twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න
Showing posts with label යාලුවො. Show all posts
Showing posts with label යාලුවො. Show all posts

Friday, February 10, 2012

සඳ පහන් රාත්‍රියක, ඔබ සිහිවූ මොහොතක...

සඳ පහන් රාත්‍රියක, තරුද නිදන රැයක, ඔබ සිහිවූ මොහොතක, යනාදී වශයෙන් පටන් අරන් ලියපු ඒවා එහෙම අපේ කට්ටියට මතක ඇති. නෑ නෑ මේ පෙම් හසුන් ගැන නෙමෙයි ලියන්න යන්නේ, සමරු පොත් ගැන.:) සමහරු නම් 'මහ දවාලේ', 'නිදි විකාරෙන්', වගේ ඒවත් ලියනවා.:) පොතක් හොයන්න පරණ පොත් ටික අදිනකොට ඕලෙවල් කාලේ ඔටෝ එක හම්බවුනා. පොත හොයන එක පැත්තක තියලා මම ඒක කියෙව්වා. ඉතින් ඒකෙ තිබුන කෑලි ටිකක් තමයි දැන් මේ කොටන්න යන්නේ. තොගේ සමරු පොතේ තිබුන ඒවා අපිට මොකටද කියල බනින්න එපා හොඳේ... මම පව්!

ඕලෙවල් කාලේ අපේ ගෙදර රෑට සෙට් වෙලා අපි 4 දෙනෙක් පාඩම් කළා. ඕලෙවල් කිට්ටු වෙනකොට තමයි කෙලිය පටන් ගත්තේ. ඒ කාලෙට හැමෝම වගේ ඔටෝ පොත් ගන්නවා නේ. ඉතින් දවසට එකෙක්ට අනිවා එකක් වත් ලැබෙනවා ලියන්න. ඉතින් රෑට පාඩම් කරල ඉවර වෙලා පටන් ගන්නවා ඔටෝ ලිවිල්ල. ආයෙත් ඉතින් පාඩම් කරනවා වගේ ඕනවට එපාවට නෙමෙයි ඒක කරන්නේ, ෆුල් කැපවීමෙන් ඔටෝ ලියන්නේ. ඒවා ලියල ඉවර වෙද්දී 3 විතර වුන දවස් පවා තිබුනා. නිකන් කතාව වගේ ලියන්නෙත් නෑ, නිසදැස්ම තමයි ලියන්නේ, සෙල්ලං නෑ.;) අප්පත්තියේ, ලෝක අමාරුවෙන් තමයි ඉතින් නිසදැසක් ගැටගහගන්නේ. ඇයි ඉතින් එකක් දෙකක් නෙමෙයිනේ. ඒ නිසා තමයි ඔය වැඩේට ගොඩක්ම වෙලා ගියේ. හැබැයි එහෙමයි කියල අතාරින්නෙ නෑ, අනිත් උන්ගෙන් උදව් අරගෙන හරි ලියනවා. දවසක් අපේ එකෙක්ට ඌ ට්‍රයි කරපු කෙල්ලගේ ඔටෝ එක ලියන්න කියල දීල. ඌට ඒක ලියාගන්න බෑ, ආදරේ වැඩිකමට වචන එන්නේ නෑ.:P ඒ පාර අනිත් තුන් දෙනා සෙට් වෙලා නිසදැසක් ලිව්වා ලිවිල්ලක්, කොච්චරද කියනවා නම් අර කෙල්ල වෙන කොල්ලෙක් එක්ක කියලා තිබුනා, "එයා හිතේ තියන ඔක්කොම ඔටෝ එකේ ලියලා" කියල.:D අයියෝ සල්ලි කිව්වලු. 

අනිත් අය මගේ ඔටෝ එකේ ලියපුවා ලියන්න කලින් මම ඒකෙ මුල පිටුවේ ලියපු නිසදැස ලියල ඉන්නම්කො.

ගෙවුණු අතීතයක 
නෂ්ඨාවශේෂ අතර
විසල් වූ මතකයකි ඔබ මට...
ජීවිත වන්දනාව අර්ථවත් කරනු වස්
සිප් දැනුම ලබන්නට,
පැමිණියෙමු අප සැවොම
සොඳුරුතම වූ තක්සලාවට.

උදාවූ වසන්තය
නිමාවී නොයන ලෙස
හදේ රැඳි මිතුරු දම
සදාකල් රැඳෙන්නට, 
සමරුවක් තබනු මැන 
හදේ ඇඳි සෙනෙහසට 
ලෙන්ගතු නිසා 
ඒ තරමටම මම ඔබට..! 

ඔය මුල් පද තුන නම් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරලා ගොඩක් තැන් වල ලිව්වා.:) අනිත් උනුත් ඕක කොපි කරලා ගොඩක් ඒවාට දැම්මා. 

ඉතින් ඔය විදියට පටන් ගත්ත සමරු පොතේ මුලම ලියල තියෙන්නේ ඒ කාලේ මට ගොඩක් විශේෂ කෙනෙක්, චානිකා. මගේ කලින් පෝස්ට් කියවලා තියන අයට සමහර විට මතක ඇති. මෙන්න මේ කතාවේ ඉන්නේ එයා තමයි. එයා පොතේ මුලම ලිව්වා කියන්නේ ඉතින් මම කියලා ලියව ගත්තා. පොත මුලින්ම දුන්නේ එයාට. මම ලියන්න ඕන තැනත් මාක් කරලා දුන්නේ. එයා ඒකෙ නම ලියල තියෙන්නේ කාටවත් නම බලාගන්න බැරි වෙන්න. නැත්තන් ඉතින් මගේ ඔටෝ එකේ එයා මුලම ලියල තියනකොට රට්ටු එක එක ඒවා හිතනවනේ.:) 

මතකද? 
අපි එකට ඉස්කෝලේ ගියා...
රණ්ඩුවුනා, හිනාවුනා...
ඒ මතකයන් අතරින්, 
අනාගතයට මාවත විවරවෙලා.
හිරුරැස් මවාපාන,
ඒ සදාතනික රහස ගැන
හිතන්නට කාලය එළඹිලා...
අනාගතය, 
සැපවත් කරගන්නට,
පතන්නම් දිගාසිරි 
හැමදාමත්....

මේක ලිව්වේ මගේ පොඩි කාලේ ඉඳන් හිටපු හොඳම යාලුවන්ගෙන් එකෙක්. ඒත් දැන් නම් ඌ අපෙන් ගොඩක් දුරස් වෙලා. හැබැයි අදටත් ඕන උදව්වක් ඉල්ලුවොත් කිසි කතන්දරයක් නෑ එවෙලේම කරලා දෙනවා. 

ඔබගෙන් ලද 
සහෝදරත්වය, දයාබරත්වය 
සත්තයි... ලෙන්ගතුයි හැමදාම...
මුවෙහි රැඳෙන ඔබේ සිනහව,
අවිහිංසක ඔබේ දෑස,
සත්තයි... මිතුරුයි හැමදාම...
කඳුලට, සිනාවට, ජීවිතයට 
මුහුණ දෙන්න 
සවිමත්ය නුඹේ සිත...
කැඩී බිඳෙන සාගර රළ සේ
අකම්පිතව...
අහස් ගැබෙහි තරුවක් සේ
දීප්තිමත්ව...
පැතුම් පිරි හෙට දිනය ජයගන්න
අරුත්බර අනාගතයකට 
ආසිරි පතමි මා...

ඊළඟට තියෙන්නේ අපේ මහිමය ලියපු එක. ඌ ලිව්වා කිව්වට උගේ නෑනලු ලියල තියෙන්නේ.:) වෙලාවට එහෙම වුනේ, නැත්තන් මොකක්ද තියෙන්නේ කියලවත් බලාගන්න වෙන්නේ නෑ.:D 

දයාබර මිතුර, 

හිස් දෑතක් මිටි මොලවා ගෙන
මව් කුසින් එලියට පැමිණි දා සිටන්
තමන් ආදරය කරන ආස කරන 
ගොඩාරියක් දේවල් දෝත පුරවා ගැනීම 
ජීවිතයයි...

එසේ ඇහිඳ ගන්නට ඇති දේවලින් 
හොඳම දේ ඇහිඳා ගත් ජීවිතය 
සුන්දරයි...

මේ සෙයින් දුවන 
අතිශය වෙහෙසකාරී වූත්, 
පීඩාකාරී වූත් ජීවිතයේ විවේකී සුවය
ආදරයයි...

අලේ මන්ද ඇත්තද කියල නම්, ඔහොම තමයි තිබුනේ. මහිමගේ නෑනත් දන්න දේවල්!;)  

මේක  එක වසරේ ඉඳලම මාත් එක්ක එකටම හිටපු එකෙක් ලියපු එකක්. අද හවස මමයි මහිමයි ඌයි සෙට් වුන වෙලාවේ ඌ ඔටෝ එක ඔක්කොම කියවලත් ගියේ.:) අර මගේ පොඩි පොඩි කතා ටිකක් කියන පෝස්ට් එකේ මුලින්ම ලියලා තියෙන්නේ ඌ ගැන.;)

අනන්තවත් වූ මේ
කුරිරු ලොව තුල
සුසන්දවත් වූ ඔබගේ මිතුදම
මගේ ජීවිතේ පුරාවටම 
උඩුදුවන්නට විය...
සොඳුරු ඇසුරක් 
පෙනෙන තෙක් මානයක නොමැතිව
පිපාසිතව සිටි මාහට,
ජල බිඳක් බඳුව 
ඔබේ සොඳුරුතම ලෙන්ගතුකම
පණ පොවන්නට විය...
නිවැරදි තැන ප්‍රසංසාවටත්
වැරදි තැන නිසි මගටත්
ඔබ විසින් මාව
යොමු කරන්නට විය...
නෙතගට කඳුළු නැගුන විරාමයක
ඔබ මාහට ශක්තියක් විය.
එවන් මොහොතක 
නිබඳවම ඔබ මට 
දිරියක් විය...

ඔබ මට නිබඳ 
ආදර්ශයක් විය...
මෙවන් මිතුදමක් පවතින තුරු
අප කෙසේ නොමග යම්ද? 
ඔබෙන් ලැබූ ඒ 
සොඳුරු ලෙන්ගතුකමත්,
අපේ මේ මිතුරුකමත් 
සත්තයි සදාතනයි හැමදාම...!

ඒක නම් ඇඩ් එකක්ද මන්ද....;)

මේක තමයි මගේ ඔටෝ එකේ තියල තියන ඒවායින් මම ආසම එක. හැබැයි ඒක ලියපු එකා තමයි අවුල. යාලුවෙක් විදියට ඉඳල හැමදාම මාව පස්සට අදින්න හදපු එකෙක් තමයි මේක ලිව්වේ. ඒ වුනාට ඒ නිසදැස මාරම ලස්සනයි. 

දම්පාට සිතිජ වලල්ලේ
බොඳවුණු සංසාර හීනයක
අනේ අප හමුවුනේ නොපෙනෙන ඉමක.
නොපෙනෙනා  දුරකට සැඟවෙන්න නම්, 
කඳුලින් පිරුණු දෑස් සඟවාගෙන හිනැහෙමු. 

අපේ මිත්‍රත්වය නිසාවෙන්
යටගියාව මෙනෙහි කර
එහි සුන්දරත්වය විඳින විට,
ඒ ඇස්වලට පෙනෙන්නට 
නුඹ වරෙන් සකිය 
ඔය යහළු පෙම රැගෙන 
නෙත් පෙනෙන මානයට.

තව ඉතින් ගොඩක් තියනවා, මට හිතට වැදුන ලස්සනම ටික තමයි මේ. තව ලියන්න ගියොත් කට්ටිය වැඩේ අතැරලා දාවි. ඔය මතක නම් හරිම සුන්දරයි, ඒ වගේම සංවේදියි. මට මතකයි මම උසස් පෙළ ඉවර වෙලා ඉන්න කාලේ එක පාරක් ඔය පොත කියවලා මගේ ඇස් වලට කඳුළු ආවා. මේ පාර නම් එචචර අවුලක් වුනේ නෑ.:) මේ ලියපු සමහර අය අවුරුදු ගානකින් දැකලා නෑ. ඒ ගැන මතක් වෙනකොට නම් ගොඩක් දුකයි. මොනවා කරන්නද, එහෙම තමයි ජීවිතේ.


Tuesday, February 7, 2012

අලි මිරිකීම හෙවත් Barn Buddy මේනියාව

හ්ම්ම්... පහුගිය දවස් ටිකේ මැරිලා මැරිලා යන්තං ආයෙත් නිදහසක් ලැබුනා. මේ දවස් ටිකේ නම් ෆ්‍රී එකේ ඉන්නේ. ඉතින් මේ මොකක් හරි කොටන්න කියල ලේස්ති වුනේ. මේකේ ඉතින් නම දැක්ක ගමන් සීන් එක තේරෙනවනේ.:) අපේ කට්ටියගේ Barn Buddy පිස්සුව ගැන තමයි මේ කියන්න  හදන්නේ. අලි මිරිකනවා කිව්වම කට්ටිය බය වෙයිද දන්නේ නෑ. ඔය අලි මිරිකනවා කියන්නේ නම් අපේ උන් හදා ගත්ත වචනයක්ද කොහෙද. දන්නවනේ ඉතින් දැන් Barn Buddy වල ට්‍රෙන්ඩ් එක අලි නේ. අපරාදේ කියන්නේ මාත් මුල් කාලේ ඕක ගැහුවා. ඕක විතරක් නෙමෙයි, තව Farm Ville කියල එකක් තියනවා. ඒක නම් දරුනුවටම ගැහුවා. හැබැයි ටික කලකින් ඔය ඔක්කොම එපා වෙලා නවත්තලා දැම්මා.මට මේක ලියන්න හිතුන වෙලාවේ මම ආයෙත් Farm Ville පැත්තේ ගියා. අලේ දැක්කම ආස හිතෙනවා ආයෙත් ගහන්න. මම ටක් ගාල ආව.: )

ඔය තියෙන්නේ මගේ වගාවේ ෆොටෝ. ලස්සනයි නේද.:)




අයියෝ පිට ගියානේ. කියන්න ආවේ Barn Buddy ගැන නේ. හරි දැන් කතාවට එමුකො. මම Farm Ville ගැහුවට හැමෝම වගේ කැමති Barn Buddy වලට. අපි සකන්ඩ් ඉයර් ඉන්න කාලේ තමයි ඔය උණ මුලින්ම ආවේ. ඒ කාලේ නම් අපේ ගොඩක් අය ඕක ගැහුවා. දැන් නම් අඩුයි, හැබැයි එදා ඉඳල තාමත් ඕක එකදිගටම ගහගෙන ආපු උන් ඉන්නවා. ඒ කාලේ අපිට උඩ බැච් එකේ අක්ක කෙනෙක් හිටියා, එයා තමයි අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉස්සරහින්ම හිටියේ. සාමාන්‍යයෙන් කෙල්ලෝ ඔය වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්නේ නෑ නේ. ඒ වුනාට මේකට ඇබ්බැහි වෙච්ච කෙල්ලෝ නම් ගොඩක් හිටියා. ඒ කාලේ අපේ අයියලා එලාම් තියාගෙන මහා රෑ ඇහැරෙනවලු එළවලු කඩන්න. දැන් නම් එහෙම නෑ. දැන් එළවලු වවන එක නෙමෙයි නේ ට්‍රෙන්ඩ් එක, දැන් ට්‍රෙන්ඩ් එක අලි.

