twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Wednesday, July 27, 2011

සුද්දන්ටත් බැරි අපේ කඩ්ඩ


පොඩි නින්දක් දාල දැන් නැගිට්ටෙ. එලියෙ කලු කරල හොඳටම වහිනව. ඇහැරෙනකොටම ඇහුනෙ

            "මා දෙනෙත අඩ අඳුරේ රඳවා තියා
             සඳවතිය පාවී ගියා
             පිළිගන්න පුලුවන්ද සඳ දෙව්දුවත්
             මේ හැටිම නපුරුයි කියා"

මම සින්දු ටිකක් දාල නිදා ගත්තෙ. ඇහැරෙනකොට ජගත් වික්‍රමසිංහ මහත්තයගෙ ඔය සින්දුව තමයි ගියේ. ඒ සින්දුවෙ පද වල තියන ලස්සනත්, ස්වරයේ තියෙන හැඟීම්බර කමත්, මම නින්දෙන් ඇහැරුන ගමන් නිසාත් දැනෙන්න පුලුවන් ඇතුලටම ඒක දැනුන. අමතක කරල තිබුන අතීතය ආයෙත් පාරක් මතක් වුනා. මගේ සඳවතියත් මා අඳුරේ දමා හැර ගියා නේද කියල මට මතක් වුනා.  ආයාසයෙන් උඩට ඇදගත්ත බර සුසුම නිදහස් කරල මම ඇඳෙන් නැගිට්ට. දවල්ට කාලත් නෑ, ඒත් එච්චර බඩගින්නකුත් නෑ. මොනවහරි කොටන්න කියල මේ ලේස්ති වුනේ. කලින් එක වගේ මේකත් එහෙමම වෙන බ්ලොග් එකක වැටෙයිද දන්නෙ නෑ. කලින් එක ලිව්වට පස්සෙ මට මේක ලියන්න ඕන කියල හිතුනෙ. අපෙ අයගෙ කඩ්ඩ සම්බන්ද පොඩි රසවත් සිද්දි කීපයක්. මට හිනායන විදියට නම් ලියන්න බැරි වේවි. මම නිකන් කොටල දාන්නම්. ඔන්න හිනාගියේ නෑ කියල බනින්න එපා හොඳේ.



කැම්පස් ආපු කාලෙ අපේ ගොඩක් අයගෙ කඩ්ඩ අප්සට් නෙ. ඇයි ඉතින් අවුරුදු දහතුනක් අමු සිංහලෙන්ම ඉගෙන ගෙන, එච්චර කල් සිංහලෙන්ම කතා කරල කැම්පස් ආපු ගමන් කඩ්ඩ පුලුවන් වෙන්නෙ නෑ නෙ. අපි මොකෝ ඉන්ටනැශනල් ස්කූල් වලට ගියා කියලයැ. ෆස්ට් ඉයර් එකේ අපේ හොස්ටෙල් එකට සෙට් වුනේ නියමම බුල ඩයල් සෙට් එකක්. කඩ්ඩ නම් නැතිම තරම්. ඒ කිව්වෙ කඩ්ඩ කතා කරන්න තමයි බැරි. ලියන්න කියවන්න සාමාන්‍ය තරමට පුලුවන්. කතා කරන්න නම් බෑම තමයි. අපේ හොස්ටල් එකේ දෙමළ ළමයි ටිකකුත් හිටිය. ආපු කාලෙ උන්ට සිංහල බෑ. අපිට ඉතින් දෙමළ බෑ නෙ. එතකොට කතා කරන්න පුලුවන් එකම විදිය කඩ්ඩෙන් තමයි. අපරාදෙ කියන්නෙ අපේ උන්ට වගේම උන්ටත් කඩු හරඹ බෑ. ඉතින් කතා කරන්න ගියාම ලොවෙත් නැති කට්ටක් කනව. ඒ නිසාම මුල් දවස් වල අපේ උන් දෙමළ සෙට් එකත් එක්ක වැඩි කතාවක් නෑ. හැබැයි ඉතින් අමාරුවෙන් හරි කතා කරන වෙලාවට අහන් ඉන්න ආසයි. මට මතක ලස්සනම වැඩේ තමයි අපේ එකෙක් දෙමළ එකෙක්ගෙන් කෑවද කියල අහපු එක.


