twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Thursday, April 14, 2011

හලේ... ඇයි මටම මෙහෙම වෙන්නෙ?

අවුරුද්ද ගැන නම් ඉතින් ගොඩක් අය කතා කරනවනේ. ඒක නිසා මම ඒ ගැන ලියන්නෙ නෑ කියල හිටියෙ. හැබැයි මට මේ දැන් වෙච්ච අකරතැබ්බය ගැන නම් ලියන්න ඕන කියල හිතුන. කන්න ලැබෙන කල් කරන්න දෙයක් තියෙන්නත් ඕන නෙ. ඒක නිසා ලියලම දානව.

දැන් ඔන්න ලිප ගිනි මොලවන්න ඔක්කොම ලේස්ති කරල තියෙන්නෙ. ප්‍රධාන ලිපේ වැඩේ කුස්සියේ යන අතරෙ කිරි උතුරවන සෙග්මන්ට් එක භාර වුනේ මටයි නංගිලා දෙන්නටයි. මම තමයි එතන හෙඩ්, නංගිල දෙන්න ඇසිස්ටන්ට්ස්ල. සිවිලිං ෂීට් කෑලි තුනක් උඩ ගඩොල් බාග තුනක් තියල ලිප සෙට් කරල තියෙන්නෙ. අවශ්‍ය සියල්ල සූදානම්. අපි දැන් එකින් එක බලමු. මුට්ටියක්, කිරි, හීනියට පලා ගත් දර (විශ්කම්බය 2.5 ට අඩු), දර ඇවිලෙන තෙක් පත්තු වීමට පොල් හනසු, ඉටි පන්දමක්, ඉටි පන්දම පත්තු කිරීමට ගිනි පෙට්ටියක් සහ හොඳ කුක් කෙනෙක් (ඒ කිව්වෙ මම. තේකක් වත් හදා ගන්න බැරි වුනාට මොකද මම තමයි ඉතින් දැන් කුකා.) මම දැන පොර ලයින් එකෙන් ඉන්නෙ. වැඩි කතාවක් නෑ, ස්ටේටස් තියාගෙන ඉන්න එපාය. දැන් ඔන්න ඉටි පන්දම පත්තු  කර ගත්ත. 1.05 ට විතර අර පොල් හනසු ටිකට ගිනි අව්ලගෙන බලාගෙන ඉන්නව නැකත එනකල්. පොඩි එකී තමයි සන්නිවේදන අංශය භාරව හිටියෙ. ඔන්න ඉතින් 1.06 ට "දැන් හරී" කියල පොඩි එකී බෙරිහන් දෙනකොට උතුර බලාගෙන පත්තු කරපු පොල් හනසු ටික ලිපෙන් තිබ්බ. ඊට පස්සෙ අර හීනියට පලාගත් දර හෙමිහිට උඩින් තිබ්බ. මල විනාසයයි, මේ පොල් හනසු පත්තු වෙන්නෙ නෑ නෙ. වටේ තියන කෙඳි ටික පත්තු වෙලා නිවිල යනව. කන්නලව්වක් වත් කරල වැඩේ ගොඩ දාගන්න ගින්නට අදිපති දෙයියො කවුද කියල දන්නෙත් නෑ. නම දන්නෙ නැතුව කන්නලව් කරල නෝන්ඩි වෙන්න බෑ නෙ. සිටිස් ගාල පොඩි එකී යවල ප්‍රදාන ලිපෙන් පොල් කොල ටිකක් ඉස්සුව. ඊට පස්සෙ දර ටික අයින් කරල පොල් කොල ටික පත්තු කරල දාල අයෙත් දර දැම්ම. පොල් හනසු ටිකකුත් ඔය අස්සෙන් අස්සෙන් එබුව. අම්මෝ යන්තන් වැඩේ ශේප්, දර ටික දැන් ඇවිලෙනව. දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ, යාන්තන් නෝන්ඩි නොවී ජාමෙ බේර ගත්තෙ.

