twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Monday, December 19, 2011

ඇගේ තනියට රැය පහන් කළෙමි

හ්ම්ම්, පෝස්ට් 50 කුත් ලිව්වා. 50ට සුභ පතපු හැමෝටම ආයෙත් පාරක් ගොඩාක් ස්තූතියි. බ්ලොගේට අලුත් ඇඳුමකුත් ඇන්දුවා. කලින් තිබුන එකට මම ගොඩක් ආසයි. ඒ වුනාට වෙනසක් කරන්න ඕන කියලා හිතුනා. පස්සෙ කාලෙක ආයෙත් ඒක දානවා. මට අම්ම ඕන කියන පෝස්ට් එකේ මම කියන්නේ නෑ කියල හිටපු මගේ ආදර කතාවේ පොඩි සිද්ධියක් කිව්ව නේ. ඊට පස්සේ මට හිතුනා ඒ කතාවේ තව විශේෂ සිද්ධියක් කියන්න ඕන කියලා. මේක නම් එච්චර ලස්සන කතාවක් නෙමෙයි. ඒත් මේ වගේ දේවලුත් වෙනවා කියලා දැනගන්න මම මේක කියනවා. හැබැයි ඉතින් දැන් කාලේ වෙන දේවල් වල හැටියට මේ වගේ දේවල් වෙනවා කියන එක මම අමුතුවෙන් කියන්න ඕන නැතුවත් ඇති. 

මේ සිද්ධිය වෙනකොටත් අපි යාළුවො කියන නමින් තමයි හිටියේ. මම එදා හිටියේ බෝඩිමේ. එතකොට මම උසස් පෙළ පළවෙනි අවුරුද්දේ හිටියේ. එදා අපේ ඉස්කෝලේ ස්පොට් මීට් එකට කලින් දවස. එදා එයා ටිකක් කලින් නිදා ගත්තා. ගුඩ් නයිට් මැසේජ් එකත් යවලා මම පාඩම් කර කර හිටියේ. ටිකක් රෑ වෙලා එයාගෙන් කෝල් එකක් එනවා. වෙලාව 11 - 12 අතර වගේ. මම බැලුවා මේ නිදාගන්න ගිය කෙනා මොකද කෝල් කරන්නේ කියලා. අනිත් එක අපි මැසේජ් කරගත්තට කෝල් කරන්නේ නෑ. හැම සති අන්තෙම යාලුවෙක්ගෙ හොස්ටල් එකේ තියන ෆෝන් බොක්ස් එකෙන් එයා මට කෝල් කරනවා. ඒ ඇරෙන්න මොබයිල් එකෙන් කෝල් එකක් ගන්නේ විශේෂ වෙලාවක විතරයි. මොකද ඒ කාලේ මේ වගේ කෝල් චාර්ජස් අඩු නෑ නේ. මාත් ඉක්මනට ආන්සර් කළා. එයා ටිකක් කලබලෙන් වගේ කතා කලේ. එයා මගෙන් physics පාස්ට් පේපර් එකක තියන ප්‍රශ්නයක් ගැන ඇහුවා. එයා කියන දේ හරියට පැහැදිලිත් නෑ. මම කරකවල අතෑරියා වගේ. physics එකස්පර්ට් මගෙන් ප්‍රශ්න අහන්නේ මොකද කියල. අනිත් එක මේ නිදාගෙන හිටපු ගෑනිට මහ රෑ එකපාරට මොකද physics ප්‍රශ්නයක් මතක් වුනේ? physics පේපර් එකවත් හීනෙන් දැක්කද දන්නේ නෑ.

මම  ඉතින් කෝකටත් කියලා පාස්ට් පේපර් පොත අරගෙන ඒ කියපු ප්‍රශ්නේ හොයන්න ගත්තා. දැන් මෙයා ඉවරයක්‌ නැතුව කියවනවා. මට තේරුණා ඇත්තටම මෙයාට  physics ප්‍රශ්නයක් අහගන්න නෙමෙයි ඕන වෙලා තියෙන්නේ කියලා. මට එතකොට තමයි තේරුනේ මෙයා හොඳටම බයවෙලා ඉන්නේ කියලා. මම ඇහුවා මොකක්ද ප්‍රශ්නේ, ඇයි බය වෙලා වගේ කියලා. ඒත් මුකුත් කියන්නේ නෑ. ඊට පස්සේ මම සැරෙන් ඇහුවා "මොකක්ද වෙලා තියෙන්නේ? මට කියන්න." කියලා. ඊට පස්සේ එයා කිව්වා, "මෙහෙම කියන්න බෑ, කියලා." දැන් ඉතින් මට විකාරයි. මම ආයෙත් ඇහුවා. ඊට පස්සේ එයා කිව්වා "මෙතන කියන්න බෑ, මැසේජ් එකක් දාන්නම්" කියලා. ඊට පස්සේ ආපු මැසේජ් එකේ ඇඟ හිරිවැටිලා යන කතාවක් කියලා තිබුනේ.

