twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Thursday, February 16, 2012

නෑ නෑ මගේ පිටිපස්සේ එක්කෙනෙක් හිටියා

හ්ම්ම්, ජීවිතෙ 24 වෙනි වතාවටත් වැලන්ටයින් එක තනිකඩව ගෙවල දම්ම. තව එකයි තියෙන්නෙ රිදී ජුබිලියට.:) නෑ නෑ, පිස්සුද අලේ, මම නම් කවුරුහරි හිටියත් ඔය දවස සමරන්නෙ නෑ. මොකද ආදරේ කරන්න ඕන, ආදරේ පෙන්නන්න ඕන, තුන්සිය හැටපස් දවසෙම මිසක් එක දවසක විතරක් නෙමෙයි. ඒ මම හිතන විදිය. එක එක අය එක එක විදියට ඔය ගැන දකින්නේ. 

හරි දැන් කියන්න ආපු කතාවට එමුකො. මම පෙරේදා මල ගෙදරකදි අහපු කතාවක් තමයි මේ කොටන්න කියල ලේස්ති වුනේ. සතියක් විතර ගෙදර ඉඳල හොස්ටල් ගියා විතරයි ඊලඟ දවසෙ පනිවිඩයක් ආවා යාලුවෙක්ගේ ආච්චි කෙනෙක් නැති වෙලා කියලා. හලේ ඉතින් ආපහු අනිත් පැත්තට ආව. මගේ චානිකා සීරීස් එක කියවපු අය නම් දන්න කියන කෙනෙක් ඒ යාලුවා.:) ඒකෙ අනිත් ප්‍රධාන නලුවගෙ ආච්චි තමයි නැති වුනේ. මේක මේ මලගෙදර නයිටක් ගහගෙන ඉන්නකොට ඇහුන කතාවක්. අපිට එහා පැත්තේ හිටපු කොල්ලො සෙට් එකේ එකෙක් ඔය කතාව කිව්වේ. මම නම් හරියට අහගෙන හිටියේ නෑ. මහිමය තමයි අහගෙන ඉඳල අපිට කිව්වෙ. 

මේක රෑක වෙච්ච සීන් එකක්. ඔන්න එකෙක් (මෝඩයෙක්/හරකෙක්/බූරුවෙක්) කන සාක්කුවට වැටෙන්නම ගහල මෝටර් බයික් එකකින් යනවලු. මෑන් අතුරු පාරක තමයි ගිහින් තියෙන්නෙ. ඔහොම යනකොට මූ ඇදගෙන වැටිල. පාර අයිනෙ තිබුන වෙලට තමයි පෙරලිල වැටිල තියෙන්නෙ. පිටිපස්සෙන් ත්‍රී වීල් එකකින් ආපු තව දෙන්නෙක් මේ සීන් එක දැකලා ටක් ගාල නවත්තලා බලල. ඒ දෙන්නගෙන් එකෙක් තමයි ඔය කතාව කිව්වේ. වෙලාවට මෑන්ට කිසි අවුලක් නැතිලු. වෙලට වැටුන නිසා හොඳයි. ඊට පස්සෙ තමයි ලස්සන සීන් එක යන්නෙ. දැන් මිනිහ පන දාගෙන වෙලේ මොනවද හොයනවලු. පස්සෙ ත්‍රී වීල් එකේ ආපු දෙන්න අහල මොනවද හොයන්නේ කියලා, මූ කියන්නේ නැතිලු. කිසි කතාවක් නැතුව මූ දමාගෙන වෙලේ මොනවද හොයනවලු. කොහොමහරි ගොඩක් වෙලාවක් යනකල් මූ කියලම නෑ මොනවද හොයන්නේ කියලා.

පස්සේ ටික වෙලාවක් ගිහින් මිනිහ කියල "මාත් එක්ක එකෙක් ආව බන්, මම මේ ඌව හොයන්නේ" කියල. අරුන් දෙන්න හොල්මන් වෙලා ගියාලු උගේ කතාවට. උන් දෙන්න හොඳටම දැක්කලු මූ ආවෙ තනියම කියලා. උන් දෙන්නටත් තේරිලා මූ නැති වෙන්නම ගහල තියෙන්නේ කියලා. උන් දෙන්න ඉතින් කියල "නෑ මචන් අපි පිටිපස්සෙන් ආවෙ, අපි දැක්ක පිටිපස්සෙ කවුරුවත් හිටියෙ නෑ, උඹ තනියම ආවේ" කියල. මූ කියනවලු පිටිපස්සෙ එකෙක් ආවමයි කියල. ඌ කියනවලු, "මම මචන් බෝධිය ළඟ ඉඳලම ඌත් එක්ක කතා කර කර ආවේ" කියලා. 



