මේ මගේ 48 වෙනි පෝස්ට් එක. මම 48 ට දාන්න කලින් හිතාගෙන හිටපු පෝස්ට් එක දාන්න වෙන්න නෑ. 'කෙල්ලන්ගේ අසාධාරණ කතා' කියන ලේබල් එකෙන් තමයි ඒක ලියවෙන්න තිබුනේ. හැබැයි පහුගිය දවස් වල ලියපු දේවල් වල හැටියට දැන් ඒකත් දැම්මොත් අක්කලා නංගිලා මාව කන්න හදාවි.:D ඒ නිසා ඒක දින නියමයක් නොමැතිව පස්සට දැම්මා. ඒ නිසා මම පරණ මෙමරිය ස්කෑන් කරලා බැලුවා කොටන්න පුළුවන් මොනව හරි හොයාගන්න. එතකොට පොඩි සීන් එකක් මතක් වුනා. මේක හැබැයි ටිකක් විතර 18+ ද මන්ද. ඒත් නෑ, ඒ ඉස්සර. දැන් නම් මේ වගේ දේවල් 14+ විතර ඇති මගෙ හිතේ.:) හරි දැන් කියන්න ගිය කතාවට එමුකො.
මම කලින් පෝස්ට් දෙක තුනකම කියලා තියනවා මගේ පළවෙනි ආදරේ ගැන මගේ බ්ලොග් එකේ මම ලියන්න කැමතිම නෑ කියලා. එහෙම වුනොත් වෙන කිසි දෙයක් ලියන්න වෙන්නෙත් නෑ, අනිත් එක එහෙම වුනොත් මේක මහා අඬෝවැඩියාවක් වෙනවා. හැබැයි දැන් මට මතක් වුන සිද්ධිය ඒ සම්බන්ධ පොඩි කතාවක්. ඔන්න ඔහේ ඒක විතරක් කියලා දානවා. ඊට කලින් පසුබිම පොඩ්ඩක් විස්තර කරලා ඉන්නම්, නැත්තන් තේරෙන්නේ නැති වුනොත්! මේ සම්බන්ධ ආදර කතාව (ඒක පාර්ශවික නොවන මගේ පළවෙනි ආදර කතාව) ඇති වුනේ ෆෝන් එකෙන්. (ගොනා කාලෙනේ) ඒ කෙල්ල අපේ බෝඩිමේ හිටපු කොල්ලෙක්ගේ යාලුවෙක්. ගෙවල් තිබුනේ කොළඹට ගොඩක් ඈත. අපේ පැත්තත් පහු කරගෙන තව 75 km විතර යන්න ඕන. එයා ඉස්කෝලේ ගියේ කොළඹ ප්‍රසිද්ධම බාලිකාවක. දවසක් ඒ කෙල්ල ඌත් එක්ක මැසේජ් කර කර ඉන්නවා දැකලා මම උගෙන් ඇහුවම යාලුවෙක් කිව්වා. යාලුවෙක් නම් ඉතින් අවුලක් නෑ නේ, මායි මහිමයයි, තව එකෙකුයි උගේ ෆෝන් එකෙන් නම්බර් එක හොරෙන් අරන් මහිමයාගේ ෆෝන් එකෙන් ආතල් එකට මැසේජ් යැව්වා. අනිත් දෙන්න එදා වැඩේ නැවැත්තුවට මම නැවැත්තුවේ නෑ. ඊට පස්සේ මම මගේ ෆෝන් එකෙන් දිගටම මැසේජ් යැව්වා. කොහොමහරි වැඩේ දුරදිග ගිහින් අන්තිමට නැවතුනේ දෙන්න ආදර වන්තයෝ වෙලා.