එයා කාමරේ නිදාගෙන හිටියලු. එයාගේ හොඳම යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක්ගෙන් කෝල් එකක් ඇවිත්. එයාට කතා කරලා ඉවර වෙලා ආයෙත් නිදාගත්තලු. නින්ද කැඩුන නිසා ටික වෙලාවක් යනකල් හරියට නින්ද ගිහින් නෑ. එහෙම ඉන්නකොට එයාට දැනුනලු එයාගේ ඇඳ ළඟ කවුරුහරි ඉන්නවා කියලා. කළුවර නිසා හරියට පෙනුනේ නැති වුනාට එයාට තේරුනාලු බෝඩිමේ අන්කල් තමයි ඒ ඉන්නේ කියලා. එයාට කරගන්න දෙයක් හිතාගන්න බැරි වුනාලු. එයා කෑගහලත් නෑ. ඊට පස්සේ ඒ මිනිහ මෙයාගේ මූණ දිහාවට පාත් වෙලා. එයාට කළුවරේ ඡායාවක් පෙනුනලු ඒ මිනිහ එයාගේ මූණ පැත්තට පාත් වෙනවා. එතකොටම මෙයා ඇඳේ අනිත් පැත්තට හැරිලා. ඒ පාර අර මිනිහත් කලබල වෙලා ටක් ගාල කාමරෙන් එලියට ගිහින්. ඒ වෙලාවේම තමයි මෙයා මට කෝල් කරලා තියෙන්නේ. එයා බයෙන් ඉන්නේ අර මිනිහා ආයෙත් ආවොත් කියලා.

මම එහෙමම අනිත් පැත්තට කෝල් එකක් ගත්තා. එයා ඒ වෙනකොටත් එහෙමම ඇඳේ හිටියේ. ඒ කාමරේට දොරක් වත් නෑ. මම කිව්වා ඉක්මනට කාමරේ ලයිට් එක දාන්න කියලා. එතකොට අර මිනිහා දැනගන්නවා නේ එයා නිදි නෑ කියලා. අනිත් එක ලයිට් එකක් දාල තියන කාමරේකට හොරෙන් රිංගන්න හදන්නේ නෑ නේ. බෝඩිමේ ඇන්ටිත් ගෙදර ඉන්නවා. ඒ නිසා ඒ මිනිහා හොරෙන් රිංගන්න හැදුවොත් මිසක් බලහත්කාරෙන් කාමරේට එන්න හදන්නේ නෑ නේ. ඊට පස්සේ එයා ලයිට් එක දාල ආයෙත් ඇඳට ආව. එයා හොඳටම බය වෙලා, හරියට කතා කරගන්නත් බෑ. මටත් දැන් හොඳටම බයයි. ලයිට් එක දාල නිසා ඒ මිනිහා ආයෙත් එන්නේ නෑ කියල විස්වාසයක් තිබුනා, ඒත් ඉතින් වැරදිලාවත් මොකක් හරි වුනොත් කාට කියන්නද? මම කිව්වා වැරදිලාවත් ඒ මිනිහා ආයෙත් කාමරේට ආවොත් ඇන්ටිට ඇහෙන්න හයියෙන් කෑගහන්න කියලා. මගේ ළඟ එයාගේ බෝඩිමේ ෆෝන් නම්බර් එකත් තිබුනා. ඒ මිනිහා ආයෙත් ආවොත් මම ටක් ගාල ඒකට කෝල් කරන්න බලාගෙන හිටියේ. එතකොට ඇන්ටි ඇහැරෙනවා නේ. අනිත් එක එතකොට ඌත් බය වෙනවා නේ.

ඒ ඇරෙන්න මට ඒ වෙලාවේ කරන්න පුළුවන්කම තිබුනේ එයාගේ බය නැති වෙනකල් එයා එක්ක කතා කර කර ඉන්න එක විතරයි. ඊළඟ ප්‍රශ්නේ ෆෝන් එකේ සල්ලි. ඒ දවස් වල අපි දෙන්න ළඟ තිබුනේ ඩයලොග් ප්‍රී පේඩ් සිම් දෙකක්. My 5 ඇක්ටිව් කරලා තිබුන නිසා විනාඩියකට රුපියල් 2ක් යන්නේ. නැත්තන් රුපියල් 4ක් ද කොහෙද. මගේ ෆෝන් එකේ ලොකු ගානක් තිබුනේ නෑ. එයාගේ එකෙත් වැඩිය සල්ලි තිබුනේ නෑ. කොහොමහරි ඕන වුනොත් බෝඩිමට කෝල් එකක් දෙන්න මගේ එකේ සල්ලි තියෙන්නත් ඕන, මොනවා හරි වුනොත් මට කියන්න එයාගේ එකෙත් සල්ලි ඉතුරු කරගන්නත් ඕන. ඒ පාර මම අපේ බෝඩිමේ තිබුන ඔක්කොම ෆෝන් ටික අරගෙන ආව. ඔක්කොම කිව්වට ෆෝන් තිබුනේ මහිමයටයි තව දෙන්නෙකුටයි විතර. ඒ ඔක්කොගේම සල්ලි ඉවර වෙනකල් කතා කළා. එක දිගටම කතා කලේ නෑ. විටින් විට කතා කලේ සල්ලි ඉවර වෙන නිසා. කොහොම හරි ඒ ෆෝන් ටිකෙන් සැලකිය යුතු වෙලාවක් ඇද්ද.

