twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Friday, October 7, 2011

මෙන්න ගිලෙනෝ....!

අදත් පොඩි බ්රේක් එකක් ලැබුනා. රිසර්ච් එකට අමාරුවෙන් ගැට ගහගෙන ප්‍රපොසල් එකක් ලියාගෙන ගියාම ඒක කිසිම හිතක් පපුවක් නැති විදියට ඒක මදි කිව්වනේ අපේ සර්. ඊට පස්සේ විස්තර අහගන්න කෙනෙක්ව හම්බ වෙන්න යන්න කිව්වා. දැන් ඉතින් ඒ ගමන යනකල් කරන්න වැඩක් නෑ. ඒක නිසා ඉතින් දුවගෙන මේ පැත්තට ආව. කලින් පොස්ට් එකටත් කමෙන්ට් දාපුවට රිප්ලයි කරන්න වුනේ නෑ.

මේ දවස් වල අපේ හොස්ටල් එකේ එක සින්දුවක් නිසා හෙන විකාරයක් වෙලා තියෙන්නේ. කවුරුත් දන්නවා ඇතිනේ රොමේෂ්ගේ 'දිගු දෑස දුටුවාම' සින්දුව. ඒකෙ වීඩියෝ එක නිසා තමයි අවුල වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ සින්දුව, බලල නැත්තන් බලන්නකෝ.


කාමරේ  ඉඳන් එලියට හරි කැන්ටිමට හරි ගියොත්, මග දිගට කාමර හතරක පහක විතර ඔය සින්දුව තමයි ඇහෙන්නේ. අපේ බැච් එකේ එකෙක් මගදි දැක්කොත් "අනේ වචනයක් හරි කතා කරන්නකෝ පවන්" හරි "මට  ඔච්චර ආදරේ කරන්න එපා පවන්, කවද හරි මට ඔයාව නැති වුනොත් මට ඒක දරාගන්න බැරි වේවි" හරි "අනේ කවදාවත් මාව තනි කරන්න එපා පවන්, මාව මැරෙයි" ඔය තුනෙන් එකක් තමයි කියන්නේ. ඇත්තටම ඒ කෙල්ලගේ කට හඬ ඇහෙනකොට නම් මොකක්ද වෙනව වෙනව වගේ. නිකන් පා වෙනව වගේ දැනෙන්නෙ.:) දවසක් අපේ එකෙක් මලක් කඩ කඩ ඉන්නකොට මම ලඟට ගිහින් "අනේ කවදාවත් මාව තනි කරන්න එපා පවන්, මාව මැරෙයි" කියල කිව්වා. ඒ කෙල්ල හොඳටම බය වෙලා. ඒ කෙල්ල මේ සින්දුව අහල තිබිල නෑ.

පහුගිය දවස් දෙක තුනක්ම ඇහැරුනේ එහා බ්ලොක් එකේ එකෙක් උදේට 'දම්සාරී' කියල ගිරිය යටින් කෑගහන සද්දෙට. වැරදිලාවත් ඒකට ඇහැරුනේ නැත්තන් ඊට පස්සෙ අපේ බ්ලොක් එකෙන් ඇහෙන හූවට නම් අනිවා ඇහැරෙනවා. ඉතින් අර කෑගහපු එකාගෙයි, ඔය සින්දුවේ වීඩියෝ එක හදපු එකාගෙයි දෙමව්පියෝ මතක් කරගෙන තමයි ඇඳෙන් බහින්නේ. සින්දුව නම් ඇත්තටම ලස්සනයි, කියල වැඩක් නෑ.

බිඳ දමා මගෙ සිහිනේ
ඇයිද ඔබ හැංගෙන්නේ
මට  දෙන්න මගෙ සිහිනේ
ළඟ ඉන්න පෙර වාගේ

ඔය ටික නම් බොක්කටම වැදුනා. පද වගේම තනුවත් ගොඩක් ලස්සනයි. හැබැයි වීඩියෝ එකෙන් නම් සින්දුව රස විඳින්න බෑ. ඒකෙ සින්දුව කාල තියෙන්නේ. සින්දුව හරියට අහන්න ඕන නම් ඕඩියෝ එක අහන්න ඕන.