ඔන්න ඉතින් මේ කියන සිද්ධිය වෙනකොට අපි දෙන්නට දෙන්න ආදරේ ප්‍රකාශ කරලා තිබුනේ නෑ. හැබැයි දෙන්නගෙම හිත්වල ඒ දේ තිබුණා. යාළුකම කියන වචනේ තමයි පාවිච්චි වුනේ. හැබැයි අපේ ඒ යාළුකම ඒ වෙනකොට කූටප්‍රාප්තියට ඇවිල්ලා තිබුනේ. පන්ති ඇරිලා එන්නේ ෆෝන් එක ඔන් කරලා මැසේජ් එකක් යවන්න බලාගෙන. එදා මම කලින් ආපු දවසක්. එයා පන්ති ගිහින් ඇවිත් මැසේජ් එකක් දැම්මා. ඔහොම ටික වෙලාවක් මැසේජ් කර කර ඉන්නකොට එයා කිව්වා "මට උණ වගේ, ඇඟට අමාරුයි. මම නාගන්න යනවා" කියලා. යකෝ උණ හැදුනම නාල හරියනවද? මම කිව්වා "උණ නම් ඉතින් නාන්න එපා. ගොඩක් අමාරු නම් පෙනඩෝල් එකක් බොන්න" කියලා. ඊට පස්සේ මැසේජ් එකක් එනවා "බේත් බීල වැඩක් නෑ. මට අම්ම ඕන." කියලා. ඉතින් මම කොහෙන්ද අම්මව ගිහින් දෙන්නේ. මම ඉන්නෙත් කිලෝමීටර් බර ගානක් මෙහා, එයාගේ අම්ම ඉන්නේ ඊටත් කිලෝමීටර් 75 විතර එහා. ඉතින් කොහෙද අම්මව ගිහින් දෙන්නේ. මම ඒකට දුන්න උත්තරේ නම් මතක නෑ. ඊට පස්සේ "මම නාගෙන එන්නම්" කියලා මැසේජ් එකක් ආව. මට මල ඉතින්. ඇයි දෙයියනේ උණ කියල දැන් නාන්න යනවා. මම කිව්වා "කියන දේ අහන්න බැරි නම් ඕන දෙයක් කරගන්න" කියලා.
එදා මගේ බයිසිකලේ මොකක් හරි අවුලක් වෙලා තිබුනේ. ඒ පාර මම ඒක හදන්න ගියා. ගිය අතරේ ආයෙත් මැසේජ් එකක් ආව නාගෙන ආව කියලා. මම හොඳටම තරහ ගිහිල්ල හිටියේ. මම මගේ කියල සලකන කෙනෙක් මම කියන දෙයක් අහන්නේ නැති වුනාම මට ගොඩක් තරහ යනවා. කොහොමහරි මම ඒ වෙලාවේ මොකක්ද කිව්වේ කියලා නම් මතක නෑ. ඊට පස්සේ මෙයා එක එක විකාර කියවනවා. "වැඩ කරන්න බෑ, එපා වෙලා ඉන්නේ, ගෙදර යන්න ඕන" ඔය වගේ කතා ගොඩයි. මට විකාරයි ඉතින්. ඇහුවට හරියට මුකුත් කියන්නෙත් නෑ. මම මේ බයිසිකලෙත් එක්කත් මල පැනලා ඉන්නේ. ඒ අස්සේ මෙයත් පිස්සු කියවනවා. මට ඉතින් හරි සන්තෝසයි. "අර ගහෙන්වැටිලා ඉන්න වෙලාවට සුරුට්ටු පත්තු කරන්න එනවා" කියලා කතාවක් තියෙන්නේ. ඒ වගේ තමයි වුනේ. ආයෙත් මැසේජ් එකක් ආව, "ඔයා නම් පොඩි ළමයෙක් වගේ, කිසි දෙයක් තේරෙන්නේ නෑ නේ" කියලා. තේරෙන්න ඉතින් තේරෙන විදියට කියන්න එපාය. මම ගහලා යැව්වා, "මට ඔයා කියන දේවල් තේරෙන්නේ නෑ. කමක් නෑ, ඔයා පාඩම් වැඩ ටික හොඳට කරගන්න. මට එච්චරයි ඕන" කියලා.
ඊට පස්සේ රෑ වෙනකල් සද්දයක් තිබුනේ නෑ. රෑ වෙලා ආයෙත් මැසේජ් සාමාන්‍ය විදියට මැසේජ් කළා. මම හිතුවා දැන් පිස්සුව හොඳ ඇති කියලා. මම ආයෙත් ඒ ගැන අහන්න ගියෙත් නෑ. ටිකක් රෑ වෙලා මම වැඩ කර කර ඉන්නකොට ආයෙත් මැසේජ් එකක් ආව. ඒකෙ මුල ටික නම් මතක නෑ. අන්තිම ටික මෙන්න මෙහෙමයි තිබුනේ.
"............... Can't study now. Got into dat painful situation again."
අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු. ඔන්න එතකොට තමයි මගේ මහා බුද්ධියට වැටහුනේ මොකක්ද මේ හවස ඉඳල මෙයා කියන්නේ කියලා. මම දැන් ඉතින් කරකවලා අත ඇරියා වගේ. මට හොඳටම අප්සට් මෙයා මෙච්චර කියලත් මට තේරුනේ නැති එකට. ඇයි දෙයියනේ ඉතින් කවුද හිතන්නේ මැරුවට ඔහොම දෙයක් කියාවි කියල. දැන් ඉතින් මොනවා කරන්නද? මම මැසේජ් එකක් දැම්මා, "අනේ මට දැනුයි ඔයා කියපු එක තේරුනේ. ඇත්තමයි ඔයා කියපු විදියට මට මේ වෙනකල් මුකුත් තේරුනේ නෑ. ඔයාට අමාරු නම් අද ටිකක් කලින් නිදා ගන්න. අද රෑ වෙනකල් ඉන්න එපා. මාත් දැන් නිදා ගන්නවා. මම අද ෆෝන් එක ඕෆ් කරනවා. මම උදේට මැසේජ් එකක් දාන්නම්." කියලා. (හරියටම වචන මතක නෑ, කොහොමහරි ඔය අදහස තමයි කියවුනේ.) ඊට පස්සේ එවෙලේම ෆෝන් එක ඕෆ් කළා. වෙනදට රෑට ෆෝන් එක ඕෆ් කරන්නේ නෑ. මම නිදා ගන්නවා කිව්වට නිදා ගත්තෙත් නෑ. මට එක පාරට ආපු ෂොක් එක නිසයි මම ෆෝන් එක ඕෆ් කරලා නිදා ගන්නවා කිව්වේ. මට ඉතින් එදා රෑ පිස්සුව වගේ වුන වැඩේට. උදේ ෆෝන් එක ඔන් කරනකොට මැසේජ් දෙකක් විතර ඇවිත් තිබුනා. එයා ඒක හරියට කිව්වේ නැති එකට සොරි කියලත් තිබ්බා.
මේ කෙල්ලෝ නම් මාරයි, දෙයක් කියනකොට එක්කෝ හරියට තේරෙන්න කියන්න ඕන, නැත්තන් නොකිය ඉන්න ඕන. අනේ ඉතින් අසරණ අපි තමයි තැලෙන්නේ එහෙම නැති වුනාම.:) පස්සේ දවසේ එයා එවපු මැසේජ් එකක තිබුණා "ඔයාගේ tiny flower (ඒ දවස් වල මම කතා කලේ ඒ නමින්) කෙල්ලෙක්, එයාට ඔයාට කියන්න බැරි දේවල් තියනවා" කියලා. යකෝ මේක හරි කෙලියක් නේ. කියන්න බැරි දේවල් තියනවා නම් නොකිය ඉන්න එපාය, බාගෙට කියලා පිස්සු වට්ටන්නේ නැතුව.:D කොහොමහරි ඒ සිද්ධිය ගැන මට පස්සේ පුදුම සතුටක්, ආඩම්බරයක් ඇති වුනේ. ඇයි ඉතින් තාම යාලුවෙක් විතරක් වෙලත් ඒ වගේ දෙයක් කියන්න තරම් විස්වාසයක්, සමීප බවක් තිබුන කියන එකට. ඒ කාලේ හැටියට සහ මගේ අත්දැකීම් එක්ක තමයි ඒක මහා ලොකු දෙයක් වුනේ. නැත්තන් ඉතින් අපේ කට්ටියට නම් ඕක මහා දෙයක් නෙමෙයි වෙන්න ඇති.:) කොහොමහරි එදා ඉඳල මම මාස දෙක තුනක් දවස් 28 ගනන් කර කර හිටියා. හැබැයි ඊට පස්සේ නම් එහෙම දෙයක් කවදාවත් කිව්වේ නෑ.:(
කොච්චර අමතක කරලා තිබුනත් ඔය වගේ සිද්ධි තාමත් මතක් වෙනවා. පොඩ්ඩක් ඇත්තන් ඇති ඒ වගේ සිද්ධි එකින් එක ඇස් ඉස්සරහ මැවෙන්න. ඒ සමහර දේවල් මතක් වෙද්දී හිනාත් යනවා. එහෙම හිනා යන්නේ, ඒ අතීතයේ තිබුන සුන්දරත්වය නිසාද, එහෙමත් නැත්තන් මම කොච්චර මෝඩද වුනාද කියල මතක් වෙන නිසාද කියලා නම් මම දන්නේ නෑ.