මං ගැනම දුකයි මේවා මතක් වෙනකොට. මම ඊට පස්සේ ඩයලොග් එකට කෝල් එකක් ගත්තා. "මට පොඩි හදිස්සියක්, මට දැනට ෆෝන් එක රීචාර්ජ් කරගන්න ක්‍රමයක් තියනවද? මම පස්සේ ගෙවන්නම්" කියලා ඇහුවා. ඒ යකා කියනවා "ඔව් මහත්මයාට උදව් කරන්න පුළුවන්, මහත්මයාට තියෙන්නේ ලඟම තියන වෙළඳ සැලෙන් රීචාර්ජ් කාඩ් පතක් මිලදී ගෙන ඒකෙ තියන අංකය ඇතුලත් කරගෙන රීචාර්ජ් කරගන්න පමණයි" කියලා. මට ඉතින් අරූව බිම දාල බෙල්ල පාගල මරන්න තරම් තරහයි. මම ඇහුවා, "ඒක මම දන්නවා, මට මේ වෙලාවේ කාඩ් එකක් ගන්න විදියක් නෑ, වෙන කිසිම ක්‍රමයක් නැද්ද?" කියලා. මිනිහ කිව්වා වෙන කරන්න දෙයක් නෑ කියලා. මොනව කරන්නද ඉතින්? ඒ දවස් වල ලෝන් තිබුනෙත් නෑ නෙ. හැබැයි ටවුන් එකට ගියා නම් මට කාඩ් එකක් අරන් එන්න තිබුනා. බෝඩිමේ ඉඳල ටවුන් එකට කි.මි. 4 ක් විතර තිබුනේ. ටවුන් ඒකෙ නයිට් කඩ දෙක තුනක්ම තිබුනා. සයිකලෙත් තිබුනා, ඕන නම් අපේ එකෙක් ඇහැරවගෙන එක්ක යන්නත් තිබුනා. කොහොමහරි මට ඒක ඒ වෙලාවේ මතක් වුනේ නෑ.

ඊට පස්සේ මම ආයෙත් එයාට කෝල් එකක් ගත්තා. මම කිව්වා "රීචාර්ජ් කරගන්න විදියක් නෑ. එක දිගට කතා කරන්න එපා, සැරින් සැරේ ටික ටික කතා කරන්න. ෆෝන් එක අතේම තියාගන්න. මොනව හරි වුනොත් ටක් ගාල මට කෝල් කරන්න" කියලා. ඔය විදියට ගොඩක් වෙලාවක් කෝල් කර කර මිස් කෝල් දිදී හිටියා. අර මිනිහා ඇහැරගෙන හිටියත් කතා කරන සද්දේ, කෝල් කරන සද්දේ ඇහෙනකොට ආයෙත් එන්න හිතන්නේ නෑ නේ. කොහොමහරි ෆෝන් එකේ කීයක්‌ හරි ඉතුරු කරගන්න කිව්වට එයා මට කතා කරලා කතා කරලම සල්ලි ටික ඉවර කරගත්තා. දැන් මගේ එකෙත් තව පොඩි ගානයි තියෙන්නේ. මාත් ටික ටික කතා කර කර 4 විතර වෙනකල් කතා කළා. 4ට විතර මගේ එකෙත් සල්ලි ඉවරම වුනා. දැන් නම් එච්චර බයක් නෑ හැබැයි. ඔච්චර වෙලාවක් ගිහින් ඒ මිනිහ ආයෙත් එන එකක් නෑ කියල මට හිතුනා. මම කිව්වා කාමරේ ලයිට් එක දාලම තියන්න, පොඩ්ඩක් වත් නිදා ගන්න එපා කියලා. ඊට පස්සේ මම ඇඳේ වාඩි වෙලා බිත්තියට හේත්තු වෙලා හිටියා. මම එහෙම ගොඩක් වෙලා හිටියා. මට ඉතින් වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ. ඊට පස්සේ මම ෆෝන් එකේ එලාම් එකත් තියාගෙන හාන්සි වුනා. 