දැන් මූට කොච්චර කිව්වත් මූ අහන්නෙ නැතිලු. අරුන් කොච්චර කිව්වත් පිටිපස්සේ කවුරුවත් හිටියේ නෑ කියල ඌ පිටිපස්සෙ එකෙක් ආවමයි කිය කිය හොයනවලු. ඔහොම හොයන ගමන් මූ එක පාරට ටිකක් කල්පනා කරලා කියනවලු, "හැබැයි මචන් වැටෙන වෙලාවෙ නම් පිටි පස්සෙ හිටියෙ නෑ තමයි" කියල. "මම මෙතනදි පිටි පස්ස හැරිල බලුවා, එතකොට හිටියෙ නෑ". අරුන් දෙන්නට ඉතින් පුදුම ආදරයක් ඇති වෙන්න ඇත්තෙ මූ ගැන. මූ ඉතින් මහ හතර බීරි කතාවක් නේ කියන්නේ. මුලින් කිව්වා පිටිපස්සේ එකෙක් හිටියමයි කියලා, දැන් කියනවා වැටෙන වෙලාවේ පිටිපස්සේ එකා හිටියේ නෑ කියලා. ඊට පස්සෙ අරුන් දෙන්න මුගෙන් ඔය කියන යාලුවගෙ නම්බර් එක දෙන්න කියලා ඉල්ලගෙන උගේ ෆෝන් එකෙන්ම කෝල් එකක් අරගෙන. එතකොට තමයි මූ නටපු පිස්සුව මොකක්ද කියලා අරුන් දෙන්නට තේරිලා තියෙන්නේ.  එහා පැත්තෙන් කුණුහරුප වරුසාවක් වැටෙනවලු. අර යාලුව තාමත් බෝධිය ලඟලු. මූ වෙරි මරගාතේ ඒකව දාල එතන දාල ඇවිල්ලා. වැඩේ කියන්නේ මූ බෝධිය ළඟ ඉඳලම යාලුවා පිටිපස්සේ ඉන්නවා කියල හිතාගෙන කතා කර කර ඇවිත් තියෙන්නේ. මූ ටික දුරක් ගිහින් පිටිපස්ස හැරිලා බලලා. එතකොට තමයි ඌ දැකලා තියෙන්නේ යාලුවා නෑ කියලා. ඒකට බය වෙච්ච පාර තමයි මූ වැටිලා තියෙන්නේ. රෑ වෙලත් එක්කනේ, මූට නිකන් හොල්මන් සීන් එකක් ඔලුවට එන්න ඇත්තේ. ඔන්න ඔහොමයි සිද්ධිය වෙලා තියෙන්නේ. 

බොන එක වෙනම කතාවක්. ඒත් මෙහෙම කන පැලෙන්න ගහලා වාහන එලවනවා කියන්නේ ඉතින් ඊට වඩා මී හරක් වැඩක් නම් තවත් නෑ. හිතන්නකෝ තමන්ගේ ජීවිතේ වගේම පාරේ ඉන්න අනිත් මිනිස්සුන්ගේ ජීවිතත් අනතුරේ වැටෙනවා නේ එහෙම වුනාම. තමන්ගේ ජීවිතේ වටිනාකමක් නැති වුනාට කමක් නෑ අනිත් අයගේ ජීවිත ගැනවත් හිතන්න. ඔහොම කන පැලෙන්න ගහල විතරක් නෙමෙයි, අරක්කු උගුරක්‌ වත් බීල වාහන නම් එලවන්න එපා. බියර් උගුරක්‌ බිව්වත් මොලේ ක්‍රියාකාරීත්වය, ස්නායු ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් හරි අඩු වෙනවා නේ. එතකොට සාමාන්‍ය වෙලාවකට වැඩිය අනිවාර්යෙන්ම අනතුරක් වීමේ සම්භාවීතාව වැඩියි. ඒ අවධානම නම් ගන්න එපා. බොන්න ඕනම නම් බීල බීල කොහේහරි වැටිලා ඉන්න, වාහන පදින්න යන්න එපා. ආයෙත් වෙරි හිඳුන වෙලාවක යන තැනක යන්න.:)

36 comments:

  1. බීල වාහන එලවන එකනම් ‍අනිව වැරදි වැඩක්...

