twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Sunday, September 18, 2011

චානිකා ( I කොටස)

ගොඩක්  දවසකින් ගෙදර ආවේ. ඇඟ අඩු කරගන්න කියල සෙට් එක දාල දැන් මුලු ඇඟම රිදෙනව. දැන් නම් ටිකක් අඩුයි. සෙට් එක දාපු මුල්ම දවසට පස්සෙ දවසෙ නම් පුදුම සනීපයක් තිබුනේ. අතක් පයක් එහාට මෙහාට කරගන්න පුදුම ගේමක් දෙන්න ඕන. හොස්ටල් එකේ තට්ටු තුනක් නගින එක නිකන් සිරීපාදේ නගිනව වගේ වැඩක් ඒ දවස් වල. තට්ටු දෙකේ ඇඳේ උඩට නගින එකයි බහින එකයි ඊට ආතල් වැඩේ. ඔය ඔක්කොමත් හරි, සංසාරේ අනිත්‍යයි කියල තේරෙන්නෙ උදෙට අහවල් වැඩේට ගිහින් පාත් වෙන්න ගියාම. අයියෝ ඒ වැඩේ හිටගෙන කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද කියල මට හිතුන. දැන් ඉතින් මේ ලේස්ති වුනේ ඉස්කෝලෙ කාලේ තිබුන ආදර කතාවක් ගැන කොටන්න. මට මේ ගැන ලියන්න හිතුනෙ පිස්සාගේ පෝස්ට් එකක් දැකල. ඒත් ටිකක් දිග කතාවක් නිසා කොටන්න වෙලාවක් ලැබුනෙ නෑ. කලින් පෝස්ට් පෝස්ට් එකේ කිව්වෙත් පොඩි කාලෙ ගැනනේ. ඒත් මේක නම් මේ O/L කාලෙ වුන සිද්දියක්. හරි දැන් නමස්කාරේ කිව්වා ඇති, කතාවට එමුකො.

මේ  කතාවේ කතා නායිකාවට අපි චානිකා කියල කියමු. ඔය චානිකා ගියෙත් මම ගිය ස්කුල් වෑන් එකේමයි. ඒකි මට වැඩිය අවුරුද්දක් බාලයි. අපේ වෑන් එක Journey සයිස් එකේ වෑන් එකක්. මම වාඩි වෙන්නෙ පිටිපස්සෙ ඉඳල දෙවනියට තියන තනි ශීට් එකේ. මගේ පිටිපස්සෙ හිටියේ මහිමය. මගේ ශීට් එක කෙලින් අනිත් පැත්තේ ඩබල් ශීට් එකේ කොනේ තමයි අපේ කතා නායිකාව චානිකා වාඩි වෙන්නෙ. ඒකි මාත් එක්ක ගොඩක්ම ෆිට්. වෑන් එකට නැග්ග වෙලාවේ ඉඳල කතා කර කර තමයි යන්නෙ. වැඩිහරියක් ඉතින් ඕපාදුප තමයි. අපි දෙන්නගෙ විනොදාන්ශේ එක එකාගේ ලව් සීන් ගැන විස්තර හොයන එක. අපේ ලොකු අම්මගේ පුතාගේ සීන් එක මට කිව්වෙත් ඒකිමයි. (මම දැනගෙන හිටියේ නැති වුනාට ඒක අපේ පැත්තේ සෑහෙන ජනප්‍රිය කතාවක්.) ඔහොම ඉතින් හැමදාම හිනාවෙවී කතා කර කර ඉන්නකොට අර සඳරුවට වෙනව වගේ නොදැනීම මාත් ඔකඳ වුනා. ඒකි ඉතින් යාලු ෆිට් එකට මාත් එක්ක හිටියේ. ඒත් ඉතින්  මට පොඩ්ඩක් හිනාවෙලා කතා කරාම ඒ ඇති ට්‍රැක් පනින්න. ඊට පස්සෙ ඉතින් සියලු වෙර වීරිය යොදල වැඩේට බැස්ස. මගේ වෙනසක් තියනවා කියල ඒකිටත් තේරෙන්න ඇති.

