twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Monday, December 5, 2011

මෙන්න කරනවා නම් ලොවෙත් බිස්නස් එකක්

සැපට ජීවත් වෙන්න සල්ලි ගොඩක් වැදගත් දෙයක්. (සතුටින් ඉන්න නෙමෙයි හොඳද, සැපට ඉන්න. සතුටින් ඉන්න නම් සල්ලි එච්චර වැදගත් දෙයක් නෙමෙයි.) ඉතින් එහෙම සැපට ඉන්න හැමෝම කැමතියි නේ. ඒ නිසා අපි හැමෝම කැමතියි නේ කීයක්‌ හරි වැඩිපුර හොයාගන්න පුළුවන් නම්. එහෙම නේද? ඒක නිසා අපි රස්සාවකට අමතරව තව විවිධ ආයෝජන කරන්න පෙළඹෙනවා. ප්‍රාතමිකම ආයෝජන ක්‍රමය ඉතුරු කිරීමේ ගිනුමක දාන එකනේ. එතනින් ගියාම, ජීවිත රක්ෂණ, ස්ථාවර තැන්පතු, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, ඒකක භාර, කොටස් වෙළඳ පොලේ ආයෝජනය වගේ විවිධාකාර වූ ආයෝජන වලට මිනිස්සු යොමු වෙනවා. ඒ හැම දෙයක්ම කරන්නේ වැඩි වැඩියෙන් කීයක්‌ හරි හොයාගන්න. හැබැයි ලංකාව වගේ රටවල මිනිස්සු තාමත් ආයෝජනය කරන්න පොඩි බයක් තියනවා. ආදී කාලේ ඉඳලම ඉතුරු කිරීමේ ගිණුමයි, ස්ථාවර තැන්පතුවයි තමයි එකම සහ හොඳම ආයෝජන මාධ්‍ය විදියට ගොඩක්ම මිනිස්සු සලකන්නේ. එතනින් එහාට ලෝකයක් නැති තරම්. හැබැයි එතනින් එහාට ගිය මිනිස්සු කොටස් වෙළඳ පොළ, ඒකක භාර වගේ නව ආයෝජන මාර්ග වලට පිවිසිලා වැඩි වැඩියෙන් මුදල් උපයනවා. (හැබැයි ඉතින් කොටස් වෙළඳ පොළ එහෙම නම් අවධානමත් ඒ වගේම වැඩියි.) ඔය අපේ සාතන් අයිය එහෙමත් කොටස් වෙළඳ පොළ කාපු ඩයල් එකක්. (තාමත් කනවා.:D) මෑන්ස් දවසට බර ගනන් හොයලා තියනවා. ආදායම් විස්තර හෙළි කරන එක හරි නැති නිසා කියන්නේ නෑ.:)

හැබැයි මම මේ ලේස්ති වුනේ පොදුවේ ආයෝජන මාර්ග ගැන කතා කරන්න නෙමෙයි. මම මේ කොටන්න හදන්නේ ලොවෙත් නැති ව්‍යාපාරයක් ගැන. ව්‍යාපාරයක් කියන්නේත් ආයෝජනයක්ම තමයි නේ. ඒක පොඩි ආයෝජනයක ඉඳල බිලියන ගනන් දක්වා වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් දෙනෙක් ව්‍යාපාරයක ආයෝජනය කරන්න බයයි. ඒ ඉතින් ඒවායේ තියන අවදානම නිසා. හැබැයි අවදානම අරගෙන ව්‍යාපාර වල ආයෝජනය කරන ගොඩක් මිනිස්සු හිතාගන්න බැරි තරම් ඉහලට යනවා. ඒ අවදානම ගන්න බය වුන මිනිස්සුන්ට ඊට ගොඩක් පහලින් නවතින්න වෙනවා. ඔය ආයෝජනය කරන මුදලේ අවධානම තමයි ඔය වගේ දේකට අතගහන්න තියන ලොකුම බාධාව. හැබැයි එහෙම කිසිම අවධානමක් නැති ව්‍යාපාරයක් තියනවා නම් හුඟ දෙනෙක් ඒ වගේ දේක ආයෝජනය කරාවි. අනිවාර්යෙන්ම තමන් යොදවපු මුදල අපතේ යන්නේ නෑ කියන එක සහ යොදවපු මුදලට හොඳ ප්‍රතිලාභයක් ලැබෙනවා කියන එක විශ්වාස නම් ඒ වගේ ව්‍යාපාරයක ආයෝජනය කරන්න කවුරුවත් බය වෙන්නේ නෑ නේ. ඒක නිසයි මම අද එහෙම ව්‍යාපාරයක් ගැන කට්ටියට කියන්න හදන්නේ.