මම  ඕක මුලින්ම දැන ගත්ත දවසේ බැලුව යකෝ අලි මොකටද ෆාම් වල ඉන්නේ කියලා. කුකුල්ලු, හරක් වගේ නම් කමක් නෑ කියමුකෝ, ඒත් දෙයියනේ අලින්ගෙන් අහවල් එකක් ගන්නද? උන්ව ක්ලික් කරාමත් සල්ලියි, ලකුණුයි ලැබෙනවලු. අබුද්දස්ස කාලේ කිව්වලු.:) අපේ උන් ඕකට කියන්නේ අලි මිරිකනවා කියලා. "මම අලි ටික මිරිකලා එන්නම්" කියල තමයි Barn Buddy ගහන්න යන්නේ. අපේ එකෙක් ඉන්නවා ඌ Barn Buddy ගහන්න විතරමයි මූණුපොතට එන්නේ. අඩු ගානේ ලයික් එකක් වත් දාන්නේ නෑ, ඔය වැඩේ විතරමයි. සමහර උන් ඉන්නවා Barn Buddy ගහන්න හොර එකවුන්ට් හදාගෙන. එකෙක් ඉන්නවා ඌට හොර එකවුන්ට් 10ක් විතර තියනවා. එතකොට ඒවයින් සල්ලියි තෑගියි යවාගන්න පුළුවන් නේ ඇත්ත එකවුන්ට් එකට. දවසක් ඔන්න අපේ එකෙක් Pool (ඔය වගේම තවත් වයිරස් එකක්:) ) ගහ ගහ ඉන්නවලු.  උගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ හිටියට ජීවිතේට චැට් කරලා නැති කෙල්ලෙක් ඌට හායි කියල එවල. අනේ ඉතින් මූත් උතුරා යන සහෝදර ප්‍රේමයෙන් අනිත් පැත්තට හායි කියල ගහල. ඊට පස්සේ ඒකි කියල, "අලි ගනන් අඩු වෙලාලු නේ" කියල. පස්සේ බැලින්නම් අපේ එකෙක් හදපු හොර එකවුන්ට් එකක්ලු.

අලින්ගෙන් තමයි වැඩිපුරම ලකුණු ලැබෙනවා කියන්නේ. ඒක නිසා කට්ටිය පුළුවන් තරම් අලි එකතු කරන්න තමයි හදන්නේ. උන් කරන්නේ අපේ එකවුන්ට් වලට සල්ලි එවලා, අපේ එකෙන් ගහල අලි අරගෙන ඒවා උන්ට යවා ගන්නවා. ඕකෙ සල්ලි වර්ග කීපයක් තියනවා. තෑගි විදියට යවන්න පුළුවන් නිල පාට සල්ලි විතරයි. ඒවයින් බඩු ගන්න බෑ. තව පොඩි ජැක්පොට් එකක් වගේ සෙල්ලමක් ඒකෙම තියනවා. ඒක ගහල නිල් පාට සල්ලි රතු පාට සල්ලි වලට හරවා ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඒවයින් බඩු ගන්න පුළුවන්. ඉතින් හිටීගමන් එක එකා ඇවිල්ල අපේ එකේ එකතු වෙලා තියන සල්ලි වලින් අලි අරන් යනවා. ඔය Barn Buddy ගහන එකෙක්ගේ කාමරයකට පොඩ්ඩකට හරි ගියොත් ඉතින් අල්ලගෙන ඕක තමයි කරන්නේ. අනේ ඉතින් අපි ගිය වැඩේ පැත්තක තියලා උන් අපේ එකෙන් ලොග් වෙලා අලි ගන්නකල් අපි බලාගෙන ඉන්න ඕන.

ඔය අලි නිසා හිටීගමන් අපේ උන් මරාගන්නවා. මම දවසක් එළියේ ඉඳල කාමරේට එනකොට දෙන්නෙක් මරා ගන්නවා.

"අඩෝ _රි වැඩ කරන්න එපා හු__ ඌ මගේ අලියනේ."

"ඇයි ඌ උඹේ කියල කොහෙවත් ගහල තිබුනද?"

බැලින්නම් වෙලා තියෙන්නේ, වෙන කාමරේක එකෙක් අපේ කාමරේ එකෙක්ගේ එකවුන්ට් එකෙන් ගහල අලියෙක් අරගෙන. මොකක් හරි හේතුවක් නිසා ඒ වෙලාවේ ඌට ඒක උගේ එකවුන්ට් එකට යවාගන්න බැරි වෙලා. ඌ පස්සේ ඇවිත් ඒක ගන්න බලනකොට, ඊට විනාඩියකට විතර කලින් වෙන එකෙක් ඒ අලියව අරගෙන. ඒ වෙලාවේ තමයි ඔය වලිය ගිහින් තියෙන්නේ. ඔහොම ළදරු සීන් තමයි ඉතින් යන්නේ. කොහොමහරි දැන් මගේ කලින් හිටපු සත්තුන්ගෙන් බල්ල විතරයි ඉන්නේ. අනිත් ඔක්කොම එක එකා අරගෙන ගියා. බලල ඔහේ වැටිලා හාමතේ බලාගෙන ඉන්නවා.:D

අනිත් වැඩේ තමයි ක්ලික් කරන්න කියලා චැට් එකෙන් ලින්ක් එවන එක. ඒක නම් මහම වදයක්. සමහර වෙලාවට හරි මචන් කියලා නිකන් ඉන්නවා. වැඩේ  කියන්නේ ජීවිතේට වචනයකවත් කතා කරන්නේ නැති ජුන්නියෝ පවා අයියා මේක ක්ලික් කරන්න කියලා එක එක ලින්ක් එවනවා නේ. මට නම් එවල නෑ, අපේ කාමරේ දෙමල කොල්ලෙක් ඉන්නවා, ඌට නම් අපේ රෙපාගේ කෑල්ල ඔහොම ලින්ක් එවනවා. 



ඔය අපේ එකෙක්ගේ ෆාම් එකක්. දවසකට සැරයක් ඔය අලි ටික ඔක්කොම ක්ලික් කරන්න ගියාම කොහොමද ආතල් එක? අපේ උන් නම් එක එක රටවල් වල Barn Buddy ගහන උන්ව ෆ්‍රෙන්ඩ්ස්ලා කරගෙන ඉන්නේ. මම දැක්කා දවසක් එහෙම එකක්ගේ වෝල් එකක '292' කියලා දාල තිබුනා. බැලින්නම් ඒ උගේ අලි ගානලු. අයියෝ සල්ලි කිව්වලු.

ඇත්තටම ඉතින් Barn Buddy කියන්නේ වෙලාව කන වැඩක්. විභාග තිබුන දවස් වල පවා අපේ උන් ඕක පොඩ්ඩක් වත් අතපසු කලේ නෑ. ඒකට ඇබ්බැහි වුනොත් ඉතින් කුඩු ගැහුවා වගේ තමයි. පොඩි ත්‍රිල් එකක් නම් තියනවා ඉතින්. මාත් ඕක කාලයක් ගැහුවනෙ.:) මම ඒ ගැන විවේචනය කරන්න නම් යන්නේ නෑ. ඔය වගේම තමයි දැන් Pool ගැහිල්ලත්. පුදුම කැපවීමෙන් අපේ උන් ඒක ගහන්නේ. මම දවසක් අපේ උන්ගේ කාමරයකට යනකොට අපේ එකෙක් උගේ ලැපේ ස්ක්‍රීන් එකට අඩි රූලක් තිය තිය මොකක්ද කරනවා. මම බැලුවා යකෝ මේ මොකක් කරනවද කියලා. මම හිතුවා මූ මොකක් හරි මනිනවා කියලා. බැලින්නම් මූ Pool ගහනවා. අඩි රූල තියල මොකක්ද මන්ද බලල තමයි මූ ෂොට් එක ගහන්නේ. බලන්න ඉතින් කොල්ලන්ගේ කැපවීම. ඔන්න ඔහොමයි ඉතින් අපේ අය කාලේ කන්න මොකක් හරි මගුලක් හොයා ගන්නේ.

අපේ  උන්ගේ Barn Buddy සහ Pool ගහන්නම වෙන් වෙච්ච කලාප තියනවා.හොස්ටල් එකේ එක බ්ලොක් එකක එක ෆ්ලෝ එකක් තියනවා, ඒකෙ තනිකර ඔය වගේ ඒවාට වෙන් කරලා තියෙන්නේ. ඒකෙ එක කාමරේක වයිෆයි වලින් නෙට්වර්ක් කරපු ලැප් 4ක් තියනවා. එකකට ඩොන්ගල් එකක් කනෙක්ට් කරලා ලැප් 4න්ම නෙට් යන්න පුළුවන් වෙන්න හදලා තියෙන්නේ. ඕන එකෙකුට ඕන වෙලාවක එතනට ගිහින් ඉඩ තියන මැෂින් එකක වාඩි වෙලා, චැට් කරන්න, Barn Buddy ගහන්න, Pool ගහන්න පුළුවන්. ඒ වගේ ගොඩක් පහසුකම් සපයලා තියෙන්නේ වෙලාව කන අයට. අවසාන වශයෙන් මෙන්න මේ ෆොටෝ එකත් බලන්නකෝ.  මූනුපොතේ තිබිල හම්බවුනේ.


Saturday, January 21, 2012

අවේලාවේ කාමරයට පැමිණි අමුත්තිය

කාලෙකින් මේ මොනව හරි කොටන්න කියල ලේස්ති වුනේ. පහුගිය දවස් ටිකේම මේ පැත්තේ එන්න බැරි වුනා විභාගේ නිසා. විභාගේ අස්සෙත් පොඩි නිසදැස් කෑල්ලක් දැම්මා. කොහොමහරි ඔන්න විභාගේ යන්තං ඉවරයි. ඒක ඉවර වුනාට අපේ රිසර්ච් එකේ තව කෑල්ලක් පෙබරවාරි මාසේ මුල දෙන්න තියනවා. දැන් ඉතින් අනිත් පැත්තට ඒකෙ වැඩ පටන් ගන්න ඕන. ඒ වැඩ පටන් ගන්න කලින් මොනවා හරි ලියන්න ඕන කියල හිතුනා. ලියන්න නම් දේවල් ගොඩයි. දැන් මේ කියන්න යන්නේ මීට සති තුනකට විතර කලින් වුන සිද්ධියක් ගැන.එදාම ඒ ගැන ලියන්නත් හදල පස්සේ විභාගේ ඉවර වෙලාම ලියනවා කියල හිතුවා.

ඔන්න ඉතින් විභාගෙට පාඩම් කරන්න පටන් ගන්න කලින් මම දවස් දෙක තුනක් ගෙදර ඉඳල ආවේ. ඒ දවස් වල තමයි මේක වුනේ. දවසක හවස් වෙලාවක මමයි, මහිමයයි, තව එකෙකුයි සුපුරුදු පරිදි අපේ ගෙදර කාඩ් ගහ ගහ හිටියා. අපේ සෙට් එකේ තව එකෙක් ගෙදර ඇවිත් හිටියා. ඒත් එදා ඌට කොහෙත්ම එලියට බහින්න පුළුවන් තත්ත්වයක් තිබුනේ නෑ. මොකද කියනවා නම් ඌ උගේ කෙල්ලව ගෙදර එක්කගෙන ඇවිත්.:) ඉතින් ඌට ඒ සති අන්තේ නිවනක් නෑ කියන එක කියන්න ඕන නෑ නේ.:D උන් දෙන්නත් මාත් එක්කමයි කොළඹ ඉඳල ගියේ. ඉතින් ඒ සති අන්තේ අපි ඌ ගැන තිබුන සියලු බලාපොරොත්තු අතෑරලා තිබුනේ. අර අවාසනාවට, ලැජ්ජ හිතෙන ඇත්ත කතාවක් එකේ කියපු එකා ගැනම තමයි මේ කියන්නේ.;) (අපි ඌට දිමුතු කියලම කියමු) ඉතින් අපි තුන්දෙනා කාඩ් ගහනකොට ලැබෙන තේකත් බීල බොහොම සතුටින් සමාදානයෙන් සෙල්ලම් කර කර හිටියේ. ඒත් වෙන්න යන විනාසේ ගැන කාටවත් කිසිම අදහසක් තිබුනේ නෑ.

අපි ඔහොම සෙල්ලම් කර කර ඉන්නකොට අපිට ඇහුනා කාමරේ පැත්තට කවුරුහරි එනවා. කකුල් වල ඇට කැඩෙන සද්දෙන් අපි දැනගත්තා මේ දිමුතු තමයි එන්නේ කියලා. දොර දිහා බලනකොට දිමුතු ඉන්නවා දොර ලඟට වෙලා. මූණ වත් දකින්න ලැබෙන්නේ නැතිවෙයි කියල හිතපු එකා මෙන්න ඇවිත්. ඌ හෙන ජයග්‍රාහී ලීලාවෙන් අපි දිහා බලාගෙන හිටියේ. කට කොනක පොඩි නොන්ඩි හිනාවකුත් තිබුනා. මට නම් නිකන් වෙන්න යන විනාසේ ගැන නොහිතුනාම නෙමෙයි. මෙන්න මූ එකපාරට කියනවා, "මේ බොලා ෂර්ට් ඇඳගනිල්ලා." කියලා. කාල වරෙන්කො, දැන් නම් හොඳටම ෂුවර් වෙන්න යන්නේ මොකක්ද කියලා. මම ටක් ගාල ටවල් රැක් එකෙන් ටී ෂර්ට් කෑල්ලක් අරන් ඇඳගත්තා. ටවල් රැක් එකේ උඩම හිටියේ වවුලෙක්.:D මම ටක් ගාල ඒක අරගෙන අස්සෙන් ගැහුවා. මට තේරුනා වෙන මුකුත් කරන්න වෙලාව නෑ කියලා. ඊට පස්සේ මම ආයෙත් ඇවිත් වාඩි වුනා.

"එන්න!"

දිමුතු පිටිපස්ස හැරිලා කාටද කතා කළා. ඊට පස්සේ ඌ නිකන් යුද්ධයක් දිනලා ආපහු එන සෙන්පතියෙක් වගේ කාමරේ ඇතුලට ආව. ඔන්න ඉතින් බැබලි බැබලි උගේ පිටිපස්සෙන් උගේ කෙල්ලත් කාමරේට ආව. බල්බ් එකේ අවුලක්ද මන්ද එකපාරට කාමරේ එලිය වැඩි වුනා වගේ වුනා. පොදු වැසිකිලිය වගේ තියන මගේ කාමරේටත් කෙල්ලෙක් ආව කියපන්කො. ඒකි එනකොටම නුපුරුදු මල් සුවඳක් කාමරේ පුරාම පැතිරුනා. වෙනදට ඕකෙ එන්නේ පුස් ගඳ නේ.:D ඔය කෙල්ල ඉතින් මට නම් පෙන්නන්නම බැරි ඩයල් එකක් කියල කලින් කතාව කියෙව්වා නම් දැනගන්න පුළුවන්. ඒත් ඉතින් ගෙදරට ආවට පස්සේ කවුරු වුනත් පිළිගන්න වෙනවනේ. දැන් ඉතින් අපි තුන්දෙනා කෙල්ල දිහා බලාගෙන ඉන්නවා, දිමුතුව අපි දිහා බලාගෙන ඉන්නවා, කෙල්ල බිම බලාගෙන ඉන්නවා. අපි තුන්දෙනාට නම් තාම ෂුවර් නෑ මේ වෙන දේ. නිකන් හීනයක්‌ වගේ.

කාමරේ පුටු තුනයි තිබුනේ. එන අය පුටු අරගෙන තමයි ඇතුලට එන්න ඕන. දැන් ඌට ඒක මතක නෑ, ඌ හිටගෙන බලාගෙන ඉන්නවා. පොර වගේ ආවට ඌ දැන් හොඳටම එක්සයිට් වෙලා ඉන්නේ. මම කිව්වා ගිහින් පුටුවකුත් අරගෙනම වරෙන් කියලා. කාමරේ දොර ලඟම එළියේ පුටු තිබුනේ. මූ ගිහින් පුටුවක් අරගෙන ආවා. ඊට පස්සේ තමයි ලස්සන වැඩේ වුනේ. මූ පුටුව අරගෙන ඇවිත් කිසි කතාවක් නැතුව අපි කාඩ් ගහ ගහ හිටපු මේසෙට පුටුව තියාගෙන වාඩි වුනා. කෙල්ල හිටගෙන කරකියාගන්න දෙයක් නැතුව බලාගෙන ඉන්නවා. මූට දැන් හොඳටම වයර්. මම කිව්වා, "යකෝ උඹට වාඩි වෙන්න නෙමෙයි පුටුව ගේන්න කිව්වේ. මෙයාට පුටුව දීල උඹ ඇඳෙන් වාඩි වෙයන්" කියලා. ඊට පස්සේ මූ පුටුව ඒකිට දීල ඇඳෙන් වාඩි වෙලා කියනවා අපිට කියනවා, "මම හිතුවේ මෙයා ඇඳෙන් වාඩි වේවි කියල". අනේ මන්ද ඌට පිස්සුද අපිට පිස්සුද කියලා. ඔක්කොම සෙට්ල් වුනාට පස්සේ මම කාමරේ දිහා හොඳට බැලුවා. විනාසයි, විනාසයි, උගේ කාඩ් එකත් ඉවරයි මගේ කාඩ් එකත් ඉවරයි. කාමරේ නිකන් නගර සභාවේ කුණු දාන තැන වගේ. මේසේ උඩ කලින් තේ බීපු කොප්පයි, පිඟනකුයි, පත්තරයි. අරූ හිටපු ඇඳේ පත්තරයි, එක එක ගැජමටික්ස්නුයි, රෙදියි, බෑග් එකයි, හෙඩ් ෆෝන් එකයි තව ගොඩක් තිබුනා. ජනෙල් පට්ටම් උඩ කලින් බීපු තේ කෝප්ප. ඇඳ ළඟ බිම තේ ගෙනාපු ට්‍රේ දෙකකුත් තිබුනා. ඔක්කොටම හපන් ටවල් රැක් එක. ටී ෂර්ට්, කලිසම්, බෙඩ් ශීට්, කොට්ට උර රැක් එකේ පුරවලා. සති ගානකින් රෙදි හේදුවේ නෑ. අපොයි දෙයියනේ, අර උඩ ඉඳල එකෙක් හැංගුවට අස්සෙන් තව එකෙක් පේනවා. සායම ඉවරයි ඉතින්. අඩු ගානේ මූට තිබුනනේ කලින් කියන්න එක්කගෙන එනවා කියල. දැන් ඉතින් මොනවා කරන්නද, ඌට ආයෙත් මේ පැත්තේ එන්න වෙන එකක් නැතිවෙයි කියල මම හිත හදාගත්ත.