මෙතනට අදාළ හොඳම උත්තරේ Common Sense කියන එක තමා. කෙල්ලෙක් එක්ක හුඟක් කල් ළඟ හිතවත්කමක් තියෙද්දී කෙල්ල හිතනවා [කෙල්ල විතරක් නෙමෙයි කොල්ලොත් එහෙම හිතනවා] එයා ගැන කොල්ලට Common Sense එක තියෙනවා කියලා.
ReplyDeleteමෙතනත් වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක් තමා මට නම් හිතෙන විදිහට :)
කොල්ලෙක් වුනාම කෙල්ලෝ ගැන හැමදෙයක්ම දැනගන්න ඕනේ මලයෝ... නැත්නම් වසන්න අමාරුයි... ඔය “උණ“ හැදුන දවස්වලට හොස්ස ලඟින් මැස්සා ගියත් ඇති වලියකට ! අමාරුවෙන් නොවැ ඉන්නේ. එව්වා ඉතින් අපි තේරුම් අරන් උපේක්ෂාවෙන් බැනුම් අහගෙන ඉන්න ඕනේ...
ReplyDeleteකසුන් මලයා ඒ කාලේ පොඩි එකා වෙන්නැති නේ... හැබැයි දැන් ඕවා මොන්ටිසෝරි බබාලත් (බබා?) දන්නවා !
හික්ස්... කෙල්ලො එහෙම තමා.කියන්න තියෙන වටින් ගොඩින් කියලා කොල්ලා තේරුම් ගනියි කියලා බලන් ඉන්නවා.මං නම් දැන් ඒ බලාපොරොත්තුව අත ඇරලා ඉන්නෙ.ඒත් හිටපු ගමන් ජන්ම ගති එලියට එනවා. :)))
ReplyDeleteඋඹ නවත්තපුව මම ලියන්න ගන්නම් ඉක්මනටම...
ReplyDeleteකෙල්ලො කියන එව්ව තේරුම් ගන්න වෙනම කෝස් එකක් කරන්න ඕන..
මූ විලිලැජ්ජාවක් නැතුව මේකෙ ලියල තියෙනවනෙ දවස් 28ත් ගැන්න කියල...
අනේ අනිච්චං මෙයාට වෙන දේවල්. කෙල්ලෝ එහෙම තමයි, වචාලකමට කියවන්නේ නැහැ. ලජ්ජා බයට හදුනා උදවිය .. එහෙම තමයි ඉන්න ඕනා :)))
ReplyDelete@වර්ණා
ReplyDeleteඅම්මපා?
වාචාලකමට කියවන්නේම නැ නේ :-)
@කසුන්
අපෝ මතක කරන්න එපා
මතකද පලවෙම මැසේජ් එක
පොඩි එකෙක් නෙවේ.... බබාලා තුන් හතර දෙනෙක්ගේ තාත්ත කෙනෙක් වගේ...
ReplyDeleteමුන් හැම එකටම හොදටම පිස්සු.උන්ම ලියල උන්ම ආතල් ගන්නවා .කියවන මම වගේ එකියන්ට පිස්සු පීකුදු වගේ
ReplyDelete@ මහිම
ReplyDeleteඔව් එහෙම තමයි, කියවන්නේ නැහැ, මම වගේ හොදට හැදුනු ළමයි එහෙමයි :))))
@ ramesha
නෑ අපිට පිස්සු පීකුදු උනේ නැහැනේ, ඔයාට එහෙම වගේද?
සිල්ලර කතන්දර වලින් මෙලෝ රහක් ගන්න බැරි උනාම පිස්සු පීකුදු වෙනවා .වර්ණා ඔයාට මේ වගේ ගොන් චූන් ආතල් උනාට මට නම් ආතල් නෑ. වැරදීමකින් පොඩි චූ කොල්ලෙක්ගේ මෙලෝ රහක් නැති පල් හෑල්ලක් කියවන්න සෙට් උනා.