අද කියන්න ආපු දේ කියන්න කලින් තව දෙයක් කියන්නම ඕන. ඒ කලින් පෝස්ට් එක ගැන. ඒකෙ 'කෑල්ල' කියන වචනෙ පාවිච්චි කරපු එක හරි නෑ කියල කීප දෙනෙක්ම කියල තිබුන. ඒ වචනෙන් අපහාසයක් වෙනව කියන අදහස තමයි කියල තිබුනේ. මම බොහොම අවධාරණයෙන් කියන්න ඕන කිසිම විදියකින් අපහාස කිරීමකට නෙමෙයි ඒ වචනෙ පාවිච්චි කලේ කියල. ඕක ඉතින් කොල්ලන්ගේ ශබ්ධකොෂේ වචනයක් නේ. පෙම්වතිය කියන වචනෙට සමාන වචනයක් විදියට ඕක පාවිච්චි කරනව එක ඉතින් කවුරුත් වගේ දන්නව නෙ. එහෙම නැතුව කිසිම අපහාසයක් ඒකෙ නෑ මම හිතන විදියට නම්. මග තොටේ ලස්සන කෙල්ලෙක් දැක්කම 'පට්ට කෑල්ල නෙ' කියල නම් කියනවා. ඒක ඉතින් වෙනම කතාවක්.:) චතුරංග පෙරේරා අයියත් කියල තිබුන පුළුවන් නම් ඒ 'කෑල්ල' කියන වචනෙ එඩිට් කරන්න කියල. චතුරංග අයිය ආවට ගියාට මුකුත් කියන කෙනෙක් නෙමෙයි කියල මම දන්නව. ඊට පස්සෙ තමයි මට මේ ගැන ලියන්නම ඕන කියල හිතුනේ. ඒ ගැන ලියන නිසයි මම ඒක එඩිට් කලේ නැත්තේ. මම ආයෙත් කියන්නේ ඒක කිසිම විදියක අපහාසයක් දනවන වචනයක් නෙමෙයි කියල. කරුණාකරල ඒක වැරදියට තේරුම් ගන්න එපා.

ඔන්න දැන් තමයි මාතෘකාවට එන්නේ. මම චානිකා (අවසාන කොටස) දී අන්තිමට කිව්ව ඊට දවස් දෙකකට කලින් අපේ සෙට් එක නාන්න ගිහින් මහිමයයි, ඒ කතාවේ අනිත් ප්‍රධාන නළුවයි (කනය) ගිලිල මැරෙන්න ගියා කියල. ඒ කතාව තමයි මේ කියන්න හදන්නේ. නාන්න නියම තැනක් තියනවා, හැබැයි කිලෝ මීටර් 3ක් විතර තියනවා කියල මහිමය තමයි අපිව එක්කගෙන ගියේ. හොඳ කිලෝ මීටර් තුන, කිලෝ මීටර් 10යි ගානක් තිබුන. ඒක පොඩි දොළක්. ලස්සන මඩ පාට වතුර ටික. අඩි 15ක් විතර වගේ පළල මට හිතෙන විදියට. මහිමය කිව්ව මැද හරියෙ තැනක් තියනවා ටිකක් ගැඹුරුයි කියල. ඌ කලින් ඇවිත් තියනවා. කට්ටිය ඉතින් ගිහිල්ල නාන ඇඳුම් ඇඳගෙන ඉවුරට වෙලා බලාගෙන ඉන්නවා බහින්න බයේ. මටයි මහිමයටයි විතරයි යාන්තමට හරි පීනගන්න පුළුවන්. පීනන්න කියන්නේ ඉතින් වතුරකට වැටුනොත් කොහොමහරි කරලා යාන්තන් ගොඩට ඒගන්න වගේ පුළුවන්. අපි දෙන්න ඉතින් ඉස්සෙල්ල බැහැල බැලුව ගැඹුරු තැන් තියනවද කියල. හෙමින් හෙමින් ඇවිදල බලල ගැඹුරු නැති හරිය බලාගත්ත. ඊට පස්සෙ තමයි කට්ටිය බැහැල නාන්න ගත්තේ.