උදෙන්ම එලාම් එකට ඇහැරිලා දුවගෙන ගිහින් එහා පැත්තේ කඩෙන් කාඩ් එකක් දාගෙන එයාට කෝල් කළා. බුදු සරණින් එයාට කිසි කරදරයක් වෙලා තිබුනේ නෑ. එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.  එයා එලි වෙනකල්ම ඇඳේ වාඩි වෙලා ඉඳල. එයා ඇන්ටිට මුකුත් කියන්න ගිහින් නෑ, වෙනද වගේ ලේස්ති වෙලා ඉස්කෝලේ ගියා. යන්න කලින් අම්මට කෝල් කරලා ඔක්කොම විස්තරේ කියලා. එයා ඒ වෙලාවේ කියල නැත්තේ අම්ම බය වෙයි කියලා. ඇත්ත ඉතින්, ඒ වෙලාවේ අම්මට කෝල් කළා නම් අම්මට බයටම මොනව හරි වෙනවා. එයාගේ අම්ම හිටියේ ගොඩාක් දුර. එයා හවස ඉස්කෝලේ ඇරිලා එහෙමම යාලුවෙක්ගෙ ගෙදර ගියා. පස්සේ අම්ම ඇවිත් අර බෝඩිමට ගිහින් එයාගේ බඩු ටික අරන් ඇවිල්ලා. අම්මත් ඒ ගැන මුකුත් කියන්න ගිහින් නෑ. බොරුවක් කියල ශේප් වෙලා ඇවිත්.

එදා රෑ එයයි අම්මයි දෙන්නම හිටියේ අර යාළුවගේ ගෙදර. එයාගේ අම්ම මට කතා කරලා නොසෑහෙන්න ස්තූති කළා. එයාගේ අම්ම මගේ ගැන දන්නවා. මම මැසේජ් කරන්න ගත්ත මුල් දවස් වලම එයා අම්මට මං ගැන කියලා තිබුනා. එයාගේ හැම දෙයක්ම අකුරක් නෑරම එයා අම්මට කියනවා. හැබැයි යාලුවෙක් විදියට විතරයි මාව අඳුන්වලා දීල තියෙන්නේ. ඊට පස්සේ එයත් කතා කරලා මට ගොඩාක් දේවල් කිව්වා. කොහොම වුනත් මම එදා එක දෙයක් හරියටම දැනගත්තා. ඒ මම එයාට කොච්චර ආදරේ කළාද කියන එක. මට ඒ වෙලාවේ ඇති වුන බයේ හැටියට මම තේරුම් ගත්තා මම එයාට කොච්චර ආදරේ කළාද කියලා. එයා ඉස්කෝලේ ගිහින් එයාගේ හොඳම යාළුවො දෙන්නටත් විස්තරේ කියලා. එයා මට කිව්වා යාළුවො දෙන්න මට තෑන්ක්ස් කළා කියලා. මම ලොවෙත් නැති ටෝකක් ඒ වෙලාවේ දුන්නේ. මම කිව්වා, "එයාල මට තෑන්ක්ස් කරන්නේ මොකටද? මම පරෙස්සම් කර ගත්තේ මගේ දෙයක් නේ" කියලා.:P කොහොමද මගේ ටෝක්ස්? අයියෝ සංසාරේ කිව්වලු! මගේ දෙයක් කිව්වට ඉතින් කලින් කිව්වා වගේ 'යාළුකම' කියන නම තමයි ඒ වෙනකොටත් අපේ සම්බන්දෙට තිබුනේ. ඒ වුනාට ඉතින් ඔහොම කතා තමයි යන්නේ. 

මට එයාගේ අම්මත් එක්ක පුදුම තරහක් ආවේ කාමරේට දොරක් වත් නැති බෝඩිමක එයාව නැවැත්තුවා කියලා. අනිත් එක මට පුදුම අර මිනිහා ගෑනිත් ගෙදර ඉන්න වෙලාවේ එහෙම දෙයක් කරන්න හදපු එක. පුදුමාකාර අසහනයක් තියෙන්න ඇත්තේ. නැත්තන් ඉතින් ඔහොම දෙයක් කරාවිද. අපේ ලොකු අම්මගේ දුව හිටපු බෝඩිමකත් ටිකක් විතර ඔය වගේ වැඩක් වුනා. අක්කලා කාමරේ ඉන්න වෙලාවේ ඒ ගෙදර මිනිහා දොර රෙද්ද අතරින් බලාගෙන ඉඳල. අක්කල දැකල කෑගහලා.    

ඉතින් අක්කලා, නංගිලාට කියන්න තියෙන්නේ, කොයිතරම් විස්වාසවන්ත තැනක වුනත් කාමරේට ලොක් කරන්න පුළුවන් දොරක් නැති තැනක නම් නවතින්න එපා. අම්මල තාත්තලා වුනත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන ගෑනු ළමයෙක්ව බෝඩ් කරද්දී. පොඩි වෙලාවක් ඇති ආයෙත් හදන්න බැරි තරම් වැරද්දක් වෙන්න. 