බය  වෙන්න කිසිම දෙයක් නෑ, සීයක්ම විශ්වාසයි මේ ව්‍යාපාරයේ කිසිම අවධානමක් නෑ කියල. අනිවාර්යෙන්ම බලන් ඉඳිද්දී දියුණු කරන්න පුළුවන් ව්‍යාපාරයක් මේක. ජපානයේ නිෂ්පාදනය කරපු භාණ්ඩයක් ආනයනය කරලා මෙහෙ විකුනන්නයි තියෙන්නේ. ජපන් බඩු ගැන දන්නවා නේ, තත්ත්වය අතින් උපරිමයි නේ. ඒ නිසා ඒ ගැන බය වෙන්න දේකුත් නෑ. සතියක් වගේ කාලයක් ඇතුලත මෙහෙ වෙළඳ පොළ කිසි ප්‍රශ්නයක් නැතුව අල්ලගන්න පුළුවන්. මම වැඩේ පටන් ගන්න ඉන්නේ අපේ කැම්පස් එකෙන්. ආයෙත් කිසි කතාවක් නෑ සති දෙක තුනකින් ලක්ෂ ගානක් හොයන්න පුළුවන් කැම්පස් ඇතුලෙන් විතරක්. ආහ් කියන්න අමතක වුනානේ මේ භාණ්ඩේ ප්‍රයෝජනවත් වෙන්නේ පිරිමි පාර්ශවේට විතරයි. පිරිමි පාර්ශවෙනුත් තනිකඩ අයට තමා වැඩියෙන්ම ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් එහෙම අය ඕන තරම් ඉන්න නිසා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අනිත් එක බිරිඳක් පෙම්වතියක් හිටියත් සමහර අයට මේක වැදගත් වෙන්න පුළුවන්. හරි හරි දැන් විස්තරේ කිව්වා ඇති, භාණ්ඩේ මොකක්ද කියල පෙන්නලා ඉන්නම්කො. 


ඔය තියෙන්නේ භාණ්ඩේ. හා හා දැන් ඉතින් පිරිමි පාර්ශවේ වල් විදියට එහෙම හිතන්න ලේස්ති වෙන්න එපා ඔන්න. කාන්තා පාර්ශවෙත් "ඊයා..." කියල කියන්න එහෙමත් එපා. මේකෙන් කෙරෙන්නේ මොකක්ද කියලා බලල ඉන්නකෝ. 
 
 
බලන්න කොච්චර සැපට ඉන්නවද කියලා. ආයෙ ඉතින් දවසම ඔහොම නිදාගෙනම ඉන්න පුළුවන් නේ. ඔය එක එක අනං මනං කොට්ට වගේද මේක. මෙතන තියන සැප දන්න අය ඕන තරම් ඇතිනේ. ඒ සැප විඳපු නැති අයට සහ විවිධ හේතු නිසා දැන් විඳින්න වෙන්නේ නැති අයට තමයි මේක තියෙන්නේ. (පළවෙනිම එක මම ඕඩර් කරලා තියෙන්නේ.:)) කිසි කතන්දරයක් නෑ, උණු කැවුම් වගේ විකිනෙනවා ෂුවර් එකටම. ඒකයි මම කිව්වේ කිසි බයක් නැතුව මේ ව්‍යාපාරයේ ආයෝජනය කරන්න පුළුවන් කියලා. 

 
 (බලන්නකෝ ඉතින් මී පැටව් වගේ නිදාගෙන ඉන්න ලස්සන.)

අනිවාර්යෙන්ම මේකට එන ඉල්ලුමත් එක්ක මට තනියම මේ වැඩේ කරගෙන යන්න බෑ. ඒකයි මම මේ ව්‍යාපාරෙට කීප දෙනෙක් එකතු කරගන්න හිතුවේ. ඔන්න එහෙනම් මේකේ හවුල් කාරයෝ විදියට මාත් එක්ක එකතු වෙන්න කැමති අය ඉන්නවා නම් කියන්න. ඕන කෙනෙක්ට පුළුවන් මේකට සම්බන්ධ වෙන්න. ආහ් ඊළඟට මේක මිලදී ගන්න කැමති අය ඉන්නවා නම් කියන්න. පළවෙනි ස්ටොක් එකෙන්ම ඒ අයට දෙන්නම්. හැබැයි කාන්තා පාර්ශ්වෙට නම් මේවා විකුනන්නේ නෑ. නීති විරෝදී වැඩ කළා කියල මට හිරේ විලංගුවේ වැටෙන්න බෑ.
.....................................................................................................................................................................
ප.ලි. මේකේ ගවුම දිගට තියන වර්ෂන් එකකුත් නිෂ්පාදනය කරවගන්න මේ වෙනකොට සාකච්චා පවත්වාගෙන යනවා. ඒකත් ළඟදීම ලැබේවි. ඒ නිසා මේක ඕන කරන අය මොන වර්ෂන් එකෙන්ද ඕන කියලත් කියල එවන්න.
 