ReplyDelete@ රමේෂා :
ReplyDeleteඔයා නම් මට පේන්නේ ගෑණූ වෙසින් ඉන්න පිරිමියෙක් වෙන්නැති. නැත්නම් ඉතින් ඔයාට මෙ**ස් හැදෙන්නේ නැතුව ඇති..
මේ හලෝ... චූ කොල්ලන්ගේ කථාවක් නම් නොකියවා යන්න තිබ්බනේ ? කසුන් ගේ පරණ පෝස්ට් කියවලා නෑ වගේ !!! අත තිබ්බ පළියට කොටලා මෝඩ චූන් ගන්න එපා !!!
@ ramesha
ReplyDeleteආතල් ගන්න දෙයක්ද මෙයා කියලා තියෙන්නේ රමිෂා? එයාගේ අත්දැකීමක්, ආතල් ගන්න දේවල් මේ බ්ලොග් එකේ නැහැ, ඔයා වැරදි තැනකට ඇවිත්, නිකරුනේ බනින්නේ ඇයි? තමන්ගේ අත්දැකීම් තමාගේ බ්ලොග් එකේ ලියන්නේ නැතුව අනුන්ගේ එවල ලියන්නද? පල හෑල්ලක් කියල මටනම් පෙනුනේ නැහැ, හරිම කනගාටුයි ඔබතුමියගේ අදහස් ප්‍රකාශ කිරීම තැනට සුදුසු නැහැ,
ඇයි ඉතින් ඔය කියෙවුවෙ?
ReplyDeleteඅපරාදෙනේ?
පල් හෑල්ලක් කියල ටිකක් කියනකොටම තේරෙන්න ඇතිනේ
ඇයි ඉවරවෙනකන්ම කියෙවුවෙ?
තව කමෙන්ට් එකකුත් දාලා
අපරාදෙනේ ඔයාගේ වෙලාව
මට හිතෙන්නේ ඔයාට ඕනා මෙතන හැමෝගෙම අවදානය දිනාගන්න, එකනේ වැඩකට නැති ගොන් කතාවක් කියුවේ ,, හික්
ReplyDelete@වර්ණා
ReplyDeleteඅපෝ ඒගැන මොකට කතා කරනවද? :-D
හෝව් හෝව්! වර්ණා නගේ, මහිමයෝ, චතුරංග අයියේ, අනේ ඔය වැඩකට නැති අයත් එක්ක රණ්ඩුවට යන්න එපා. එයාට ඕන දෙයක් කියල යන්න කියන්න. අපේ ඇඟේ වදින්නේ නෑ නේ. අවධානය ගන්න කරන උත්සාහයක් කියල මටත් හිතෙන්නේ. දැක්කේ නෑ වගේ ඉන්න.:)
ReplyDeleteඔන්න මම නම් දැක්කේ නැහැ :)))
ReplyDelete@ කසුන් :
ReplyDeleteවෙන තැනක නම් ඔහොම කිව්වට අපි මෙහෙම ගේමට යන්නෑ බං...! මොනවා කරන්නද, අපිටත් ඉතින් කැක්කුම නොවැ.
එළ, ඔන්න මමත් දැක්කෙත් නෑ, දන්නෙත් නෑ, මුකුත් කිව්වෙත් නෑ... :P
හරි හරි ඔන්න මත් දැක්කේ නැ :-(
ReplyDelete@Hasitha
ReplyDeleteනෑ බං ඉතින් මම ජීවිතේට හිතුවේ නෑ එහෙම දෙයක් ඒ වෙලාවේ කියයි කියලා. ඒකයි මට ඒක මතක් වුනේම නැත්තේ.
@Chathuranga Perera
ඔව් ඒක නම් ඇත්ත අයියේ, එදා මාත් එක්ක පැටලෙන්නමයි හැදුවේ. ඕක වුනේ උසස් පෙළ කාලේ අයියේ. ඕව ගැන ඔක්කොම දන්නවා වුනාට ඔහොම දෙයක් කියාවි කියල හීනෙකින් වත් බලාපොරොත්තු වුනේ නෑ නේ.
@නිසුපා
ඉතින් අනේ අපි පවුනේ අක්කේ.:( බාගෙට කියලා නැවැත්තුවම අපි දස අතේ කල්පනා කරන්න ඕන. නෝටි කෙල්ලෝ! සිරාවටම මම සමහර වෙලාවට පාඩම් කරන එක පැත්තකින් තියලා කල්පනා කර කර ඉඳලා තියනවා එයා කියපු සමහර දේවල් ගැන.
