twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Tuesday, October 25, 2011

රෙදි ගැලවෙන්නම ගිය අවස්ථාවක්

අනේ බලන්නකෝ මට වෙච්ච වැඩේ. ලැපීගෙ අවුලක් ගිහින් ඊයෙ හදන්න අරගෙන ගියා. ඒක හදන්න තියල යන්න කිව්වා. සති දෙකක් විතර යනවලු හදල දෙන්න. :( අයියෝ දැන් හුස්ම වැටෙන්නෙත් නෑ වගේ. ඇත්තටම හිතට මාරම අවුල්. අපි ජීවිතේ ඇති කරගන්න බැඳීම් නිසා කොයිතරම් නම් දුක් වෙනවද? වැඩිපුරම මිනිස්සු එක්ක ඇති කරගන්න බැඳීම් නිසා අපි දුක් විඳිනවා. ඒ ඇරුනම ඔය වගේ භෞතික දේවල් වලට ඇතිවෙන බැඳීම් නිසාත් අපි දුක් විඳිනවා. හලේ මට නම් මේ සේරම එපා වෙලා තියෙන්නේ. දන් ඉතින් මේ ජීමේල් එකේ, ෆෝන් එකෙන් ටික ටික ටයිප් කරල තමයි මේක ලියන්නේ. (Real Time Unicode Converter එකට හරි යන විදියට  ෆෝන් එකෙන් ඉංග්‍රීසි අකුරු වලින් ටයිප් කරලා සේව් කරගෙන පස්සේ කම්පියුටර් එකෙන් convert කරගන්නවා.) කොහොමද මගේ කැපවීම.:)

ට්‍රේනින් කාලේ වෙච්ච තවත් සිද්ධියක් ලියන්න කියල මේ ලේස්ති වුනේ. කලිනුත් එකක් ලිව්වනේ, ඒක බලන්න මෙතනින් යන්න. මේක නම් ඉතින් චාටර්ම සීන් එකක්. කලින් එක ලිව්වට පස්සේ මට මේකත් ලියන්න ඕන කියල හිතුන. ඒත් පස්සෙ නිකන් නොන්ඩියි වගේ කියල නිකන් හිටිය. කමක් නෑ, ඕන වෙඩිමක්‌ කියල ඔන්න ඔහේ ලියල දානවා. කවුරු හරි මේකෙන් ආදර්ශයක් වත් ගත්තොත් ඒ මදෑ.:)

ඔන්න ඉතින් මායි අනිත් කෙල්ලයි වෙනද වගේ වැඩ කර කර (හෝ කයියක් ගහගෙන) ඉන්නවා. එතකොට අපේ ඉමීඩියට් බොස් අපි ලඟට ආව. අපේ ඉමීඩියට් බොස් විදියට හිටියේ පේර සිවිල් ඉන්ජිනියර් මිස් කෙනෙක්. ඇවිත් ඇහුව, "මම පෙන් එක ගෙනල්ල නෑ, ඔයාල ළඟ පෙන් එකක් තියනවද?" කියල. අනිත් කෙල්ල පෙන් එකක්‌ ගේන්නේ නෑ. මම නම් පුරුද්දට වගේ පෙන් එක බෑග් එකේ දාගෙන ඉන්නේ. මම පෙන් එකක් තියනවා කියල බෑග් එක ඇරිය පෙන් එක ගන්න. ඒක ඇතුලේ මගේ පෙන් එකයි, තාත්තට ඉස්සර ඔෆිස් එකෙන් ලැබුන පෙන් එකයි (128MB :D) දෙකම තියනවා. ඔන්න එතකොට තමයි මට ඇඟ සීතල වෙලා යන දෙයක් මතක් වුනේ. ඔය දෙකෙන් එකක වැඩිහිටියන්ට සුදුසු නැති වීඩියෝ දෙක තුනක් තිබුන.:( මට දැන් ඉතින් මතක නෑ ඔය දෙකෙන් මොකේද ඒ ටික තියෙන්නේ කියල. දැන් මිස් බලාගෙන ඉන්නවා පෙන් එක දෙනකල්. මට පෙන් දෙකම පේනවා, ඒත් මම බොරුවට හොයනවා වගේ බෑග් එක පෙරල පෙරල මතක් කරනවා මොකේද තියෙන්නේ කියල. 

