කාලෙකින් මේ මොකක් හරි කොටන්න කියල ලේස්ති වුනේ. මේ දවස් වල වැඩ ගොඩ ගැහිල. ෆයිනල් ඉයර් එක පටන් ගත්ත ගමන් නිසා වැඩ වැඩියි. අනිත් එක රිසර්ච් එකක් කරන්නත් ඕන, ඒකත් පටන් ගත්ත විතර නිසා එක එක වැඩ ගොඩයි. අද පොඩි බ්‍රේක් එකක් ලැබුන. හරි හරි වැඩි කතා මොකටද නේද?
ඉස්කෝලෙ ගිහින් ඉවර උනාට පස්සෙ ගොඩක් අයට හිතෙනවනෙ ආයෙත් ඉස්කෝලෙ යන්න ඇත්තන් කියල. ආයෙත් අතීතයට ගිහින් ඉස්කෝලෙ යන්න චාන්ස් එකක් ලැබුනොත් මොන කාලෙටද අපේ කස්ටිය යන්න කැමති? ගොඩක් කස්ටිය නම් යන්න කැමති වෙන්නෙ O/L කාලෙට මම හිතන්නෙ. A/L කාලෙට යන්න කැමති අයත් ගොඩක් ඇති. ඇයි ඉතින් ඔය ගොඩක් ආදර සම්බන්දතා එහෙම පටන් ගන්නෙ ඔය කාලේ නෙ.:) ඒත් මම නම් එහෙම චාන්ස් එකක් ලැබුනොත් යන්න කැමති 4 වසරට. මට පිස්සු කියල හිතෙනවද දන්නේ නෑ. ඒක තමයි මම ඉස්කෝල ජිවිතේ ගෙවපු ලස්සනම කාලෙ. 6 වසර ඉඳල නම් මෙලෝ රහක් නෑ, පිරිමි පාසලකට නෙ ගියේ.:P. 3 වසරට එනකල් ගියේ ගමේ ඉස්කෝලෙට, 3 ඉඳල 5 වෙනකල් ගියේ ටවුන් එකේ ඉස්කෝලෙකට. ඊට පස්සෙ 6 ඉඳල ගියේ ආයෙත් වෙන ඉස්කෝලෙකට.
4 වසරට ගොඩක් ආස වෙන්න ගොඩක් හේතු තියනවා. ප්‍රධානම හේතුව අපේ 4 වසරේ පන්ති බාර සර්. ඉස්කෝල ජිවිතේ මට වැඩිපුරම ආදරේ කරපු කෙනා තමයි ඒ සර්. මට විතරක් නෙමෙයි, ළමයි හැමෝටම ගොඩක්ම ආදරෙයි. හැබැයි මට ටිකක් වැඩිපුර ආදරෙයි. ඒ සර් ගැහුවෙ බැන්නේ බොහොම කලාතුරකින්. හැමදේම ආදරෙන් තමයි කියල දුන්නෙ. ඒක නිසාම අපි ඒ සර් කියන දේවල් ඒ විදියටම පිලි පැද්ද. ඒ සර් උගන්නන්නත් ගොඩක් දක්ෂයි. ඉතින් අපි දවස පටන් ගන්නෙ ගොඩක්ම සතුටින්. පන්තිය ගෙදර වගේ තමයි. ඒ සර් දවසක් මට විභාගයකදී හොරෙන් උදව් කලත් එක්ක. එච්චරට මම සර්ට හිතට අල්ලල තිබුනේ. ඒක ඉතින් හරි වැඩක් නම් නෙමෙයි තමයි. කොහොමහරි සර් එච්චරටම මට ආදරෙයි. මම ඊට පස්සෙ දෙතුන් පාරක්ම සර්ගේ ගෙදරත් ගිහින් තියනවා. ලඟදි සර්ට අපේ තාත්තව මුණ ගැහිල මට දෙන්න කියල සර්ගෙ අලුත් නම්බර් එකත් දිල තිබුන.