"Did you eat?"

"Yes I ate."

ඕකනෙ ඉතින් ඉංග්‍රීසි භාශාවෙන් කෑවද කියල අහන සරලම ක්‍රමේ සහ ඒකට දෙන සරලම උත්තරේ. ඒ වුනාට අපේ උන් ඔයිටත් වැඩිය සරල ක්‍රමයක් තමයි පාවිච්චි කලේ.

ප්‍රශ්නය:  "Eat?"

උත්තරය:  "Eat."

ප්‍රශ්නෙ අහන එකා ප්‍රශ්නයක් අහන ටෝන් එකෙන් Eat කියල අහනව. උත්තරේ දෙන එකා උත්තරයක් දෙන ටෝන් එකෙන් ඔලුව වනල Eat කියල කියනව. මට ඔය දෙබස දෙතුන් පාරක්ම ඇහිල තියනව. දැන් ඔන්න හිතන්න එපා අපෙ උන් අඩු ගානෙ eat කියන එකේ අතීත කාල පදය ate කියන එකවත් දන්නෙ නෑ කියල. එහෙම නෙමෙයි, භාවිතයක් නැති නිසා අඩුම ගානෙ ඒක වත් ඒ වෙලාවට එන්නෙ නෑ.


ට්‍රේනින් කාලෙත් පොඩි සිද්දියක් වුනා. මම අර කලින් කතාවෙ කියපු කෙල්ලටම තමයි මේක වුනෙත්. අපි දෙන්න බිල්ඩින් එකක ඩ්‍රෝවින් එකක වැඩක් කර කර ඉන්නකොට අර කෙල්ල මගෙන් ඇහුව "කසුන්, සෙකන්ඩ් ෆ්ලෝ එකේ ජනෙල්ස් කීයක් තියෙද?" කියල. කරුමෙ කියන්නෙ මට ඕක ඒ වෙලාවෙ මීටර් වුනේ නෑ නෙ. නැත්තන් ඒක ඇති සති ගානකට. පස්සෙ වෙලාවක ඒකිමයි හිනා වෙවී කිව්වෙ.

තව ලස්සනම කතාවක් තියනව අපෙ කලින් හිටපු රෙපෙක් ගැන. ඒක නම් හදපු කතාවක්. ඌට පස්සෙ හිටපු රෙපා තමයි කතාව හැදුවෙ. ඔය කලින් කියපු රෙපා ටිකක් දුශ්කර ගමක ඉන්නෙ. ඇත්තටම උගේ කඩ්ඩ නම් බිංදුවයි. ලෙක්චර්ස්ල නෙමෙයි, VC ඇවිත් කඩ්ඩෙන් කතා කලත් ඌ අමු සිංහලෙන්ම තමයි උත්තර දෙන්නෙ. ඒක නිසා තමයි ඌට ඔය කතාව හැදුනෙ. කතාව හදපු එකා මෙහෙමයි කිව්වෙ. මූව රෙපාට දාපු අලුත මැඩම් කෙනෙක් ඇවිත් ඇහුවලු "Who is the rep?" කියල. අරූ කිව්වලු "I is the rep" කියල. ඊට පස්සෙ මැඩම් කිව්වලු, "Ah, you are the rep?" කියල. ඊලඟට මූ කිව්වලු "Yes, I are the rep" කියල.

