twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Friday, September 23, 2011

චානිකා ( III කොටස)

එන්න  එන්නම වැඩ ගොඩ ගැහෙනවා නෙ. හැමදාම බලන බ්ලොග් ටිකටවත් කමෙන්ට් දාන්න වුනේ නෑ. හලේ තරහ වෙන්න එපා හොඳේ. මගේ අන්තිම පොස්ට් එකට දාපු කමෙන්ට් වලට රිප්ලයි කරන්නවත් වුනේ නෑ. පරක්කු වුනොත් මුල කොටස් දෙක කියවපු අයට කතාව අමතක වෙන නිසයි මේ ලැබුන වේලාවෙන් තව කොටසක් දාන්නේ. නැත්තන් වැඩේ චා වෙනවනේ.

කලින් පෝස්ට් දෙකෙන් මගේ පළවෙනි ආදර කතාවෙ ෆස්ට් ශයි එක ගැන කිව්වනෙ. අද කියන්න යන්නෙ මම ඒකෙ සෙකන්ඩ් ශයි එක කරපු හැටි. ඔන්න ඉතින් එ වෙනකොට අපි වෑන් එකෙන් අයින් වෙලා බස් එකේ යනව. අපිත් එක්ක බස් එකේ යන්න 5ක් හිටිය. අපේ වෑන් එකේ ගිය 3යි, මේ කතවෙ අනිත් ප්‍රධාන නලුවයි, තව වෙන වෑන් එකක ගිය කොල්ලෙකුයි. අපි පස් දෙනාම ගියේ එකම ඉස්කෝලෙට. ඔය කාලෙ වෙනකොට මම චානිකා ගැන තිබුන අදහස සම්පූර්ණයෙන්ම අතෑරල තිබුනෙ. පුළුවන් කමකට නෙමෙයි ඉතින්, තවත් මගේ හිත රවට්ට ගන්න බැරි නිසා. මම ඉතින් ආයෙත් පරණ පුරුදු විදියටම දැහැමින් සෙමින් කාලය ගත කලා. ඔහොම ඉන්නකොට මට දවසක් චානිකාගෙ කොල්ල හම්බ වුනා. ඌත් ගියේ අපේ ඉස්කෝලෙටමයි. මම ඉතින් කතා නොකර බැරි කමට කතා කලා. ඌ ඒ වෙනකොට දන්නව මම හිතන්නෙ මාත් චානිකාගෙ පස්සෙ ගියා කියල. ඌ නිකන් මාත් එක්ක කතා කලේ කින්ඩියට වගේ. මොනව කරන්නද ඉතින් කුම්බලා මාළු කෑවනම් විඳවපන් බලලෝ කියල මාත් හිටිය. (ඒක ගැලපෙනවද මන්ද) ටිකක් කතා කරල මම ඇහුව දැන් ඉතින් දෙන්නගෙ ලව් එක නැගල යනවද කියල. ඊට පස්සෙ ඌ කියපු කතාවෙන් මම ආයෙත් පිස්සෙක් වුනා.

මිනිහ කිව්ව "දැන් ඒක ඉවරයි" කියල. මට නිකන් ඒ වචන ටික ඇහුනෙ හීනෙන් වගේ. ඌ ලොවෙත් නැති ටෝක් එකක් ඊට පස්සෙ දුන්නෙ. ඌ කිව්ව "කොච්චර හොඳ උනත් එකම පොත හැමදාම කියවනකොට එපා වෙනව නෙ බං. ඒවගෙ තමයි මේකත්" කියල. ඒ වචන ටික නම් හරියටම මතකයි. මට ඉතින් දැන් ඌව කන්න පුලුවන්. වෙලාවට මම හරක් මස් කන්නෙ නෑ. ඇයි යකෝ මට කරගන්න දුන්නෙත් නෑ. දැන් ඌ කරන්නෙත් නෑ. හැබැයි ඉතින් ඌ ඒ කියපු කතාවෙන් මට ඇත්තටම ඇතිවුනේ තරහකට වඩා සතුටක්. මොකද කියල කියන්න ඕන නෑ නේ.:) කොහොමහරි ඌ කියපු කතාවෙන් අමාරුවෙන් මෙල්ල කරගෙන හිටපු මගෙ අහිංසක හිත ආයෙත් පිස්සු කෙලින්න ගත්ත. ඇයි ඉතින් දන් චානිකා අරුත් එක්ක සම්බන්දයක් නැත්තන් මම කොහොමද හිත හදාගෙන ඉන්නේ? මගේ හිත දැන් නන්නත්තාර වෙලා, හරියට කුණාටුවකට අහුවුන බස් ටිකට් එකක් වගේ. කොහොමහරි මම ඒ වෙලාවෙම හිතාගත්තා ආයෙත් ගේමට බහිනවා කියල. ඊට පස්සෙ ඉතින් මම පුරුදු විදියටම අරූටත් විස්තරේ කිව්ව. අපේ ඉතින් හිත හොඳ වැඩියි නෙ. අපරාදෙ කියන්න බෑ ඌත් කිසි කතාවත් නැතුව ආයෙත් වැඩේට ආව. ඊට පස්සෙ ඉතින් එපා කියන්නද? පස්සෙ ඉතින් දෙයියො බුදුන් සිහි කරල අපේ හවුල් ව්‍යාපාරෙ ආයෙත් පටන් ගත්ත.:) සෙකන්ඩ් ශයි එක පටන් ගත්තට බයෙන් බයෙන් හිටියේ ප්‍රතිචාර කොහොම වෙයිද කියල. පුදුමෙ කියන්නෙ ප්‍රතිචාර නම් අවුලක් නෑ, වෙනද වගේම හිනා වෙනව, හම්බ වුනොත් කතා කරනවා.

දැන් ඉතින් වැඩේ පටන් ගත්තට කලින් වගේ ලේසි නෑ. මම දැන් වෑන් එකේ නෙමෙයි නෙ යන්නෙ. හැබැයි හම්බවෙන්න පුලුවන් තැන් කීපයක් තිබුනා. හම්බවෙන්න කිව්වට ඉතින් මූන බලාගන්න විතරයි. ඒත් මදෑ ඉතින් මුකුත්ම නැතුවට වඩා. අපේ ඉස්කෝලෙ ළඟ ඉඳල ටිකක් දුර පයින් ගියාම අපේ පැත්තට යන බස් අල්ල ගන්න පුළුවන්. ඕන නම් බස් ස්ටෑන්ඩ් එකට ගිහින් යන්නත් පුළුවන්. හැබැයි ඒක ඉතින් වටයක් වගේ. වැඩිපුර බස් කුලියත් යනවා, වෙලාවත් වැඩිපුර යනවා. ඒ වුනාට ඉතින් අපි නම් ගියේ බස් ස්ටෑන්ඩ් එකට ගිහින්. අපේ වෑන් එක චානිකාලගේ ඉස්කෝලේ පැත්තට ගිහින් ඒ ගොල්ලෝ අරගෙන බස් ස්ටෑන්ඩ් එක ලඟින් තමයි යන්නේ. අනේ ඉතින් අපි දෙන්න එතනට ගිහින් බලාගෙන ඉන්නව වෑන් එක යනකල්. අපි දෙන්න කිව්වට ඉතින් බස් එකේ යන සෙට් එකේ අනිත් උනුත් යනවා. උනුත් අතින් සල්ලි දීල හරක් බලනව කියන්න වගේ අතින් සල්ලි වියදම් කරගෙන අපිත් එක්ක එනවා. පව් නේද උන්? අපි දෙන්නම ගියාට දෙන්නම එක තැන නෙමෙයි ඉන්නෙ. මීටර් දහයක් විතර පරතරයකින් තමයි ඉන්නෙ. වෑන් එක ඈත එනවා පේනකොට පපුව දඩි බිඩි ගාල ගැහෙන්න ගන්නවා, කකුල් දෙක ලාවට වෙව්ලන්න ගන්නවා වගේ පොඩි පොඩි සීන් තිබුන.:) ඒකිත් ඉතින් දන්නවා අපි දෙන්න බලාගෙන ඉන්නවා කියල. ඒක නිසා අපේ පැත්ත බලල පොඩි හිනාවක්‌ දාල තමයි යන්නේ. ඒ පොඩි හිනාව ඇති ඉතින් දවසක් ජීවත් වෙන්න. ඒ පොඩි හිනාව බලාගන්න අපි හෙනම කට්ටක් කනවා, ඒත් කිසි දුකක් නෑ ඒ ගැන. හැබැයි ඉතින් එච්චර කරල වෑන් ඒක මිස් වුන දවසට හරිම සන්තෝසයි.