ඒ කාලෙ ඉතින් ඔලුවට කිසිම බරක් පතලක් නැති කාලයක් නෙ. ශිෂ්‍යත්වෙටත් කල් තියනවනේ, ඒක නිසා ඉතින් සෙල්ලමම තමයි. අපිට ජාතික ක්‍රීඩා දෙකක් තිබුන. 'ලොක් ඇන්ඩ් කී' සහ 'බඩවැල් ඇදීම'.:) 'ලොක් ඇන්ඩ් කී' ගැන නම් කට්ටිය දන්නව නම් ඇති නෙ. ඉන්ටවල් එකට ඕකම තමයි ඉතින්. එ ඇරෙන්න ඉඩක් ලැබුන හැම වෙලාවකමත් ඕක කරනව. එක පාරක් අපේ ප්‍රදර්ශනයක් තිබුන. ඒ කාලෙ ඉතින් ප්‍රදර්ශන වලට තියන්නෙ මැටි වලින්, පොල් කටු වලින්, කඩදාසි වලින් කරපු නිර්මාන, තරු රටා වගේ දේවල් නෙ. ඕවයෙ ඉතින් විස්තර කරන්න දෙයක් තියන එකක්යැ. අපි ඉතින් ඒ දවස් ටිකේම ලොක් ඇන්ඩ් කී තමයි. ඒ දවස් ටිකේ ඇතිවෙන්නම සෙල්ලම් කළා. අනිත් එක ඕක බලන්න දවසකට දහ පහලොස් දෙනෙකුට වැඩිය ආවෙත් නෑ. ලොක් ඇන්ඩ් කී කරනකොට ඉතින් කෙල්ලො තමයි වැඩිපුරම ලොක් වෙන්නෙ. අනේ ඉතින් අපි කී එක දීල කෙල්ලන්ගෙ අතින් ඇදගෙන දුවනව. සෙල්ලමට විතරයි ඉතින් හොන්දද, වෙන මොකක් වත් අදහසකින් නෙමෙයි. ඒ කාලෙ අපෙ හිත් මල් වගේනෙ. දැනුත් එහෙම තමයි ඉතින්. :P එක කෙල්ලෙක් හිටිය, ඒකි ලොක් වුනොත් නම් මම ජිවිතේ පරුදුවට තියල හරි කී එක දෙනවා. :D
අපේ ඉන්ඩෝර් ජාතික ක්‍රීඩාව තමයි බඩවැල් ඇදීම. මට මතක විදියට ඒක නම් අපේම නිෂ්පාදනයක්. කෙල්ලොයි කොල්ලොයි දෙපැත්තට බෙදිල තමයි මේ සෙල්ලම කරන්නෙ. කෙල්ලොයි කොල්ලොයි දෙපැත්තට වෙලා මැදින් ඉරක් ගහල, මූනට මූන බලගෙන පේලි දෙකක් හැදෙනව. ඊට පස්සෙ හැමෝම ඉස්සරහ ඉන්න කෙනාගෙ බඩෙන් අල්ලගන්නව. පේලි දෙකේ ඉස්සරහම ඉන්න කෙල්ලයි කොල්ලයි අත් දෙක අල්ල ගන්නව. ඊට පස්සෙ ඉතින් දෙපැත්තට අදින්න තියෙන්නෙ. හරියට කඹයක් නැතුව කඹ අදිනව වගේ. කොහොම හරි අත ගැලවෙන්නෙ නැති වෙන්න ඉස්සරහ ඉන්න කෙනාගෙ බඩෙන් අල්ලාගෙන ඉන්න ඕන. ඉරෙන් ඉස්සරහට ඇදිල යන අය අවුට්. එක පැත්තක කට්ටිය ඉවර වෙනකල්ම සෙල්ලම යනව. ඒකෙ ලස්සනම වැඩේ තමයි සමහර වෙලාවට එක පැත්තකින් අවුට් වෙන අය අනිත් පැත්තෙ පේලියේ පිටිපස්සට සෙට් වෙන්න ඕන කියල නීතියක් දානව. ඔය කාලෙට කෙල්ලන්ගේ ඇඟපත කොල්ලන්ට වඩා තියනවනේ. (යොවුන් වර්ධක නැග්ම මතක අයට මතක ඇති කෙල්ලන්ගෙ සීග්‍ර වර්ධනය පටන් ගන්නෙ කොල්ලන්ට වඩා කලින් නෙ.) ඒක නිසා හොඳ තරඟයක් තියනවා. ඒත් ඉතින් අන්තිමට හැමදාම කොල්ලො තමයි දිනන්නේ. කෙල්ලන්ගෙ පේලියේ හැමදාම ඉස්සරහ හිටියේ අර 'ලොක් ඇන්ඩ් කී' කරනකොට මම දිවි පරුදුවට තියල බේරගන්න කෙල්ල. කොල්ලන්ගෙ පේලියේ මම තමයි හැමදාම ඉස්සරහ ඉන්නේ.:) දැන් ගොජබිය වගේ හිටියට ඒ කාලෙ පන්තියේ ඩයල් එක.
ඔය විදියට බොහොම සුන්දරව ඒ කාලේ ගෙවිල ගියා. ඇත්තටම ඒ කාලෙ නම ගොඩක්ම ලස්සනයි. හිතට බරක් නෑ, සෙල්ලමම විතරමයි. එහෙම නිදහසක් නම ජිවිතේ ආයෙත් කවදාවත් එන එකක් නෑ. A/L ඉවර වෙලා ඉස්කෝලෙන් අස් වෙනකොට මට දුක හිතුනෙ නෑ. කැම්පස් එකෙන් යන දවසටත් මට දුක හිතෙන එකක් නෑ. ඒත් ඔය ප්‍රයිමරියෙන් එද්දී මට ගොඩක්ම දුක හිතුන. ඇත්තටම මම ආසාවෙන් ඉස්කෝලෙ ගියේ ඒ කාලෙ විතරයි. ඊට පස්සේ ඉතින් නොයා බැරි කමට තමයි යන්නෙ. දැන් එක උපරිම තත්ත්වයට ඇවිත්. කැම්පස් යන්නෙ නිකන් මරන්න ගෙනියන හරකෙක් වගේ. :D
දැනටත් බැරිවෙයිද දන්නෙ නෑ දිවි පරදුවට තියල කී එක දෙන්න අදාල තැනැත්තිට... බලන් යද්දි හැම එකාටම පුංචි වයසෙදි පොඩි ලයින් එකක් තිබිල තියෙනවනෙ... :)
ReplyDeleteඅපිනම් පොඩි කාලේ කලේ ටකරේ ගැහීම සහ ජිල් ගැහීම ඔවුවා තමා අපේ ජාතික ක්‍රීඩා . සමහර වෙලාවට ඉස්කෝලෙන් පැනලා ගිහිං ඔවුවා කරපු අවස්ථා පවා තිබුණ
ReplyDeleteමම නම් ඔය කියන සෙල්ලම් දෙනෙක් එකක්වත් කරලා නෑ. අපි කරන්නේ මීයෝ මීමෝ කියන සෙල්ලම. ඒකත් මරුම සෙල්ලමක් තමා. ආහ් අපි තව කරන සෙල්ලමක් තමා ටිං කඩන එක. ටින් ගොඩක් හිටෝලා බෝලයකින් ටිං වලට ගහලා ඒ ටින් ගොඩ හදන වැඩේ.
ReplyDeleteඔය බඩවල් අදින එකට අපි කිව්වේ කාගේ වත්තේ මල් කඩන්නේ කියල ...හිහිහි ....හබි කෙල්ලෝ විතරඊ හිටියේ .....