දැන් ඉතින් ඔහොම ටික වෙලාවක් අපි නනා හිටිය. එතන ඉවුරේ ඉඳල දොළ පැත්තට නැවුන කොට කෑල්ලක් තියනවා. මම ඕකෙ ටික වෙලාවක් වාඩිවෙලා හිටිය. ඒ අතරේ කනය පොඩ්ඩ පොඩ්ඩ අර ගැඹුරු හරියට ඇවිද ඇවිද එනව. ඌටත් ගැඹුරු කොයි හරියද කියල බලාගන්න ඕන වෙලා. මහිමය වගේ එන්න හැදුව නම් කවුරුහරි පැනල අල්ල ගන්නවා, ඕක පිස්සනේ. ඒත් ඉතින් කනය ගොන් වැඩ කරන්නේ නැති නිසා කවුරුවත් එච්චර ගනන් ගත්තේ නෑ. දැන් මූ හෙමිහිට ඇවිදගෙන මැදට එනව. ඔහොම එනකොට මිනිහ එක පාරටම යට ගියා. දැන් මුගේ ඇස් දෙකෙන් උඩ විතරයි වතුර උඩ තියෙන්නේ. ඒ ටික ඉතින් වතුරෙන් උඩ තිබුන කියල වැඩක් තියන එකක්යැ. දැන් මේකා උඩ එනව යට යනවා, ආයෙත් උඩ එනව ආයෙත් යට යනවා, අපි වටේට වෙලා බලාගෙන ඉන්නවා. දැන් ඉතින් කරගන්න දෙයක් හිතාගන්න බැරුව වටේ ඉන්න උන් ටික කටවල් අරගෙන බලාගෙන ඉන්නවා.

ඔහොම ඉන්නකොට ඩයල් එකක් ජබොස්‌ ගාල පැන්න මැදට. හත් දෙයියනේ මහිමය පැනල තියෙන්නේ. කොස් ඇට දෙකක් උස නැති එකා තමයි අරූව බේරගන්න පැනල තියෙන්නේ. අර කලින් කිව්ව වගේ ඌට යන්තං වතුරකට වැටුනොත් ගොඩ එන්න පුළුවන් උනාට, වෙන එකෙක් බේරාගන්නවා තියා හිතන්නවත් බෑ. කොහොම හරි මහිමය පැන්න ගමන් කනය මහිමයව අල්ලගෙන. අල්ල ගත්ත කිව්වට අහුවෙලා තියෙන්නේ මහිමයාගේ බෙල්ලෙන්. දැන් කනය මර විකාරෙන් අරූගේ බෙල්ල මිරිකනවලු. ගිලෙන්න යන එකෙක් බේරගන්න ගිහින් ඌ තමන්ගේ බෙල්ල මිරිකුවම කොහොම සතුටක් දැනෙන්න ඇද්ද? දැන් මට තේරෙනවා මහිමයට වැඩේ ගොඩ දාගන්න බෑ කියල. දෙන්න මැදට වෙලා දඟලනවා විතරයි. ඔය වෙලාවේ තමයි මම ට්‍රැක් එකට ආවෙ. එච්චර වෙලා නිකන් විකාරෙන් වගේ බලාගෙන හිටියේ. ට්‍රැක් එකට ආව කියල ඉතින් මටත් අරූවත් අරගෙන පීනන්න බෑ නෙ. මම ටක් ගාල වතුරට පැනල අරූ ලඟට ගිහින් ඌව අදින්න හැදුව. ඌව අදින්න බෑ ඌ පිස්සුවෙන් වගේ දඟලනවා. ඒ පාර මම තව ටිකක් ලඟට ගිහින් පුළුවන් තරම් හයිය දාල අරූව ගොඩ පැත්තට තල්ලු කළා. ඕනෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් තියනවලු නෙ. ඌව ගොඩ පැත්තට තල්ලු කරනකොට මම මැදට තල්ලු වුනා. දැන් මට තේරෙනවා මාත් ගිලෙන හරියේ ඉන්නෙ කියල. ඒ පාර දඟලල මම එහා ඉවුර පැත්තට ගියා. ගිහින් හැරිල බලනකොට කනය ආයෙත් මැද ගිලෙන හරියේ ඉන්නෙ. මට මළ ඉතින්. මම අච්චර මහන්සි වෙලා වැඩක් වුනේ නෑ නෙ. 