කොහොමහරි ඔය කාලෙ තව කොල්ලෝ දෙන්නෙක්ම චානිකාගේ පස්සෙන් එන්න ගත්ත. වැඩේ කියන්නෙ ඒ කොල්ලො දෙන්නගෙන් එකෙක් අපේ වෑන් එකේම එකෙක්. ඌ මට වඩා අවුරුද්දක් වැඩිමල්. හැබැයි ඌ වෑන් එකේදී නම් ඒකි එක්ක වචනයක්වත් කතා කරන්නේ නෑ. ඒකි මට ඒ දෙන්න ගැනම විස්තර කියනවා. මාත් එක්ක උන්ට සෑහෙන්න බැන්නත් එක්ක. මට ඉතින් ෆුල් ජොලි. එකක් උන් දෙන්නටම කැමති නෑ කියල දැනගත්ත එක, අනිත් එක මාත් එක්ක එහෙම දෙයක් කියන්න තරම් ෆිට් එකක් තිබුන එක. මම ඉතින් ඒ දවස් වල හිතින් කසාදත් බැඳලා හිටියේ. ඒ කොල්ලො දෙන්නගෙන් අනිත් එකා හෙන චන්ඩියෙක්.  ඌ මට වඩා අවුරුදු 2ක් වැඩිමල්. ඒක හැමදාම පාර අයිනට වෙලා ඉන්නවා අපේ වෑන් ඒක යන වෙලාවට. ඉතින් මිනිහට පේනව හැමදාම අපි දෙන්න කතා කර කර යන එක. මිනිහට දැන් මාත් එක්ක හෙනම මල. ඌ අපේ ගමේ ඇවිත් මගේ ගැන හොයලත් තිබුන. මොකක්දෝ පූරුවේ පිනකට මිනිහ අපේ ලොකු අම්මගේ පුතාගෙ යාලුවෙක්. ඒ නිසා යන්තං ගුටි නොකා බේරුනා. 

ඔන්න ඊට පස්සෙ තමයි භයානකම සිද්දිය වෙන්නෙ. චානිකාට හිතින් විතරක් ආදරේ කරපු තව එකෙක් හිටිය. ඒ අපේම සෙට් එකේ බොක්කක්. අදටත් හවසට අපේ ගෙදර කාඩ් ගහන්න එන සෙට් එකෙන් එකෙක්. දැන් මිනිහ NDT එකේ. අපි ඌට ආදරේට කනය කියමු. ඌ මට තමයි ඉස්සෙලම ඕක කිව්වෙත්. ඌ දන්නෙ නෑ මම ඒකිගේ පස්සෙන් යනවා කියල. ඒකි මගේ වෑන් එකේ යන බව මූ දන්නවා. ඉතින් මගෙන් උදව්වක් බලාපොරොත්තුවෙන් තමයි මට සීන් එක කිව්වේ.  දැන් ඉතින් මොනව කරන්නද? 

"විරසක වී රුපුන් ලෙස යුධ වදින්නද? කුළුඳුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද?"

මම දැන් ලෝකෙ පෙරළන්න කල්පනා කරනවා. දැන් මට මූට බොරුවක් කරන්නත් බෑ. මගේ හිතේ තියන අදහස අතාරින්නත් බෑ. පස්සෙ හිතල හිතල බැරිම තැන ඇත්තම සීන් එක ඌට කිව්වා. ඊට පස්සෙ තමයි මම මෙච්චර කාලෙකට ගත්ත මෝඩම තීරණේ ගත්තේ. අපි දෙන්න කතා කරගත්ත අපි දෙන්නම සහයෝගෙන් වැඩේට බහිමු කියල. ඒ කිව්වේ දෙන්නම එකට පස්සෙන් යමු කියල. ඕව මතක් වෙනකොටත් විකාරයි දැන්. අනේ මන්ද මට හිතාගන්න බෑ මම කොහොමද එහෙම තීරණයක්‌ ගත්තේ කියල. සිරාවටම මට උගේ යාළුකම ගොඩක් ලොකු වුනා. මම හිතුව ඌටත් කරන්න පුළුවන් උපරිමයෙන් උදව් කරලා මගේ පැත්තෙනුත් මගේ ගේම ගහනව කියල. එතකොට ඒකි කැමති වෙන එකෙකුට කැමති වෙයිනෙ. හැබැයි ඌට නම් ඒකි කැමති වෙන්නෙ නෑ කියල මගේ විශ්වාසයක් තිබුන. ආදරය, යාළුකම, ආත්මාර්ථකාමිත්වය, පාරාර්ථකාමිත්වය කියන හැමදේම ඔය සිද්දිය ඇතුලේ මිශ්‍ර වෙලා තිබුන. මම හිතාගත්තා වගේම ඌට උදව් කළා. ඌ ඉතින් පස්සෙන් යනවා කිව්වට සිතින් විතරක් තමයි. ඒකි ඌ ගැන දන්නෙවත් නෑ. මම ඉතින් වටින් ගොඩින් උගේ ගැන විස්තර කිව්වා. මෙහෙම කෙනෙක් ඉන්නවා, ඌ ඔය ගැන අහනවා කියල. කොහොම හරි ඔහොම ටික කාලයක් ගිහින් මට චානිකාට මගේ හිතේ තියන දේ කියන්න ඕන වුනා. මට මුනට කියන්න බැරි බව දන්න නිසා මම හිතුව ලියුමක් දෙනව කියල. 