කාලයක් අපි බෝඩිමේ කඩ්ඩෙන් කතා කරන්න පුරුදු වෙලා හිටිය. මොකක් වුනත් කඩ්ඩෙන් තමයි කියන්න ඕන. ඇත්තටම ඒක හොඳ ප්‍රැක්ටිස් එකක්. වැරදුනාට හිනා වෙන්න කවුරුවත් නෑ, අපේ එවුන් නෙ ඉන්නෙ. ඒ කාලෙ හෙන බැරෑරුම් මාතෘකා ගැන කතා යනව කඩ්ඩෙන්. හැබැයි ඉතින් ව්‍යාකරණ කියල නාමයක් නෑ. අලුත් ව්‍යාකරණ නීති සෑහෙන්න හැදුන ඒ කාලෙ. ඒ ලඟම බෝඩිමක අපේ අක්ක කෙනෙක් හිටිය. ඒකෙ හිටපු අනිත් කෙල්ලො ඒ අක්කට කියල තිබුන මල්ලිලගෙ ඉංග්‍රීසි හොඳයි, ග්‍රැමර් තමයි අවුල කියල. අපේ එකෙක් හිටිය උගේ කඩ්ඩ තමයි අපි අහන්න ආසම. ඌ කවදාවත් කතා කරනකොට හිර වෙන්නෙ නෑ. අතට අහුවේන ටෙන්ස් එකකින් කටට එන වචනයක් දාල වාක්‍යය සම්පූර්ණ කරනව. දවසක් මූ කැම්පස් එකේදි වතුර ඕන වෙලා කිව්ව, "Can I give a piece of water?" කියල. මිනිහ ඔහොම ලස්සන කතා ගොඩක් කියල තියනව. මට දැන් මතක් වෙන්නෙ නෑ නෙ.



අන්තිමටම කියන්න තියෙන්නෙ අපේ ගමේ එකෙක් කරපු වැඩක්. මේක නම් කඩ්ඩ සම්බන්දම දෙයක් නෙමෙයි. මිනිහ දවසක් මට ෆේස්බුක් එකේ කෙල්ලෙක් ගැන කිව්ව. මමත් ඉතින් අනේ නම අහගෙන ඒ කෙල්ලව ඇඩ් කරගත්ත. දන්නෙ නැද්ද ඉතින් යාලුකමටනෙ. ඒ කෙල්ල ඉන්දියාවෙ කෙල්ලෙක්. එයාර්ලයින් එකක වැඩ කරන්නෙ, එයාර් හොස්ටස් කෙනෙක්. දවසක් මම ඒකිගෙ ෆොටෝ බැලුව. ඒකෙ එක ෆොටෝ එකක් තියනව මොකක් හරි උත්සවයක හරි මීටින් එකක හරි. ඒකෙ එයාර් හොස්ටස්ල ගොඩක් වාඩි වෙලා ඉන්නව. ඒකෙ ඉංග්‍රීසියෙනුයි, ඉංග්‍රීසි අකුරු වලින් හින්දියෙනුයි දාපු කමෙන්ට් ගොඩක් තිබුන. ඒකෙ යටින්ම අපේ එකා ඉංග්‍රීසි අකුරු වලින් සිංහලෙන් ලියල තිබුන "කෝ මේකෙ ඔයාව අඳුර ගන්න බෑ නෙ" කියල . (ko meke oyawa adura ganna baa ne)

...................................................................................................................................................................
ප.ලි. උඩ තියන පින්තූර ලැබුන තැන් නම් මතක නෑ. ඊයෙ හවස ලියන්න පටන් ගත්තට ලියන්න වුනේ නෑ. දැන් තමයි ඉවර කලේ. අර සිංදුව ඒ වෙලාවෙ ඉඳන් මේ වෙනකොට දහ පාරකට වඩා ඇහුව. හිතට ගොඩක්ම දැනෙන, ලස්සන, සංවේදී සිංදුවක්. ඒක අහපු නැති කෙනෙක් නම් නැතුව ඇති. ඒ වුනාට කරුමෙට හරි අහල නැති කෙනෙක් ඉන්නව නම් මෙන්න සින්දුව.






40 comments:

  1. ගීතය කියන්නේ පද වැල් වලට අමුනපු අපේ ජීවිතේ..ඒකයි අපිට දුක හිතෙනේ..

    අපිව දාලා යන්නේ..අපිත් එක්ක ඉන්න බැරි අය..එයාලා කවදා වෙනකන් හිටියත් යනවමයි..ඒ නිසා ගිය අය ගැන අපහු හිතන් එපා යාලු..වේදනාවක් විතරයි..පපුව ගැහිලා ගැහිලා දවසක් හරි මරනෙට ලන් වෙනවා විතරයි..