40 comments:

  1. අද නම් මමයි එක..පට්ට කථාව අයියෙ.කෙල්ලෙක් විදියට මට ඒ කථාව හොඳින්ම දැනුනා

    ReplyDelete
  2. අම්මෝ.........මාර බොඩිමක්නෙ.ඔයින් ගියා මදැයි.

    ReplyDelete
  3. ෂික්.. ෆන් එකක් ගන්න තිබුන චාන්ස් එකනෙ තෝ මිස් කරල තියෙන්නෙ... කොහොමද බෝඩිමේ උන් එක්ක අන්කලයගෙ ගේ වටකරල පොඩි සත්තමක් දාල ගියානම් මොනා වුනාද හොයාගන්න බැරි වෙන්න... ;)

    ReplyDelete
  4. අම්මෝ අපි නම් බෝඩිමක් බලද්දි ඉස්සෙල්ලාම බලන දේ තමා ලොක් කරන්න පුලුවන් දොරක් තියෙද කියන එක.

    ReplyDelete
  5. සිරාවටම ඒ ආදරේට මොකෝ වුනේ අයියේ??? ඔච්චාහ්ර ආදරයක් නැති වෙලා ගියද???
    අර මිනිහ නම් පිස්සෙක් වෙන්නැති..බුදු අම්මෝ බය හිතෙනවා තමයි..අනික A.L කරන කාලෙනේ..වැඩි තේරුමකුත් නෑනේ දැන් වගේ..
    මිනිස්සුන්ගේ හිත්වල මොනවා තියේද මන්ද,,?

    ReplyDelete
  6. පිස්සු හැදෙන කතාවක්නේ...

    ReplyDelete
  7. ව් මහත්මයාට උදව් කරන්න පුළුවන්, මහත්මයාට තියෙන්නේ ලඟම තියන වෙළඳ සැලෙන් රීචාර්ජ් කාඩ් පතක් මිලදී ගෙන ඒකෙ තියන අංකය ඇතුලත් කරගෙන රීචාර්ජ් කරගන්න පමණයි" කියලා. මට ඉතින් අරූව බිම දාල බෙල්ල පාගල මරන්න තරම් තරහයි.

    //hik hik

    ReplyDelete
  8. ammo bodin hoyaddi nam arakshaawa gana godaak hithanna one.visheshen ganu lamai.
    kalin template eka hodai wage mekata wada:)

    ReplyDelete
  9. මටත් තරහ ගියා...දොරක්වත් නැති කාමරේක එයාව නවත්තපු එකට..

    අසනිත් එන මාසෙ ඉදන් බොඩින් ජීවිතෙකට යන්න ඉන්නේ...අසනි කොහොමත් මිනිස්සුන්ට බයයි..ඒ නිසාම යාලුවෙක් එක්ක තමයි...බොඩිමට යන්න හිතන් ඉන්නේ...කතාව කියලා ඉවර වෙනකොට අසනිගේ කකුල් දෙකත් ලොක් වෙලා අයියෝ...

    ඇයි යාලු මේ තරම් මිනිස්සු තිරිසන් වැඩ කරන්නේ...

    ReplyDelete
  10. අපේ අක්ක හිටපු බෝඩිමේත් ඔහොම ප්‍රශ්නයක් තිබිලා .. එයාලගේ අන්කල් වයසයිලු.. එයා තව අක්ක කෙනෙක් එක්ක හිටියේ. ඒ නාකි මනුස්ස්යා රෑක කාමරේට එබුනලු.. එතකොට අක්කල දෙන්න බයවෙලා.. මේ දෙන්න අන්කල්ට ඇහෙන්න කතා වෙලා වීරයො දෙන්නෙක් වගේ.. මුලු රෑම පාඩම් කරනවා වගේ ඉදල උදේම අන්කල්ට ගිහින් අක්ක කියල තියෙනව එයා කරාටේ කලු පටි කියලා.. කොහොමහරි අම්ම එදාම ඒ දෙන්න ඒ බෝඩිමෙන් අස් කරගත්ත ..

    ReplyDelete
  11. සහතික ඇත්ත. කල්පනා කල යුතු යමක්. ගාණ සීයක් දෙසීයක් අඩුවුනා කියලා ආවට ගියාට ගෑණු ළමයි බෝඩිං කරන්න හොඳ නෑ...

    ReplyDelete
  12. බලාගෙන යද්දි මලයටත් මරු සීන් තමයි වෙලා තියෙන්නේ.. ඔය කෙල්ල ගැන මෙච්චර දේවල් කියපු එකේ ඒ ලවු එකට මොකද උනේ කියලත් කියහන්කෝ.. ප්‍රසිද්ධියේ දාන්න බැරිනම් මට මැසේජ් පාරක්වත් දාන්න..