අපි ඉතින් සෙල්ලම නවත්තලා ඒ පැත්තට හැරුනා අමුත්තා එක්ක කතා කරන්න. ඒ පාර මූ කියනවා, "මේ මට ජබෝරයක් ගහන්න ඕන, වරෙන් ගහමු." (ජබොර යනු කාඩ් වලින් කරන ක්‍රීඩාවකි) හෑහ්, කෙල්ල පැත්තකට වෙලා බලාගෙන ඉඳිද්දී මූ අපිට ජබොර ගහන්න කතා කරනවා. මම හෙමින් කිව්වා, "පස්සේ සෙල්ලම් කරමු, මෙයා ඉඳිද්දී අපි සෙල්ලම් කරන එක හරි නෑ නේ" කියල. මූ කියනවා " නෑ නෑ අවුලක් නෑ ගහමු. මට එතකොට මෙයාටත් කියල දෙන්න පුළුවන්" කියලා. කොච්චර කිව්වත් මූ අහන්නෙම නෑ, ගහන්නම ඕනලු. ඕන වෙඩිමක් වෙන්න කියල අපිත් පටන් ගත්තා. අපිට මොකෝ ඉතින්, අපේ නෙමෙයිනේ, උගේනේ ගෑනි. සෙල්ලම් කරන මේසේ තියෙන්නේ අරූ වාඩිවෙලා ඉන්න ඇඳ ළඟමයි. ඇඳේ කොනට ආවම සෙල්ලම් කරන්න පුළුවන්. දැන් ඔන්න ඉතින් සෙල්ලම යනවා. ඌ කෙල්ලට කියල දෙන ගමන් සෙල්ලම් කරනවා. ජබොර තියා බූරුවා ගහන්න කියල දුන්නත් ඒකි හිටපු තත්ත්වේ හැටියට ඒ වෙලාවේ තේරෙන්නේ නෑ. ඒකිගේ මූනෙන්ම තේරෙනවා ඒක. ඒකිත් කරගන්න දෙයක් නැතිකමට අරූ කියන ඒවා අහගෙන ඉන්නවා. කොහෙද අරූට ගානක් නෑ, ඌ පිස්සුවෙන් වගේ ඒකිට කියලා දෙනවා. අපි තුන්දෙනා හොරෙන් එක එකා දිහා බල බල සෙල්ලම් කරනවා. අපි තුන්දෙනයි ඒකියි පුදුම විදියට අපහසුතාවයට පත්වෙලා හිටියේ.

මම ඉතින් සෙල්ලම් කරන අතරේම අරකි එක්කත් කතා කළා. ඔහොම සෙල්ලම් කර කර ඉන්නකොට උන් දෙන්නට තේ දෙකකුත් ආව. මට තමයි ගිහින් තේ දෙක අරගෙන ඇවිත් අල්ලන්න වුනේ. අයියෝ සල්ලි කිව්වලු, මට අරකිට තේ අල්ලන්නත් වුනා නේ. මොනවා කරන්නද ඉතින් ගෙදරට ආපු අමුත්තනේ. තේ බොන්න තරඟය මදකට නතර කරලා තිබුනේ. ඒ පාර අරූගේ ගොන් මොලේට තවත් ගොන්ම ගොන් අදහසක් ආව. "එන්නකෝ වැඩක් පෙන්නන්න" කියල මූ නැගිටලා කම්පියුටර් එක ලඟට ගියා. කෙල්ල හිටපු පුටුව තිබුනෙත් කම්පියුටර් එක ළඟ. කෙල්ලත් ඒ පැත්තට ඇදිලා බලාගෙන ඉන්නවා. අපි 'පෝටර්', ගහනකොට, 'ලීග් ක්‍රමයට ඕම්බි' ගහනකොට, සහ 'ජබොර' ගහනකොට ලකුණු දාන්නේ Excel ශීට් එකක. මම ඒ ටික වෙනම ෆෝල්ඩර් හදලා දාල තියෙන්නේ. දැන් මූ මේ හදන්නේ ඒ ටික කෙල්ලට පෙන්නන්න. මූ My Computer ඕපන් කරගත්තා. ඔන්න එතකොට තමයි ඇඟේ ලේ ටික වතුර වුනේ. පාටිෂන් ඔක්කොම ටික අන්ලොක් කරලා තියෙන්නේ. මූ කරුමෙට වත් වැරදි පාටිෂන් එකක් ඕපන් කලොත් ඉතින් රෙදි නෑ. අපි තුන්දෙනා දැන් ඩිම් වෙලා බලාගෙන ඉන්නවා. දැන් මූත් හොඳටම එක්සයිට් වෙලා නේ ඉන්නේ. මූටත් දැන් හරියට මතක නැතුවද කොහෙද  My Computer ඕපන් කරගෙන බලාගෙන ඉන්නවා. අර රෙදි ගැලවෙන්නම ගිය අවස්ථාවක් පෝස්ට් එකේ තියනවා වගේම වැඩක් තමයි ඒ වෙලාවේ වුනෙත්. කොහොමහරි යන්තං අනවශ්‍ය පාටිෂන් ඕපන් කරන්නේ නැතුව මූ හරි එකම ඕපන් කළා. හම්මෝ හිතට දැනුන සනීපෙ. ඊට පස්සේ ඉතින් මූ ඒ ටික හොයාගෙන කෙල්ලට විස්තර කර කර පෙන්නුවා.

ඊට පස්සේ ඉතින් තේ බීල තව ටිකක් සෙල්ලම් කරලා මූ කෙල්ල එක්ක යන්න ගියා. අපිත් ඉතින් පහලට  ගිහින් උන් දෙන්නව ඇරලවල ආව. ඊට පස්සේ තමයි වැදගත් හරිය එන්නේ. දැන් ඔන්න අරුන් දෙන්න ගියාට පස්සේ මහිමයගෙයි අනිත් එකාගෙයි මූණු හරි නෑ. ඊට පස්සේ වුන දෙබස මෙන්න මෙහෙමයි.

මහිම/අනිත් එකා: ඒ ඒකිව මෙහාට එක්කගෙන ආපු එක හරි නෑ බං.

මම: ඒ මොකද?

මහිම/අනිත් එකා: හරි නෑ නේ බං කොච්චර වුනත්. මෙහෙ ආපු එක විතරක් නෙමෙයි, ඒකිව ගෙදර                  එක්කගෙන ආපු එකත් වැරදියි.

මම: පිස්සුද බං, ගෙදර එක්කගෙන ආපු එක නම් අවුලක් නෑ. කවද හරි ඒකි බැඳලා එන්නේ ඔය ගෙදරට නේ. ඉතින් කලින් ඇවිත් ගෙදර මිනිස්සු අඳුරගෙන, කතා බහ කරලා ගියාම මොකද? මම නම් කවද හරි මම යාලු වෙන කෙල්ලව බඳින්න කලින් එක පාරක් හරි ගෙදර එක්කගෙන එනවා.

මහිම/අනිත් එකා: ඒ  වුනාට බං, බඳින්න කලින් කවදාවත් කෙල්ලෙක්ව ගෙදර එක්කගෙන එන්න හොඳ නෑ. ගෙවල් දොරවල් බලන්න යනකොට වත් කෙල්ලව එක්කගෙන යන්නේ නෑනේ.

මම: ඒවා ඉතින් නිකන් චාරිත්‍ර විතරනේ බං. සාධාරණ හේතුවක් නෑ නේ.

මහිම/අනිත් එකා: ඒව චාරිත්‍ර විතරක් නෙමෙයි බං, ඒවයෙත් ඇත්තක් තියනවා. එහෙම බඳින්න කලින් කෙල්ල  කොල්ලගේ ගෙදර යන්න එන්න ගියාම මිනිස්සු කෙල්ල දිහා බලන්නේ වැරදි විදියට. අනිවාර්යෙන්ම එහෙම වුනාම කෙල්ලට කතා හැදෙනවා.

මම: කවුරු මොනවා කිව්වම මොකද බං? මිනිස්සුන්ට ඕන විදියට නෙමෙයි නේ අපි වැඩ කරන්න ඕන.

මහිම/අනිත් එකා: ඒ වුනාට බං ඒ හැදෙන කතා ජීවිත කාලෙටම එහෙම තමයි. අනිත් එක එහෙම චාටර් කෙල්ලෙක් කියල හිතුනොත් කවුරුහරි ඒකෙන් වැඩක් ගන්න හදන්නත් පුළුවන්. හැබැයි එහෙම හිතාගෙන කවුරුහරි වැඩේට බැස්සොත් ආයෙත් ඒක අතාරින්නෙ නම් නෑ. වැඩේ කෙරෙනකල්ම ඌ ගේම අතාරින්නෙ නෑ එහෙම වුනාම. (එහෙම කියලා ඌ ඒකට උදාහරණයකුත් කිව්වා.)

මම: ඒක නම් වෙන්න පුළුවන් ඉතින්. 

මහිම/අනිත් එකා: අනිත්  එක බං ඔහොම ගිහින් වැරදිලාවත් උන් දෙන්නට බඳින්න බැරි වුනොත් මොකද වෙන්නේ. ඔහොම ආව ගිය එක ප්‍රශ්නයක් වෙනවා නේද?

මම: ඕකෙ අනිත් පැත්ත වුනොත් නේ බං ප්‍රශ්නයක් වෙන්නේ. කොල්ල කෙල්ලගේ ගෙදර නිතර ගිහින් උන් දෙන්නට බඳින්න බැරි වුනොත් නම් කෙල්ලට කතා හැදෙනවා.කොල්ලෙකුට ඉතින් එහෙම අවුලක් නෑ නේ.

මහිම/අනිත් එකා: මේකත් කෙල්ලට කවදාහරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බං. හිතපන් කවදාහරි මේ සම්බන්දෙ නැවතිලා කෙල්ල මේ පැත්තෙන්ම වෙන කසාදයක් කරගන්නවා. ඊට පස්සේ, ඒ කෙල්ල මුගේ ගෙදර දවස් දෙක තුනක් නැවතිලා හිටිය බව දන්න කවුරුහරි එතන හිටියොත් අනිවාර්යෙන්ම ඔය කතාව ඇදෙනවා නේද?

මම: ඔව් ඉතින් එහෙම වෙන්නත් පොඩි සම්භාවීතාවක් තියනවා.

මහිම/අනිත් එකා: ඔය කිසි ප්‍රශනයක් නෑ නේ කවදාහරි බැන්දට පස්සෙම කෙල්ලව ගෙදර එක්කගෙන ආව නම්.

මම: හ්ම්ම්...! 

(කතාව මීට වඩා ගොඩක් දිගට ගියා. මම මේ සාරාංශය දැම්මේ.)

ඒ කියපු කතාවත් ඇත්ත ඉතින් බලාගෙන ගියාම. කාටවත් ඕන විදියට අපි ජීවත් වෙන්න ඕන නෑ තමයි. ඒත් අපිට මිනිස්සුන්ගේ කටවල් වහන්න බෑ නේ. ඒ නිසා පුළුවන් තරම් කතාවක් හැදෙන්නේ නැති වෙන ඉන්න එකනේ හොඳ. මොකද ඉතින් කතාවක් හැදුනොත් ජීවිත කාලෙටම වුනත් ඒක තියෙන්න පුළුවන්. ගොඩක් නාගරික පැති වල නම් ඔය ප්‍රශ්නේ නැතුව ඇති. ඔය වගේ දෙයක් තියා එහා ගෙදර එකා මැරුණත් සමහර වෙලාවට මෙහා ගෙදර එකා දන්නේ නෑ නේ.:D හැබැයි අපි වගේ ගම්වල ඉන්න අයනම් ඒ ගැනත් ටිකක් හිතන්න ඕන. ගම්වල මිනිස්සු ඕන එකයි එපා එකයි දෙකම හොයනවා නේ. ඒකෙ වාසි වගේම මේ වගේ අවාසිත් තියනවා. කොහොම වුනත් මේක ලංකාව නේ, ආකල්ප අතින් අපිට තව ගොඩක් වෙනස් වෙන්න තියනවා. ඔය සමහරු බලෙන් මේකට බටහිර සංස්කෘතිය ඔබ්බවන්න හැදුවට මේක තාමත් පරණ ලංකාවම තමයි.

අනිත් එක කෙල්ලගේ ගෙදරින් දන්නෙත් නෑ ඒකි ආපු ගමන ගැන. ගෙදරට හොරෙන් තමයි ඒකි ඇවිත් තියෙන්නේ. කොටින්ම ඒ කෙල්ලගේ ගෙදරින් මූට කැමතිත් නෑ. මුගේ ගෙදරින් නම් කැමතියි. ඒ මිනිස්සු තමයි කියලා තියෙන්නේ එක්කගෙන එන්න කියලා. ඔය උඩ කියපු විදියේ ප්‍රශ්නයක් ඇති වෙන්න ලොකු ඉඩක් මෙතන තියනවා. උන් දෙන්නට කවුරු කතා හැදුවේ නැතත් අපි හරි කතාවක් හදනවා.:D උන් දෙන්න ඒකි යන්න කලින් දවසේ රෑ එලි වෙනකල් ෆිල්ම් එකක් බැලුවා කියන්නේ. කවුද දන්නේ ඇත්තටම ෆිල්ම් එක බැලුවා විතරද කියලා.;)  
..................................................................................................................................................................

ප.ලි. ඔක්කොම කරලා ගියාට පස්සේ තාත්ත අහනවා "අරුන් දෙන්න බැඳලද?" කියලා.:P

Tuesday, October 18, 2011

පොඩි පොඩි කතා ටිකක්

සති එකහමාරකින් විතර මේ පෝස්ට් එකක් දාන්නේ. මම කලින් පෝස්ට් දෙකේම කිව්වනේ වැඩකට හිර වෙලා ඉන්නේ කියල. ඒක නිසා කමෙන්ට් කලේ වත් නෑ. වැඩියත්ම කමෙන්ට් එකක් දාන්න වත් හිතට නිදහසක් තිබ්බේ නෑ. කොහොමහරි ඒ කාර්යාබහුලකම නිසාම හිත රිදෙන දේවලුත් වුනා. හරි හරි ඒවා වැඩක් නෑ. ඊයේ පෙරේදා දවස් දෙකේම ෆිල්ම් බලපු එක තමයි කලේ. තරහ නැති වෙනකල්ම ෆිල්ම් බැලුව.:D  දැන් මේ කොටන්න යන්නේ ලොකු දෙයක් නම් නෙමෙයි, පොඩි පොඩි කතා ටිකක්. මට නම් මේවට හිනා ගියා, හැබැයි ඉතින් මම කියනකොට නම් හිනා යයිද දන්නේ නෑ. හිනා ගියේ නෑ කියල මට බනින්න එපා ඔන්න හොඳද. 