    ඔයාට පින් මේ වගේ පෝස්ට් එකක් දැම්මට..දවසට්ම හරියන්න හිනා වුනා.. වැඩ කරන් යද්දි..හිනා වෙන්නත් අමතක වෙනවනේ.."ඕනාම දෙයක් වැරදුනාම හිනා වෙන්නේ..තමන් හරි කියලා හිතන් ඉන්න අය" එයාලට ආයුෂ අඩුයි.."

    ReplyDelete
  2. හී හී...පට්ටම සීන් ටිකක් නේ ලියලා තියෙන්නේ...මරේ මරු
    අසනී කිව්වත් වගේ දවසටම හරියන්න හිනා උනා...

    ReplyDelete
  3. ගීතය ගැන නම් කියලා වැඩක් නෑ....ඒ තරමටම මම ආස සිංදුවක්....

    ඔය කඩ්ඩ ගැන කියනවනම් අපේ ලෙක්චරර් කෙනෙකුටත් මරු සිද්ධියක් උනා.ලෙක්චර් කිව්වට අවුට් වෙච්චි ගමන්ම ස්ටාෆ් දාපු සර් කෙනෙක්(ටත් වඩා අයියා කෙනෙක්)..Thermodynamics උගන්නන් ඇවිත් ගානක් කියවගෙන යද්දී එක පාරට Two ඝනමීටර්ස් per sesecond කිව්වා....හිහි...

    ReplyDelete
  4. අපිත් දෙවෙනි අවුරුද්දෙ කඩ්ඩ පොලිශ් කරගන්න.. සෙට් එක නීතියක් දමා ගත්ත.. සින්හලෙන් මොනව හරි කිව්වොත් එක වචනෙට රුපියල ගනනෙ එකතු කලා.. එකතු වෙච්ච සල්ලි වලින් මොනව හරි කනව.. එදා මොනා හරි ගේන්න ගිය එකා ගෙන් මන් ඇහුව.What did you buy?. කියල .. මූ එක පාරටම කියපි.. පැණි කජු විතරයි තිබ්බෙ කියල.. එතනම රුපියල් 3යි..හැබැයි අන්තිමෙ කඩ්ඩ ගොඩ..

    ReplyDelete
  5. i am the rep....
    පට්ට කතාව බං....

    සිංදුවත් මැක්සා.... මගේ ජාතික ගීය වගේ තමා ඕක....

    ReplyDelete
  6. අර තාප්පේ නම් මං අඳුරනවා..... හික්ස්.......

    ඔය කඩ්ඩ තමයි කඩ්ඩ........

    ReplyDelete
  7. i all the saxson their's the people any body something yatibada haraha. nithara kamin potatoes not eating tomatoes. ya...ya..yaa....hakhak haaa

    කඩු බඩු බයිට් කල ගාථාව

    ReplyDelete
  8. අපෙත් හිටියා එකෙක් ඌට කඩ්ඩ වැඩියෙන් පුළුවන් හින්ඳා ඔක්කෝම කියන්නේ වැද්දා කියලා, ඌටත් ඔය වගේ සීන් තිබ්බා දවසක් කඩ්ඩ පීරියඩ් එකේදි මූට ඉවසන් ඉන්න බැරි බරක් හැදිලා ඇහුවෙ අර ප්‍රශ්න අහන ටෝන් එකෙන් Go toilet ? කියලා..?

    ReplyDelete
  9. නියමයි කතා ටික.මම් අම්මගෙනුත් බැනුම් ඇහුවා මේක දිහා බලාගන හිනා වෙලා.

    ප්‍රශ්නය: "Eat?"

    උත්තරය: "Eat."

    මේක තමා නියම.බලාගන ගියාම අපි ඔක්කොම එකම බෝට්ටුවෙනේ :))

    ReplyDelete
  10. නියම කතා ටික. කියවලා හිනාවෙලාම පන ගියා. අඩේ උබ මෙහෙම ලිව්වත් මාර ගති නේ බං. අර පින්තූර ටික කොහෙන්ද හම්බ උනේ?? ඒ ටිකත් මාරම ෆන් බං.