ඔන්න ඔය වෙලාවේ තමයි අපේ සෙට් එකේ ඉන්න උසම එකා ක්‍රියාත්මක වුනේ. අර අවාසනාවට ලැජ්ජ හිතෙන ඇත්ත කතාවක් එකේ කොල්ල, අන්න ඌ තමයි මේ කියන්නේ. ඌ ගොඩක්ම උස නිසා අපිට වැඩිය ගොඩක් දුරට මැදට යන්න පුළුවන් ඌට. ඌ කනයගේ ළඟටම වගේ ගිහින් කනයව උස්සගෙනම ආව. උස්සගෙන ඇවිත් ගිලෙන්නේ නැති හරියෙන් ගෙනල්ල තිබ්බ. අම්මෝ ඇති යන්තං! හෑහ් කෝ එතකොට දැන් මහිමය. අනිත් එකෙක්ට වත් ඌව මීටර් නෑ. මට මොකක්ද කරුමෙකට ඌව මතක් වුනා. හැරිල බලනකොට මෑන්ස් නෑ, අත් දෙකක් විතරක් පේනවා. ඔන්න ඊට පස්සෙ ඔලුව පොඩ්ඩක් උඩ මතු වෙනවා, ඊට පස්සෙ ආයෙත් අත් දෙක විතරයි. කනයව බේරගන්න පොර වගේ පැන්නට කොස් ඇට දෙකක් වත් උස නැති නිසා මහිමය හොඳටම ගිලෙන්න එතන වතුර තියනවා. ඌට අර කලින් කිව්ව වගේ වතුරකට වැටුනොත් ගොඩට යන්තං පීන ගන්න පුළුවන්. ඒත් කලබල වෙලා නිසා මුකුත් කරගන්න බෑ. අනිත් එක අරූ පැන්න ගමන් මහිමයගේ බෙල්ල මිරිකුවලුනේ. ඉතින් ඌ විකාර වෙන්න ඇති. ඒ පාර මම ආයෙත් මැද හරියට කිට්ටු කරලා මහිමයගේ අත අල්ලගන්න හැදුව. කලබලේ වැඩි කමට දැන් අත අහුවෙන්නෙත් නෑ. කොහොම හරි දඟලල යන්තං අත අල්ල ගත්ත. ඊට පස්සෙ ශේප් එකේ ඉවුර පැත්තට ඇදගෙන ආව. 

කොහොමහරි ඉතින් ඔය විදියට ජීවිත හානි නැතුව වැඩේ ශේප් කරගත්ත. සෑහෙන වෙලාවක් යනකල් මගෙ කකුල් දෙක වෙව්ලන එක නැවතුනේ නෑ. ඔක්කොම ඇතිවෙන්නම බය වුනා එදානම්. විනාඩි දෙකක් විතර යනකල් එකෙක්ට වත් කතා කරගන්න බැරි වුනා. හැබැයි එතන එකෙක් හරි ගිලිලා මරුන නම් ඌට ආයෙත් ජීවිතේට සමාජෙට මූන දෙන්න වෙන්නෙ නෑ. ඇයි දෙයියනේ අර චූටි දොලේ ගිලිලා මැරුණ කියන්නෙ මොන ලජ්ජාවක්ද? එතන බෙහොම පොඩි තැනක විතරයි ගිලෙන්න තරම් ගැඹුර තියෙන්නේ. අර වෙලාවේ කනයට තව අඩි දෙකක් ඉස්සරහට ආව නම් කිසි අවුලක් නෑ. කලබල වුනාම ඉතින් ඕව මතක් වෙන්නේ නෑ නෙ. හැබැයි මහිමය නම් හොඳට ගිලෙන්න වතුර තියනව එතන. තව චුට්ටෙන් කනය බේර ගන්න ගිහින් මහිමයට ෂොට් එක හම්බවෙනව. ඌ ඉතින් ඒ මොනවත් හිතුවෙ නෑ, දඩස් ගාල පැන්න අරූව බේරගන්න.  ඔන්න ඔහොමයි ඉතින් සිද්ධිය වුනේ. කොහොමහරි තාමත් කනයව බයිට් කරනව 'ගිලෙන්න ගිය එකා' කියල.


