ඔබ නැවතත් මේ එකතු වී සිටින්නේ යුගයේ දියාරුම ආදර කතාව සමගයි. මම කල්පනාට ආදරේ ප්‍රකාශ කරන තැනට එනකල් කලින් කොටස් දෙකේ කිව්වා නේ. මුල් කොටස් දෙක බලනවා නම් මෙතනින් යන්න.
.................................................................................................................................................................
කොහොමහරි ජීවිතේට මුන ගැහිල නැති, අඩුම ගානේ කෝල් එකක්වත් දීල නැති කල්පනාට මම ආදරෙයි කියල කිව්වා. පස්සෙ දවසෙ මම දැන් බලාගෙන ඉන්නවා උත්තරයක් එනකල්. එදා චැට් එකටත් සෙට් වුනා, හැබැයි උත්තරයක් ලැබෙන පාටක් නෑ. බැරිම තැන මම ඇහුවා ''මම කියපු දේට මොකද කියන්නෙ?'' කියලා. ම්හු... තව හිතන්න ඕනලු. මම ඉතින් කලබල කරන්න ගියේ නෑ. ඊට පස්සෙ සති අන්තෙ ඉවර වෙලා මම කැම්පස් ආව. හැබැයි මට එක දෙයක් හොඳට තේරුනා. එයා දැන් වෙනදටත් වඩා මගේ ගැන හොයනවා, වෙනදටත් වැඩිය මගේ ගැන අයිතියකින් මට කතා කරනවා. කොහොමහරි කැම්පස් ගිහිල්ලත් දවස් දෙකක් විතර යනකල් උත්තරයක් ලැබුනෙ නෑ. ඊට පස්සෙ මම ආයෙත් අහුවා. ඊට පස්සෙ එයා ඇහුවා ''ඔයාට මාත් එක්ක කතා කරන්න ඕනද?'' කියලා (කෝල් එකක් ගන්න). මම කිව්වා හා කියලා. ඊට පස්සෙ එයා කියනවා "හැබැයි කෝල් එකක් ගත්තට කියන්න නම් දෙයක් නෑ'' කියල. අයියෝ මේ කෙල්ලො නම්... එයාම කෝල් එකක් ගන්න ඕනද අහල දැන් කියනව කියන්න දෙයක් නෑලු.:) මම කිව්ව කමක් නෑ මම කෝල් එකක් ගන්නම් කියලා. ඊට පස්සෙ කියනවා කෝල් එකක් ගන්න හැබැයි අරක ගැන අහන්න එපා කියලා. මම ඉතින් හා කියල අරගෙන කෙලින්ම ඒක ගැන අහුවෙ.:)
ඊට පස්සෙ දීර්ඝ සාකච්චාවක් ගියා. බුදු අම්මෝ සෑහෙන ප්‍රශ්න ඇහුවා. සරණි ගැන, වයස ප්‍රශ්නෙ ගැන, ගොඩක් දේවල් ඇහුවා. කවදාවත් මූනට හම්බවෙලා නැති එක ගැනත් කිව්වා. මම කිව්වා එහෙනම් මම එන්නම් ඔයාව හම්බවෙන්න කියලා, ඒකට කැමතිත් නෑ. එයා මීට කලින් කාත් එක්කවත් යාලු වෙලා නැතිලු. ඒව නම් ඉතින් ඇත්තද දන්නෙ නෑ.:) ඊලඟට මම බර කරලම ඇහුවා අර සරණිට තිබුන ප්‍රශ්නෙ ඔයාටත් තියේද කියලා. එයා කිව්වා එහෙම නම් කිසිම ප්‍රශ්නයක් නෑ කිව්වා. එයා කිව්වා එයාගෙ හිතෙත් මන් ගැන අදහසක් තිබුනා කියලා. එත් එයාට බයයිලු. කොහොමහරි දරුණු සටනකින් පස්සෙ මම අහන්න බලාගෙන හිටිය දේ එයා කිව්වා.:) එයත් මට ආදරෙයිලු. අයියෝ මට පිස්සු...!
කොහොමහරි ඔය වචනේ අහගන්නකොට මම බෝඩිමට එන පාරේ කිලෝමීටර් ගානක් එහාට මෙහාට ඇවිදලා. තව ටිකක් වෙලා ගියා නම් ඒ පාර අයිනේ තිබුන තාප්පේ ගලවගෙන වැටෙනවා මම ඒකෙ ගල් ගලවලාම. (කළුගල් තාප්පයක් නෙමෙයි:)) මම මුලින්ම ගමේ එකෙකුට තමයි පණිවිඩේ කිව්වේ. බෝඩිමේ ඒ වෙනකොට ඇහැරගෙන හිටියේ දෙන්නෙක් තුන්දෙනෙක් විතර මම උන්ටත් සීන් එක කිව්වා. උන්ට නම් ගානක් නෑ.:( පස්සේ දවසේ මම ඔය කතාව ට්‍රේනින් ප්ලේස් ඒකෙ හිටපු අපේ උන්ට කිව්වම සුභ පතන එක කෙසේ වෙතත් මගෙන් අයිස්ක්‍රීම් තුනක් නම් ගලවගත්තා. ඊට පස්සේ ඉතින් මැසේජ් එහෙම තව තව වැඩි වුනා.