    ඉදලා ඉදලා ඇති වෙන්න හිනා උනා. මෙහෙම හිනාවක් වෙන්න නම් එක්කෝ සදරුවා පෝස්ට් එකක් දාන්න ඕනේ නැත්නම් දුමී අයියා පෝස්ට් එකක් දාන්න ඕනේ. ඒ වගේම මේ පෝස්ට් එක කියවලත් පට්ටටම හිනා උනා.

    අපේ අම්මත් අහනවා මොකද මේ මොනිටරේ දිහා බලාගෙන හිනා වෙන්නේ මොකෝ කියලා. !!!!!!

    පට්ට !!! පට්ට !!!!
    නදී අක්කා කිව්වත් වගේ මාත් මේ බෝට්ටුවේම තමයි.

    ReplyDelete
  11. අපිට උගන්වපු සර් කෙනෙක්ගෙන් තමයි මමනම් හොඳම කඩ්ඩ දැක්කෙ... සමීකරණයක් විසඳන්න ගිහින් මනුස්සයට ඔක්කොම පැටලුනා... අන්තිමට සමාන ලකුණෙන් එක පැත්තක තිබුන කොටසක් අතින් පෙන්නල "මේ හාෆ් --- මේ පැත්තට" කියල සමාන ලකුණෙන් අනිත් පැත්ත පෙන්නුව...

    ReplyDelete
  12. අයි read දිස්.. ඉට්ස් රියලි නයිස් අෆ්ෆා..

    (ඉංග්‍රීසියෙන්ම)හිහ් හිහ්

    ReplyDelete
  13. mee anthima eka kawuda ban chamiyada? nalida? kanayada?

    ReplyDelete
  14. ඉස්කෝලේ යනකාලේ දවසක් ඉස්කෝලෙදි අපි කට්ටිය විහිළුවට වගේ ඉංගිරිස් ඇක්සන්ට් එකෙන් සිංහලෙන් කතා කර කර හිටියා. ඔය වෙලේ ළඟ තිබ්බ ටැප් එකෙකින් වතුර ලීක් වෙනවා දැකපු අපේ එකෙක් කියනවා "අඩෝ අර බලපන් අරකේ වතුර ලීක්ස් වෙනවා" කියලා...

    ReplyDelete
  15. @හා පැටික්කි (MS) mataradida? :-p

    ReplyDelete
  16. @අසනි
    ඔව්, ගිය අය ගැන මොකට හිතනවද. මම නම් ඒව අමතක කරල ඉන්නෙ. ඒත් ඔය වගේ පොඩි පොඩි සිද්දි වලින් ආයෙත් පරණ දේවල් මතක් වෙනව.

    @ChammA
    ස්තූතියි සහෝ දිරි ගැන්වීමට.

    @ඕනයා
    ස්තූතියි සහෝ!

    @මකුළුවා
    සිංහලනෙ ඉතින් පුරුදු භාශාව. ඒක නිසා සමහර වෙලාවට ඔය වගේ කඩ්ඩ මැද්දට සිංහල කෑලි වැටෙනව.

    @Weni
    සිරාවට අමාරුවෙන් හරි කඩ්ඩෙන් කතා කරන එක තමයි හොඳම වැඩේ. ඔය වැඩේ නිසා අපිත් ටිකක් හොඳට කතා කරන්න පුලුවන් තත්ත්වෙකට ආව. හැබැයි ඉංග්‍රීසි කතාව වැඩි කල් තිබුනෙ නෑ. ඊට පස්සෙ ඉතින් ආයෙත් හිටපු තැනටම වැටුන.

    @prasanna86k
    තැන්කූ මාලු අයියෙ.

    ඔන්න ඕක දාගන්න විදියක් තමයි මම අර ඇහුවෙ.

    ReplyDelete
  17. @හා පැටික්කි
    හලේ ඔන්න මම නම් අඳුරන්නෙ නෑ. :P

    @ඉන්දික උපශාන්ත
    අප්පොච්චියේ ඒක කියව ගන්න සෑහෙන ගේමක් දුන්න.

    @චතුර
    හපොයි! ඒක තමයි ඉතින් ලේසිම වැඩේ.