ඔය ඉතින් පළවෙනි පාරට තමයි ඔහොම වැඩක් කරන්න ලේස්ති වුනේ. ලොකු අම්මගේ පුතාගෙන් බේසික් ටික අහගෙන, තනිරුල් පොතක මැද පිටුවක් අරගෙන දන්න විදියට ලියාගෙන ගියා. මම අරූට කිව්ව මම මෙහෙම ලියුමක් දෙන්න හදනවා කියල. මම කිව්ව ඌටත් ලියුමක් ලියල දෙන්න කියල. ඌ කැමති වුනේ නෑ ලියුමක් දෙන්න. කැමති වුනේ නෑ කියන්නේ ඉතින් ඌ බයයි ඒකට. විස්වාස කරයිද දන්නෙ නෑ කිව්වට, පස්සෙ ඉතින් මම මගේ කතන්දරේ ලියල අන්තිමට උගේ ගැනත් ඡේදයක් ලිව්ව. එහෙම ලියල අන්තිමට ලිව්ව "ඔයා කැමති තීරණයක්‌ ගන්න" කියල.:D (වචන නම් හරියට මතක නෑ.)  වැරදිලා හරි ඒකිගේ හිතෙත් මගේ ගැන අදහසක් තිබුනත් ඒ ලියුම කියවපු ගමන් ඒක නැත්තටම නැති වෙනව නේ. ඇයි යකෝ මොන බුරුවද තමන්ගේ 'ලව් ලෙටර්' එකේ වෙන කොල්ලෝ ගැන ලියන්නේ. කොහොම හරි ඉතින් ඌත් එක්ක මගේ එච්චරට ෆිට් එකක් තිබුන. ඒ ෆිට් එක මගේ ගොන් කමත් එක්ක එකතු වෙලා කරන්න පුළුවන් හොඳම ජාතියේ මී හරක් වැඩක් කරන්න මාව පෙළඹෙව්වා. 
.....................................................................................................................................................................

ප.ලි. හිතුවට වඩා කතාව ගොඩක් දිගයි වගේ. දිග වැඩි වුනොත් කම්මැලි හිතෙන නිසා ඉතුරු ටික ඊළඟ කොටසින් දාන්නම්. ඊළඟ කොටසින් කිව්වට තව කොටස් 2ක් වත් යාවි. ආහ් තව දෙයක්, චානිකා කියන්නෙ සුදු, ගොඩක්ම ලස්සන කෙල්ලෙක්. මගේ ලඟින් වත් තියන්න බෑ. ඔලුව විකාර වුනාම ඉතින් ඕව තේරෙන්නේ නෑ නේ. 

20 comments:

  1. පවු අහිංසකයා..

    එල කතාවක් වගේ ලියපං ලියපං...

    ReplyDelete
  2. Like your writing style. Waiting to read the balance soon..... :)

    ReplyDelete
  3. හිකිස්ස්ස්ස්ස්ස්ස්ස්.....:)
    අයියෝ.... කසුන් අයියේ.... ඔයානම් මැට්ටෙක්ම තමා..:p බලමුකෝ කතාවෙ ඉතුරු ටික...ලස්සනයි....(දුක හිතෙන අවසානයක් තමා දැනට මම හිතාගෙන ඉන්නෙ ;))

    ReplyDelete
  4. අනේ මෙහෙමත් මැටි මොළයක්...පොඩි කමටනේ කමන් නෑ ඉතින්...

    ReplyDelete
  5. මැටි ටික කන් දෙකෙන් බේරෙනවද බලන්න....
    මේ වගේ මීහරක් කතාවක් ඇහුවමයි....ඊලඟ කොටසත් ඉක්මනට දෙන්න....

    ReplyDelete
  6. අනේ හරි සාධාරණ මල්ලි කෙනෙක්....

