twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Wednesday, January 18, 2012

සයිබරයේ අපේ මිනිස්සුන්ගේ මනුස්සකම!

අද මේ මගේ පෝස්ට් එකක් දාන්න නෙමෙයි හදන්නේ. සුන්දර හදවත් තියන සයිබරයේ අපේම මිනිස්සුන්ගේ තවත් බොහොම සුන්දර උත්සාහයක සාර්ථකත්වයේ සතුට බෙදාගන්නයි මේ පෝස්ට් එක දාන්නේ. මගේ කතා ඕන නෑ නේ, ඔන්න මම ඒ ගැන ලියවුනු පෝස්ට් එක එහෙමම දානවා. ඒ සඳහා පූර්ව අනුමැතිය ලැබිලා තියෙන්නේ.

අවසානයේ අපි ජයග්‍රහණය කළෙමු...



දිළුම් වෙනුවෙන් ගොඩ නැගුනු සයිබරයේ පිනෙන් පිරුණු අරමුණක අවසානය වෙත අපි ලඟා වූයෙමු.... ජෙරූශා නම් දැරියගේ කර්ණ ශංඛ බද්ධයේ සැත්කම අද ඉතා සාර්ථකව අවසන් වූ බව ඇයගේ ආදරණීය මව මීට මොහොතකට කලින් අප සමග පැවසුවාය....


එපමනක් නොව ඇයගේ දියණියගේ නෑසෙන සවනතට හඬ ලබාදීමට එකතු වූ සැමට ඇයගේ මෙන්ම පවුලේ ස්තූතිය පුද කලාය... ඒ හැමට පින් ප්‍රාර්ථනා කලාය...


සිකුරාදා වනතුරු ජෙරූශා දැරිය පේරාදෙණිය ලමා රෝහලේ හතරවන වාට්ටුවේ ඇය වෙනුවෙන් සකසා ඇති විශේෂිත කාමරයක රඳී සිටිනු ඇති... ඔබ ඒ අවටනම්, එහි ගොස් ඇයට ශක්තියක් වී පැමිනෙන්නට හැකිනම්, අප එය මහමෙරක් තරම් අගය කරමු...


වැඩි විස්තර සහ ඡායාරූප ලඟදීම බලාපොරොත්තු වෙන්න..


ඔබ හැමට පින් සිද්ධ වේවා....


ශ්‍රී ලාංකීය සයිබරය එකාවන්ව එකතුව කල මෙම සද්කාර්යය මගේය, අපේය, ඔබේය.... එම නිසා මෙම බ්ලොග් ලිපිය ඔබේ බ්ලොගයේ පල කර අපගේ ශක්තිය ලොවට කියාපෑම පිළිබඳව අපගේ කිසිදු විරුද්ධත්වයක් නැත.

..................................................................................................................................

මේ තියෙන්නේ ඔරිජිනල් ලිපියේ ලින්ක් එක. මේ සත්කාරයට මොන අයුරකින් වත් දායක වෙන්න අවස්ථාවක් නම් ලැබුනේ නෑ. ඒත් මම ගොඩක් ආඩම්බරයි සයිබරයේ අපේ මිනිස්සුන්ගේ මනුස්සකම ගැන. ඒ වෙනුවෙන් මහන්සි වුන හැම දෙනාටම ගොඩාක් පින්. කමෙන්ට් එකකින්, මූණු පොතෙන් එකතු වෙන පිරිසකට මේ තරම් දෙයක් කරන්න පුළුවන් කියන්නේ එක අතකට පුදුමයි නේද? මේ වගේ මනුස්සකම පිරුන පිරිසකගේ සාමාජිකයෙක් වෙන්න ලැබුන එක ගැන මම අද ගොඩක් සතුටු වෙනවා.

8 comments:

  1. සතුට උපරිමයි !!! ඇත්තටම කසුන් කිව්වා වගේ මේ වගේ මනුස්සකම දන්න නියම සහෝදර සහෝදරියන් රැසක් එක්ක එක පවුලක බ්ලොග් රචකයෙක් කියලා කියන එකත් අපිට ආඩම්බරයක්...

    මේ මහඟු කාර්යයට උර දුන් හැමටම පිං...

    නොදුටු මිතුර ඉලං, උඹටත් පිං !!!

    ReplyDelete
  2. ඉලංදාරියා වෙනුවෙන් ඇරඹුනු ඒ සත්කාරය මෙ වගේ අවසන් කරන්න ලැබීම සතුටක්. ඒ වගේම ඒ දේ මේතරම් දුර ගෙනාපු ඔක්කොටම පින්.

    ReplyDelete
  3. ඉලන්දාරියා වෙනුවෙන් පටන් ගත්ත දේ මේ විදිහට නිමා කිරිම ගැන සතුටුයි...

    ReplyDelete
  4. උදවු කරපු හැමෝටම පින් !!!

    ReplyDelete
  5. කවදා හරි මේ ලෝකෙන් යන දවසක අපිට ගෙනියන්න තියෙන්නේ කරපු පින් පව් විතරයි.. මාත් ආඩම්බර වෙනවා සයිබර් මිතුරු කැළක් එකතු වෙලා කරපු මේ සත්කාර්යය ගැන.. ජෙරුශා සොයුරිය සුවපත් වීම පිලිබඳ ඉතා සතුටුයි.

    ReplyDelete
  6. මෙයට සම්මාදම් වෙන්න නොලැබීම ගැන ගොඩාක් කනගාටු වෙනවා මමත්. දැනගත්තේ ගොඩාක් පහු වෙලා. මේ නංගිව 22 වෙනිදාට හම්බෙන්න ගොඩාක් ආසාවෙන් ඉන්නවා

    ReplyDelete
  7. මමත් බ්ලොග් ලෝකෙට එනකොට ප්‍රමාධ වුන නිසා සම්මාදම් ව්එන්න බැරි ව්උනා. ඒ ගැන කනගාටුයි!! පින් සිද්ධ වෙන වැඩක් කරලා තියෙන්නෙ.. ජය වේවා!!

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.