    @නදී
    ස්තූතියි සහෝදරී. අපි ගොඩක් දෙනක් ඔය බෝට්ටුවේ තමයි.

    @මධුරංග
    හලේ උඹ මාව මුරුංග අත්තෙ තියනව නෙමෙයි නේද? ඇත්තටම බං එහෙම පොඩ්ඩක් හරි හිනා ගියා නම් මට ඒ ඇති. පින්තූර ටික ලැබුන තැන් නම් මතක නෑ බං. මම හිතන්නෙ ෆේස්බුක් එකේ තිබිල එක එක වෙලාවල් වල මම සේව් කරගත්ත ඒව. ඕව ගොඩක් කල් තිස්සෙ මගේ ලඟ තිබුන.

    ReplyDelete
  18. @සාතන්
    අයියො පව් අසරණ මනුස්සය. ස්ට්‍රෙස් වුනාම සිංහලත් පැටලෙන එකේ කඩ්ඩ පැටලෙන එක බොහොම සුලු දෙයක් නෙ. ඉතින් යක්ශ සේනාව ඒ මනුස්සයට හිනා වෙන්න ඇති?

    @චතුවා
    තැන්ක් u broදර්

    @mahima
    නාලිය. ඒ කාලෙ වඳුරට දැලි පිහිය අහුවුනා වගේනෙ ඌ ෆේස්බුක් ගියේ.

    @පූසා
    අයියෝ ඌව ඉතින් ඉවරයක් කරන්න ඇති.

    ReplyDelete
  19. අවුරුදු කීපයකට කලින් අපේ chemistry වලට හිටපු මිස් විශ්‍රාම ගිහින් ආවෙ ගුරු විද්‍යාලෙන් ෆ්‍රෙෂ් පිට වගේ මැඩම් කෙනෙක්. ආපු මුල්ම දවසෙ characteristics වෙනුවට ලිව්වෙ charasteristis කියල. අවුරුදු එකාමාරක් තිස්සෙ එයාගෙ කාඩ් එක වුනේ ඒක. චැරැස්තරිස්තිස්.

    physics වලට හිටියා ගීකියනගේ කියල සර් කෙනෙක්. මොකක් හරි පාද කීපයක් සමාන කියල කියන්නෙ "දිස් ඩිස්ටන්ස් ඉස් ඊක්වල් ටු දිස් ඩිස්ටන්ස්" කියල අතින් පෙන්නල (සාමාන්‍යයෙන් a=b කියල නෙ කියන්නෙ). ඔය වාක්‍යය කියන කොට පන්තියෙ ඉන්න එවුන් "ඩිස් ඩිස් ටස්, ඩිස් ඩිස් ටස්" beat box එක.

    chemistry වලට හිටිය අනිත් කෙනා තමයි සෙල්වා සර්.. දෙමල සර් කෙනෙක්. එයා ගැන කියන්න ගියොත් මේක බ්ලොග් පෝස්ට් එකක් වෙනව. "දෙයාර් ආර් සිමොල් සිමොල් (සිමෝල්, ස්මෝල් නෙමෙයි, දෙපාරක්) පාටිකල්ස් ආර් දෙයාර්" මෑන්ගෙ එක ප්‍රසිද්ධ කතාවක්.

    හී වොස් බුලටිං කිව්වලු ශිෂ්‍ය නායකයො භාරව හිටිය සර් කෙනෙක්. අපි කට වචනෙට කියන්නෙ බුලට් එකක් වගේ විද්දා කියල හයියෙන් දිව්වොත්.

    අයි හෑව් ටූ ඩෝටර්ස් බෝත් ආ ගර්ල්ස් කියන එක කොමර්ස් පංතියක පංතිභාර සර් කෙනෙක්ට දීල තිබුනෙ.. ඇත්තටම කියපු එකක්ද දන්නෑ. වෙන තැන්වලත් අහල තියෙනව.

    ReplyDelete
  20. මල්ලී.. හිනාවෙන එක වැරදියි නේද???
    ඔය උඩ පැන පැන හිනාවෙන හැමෝම perfect English කථාකරන අයද????