    ReplyDelete
  7. උඹ හරි කසුනෝ... කෙල්ලනම් බෑ කියලා යන්න යාවී.. ඒ වගේද යාළුකම... මමනම් හිතන්නේ නෑ ඒ තිරණේ මෝඩ එකක් කියලා...

    ReplyDelete
  8. හනේ අම්මපා..මෙහෙම මෝඩ කොලුවෙක් දැක්කමයි.... :P

    ReplyDelete
  9. දෙන්නම පස්සෙන් ගියා ?? හපොයි... උබලට තිබ්බේ නම් දෙක ලියල කැමති නම යටින් ඉරක් අදින්න කියල කෙල්ලට දෙන්න හික් හික්...

    ReplyDelete
  10. නියම කතාව !!!!
    ඔය ඔකද වෙන සීන් එක කොල්ලන්ටම තියෙන එකක්ද කොහෙද. ඔන්න මම ඔකද උනොත් නම් දත කට පූට්ටු වෙනවා.එතකොට ඉතින් දත් වලට පිත්තල හැන්දක් තියන්න එපැයි. කතා කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඔකද වෙන්න කලින් අහන්න තියෙන මල ඉලව්වක් කෙල්ලගෙන් අහලා ඉන්නවා. හික්ස් :)

    ReplyDelete
  11. අහා දැන් මෙච්චර කල් උබ මටනේ මැට්ටා කිවේ
    දැන් බලපන් කවුද මැට්ටා කියලා

    ReplyDelete
  12. @prasanna86k
    ඒකනේ, මම පව් නේද මාළු අයියේ?

    @Ano
    thank u very much frnd. I'll put the balance soon.

    @මන්තරකාරි
    මට මැට්ට කියල මදි අනේ :)

    @හිතුවක්කාරි
    අනේ ඉතින් ඕව පොඩි කමට කරන වැඩනේ.:) දැන් නම් ඕව මතක් වෙනකොට හිනා යනවා නගෝ.

    @අසනි
    ඒකනේ ඉතින්, අක්කෙක් වත් හිටියේ නෑ නේ ඕව අහගන්න.

    @පිසාචයා
    ඒ කාලේ නම් කන් දෙකෙන් විතරක් නෙමෙයි, මුළු ඇඟෙන්ම මැටි බේරුනා සහෝ. :)

    ReplyDelete
  13. @Gimhani
    අන්න බලන්න අක්කේ ඔයා විතරයි ඔහොම කිව්වේ.:) හැමෝම මට මැට්ට මැට්ට කිව්ව විතරයි.:(

    @Dinesh
    ඒ කතාවත් ඇත්ත, ඒත් ඔයිට වඩා හොඳයි මුකුත් නොකිය හිටියනම්, ගොන් වැඩ නොකර.

    @මකුළු පැංචි
    මෝඩ කම නෙමෙයි අනේ අවංක කම. :D

    @පිස්සා පලාමල්ල
    ඒකනේ, ඒ කාලේ ඔය ක්‍රමේ දන්නේ නෑ නේ. :)

    @මධුරංග
    මම නම් ඔකඳ වුනාට ගොඩක් ස්ටඩි කරලා තමයි අහන්නේ. නිකන් බොරුවට බෑ කියල අහගන්න ඕන නෑ නේ.:) හැබැයි ඉතින් එහෙම අහපුවත් ගොඩක් බෑ කියලම තමයි කියල තියෙන්නේ.:(

    @mahima
    අම්මේ උඹට හෙන සතුටු ඇති නේද උඹේ නම මට කියනකොට?

    ReplyDelete
  14. @mahima
    හරි ඉතින් අනිත් අය කියනකොට උඹට ආතල් නේ.

    @පිණිබිඳු
    ඒකනේ, දරුණු තීරණයක්! මම ඉතින් දෙකම තෝර ගත්තා.:)

    ReplyDelete
  15. මන්තරකාරි තමයි නියම කමෙන්ටුව දාල තියෙන්නෙ... :)

    මේ උඹ හිතින් කසාද බැඳල හිටිය විතරද?... මොනා වුනත් උඹේ ලියුම නම් කටුගෙට යවන්න ඕන බන්... :)

    ReplyDelete
  16. මටත් ඔයිට ටිකක් කිට්‍ටුවෙන් යන කෙලියක් වෙලා තියෙනවා. බලමු කසුන්ගෙ කතාව ඉවර වෙන්නෙ කොහොමද කියලා. මාත් ඒක බ්ලොගියට පස්සෙ දාන්න හිතන් ඉන්නෙ.

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.