කොහොම හරි යන්තන් දඟලල දඟලල මතක් කරගත්ත මොකේද තියෙන්නේ කියල. ඊට පස්සේ අනිත් පෙන් එක මිස්ට දුන්න. මිස් ඒක පියන් අයියට දුන්න වෙන සෙක්ෂන් එකකින් මොනවද දාගෙන එන්න කියල. මම ඉතින් සැනසුම් සුසුමක් හෙලලා බෑග් එක පැත්තකින් තිබ්බ. එතකොට මට මතක් වෙච්ච දෙයින් ආයෙත් පාරක් සර්වාංගයම සීතල වෙලා හීන් දාඩියත් දාන්න පටන් ගත්ත. විනාසයි! මට එතකොට තමයි හරියට මතක් වුනේ, මම මිස්ට දීපු පෙන් එකේ තමයි ඒ ටික තිබුනේ. දැන් මොනවා කරන්නද? පියන් අයියත් ගිහින්, මොන සෙක්ෂන් එකටද ගියේ කියල දන්නෙත් නෑ. දැන් ඉතින් මුළු ඇඟම වෙව්ලන්න අරගෙන ඉහෙන් කනෙන් දාඩිය දානවා. අරකිටත් තේරිලා මොකක් හරි අවුලක් කියල, ඒකි මගෙන් ඇහුව මොකද කියල. මම සීන් එක ලාවට කිව්වා. ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ ඒකිත් මට බනිනවා ඔය විකාර මොකටද ඔෆිස් අරගෙන ආවේ කියල.    

දැන් ඉතින් දාඩිය දාලම මම විජලනය වෙලා. තොල කට වේලිලා, පපුව හිටු කියල ගැහෙනවා, කකුල් ඇත පය තරඟෙට වෙව්ලනවා, ලේ ටික වතර වෙලා, එක විකාරයයි එතන. අරකිත් බය වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා. ඒ භයානක අවස්ථාව උදා වුනා. රා කල සොළසක් බීල මත් වෙච්ච නාලාගිරි ඇතා වගේ පියන් අයිය දොර ඇරගෙන එනවා. දකුණු අතේ පෙන් එකත් තියනවා මට පේනවා. මට කරන්න කිසිම දෙයක් ඔලුවට ආවේ නෑ ඒ වෙලාවේ. හෙට ඉඳල ට්‍රේනින් එන්න වෙන්නේ නෑ කියල හිත හදාගෙන මම බලාගෙන හිටිය. අපේ මිස් නම් හරි හොඳයි. ඒත් ඉතින් දැන් කොහොමද ආයෙත් ඒ මනුස්සයගේ මූන බලන්නේ. අනිත් එක මිස්ගේ පිටිපස්සේ ඉන්න අය‍ට මිස්ගේ මොනිටර් එක හොඳට පේනවා. ෆෝල්ඩර් වීව් එක thumbnail විදියට තිබුනොත් ඒ අයටත් පේනවා. මරණයට මූන දෙනවා මිස වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ. මිස්ගේ අතට පෙන් එක ලැබුනා..... මිස් ඒක මැෂින් එකටත් ගැහුවා..... මරන්න ගෙනියපු හරකෙක් වෙලාව එනකල් බලන් ඉන්නවා වගේ මම බලන් ඉන්නවා. තවත් දාන්න දාඩියක් ඉතුරු වෙලා තිබුනේ නෑ. 