23 comments:

  1. අඩේ මටත් ඕන එකක්... කකුල් දෙක දිගඇරගෙන ඉන්න එව්ව නැද්ද?... ඉනෙන් උඩ ටික තව ටිකක් උඩට තිබ්බනම් මරු.. ‍නැත්තන් ඉන වටේට අත දාල බදාගන්න බෑනෙ බන්... ;)

    (කොටස් වෙළඳපළ නම් කනව තමා, මාව...)

    ReplyDelete
  2. අපො මට නම් එපා.:)

    ReplyDelete
  3. හික්ස්.... නියම බාන්ඩයක්නෙ....:))))

    ReplyDelete
  4. මම පටන් ගන්න ඉන්නෙ ඔය ඉනෙන් උඩ කෑල්ල ලංකාවට ගෙන්නන්න. හෙහ් හෙහ්.....

    ReplyDelete
  5. එහෙනම් නවම් අයියත් එක්කම එකතු වෙලා ව්‍යාපාරය කරගෙන යන්න. ඔය ඉන්නෙ නව අදහස් තියෙන අය. හික්ස්.

    ReplyDelete
  6. තෝ මෙච්චර කාලෙකට කරපු හැම බිස්ස්නස් එකකටම මම සෙට් උනා නේ අනිවා මේකටත් මම ඉන්නවා
    මටත් එකක් ගෙන්නපන්
    ගෙදර තියාගන්න එකතමා අවුල

    ReplyDelete
  7. ඕක හදන එකෙක් කියාපල්ලා.. මමත් 2-3ක්ම ඕඩර් කරන්න !

    ReplyDelete
  8. මුං දැන් මහ වල් වෙලා.... මට නම් එක කෑල්ලක් වත් එපා... මල්ලියේ අපි වෙන වෙලාවක කතාකරමු බං....

    ReplyDelete
  9. මම ඩිටෙක්ට් ජපානෙන්ම ඕඩර් කරනවා.. නැත්නම් උඹ ලංකාවේ ඉදන් ආයෙම මට තැපැල් කරන්න එපැයි..

    ReplyDelete
  10. මට සුදු එකක් ඕනෙ .. මචං කූරිය සර්විස් එකකින් ගෙන්න ගන්න හැකිද ඈ ? :)

    ReplyDelete
  11. මර හූනා කියන්නා වගේ කියන්න පුලුවන්. ඔය කොට්ටේ මැද්දේ සෑහෙන කෙල ගොඩක් හොයා ගන්න පුලුවන් වෙයි. වෙන මොකවත් නෙමෙයි බොලවු. නින්දෙන් කෙල හලලා. ඔය කුණු කෙල කියලා කියන්නේ. (මුන්ට දෙයක් කියන්නම බෑනේ. වල් විදිහටනේ හිතන්නේ.)

    ReplyDelete
  12. අනේ මන්දා මොනවා කියන්නද කියලා. මෙයාලා තව ඉස්සරහට මොන මොන ව්‍යාපාර කරයිද දන්නේ නැහැ :/ :/

    ReplyDelete
  13. පලවෙනි ෆොටෝ එක දැක්ක ගමන් මම බැලුවා මුට පිස්සු හැදීගෙන එනවද කියලා.... පහලට යද්දී එහෙම අවුලක් නැහැ, වැඩේ ශේප්.

    (මොකද ඕකේ තව වර්ෂන් එකකුත් එනවනේ... උඹ ඒවා විකුනන්න හදනවා කියලා මම හිතුවේ.... හික් හික්)

    ReplyDelete
  14. @සාතන්
    කකුල් දෙක දිග ඇරගෙන ඉන්න විදියට හැදුවොත් ගොඩක් දිග වෙනවනේ. ඉනෙන් උඩටත් ටිකක් තිබුන නම් හොඳයි තමයි, හැබැයි එතකොට ලොකු වැඩි වෙනවා. එතකොට හැන්ඩ්ල් කරන්න අමාරුයි නේ. කමක් නෑ, මම කියල බලන්නම්.:)

    @නදී
    අක්ක ගොඩක් කාලෙකින්! අපොයි කොහොමත් කෙල්ලන්ට මේක විකුනන්නේ නෑ. ලංකාවේ ඒවා තහනම් නේ.:P


    @නිසුපා
    ඒකනේ! බලන්න කොයිතරම් ප්‍රයෝජනවත්ද කියලා.