    ReplyDelete
  13. එල කොල්ලෙක්නේ . පස්සේ දවසකවත් ඒ අන්කල් ගෙන් ගේමක් එහෙම ඉල්ලලා කොල්ලා වීරයෙක් වෙන්න ගියේ නැතුව ඇති . ඇත්තටම ලව් එකට මක්කයි උනේ

    ReplyDelete
  14. @Dinesh
    වෙන මොනාද බං
    අපේ එකා අහුවුනා

    ReplyDelete
  15. නියම කතාව සහෝ. නියමෙටම වැඩේ කරලා තියෙනවා. ඔය වගේමමත් නෙමෙයි ඒත් ලාවට ඔය වගේ අත්දැකීම් තියෙනවා තනියට පැය ගණන් ෆෝන් එකෙන් කතා කර කර හිටපු ඒවා.

    දැන් ඉතින් උපහාරද, බ්ලාස්ටර්ද, හච් පැකේජ් එව්වා මෙව්වා එමටනේ :))

    ReplyDelete
  16. "මම පරෙස්සම් කර ගත්තේ මගේ දෙයක් නේ"

    මම මේ තාමත් කල්පනා කරන්නේ කෙළි ගාව තිබ්බ කසුන්ගේ දේ මොකකක්ද කියලා..:D

    මොනවා උනත් ආදරේ, වැරදුනා මිත්‍රකම වෙනුවෙන් මාරම කැප කිරීමක් නේ කරලා තියෙන්නේ.

    ReplyDelete
  17. අනේ ඔය මිතුදමට(ආදරයට) මොකද වුණේ අයියේ?

    ReplyDelete
  18. @Shani
    ස්තූතියි නගෝ! ඇත්තටම කෙල්ලෝ ගොඩක් පරෙස්සම් වෙන්න ඕන ඔය වගේ දේවල් ගැන.

    @නිසුපා
    අපෝ ඔව් අක්කේ, මම පුදුම විදියට බය වුනේ.

    @වර්ණා
    අද මොකද, 'හ්ම්ම්' විතරද?

    @සාතන්
    ඔන්න ඉතින් කලින් කතාව හරියට කියවලා නෑ නේ! :( එයා හිටියේ කොළඹ, මම හිටියේ ඩොටේ නේ.

    @පිණිබිඳු
    ඔව් අක්කේ, ඒක නම් අනිවාර්යයි.

    @ගිනි කුරුල්ලා
    මගේ ආදරේ නම් නැති වුනේ නෑ මලේ. එයාගේ ආදරේට මොකක්ද වුනේ කියල නම් මම දන්නේ නෑ. දිනේෂ් අයියට දෙන උත්තරෙත් බලපන්කො. මිනිස්සු ගැන නම් කතා කරලා වැඩක් නෑ මලේ.

    ReplyDelete
  19. @ලොකු පුතා
    මගේ සම්පූර්ණ කතාව දැනගත්තොත් උඹට අනිවා පිස්සු හැදෙනවා.

    @නදී
    ඇත්තට අක්කේ මට පුදුම තරහක් ආවේ ඒ වෙලාවේ. ඕක ඉතින් ඌ මට අමුතුවෙන් කියන්න ඕනද? මේ ටෙම්ප්ලීට් එක අවුල්ද අක්කේ?

    @අසනි
    හොඳ පරෙස්සම් තැනක් හොයා ගන්න අසනියේ. එතකොට බය වෙන්න දෙයක් නෑ නේ.

    "ඇයි යාලු මේ තරම් මිනිස්සු තිරිසන් වැඩ කරන්නේ."

    එකට දෙන්න උත්තරයක්‌ මම දන්නේ නෑ අසනි. මිනිස්සුන්ට මොනව වෙලාද කියල දන්නේ නෑ. මිනිහෙක් තිරිසනෙක් වෙන්නේ හිතාගන්නවත් බැරි ඉක්මනට. හොඳම දේ තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න එක.

    @Sammani
    ඒක තමයි කරන්න ඕන හොඳම දේ සහෝදරී. බය නෑ කියල පේන්න ඉන්න ඕන. අනිත් කොහොම හරි ඇහැරගෙන ඉන්න ඕන ඔහොම දෙයක් වුනොත්. එතන දෙන්නෙක් හිටපු නිසා ටිකක් හරි බය අඩුයි. අර වෙලාවේ අරයට කොහොම හිතෙන්න ඇද්ද?

    @ගොඩයා
    ඒක ඇත්ත සහෝ. ගැන නෙමෙයි බලන්න ඕන. ආරක්ෂාව තමයි පළවෙනි දේ.

    @Dinesh
    ප්‍රසිද්ධියේ කියන්න බැරි දෙයක් නෙමෙයි අයියේ. හරි මම කියන්නම්කො. අපි ඔය විදියට ගොඩක් කල් ගිහින් තමයි මුණ ගැහුනේ. ඒ මුණ ගැහුනට පස්සෙ තමයි හැම දේම වෙනස් වුනේ. කලින් තිබුනේ නැති පොඩි පොඩි ප්‍රශ්න ඇති වුනා. එයාට අපේ නොගැලපීම් පේන්න ගත්තා. කොහොමහරි උසස් පෙළ ඉවර වෙනකල් ප්‍රශ්නයක් තිබුනේ නෑ. උසස් පෙළ ඉවර වුනාට පස්සෙ එයා කිව්වා ගෙදරින් කැමති නෑ අපි මේ සම්බන්දෙ නවත්තමු කියලා. මට කිසි දෙයක් හිතාගන්න බැරි වුනත් බොහොම ලේසියෙන් එයා හැම දෙයක්ම අමතක කළා.