@සාතන්
"උඹ නවත්තපුව මම ලියන්න ගන්නම් ඉක්මනටම..."
එළකිරි! එතකොට හවුලේ ගුටි කන්න බැරියෑ. කෝස් එකක් කරලත් ගොඩ දාගන්න බැරි වෙයි වගේ මම නම් හිතන්නේ.:D
@වර්ණා
ඒකනේ නගෝ බලන්නකෝ මට වෙච්ච දේ. ඉතින් එහෙනම් මුකුත් නොකිය ඉන්න තිබුනනේ. බාගෙට කියන්නේ නැතුව.:)
@මහිම
අඩේ පළවෙනිම එක නම් හරියට මතක නෑ බං. උඹට මතකද?
@prasanna86k
අනේ නෑ, මම ඒ කාලේ අහිංසක පොඩි කොල්ල. (දැනුත් එහෙම තමයි ඉතින්:)) අපි ඕව දන්නේ නෑ.:P
"කොහොමහරි එදා ඉඳල මම මාස දෙක තුනක් දවස් 28 ගනන් කර කර හිටියා.."
ReplyDeleteමේ සිද්දිය වෙද්දි උබට වයස කියද කියපං.. වලියන් වගේ.. මාත් එන්නෙයි??? සාමුහිකව රණ්ඩු වෙලා අපිටත් හොද පළපුරුද්දක් තියෙනවා.
"කොහොමහරි එදා ඉඳල මම මාස දෙක තුනක් දවස් 28 ගනන් කර කර හිටියා.."
ReplyDeleteඈහ්... උඹ කැත නැතිව ඒක කියපු ලස්සන... එක අතකට කලා නම් කියන්න ලැජ්ජ බර වෙන්නේ මොකටද නේද?
ඔහෝ..... !!!! අර සතියක් අල්ලලා හිටින බඩේගාය හැදිලා නේ. අඩේ මේක තේරුම් ගන්න මූට මෙච්චර වෙලා ගියාද බොල. මට නම් කියපු හැටියෙන්ම තේරුම් ගන්න පුලුවන්. හික්ස් :)
ReplyDeleteඒක නෙමෙයි කවද්ද අර දානවා කියපු කතාව ලියන්නේ ?
@Dinesh
ReplyDeleteඔය සිද්දිය වුනේ උසස් පෙලට පාඩම් කරන කාලේ. ඕව දන්නේ නැතුව නෙමෙයි අයියෝ, මම හිතුවේ නෑ කවදාවත් ඔහොම දෙයක් කියාවි කියලා.
@නෝටියා
ඉතින් ඇත්ත කිව්වේ.:( ඔව් ඉතින් බොරු සෝබන ඕන නෑ නේ. මම ඇත්තම කිව්වා.:)
@මධුරංග
මම පස්සේ කාලෙක යාලුවෙක්ටත් සිද්ධිය කිව්වා. ඌටත් කියනකොටම මීටර් වුනා. මට තමයි බැරි වුනේ.:( ඒක පස්සේ හෙමිහිට ලියනවා බං.
අඩේ මේ අස්සෙ කොක්කකුත් යනවා, අඩෝ අපිත් චණ්ඩි තමා, ගනිං ඩෝ කට පුංචා, කවුද කවුද කෑ ගාන්නෙ .......
ReplyDeleteපොඩි එකා කාලේ වෙන දේවල්නෙ, මටත් ඔය වගේ සීන් එකක් වෙලා තියනවා .....
apoi kasun aiya oka nisa man kapu kattak...mage hondama yaluwawa mathak uno....oyage kathawema anith paththa wage :P
ReplyDeleteඔව් අප්පා...
ReplyDeleteමෙයාලගේ භාෂාව තේරුම්ගන්න එකනම් ටිකක් නෙමෙයි හුඟාක්ම අමාරුයි තමා....:))
වෙලාවකට පිස්සු හැදෙනවා.
