twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න
Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Friday, March 23, 2012

හිතේ දුකට එතකොට කවි කියැවෙනවා


පහත  කවි පෙළ අමරදේවයන්ගේ 'පිලේ පැදුර හේනට අරගෙන යනවා' ගීතයේ තාලය සිහි කරගෙන කියවන මෙන් ඉල්ලා සිටිමි.

මැච් එක බලා බත් එක මට මිස්          වෙනවා
කැන්ටිම වසා කන්නට තැන් නැති      වෙනවා
පාරේ කඩත් වහලා දැන්                  නිදියනවා
රෑට කන්න මොකවත් මට නැති          වෙනවා

බඩගින්දර ඉවසන්නට බැරි                වෙනවා
හිතේ ගින්න ඊටත් දැන් වැඩි               වෙනවා
දවල් කාපු බත් එක මට සිහි                වෙනවා
හිතේ දුකට එතකොට කවි            කියැවෙනවා

හෙට උදේට ලෙක්චර් එක සිහි           වෙනවා
බඩගින්දර තව එතකොට වැඩි            වෙනවා
නොකා නොබී නින්දට යන්නට          වෙනවා
හිතේ දුකට එතකොට කවි            කියැවෙනවා

...................................................................................................................................................................

ප.ලි. රෑ කෑම අහිමි වීමේ දරුණු ශෝකයෙන් ලියන ලද්දක් බව සලකන්න.