twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Monday, April 18, 2011

මා මළ පසු මගෙ සොහොනේ දුක් ගීයක් ලියනු මැනවි



දන්නවා ඔබ හොඳහැටිම
දකින්නට බැරි බව
ඔය ඇස් වල කඳුලු මට

දැන දැනත් ඒ වග
හඬන්නේ මෙලෙස කිම
වැතිරී මගෙ සොහොන මත

දන්නවා නම් මම
හඬන බව ඔබ මේ තරම්ම
මියැදෙන්නේ නෑ කිසි දිනක
ඔබේ ලඟින්ම සිටිනු මිස.


ප.ලි. මට මේ ෆොටෝ එක ලැබුනෙ facebook එකේ තිබිල. මට නම් මේක දැක්කම ගොඩක් දුක හිතුන. 

6 comments:

  1. මටත් එහෙමය්
    ඇත්තෙටම හැමෝම මෙහෙම නෑ නේ......

    ReplyDelete
  2. එහෙම ආදරයක් ලබන්න ඒකා පින් කරලා තියෙනවා. නමුත් ඒ ආදරය විදින්න ඒකා කරලා තියෙන පින් මදි වෙන්ටැති.

    මේ පින්තූරේ දැක්කම මටත් දුක හිතුනා. ඒ ගෑනු කෙනාගේ දුක ලස්සනට කවියට නගලා තියෙනවා. පට්ට.

    ReplyDelete
  3. @බීටා
    ඒක නම් එහෙම තමයි මලේ.

    @මධුරංග
    ඔව් බං, ඒ මනුස්සයට ඒ ආදරේ හැමදාම විඳගන්න තරම් පිනක් තිබිල නෑ.

    @රොබින්
    ස්තූතියි සහෝ!

    ReplyDelete
  4. ජීවිතය පුදුමයි.මගෙ හොදම යාලුවෙක්ගෙ වෙඩින් එකට දින තිබුනෙ මේ මාසෙ.එත් ගිය නොවැම්බර් හදිසියේම නික්ම ගියා.අදටත් ඒ ගර්ල් ගෙ ඇස්වල කදුලු.ජීවිතේ හැටි.එකින් එකට කොමන්ට් කරන්න වෙලාව නැති එක ගැන සමාවෙන්ට ඕනෙ...මං බ්ලොග් ලිවිල්ලට අලුත් ටිකක් ඒ පැත්තෙත් ඇවිත් අදහසක් දෙන්න.
    http://photoshopapethaleta.blogspot.com/
    http://sanhithawa.blogspot.com/

    ReplyDelete
  5. මේ කවි පන්තිය තමයි මම ආසම

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.