කවුදෝ මන්ද ඇවිත් කොක්කකුත් දාල ගිහිල්ලා නේද... හික් හික්
හිකිස්ස්ස්ස්ස්.. හෆ්ෆෝයීඊ ,ඒ කසුන් අයියානම් මැටි පූසෙක් අනේ..:p (විහිළුවට කිව්වෙ ඔන්න) මෙච්ච්ර කියලත් මීටර් නෑ.. අනේ අනේ..:D
ReplyDeleteපස්සෙ හරි තේරුම් ගිය එක ලොකු දෙයක් නැත්තම් මාර වැඩේනෙ..කෙල්ල වුනත් හිතයි ඔයාට Common Sense නෑ කියලා..:) හ්ම්ම්.. මරු සිද්ධිය
@පන්සල් හංදිය
ReplyDeleteආහ් ඔය ඉන්නේ තව අමාරුවේ වැටිච්ච අය.:D වැඩකට ඇති කොක්කක් නෙමෙයි අයියේ. ඒක නෙමෙයි කට පුංචා කියන්නේ මොකක්ද? මට කලින් ඇහිලා නම් තියනවා ඒත් දන්නේ නෑ.
@අනූ
හපොයි නංගිගේ යාලුවටත් තේරුනේ නැද්ද? මට දුකයි ඒ අහිංසක කොල්ල ගැන.:(
ඒක නෙමෙයි, මොකෝ මේ හැමතිස්සෙම නම මාරු කරන්නේ? මම මේ ඔයාගේ දැකපු තුන් වෙනි නම.:)
@ලොකු පුතා
පිස්සු හැදිලා හරි නැවතුනොත් ඇති බං. පව් අහිංසක අපි.:( ඒක ගනන් ගන්න ඕන කොක්කක් නෙමෙයි බං.
@හිතුවක්කාරි
නෑ ඉතින් ජීවිතේට එහෙම දෙයක් කියාවි කියලා හිතුවේ නෑ නගෝ ඒකයි.:( මට මැටි පූසා කිව්වා, තරහම තරහයි. ඔව් හැබැයි, කෙල්ල හිතුවද දන්නේ නෑ මම එහෙම දෙයක්වත් දන්නේ නෑ කියලා.:P
කසුන්,
ReplyDeleteකට පුංචා කියන්නෙ පිස්තෝලෙටනෙ කොල්ලො හිහ් ... හිහ් ..
"ඔයා නම් පොඩි ළමයෙක් වගේ, කිසි දෙයක් තේරෙන්නේ නෑ නේ"
ReplyDeleteඈ බන් උබට වයස කීයෙයි එතකොට ?? ඒ උනාට බන් ඔව්වො කියන ඒවා කොච්චර උනත් ටියුබ් ලයිට් වෙලාවකට..
ලාවට වලියකුත් ඇදිල නේ.... හක් හක්..
අපොයි කසුන් අයියා කතා කරලා වැඩක් නෑ.තේරුණෙ නෑ කියන්නෙ තේරුණේම නෑ.මන් කිව්වෙ පොඩ්ඩක් සනීප මදි පන්ති යන්න බෑ,ගෙදර යන්නම් කියලා.රටේ ලෝකෙ නැති ලෙඩ ගැන ඇහුවා.අන්තිමට ඒ එකක් වත් නෙමෙ කිව්වම බොරු ලෙඩ අරන් කියලා අහිංසක මාව පන්ති ඇදන් ගියා.පස්සෙ දැනගත්තම මූණ බෙරි කරන් ඉන්නවා.මං එහෙම එකක් දැනන් හිටියෙ නෑ කියලා.
ReplyDeleteඅහ් කසුන් අයියා ආයෙ නම් වෙනස් කරන්නැහැ.මේක තමා දිගටම තියන් ඉන්නෙ.ඇත්ත නමත් ඒකම වගෙනෙ.
ReplyDelete@පන්සල් හංදිය
ReplyDeleteහයියෝ එහෙමද!
@පිස්සා පලාමල්ල
වයස නම් 17ක් විතර.:) අපොයි ඔව් කොච්චර මීටරෙන් හිටියත් හිටී ගමන් පිස්සු වැටෙනවා කියන කතා වලට.
@අනූ
අයියෝ...! නියම සීන් එක ඒක. පව් අහිංසක කොලු පැටිය. ඌට පස්සේ ගොඩක් අප්සට් ඇති.:)
හික්ස්..මාරු කතාව..මටත් ඔහොම අත්දැකීමකට මුහුණ දෙන්න වෙලා තියෙනවා..එත් ඉතින් මට නම් තේරුණා ..;)
ReplyDelete