24 comments:

  1. කසුන් , මේ ගීතය ගැන මේ දවස්වල මේ පැත්තෙත් කථා වෙනවා .
    …දැන් තමයි අහන්නේ ඔයාගෙන් .... ස්තුතියි ...හරි ලස්සනයි ...

    …කොහොම හරි ගිලෙන්න ගිහින් බේරිලා ආවනේ නේද ..මීට පස්සේ පරිස්සමින් හොඳේ .....

    ReplyDelete
  2. //හැබැයි එතන එකෙක් හරි ගිලිලා මරුන නම් ඌට ආයෙත් ජීවිතේට සමාජෙට මූන දෙන්න වෙන්නෙ නෑ. ඇයි දෙයියනේ අර චූටි දොලේ ගිලිලා මැරුණ කියන්නෙ මොන ලජ්ජාවක්ද?//

    මූන දෙන්න වෙන්නෙ අවතාර සමාජයටද?

    ReplyDelete
  3. නිසූපා වැඩේ කාලෙනේ මාත් ඒ කෑල්ල කොපි කරගෙන එනකොට මෙයා ඒ ටික දාලා.

    ඇත්තට කසුන් මැරිච්ච එකා ආයෙමත් සමාජෙට මුහුණ දෙන්නේ කොහොමද බං?

    ReplyDelete
  4. ඔය වීඩියෝ එක නම් .......................

    කසුන්ගෙ කතන්දරේ නම් සිරා!

    ReplyDelete
  5. apoi apoi, bolala naanawa kiyala antimata naawe natiwa ati neda? :D :D :D

    ReplyDelete
  6. සින්දුවේ ඕඩියෝ එක අහලා රස වින්ඳ කෙනෙකුටනම් වීඩියෝ එක දැක්කම සින්දුවම එපා වෙනවා...

    මොනවා උනත් මේ සින්දුවේ පද ටික නම් ලස්සනයි

    ReplyDelete
  7. සින්දුවේ තියෙන ගතිය වීඩියෝ එක හින්ද නැතුව යනවා වගේ...

    ඔය වගේ තැන් වලට යද්දි පරිස්සමින් යකෝ...

    ReplyDelete
  8. මටත් පීනන්න බැරි නිසා වතුරට නම් බයයි.. ශවර් එකෙන් නාන්නෙත් බොහොම පරිස්සමෙන් තමයි!

    ReplyDelete
  9. වීඩියෝ එක ගැන නම මටත් තියෙන්නේ ඔය ප්‍රශ්ණේම තමයි.. ඒ ළමයා නම ලස්සනයි තමයි.. ඒත් අර දෙබස් ටික නොතිබුනානම් හොදයි..

    ලැජ්ජාව කෙසේ වෙතත් හොද කතා ටිකක් අහගන්න තිනුනා එකෙක් හරි ගිලුනනම්..

    ReplyDelete
  10. සිංදුව පලවෙනි වතාවට ඇහුවෙ, කසුන් කිව්ව වගේම වීඩියෝ එක නං එච්චර ගතියක් නැහැ.
    වතුරෙන් හරියට හදිසි අනතුරු සිද්ධ වෙනව, එක හේතුවක් තමා අපේ රට වටේම මුහුද තිබුනත් හුඟක් අයට පීනන්න බැරි කම.