    අපේ උන් ඕක පිළිගන්න හින්දම සෙට් වෙන දවසට කාර්, බයික් තියෙන උනුත් එන්නෙ බස් වල හරි ත්‍රී වීල් වල හරි ;)
    ඊයෙ උඹත් එක්ක චැට් කරද්දි වුනත් මම බීල නෙමෙයිලු හිටියෙ :)

    ReplyDelete
    Replies
    1. අන්න ඒවගේ තමයි කරන්න ඕන. අපොයි ඒ වෙලාවේ සළු වෙලාද හිටියේ?? දන්නවා නම් අච්චර වෙලා තර්ක කරන්නේ නෑ. බීපු අය එක්ක වාද කරන එක මම අකමැතිම වැඩක්...;):P

      Delete
  2. "බොන්න ඕනම නම් බීල බීල කොහේහරි වැටිලා ඉන්න, වාහන පදින්න යන්න එපා. ආයෙත් වෙරි හිඳුන වෙලාවක යන තැනක යන්න.:)"

    සහතික ඇත්ත.ඕක තේරෙන්නෙ නෑ නෙ හුගක් දෙනෙක්ට.කියන්නෙ ඕනෙ තරම් ගැහුවට ඩ්‍රයිව් කරන්න පුලුවන් කියලානෙ..:)

    ReplyDelete
    Replies
    1. samahara aya beewama athi pandithai kiyana kisima deyak ahannea ne. hari loku kamak oluwata enewa e welawata...

      Delete
    2. @නිසූපා අක්කා
      ඒක හරි අක්කේ. සමහරු බිව්වම චන්ඩි වෙනවනේ. නිකන් වෙලාවට කරන්න බැරි වැඩ පවා ඒ වෙලාවට කරන්න යනවනේ.:) ඒකත් නිකන් ලොකුකමක් කියලා හිතන්නේ, බීල ඩ්‍රයිව් කරන එක.

      Delete
    3. @ගිම්හානි අක්කා
      තරහ යන්නේ නෑ කිව්වට මේක නම් තරහෙන්ම තමයි කියලා තියෙන්නේ.;) නෑ නෑ ඒක හරියටම හරි අක්කා, එහෙම අය ඉන්නවා. ඉස්සර අපේ මාමත් එහෙමයි. බිව්වට පස්සේ කටින් ගමටම ගහන්න පුළුවන්. සමහරු ඉන්නවා බිව්වට පස්සේ මී පැටව් වගේ අහිංසක වෙනවා.:) සමහරු බිව්ව ගමන අඬන්න පටන් ගන්නවා. එක එක විදියේ අය ඉන්නවා නේ. අපි කොහොම වේවිද දන්නේ නෑ බිව්වම, බීලම තමයි බලන්න ඕන.:)

      Delete
    4. ගිම්හානිත් චණ්ඩියෙක් වෙලානේ.

      Delete
    5. @පැණි දොඩම්
      ඒකනේ, හොඳට හිටපු අක්කා.:(

      Delete
  3. කොච්චර කිව්වත් පණ්ඩිත වාහෙලා ඉන්නවනෙ බීල එලවන.......ඒ වගෙම තමා ඔය බීල ඉවර වෙලා නාන එකත්.

    ReplyDelete
    Replies
    1. අන්න අනිත් සීන් එක ඔය නාන එක බං. කොච්චර පීනන්න පුළුවන් එකෙක් වුනත් බං ඔය වෙලාවට ෂුවර් නෑ නේ. එහෙම කී දෙනෙක් නම් මැරිලා ඇත්ද?

      Delete
  4. බොන්න ඕනම නම් බීල බීල කොහේහරි වැටිලා ඉන්න, වාහන පදින්න යන්න එපා. ආයෙත් වෙරි හිඳුන වෙලාවක යන තැනක යන්න.:)
    බිව්වට පස්සෙ මෙහෙම හිතෙන්නෙ නැති එනයි ලොකුම අවුල. ඒ වෙලාවට හිතෙන්නෙ වෙනදටත් වැඩිය හොදින් එලවන්න පුළුවන් කියලනේ:)

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං අවුල. බිව්වට පස්සේ හැමදේම පුළුවන් කියල හිතෙන එක තමයි ලොකුම අවුල.:)

      Delete
  5. මම ඔහොම වැඩ කරලා තියෙනා නොබී අමුවට, ඩ්‍රාෆ්ට් කරලා තියෙන්නෙ බ්ලොගියෙ. හික්ස්!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඇයි draft කරලා තියෙන්නේ??? දාන්නකෝ අපිටත් කියවන්න...:)

      Delete
  6. කී දෙනෙක් නම් බීමත් කම නිසා ජීවිතෙන් වන්දි ගෙවල ඇත්ද

    ReplyDelete
    Replies
    1. බීපු කෙනා විතරක් නෙමෙයි නේ අක්කේ. පාරේ යන අහිංසක මිනිස්සුන්ටත් ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවනේ ඔය වැඩේ නිසා.