මිස් පෙන් එක ගහල ඕපන් වෙනකල් බලන් ඉන්නවා. මිස් එක පාරටම ඇස් දෙක චූටි කරගත්ත. ඊට පස්සේ පාත් වෙලා පෙන් එක එහාට මෙහාට හෙලෙව්වා. පෙන් එක අරගෙන නෑ වගේ. ඒ වෙලාවේ නම් මගේ ඇඩ්‍රිනලින් හෝමෝන ක්‍රියාත්මක වුනා. මම දඩස් ගාල මිස් ලඟට ගියා. 

"පෙන් එක අරගෙන නැද්ද මිස්?"

" නෑ නෙ, මේකෙ සමහර වෙලාවට පෙන් ගන්නේ නෑ."

"දෙන්න මිස් මම අර මැෂින් එකෙන් බලන්නම්."

"ආහ් එහෙනම් එකෙන් අරන් නෙට්වර්ක් එකට දාන්නකෝ."

"හරි මිස්" 

අම්මෝ..........! ඔන්න ඉතින් ඊට පස්සේ තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. මට ඊට පස්සේ තේරුණා මම තාමත් ජීවත් වෙනවා කියල. ඊට කලින් සිද්ධි ටික නිකන් හරියට හීනයක්‌ වගේ. මොකක්දෝ පූරුවේ පිනකට තමයි මිස්ගේ මැෂින් එකේ පෙන් එක ඕපන් වුනේ නැත්තේ. ගිය ආත්මේ මම කවුරුහරි  අඳින්න ඇඳුමක් නැති කෙනෙක්ට ඇඳුමක් දෙන්න ඇති. ඒක නිසා වෙන්න ඇති රෙදි ගලවෙන්නම ගිය වෙලාවක ඔහොම බේරුනේ.:D (මම අදටත් කල්පනා කරනවා ඒ බේරුන බේරිල්ල ගැන.) ඊට පස්සේ මම පෙන් එක මිස්ගේ අනිත් පැත්තේ තිබුන මැෂින් එකට ගැහුවා. හලේ මේ තියෙන්නේ මම කියපු ටික බැබලි බැබලි. ඉස්සෙල්ලාම කලේ ඒ ටික ඩිලීට් කරපු එක. ඊට පස්සේ ඕන ෆයිල් ටික නෙට්වර්ක් එකට දාල මිස්ට කියල, මම ගිහින් වාඩි වුනා. තාමත් ඇඟට පන නෑ වගේ. අරකි හිනා වෙවී මගේ දිහා බලාගෙන ඉන්නවා. වෙච්ච සේරම බලාගෙන ඉඳල. 

"අනේ කසුන් ඔයත් කරගන්න වැඩ!" 

මම පොඩි හිනාවක්‌ දාල ශේප් වුනා. ඒ ඔක්කොම ඉවර වුනාට පස්සේ මම දැක්කේ අපේ පරිපාලන නිලධාරී මිස් නිකන් අමුතු විදියට මගේ දිහා බලාගෙන ඉන්නවා. මගේ අමුතු හැසිරීම නිසා මුකුත් තේරුනාද දන්නේ නෑ. එහෙම වුනත් ඉතින් දැන් කරන්න දෙයක් නෑ නෙ. මම මුකුත් වුනේ නෑ වගේ හිටිය. 

අවවාදය: රාජකාරි වැඩ සඳහා භාවිතා කරන පෙන් එකේ තමාගේ රහසිගත පුද්ගලික දේවල් හෝ වැඩිහිටියන්ට සුදුසු නැති දේවල් තබා නොගත යුතුය. 

.....................................................................................................................................................................
ප.ලි. මේක ලියන්න අරන් දවස් 4ක් විතර වෙනවා.ෆෝන් එකෙන් ලියපු නිසා ගොඩක් වෙලා යනවා ලියන්න. අද කම්පියුටර් එකක් හම්බ වුනා. දැන් තමයි ඉවර කරගත්තේ.
  