චානිකාව හම්බවෙන්න මම හොඳම කට්ට කන්නේ අඟහරුවාදා. (මට මතක විදියට) මම කිව්වට ඉතින් මම විතරක්ම නෙමෙයි. අපේ මහිමයත් ඒ කට්ට එහෙමම කනවා. එදාට චානිකාට පන්තියක් තියනවා අපේ ගෙවල් වලටත් ටික දුරක් එහා. ඒකි වෑන් එකේ ගිහින් ගෙදර බැහැල එහෙමම පොත් ටික අරගෙන බස් එකේ තමයි යන්නේ. මම කරන්නේ ඉතින් ඉක්මනට ගෙදර ඇවිත් ටක් ගාල ලේස්ති වෙලා ඒකි පන්ති යන බස් එකටම නගිනවා. (යාලුවෙක්ගෙ ගෙදර යනවා කියල තමයි ගෙදරට කියන්නෙ) වැඩේ තියෙන්නෙ ඉතින් ඉක්මනට ගෙදර එන එක තමයි. අන්න ඒ වෙලාවට තමයි මහිම පිහිටට එන්නෙ. අඟහරුවාදට ඉස්කෝලේ ඇරපු ගමන් මහිමත් එක්ක දූවගෙන එනවා අර අපේ පැත්තට බස් යන පාරට. 1.5km විතර තියනව අපේ ඉස්කෝලෙ ළඟ ඉඳල ඒ පාරට. ෆුල් රන් එකක් දෙන්න ඕන එතනට, නැත්තන් ගෙදර ලඟින් ඒකි යන බස් එක අල්ල ගන්න බැරි වෙනවා. ඒක නිසා පුළුවන් උපරිම වේගෙන් දුවන එක තමයි කරන්නේ. මට ඉතින් හතියත් තියනව, ඒත් එහෙම කියල කොහොමද? අතාරින්නෙ නෑ, පණ ඇද ඇද දුවන්නේ. මම නම් ඉතින් කමක් නෑ කියමු, මම දුවන්නේ මගේ වැඩේට නේ. අර අසරණ මහිමයත් ඉතින් මගේ පස්සෙන් දුවන්න ඕනනේ. ඒ යකා ඉතින් ඉස්කෝලෙ ලඟින් පටන් ගත්තම අර පාර ලඟට එනකල්ම මට බැන බැන තමයි පස්සෙන් දුවගෙන එන්නෙ. ඕක ඔච්චර කොට වුනෙත් මාත් එක්ක දුවලමද කොහෙද.:D


කොහොමහරි  කරල ඉතින් බස් එක අල්ල ගන්නවා. චානිකා හැමදාම එක බස් එකක යන්නේ, අනිත් යාලුවොත් එන්නෙ ඒකෙ නිසා. ඔන්න ඉතින් එදාට නම් ටිකක් කතා කරන්න ලැබෙනවා. මොනව කලත් ඒකි මාත් එක්ක කතා කරනවා. විනාඩි පහක විතර දුරක් තමයි යන්න තියෙන්නෙ. ඒත් ඉතින් ඒ විනාඩි පහ මට පැය ගානක් වගේ දැනෙන්නෙ. ඒ කතා කරන වචන ටික මගේ ජීවිතේට බලාපොරොත්තු ගොන්නක් එකතු කරනවා. හැබැයි එච්චර කට්ටක් කාලත් බස් එක මිස් වුන දවස් තිබුන. හවුලෙ නැතුව තනියම කරපු එකම වැඩේ තමයි ඕක. එහෙම ගිහිල්ල ඉතින් පන්තියට ටිකක් එහායින් බැහැල අනිත් පැත්තට එනවා. සමහර දවස් වලට ආයෙත් හවසට පන්තිය අරින වෙලාවටත් යනවා. අපේ වෑන් එකේ ගිය තුන් දෙනයි, මේ කතාවේ ප්‍රධාන නළුවයි ඇරුනම අපිත් එක්ක බස් එකේ යන්න සෙට් වුනා කියපු අනිත් කොල්ලගේ ගෙදර තියෙන්නෙ ඔය පන්තියටත් හෝල්ට් එකක් එහා. ඉතින් පන්තිය ඇරෙන්න කිට්ටු කරල උගේ ගෙදර ගිහින් ඉඳල පන්තිය අරින වෙලාව අල්ලලා එනව. සමහර දවස් වලට බයිසිකලෙනුත් යනවා. එහෙම ගියොත් ඉතින් පන්තිය ළඟ ඉන්නකොට මූන බලාගන්න විතරයි පුළුවන්. බස් එකේ ගියොත් එනකොටත් කතා කර කර එන්න පුළුවන්, හැබැයි ඉතින් මම බස් එකට නගින්න ඕන ඒකිට කලින් නිසා හරි බස් එක අල්ලගන්න එක තමයි අමාරු වැඩේ. 