    මම පස්සෙ තමයි ඇත්ත කතාව දැනගත්තේ එයා අඳුරන අක්ක කෙනෙක්ගෙන්. එයා මාව දැක්කට පස්සෙලු හැම දෙයක්ම වෙනස් වුනේ. මම එයාට හැන්ඩි මදි වෙලාලු. ඒ කාලෙම එයා මගේ ගැන අදහස අත ඇරලා උසස් පෙළින් පස්සෙ තමයි කිව්වේ.

    ReplyDelete
  20. @රෙප් මහත්තයා
    නෑ බං, එයා හිටියේ කොළඹ. මම හිටියේ ඩොටේ. දිනේෂ් අයියට දීපු උත්තරේ බලපන් සහෝ.

    @මහිම මදුරංග
    ඔව් ඉතින් මට හරි වැරද්දක් කියාදෙන්න වත් එකෙක් හිටියේ නෑ නේ ඒ බෝඩිමේ.

    @Hasitha
    අපොයි දැන් නම් එලි වෙනකල් කතා කර කර ඉන්න බැරියෑ. ඉස්සර මැසේජ් එකකටම බර ගානක් යනවනේ.

    @නාකියා
    එයා ළඟ තිබුනේ මගේ ජීවිතේ බං.:P කැපකිරීම් නම් දෙන්නම ගොඩක් කළා බං. ඒත්....

    @මගේ දිනපොත
    ඒක තමා මටත් හිතාගන්න බැරි මලේ. දිනේෂ් අයියට දීපු උත්තරේ බලපන්කො.

    ReplyDelete
  21. පනහ දාල නෑ... පස්සෙ දැක්කෙ.. ඔන්න මේකෙ සුභ පැතුව හොදේ...

    ReplyDelete
  22. ලස්සන කියන්නේ ආදරේ වැදගත්ම දේ නෙමෙයි කියලා එයා තේරුම් ගනියි.. පහුගිය දේවල් අමතක කරන එක තමයි හොදම දේ.. හදිස්සි නොවී හිටපන්.. උඹට හොද කෙල්ලෙක් සෙට් වෙයි..

    ReplyDelete
  23. අම්මපා
    හිටියෙම නෑ නේ

    ReplyDelete
  24. හ්ම්ම්ම් දාලා විතරක් හිටියේ තරහට
    ඇයි පරණ දේවල් මතක කරගෙන හිත ආපහු පාරවගන්නේ.
    දිනේෂ් අයියට කියපු දේ එදා කතාවෙත් ඔයා දාලා තිබුනා.
    අපි හැමෝම ලස්සනයි, බාහිර ලස්සනින් මිනිහෙක්ව මනින තරම් බොලද හිතක් තියෙන කෙනෙක්ටද ඔයා මේ තරම් පන දීගෙන ආදරේ කලේ.
    මේ ලෝකේ මිනිස්සුන්ට ඔය ලස්සන කියන දේ බල බල ඉන්නවා හැරෙන්න තව කොච්චර දේවල් තියෙනවද කරන්න. ආදරේ කියන දේ ඔය හැමදේකටම වඩා උතුම්. ඔයා මෙච්චර කාලයක් එයාව ආශ්‍රය කරලා, එයා හිතන ලස්සන ගැන දැනගත්තේ නැත්තේ ඇයි.
    අනිත් එක, ගිය කෙනෙක් ගැන ආපහු මතක කරලා කරලා හිත පාරව නොගෙන අපි අතින් වෙන්න ඕනා දේවල් ගැන හිතන්න.

    එයා පස්සේ තේරුම් ගනීවි ආදරේ කියන්නේ භාහිර ඔපයට නෙමෙයි කියලා.
    එච්චරයි.

    ReplyDelete
  25. මට ලොකු ප්‍රශ්නයක්....අයියා කොයිතරම් ඒ ගෑණූ ළ්මයට ආදරේද කියලා ඒ කතාවෙන් පෙනුනා...හැබැයි පිට ඔපේ නිසා අවංක අඅදරයක් නැති කරගත්ත එකට එයා කවදාහරි පසුතැවිලි ව්එයි...

    ReplyDelete
  26. @පොඩි මෑන්
    තැන්කූ සහෝ!

    @Dinesh
    හ්ම්ම් බලමුකෝ හොඳ කෙල්ලෙක් හම්බවෙනකල්.:) කොහොමත් හදිස්සි වෙන්නේ නම් නෑ ඒකට.