25 comments:

  1. බාන්නේ නැතුව ඔන් -ලයින් බලාපියව් ..හෝ බානවා නම් නම් සිප් කොරල කී එකක් දාල තියගනින් කියල අපේ අය්යා කෙනෙක් මට උපදේස් දුන්නේ 9 වසරෙදි

    ReplyDelete
  2. matath ohoma deyak una ban... mage pen eka girl kenekge pen ekakata maaru una... oya kiuwa deewal hema ekakma mage pen eketh tibuna.... monawa karannada... e kella pahuwenida bima balagena awith mata pen eka deela eyage pen eka aragena giya... mamawath eyawath munata muna balanne natuwa tamai kata kare... FUL ma CHAAATER una eda nam.....
    (hathurekutawath wenda epa me wage wipathak !!!)

    ReplyDelete
  3. අනේ කසුන් ඔයත් කරගන්න වැඩ. ඔය කොම්පියුටරේ නැතුව කන කට්ට මමත් මේ දවස් වල අත් විඳිනවා. මගෙ ලැප්ටොප් එක මාර්තු මාසෙ හොරකම් කලා. පැය කීපයකින් හොයාගත්තා. ඊට පස්සෙ ගියමාසෙ ඉඳන් බ්ලූ ස්ක්‍රීන් ඇවිත් දැන් මොකුත් කරගන්න බෑ. බ්ලොග් ලියන්නෙත් පබ්ලික් කොම්පියුටර් වල. අනිත් උන් බලා ඉඳිද්දි.
    ඒ මදිවට ෆෝන් එකත් වැඩ කරන්නෙ නෑ දවස් දෙකක ඉඳන්. ඔක්කොම කොන්ටැක්ට්ස් සේව් කරල තිබ්බෙ ෆෝන් මෙමරියෙ. නියමයිනෙ. දැ. රාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙ මෝටරෝලා එකක් පාවිච්චි කරන්නෙ.

    ReplyDelete
  4. මිස් තරුණද බන්.... ?

    නෑ මේ නිකන් ඇහුවෙ... අර කිව්ව වගේ දැන් නම් ඔන්ලයින් බලපන්.. අපොයි ඔව්ව බලන්න ඉස්සර වින්ද දුකක්... පෙන් නෙමෙයි සීඩි තැටි උස්සගෙන... අයියෝ...

    මෙ තියෙන්නේ ඒ කට්ට...

    ගන ( aka වැල ) ගැන අපේ අතීත කතා

    ReplyDelete
  5. පියන් පෙන් එක ගහපු තැන උන් දකින්න නැතුව ඇති මගේ හිතේ...

    තනි පාවිච්චියට තියාගන්නෙ නැත්තන් පෙන්වල විතරක් නෙමෙයි යකෝ කම්පියුටරේකවත් ඕව තියාගන්න එපා... මගේ එව්වට නම් කිසි කෙනෙකුට අත තියන්න දෙන්නෙ නෑ...

    ReplyDelete
  6. @පිස්සා පලාමල්ල
    මිස් තරුණ වුනත් වයස වුනත් ඕකා ගව තියන ඒවා බැලුවොත් මුව එලවන එක එලවනවමයි
    යකෝ මූ බලන ඒවා කොල්ලෙකුටවත් බලන්න අමාරුයි

    ReplyDelete
  7. හික්ස් මරු ආදර්ශමත් කතාවක් මලේ ..ඒත් මේ වගේ දෙයක් මටත් වෙලා තියෙනව මගේ පෙන් එක ගෙනාපු නැති දවසක ඔෆිස් එකේ වෙන එකෙක්ගේ පෙන් එකක් බොසාට දීලා අම්මෝ ඒකා මාව නොමැරුව විතරයි . කව්ද අනෙ දන්නෙ ඕවා ..

    ReplyDelete
  8. හෆ්ෆා... ඔයින් ගියා මදැයි...