      Delete
  7. හොඳ උපදේශයක් අන්තිමට දීල තියෙන්නෙ...
    අදයි මේපැත්තට ආවේ...ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.

      Delete
  8. කතාවනම් සුපිරියි.. අර අන්තිම උපදේසෙත් නියමයි..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් අයිය නම් කන පැලෙන්න ගැහුවට ඊට පස්සේ ඩ්‍රයිව් කරන්නේ නෑ නේ. ඒ නිසා කමක් නෑ.:D :P

      Delete
    2. අපි යන්නේ පයිනේ බං.. ඒ නිසා අවුලක් නෑ..

      Delete
  9. බිව්වම කාටද අනේ ඕව මතක අයියේ... කියනවනම් ඉතින් බොන්න කලින් කියන්න එපැයි නේද? අපි දවසක් මාමා කෙනෙක් එක්ක වෙඩින් එකකට ගිහින් ඒ මනුස්සය හොඳටම බීල අපිට ගෙදර එන්න විදියකුත් නැතිව හිටියෙ...

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් නගෝ, බීපු උන්ගෙන් තියන වදයක්! ඒ වෙලාවට හිතෙනවා අපිත් බිව්වනම් හොඳයි කියලා. ඇයි ඉතින් නොබීපු උන්ටනේ බීපු උන්ගෙන් වදේ.

      Delete
  10. අම්මෝ හොල්මන් :o බය හිතෙනවානේ :(

    මටනම් බොන මිනිස්සුන්ව පෙන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයා බිපු අය දැක්කම ඇස් වහගෙනද යන්නේ
      බලාගෙන කාණුවකට වත් වැටෙයි

      Delete
    2. @වර්ණා
      එතකොට බියර් බොන අය පෙන්නන්න පුලුවන්ද??? ;)

      Delete
    3. @ ජිරිබිරියා :)
      අම්මේ ඔව් කානුවකට වැටුනා දවස් දෙක තුනක්ම

      @ කසුන් අයියා
      අනේ ඉතින් බියර් බිව්වේ කවුද.. එදා අර නර පුරුෂයෝ ටික මට බියර් පෙව්වනේ..අනේ අහිංසක මම :(

      Delete
  11. අපේ උන් තියරිය අල්ලගෙන තියෙන්නේ
    බෝතලේ කඩන්න කලි අනතුරු ඇඟවීමක් දෙනවා
    ඩෝප් බහින තුරු එකෙක් වත් යන්න බෑ
    අනේ ඉතින් නොබොන අපිත් උන්ගේ බයිට් එකට කෙල කෙල එතනට වෙලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වෙන්න ඕන. එතකොට කිසි ප්‍රශ්නයක් නෑ. නොබොන උන්ටත් වාසියි නේ...:)

      Delete
  12. මට නම් බොන එක පේන්නත් බෑ, බොන මිනිස්සු පේන්නත් බෑ.. ඒ වගේ අය ලඟින් ඉන්න මම ආසම නෑ..

    ReplyDelete
    Replies
    1. මටත් ඉස්සර නම් පේන්නම බෑ. දැන් නම් එච්චර අවුලක් නෑ. මොකද නැත්තන් මේකේ ආශ්‍රය කරන්න එකෙක් නැති වෙනවා.:)

      Delete
  13. බීපු මිනිස්සුත් එක එක මරු වැඩ කරනවා නෙහ් !!
    හැබැයි රජෝ බීලා වාහන එනවන එක නම් එච්චර හොද නෑ.

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව් බං, පුදුම ආතල් දෙන්නේ බිව්වම. ඊට වැඩිය හැබැයි වද දෙනවා.

      Delete
  14. කොහොමටත් බීලා වාහන එලවන එක අනුමත කරන්න බැහැ, බීපු එකාට හෙන ගැහුවත් මොකෝ අහක ඉන්න උන්වත් අරගෙනනෙ ඌ යන තැනට යන්නෙ ඒකනේ වැරැද්ද .......

    ReplyDelete
  15. අනිවා.. කෑවනං බිව්වනං සින්දුවක් දෙකක් කියාගෙන ආතල් එකේ ඉන්නෙ නැතුව මොන කෙහෙල්මලක් කරන්න ගියාද මේ.

    ReplyDelete
  16. හා, ඔහේ කියන විදිහට ඉන්නංකෝ එහෙනං.

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.