පළවෙනි  කතාව අපේ ගමේ සෙට් එකේ එකෙක් ගැන. මිනිහ ලංකාවේ ලොකු පුද්ගලික සමාගමක ප්‍රාදේශීය ශාඛාවක මැනේජර් කෙනෙක්. මිනිහට ෆීල්ඩ් එකේ යන්න තමයි තියෙන්නේ. ඌ වැඩට යන්නේ බයික් එකේ. එක දවසක් බයික් එක නැතුව මිනිහ බස් එකේ ගිහින් තියනවා. ඒක එක පැත්තක ශීට් තුනක් තියන බස් එකක්ලු. ඔන්න ඉතින් මිනිහ ජනෙලේ අයිනේ වාඩි වෙලා යනවලු. ශීට් එකේ ඇතුලේ පැත්තේ කොනේ පන්ති යන කොල්ලෙක් ඉන්නව. ඒකා උසස් පෙළ කරන වයසේ විතර කොල්ලෙක්ලු. ඔහොම ඉතින් යනකොට මගින් කෙල්ලෙක් නැග්ගලු. ඒ කෙල්ල, සුදෝ සුදු , ලස්සනම ලස්සන, ............................, ..............................., (ඌ කියපු අනිත් විස්තර ටික කියන්න බෑ.:P) කෙල්ලෙක්ලු. ඒ කෙල්ල වට පිට බලල බලල වාඩි වෙන්න වෙන තැනක් තිබුනේ නැති නිසා අපේ එකා හිටපු ශීට් එකේ මැද වාඩි වෙලා. දැන් තමයි ඉතින් සෙල්ලම! දැන් අර පොඩි එකයි අපේ එකයි දෙන්නම එකම ගානට ඇඹරෙනවලු. අර පොඩි එකා අර කෙල්ල දිහා හොරෙන් බල බල ඉන්නවලු. අපේ එකා ඉතින් එහෙම දේවල් වලින් නවතින්නේ නෑ. ඔය වගේ වෙලාවට උගේ මැනේජර්කම් සේරම ඉවරයි. දැන් ඉතින් මිනිහට කොහොමහරි මේකිට නම්බර් එක දෙන්න ඕන වෙලා. නම්බර් එක දෙන්න ඕන වුනාට මූ ළඟ ලියන්න කොලයක් නැතිලු. (මේක මැනේජර් උනාට කරන වැඩක් නෑ. ඒක නිසා කොළ කෑල්ලක් වත් ගෙනියන්නේ නෑ.) හැබැයි මිනිහ ළඟ පෑනක් නම් තිබිල. ඔය වෙලාවේ තමයි බස් ටිකට් එක පිහිටට ඇවිත් තියෙන්නේ. 

මිනිහ ශේප් එකේ බස් ටිකක් එක ගත්තලු. දැන් අර පොඩි එකත් රබර් ඇහැ දාගෙන හිටපු නිසා ඌට තේරිලා අපේ එකා මොකාටද එන්න හදන්නේ කියල. දැන් මේකා අපේ එකා දිහා බලාගෙන ඉන්නවලු. වෙන එකෙක් බලන් ඉන්නකොට කොහොමද රෙද්දක් ඇඳගෙන බස් ටිකට් එකේ නම්බර් එක ලියන්නේ. දැන් ඉතින් අපේ එකා මූ අහක බලාගන්නකල් ඉන්නවලු. මොන! මේකා මේ පැත්ත බලාගෙනම ඉන්නවලු. පොඩ්ඩක් හරි අහක බැලුවත් ආයෙත් තත්පරයකින් ආයෙත් බලනවලු. බල්ල පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ කියනවනේ. ඒක ඉතින් පැහැදිලි ඉරිසියාව. කොහොම හරි ඉතින් එක අංකයක් ලියන්නත් හෙනම ගේමක් දෙන්න වුනාලු. ඔහොම ඉතින් දහසක් බාධක මැද්දේ, සෑහෙන වෙලාවක් ගිහින්, කෑල්ලෙන් කෑල්ල ලියල අපේ එකා නම්බර් එක ලියා ගත්තලු. ලියාගෙන පෑන සාක්කුවේ දාගෙන දෙයියනේ කියල ඊළඟ අදියරට සුදානම් වෙනකොටම අනේ කෙල්ල නැගිටල බහින්න ගියාලු. අයියෝ සල්ලි! කාට කියන්නද ඉතින් මේ අවනඩුව. මොනවා කරන්නද ඉතින් කියල මූ මූන දෙක කරගෙන ටිකට් එක සාක්කුවේ දාගන්න හදනකොටම අර එහා පැත්තේ හිටපු පොඩි එකා මහ හයියෙන් හිනා වෙන්න ගත්තලු. හෑහ්, මොකක්ද දෙයියනේ ඒ වුනේ? අරූ දැන් අපේ එකා දිහා බල බල බස් එකටම ඇහෙන්න හිනා වෙනවලු.  වෙච්ච වැඩේට ඌට හෙනම හැපි. අර බහින්න ගිය කෙල්ලත් දැන් ඒ පැත්ත හැරි හැරි බලනවලු. ඒකිට නම් සීන් එක තේරෙන්න ඇති. දැන් ඉතින් මොනවා කරන්නද, අපේ එකාගේ රෙදි නෑ. ඌ එතන ඉඳල අර කොල්ල බහිනකල්ම ආයෙත් ඒ පැත්ත වත් බැලුවේ නැතිලු. පව් අසරණය, එතන ඉඳල දිගටම ජනේලෙන් එලිය බලාගෙන ඇවිල්ල. මට ඔහොම එකක් වුනා නම් මම නම් ජනේලෙන් පනිනවා. මම නම් කියන්නේ හතුරෙකුට වත් ඔහොම දෙයක් වෙන්න එපා කියල.

ඊළඟ කතාව කැම්පස් එකේ එකෙකුට වෙච්ච දෙයක්. මිනිහට කෙල්ලෙක් ඉන්නවා. දන්නවනේ ඉතින් මේ වයසේ කපල් එකක් නම් ඉතින් පොඩි පොඩි ජිඟිරි බිඟිරි වැඩ වෙනවමනේ. මූ ඒ අංශෙන් ඉහලටම ගිය එකෙක්.:) මූ දවසක් හෙන දුක් මූඩ් එකක් දාගෙන අපේ කොල්ලෙකුට කිව්වලු, "බලපන් බන්, කෙල්ල මට කිව්වනේ බැන්දට පස්සෙ කරන්නත් මොනවා හරි ඉතුරු කරගන්නකො කියල". $%&$^#*@(&$* අයියෝ දෙයියනේ අර අසරණයට මොනවා හිතෙන්න ඇද්ද? අයියෝ මේවා අහන්න තරම් මාත් පව් කරලා තියනවා නෙ! දැන් ඌ ඕක කියල තියෙන්නේ එකෙක් එක්ක විතරයි. අපේ එකෙක්ට කිව්වම ඉතින් ආයෙත් මොනවද, ඊළඟ දවසේ කොහොමහරි මුළු බැච් එකම ඔය කතාව දන්නවා. මට මතක විදියට ඌ දවස් දෙක තුනක් රෙදි නැතුව කැම්පස් ආවේ. 

ඊට පස්සේ දවස් දෙක තුනකින් ඔය කතාව රීමික්ස් කරලා අපේ රෙපාට කතාවක් හැදුනා. කතා හදන්න නම් ඉතින් අපේ උන්ට පුදුම හැකියාවක් තියෙන්නේ. දැන් කොල්ලෝ කියන්නේ රේපාගෙන් කෑල්ල ඇහුවලු, "මොකක්ද අයියේ, බඳිනකල්ම ඉන්නවද හැම දේම කරන්න?" කියල.

අන්තිම එක නම් මෙලෝ රහක් නැති වෙයිද මන්ද. ඔන්න අපි කැන්ටින් එකේ කකා ඉන්නවා. අපිට දකුණු පැත්තේ මේසෙ පොෂ්ද පොෂ්වෙන්න දඟලනද මන්ද කෙල්ලෙක් හිටිය. දණහිසෙනුත් අඟල් දෙක තුනක් උඩට ඇඳන් ඇවිත් අපි වගේ අහිංසක කොල්ලන්ට හිතේ නිදහසේ බත් ටික වත් කන්න දෙන්නේ නැති කෙල්ලෙක්.:P (හැමදාම වගේ එහෙමයි :) ) ඒකිගේ යාළුවො සෙට් එකත් එක්ක තමයි හිටියේ. ඔහොම අපි කකා ඉන්නකොට ඒ කෙල්ල කාල අත හෝදන්න යන්න නැගිට්ට. නැගිටිනකොටම පුටුව ළඟ වාඩි වෙලා හිටපු බල්ලාගේ කකුල පෑගිලා ඌ මහ හයියෙන් කෑගැහුව. අර කෙල්ල කට රෝල් කරලා රෝල් කරලා බල්ලට "oh sorry" කියල කිව්වා. අපේ මේසෙ හිටපු උන් ටික තව ටිකෙන් බත් ටික පිට උගුරේ ගිහින් මැරෙනවා. අපි ඉතින් මනුස්ස කමට බොහොම අමාරුවෙන් හිනාව කාගෙන හිටිය. හැබැයි අපරාදේ කියන්න බෑ, ඒකිගේ යාළුවො ටික නම් කැන්ටිමටම ඇහෙන්න හිනා වුනා.

Friday, October 7, 2011

මෙන්න ගිලෙනෝ....!

අදත් පොඩි බ්රේක් එකක් ලැබුනා. රිසර්ච් එකට අමාරුවෙන් ගැට ගහගෙන ප්‍රපොසල් එකක් ලියාගෙන ගියාම ඒක කිසිම හිතක් පපුවක් නැති විදියට ඒක මදි කිව්වනේ අපේ සර්. ඊට පස්සේ විස්තර අහගන්න කෙනෙක්ව හම්බ වෙන්න යන්න කිව්වා. දැන් ඉතින් ඒ ගමන යනකල් කරන්න වැඩක් නෑ. ඒක නිසා ඉතින් දුවගෙන මේ පැත්තට ආව. කලින් පොස්ට් එකටත් කමෙන්ට් දාපුවට රිප්ලයි කරන්න වුනේ නෑ.

මේ දවස් වල අපේ හොස්ටල් එකේ එක සින්දුවක් නිසා හෙන විකාරයක් වෙලා තියෙන්නේ. කවුරුත් දන්නවා ඇතිනේ රොමේෂ්ගේ 'දිගු දෑස දුටුවාම' සින්දුව. ඒකෙ වීඩියෝ එක නිසා තමයි අවුල වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ සින්දුව, බලල නැත්තන් බලන්නකෝ.


කාමරේ  ඉඳන් එලියට හරි කැන්ටිමට හරි ගියොත්, මග දිගට කාමර හතරක පහක විතර ඔය සින්දුව තමයි ඇහෙන්නේ. අපේ බැච් එකේ එකෙක් මගදි දැක්කොත් "අනේ වචනයක් හරි කතා කරන්නකෝ පවන්" හරි "මට  ඔච්චර ආදරේ කරන්න එපා පවන්, කවද හරි මට ඔයාව නැති වුනොත් මට ඒක දරාගන්න බැරි වේවි" හරි "අනේ කවදාවත් මාව තනි කරන්න එපා පවන්, මාව මැරෙයි" ඔය තුනෙන් එකක් තමයි කියන්නේ. ඇත්තටම ඒ කෙල්ලගේ කට හඬ ඇහෙනකොට නම් මොකක්ද වෙනව වෙනව වගේ. නිකන් පා වෙනව වගේ දැනෙන්නෙ.:) දවසක් අපේ එකෙක් මලක් කඩ කඩ ඉන්නකොට මම ලඟට ගිහින් "අනේ කවදාවත් මාව තනි කරන්න එපා පවන්, මාව මැරෙයි" කියල කිව්වා. ඒ කෙල්ල හොඳටම බය වෙලා. ඒ කෙල්ල මේ සින්දුව අහල තිබිල නෑ.

පහුගිය දවස් දෙක තුනක්ම ඇහැරුනේ එහා බ්ලොක් එකේ එකෙක් උදේට 'දම්සාරී' කියල ගිරිය යටින් කෑගහන සද්දෙට. වැරදිලාවත් ඒකට ඇහැරුනේ නැත්තන් ඊට පස්සෙ අපේ බ්ලොක් එකෙන් ඇහෙන හූවට නම් අනිවා ඇහැරෙනවා. ඉතින් අර කෑගහපු එකාගෙයි, ඔය සින්දුවේ වීඩියෝ එක හදපු එකාගෙයි දෙමව්පියෝ මතක් කරගෙන තමයි ඇඳෙන් බහින්නේ. සින්දුව නම් ඇත්තටම ලස්සනයි, කියල වැඩක් නෑ.

බිඳ දමා මගෙ සිහිනේ
ඇයිද ඔබ හැංගෙන්නේ
මට  දෙන්න මගෙ සිහිනේ
ළඟ ඉන්න පෙර වාගේ

ඔය ටික නම් බොක්කටම වැදුනා. පද වගේම තනුවත් ගොඩක් ලස්සනයි. හැබැයි වීඩියෝ එකෙන් නම් සින්දුව රස විඳින්න බෑ. ඒකෙ සින්දුව කාල තියෙන්නේ. සින්දුව හරියට අහන්න ඕන නම් ඕඩියෝ එක අහන්න ඕන.

අද කියන්න ආපු දේ කියන්න කලින් තව දෙයක් කියන්නම ඕන. ඒ කලින් පෝස්ට් එක ගැන. ඒකෙ 'කෑල්ල' කියන වචනෙ පාවිච්චි කරපු එක හරි නෑ කියල කීප දෙනෙක්ම කියල තිබුන. ඒ වචනෙන් අපහාසයක් වෙනව කියන අදහස තමයි කියල තිබුනේ. මම බොහොම අවධාරණයෙන් කියන්න ඕන කිසිම විදියකින් අපහාස කිරීමකට නෙමෙයි ඒ වචනෙ පාවිච්චි කලේ කියල. ඕක ඉතින් කොල්ලන්ගේ ශබ්ධකොෂේ වචනයක් නේ. පෙම්වතිය කියන වචනෙට සමාන වචනයක් විදියට ඕක පාවිච්චි කරනව එක ඉතින් කවුරුත් වගේ දන්නව නෙ. එහෙම නැතුව කිසිම අපහාසයක් ඒකෙ නෑ මම හිතන විදියට නම්. මග තොටේ ලස්සන කෙල්ලෙක් දැක්කම 'පට්ට කෑල්ල නෙ' කියල නම් කියනවා. ඒක ඉතින් වෙනම කතාවක්.:) චතුරංග පෙරේරා අයියත් කියල තිබුන පුළුවන් නම් ඒ 'කෑල්ල' කියන වචනෙ එඩිට් කරන්න කියල. චතුරංග අයිය ආවට ගියාට මුකුත් කියන කෙනෙක් නෙමෙයි කියල මම දන්නව. ඊට පස්සෙ තමයි මට මේ ගැන ලියන්නම ඕන කියල හිතුනේ. ඒ ගැන ලියන නිසයි මම ඒක එඩිට් කලේ නැත්තේ. මම ආයෙත් කියන්නේ ඒක කිසිම විදියක අපහාසයක් දනවන වචනයක් නෙමෙයි කියල. කරුණාකරල ඒක වැරදියට තේරුම් ගන්න එපා.

ඔන්න දැන් තමයි මාතෘකාවට එන්නේ. මම චානිකා (අවසාන කොටස) දී අන්තිමට කිව්ව ඊට දවස් දෙකකට කලින් අපේ සෙට් එක නාන්න ගිහින් මහිමයයි, ඒ කතාවේ අනිත් ප්‍රධාන නළුවයි (කනය) ගිලිල මැරෙන්න ගියා කියල. ඒ කතාව තමයි මේ කියන්න හදන්නේ. නාන්න නියම තැනක් තියනවා, හැබැයි කිලෝ මීටර් 3ක් විතර තියනවා කියල මහිමය තමයි අපිව එක්කගෙන ගියේ. හොඳ කිලෝ මීටර් තුන, කිලෝ මීටර් 10යි ගානක් තිබුන. ඒක පොඩි දොළක්. ලස්සන මඩ පාට වතුර ටික. අඩි 15ක් විතර වගේ පළල මට හිතෙන විදියට. මහිමය කිව්ව මැද හරියෙ තැනක් තියනවා ටිකක් ගැඹුරුයි කියල. ඌ කලින් ඇවිත් තියනවා. කට්ටිය ඉතින් ගිහිල්ල නාන ඇඳුම් ඇඳගෙන ඉවුරට වෙලා බලාගෙන ඉන්නවා බහින්න බයේ. මටයි මහිමයටයි විතරයි යාන්තමට හරි පීනගන්න පුළුවන්. පීනන්න කියන්නේ ඉතින් වතුරකට වැටුනොත් කොහොමහරි කරලා යාන්තන් ගොඩට ඒගන්න වගේ පුළුවන්. අපි දෙන්න ඉතින් ඉස්සෙල්ල බැහැල බැලුව ගැඹුරු තැන් තියනවද කියල. හෙමින් හෙමින් ඇවිදල බලල ගැඹුරු නැති හරිය බලාගත්ත. ඊට පස්සෙ තමයි කට්ටිය බැහැල නාන්න ගත්තේ.