    ReplyDelete
  11. // චතුරංග පෙරේරා අයියත් කියල තිබුන පුළුවන් නම් ඒ 'කෑල්ල' කියන වචනෙ එඩිට් කරන්න කියල. චතුරංග අයිය ආවට ගියාට මුකුත් කියන කෙනෙක් නෙමෙයි කියල මම දන්නව. ඊට පස්සෙ තමයි මට මේ ගැන ලියන්නම ඕන කියල හිතුනේ.//

    හුටා !!!!

    මටත් පීනන්න නම් බෑ. ඒත් ඉතින් මුහුදු වෙරළක වගේ නම්, ප්‍රවාහනය පුද්ගලික වාහනයක නම් මාව නම්, බීච් එකෙන් නම්, පැය දෙක තුනකට නම්... ගැලවිලි බොරු...!!!

    මගෙත් දන්නා හඳුනන ලඟපාත යාලුවෝ දෙතුන් දෙනෙක් දිය රකුසා අරන් ගියා. කොල්ලෝ කාලේ ෆන් ගන්න ඕනේ තමයි. හැබැයි සේෆ්ටි ෆස්ට්...!!!

    ReplyDelete
  12. සින්දුව නම් මම අහල නෑ කසුන්. ඒක නෙවෙයි අර කෑල්ල කියන වචනෙ තමන්ගෙ පෙම්වතියට හරි නෑ කියලා මටත් හිතෙනවා. අනික ඔය විවාහක ජෝඩු තමුසෙ කියලා එකිනෙකාට කතාකරගන්න එකත් එච්චරම ගතියක් නෑ.
    එතකොට යකෝ ඔය නොදන්න තැන්වල නාන්න යන්නෙ බලාගෙන. පීනන්න බැරි එකා වතුරට බය නිසා ගොඩට වෙලා ඉන්නවා. පොඩ්ඩක් පීනන්න පුලුවන් එවුන් තමයි වැඩියෙන්ම ගිලිලා මැරෙන්නෙ. කියෙව්වද මගෙ Hey Dude එකේ Narrow Escapes 2? ඒ බොරු නෙවෙයි ඇත්ත.

    ReplyDelete
  13. ඒක හරි ඔය වගේ තැනක ගිලිලා මැරුණා කිව්වොත් අනිත් අය විශ්වාස කරන එකකුත් නැහැ :)

    ReplyDelete
  14. මටත් පීනන්න බෑ... ඒ හින්ද මම නම් නාන්න යද්දි බොහොම පරිස්සම්...

    ReplyDelete
  15. මොනව වුනත් මහීමට කොස් ඇට දෙකක් උස නෑ කිව්ව ඒක වැරදි නේද කසුන්... මොනවා වුනත් ගිලෙන්න හරි යාලු මාළුවව බේර ගන්න පැන්න හාදයනේ..හි හි..

    මිට පස්සෙ ටිකක් පරිස්සමින් ඕන්...

    සිංන්දුව ගැන කිව්වොත් ගොඩක් ආසයි...

    ReplyDelete
  16. @Gimhani
    ඔව් අක්ක, පහුගිය ටිකේම ඔය සින්දුව ගැන තමයි ගොඩක් තැන් වල කතා වුනේ.

    යන්තන් බේරිලා නම් ආව. :)

    @නිසුපා
    "මූන දෙන්න වෙන්නෙ අවතාර සමාජයටද?"

    :D

    @prasanna86k
    "ඇත්තට කසුන් මැරිච්ච එකා ආයෙමත් සමාජෙට මුහුණ දෙන්නේ කොහොමද බං?"

    ඉතින් ඒක තමයි මුහුණ දෙන්න බෑ කිව්වේ. :D

    @විසිතුරු
    වීඩියෝ එක නිසා සින්දුව චා වෙලා නේද සහෝ?