    @මහිම මදුරංග
    නෑ තමයි. හිටපු සේරම තව තව උල්පන්දම් දුන්න මිසක්.:P

    @වර්ණා
    මෙන්න මට බනිනෝ.....:(

    අපෝ නෑ නගෝ, ඒවා මතක් වුනා කියල දැන් නම් හිත පෑරෙන්නේ නෑ. එයාව සදහටම මගේ ජීවිතෙන් අයින් කරලා දැන් ගොඩක් කල්. ඒවා මතක් වුනාම හිනා නම් යනවා, මම කොච්චර මෝඩ වුනාද කියල මතක් වෙනකොට.

    කොච්චර කරත් මිනිස්සුන්ව හරියටම තේරුම් ගන්න බෑ නේ නගෝ. අනිත් එක එයා කෙලින්ම කිව්වත් එක්ක රූපය කියන දේ එයාට පොඩ්ඩක් වත් අදාළ නෑ කියලා. ඒත් ඉතින් අන්තිමට ඒ සේරම බොරු වුනා. මට එයාගේ හිත කියවන්න බෑ නේ.

    ඒක එයා තේරුම් ගනීද නැද්ද කියලනම් දන්නේ නෑ නගෝ. තේරුම් ගත්තේ නැතත් මට නම් කමක් නෑ. මට දැන් එයාගේ කිසිම අදාලත්වයක් නෑ.

    @හිතුවක්කාරි
    පසුතැවිල්ල කෙසේ වෙතත් එයා එහෙමම වෙන කොල්ලෙක් එක්ක නම් යාලු වුනා නගෝ. අයියෝ සල්ලි කිව්වලු! හැබැයි සංසාරේ කවදාහරි එයාට ඒ පවට විපාක නම් ලැබෙනවා.

    ReplyDelete
  27. දැක්ක හැටියේ, නැගිට්ට ගමන් කන පැලෙන්න දෙන්නනෙ තිබුනෙ අත දිගෑරලා ......

    අම්මත් නිකංම කට වහං ගිය එක වැරදියි කතන්දරේ පැහැදිලි කරලා කියන්න තියන ටික කියලයි එන්න තිබුනෙ ....

    ReplyDelete
  28. අනේ ඔව් එහෙනම් එයා කටින් බතල හිටවලා තියෙන්නේ.

    ReplyDelete
  29. මාර ගෙමක් දීලනේ තියෙන්නේ.ඉඳල හිටලා අසහන කාරයෝ ඉන්නවා තමා

    ReplyDelete
  30. @පන්සල් හංදිය
    එහෙමත් බෑ නේ අයියේ, ඊට පස්සෙ ඒ තරහටම මොනවා හරි කළා නම්?

    @වර්ණා
    අපොයි ඔව් නගෝ, ඒක නම් එහෙම තමයි.

    @අසරණයා
    අසහන කාරයෙක් කියන්නේ බං ඒකෙ හොඳම එක.

    ReplyDelete
  31. හරි ගස්සන්න බැරි එව්වා හදන්න දැන් පුළුවන් මලේ...

    ReplyDelete
  32. අර අපි එහෙ ගියපු එකත් දාපන්කෝ
    අර ගුණදාස ගැන එහෙම

    ReplyDelete
  33. පස්සේ දවසක අර අසහනකාර අංකල්ට දෙකක් දෙන්න නේ තිබ්බේ. මහිමයාවත් ඇඳගෙන ගියා නම් වැඩේ දීලාම එන්න තිබ්බා. ඒකා අද එක කෙල්ලෙක්ට එහෙම කලා නම් හෙට වෙන කෙල්ලෙක්ට එහෙම කරයි. මහ අවලම් බල්ලෙක් !!!!

    ReplyDelete
  34. නව මගක් ගත් කතාවක්!

    ReplyDelete
  35. ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

    ReplyDelete
  36. සුභ නව වසරක් වේවායි පතනවා..මගේ යාළු..!

    ReplyDelete
  37. @nawammawatha
    අයියටත් එසේම වේවා.....!

    @අසනි
    එසේම වේවා අසනියේ...! ඔයා බ්ලොග් එකට මූණු පොතේ එකවුන්ට් එකක් හදාගන්නකෝ. නැත්තන් පණිවිඩයක් වත් දෙන්න බෑ නේ.

    ReplyDelete
  38. අනේ අම්මෝ.. මටත් බය හිතුනා ඒක ඇහුවම නම්,. ඇත්තටම කෙල්ලෙක් ඒ වගේ වෙලාවකදි ගොඩාක් කලබල වෙනවා,. ඒ වගේ වෙලාවට තමන්ට ගොඩාක්ම සමීප කෙනාට තමයි ඕනෙම කෙල්ලෙක් කථා කරන්නේ,. :)

    ReplyDelete
  39. එල එල මචන් ඇ.. මේ දැන් ඒ ළමයාගේ සම්බන්දෙත් ඇති කියල මම හිතනවා..

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.