දැන් ඉතින් ඔහොම ටික වෙලාවක් අපි නනා හිටිය. එතන ඉවුරේ ඉඳල දොළ පැත්තට නැවුන කොට කෑල්ලක් තියනවා. මම ඕකෙ ටික වෙලාවක් වාඩිවෙලා හිටිය. ඒ අතරේ කනය පොඩ්ඩ පොඩ්ඩ අර ගැඹුරු හරියට ඇවිද ඇවිද එනව. ඌටත් ගැඹුරු කොයි හරියද කියල බලාගන්න ඕන වෙලා. මහිමය වගේ එන්න හැදුව නම් කවුරුහරි පැනල අල්ල ගන්නවා, ඕක පිස්සනේ. ඒත් ඉතින් කනය ගොන් වැඩ කරන්නේ නැති නිසා කවුරුවත් එච්චර ගනන් ගත්තේ නෑ. දැන් මූ හෙමිහිට ඇවිදගෙන මැදට එනව. ඔහොම එනකොට මිනිහ එක පාරටම යට ගියා. දැන් මුගේ ඇස් දෙකෙන් උඩ විතරයි වතුර උඩ තියෙන්නේ. ඒ ටික ඉතින් වතුරෙන් උඩ තිබුන කියල වැඩක් තියන එකක්යැ. දැන් මේකා උඩ එනව යට යනවා, ආයෙත් උඩ එනව ආයෙත් යට යනවා, අපි වටේට වෙලා බලාගෙන ඉන්නවා. දැන් ඉතින් කරගන්න දෙයක් හිතාගන්න බැරුව වටේ ඉන්න උන් ටික කටවල් අරගෙන බලාගෙන ඉන්නවා.

ඔහොම ඉන්නකොට ඩයල් එකක් ජබොස්‌ ගාල පැන්න මැදට. හත් දෙයියනේ මහිමය පැනල තියෙන්නේ. කොස් ඇට දෙකක් උස නැති එකා තමයි අරූව බේරගන්න පැනල තියෙන්නේ. අර කලින් කිව්ව වගේ ඌට යන්තං වතුරකට වැටුනොත් ගොඩ එන්න පුළුවන් උනාට, වෙන එකෙක් බේරාගන්නවා තියා හිතන්නවත් බෑ. කොහොම හරි මහිමය පැන්න ගමන් කනය මහිමයව අල්ලගෙන. අල්ල ගත්ත කිව්වට අහුවෙලා තියෙන්නේ මහිමයාගේ බෙල්ලෙන්. දැන් කනය මර විකාරෙන් අරූගේ බෙල්ල මිරිකනවලු. ගිලෙන්න යන එකෙක් බේරගන්න ගිහින් ඌ තමන්ගේ බෙල්ල මිරිකුවම කොහොම සතුටක් දැනෙන්න ඇද්ද? දැන් මට තේරෙනවා මහිමයට වැඩේ ගොඩ දාගන්න බෑ කියල. දෙන්න මැදට වෙලා දඟලනවා විතරයි. ඔය වෙලාවේ තමයි මම ට්‍රැක් එකට ආවෙ. එච්චර වෙලා නිකන් විකාරෙන් වගේ බලාගෙන හිටියේ. ට්‍රැක් එකට ආව කියල ඉතින් මටත් අරූවත් අරගෙන පීනන්න බෑ නෙ. මම ටක් ගාල වතුරට පැනල අරූ ලඟට ගිහින් ඌව අදින්න හැදුව. ඌව අදින්න බෑ ඌ පිස්සුවෙන් වගේ දඟලනවා. ඒ පාර මම තව ටිකක් ලඟට ගිහින් පුළුවන් තරම් හයිය දාල අරූව ගොඩ පැත්තට තල්ලු කළා. ඕනෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් තියනවලු නෙ. ඌව ගොඩ පැත්තට තල්ලු කරනකොට මම මැදට තල්ලු වුනා. දැන් මට තේරෙනවා මාත් ගිලෙන හරියේ ඉන්නෙ කියල. ඒ පාර දඟලල මම එහා ඉවුර පැත්තට ගියා. ගිහින් හැරිල බලනකොට කනය ආයෙත් මැද ගිලෙන හරියේ ඉන්නෙ. මට මළ ඉතින්. මම අච්චර මහන්සි වෙලා වැඩක් වුනේ නෑ නෙ. 

ඔන්න ඔය වෙලාවේ තමයි අපේ සෙට් එකේ ඉන්න උසම එකා ක්‍රියාත්මක වුනේ. අර අවාසනාවට ලැජ්ජ හිතෙන ඇත්ත කතාවක් එකේ කොල්ල, අන්න ඌ තමයි මේ කියන්නේ. ඌ ගොඩක්ම උස නිසා අපිට වැඩිය ගොඩක් දුරට මැදට යන්න පුළුවන් ඌට. ඌ කනයගේ ළඟටම වගේ ගිහින් කනයව උස්සගෙනම ආව. උස්සගෙන ඇවිත් ගිලෙන්නේ නැති හරියෙන් ගෙනල්ල තිබ්බ. අම්මෝ ඇති යන්තං! හෑහ් කෝ එතකොට දැන් මහිමය. අනිත් එකෙක්ට වත් ඌව මීටර් නෑ. මට මොකක්ද කරුමෙකට ඌව මතක් වුනා. හැරිල බලනකොට මෑන්ස් නෑ, අත් දෙකක් විතරක් පේනවා. ඔන්න ඊට පස්සෙ ඔලුව පොඩ්ඩක් උඩ මතු වෙනවා, ඊට පස්සෙ ආයෙත් අත් දෙක විතරයි. කනයව බේරගන්න පොර වගේ පැන්නට කොස් ඇට දෙකක් වත් උස නැති නිසා මහිමය හොඳටම ගිලෙන්න එතන වතුර තියනවා. ඌට අර කලින් කිව්ව වගේ වතුරකට වැටුනොත් ගොඩට යන්තං පීන ගන්න පුළුවන්. ඒත් කලබල වෙලා නිසා මුකුත් කරගන්න බෑ. අනිත් එක අරූ පැන්න ගමන් මහිමයගේ බෙල්ල මිරිකුවලුනේ. ඉතින් ඌ විකාර වෙන්න ඇති. ඒ පාර මම ආයෙත් මැද හරියට කිට්ටු කරලා මහිමයගේ අත අල්ලගන්න හැදුව. කලබලේ වැඩි කමට දැන් අත අහුවෙන්නෙත් නෑ. කොහොම හරි දඟලල යන්තං අත අල්ල ගත්ත. ඊට පස්සෙ ශේප් එකේ ඉවුර පැත්තට ඇදගෙන ආව. 

කොහොමහරි ඉතින් ඔය විදියට ජීවිත හානි නැතුව වැඩේ ශේප් කරගත්ත. සෑහෙන වෙලාවක් යනකල් මගෙ කකුල් දෙක වෙව්ලන එක නැවතුනේ නෑ. ඔක්කොම ඇතිවෙන්නම බය වුනා එදානම්. විනාඩි දෙකක් විතර යනකල් එකෙක්ට වත් කතා කරගන්න බැරි වුනා. හැබැයි එතන එකෙක් හරි ගිලිලා මරුන නම් ඌට ආයෙත් ජීවිතේට සමාජෙට මූන දෙන්න වෙන්නෙ නෑ. ඇයි දෙයියනේ අර චූටි දොලේ ගිලිලා මැරුණ කියන්නෙ මොන ලජ්ජාවක්ද? එතන බෙහොම පොඩි තැනක විතරයි ගිලෙන්න තරම් ගැඹුර තියෙන්නේ. අර වෙලාවේ කනයට තව අඩි දෙකක් ඉස්සරහට ආව නම් කිසි අවුලක් නෑ. කලබල වුනාම ඉතින් ඕව මතක් වෙන්නේ නෑ නෙ. හැබැයි මහිමය නම් හොඳට ගිලෙන්න වතුර තියනව එතන. තව චුට්ටෙන් කනය බේර ගන්න ගිහින් මහිමයට ෂොට් එක හම්බවෙනව. ඌ ඉතින් ඒ මොනවත් හිතුවෙ නෑ, දඩස් ගාල පැන්න අරූව බේරගන්න.  ඔන්න ඔහොමයි ඉතින් සිද්ධිය වුනේ. කොහොමහරි තාමත් කනයව බයිට් කරනව 'ගිලෙන්න ගිය එකා' කියල.


Saturday, October 1, 2011

හිතට වැදුන සිද්ධියක්

මම ආයෙත් කාලෙකට පොස්ට් එකක් දාන්නේ නෑ කියල හිතන් හිටියේ. ෆයිනල් ඉයර් එකේ රිසර්ච් එක පටන් ගත්ත ගමන් නිසා හොඳටම හිර වෙලා ඉන්නෙ. ඒ නිසා බ්ලොග් එක ගැන හිතන්නවත් වෙලාවක් නෑ. හැමදාම බලන බ්ලොග් ටිකටවත් කමෙන්ට් කළේ නෑ. හැබැයි අද වුන එක සිද්දියක් මට ලියන්නම ඕන කියල හිතුනා. බොහොම පොඩි කතාවක්. මේක මම මෙතෙක් දාපු පොඩිම පොස්ට් එක. 

මම  දැන් ටිකකට කලින් නිදාගෙන හිටියේ. මට දැන් නින්දෙන් වගේ ඇහෙනවා අපේ කාමරේ පොදි කලබයක් වගේ. හය හත් දෙනෙක් විතර සෙට් වෙලා මොකක් හරි ගැන කතා වෙනවා. අමාරුවෙන් ඔලුව උස්සගෙන බැලුව, එහා රූම් එකේ එකා අලුත් ලැපක් ගෙනත්. කට්ටිය වට වෙලා ඒක බල බල ඉන්නවා. ලැප ගෙනාපු එකා ෆුල් හැපි එකේ ඉන්නෙ. හිනා වෙනවා, කාමරේ පුරා ඇවිදිනවා, උඩ පනිනවා, එක විකාරයයි. අලුත් ලැපනේ ඉතින් එහෙම වෙන්න එපායැ කියල මම ඇඳටම වෙලා හිටියා.

ටික වෙලාවකින් සොෆ්ට්වෙයාර් ටිකක් දාගන්න කියල වෙන කාමරේකට ගෙනියන්න හැදුවා. ඒ කාමරේ එකා ගත්ත ලැප උකුලට, වරෙන් යන්න කියල එලියට ගියා. අයිතිකාරයා කෑගහන්න ගත්ත "අනේ යකෝ ඕක පරෙස්සමින් අරන් යමන්, ඔය මගේ කෑල්ල මහන්සියෙන් හම්බ කරපු සල්ලි" කියල. අයියෝ සල්ලි කිව්වලු, ඒ කියන්නේ මූට කෑල්ල තමයි මේක අරන් දීල තියෙන්නේ. ඒක තමයි මූ මේ මැරෙන්න හදන්නේ. 

ටික  වෙලාවකින් මම නැගිටල මොනවා හරි කාල එන්න කියල කැන්ටිමට ගියා. යන ගමන් අර ලැප අරන් ගියපු කාමරේටත් පොඩ්ඩක් ගියා. ඒ කාමරේ එකා සොෆ්ට්වෙයාර් දානවා, අයිතිකාරයා පැත්තකට වෙලා බලන් ඉන්නවා. මම උගෙන් ඇහුව "උඹත් කීයක්‌ හරි දැම්මද, නැත්තන් කෑල්ලද ඔක්කොම සල්ලි දැම්මේ" කියල. බලනකොට කෑල්ල කොහෙන්ද ලෝන් එකක් අරගෙන ලැප අරන් දීල තියෙන්නේ. ඌ කියක්වත් දාල නෑ. කෙල්ල පඩියෙන් වාරිකේ ගෙවනවලු. 

මූට ගෙදර නම් කම්පියුටර් එකක් තියනවා. ඒත් හොස්ටල් එකේනේ ඉන්නෙ. ඒක නිසා ඒක වැඩක් නෑ. ඇත්තටම තනි පාවිච්චියට කම්පියුටර් එකක් නැතුව අපේ රිසර්ච් එක කරන්න අමාරුයි. ඒ නිසා තමයි කෙල්ල බලෙන්ම වගේ මූට ලැපක් අරන් දීල තියෙන්නේ. උගේ අම්මල තාත්තල අතින් වෙන්න ඕන දෙයක් තමයි උගේ කෙල්ල කරලා තියෙන්නේ. මම උගෙන් විස්තර අහන වෙලාවේ උගේ මූනෙ ඉරියව් හොඳට බලාගෙන හිටියේ. ඌ මාරම සතුටකින් මාත් එක්ක විස්තර කිව්වේ. ඒ වගේම ඒ වචන වල අහිංසක ආඩම්බරයක් තියනවා උගේ කෑල්ල ගැන. ඒක ඌ කතා කරන විදියෙන් ඒක හොඳට තේරුනා.

ඔච්චර දෙයක් කරන්න උගේ කෙල්ල ඌට කොච්චර ආදරේ ඇද්ද? මම කෙල්ලෙක් ඔහොම දෙයක් කළා කියල නම් ඔය ඇහුවමයි. අපිට කොහෙද ඉතින් ඔහොම කෙල්ලො. මාත් මගුලක් කියනවා, ඔහොම තියා කොහොමවත් කෙල්ලෙක් නෑ නෙ අපිට.:P 

Wednesday, July 27, 2011

සුද්දන්ටත් බැරි අපේ කඩ්ඩ


පොඩි නින්දක් දාල දැන් නැගිට්ටෙ. එලියෙ කලු කරල හොඳටම වහිනව. ඇහැරෙනකොටම ඇහුනෙ

            "මා දෙනෙත අඩ අඳුරේ රඳවා තියා
             සඳවතිය පාවී ගියා
             පිළිගන්න පුලුවන්ද සඳ දෙව්දුවත්
             මේ හැටිම නපුරුයි කියා"

මම සින්දු ටිකක් දාල නිදා ගත්තෙ. ඇහැරෙනකොට ජගත් වික්‍රමසිංහ මහත්තයගෙ ඔය සින්දුව තමයි ගියේ. ඒ සින්දුවෙ පද වල තියන ලස්සනත්, ස්වරයේ තියෙන හැඟීම්බර කමත්, මම නින්දෙන් ඇහැරුන ගමන් නිසාත් දැනෙන්න පුලුවන් ඇතුලටම ඒක දැනුන. අමතක කරල තිබුන අතීතය ආයෙත් පාරක් මතක් වුනා. මගේ සඳවතියත් මා අඳුරේ දමා හැර ගියා නේද කියල මට මතක් වුනා.  ආයාසයෙන් උඩට ඇදගත්ත බර සුසුම නිදහස් කරල මම ඇඳෙන් නැගිට්ට. දවල්ට කාලත් නෑ, ඒත් එච්චර බඩගින්නකුත් නෑ. මොනවහරි කොටන්න කියල මේ ලේස්ති වුනේ. කලින් එක වගේ මේකත් එහෙමම වෙන බ්ලොග් එකක වැටෙයිද දන්නෙ නෑ. කලින් එක ලිව්වට පස්සෙ මට මේක ලියන්න ඕන කියල හිතුනෙ. අපෙ අයගෙ කඩ්ඩ සම්බන්ද පොඩි රසවත් සිද්දි කීපයක්. මට හිනායන විදියට නම් ලියන්න බැරි වේවි. මම නිකන් කොටල දාන්නම්. ඔන්න හිනාගියේ නෑ කියල බනින්න එපා හොඳේ.