    ReplyDelete
  21. මොන පිස්සුද මම් මුරුංගා අතුවල තියන්නේ නෑ. ඇත්තම තමා කීවේ.

    ReplyDelete
  22. ලේ ටිකක් පිරිසිදුවුනා අපිටත් වරදිනවා තමා ඒ වෙලාවට චාටර් වගේ දැනුනත් පස්සේ නිකං කල්පනාකරලා බලද්දි අපිටම හිනා යනවා...
    හැබැයි ඉතින් වරදින එකත් හොදයි මොකද එකපාරක් ලෙසටම වැරදුනාම දෙවනි පාර ඒක වරදින්නේ නෑ

    ReplyDelete
  23. අපෙත් දෙමල උන් එක්ක කතාකරන්න උනටයි අපිටයි විශේෂ වෙච්ච භාෂාවක් තිබුණා සින්හලත් නොවන දෙමලත් නොවන ඉංග්‍රීසිත් නොවන. මොනා උනත් දෙගොල්ලොන්ටම තේරෙනවා.

    ReplyDelete
  24. @පිටස්තරයා
    ඔය තියෙන්නෙ ඕන තරම් උදාහරණ. ස්තූතියි සහෝ අදහසක් එක් කලාට.

    @Apzi
    නෑ එහෙම සීන් එකක් නෙමෙයි සහෝ. අපි කාටවත් බෑ තමයි. ඒත් ඉතින් ඔහොම දෙයක් වුනාම නිරායාසයෙන්ම හිනා යනව. ඒක ඉතින් අපහාසයට නෙමෙයි. කොටින්ම අපිට එහෙම දෙයක් වුනත් අපිට පස්සෙ කාලෙක මතක් වුනාම හිනා යනව නෙ. කාටහරි වැරදුනාම හිතාමතාම අපහාස කරන එක නම් ජරා වැඩක්.

    @මධුරංග
    ආහ් එහෙනම් කමක් නෑ.

    @කිඩෝ
    ඒක ඇත්ත සහෝ. එක පාරක් හොඳට චාටර් වුනාම ආයෙත් මැරුවට ඒක වරදින්නෙ නෑ.

    @පිණිබිඳු
    එහෙම එකක් තියනව නම් හොඳයි නෙ. හැබැයි ඉතින් ඒකත් අහන් ඉන්න ආස හිතෙන භාශාවක් වෙන්න ඇති.

    ReplyDelete
  25. අඩේ එල සීරිස් එක මලයා, දැන් නම් ඉතිං කඩ්ඩයි දෙමලයි නැතුවම බැරි තරම් ....

    සිංදුවත් මරු .......

    සමස්තයක් විදියට පෝස්ට් එකත් මරු ......

    ReplyDelete
  26. @පන්සල් හංදිය
    ස්තූතියි අයියා සටහනක් එක් කලාට.

    ReplyDelete
  27. ඔය සිමෝල් වචනේ නම් නිතරම ඇහෙනවා. ඇහුනොත් නම් ඉතින් මතක් වෙන්නේ ඒකාලේ අපේ ලෙක්චර කෙනෙක්ව. සිමොල් සිමොල් පොරොබලම්ස් කියන්න පූරුදු වෙලා හිටියේ. ඕනෙම බාශාවක් ඉතින් කතා කරන තරමට තමයි පුරුදු වෙන්නෙත් මතක හිටින්නෙත්.

    ReplyDelete
  28. @Anithkona
    ඒක ඇත්ත අක්කෙ. උගන්නපු දේක හිනා යන දෙයක් තියනව නම් ඒක ජීවිතේට අමතක වෙන්නෙ නෑ.

    ReplyDelete
  29. මේ රටේ තියෙන ඉංගිරිසි නියමයි.. ඔන්න මන් මෙහාට ආපු දවස්වල මගෙන් එකෙක් අහනවා eat ready ? යකෝ මේකේ තේරුම මොකක්ද මන් හිතනවා.. ඌ අහන්නේ Have you eaten (had lunch )already ?
    කොරියාවේ තරු පහේ හෝටලයක තිබ්බ crap soup කියල ලියල .. කියන්න බැහැනේ උන් කන දේවල හැටියට crab කියන ඒක වරද්දල ලිවුවද නැත්නම් ඇත්තටම crap සුප්ද කියල.. මමයි මගේ ගජයයි කෝකටත් ඒක බිවුවේ නැහැ..