ආයෙත් ඇඟේ ලේ වතුර වුනේ මුට්ටියෙ තිබුන කිරි ටික දැකල. මුට්ටියෙන් තුනෙන් දෙකක් වගේ තමයි කිරි තිබුනෙ. මේක උතුරන කොට හෙට වේවි. දැන් ඒපාර දඩි බිඩියෙ දර දානව. නංගිලා දෙන්නට දර දාන්න කියල මම සුපර්වයිස් කරගෙන හිටිය. කිරි ටික තාම හෙල්ලෙන්නෙ වත් නෑ. එනපොට හරියන්නෙ නෑ කියල මගේ මහා බුද්ධියට වැටහුනා. කොල්ල ආයෙත් වැඩේට බැස්ස. වටේටම දර දාල ගින්න තව වැඩි කරගත්ත. නංගිල දෙන්නත් මගේ දෙපැත්තෙන් බලාගෙන ඉන්නවා. ඔන්න දැන් තමයි සීන් එක වෙන්නෙ. එක පැත්තක ගින්දර නිවී ගෙන ආපු නිසා මම දර ටිකක් දාල පිඹින්න ගත්ත. එක පාරටම ලිපෙන් ඩෝං ගාල සද්දයක් ආව. සද්දෙට මායි නංගිලා දෙන්නයි පැත්තට විසි වෙලා ගියා. මට ආයෙත් ට්‍රැක් එකට එන්න තත්පර 2.63ක් ගියා.   

මොකක්ද යකෝ ඒ වුනේ? මාව මරන්න කවුරු හරි ලිපේ බෝම්බයක් වත් සෙට් කරලද? මම ටක් ගාල බැලුව නංගිල දෙන්නට මොකද කියල. හානියක් නෑ, පිපිරීමෙන් ඇති වුන කම්පනය නිසා කට ඇරගෙන බලාගෙන ඉන්නවා. ලොකු එකීගෙ කලිසමට මුට්ටියේ තිබුන කිරි ටික විසි වෙලා. කිරි එච්චර රත් වෙලා තිබුනෙ නැති නිසා අවුලක් නෑ.

ප්‍රධාන ලිප ගාව හිටපු සහන කණ්ඩායම් ඒ වෙනකොටත් අනතුරු වුන ස්ථානයට වාර්තා කරල තිබුනෙ. ක්ෂණික පරීක්ෂණයකින් අනතුරුව කිසිවෙකුටත් අනතුරක් නෑ කියල සහන කණ්ඩායම් සනාථ කලා.  මම ලිපට කිට්ටු කරල බැලුව මොකක්ද සීන් එක කියල. ලිප වටේම ගිනි අගුරු කෑලි, ගඩොල් කැට තුන පෙරලිලා, මුට්ටිය ලිප මැද වැටිල, කිරි ටික ගේ පුරාම, එක විකාරයයි එතන. මම නම් හිතුවෙම බෝම්බයක්ම තමයි කියල. මුට්ටිය අයින් කරල බැලුවම තමයි තේරුනේ සීන් එක මොකක්ද කියල. උඩින්ම තිබුන සිවිලිං ෂීට් කෑල්ලෙ පලුවක් නෑ. රස්නෙට සිවිලිං ෂීට් එක පුපුරල. පස්සෙ තමයි හැම තැනම තිබුන පොඩි පොඩි සිවිලිං ෂීට කෑලි ටික මීටර් වුනේ. ඉතුරු සිවිලිං ෂීට් කෑල්ලෙත් ඉරි ගිහිල්ල. කවුද දෙයියනේ දන්නෙ ඔහොම එකක්? ඔයින් ගියා ඇති ඉතින්. අපි තුන් දෙනාම ලිප ලඟමයි හිටියෙ. මොකක් හරි වාසනාවකට කරදයක් වුනේ නෑ ඉතින්. මම ලිපට පිඹ පිඹ හිටියෙ, මගේ පැත්තට අඟුරු විසි වුනා නම් මූනටමයි වදින්නෙ. ගිනි අඟුරු කෑලි කාමරේ කොනේ තිබුන මේසෙ උඩත් තිබුන. ඔන්න ඔහොමයි කිරි උතුරවන සෙග්මන්ට් එක ඉවර වුනේ. කිරි උතුරවන්න වුනේ නෑ, කිරි ඉහිරෙව්ව. පස්සෙ ඉතින් කට්ටිය ශේප් එකේ ඒ ටික අස් කරල මොනවත් වුනේ නෑ වගේ හිටිය.

 ප.ලි. ඒ වෙලාවෙම ලියන්න ගත්තට ලියන්න වුනේ නෑ. දැන් තමයි ඉවර කලේ.