කැම්පස් ආපු කාලෙ අපේ ගොඩක් අයගෙ කඩ්ඩ අප්සට් නෙ. ඇයි ඉතින් අවුරුදු දහතුනක් අමු සිංහලෙන්ම ඉගෙන ගෙන, එච්චර කල් සිංහලෙන්ම කතා කරල කැම්පස් ආපු ගමන් කඩ්ඩ පුලුවන් වෙන්නෙ නෑ නෙ. අපි මොකෝ ඉන්ටනැශනල් ස්කූල් වලට ගියා කියලයැ. ෆස්ට් ඉයර් එකේ අපේ හොස්ටෙල් එකට සෙට් වුනේ නියමම බුල ඩයල් සෙට් එකක්. කඩ්ඩ නම් නැතිම තරම්. ඒ කිව්වෙ කඩ්ඩ කතා කරන්න තමයි බැරි. ලියන්න කියවන්න සාමාන්‍ය තරමට පුලුවන්. කතා කරන්න නම් බෑම තමයි. අපේ හොස්ටල් එකේ දෙමළ ළමයි ටිකකුත් හිටිය. ආපු කාලෙ උන්ට සිංහල බෑ. අපිට ඉතින් දෙමළ බෑ නෙ. එතකොට කතා කරන්න පුලුවන් එකම විදිය කඩ්ඩෙන් තමයි. අපරාදෙ කියන්නෙ අපේ උන්ට වගේම උන්ටත් කඩු හරඹ බෑ. ඉතින් කතා කරන්න ගියාම ලොවෙත් නැති කට්ටක් කනව. ඒ නිසාම මුල් දවස් වල අපේ උන් දෙමළ සෙට් එකත් එක්ක වැඩි කතාවක් නෑ. හැබැයි ඉතින් අමාරුවෙන් හරි කතා කරන වෙලාවට අහන් ඉන්න ආසයි. මට මතක ලස්සනම වැඩේ තමයි අපේ එකෙක් දෙමළ එකෙක්ගෙන් කෑවද කියල අහපු එක.


"Did you eat?"

"Yes I ate."

ඕකනෙ ඉතින් ඉංග්‍රීසි භාශාවෙන් කෑවද කියල අහන සරලම ක්‍රමේ සහ ඒකට දෙන සරලම උත්තරේ. ඒ වුනාට අපේ උන් ඔයිටත් වැඩිය සරල ක්‍රමයක් තමයි පාවිච්චි කලේ.

ප්‍රශ්නය:  "Eat?"

උත්තරය:  "Eat."

ප්‍රශ්නෙ අහන එකා ප්‍රශ්නයක් අහන ටෝන් එකෙන් Eat කියල අහනව. උත්තරේ දෙන එකා උත්තරයක් දෙන ටෝන් එකෙන් ඔලුව වනල Eat කියල කියනව. මට ඔය දෙබස දෙතුන් පාරක්ම ඇහිල තියනව. දැන් ඔන්න හිතන්න එපා අපෙ උන් අඩු ගානෙ eat කියන එකේ අතීත කාල පදය ate කියන එකවත් දන්නෙ නෑ කියල. එහෙම නෙමෙයි, භාවිතයක් නැති නිසා අඩුම ගානෙ ඒක වත් ඒ වෙලාවට එන්නෙ නෑ.


ට්‍රේනින් කාලෙත් පොඩි සිද්දියක් වුනා. මම අර කලින් කතාවෙ කියපු කෙල්ලටම තමයි මේක වුනෙත්. අපි දෙන්න බිල්ඩින් එකක ඩ්‍රෝවින් එකක වැඩක් කර කර ඉන්නකොට අර කෙල්ල මගෙන් ඇහුව "කසුන්, සෙකන්ඩ් ෆ්ලෝ එකේ ජනෙල්ස් කීයක් තියෙද?" කියල. කරුමෙ කියන්නෙ මට ඕක ඒ වෙලාවෙ මීටර් වුනේ නෑ නෙ. නැත්තන් ඒක ඇති සති ගානකට. පස්සෙ වෙලාවක ඒකිමයි හිනා වෙවී කිව්වෙ.

තව ලස්සනම කතාවක් තියනව අපෙ කලින් හිටපු රෙපෙක් ගැන. ඒක නම් හදපු කතාවක්. ඌට පස්සෙ හිටපු රෙපා තමයි කතාව හැදුවෙ. ඔය කලින් කියපු රෙපා ටිකක් දුශ්කර ගමක ඉන්නෙ. ඇත්තටම උගේ කඩ්ඩ නම් බිංදුවයි. ලෙක්චර්ස්ල නෙමෙයි, VC ඇවිත් කඩ්ඩෙන් කතා කලත් ඌ අමු සිංහලෙන්ම තමයි උත්තර දෙන්නෙ. ඒක නිසා තමයි ඌට ඔය කතාව හැදුනෙ. කතාව හදපු එකා මෙහෙමයි කිව්වෙ. මූව රෙපාට දාපු අලුත මැඩම් කෙනෙක් ඇවිත් ඇහුවලු "Who is the rep?" කියල. අරූ කිව්වලු "I is the rep" කියල. ඊට පස්සෙ මැඩම් කිව්වලු, "Ah, you are the rep?" කියල. ඊලඟට මූ කිව්වලු "Yes, I are the rep" කියල.

කාලයක් අපි බෝඩිමේ කඩ්ඩෙන් කතා කරන්න පුරුදු වෙලා හිටිය. මොකක් වුනත් කඩ්ඩෙන් තමයි කියන්න ඕන. ඇත්තටම ඒක හොඳ ප්‍රැක්ටිස් එකක්. වැරදුනාට හිනා වෙන්න කවුරුවත් නෑ, අපේ එවුන් නෙ ඉන්නෙ. ඒ කාලෙ හෙන බැරෑරුම් මාතෘකා ගැන කතා යනව කඩ්ඩෙන්. හැබැයි ඉතින් ව්‍යාකරණ කියල නාමයක් නෑ. අලුත් ව්‍යාකරණ නීති සෑහෙන්න හැදුන ඒ කාලෙ. ඒ ලඟම බෝඩිමක අපේ අක්ක කෙනෙක් හිටිය. ඒකෙ හිටපු අනිත් කෙල්ලො ඒ අක්කට කියල තිබුන මල්ලිලගෙ ඉංග්‍රීසි හොඳයි, ග්‍රැමර් තමයි අවුල කියල. අපේ එකෙක් හිටිය උගේ කඩ්ඩ තමයි අපි අහන්න ආසම. ඌ කවදාවත් කතා කරනකොට හිර වෙන්නෙ නෑ. අතට අහුවේන ටෙන්ස් එකකින් කටට එන වචනයක් දාල වාක්‍යය සම්පූර්ණ කරනව. දවසක් මූ කැම්පස් එකේදි වතුර ඕන වෙලා කිව්ව, "Can I give a piece of water?" කියල. මිනිහ ඔහොම ලස්සන කතා ගොඩක් කියල තියනව. මට දැන් මතක් වෙන්නෙ නෑ නෙ.



අන්තිමටම කියන්න තියෙන්නෙ අපේ ගමේ එකෙක් කරපු වැඩක්. මේක නම් කඩ්ඩ සම්බන්දම දෙයක් නෙමෙයි. මිනිහ දවසක් මට ෆේස්බුක් එකේ කෙල්ලෙක් ගැන කිව්ව. මමත් ඉතින් අනේ නම අහගෙන ඒ කෙල්ලව ඇඩ් කරගත්ත. දන්නෙ නැද්ද ඉතින් යාලුකමටනෙ. ඒ කෙල්ල ඉන්දියාවෙ කෙල්ලෙක්. එයාර්ලයින් එකක වැඩ කරන්නෙ, එයාර් හොස්ටස් කෙනෙක්. දවසක් මම ඒකිගෙ ෆොටෝ බැලුව. ඒකෙ එක ෆොටෝ එකක් තියනව මොකක් හරි උත්සවයක හරි මීටින් එකක හරි. ඒකෙ එයාර් හොස්ටස්ල ගොඩක් වාඩි වෙලා ඉන්නව. ඒකෙ ඉංග්‍රීසියෙනුයි, ඉංග්‍රීසි අකුරු වලින් හින්දියෙනුයි දාපු කමෙන්ට් ගොඩක් තිබුන. ඒකෙ යටින්ම අපේ එකා ඉංග්‍රීසි අකුරු වලින් සිංහලෙන් ලියල තිබුන "කෝ මේකෙ ඔයාව අඳුර ගන්න බෑ නෙ" කියල . (ko meke oyawa adura ganna baa ne)

...................................................................................................................................................................
ප.ලි. උඩ තියන පින්තූර ලැබුන තැන් නම් මතක නෑ. ඊයෙ හවස ලියන්න පටන් ගත්තට ලියන්න වුනේ නෑ. දැන් තමයි ඉවර කලේ. අර සිංදුව ඒ වෙලාවෙ ඉඳන් මේ වෙනකොට දහ පාරකට වඩා ඇහුව. හිතට ගොඩක්ම දැනෙන, ලස්සන, සංවේදී සිංදුවක්. ඒක අහපු නැති කෙනෙක් නම් නැතුව ඇති. ඒ වුනාට කරුමෙට හරි අහල නැති කෙනෙක් ඉන්නව නම් මෙන්න සින්දුව.






Friday, July 22, 2011

මම ඔයා හිතන විදියෙ කෙනෙක් නෙමෙයි කසුන්

ඔන්න කැම්පස් පටන් ගන්නවලු. මෙච්චර දවස් බැන බැන හිටියට දැන් නම් යන්න කම්මැලියි වගේ. තව ටිකක් ස්ට්‍රයික් එක තිබුන නම් හොඳයි කියල හිතෙනව. මේ සෙමෙස්ටර් එකේ නම් කොට්ටෙකුත් අරගෙනම තමයි ලෙක්චර්ස් යන්න වෙන්නෙ. ඇයි දෙයියනේ මෙච්චර දවස් ගෙදර ඉඳල කොහොමද ලෙක්චර්ස් වල ගිහින් ඉන්නෙ? අදත් මොකක් හරි කොටන්න කියල මේ ලේස්ති වුනේ. පහුගිය දවස් ටිකේම බැරෑරුම් මාතෘකා ගැන නෙ කතා කලේ. මට හිතුන මගේ ජීවිතේ මම මූන දීපු අත්දැකීම් ගැනත් අනිත් අයත් එක්ක බෙදාගන්න පුලුවන් නම් හොඳයි කියල. අත්දැකීම් කිව්වට ඉතින් චාටර් සිද්ධි තමයි තියෙන්නෙ. අද මේ කොටන්න යන්නෙ මම ට්‍රේනින් කාලෙ වුන සිද්ධියක්.

මම ට්‍රේනින් හිටියෙ විශාල පරිමාණයේ ආයතනයක. ඒකෙ අංශ ගනනාවක්ම තියනව. අපේ බැච් එකේ හතර දෙනෙක්ම ඒකෙ ට්‍රේනින් හිටිය. කොල්ලො දෙන්නයි, කෙල්ලො දෙන්නයි. මම හිටපු අංශයේ මාත් එක්ක අනිත් හිටියෙ කෙල්ලෙක්. ඒකි තමයි කතා නායිකාව. අපි කියමු එයාට නිශාදි කියල. අපි ඉතින් ලන්ච් ටයිම් එකට හතර දෙනාම සෙට් වෙලා තමයි කෑම කන්නෙ. ඉතින් කනකල් මායි අනිත් කොල්ලයි කරන්නෙ අරුන් දෙන්නව බයිට් කරන එක. උන් දෙන්නත් කිසි අවුලක් නෑ. උන් දෙන්නගෙත් හොඳ කටවල් දෙක, උන් දෙන්නත් අතාරින්නෙ නෑ. කොහොම හරි අපි මාරම ෆන් එකේ හිටියෙ. ඒ මගේ සෙක්ශන් එකේ හිටපු කෙල්ල එක්ක ඊට කලින් මම වචන දහයකට වැඩිය කතා කරල නෑ මම හිතන්නෙ. ආපු දවස්වල කාගෙත් නම් ගම් විස්තර අහගන්නවනෙ සින්නො ඇහුවම කියන්න. එහෙම කතා කලාට පස්සෙම මම කතා කරල නෑ ඒ කෙල්ල එක්ක. ඒ වුනාට ට්‍රේනින් ගියාට පස්සෙ ඒකටත් එක්ක හරියන්නම කතා කලා. ඔෆිස් එකේ වැඩ නැති වෙලාවට (වැඩියම තිබුනෙ එහෙම වෙලාවල් තමයි.) අපි දෙන්නගෙ වැඩේ මොකක් හරි බයිලයක් කියව කියව හිනා වෙන එක. (පසු කාලීනව 'ටක් ටුක් ටික්', 'කොටු කැපීම' වගේ ළමා ක්‍රීඩාත් ඒකට එකතු වුනා.) ඒ සෙක්ශන් එකේ තුන්වෙනියට ඉන්න සර් ඉන්නෙ අපේ ලඟම අපේ පැත්ත බලාගෙන. පස්සෙ ඒ මනුස්සයවත් ගානක් නැතුව ගියා. ඒ කෙල්ල අනිත් කෙල්ලො වගේ පොඩ්ඩ ඇත්තන් බුම්මගන්නෙ නෑ. විහිලු හොඳට තේරෙනව. ඒක නිසා මාත් කටට එන ඕන දෙයක් කියන්න පුරුදු වෙලා හිටියෙ.  

හරි දැන් සිද්ධියට එමුකො. ඒකෙ හිටීගමන් එක එක දේශන තියනව. එක එක මාතෘකා ගැන. ටෙක්නිකල්, මැනේජ්මන්ට්, පොසිටිව් තින්කින් වගේ දේවල්. එක ඔය කියන දවසෙ තිබුනෙ පොසිටිවි තින්කින් ගැන දේශනයක්. අපේ ට්‍රෙනීස්ලට කියල තිබුනෙ ඕන දේශනයකට කැමති නම් යන්න කියල. ඉතින් එදා එකටත් අපි හැමෝම ගියා. එදා දේශනේ ගොඩක් ඉන්ටරෙස්ටින්. ඒක කරපු සර්නුත් ගොඩක් ආස හිතෙන විදියට කියල දුන්න. මම එතන තිබුන දේශන වලින් නිදා ගන්නෙ නැතුව ඔක්කොම අහගෙන හිටපු එකම දේශනේ ඒක. ඔහොම යනකොට ටික වෙලාවකින් මෙන්න මේ පහලින් තියන ෆොටෝ එක තියන ස්ලයිඩ් එකක් දැම්ම. 

(ගූගල් ඉමේජ් වලට පින්සිද්ද වෙන්න 'cat in front of mirror' කියල ගහපු ගමන් මේක හොයා ගන්න පුලුවන් වුනා.)

දාල කිව්ව "අපි ඇත්තටම කවුද කියන එක නෙමෙයි වැදගත් වෙන්නෙ, අපි ගැන අපි හිතාගෙන ඉන්න විදියයි වැදගත් වෙන්නෙ" කියල. ඒ කියන්නෙ සරළව කිව්වොත්, අපි අපේ ගැන ඉහලින් හිතන ඉන්න තරමට අපිට වැඩි වැඩියෙන් ඉහලට යන්න පුලුවන් කියන එකනෙ. මම අර කෙල්ලට ඔයිට කලින් විහිලු කර කර හිටියෙ ඒකි තමන්ගෙ ගැන හෙන ලොකුවෙන් හිතාගෙන ඉන්නෙ කියල. ඔන්න ඉතින් ඒ වෙලාවෙ මගේ කට කහන්න ගත්ත. අපේ සෙට් එකේ මම හිටියෙ කොනේම. මගේ ගාව අනිත් කොල්ල, ඊලඟට මගේ සෙක්ශන් එකේ කෙල්ල, ඊටත් එහා අනිත් කෙල්ල. මම ඉතින් ඉස්සරහට නැමිල අරකි දිහා බැලුව. ඒකිත් මම කියපුව මතක් වෙලාද කොහෙද මගේ පැත්ත බලාගෙන හිටියෙ. මම කිව්ව, "ඔන්න, උඹ වගේ ඩයල් එකක්. උඹත් ඔය වගේ හෙන ලොකුවෙන් නෙ හිතාගෙන ඉන්නෙ" කියල. ඒකි මට ඔරවල ඉස්සරහ බලාගත්ත. ඔහොම ඉඳල ඊට පස්සෙ දවසෙ කන වෙලාවෙ මම ආයෙත් ඔය කතාව ඇදල ගත්ත. ඒ වෙලාවෙ නම් ඒකි හොඳටම බයිට් වුනා. එදා හවස හොඳටම වැඩ සෙට් වුනා. ඔලුව උස්සගන්න බැරි තරමට වැඩ වැටුන. වැඩ කර කර ඉන්න ගමන් ඒකි එක පාරට කිව්ව මට දෙයක් කියන්න තියනව කියල. ඊට පස්සෙ එක්කො ඕන නෑ කියල නිකන් හිටිය. වැඩ හිර වෙලා තිබුන නිසා මමත් ආයෙ අහන්න ගියේ නෑ. ඊට පස්සෙ දවසෙ එච්චර වැඩ තිබුනෙ නෑ. දැන් මේකි ටිකක් අවුල් වගේ. මාත් එක්ක වැඩිය කතා කරන්නෙත් නෑ, හිනා වෙන්නෙත් නෑ. මට අවුලක් තියනව කියල මීටර් වුනා, ඒත් මම අහන්න ගියේ නෑ. හවස ආයෙත් මේකි කිව්ව "මට ඔයාට දෙයක් කියන්න තියනව" කියල. මම කිව්ව කියන්න කියල. ඊට පස්සෙ ආයෙත් නොකිය ඉන්න හැදුව. මම කිව්ව " නෑ නෑ කියන්න ගිය දේ කියන්න" කියල.   
 