    ReplyDelete
  30. අපොයි, ඉතින් අයිය අර මනුස්සයට මොකද කිව්වෙ?

    ඉංග්‍රීසි රටෙන් රට ගොඩක් වෙනස් වෙනව නේද?

    ReplyDelete
  31. අපොයි ඔය කඩ්ඩ අපිව කනවා. අපේ කැම්පස් එකෙත් කොලඹ 7 පොශ් කෙල්ලොත් එක්ක කතා කරන්න ගියොත් අපිට එන්න වෙන්නේ තුවාල වෙලා අම්බානෙකට.

    ඇයි උන්ගේ වැඩේම කඩ්ඩෙන් වනනවානේ.. අපි හෙලුවෙන් වනනවා.උන් කඩ්ඩෙන් වනනවා...

    ReplyDelete
  32. @අපරාජිතයා
    අප්පොච්චියේ අපේ බැච් එකේ නම් ඔය වගේ පොශ් කම පෙන්නන්න කඩ්ඩෙන් අනින අය නෑ. ඒක නිසා ශේප්.

    ReplyDelete
  33. අපේ එකෙකුත් හිටියා මිනිහ කඩ්ඩෙන් කතාකරන්න ගියොත් හත්පොලේ ගා ගන්නව.
    ඔන්න දෙසැම්බර් වැකේෂන් ඉවරවෙලා කැම්පස් පටන් ගත්තු දවස. අපේ සෙට් එකේ හිටියා ක්‍රිස්තියානි එකෙක් රොහාන් කියල.
    මෑන් රොහාන්ගෙන් අහනවලු "ආ රොහාන්... කැතලික් කොහොමද?" කියල.

    මේකත් මෑන්ගෙම කතාවක්. දවසක් කැම්පස් එකේදි යාලුවෙක්ගෙන් මිනිහ අහනවලු "මචං ලෙක්චස් එකට යනවද?" කියල. යාලුව කිව්වලු "ලෙක්චස් නෙවි බං.. ලෙක්ච(ර්)" කියල. පස්සෙ මෑන් ආපහු අහනවලු." ඔව් බං ලෙක්චස් එකට යමුද?" කියල.

    ReplyDelete
  34. මේකත් අපේ යාලුවෙකුට සිද්ධ වුනයි කියන කතාවක්. මිනිහ කෑමට හරි පෙරේතයිලු. දවසක් හොඳටම බඩගිනිවෙලා හොඳට කන්න හිතාගෙන කඩේකට ගිහින්.
    "මුදලාලි මොනවද තියෙන්නෙ?"
    මුදලාලි කිව්වලු "මාතියා, ‍ෆිෂ් තියෙනව, චිකන් තියෙනව" කියල.
    මෑන්ට ඌරුමස් කන්න ආස හිතිල ඇහුවලු "මුදලාලි පිග් නැද්ද?" කියල.

    ReplyDelete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. අපෙත් ගොබිලෙක් දවසක් කෝප්පයක් ඕනේ වෙලා "කෝප්ස්" දෙන්න කියලා ඉල්ලුවා. එක වෙනම කතාවක්. අනික් කතාව තමා කාලයක් අපේ පන්සලත් English medium කරලා තිබුණේ. මේ ඒ දවස්වල ගිය එකක්.

    ඇබිත්ත මල්ලි : පොඩි හාමුදුරුවෝස්, දානෙස් වැළඳුවාදස් ?
    පොඩි හාමුදුරුවෝ : ඔව් මල්ලිස් මමස් දානෙස් වැළඳුවාස් :))

    ReplyDelete
  37. අම්මෝ හිනා වෙලා පන යනවා :ඩි

    ReplyDelete
  38. අනුන්ෙග් කතා වැඩක් නෑ තමන්ෙග් ඒ්වා ලියනවෙකා්.....

    ReplyDelete
  39. මචන් පට්ට හොදේ

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.