    @Madhawa Habarakada
    නෑ නෑ එහෙම අතෑරියේ නෑ. නොන්ඩියටත් එක්ක තව ටිකක් නාල ආවෙ.

    ReplyDelete
  17. @දිල්
    ඔව් අක්කේ, සින්දුව කාල තියෙන්නේ. පද නම් ගොඩක් ලස්සනයි තමයි.

    @තාරක Dilsh@n
    මම නම් පරෙස්සම්. කනය නෙ පිස්සුවක් කෙලියේ. ඌට මොකක් හරි වුනා නම් අපිටත් එකටම පැනල මැරෙන්න වෙන්නේ.

    @Weni
    අම්මෝ ඔව්, ෂවර් එකෙන් නාන එක ගොඩක්ම භයානකයි.:D

    @Dinesh
    ඔව් අයියේ, ඒක සින්දුවක් නෙමෙයි කතාවක් වගේ.

    එහෙම වුනානම් කතා අහන්න ඉන්නේ නෑ. අපිත් එතනටම පැනල මැරෙනවා.:)

    @Observer
    ඔබා මාම මේ පැත්තට ආවෙත් පළවෙනි වතාවට. ඇත්තට පීනන්න නම් ඉස්කෝල වල හරි පුරුදු කරන්න පුළුවන් නම් හොඳයි ඔබා මාමේ.

    ReplyDelete
  18. @චතුරංග පෙරේරා
    මම නම් මොන වතුරකට බැස්සත් එහෙමයි. ලේසියෙන් ගන්න වෙන්නේ නෑ.

    ඒක ඇත්ත, සේෆ්ටි ෆස්ට්!

    @Dude
    අපෝ ඒ තමුසේ කියන එක නම් පට්ට චා.

    "පීනන්න බැරි එකා වතුරට බය නිසා ගොඩට වෙලා ඉන්නවා. පොඩ්ඩක් පීනන්න පුලුවන් එවුන් තමයි වැඩියෙන්ම ගිලිලා මැරෙන්නෙ."

    එහෙම සීන් එකක් නම් තියනවා. මම ඒ පෝස්ට් එක නම් කියවල නෑ අයියේ. මම කියවල බලන්නම්කෝ. පහුගිය දවස් ටිකේ වෙලාවක් තිබුනෙම නෑ.

    @සයුරි
    ඔව්, ඊට පස්සේ අපිව තමයි බෙල්ල මුලින් අහුවෙන්නේ.

    @පිස්සා පලාමල්ල
    මට යන්තන් පීන ගන්න නම් පුළුවන්. ඒත් මාත් මාරම බයයි.

    @අසනි
    "මොනව වුනත් මහීමට කොස් ඇට දෙකක් උස නෑ කිව්ව ඒක වැරදි නේද කසුන්"

    ඔව්, ඇත්තටම ඌ ඊටත් වඩා චුට්ටක් මිටියි.:D අපොයි ඔව් මීට පස්සේ නම් ඔහොම දන්නේ නැති තැන් වලට යන්නේ නෑ.

    ReplyDelete
  19. පල පල
    තෝ අහුවෙයන් කෝ
    ඇයි මොකද දන්නේ නැ මම කොටවුනේ
    තොගේ වැඩවලට දුවල නේ

    ReplyDelete
  20. @මහිම
    උඹට දැන්ද ඕක කියන්න මතක් වුනේ?

    ReplyDelete
  21. මහිමයා මහ පිස්සු යකෙක් නේ !!
    බැරිවෙලාවක වත් ගිලුනොත් එහෙම....

    අර දම්සාරී කියලා කෑගහන එක නම් පට්ටය !!!

    ReplyDelete
  22. kiyala weddak naaaaaa maara shokkkkkk

    ReplyDelete
  23. @පාර කියන තාරකාවි
    හෑහ්... ගිලෙන්න ගිය එකද හොඳයි කිව්වේ?

    ReplyDelete
  24. ගිලෙන්න ගිය එක තමයි හිහි

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.