"මම ඔයා හිතාගෙන ඉන්න විදියෙ කෙනෙක් නෙමෙයි කසුන්."

මට දැන් විකාරයි මොනවද මෙයා කියන්නෙ කියල.

"මම කවදාවත් මගේ ගැන ලොකුවට හිතාගෙන හිටියෙ නෑ." එහෙම කියනකොටම මේකිට ඇඬුන. මට එතකොට තමයි සීන් එක මීටර් වුනේ. මම දැන් කරකවල ඇතෑරිය වගේ. 

"මම මගේ තරම හොඳට දන්නව. මම ඊට වැඩියෙන් මගේ ගැන හිතගෙන ඉන්නෙ නෑ. මට එහෙම ඕනත් නෑ." 

දැන් මේකි කියව කියව අඬනව. මට කරගන්න දෙයක් හිතාගන්න බැරුව මම බලාගෙන ඉන්නව. මහ පාරක වගේ වුනානම් වාහනයකටවත් පනින්න තිබුන. දැන් මට හොඳටම අප්සට්. ඊටත් වැඩිය අනිත් අයට ඇහුනොත් අපි දෙන්නටම හරි නෑ නෙ. කම්පියුටර් ඇසිස්ටන්ට් අක්ක ඉන්නෙත් අපි ඉන්න තැනට චුට්ටක් එහායින්. ඒ අක්කට මේකි අඬන සද්දෙ ඇහිල. එයා ඉන්නෙ අපිට පිටුපාල. දැන් එයාත් හැරි හැරී බලනව. මේකි තවත් ලේන්සුවෙන් මූන වහගෙන අඬනව. ඔයිට වැඩිය හොඳයි පැත්තකට එක්කගෙන ගිහින් මට ගැහුව නම්.


මම කිව්ව "අයියෝ, මම ඒක විහිලුවට කිව්වෙ. හරි හරි දැන් ඒක ඉවරයි" කියල. වැඩිය මොනවත් කියන්න ගියේ නෑ, අඬන වෙලාවට හිත හදන්න ගියාම තවත් ඇඬෙනව නෙ, ඒක නිසා. කොහොමහරි ශේප් එකේ ඇඬිල්ල නැවතුනා. අම්මෝ එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. අර අක්කට විතරයි වැඩේ මාට්ටු. අර අපි දෙන්න ලඟම ඉන්න සර් වෙලාවට ඒ වෙලාවෙ හිටියෙ නෑ. ඒ මනුස්සය ඒ වෙලාවෙ හිටිය නම් මම ආයෙත් එතන ට්‍රේනින් යන්නෙ නෑ.

කොහොමහරි මට වුන දේ ගැන ගොඩක් දුක හිතුන. කවදාවත් විහිලු කලාට තරහ යන්නෙවත් නැති කෙල්ලට ඇඬුන කියන්නෙ ගොඩක්ම හිත රිදිල වෙන්න ඕන නෙ. ඒකයි මට ගොඩක්ම අප්සට්. ප්‍රයිමරියෙන් අයින් වුනාට පස්සෙ මම විහිලු කරල කෙල්ලෙක් ඇඬුවමද කොහෙද. මම සාමන්‍යයෙන් කවුරුහරි අප්සට් වේගෙන වගේ එනව නම් ටක් ගාල විහිලු කරන එක නවත්තනව. ඒත් මෙයා එහෙම අවුල් යන්නෙ නැති නිසා මෙයට මම ඕන තරම් විහිලු කරනව. මට හිතාගන්න බැරි ඇයි මේ කතාවට විතරක් එච්චර අවුල් ගියේ කියල.  

අපි දෙන්නම එකම මේසෙ දෙපැත්තෙ මූනට මූන බලාගෙන ඉන්නෙ. කොහොමහරි ඊට පස්සෙ දවස් ගානක් යනකල් මම ඒකි දිහා ඔලුව උස්සල බැලුවෙවත් නෑ. බලන්න පුලුවන් කමක් තිබුනෙ නෑ ඇත්තටම. ඒකිත් ඊට පස්සෙ වැඩිය කතා නෑ. ඔෆීශියල් වැඩ වලට විතරයි ඊට පස්සෙ කතා කලේ. කන්න ගියාම උනත් අනිත් කෙල්ලට විහිලු කලොත් මිසක් මේකි ගැන වචනයක් වත් කිව්වෙ නෑ. ඒ දවස් ටිකේ ඔෆිස් එකේ ඉන්න එක නම් මාරම බෝරින් වෙලා තිබුනෙ. හැබැයි ඉතින් වැඩි දවසක් ඔහොම හිටියෙ නෑ. අපි දෙන්නටම කට පියාගෙන ඉන්න හරි අමාරුයි. ආයෙත් ටික ටික කතා කරන්න ගත්ත. ඊට පස්සෙ දවස් දෙක තුනකින් සාමාන්‍ය තත්ත්වෙට ආව. ඊට පස්සෙ මම ඇහුව "එච්චර සීරියස් ගන්න තරම් මොකක්ද වුනේ? මම විහිලුවක්නෙ කලේ" කියල. ඒකි කියනව "ඔයා විහිලුවට නෙමෙයි ඒක නම් ඇත්තටමයි කිව්වෙ" කියල. මම කිව්ව එහෙම එකක් නෑ ඒක විහිලුවක් විතරයි කියල. ඒකි කියනව "ඔයා මට ඕන තරම් විහිලු කරල තියනව, ඒ කිසි දෙයක් මට ප්‍රශ්නයක් නෑ. ඒත් මේක නම් මට හිතෙන්නෙම ඔයා ඇත්තටම කිව්ව කියල. මම කවදාවත් මගේ ගැන ලොකුවට හිතන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මට ගොඩක් දුක හිතුන" කියල. කොහොමහරි එහෙම දෙයක් නෑ කියල දහ අතේ දිවුරල යන්තන් ශේප් කරගත්ත.  පස්සෙ ඒකි ආයෙත් කිව්ව, "වෙනද නම් ඔයා විහිලු කරනකොට හිනා වෙවී නෙ කරන්නෙ, ඒත් එදා නම් මුනේ පොඩ්ඩක්වත් හිනාවක් තිබුනෙ නෑ, මහ සීරියස් මූඩ් එකක් තිබුනෙ. ඒකයි මම හිතුවෙ ඔයා ඇත්තටම කිව්වෙ කියල". හලේ මම ඇත්තටම එහෙම දෙයක් නම් හිතල කලේ නෑ. මම වෙනද වගේම ඉතින් ජෝක් එකටම තමයි කිව්වෙ. කොහොමහරි ඉතින් ඒ වැඩේ ශේප් වුනා.

ඊට පස්සෙ වැරදිලාවත් ඒ විහිලුව නම් ආයෙත් කලේ නෑ. හැබැයි පස්සෙ ඔය අඬපු සීන් එක මතක් කරලත් බයිට් කරන්න ගත්ත. අනිත් දෙන්නට නම් ඒ කතාව කිව්වෙ නෑ. ඒක මගේ පාවිච්චියට විතරක් තියා ගත්ත.  ඊලඟට සමහර වෙලාවට මම මොකක් හරි චාටර් කතාවක් කියල එහෙමම අනිත් පැත්තට ගොන් හිනාවක් දාල කියනව "ඔන්න හිනා වෙවී කිව්වෙ, සීරියස් ගන්න බෑ" කියල. මම කියල තිබුනෙ ඇත්තට කියන්න දෙයක් තියනව නම් කියන්නම්, විහිලු සීරියස් ගන්න බෑ කියල. කොහොම වුනත් වෙනදට වඩා පරෙස්සමින් තමයි ඊට පස්සෙ විහිලු කලේ.  ඊට පස්සෙ ඒ වගේ ප්‍රශ්න වුනේ නෑ. දෙන්න රන්ඩු වෙලා මල පැනල හිටපු වෙලාවල් නම් තිබුන.   

Friday, July 8, 2011

"මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පවතී" ද?

දහම් පාසල් පොතේ කවියක් තියනව නේද, "මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී, බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා යතී" කියල? තනි කෙප්ප. ඕක කියපු කෙනා පොඩ්ඩක් හම්බවෙන්න ඕන. දෙකක් කියන්න, පොඩි එවුන්ට බොරු කියනවට. දුක සැප නෙමෙයි, උන්නද මලාද බලන්න එකෙක් නෑ. අනේ උන්ගෙ වැරද්දක් නෙමෙයි ඉතින්. හැමෝම රස්සාවලට ගිහින්, ඇත්තටම උන්ට වෙලාවක් නෑ.

ඉස්සර අපි කොච්චර නම් ෆන් එකේ හිටියද? O/L කාලෙ ඉඳල පුලුවන් හැම වෙලාවකම කට්ටිය අපේ ගෙදර සෙට් වුනා. කකුල් රිදෙනකල් බයිසිකල් වල එහෙ මෙහෙ ගියා. ඒ කාලෙ කොහොමත් තෙලේ වැඩිවෙන කාලෙනෙ. කොච්චර බයිසිකල් පැද්දත් ගානක් නෑ. බණ ගෙයක්, පිරිත් ගෙයක්, මලගෙයක් නම් අනිවා නයිට් එක ගහනව. අපේ ගෙදර එහෙමනම් දානෙ තිබුන දවසෙ රෑත් නයිට් එක ගහනව. සමහර වෙලාවට එහෙ මෙහෙ ගිහින් එද්දි පාන්දර තුන හතර වුන වෙලාවල් තිබුන. අපේ ගෙදරින් මගේ ගැන ලොකු විශ්වාසයක් තියල තිබුනෙ. ඒ නිසා ඒවට ප්‍රශ්නයක් වුනේ නෑ. අපෙ ගෙදරින් විතරක් නෙමෙයි අපෙ අනිත් උන්ගෙ ගෙවල් වලිනුත් මගේ ගැන ලොකු විශ්වාසයක් තිබුන. මම යනවනම් විතරයි රෑ ගමන් වලට ගොඩක් උන්ට අවසර ලැබුනෙ. ඒ වගේම අපි කවදාවත් ඒ විශ්වාසෙ කැඩුවෙ නෑ. කොහේ හරි ගිහිල්ල එන්න රෑ වුනොත් එදා රෑත් ඉතින් අපේ ගෙදර තමයි. අපේ අම්මයි තාත්තයි හැමදාම යාලුවො එක්කගෙන එනව කියල නම් කවදාවත් මට බැනල නෑ. මටත් වැඩිය හොඳට ඒ දෙන්න මගේ යාලුවන්ට සැලකුව. හැබැයි හැම අම්මෙක් තාත්තෙක්ම එහෙම නෑ.

මම A/L කරන කාලෙ බොඩිමකට ගියාට පස්සෙ කට්ටිය සෙට් වෙන එක ටිකක් අඩු වුනා. (වැඩි ඈතක නම් නෙමෙයි, ගෙදර ඉඳල 8km බෝඩිමට තිබුනෙ.) ඒත් මම ගෙදර ආව කියල ආරන්චි වුනොත් එදාට දෙතුන් දෙනෙක් හරි සෙට් වෙනව. ඔහොම ඉඳල වසන්තය උදාවෙන්නෙ A/L ඉවර වුනාම. මම ජීවිතේ වැඩියෙන්ම විනෝද වුනේ ඒ කාලෙ වෙන්න ඇති. අපේ සෙට් එකේ 9ක් හිටිය. එතන අපේ අයියගෙ (ලොකු අම්මගෙ පුතා) යාලුවෙකුයි, අපේ යලුවෙක්ගෙ අයිය කෙනෙකුයි (නැන්දගෙ පුතා) ත් හිටිය. ඒ දවස් වල ඉතින් හැමදාම හවසට අපේ ගෙදර 7ක් 8ක් සෙට් වෙනව. ඒ කාලෙම කලේ කාඩ් ගහපු එක. අටක් ඉන්න දවසට ටීම් හතරක් බෙදිල ලීග් ක්‍රමයට ඕම්බි ගහනව. 7යි නම් පෝටර් ගහනව. 6ක් වුනොත් ටීම් තුනක් බෙදිල ඕම්බි ගහනව, නැත්තන් පෝටර් ගහනව. උන්ට හැමදාම තේ දෙන්නම බර වියදමක් ගියා. ඒ කාලෙ සති දෙක තුනකට සැරයක් ඕම්බි නයිට් එකක් ප්‍රකාශයට පත් කරනව. එදාට එලි වෙනකල්ම ඉතින් කාඩ් ගැහිල්ල තමයි.

බ්ලොග් ලියන සමහර අය දන්නව ඇති මහිම කියල ඩයල් එකක්. පරණම බ්ලොග් පාඨකයෙක්. මිනිහ බ්ලොග් ලියන්නෙ නම් නෑ. මිනිහ තමයි මටත් බ්ලොග් එකක් හදන්න අදහස දුන්නෙ. ඔන්න ඕකත් අපේ සෙට් එකේ එකෙක් තමයි. අයියෝ ඒ යෝධය ගියෙත් මම ගියපු ප්‍රයිමරියටමයි, ලොකු ඉස්කෝලෙට ගියාම ඒකෙත් හිටිය, මම ගියපු ස්කූල් වෑන් එකේමයි ගියෙත්, මම O/L ගියපු පන්ති වලත් හිටිය, බස් එකේ ඉස්කෝලෙ යන කාලෙත් ගියේ මාත් එක්ක, අන්තිමට A/L කරන කාලෙ මම හිටපු බෝඩිමේමයි හිටියෙත්. දැන් නම් පොර දකින්නෙත් බොහොම කලාතුරකින්. ජොබ් එකක් කරනවනෙ. කොහොමත් දැන් මිනිහ ඉන්නෙත් වෙන සෙට් එකක් එක්ක.

කොහොම හරි ඒ කාලෙ පුදුම විදියට කාඩ් ගැහුවෙ. තඩි මල්ලක් පුරවල තියනව පරණ කාඩ් පැක්. කාඩ් ගහනකොට ලකුණු දැම්මෙ එක්සෙල් ශීට් වල. එතකොට කොල වල ලියල එකතු කර කර ඉන්න ඕන නෑ නෙ. මම කැම්පස් ගියාට පස්සෙ හැමදාම සෙට් වෙන එක නැවතුනා. ඒත් මම හැම සති අන්තයකම ගෙදර දුවගෙන ආව. ඊට පස්සෙ සති අන්තෙ කාඩ් ගහන්න පටන් ගත්ත. කට්ටියම සෙට් වෙලා ඉන්නෙ සති අන්තෙ මම ආවම කාඩ් ගහන්න. ඒ කාලෙ සති අන්තෙ එනකල් හරි අමාරුවෙන් මම ඉන්නෙ. ලෙක්චර්ස් ඉවර වුන ගමන් එහෙමම බස් එකේ නගිනව. මම first year එකේදි සති දෙකක් හරි තුනක් හරි තමයි ගෙදර නෑවිත් ඉඳල තියෙන්නෙ. ඒ කාලෙ ගොඩක් උන්ගෙ ගෙවල් වල බයික් තිබුන නිසා ඇති වෙනකල් රවුම් ගැහුව. වෙසක්, පොසොන්, ප්‍රදර්ශන, ෆිල්ම් බලන්න; ඔය හැම එකටම ගියා.