ReplyDeleteඅපිත් කලා කාගෙවත්තෙ මල්කඩන්නෙ සෙල්ලම..
ReplyDeleteඑහෙම නැත්තම් බට්ටො පනිනවා. සුදු ගවුම් ඉවරයි දූවිලි ගොඩේ නටල.
@සඳරු,
ඔයාගේ ඊයෙ වැඩසටහන මම ඇහුවා. හරි සතුටුයි...ඔබගේ කටහඬ අසන්න ලැබුනට..
යකෝ...කැම්පස් එක එච්චරට එපා වෙලද????? O_o
ReplyDelete"දැන් ගොජබිය වගේ හිටියට ඒ කාලෙ පන්තියේ ඩයල් එක..."මන් ආසම කරන වචන මාලාව මේ පෝස්ටුවේ...ඇයිද මන්ද හරි හුරුබුහුටි කමක් දැනුනා...
ReplyDeleteමාත් ඒ කාලෙ ඔයා වගෙ හොද ඩයල් එකක් හරිය...
ඔයා කියපු හැම වචනෙකටම මන් එක පයින්ම එකග වෙන තරම් කොටින්ම කිව්වොත්.."කැම්පස් යන්නෙ නිකන් මරන්න ගෙනියන හරකෙක් වගේ. :D"
ස්කෝලේ කාලෙනම් මතක් වෙද්දිත් ඈඩෙනවා බං
ReplyDeleteතාච්චි පැනීම, එල්ලේ ගැසීම , චක් ගුඩු, ටිං කැඩීම, ක්‍රිකට් ආවට පස්සෙ සේරම ක්‍රිකට් තමයි
ReplyDeleteසෑහෙන දිග කතා ගොඩක්නේ...
ReplyDeleteආපහු ඉස්කෝලේ කාලෙට යන්න... බුදු අම්මෝ..මටනං එපා.. මංනෙ දන්නේ ඒ දවස්වල මං ඉස්කොලේ ගියේ කොහොමද කියලා..ඒ හින්දා ඒක එපා..
ආපහු අතීතෙට යන්න දෙනවනං මං යන්නේ ආයේ එකෙන්ම ඕ ලෙවල් ලියලා ප්‍රතිඵල එනකල් ගෙදරට වෙලා හිටිය කාලෙට...
කොටින්ම අන්තිම පේපර් එක ලියලා එළියට ආපු තත්පරේටම යන්න දෙනවනං ටොප්..
අර ගුරුවරයා සම්බන්ධව කතාවෙදිනං මට ඒ හැටි සතුටක් දැනුනේ නැහැ.. මොකද මගේ දැක්මෙන්නං ඒ ගුරුවරයා හොඳ කෙනෙක් නෙවෙයි... මොනම හේතුවක් මතවත් විභාගයකදී දරුවන්ට උදවු කරන්න යනවා කියන්නේ ලොකු අපරාදයක් සහ අසාධාරණයක් හැටියටයි මං දකින්නේ...ඒ නිසා ඔහු මට හොඳ ගුරුවරයෙක් නෙවෙයි. ඒ ගැන කියන්න ගියොත් ලොකු සිත් වේදනාවන් ඇති වෙන්න පුළුවන් හින්දා ඒ කතාව අල්ලලා දාමු...
අපේ ඉතිං පොඩි කාලෙමනං එක එක සෙල්ලං තිබුනා.. ඒත් ටිකක් ලොකු ළමයි උනාට පස්සේ එළියෙත් ක්‍රිකට්.. ඇතුලෙත් ක්‍රිකට්..ජනප්‍රියම ක්‍රිඩාව වන් බම්ප්.. මගේ ආසම ක්‍රිඩාවත් ඒක.මොකද මගේ කුරු බෝල වලින් ඕන තරං කට්ටිය අවුට් කරන්න පුළුවන් හින්දා...