ලොකුම ගේම යන්නෙ සෙනසුරාදට. ඒක ඊළඟ කොටසින් කියන්නම්. තව එක එක ජිල් මාට්‌ වැඩ කළා පොඩ්ඩකට හරි ඒකිගේ මූන බලාගන්න. ඔක්කොම කියන්න ගියොත් මේක ලියල ඉවරයක් කරන්න වෙන්නෙ නෑ. සමහර දවස් තිබුන දවසට තුන් හතර වතාවක් දකින. සමහර වෙලාවට දවස් දෙක තුන මූන බලාගන්න වෙන්නේ නෑ. එහෙම දවස් වලට ඉතින් හූල්ල හූල්ල තමයි ඉන්නෙ. ඒකි පොඩ්ඩක් මූන බලල හිනා වුනාම ඉතින් ලෝකෙම අමතක වෙනවා. ඒ ලැබෙන හයිය ඇති ඕන කට්ටක් කන්න. මම කොච්චර ඒ ගැන හීන මැව්වද කියල දැන් මතක් වෙනකොට මට මං ගැනම පව් කියල හිතෙනවා. ඔය ගැන හිත හිත මම කොච්චර නම් මූඩ් ගහල ඉන්න ඇත්ද? හම්බවුන වෙලාවක වැරදිලාවත් හිනා නොවී ගියොත් ඉතින් මට පුදුම විදියට ඒක හිතට වදිනවා. වැඩියත්ම දුක ඉතින් ඒකි කලින් මගේ හොඳම යාලුවෙක් නේ, ඒකයි. එහෙම දවසට ඉතින් මම අශ්වයා මැරිච්ච කව් බෝයි වගේ තමයි. 

කොහොම හරි ඒ කාලේ වෙනකොට අරූත් එක්කත් චානිකා දැක්කම හිනා වෙනවා. මට ඒ ගැන පොඩී ඉරිසියාවකුත් තිබුන. ඇයි ඉතින් මම නැත්තන් එහෙම එකෙක් ඉන්නවද කියලත් දන්නේ නෑ. මම ඌට කොච්චර උදව් කලත් මගේ හිත විශ්වාස කලේ චානිකා මටම අයිති වෙයි කියල. අපි දෙන්නම එකට දකින වෙලාවට නම් මාත් එක්ක තමයි හිනා වෙන්නේ. ඒත් මට මතකයි දවස් දෙකක් විතර මාත් එක්ක හිනා වෙන්නේ නැතුව අරූත් එක්ක හිනා වුනා. අම්මෝ ඒ දවස් දෙකේ නම් මම මැරිල වගේ හිටියේ. 