පස්සෙ එක එකා අඩු වුනා. එකෙක් රට ගියා. තව උන් එක එක ඩිප්ලෝමා වලට ගියා. ඒක නිසා සති අන්තෙ වත් එන්න වෙලාවක් ලැබුනෙ නෑ. මහිමයත් ජොබ් එකකට ගියා. තව ටික කාලෙකින් දෙන්නෙක් කොළඹ ජොබ් වලට ගියා. අන්තිමට සති අන්තෙ හැරෙන්නවත් ඉඩ තිබුනෙ නැති මගේ කාමරේ ඉතුරු වුනේ තුන් දෙනයි. ඕම්බියක් වත් ගහන්න කට්ටිය නැති වුනා. ඊට පස්සෙ ඉතින් අපි තුන් දෙනා එක්ක පහට තුනට දෙක ගහපු එක තමයි කලේ. ඒ එකෙක් NDT. සති අන්තෙ ඌත් ආවෙ නැති වුනොත් ඉතින් දෙන්නයි. එහෙම වුන දවස් ඕන තරම් තිබුන. අර ඉතුරු අනිත් එකා නම් හැමදාම වගේ ආව. ඌ මොන්ටිසෝරි කාලෙ ඉඳලම මාත් එක්ක හිටියෙ. ඌත් දැන් ජොබ් එකකට යනව. 7ට විතර වගේ තමයි මේ පැත්තෙ එන්නෙ. S.B. මාමට පින් සිද්ද වෙන්න මේ දවස් වල ගෙදරනේ. මේ දවස් වල ඉතින් මරන්න වගේ. අර NDT එකත් ටික දවසකට ජොබ් එකක් හොයාගෙන. දැන් නම් අපි දෙන්න විතරමයි.

ඉස්සර අපේ ගෙවල් වල මොන වැඩේ තිබුනත් බයක් නෑ. කෝල් දෙක තුනක් දුන්නම විනාඩි විස්සකින් විතර පහක් හයක් සෙට් වෙනව. ප්‍රශ්නයක් වුන හැම වෙලාවකම, මානසිකව වැටුනු හැම වෙලාවකම උන් ටික ලඟ හිටිය. කැම්පස් එකේ හම්බවුන යාලුවො කවදාවත් උන් තරම් සමීප වුනේ නෑ. මාව තේරුම් ගන්න පුලුවන්, මාත් එක්ක අවුලක් නැතුව ඉන්න පුලුවන් උන්ට විතරයි. ඉස්සර හැමදාම ගෙදර දුවගෙන ආවෙ ඒකයි. පස්සෙ නම් ගෙදර එන එක ගොඩක් අඩු වුනා. දැන් නම් ඉතින් කවුරුවත් නෑ.  වෙනද වගේ එපා වෙනකල් කාඩ් ගහන්න, ඔහේ කියව කියව ඉන්න, ගොං පාට් එකක් දාල හිනා වෙන්න, කොහෙහරි ඇවිදින්න යන්න දැන් විදියක් නෑ. හැමෝම රස්සාවලට ගිහින්. හැමෝම තම තමන්ගෙ ජීවිත ගොඩ නගාගන්න උත්සාහ කරනවා. මම විතරක් මේ කාමරේට වෙලා ඉන්නවා. බැඳීම් වැඩි වුනාම දුකත් වැඩියි කියනව නෙ. ඒ වගේ යාලුවො නිසා හිත රිදුන වෙලාවලුත් තිබුන. මම හැම සති අන්තෙම කැම්පස් ඉඳල දුවගෙන ආවට පස්සෙ කාලෙ අනිත් උන්ට ඒ වෙනුවෙන් වෙලාවක් නැති වුනු දවස් තිබුන. කෙල්ලත් එක්ක රවුම් ගහල, ශොපින් ගිහින්, සේරම වැඩ ඉවර කරල ඉඩක් තිබුනොත් තමයි මේ පැත්තෙ ආවෙ. ඒකට වැරැද්දක් කියන්න බෑ ඉතින්. අපි කාටත් ප්‍රමුකතා තියනව නේ. ඒව කාලෙන් කාලෙට වෙනස් වෙනව. ඇත්තටම වෙන්න ඕනත් එක තමයි. හැමදාම සෙල්ලම් කර කර ඉන්න බෑ නෙ. අමාරුවෙන් හරි මාත් ඒක තේරුම් ගත්ත. දැන් නම් එච්චර ගානක් නෑ. කවුරුවත් නැති වුනොත් බ්ලොග් එකක් කියව කියව ඉන්නව.

කොහොම හරි කාලෙකට පස්සෙ පහුගිය වෙසක් දවස් වලයි, පොසොන් දවස් වලයි ඕම්බියක් ගහන්න හතර දෙනක් යන්තන් සෙට් වුනා. කට්ටිය වෙසක් බලන්නත් ගියා මේ පාරත්. වෙසක් එකට කාටත් නිවාඩු නිසා තව ටික කාලයක් ඒක නම් කරන්න පුලුවන් වෙයි. ෆෝන් වලින් තමයි ඉතින් දැන් යාලුකම තියාගෙන යන්නෙ. දැන් මෙහෙම නම් අපි පවුල් පන්සල් වෙච්ච කාලෙක ඉතින් කතාකරන්නවත් වෙලාවක් නැති වෙයි. එහෙම තමයි ඉතින් ජීවිතේ. ඉස්සර වගේ හම්බවෙන්න බැරි වුනාට ඒ යාලුකමේ නම් වෙනසක් වෙලා නෑ. ඒක හැමදාටම එහෙම තියේවි. ඒ වගේම මම හිතනව කවද හරි දවසක ආයෙත් 8 දෙනෙක් සෙට් වෙලා ඕම්බියක් ගහන්න පුලුවන් වේවි. කොයි කාලෙකද කියන්න දන්නෙ නෑ. ඒත් කවද හරි ආයෙත් එහෙම දවසක් ඒවි.

 (මේක මහිමය මාව ෆේස්බුක් එකේ ටැග් කරපු ෆොටෝ එකක්.)
 
ප.ලි.  ආහ්, අපෙ සෙට් එක ගැන තව දෙයක් මේ ලඟදි දැන ගත්ත. මම හිතුවෙ මුන් ඔක්කොම මම වගේම අමද්‍යපයි කියල. බැලින්නම් මම ඇරෙන්න අනිත් සේරම පොඩියට හරි ගසනවලු. බීගෙන වැටිල චාටර් වෙන උන් නම් නෑ. මුන් අපේ නංගිගෙ පාටිය දවසෙත් ලඟ තැනක හොරෙන් සෙට් වෙලා දෙකක් දාල ඉඳල තියෙන්නෙ.  

ප.ලි.ප.ලි. මේක නිකන් බෝරින් වගේ නම් කියවපු අය සමාවෙන්න ඕන. ඊයෙත් අපි දෙන්න විතරයි හිටියෙ. ටිකක් වෙලා කතා කර කර ඉඳල ඌ යන්න ගියා. ඒකයි මෙහෙම එකක් ලියන්න හිතුනෙ.

Friday, March 18, 2011

මැටි කතා වස්තුව

මේ කියන්න යන්නෙ අපේ කොල්ලෙක් ගැන. අපි ඌට ආදරේට කියන්නෙ මැට්ට කියල. ආදරේට කිව්වට ඉතින් මිනිහ කරන වැඩ වල හැටියට වෙන කියන්න නමක් නෑ. ඕකට ඔය නම දැම්මෙ මම. අපරාදෙ කියන්න බෑ එදා ඉඳල අපේ උන් ඌට ඒ නමින්ම තමයි අමතන්නෙ. ඌටත් ඒක දැන් ගානක් නෑ. මිනිහගෙ බයික් එකට පවා කොල්ලො ආදරේට කියන්නෙ "මැටි රථය" කියල. හිටී ගමන් ගොන් පාට් දැම්මට මිනිහ හිත හොඳ කොල්ල. 1 වසරෙ ඉඳලම මම මිනිහව අඳුනනව. 6 වසරෙ ඉඳල තමයි හොඳටම ෆිට් උනේ.

මිනිහට මේ ලෝකෙ වැඩක් නැති වුනාට ජනාධිපති ලේකම්ටත් වඩා බිසි. ඒක දැන් නම් ජොබ් එකක් කරනවා. මිනිහ හෙන ගැජමැටික්ස් ඩයල් එක. කම්පියුටර් එකට, බයික් එකට හෙන හෙන ගැජමැටික්ස් දානවා. මිනිහ ගොඩක් වෙලාවට අටුව කඩල පුටුව හදනව වගේ වැඩ කරන්නෙ. හැබැයි ඉතින් මිනිහ ඇත්තටම දක්ශයා. පොඩි පොඩි දේවල් වලින් අපිට හිතන්නවත් බැරි වැඩ ඌ කරනවා. මැටි වැඩ කරන්න ඌට මාර මීටරයක් තියෙන්නෙ. හැබැයි වඩකට ඇති වැඩකට හරි ඉගෙන ගන්න හරි ජීවිතේට ඔය මොලේ පාවිච්චි කරන්නෙ නෑ.

මිනිහගෙ මැටි වැඩ වලින් හොඳම එකක් කියන්නයි මම හදන්නෙ. අපි දෙන්නම A/L කරන කාලෙ හිටියෙ එක බෝඩිමේ. ඒකෙ තව කොල්ලො 8ක් විතර හිටියා. අපි ඔක්කොම එකම සෙට් එකේ. ඒකෙ කාමර 4ක් තිබුනා. අපේ කාමරෙ හිටිය හතිය තියන කොල්ලෙක්. පොඩ්ඩ ඇත්තන් ඌට හතිය වැඩි වෙනවා. අපේ කතා නායකයා නොහොත් මැට්ට හිටියෙ අල්ලපු කාමරේ. දවසක් අර හතිය තියන එකා පාඩම් කර කර ඉඳල කම්මැලි කමට පොඩි බ්‍රේක් එකක් ගන්න මැට්ට ඉන්න කාමරේට ගියා. ඌ ඒ වෙලවේ දැනගෙන හිටියෙ නෑ ඌ ඒ යන්නෙ කොයිතරම් භයානක ගමනක්ද කියල. ගිහින් ඇඳේ හාන්සි වෙලා ඉඳල. ඔන්න ඔය වෙලාවෙ අපේ මැට්ටගෙ මැටි මොලේට මැටිම මැටි අදහසක් ඇවිත්. මිහින ශේප් එකේ ලියල අයින් කරපු කොල ගොඩක් ගෙනත් කාමරේ මැද ගොඩ ගහල. ඊට පස්සෙ අර ශේප් එකේ අර කොල ටිකට ගිනි තියල කාමරේ දොර ගාවට වෙල ඉඳල. වෙන්න යන විනාසය ගැන කිසිම අදහසක් අර අහිංසක කොල්ලට තිබිල නෑ. කොහොම හරි කොල ගොඩ හොඳට ඇවිලෙන කොට රස්නෙ දැනිල අරූ ඔලුව උස්සල බලල. ඒකා ගිනි ගොඩ දැක්කෙ එතකොටලු. එතකොටම අපෙ ඩයල් එක මැට්ට කාමරෙන් එලියට පැනල එලියෙන් දොර ලොක් කරල. ඇතුල ඉන්න එකා (හති කාරයා) අර ගිනි ගොඩ නිවන්න බලල. ඒ වුනට කොල ගොඩක් තිබුන නිසා නිවන්න බැරි වෙලා. වටේ ගිනි ගන්න මොනවත් තිබිල නැති නිසා, කොල ටික පත්තු වෙල නිවිල යයි නේද කියල අරුත් බලන් ඉඳල. ටික වෙලවක් යද්දි තමයි ඇතුලෙ ඉන්න එකාට එන පොට හරි යන්නෙ නෑ කියල තෙරිලා තියෙන්නෙ. කොල ගොඩ පත්තු වෙන කොට ටික ටික කාමරේ දුමෙන් පිරෙන්න ගත්තලු. එතකොට තමයි ඌට මැට්ටගෙ ප්ලෑන් එක තේරිලා තියෙන්නෙ. මූ දොරට ගහගෙන ගහගෙන ගිහිල්ල. ඒත් වැඩක් නෑ, මැට්ට එලියට වෙල හිනා වෙවී ඉන්නවලු. දැන් කාමරේ හොඳටම දුමෙන් පිරිලලු. දොර ඇරෙන පාටකුත් නැතිලු. අරූට දැන් සුදු කොඩි පේනවලු. ජනේලෙ ඇරල ෆෑන් එක දැම්ම නම් දුම එලියට යනව නෙ, ඇතුලෙ හිටපු එකාට කලබලේට ඒක මතක් වෙලා නෑ.




මමයි අනිත් උන් ටිකයි හිටියෙ කොනේම කාමරේ. අපි කයියක් ගහ ගහ හිටියෙ. ඔන්න අපිට ඇහෙනවා මැට්ටගෙ මැටි හිනව. අපිට තේරුනා මූ මොකක් හරි ජිල්මාට් වැඩක් කරල තමයි කියල. ඕක ඔහොම හිනා වෙන්නෙ ඒ වගේ වෙලවට. අපිත් ටක් ගාල දුවගෙන ගියා ආතල් එකක් ගන්න හිතාගෙන. යනකොට මූ දොර ලඟට වෙලා බොහොම ජයග්‍රාහී ලීලාවෙන් හිනා වෙවී ඉන්නවා. අපිත් දොර ගාවට කිට්ටු කලා. එතකොටම අපිට ඇහුනා අරූ ඇතුලෙ ඉඳල දොරට ගහ ගහ කෑ ගහන සද්දෙ. "යකෝ මේක ඇරපන් මට හුස්ම ගන්න බෑ". අපි දඩි බිඩි ගාල දොර ඇරියා. එතකොටම මහා දුමක් දොරෙන් එලියට ආව. අපිට ඇතුලට යන්නත් බැරි තරම් ඇතුලෙ දුම පිරිල. එතකොටම ඇතුලෙ හිටපු එකා කැහැ කැහැ එලියට පැන්න. අපිට තාම විකාරයි මොකද උනේ කියල. දැන් මැට්ට සද්දයක් නෑ.

කොහොම හරි අපේ එකෙක් අත දාල ෆෑන් එක දැම්ම. ඔන්න එතකොට කාමරේ දුම අඩු වෙන්න ගත්ත. දුම අඩු වුනාම තමයි අපි දැක්කෙ කාමරේ මැද තිබුන ගිනි ගොඩ. අපිට තෙරුනා වෙලා තියන සන්තෑසිය. දැන් අනතුරට මූන දුන්න එකා හොඳටම කහිනවා. හතියත් ටිකක් වැඩි වෙලා. දැන් මැට්ට ඩිම් වෙලා, මූන දෙක වෙලා ඉන්නෙ. කොහොම හරි ඌට ඉන්හේලර් එක උරන්න දීල, හතියට බොන බේත් දීල, ප්‍රතමාධාර ටික කරල ඌව යතා තත්ත්වයට ගත්ත. හැබැයි ඉතින් අපි ඒ වෙලාවෙ ආවෙ නැත්තන් කතාව ඔයිට වැඩිය වෙනස් වෙන්නත් තිබුන. දැන් කට්ටිය හිතනවා ඇති අපි මැට්ටට ලෙලි යන්න බනින්න ඇති කියල. අනේ නෑ, ඌ මැට්ටනෙ, ඌට බැනල වැඩක් නෑ. ඌට බනිනවට වැඩිය හොඳයි ඒ කටට සාන්ද්‍ර නයිට්‍රික් ඇසිඩ් ටිකක් හලා ගන්න එක. අපි මොනවත් උනේ නෑ වගේ හිටිය. ඒක උගේ සෞඛ්‍යටත් හොඳයි, අපේ සෞඛ්‍යටත් හොඳයි. ඒ අනතුරට ලක් වුන කොල්ල දැන් මොරටුවෙ ඉන්ජෙක්. එච්චර වටින එකෙක් තමයි අපේ මැට්ට මරා ගන්න හැදුවෙ. මේක බොරුවක් නම් නෙමෙයි, ඇත්තම කතාවක්. ඔන්න ඔහොමයි අපේ මැට්ටගෙ වැඩ. ඔය අපේ මැට්ටගෙ වීරක්‍රියා වලින් එකක්. තව ඔය වගේ කතා ගොඩක් තියනවා. මම ඒවත් ඉස්සරහට කියන්නම්.