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කැම්පස් ගිහිල්ලත් බඩවැල් අඳින්න ගත්තනං ඔය මරන්න ගෙනියන තත්වය මඟ ඇරිලා යයි කියලා තමයි..හෙහ් හෙහ්...
@සාතන්
ReplyDeleteදුක හිතෙන සීන් එක ඒකිට කොල්ලෙක් ඉන්නවා. ඊට දුක දැන් දෙතුන් දෙනෙක්ම ඒකිට කී එක දෙනවලු. :D
@හිස් අහස
අඩේ ටකරේ ගැසීම මම දන්නේ නෑ නේ. හාපෝ අපි නම් හොඳ ළමයි, ඉස්කෝලෙන් පැනල යන්නෙ නෑ. :D
@මධුරංග
ටින් කඩන එක නම කරලා තියනවා බං. 'මීයෝ මීමෝ' කියන එක නම් දන්නේ නෑ.
@bingo
'කාගේ වත්තේ මල් කඩන්නේ' හිකිස්, ඒක මරු නම. අයියෝ කෙල්ලො විතරක් කරාම කිසි ගතියක් නෑ නේ.:)
@Gimhani
බලන් ගියාම ගොඩක් අය ඒක කරලා තියනවා වගේ. මම හිතුවේ ඕක අපේම සෙල්ලමක් කියල. අපෝ ඔව්, ඇඳුම් නම් ඉතින් ඉවරයි.
@නිසුපා
අනේ ඔව් අක්කෙ, කරන්න දෙයක් නැති කමට ඉන්නවා. තමන්ගේම කියල කවුරුවත් නෑ අක්කෙ මෙහෙ. යාළුවො නමට හිටියට බොක්කට වැදුන යාලුවෙක්වත් නෑ. ලැප තමයි ඉතින් මගේ ජීවිතේ.
@අවංක පැට්ටා
ReplyDeleteඑහෙම තමයි බං, සමහර තැන්, සමහර මිනිස්සු කවදාවත් අමතක කරන්න බැරි විදියට ලං වෙනවා. මාත් 5 වසරේදී ඉස්කෝලෙන් අයින් වෙලා යනකොට ඇඬුව.
@අසනි
'ගොජබිය' කියන එකද හුරුබුහුටි? :D
"මාත් ඒ කාලෙ ඔයා වගෙ හොද ඩයල් එකක් හරිය..."
ඔව් ඔව්, පරණ කතා ඇහුවම හිතාගන්න පුළුවන්. :P
@prasanna86k
මාළු අයියට නම් අර වෑන් එකේ හිටිය අක්කල ගැන මතක් වෙලා දුක හිතෙනවා ඇත්තේ. :D
@Weni
ඒ කාලෙ ක්‍රිකට් නම් වැඩිය ගැහුවෙ නෑ අයියේ. කෙල්ලොත් එක්කම කරන සෙල්ලම් තමයි ඔක්කොම කලේ. :D
@මාරයාගේ හෝරාව
ආහ් ඔව් ඔව්, විභාග කරල ගෙදර ඉන්න කාලවලට යන්න පුළුවන් නම් මාත් කැමතියි. ඒක හරි ෂෝයි නේ.:)
ඔව් මාරයියේ, සර් ඒ වෙලාවේ කරපු වැඩේ නම් වැරදියි තමයි. කවදාවත් එහෙම වෙලා නෑ. කොහොම හරි මම පන දාගෙන කල්පනා කරනකොට සර් උත්තරේ කිව්වා. හැබැයි ඒ සිද්දිය නිසාම ඒ මනුස්සය නරක ගුරුවරයෙක් කියන්න එපා අයියේ. මොකද මම හොඳටම දන්නවනේ ඒ මනුස්සය කොච්චර හොඳ ගුරුවරයෙක්ද කියල.