    ReplyDelete
  9. පූරුවේ වාසනාවක් තිබිලා තියෙනවා ඒ වෙලාවේ... නැත්නම් ඉතින්..
    කිව්වත් වගේ ඔන්ලයින් බැලුවනම් ඔය කිසි අවුලක් නෑනේ..

    ReplyDelete
  10. එතකොට බං ෆයිල් ටික පෙන් එකට දාපු කෙනා ඕවා දකින්න නැතුව ඇතිද?

    ReplyDelete
  11. අනේ අනේ මල්ලිටත් මාරම වැඩනෙ වෙලා තියෙන්නෙ.ඕකනෙ කියන්නෙ පස්ස්සම් වෙන්න කියලා..

    ReplyDelete
  12. සැහ් වලා :D :D :D :D එල ඈ!

    ReplyDelete
  13. මහිමයා... එහෙමත් සීන් එකක්ද... සන්දුක්කාරේ.... පරිස්සමින් එහෙනම් උබ ඔන්න නීති තවත් තද කරලලු....

    ReplyDelete
  14. මගේ පෙන් එකත් අපේ බොසා ඉල්ල ගෙන ඒකේ තිබ්බ මෙගා බයිට් 120ක් විතර ලොකු වර්ඩ් ෆයිල් එකක් ඕපන් කරන්න හෙන ගේමක් දෙන විදිය දකිද්දී මටත් සුළු දිය පහනොවුන එක විතරයි...

    ReplyDelete
  15. මම නම් පෙන් එකේ ඔවුවා තියාගන්නේ සිප් ෆයිල් එකක් කරලා ඒකට පාස්වර්ඩ් එකක් දානවා. එතකොට කොහොමද උන් ඒක ඕපන් කරන්නේ !!!! බෑනේ.
    කට්ටියම කියන්නා වගේ ඔන්ලයින් බැලුවනම් ඉවරයි.

    ඔවුවා බලන්නේ නෑ කියලා සුද්ධවන්තයෙක් වෙන්නේ මොකෑ.

    ReplyDelete
  16. මල මඟුලයි ඔයින් ගියා මදෑ, ඕක දැකලා මිස් ලෙක්චර් එක නවත්තලා ඕක ගැන ලෙක්චර් එකක් දෙන්න ගත්තනං හොදි ඕන්නෑ .......

    ReplyDelete
  17. @බුවාගේ සිතුවිලි
    සිප් කරලා පාස්වර්ඩ් දැම්මම හරි කරදරයි නේ. සිප් ෆයිල් ඕපන් කර කර ඉන්න ගියාම එපා වෙනවා.:)

    @saumiya
    අපෙත් දෙන්නෙකුට විතර ඔහොම වෙලා තිබුන. පෙන් එකේ මොනවා තියනවද කියල අයිතිකාරයවත් දන්නේ නෑ. එහෙම අමතක වෙලා අපේ දෙන්නෙක් ඒවත් එක්ක කෙල්ලන්ට පෙන් දීල තිබුන. එක බැච් එකේ නිසා ඒක එච්චර ගානක් නෑ ඉතින්.

    @Dude
    ඔව් අයියේ, කම්පියුටර් එක, ෆෝන් එක වගේ දේවල් වලට අපි තදින්ම හුරු වෙලා. ඒවා නැති වුනාම විකාරයි.

    @පිස්සා පලාමල්ල
    මිස් නම් තරුණයි, බැඳලත් නෑ, ලස්සනයි..... ඇයි මොකෝ?

    අපෙත් ආරම්භය නම් සීඩී තමයි සහෝ. හැබැයි ප්ලේයර් වල නම් බැලුවේ නෑ. මම ඕකට මුලකුරු කිව්වේ අපේ ගෙදර නැවතිලා හිටපු අයියගේ කම්පියුටර් එකෙන්. මාත් අහුවෙලා නම් නෑ, හැබැයි ඉතින් ගෙදර අය දන්නවා මම හිතන්නේ.:)

    @සාතන්
    ආහ් ඒක කියන්න අමතක වුනා නේ. අනිවා ඉතින් දකින්න ඇති. හැබැයි ලෙඩක් වැටුනේ නම් නෑ. කොහොමද හොයාගෙන ආව නම් අපේ සෙක්ෂන් එකට?

