලෝක යයිද කියන්න බෑ සහෝ. ශුවර් නැති ඩයල් එක.

    @prasanna86k
    කතා කරලා වැඩක් නෑ මාළු අයියේ මූ ගැන. :)

    @සාතන්
    සීන් එක මුගේ කන හොයාගන්න බෑ නෙ.

    @පිණිබිඳු
    ඇත්තට අක්කේ ගලවල විසි කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.

    ReplyDelete
  16. @Gimhani
    හිත හීලෑ කරගත්ත එකනම් ලොකු දෙයක් සහොදරී. මාත් කොහොම හරි ට්‍රයි කරන්න ඕන.

    @අම්බලම
    :) ඒ පදේ නම් නියමයි සහෝ.

    @mahima
    පිස්සුද බං, තවත් මොනව කෙලවෙන්නද? :)

    @සරත් ලංකාප්‍රිය
    ඔය බෝංචි වැල් ශුවර් නෑ අයියේ, ඕක මොකෙක් හරි කැපුවොත්?

    @දිල්
    එකනේ අක්කේ තරහ. ඌ කරන ගොන් වැඩ වලට වන්දි ගෙවන්න ඕන අපි.

    @නිසුපා
    අන්න එකනේ අක්කේ මොකක් වත් ඇක්ෂන් එකක් ගන්න බැරි. මොකක් වුනත් ඒක මගේනේ. :)

    ReplyDelete
  17. මේ හිත වගේ වගක් නැතිව
    හින දකිනකොට දුර ඈත
    නිකමටවත් හිතෙනවනම්
    බොදවෙන බව හීන,
    රිදවගෙන එනකොට
    ආයෙමත් මා ලගට
    වේදනා නොදේවී අකීකරු හිතම මට..

    ReplyDelete
  18. @Dinesh
    ඔව් අයියේ, මේ හිතට තේරෙන්නේ නෑ ඔය ගොඩක් හීන බොඳ වෙනබව.

    ReplyDelete
  19. මෙලෝ රහක් නැති,
    ඔහේ වැනි වැනි ඉන්න,
    කාටවත් වැඩක් නැති,
    නිකන්ම නිකන් ඩයල් එකක්
    ලියපු කවියක්ද මේක?
    එහෙම ඩයල් එකකට
    මෙහෙම කවි හදන්න හැකිනම්..
    blah blah blah blah
    blah blah blah

    henryblogwalker the Dude

    ReplyDelete
  20. ඔය මම කියපු ලක්ෂණ ඇත්තටම ඉතින් මට ගැලපෙනව අයියෙ. :)

    ReplyDelete
  21. හැබැයි හිතත් මාරු බන්.. අදට වෙලා පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන යන්න අරපන්කෝ.. ඒක යනවා ලොවෙත්....

    ReplyDelete
  22. මෝඩ, මුරණ්ඩු, කමකට නැති හිත!

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.