13 comments:

  1. හික් මරු ඉතිරිල්ල. දැං ඉතිං රස පරීක්ෂක වාර්තාවකුත් කැඳවපං.. :D

    ReplyDelete
  2. "මොකද මම තමයි ඉතින් දැන් කුක්කා" :D

    ReplyDelete
  3. අඩේ අය්යේ බොලටත් මරු සිද්දි නොවැ වෙන්නේ.......ඉතින් අයේ කිරි ඉතිරෙවුවේ නැතෙය්.........
    //මොකද මම තමය් දැන් මෙතන කුක්කා// සිකේ...... මරු අප්පා

    ReplyDelete
  4. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  5. සීන් එක යනකොට මට තේරුනා සිවිලිං ෂීට් තමා පුපුරලා තියෙන්නේ කියලා.. ඕකට හරියන්නේ තහඩු කෑල්ලක්... :D

    ලබන අවුරුද්දට ගන්න තහඩුවක් දැන්මම හොයලා තියපං.... :D

    ReplyDelete
  6. අම්මේ... පරිස්සමට.මම් බෑලුව, බෑරිවෙලා රතින්නයක් වත් ලිපට දාලද කියල.

    ReplyDelete
  7. හප්පේ කිරි ඉතිරුවා වගේද බොල කිරි ඉහිරුනාම... මේ අවුරුද්දම සුභ වෙයි..

    ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!!

    ReplyDelete
  8. @ChAnDiKa
    ඔව් ඔව් මම රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වල තියෙන්නෙ. අවුරුදු වැඩ ඉවර වුන ගමන් එනව කිව්ව.

    @Anonymous
    thanks මචෝ :P

    @බීටා
    මගේ වෙලාව හොඳ නෑ බං. වැඩකට අත ගැහුවොත් ඒක විනාසයි.

    ආයෙත් මොන කිරිද බං. ඒ ටික අස් කරල නිකන් හිටිය.

    @Kathandara
    බොහොම ස්තූතියි කතන්දර අයියෙ. අයියාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනව.

    @සෝරෝ
    ඒකනෙ කවුද දන්නෙ එහෙම සීන් එකක්. ඔව් ඔව් දැන්ම තහඩු කෑල්ලක් සෙට් කරල තියාගන්න ඕන. හැබැයි ලබන අවුරුද්දෙ මට කිරි උතුරවන සෙග්මන්ට් එක ලැබේවිද දන්නෙ නෑ.

    @නදී
    මම නම් හිතුවෙම මාව මරන්න කවුරුහරි බෝම්බයක් සෙට් කරල කියල. හික්ස්...

    @Pasan
    ස්තූතියි සහෝ. ඔබටත් ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  9. කසුන්ටත් මාරම වැඩ තමා වෙන්නේ. හොද වෙලාවට කාටවත් කරදරයක් උනේ නෑ. සහන කණ්ඩායම් හිටපු හන්දා හොදයි.
    ඒ වෙලාවේ ජනාධිපති තුමා එහෙම ආවේ නැද්ද ආර්යාවත් එක්ක.
    ආවනම් තමා බලාගන්න තියෙන්නේ

    ReplyDelete
  10. @මධුරංග

    කොහෙද දෙයියනේ ගිහින් හිටියෙ? මම බැලුව හැමදාම මගේ පෝස්ට් වලට කමෙන්ට් දාන මිනිහට මොකද වුනේ කියල.

    ජනාධිපති තුමා ඒවෙලාවෙම දුරකතනයෙන් මාත් එක්ක සම්බන්ධ වුනා. එන්නමයි හැදුවෙ. සහන කණ්ඩායම් අනතුරක් නෑ කියල සනාථ කරපු නිසා යන්තන් ශේප් කරගත්ත.

    ReplyDelete
  11. අනේ අය්යා මටත් කිරි උතුරන්න ගිහින් උනේ මුට්ටිය ඩොං උන එකමයි

    ReplyDelete
  12. හප්පොච්චියේ නගාටත් මට වගේම අකරතැබ්බයක් නෙ වෙලා තියෙන්නෙ. මම ඒ කතාවත් කියෙව්ව.

    ReplyDelete
  13. හැක හැක හැක පව් අනේ :ඩි

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.