    @Chathuranga Perera
    අනේ ඉතින් මම පව් නැද්ද?

    ReplyDelete
  18. @මහිම
    අනේ පලයන් යන්න. තෝ ඉතින් බලන් ඉන්නේ මට මොකක් හරි කතාවක් හදන්නනේ.

    @Gimhani
    හෆොයි!!!! කෙල්ලෙක්ට ඔහොම සීන් එකක් වුනාම තවත් චාටර් නෙ.අක්ක ඉතින් මොනවා කියලද බේරුනේ?

    @Weni
    ඒකනේ, කන ගාවින් ගියේ....:)

    @Dinesh
    වාසනාවක් කියන්නේ එසේ මෙසේ එකක් නෙමෙයි, මහ විසාල එකක්.:) ඔන්ලයින් බැලුවට මදිනේ ඉතින්...:(

    @පූසා
    දකින්න නම් ඇති සහෝ. පෙන් එක කාගේද කියල දන්නේ නැති නිසා අවුලක් නෑ.

    @නිසුපා
    කවුද අක්කේ හිතන්නේ මිස් එක කවදාවත් නැතුව පෙන් එක ඉල්ලයි කියල? ඊට පස්සේ නම් ගොඩක් පරෙස්සම් වුනා.

    ReplyDelete
  19. @මලියා
    අනේ වලා කියන්න එපා ඉතින්.....:(

    @පිස්සා පලාමල්ල
    දැන් එතකොට සහෝ මහිමය කියන ඒවා පිළිගත්තද....? ඕක කියන ඒවා අහන්න එපා.

    @Prasanna
    'මෙගා බයිට් 120ක් විතර ලොකු වර්ඩ් ෆයිල් එකක්'? අම්මෝ මොනවද දෙයියනේ එච්චර තිබුනේ?

    @මධුරංග
    සිප් ෆයිල් කරදරයි බං, ඔන්ලයින් බැලුවට මදිනේ ඉතින්...:)

    මම කලින් දාන්න හිතල නොදා හිටියෙත් ඒකයි. බොරුවට සුදන වෙන්නේ මොකටද කියල පස්සේ දැම්ම.

    @පන්සල් හංදිය
    හලේ අයිය හරියට කියවලා නෑ නෙ.:( මේක කැම්පස් එකේ වුන දෙයක් නෙමෙයි, ට්‍රේනින් ප්ලේස් එකේ වුන සීන් එකක්.

    ReplyDelete
  20. @Kasun,
    හරි හරි මලයා මට ටිකක් ටැපලිලා, මට දැනුයි තේරුනේ, කොහොම උනත් අඤ්ඤකොරොස් වීඩියෝ පෙන් එකේ දාගෙන ඔෆීස් ගෙනියන එක එච්චර සුබදායි නැහැ ......

    ReplyDelete
  21. @පන්සල් හංදිය
    අපෝ ඔව් අයියෙ, ඊට පස්සෙ සෑහෙන පරෙස්සමින් තමයි පෙන් එක පාවිච්චි කලේ.

    ReplyDelete
  22. බුවාගේ කතාව තමා කතාව. මොකටද බාගෙන බලන්නේ. ඔන්ලයින් බැලුවාම ඉවරනේ :)) ඔය වගේ සීන් වුණු එවුන් කියන එකක්යැ ඕවා. සත්‍යවාදී වුණු එකත් හොඳයි :))

    ReplyDelete
  23. @Hasitha
    මොකටද නිකන් උපාසක පාර්ට් දාන්නේ කියල හිතල කියල දැම්ම.:)

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.