ඒ දවස් වල ඉතින් හීනෙනුත් පෙන්නේ චානිකාව තමයි. ලස්සනම සීන් එකක් තියනවා ඔය වගේ හීනයක්‌ ගැන. මගේ බ්ලොග් එක පල්ල මේක ඇත්තම කතාවක්. හැබැයි මට මතක විදියට මේක ෆස්ට් ශයි එකේදී වුන සිද්දියක්. ඒ කාලෙ වෙනකොට මම හිටියෙ ලොකු අම්මලාගේ ගෙදර. (අපේ ගෙදරට පාරෙන් උඩ පැත්තෙ ලොකු අම්මලාගේ ගෙදර තිබුනේ.) අපේ ගේ හදල තිබුනට අම්මල හිටියේ නිල නිවාස වල නිසා මම ලොකු අම්මලාගේ ගෙදර හිටියේ. ඇඳන් දෙකක් එකට දාල තමයි මායි පොඩි අයියයි (ලොකු අම්මගේ පුතා) නිදා ගන්නේ. ඔව් ඔව් මම අර කතාවේ කලින් කියපු එකා තමයි. ඔන්න ඉතින් දවසක් මම ලස්සන හීනයක්‌ දකිනව. මම අපේ බස් හෝල්ට් එකට යනකොට එතන තියන බංකුවේ ලස්සන ගෑනු ළමයෙක් වාඩි වෙලා ඉන්නව. (ඇත්තට එතන එහෙම බැංකුවක් නම් නෑ) මම ඈතදීම අඳුන ගත්ත, ඒ චානිකා. කළු ඩොට් තියන සුදු ගවුමක් එයා ඇඳන් හිටියේ. (ඇත්තටමත් චානිකාට එහෙම ගවුමක් තිබුන) මම එතනට ගියාම ඒකි මාත් එක්ක ආදරෙන් හිනා වුනා. ඊට පස්සෙ මාත් එතනින් වාඩි වුනා. අපි දෙන්න එහෙම කතා කර කර හිටිය ටිකක් වෙලා. කතා කලේ මොනවද කියල නම් දන්නේ නෑ. හීන එච්චර විස්තර ඇතුව පේන්නෙ නෑ නේ. ටික වෙලාවකින් මම චානිකාගේ අත උඩින් අත තිබ්බ. ඒකි මුකුත් කිව්වෙ නෑ. ඊට පස්සෙ මම හෙමිහිට ඒකිගේ අත අතගාන්න ගත්ත. අනේ ඔහොම ටික වෙලාවක් ඉන්නකොට මට ඇහැරුනා. මට තේරුනා ඒක හීනයක්‌ කියල.  දුක තමයි ඉතින් මොනව කරන්නද? හෑහ්! ඒ වුනාට මම තාමත් කාගෙහරි අතක් අතගානව. අනෙ අම්මේ මෙච්චර වෙලා මම චානිකාගේ අත කියල අතගාල තියෙන්නෙ පොඩි අයියගේ අත. ඊයා.......! මට ආපු තරහට මම උගේ අත පැත්තකට වීසි කළා. ඊට පස්සෙ ඉතින් බොහොම සන්තෝසෙන් ආයෙත් නිදා ගත්ත.
.....................................................................................................................................................................

ප.ලි. සෙනසුරාදට තමයි ලොකුම ගේම යන්නෙ. එදාට තනිකර සාමූහික මෙහෙයුමක් යන්නෙ. ඒක ඊළඟ කොටසින් කියන්නම්. ඊළඟ එකෙන් නම් කතාව ඉවර කරගන්න පුළුවන් වෙයි.

17 comments:

  1. මේක ඉක්මනට ලියපං බං...... චානිකා සැට් වුනාද බං.

    ReplyDelete
  2. අනේ...කසුන් අයියෙ...ඉක්මනට කියනවකො......
    වැඩේ සැට් ද.....
    සාමූහික ගේමත් ඉක්මනට දාන්න ඈ....

    ReplyDelete
  3. අපොයි....සෙකන්ඩ් ශයි ගිහින් තියෙන්නෙත් හවුලෙනෙ....මරු කොල්ලෙක් තමයි ඔයත්.

    ReplyDelete
  4. හිකිස්...ලොල්.පොඩි අයියට ඇහැරුනා නම් වෙන සීන් එකක් එතන.ලොලේ ලොල්..මේ ඉතුරු ටික ඉක්මනට දාන්න..ලස්සනට ලියලා තියෙනවා.මට පේන්නේ උබත් සදරුට දෙවෙනි නෑ වගේ..;)

    ReplyDelete
  5. ලොල්..හීනෙන් හරි දැක්ක එක හොදා නේ බන්..අපරාදේ පොඩ් අයියට ඇහැරෙන්න තිබ්බේ,එහෙනම් හොද නැටුමක් බලාගන්න තිබ්බ..

    ReplyDelete
  6. මටත් ඔහොම තමා ඉස්සර. පොඩ්ඩක් හිනා උනත් ඇති විනාඩි පහක් කියන්නේ මහ මෙරක් වගේ. ඒ නිසා ඕනම කට්ටක රහයි කිය කියා කන්න පුලුවන්.

    ReplyDelete
  7. ඔය හවුලෙ වැඩ පුරුද්දකට තියාගන්න එපා ගොයියො....

    මම මෙච්චර කාලයක් හිතන් හිටියෙ බ්ලොග් අවකාශෙ ඔකඳ වෙන උන්ට ඉන්නෙ සඳරුවයි, මාලුවයි විතරයි කියල... බලන් ගියහම උඹ උන් දෙන්නටම හපන්නෙ... ;)

    ReplyDelete
  8. මට චානිකා නෙමේ ප්‍රශ්නේ මෙන්න මේක...