අපි නම් ක්‍රිකට් ගහන්න ගත්තේ ලොකු ඉස්කෝලෙට ආවම.
"අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කැම්පස් ගිහිල්ලත් බඩවැල් අඳින්න ගත්තනං ඔය මරන්න ගෙනියන තත්වය මඟ ඇරිලා යයි කියලා තමයි.."
මාරයියට මාරම අයිඩියාස් නේ එන්නේ. ඒක නම් මරු. හැබැයි අපේ කෙල්ලො කැමති වෙයිද දන්නේ නෑ.:(
අහ් මට මතකයි කසුන් අයියා මගේ බ්ලොග් එකේ එක ලිපියක මම ඉකෝලෙ කාලෙ ගැන ලිව්ව එහෙක කමෙන්ට් කරලා තිබ්බා ආසම කාලෙ 4 වසර කියලා. අද තමා කතාව දැනගත්තෙ..
ReplyDeleteහික්ස්ස්ස්.. අයියා චූට්ටන් කාලෙ ඉදන් දිවි පරදුවට තියලා කෙල්ලො ව්එනුවෙන් ඉදලා නේ??? ;)
නියමයි අයියා. අපිත් ඒ කාලෙ ඔය සෙල්ලම් කලා. ලොක් ඇන්ඩ් කී.. 4වසර 5 වසරෙදි...
ගොජබිය නම් දන් නැතෝ.."රන් ගොජා"නම් දන්නවෝ.....හික්ස්
ReplyDeleteකවුද බන් ඔය ගැනු ලමයා අර ස්කුටිය පදින ලස්සන ලමයද?
ReplyDeleteනැත්තම් ''පොල්''ද?
@හිතුවක්කාරි
ReplyDeleteආහ් ඔව් නංගියෝ මටත් මතකයි මම ඔයාගේ පොස්ට් එකක එහෙම එකක් දැම්ම.
"අයියා චූට්ටන් කාලෙ ඉදන් දිවි පරදුවට තියලා කෙල්ලො ව්එනුවෙන් ඉදලා නේ???"
චුට්ටං කාලෙ එහෙම කලාට ඊට පස්සේ එහෙම මෝඩ වැඩ කලේ නෑ නංගියෝ. :D
@අසනි
ආහ්, එතකොට මටද "රන් ගොජා" කිව්වේ? :(
@mahima
ස්කුටිය පදින ලස්සන ලමය තමයි බං, වෙන කවුද? :)
අඩේ ලොක් ඇන්ඩ් කී ඒ කාලේ අපෙත් ආසම සෙල්ලම තමා.. අපේ නම් කොල්ලො ටික දුවනවා කෙල්ලෝ අල්ලනවා.. අපි වැඩිහරියක් ඉතින් අහුවෙනම එක තමයි කලේ.. අපි 8 පන්තියෙත් ඕක කලා මතකයි... :)
ReplyDelete@Dinesh
ReplyDeleteලොක් ඇන්ඩ් කී නම් ගොඩක් අය කරන සෙල්ලමක් නේද. අපිට නම් පහ වසරෙන් පස්සේ ඕක කරන්න වුනේ නෑ. ඊට පස්සේ ක්‍රිකට්, ඇඟේ බෝල් තමයි.
ලොක් ඇන්ඩ් කී අපිත් නිතරම කරපු සෙල්ලමක් ඔය වයසෙදි....
ReplyDelete@පිස්සා පලාමල්ල
ReplyDeleteඔව් ඒක නම් ගොඩක්ම ජනප්‍රිය සෙල්ලමක් නේද.
මම නම් ඉස්කෝලෙ කාලෙටත් ඉස්කෝලෙ කාලෙ කතාවලටත් හැමදාම ආසයි. ස්තුතියි මතකය අලුත් කලාට.
ReplyDeleteපුන්චි කාලෙ ඉන්දන්ම මල්සරා බැල්ම දාලනෙ
ReplyDelete