    @nawammawatha
    ඒක නම් එච්චර හොඳ බිස්නස් එකක් නෙමෙයි වගේ අයියේ. ඉනෙන් උඩ කෑල්ල මොනවා කරන්නද? :D

    @පිණිබිඳු
    නවම් අයියගේ ව්‍යාපාරේ නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි වගේ අක්කේ. ඒක නම් මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙන වැඩක්.:)

    @මහිම
    අනිවා, අපි සෙට් වෙලා වැඩේ කරමු. කොහොමත් මම උඹටත් එක්ක එකක් ඕඩර් කරලා තිබුනේ. ගෙදර තියන්න බැරි නම් අපේ ගෙදර තියමු.:)

    @Weni
    ඔන්න ඉතින් මගේ බිස්නස් එකට පාර ගහන්න නේ හදන්නේ. ගන්නවා නම් මගෙන් ගන්න.

    ReplyDelete
  15. @ගෝල්ඩ් ෆිෂ්
    ඉතින් මේකේ මොකක්ද වල්?:( මේක කොච්චර ප්‍රයෝජනවත් භාණ්ඩයක්ද?

    @Dinesh
    දිනේෂ් අයියට නිසා මම සෙට් කරලා දෙන්නම්. හැබැයි අයියට විතරයි හොඳද.

    (මම දාපු කමෙන්ට් එකට රිප්ලයි කරලා තිබුනෙත් නෑ.:( මම ඕව මතක තියාගෙන ඉන්නේ.)

    @හිස් අහස
    කුරියර් සර්විස් එකකින් තමයි එවන්නේ. සුදු කිව්වේ බං ගවුමද? නැත්තන්.....

    @මධුරංග
    ඒකනේ බං, මොකක් හරි කිව්ව ගමන් වල් විදියට හිතන්නේ. මුන් හරි වල්.

    @වර්ණා
    ඉතින් අනේ කීයක්‌ හරි හොයා ගන්නනේ හදන්නේ. අනිත් එක මිනිස්සුන්ට වැදගත් වෙන දෙයක් නේ.:)

    @ලොකු පුතා
    ඊය මෙන්න මූ මං ගැන හිතල තියන විදිය. හරිම කැතයි.:( මම එහෙම නරක වැඩ කරන්නේ නෑ. මම හොඳ ළමයෙක්.:)

    ReplyDelete
  16. අඩේ මොන කමෙන්ට් එකටද බං... ඉදලා හිටලා අමතක වීම් වෙනවා.. අපිත් දැං වයසට යනවනේ.. :)

    ReplyDelete
  17. නින්දෙයි සැප නින්දෙයි වෙනස...

    කොටස් වෙලඳ පළ නම් ලොවෙත් එකනේ අපේ එක... පොඩ්ඩක් බැස්සට...

    ReplyDelete
  18. පිස්සු හැදෙයි කිව්වලු. ලංකාවේ වෙළෙඳපොළට ඕක ආවොත් ලොකු වෙනසක් ඇත්තටම කිව්වොත් විප්ලවිය වෙනසක් වෙනවා. අනිවා ඩෙෆා :))

    ReplyDelete
  19. මම හොද එකෙක් බං. මම වල් නෑ. මගේ හිත තමා වල්. මම හොදට හිතන්න ගත්තම හිත කරන්නෙම වල් දේවල් හිතලා දෙනවා. :)

    ReplyDelete
  20. උඹ හදන්නෙ මලෝ මට ගෙදරත් ඉන්න නැති කරන්නද ...
    බැඳලා නැති කාලෙක නං මොකෝ .....

    ReplyDelete
  21. @Dinesh
    ඈහ් කොහෙද වයසට යන්නේ? 88 කොල්ලෙක් නේ. ඔන්න මම දන්නේ නෑ, මම නම් වයස නෑ.

    @පිස්සා පලාමල්ල
    අනිවා ඉතින් ඒක තමයි සැපම නින්ද. (අහලා තියන විදියට.:P)

    @Hasitha
    ආයෙත් අහලා! කෙල්ලන්ට යන එන මං නැති වෙයිද මන්ද? :)

    @මධුරංග
    ඒක තමයි මම දන්නවනේ උඹේ හැටි. උඹ හරි හොඳ එකා.

    @පන්සල් හංදිය
    අපොයි මේ පවුල් ප්‍රශ්න හදාගෙන නම් පස්සේ මාව අල්ලන්න ලේස්ති වෙන්න එපා. අපි නෑ ඕවට. අක්කාගෙන් ලියුමක් අරන් අවොත් එකක් දෙන්නම්.

    ReplyDelete
  22. Wade nan ela aiye....oita wada niyamai japan wali lankaawata baly maket thiyena daly use kranna.....deyak kaamak wage deyak genath lankaawe nishpadanaya karanna try karanna......mata sathan aiyawa contact karaganna help ekak denna.......

    ReplyDelete
  23. me writer contact krgnna puluvnda

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.