    "දැහැමින් සෙමින් කාලය ගත කලා..."

    ෂුවර්ද...............???????????හික්ස්

    ReplyDelete
  9. දෙවෙනි පාරත් මොකද මේ හවුල් සමාගම් දැම්මේ... ඒකනේ මෝඩ වැඩේ කියන්නේ.. කලින් පාරනම් අවුලක් නෑ... කමක් නෑ සෙනසුරදා මොකද උනේ කියලත් කියවලම ඉමුකෝ එහෙනම්....

    ReplyDelete
  10. මොකක්ද ඉතින් කටු කටු වෙන මොනවාද?

    ReplyDelete
  11. @Prasanna
    ම්ම්ම් ඊළඟ කොටසින් ඔක්කොම දැන ගන්න පුළුවන්.:)

    @පිසාචයා
    හරි හරි මලේ ඉක්මනට දාන්නම්. මේ දවස් වල වැඩ ගොඩයි බං. ඒකයි සීන් ඒක.

    @නිසුපා
    මෝඩ කම තමයි ඉතින් අක්කේ.

    @පිස්සු පුසා
    පොඩි අයියට ඇහැරුනා නම් මල විනාසයක් වෙන්නෙ.:D මම පස්සෙ නම් ඌට සීන් එක කිව්ව.

    @ChammA
    හීනෙන් නම් ගොඩක් පෙනිලා තියනවා බං. හැබැයි පොඩි පොඩි කෑලි. ඕක තමයි විස්තර ඇතුව දැකපු එක.

    ReplyDelete
  12. @මධුරංග
    ඔව් බං ඒ කාලෙ කටු තමයි වැඩිය රහ. :P

    @සාතන්
    අම්මෝ හවුලෙ වැඩ නම් සම්පුර්ණයෙන්ම නවත්තල තියෙන්නෙ.:) ඔකඳ වෙන එක නම් ඉතින් මදි නොකියන්න වුනා. :D

    @අසනි
    අනේ ඇයි ඒ? අපි හොඳ ළමයි නෙමෙයිද? :(

    @Dinesh
    මෝඩයි කියන්නෙ හොඳම එක අයියේ. කියල වැඩක් නෑ ඒ ගැන.

    @මහිම
    මම වගේ අහිංසක කොල්ලෙක් වෙනුවෙන් කට්ටක් කෑවට මොකද බං? පින් සිද්ද වෙනවනේ.

    ReplyDelete
  13. යකෝ ආයෙම හවුලෙ ලව් කරන්න ගියාද ? බොටනම් හපොයි පිස්සු හොඳට...

    " ඒ පොඩි හිනාව ඇති ඉතින් දවසක් ජීවත් වෙන්න. " සහතික ඇත්ත කතාව... ඒ කාලෙ නම් හික් හික්.. 1.5ක් දුවනව කිව්වමම් මතක් උනේ.. මායි ගයානයයි දුන්න ඔහොමම ගේමක් 5 ට ස්ටෑන්ඩ් එකට යන්න ක්ලාස් ඇරිලා...

    ඉක්මනට දාපන්කො බන්.. කොටස් 2ක් කියලනේ පටන් ගත්තෙ... මොනා උනත් එළ.. මෙ ගැම්මට ලියපන් ඉවර කරන්න හදිස්සි වෙන්න එපා

    ReplyDelete
  14. හි හි...ඔයානම් නියමයි...හවුලේ කරන්න හොඳද මෙහෙම දේවල් :D

    ReplyDelete
  15. @පිස්සා පලාමල්ල
    ඔය හිනාවෙන් ලැබෙන ගැම්ම ගැන ගොඩක් කොල්ලන්ට අත්දැකීම් තියනවා නෙ.:) ඒ කාලේ නම් හොඳටම පිස්සු තමයි සහෝ.

    @මන්තරකාරි
    අන්න ආයෙත් මැට්ට කිව්ව. :(

    @Sayuri
    හවුලේ කැඳත් ඕන නෑ කියනව නේද අක්කේ? :)

    ReplyDelete
  16. ඊයා පිරිමි ළමයෙක්ගේ අතක් අතගාලා :ඩි

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.