හැබැයි ඇත්තම කතාව නම් එයා එච්චර සංවේදී ආදරණීය කෙනෙක් නෙමෙයි. මම බලාපොරොත්තු වුන තරමේ ආදරයක් නම් ලැබුනේ නෑ. තාම පටන් ගත්තා විතරයි නිසා කාලයත් එක්ක ඒවා හරියාවි කියලා මම හිතුවා. හැබැයි සමහර වෙලාවට එයා මම කනකල් කන්න බලාගෙන ඉන්න වගේ වැඩ නම් කළා.:) කලින් වතාවේ ඕක පුරුදු කරගෙන හොඳට මට්ටු වෙලා හිටිය නිසා මේ පාර නම් ඒක පුරුදු කරගත්තේ නෑ.:D ඔහොම කාලය ගෙවෙනකොට මට එක දෙයක් තේරුනා. එයා හිතාමතාම මට වැඩිය ලං නොවී ඉන්න උත්සාහ කරනවා. මම කොච්චර ආදරේ පෙන්නුවත් එයා එහෙම නෑ. හැමතිස්සෙම පොඩි පරතරයක් තියාගෙන හිටියේ. කතා කරන වචන වල ඉඳලම එහෙමයි. මම හැම දෙයක්ම මනින්න පුරුදු වෙලා හිටියේ සරනිගේ ආදරෙන්. එයාගෙන් ලැබුන ප්‍රමාණයේ ආදරයකට පුරුදු වෙලා හිටිය මට කල්පනාගෙන් ලැබුන ආදරේ ලොකු අඩුවක් තිබුනා. හැබැයි මම ඒ ගැන මුකුත් කියන්න ගියේ නෑ. ඉල්ලගෙන ආදරේ අරගෙන වැඩක් නෑ නේ, හැඟීමෙන්ම දෙනවා නම් ගන්නවා මිසක්. මම තවත් ඉවසගෙන බලාගෙන හිටියා එයා කාලයත් එක්ක හරි යාවි කියලා.
ඔහොම යනකොට දවසක් එයා මට දෙයක් කියන්න ඕන කිව්වා. එදා සිකුරාදා දවසක්, මම ඔෆිස් ඉවර වෙලා එහෙමම කොටුවට ගියා ගෙදර යන්න. කොටුවෙන් බස් එකට නැගලා ඉන්නකොට තමයි එයා ඔය කතාව කිව්වේ. එයා කිව්වා එයා අම්මට මගේ ගැන කිව්වලු. මට කලින් ඒ ගැන කිසිම දෙයක් කියල තිබුනෙත් නෑ. මම ඇහුවා අම්ම මොකද කිව්වේ කියලා (මැසේජ් වලින් කතාව ගියේ). ඊට පස්සේ සද්දයක් නෑ. ආයෙත් මැසේජ් එකක් දැම්මම කියනවා අම්ම කැමති නැතිලු පොඩ්ඩක් වත්. අපේ සම්බන්ධෙ නවත්තන්න කියල කිව්වලු. හේතුව මොකක්ද ඇහුවම, මගේ වයස අඩු එකත් අවුලක්ලු, කවදාවත් දැකලා නැති එකත් අවුලක්ලු. එහෙම කෙනෙක්ව කොහොමද ඇහුවලු විස්වාස කරන්නේ. එයා කතා කලේ නිකන් මේක කරලා තේරුමක් නෑ වගේ අදහසකින්. මම ඉතින් රටේ නැති දේවල් කිව්වා. මට කියපුවා නම් දැන් හරියට මතක නෑ, මතක් කරන්න කැමතිත් නෑ. කොහොමහරි මම ඇහුවා මම එයාලගේ ගෙදර එන්නද කියලා. එහෙමත් කැමති නෑ. මම කිව්වා අම්මට කියන්න මම අම්මවයි තාත්තවයි හම්බවෙන්න එන්නම් කියලා. ඒක කියන්නෙත් නෑ.
කොටුවේ ඉඳල ගෙදර යනකොට කටුබැද්ද හරහා තමයි බස් එක යන්නේ. මම ටිකට් එකත් අරගෙන තිබුනේ. හදිස්සියේවත් ඕන වුනොත් කල්පනාගේ ගෙදර යනවා කියල හිතාගෙන ගෙදර යන එක අතෑරලා මම කටුබැද්දෙන් බැස්සා. බැහැල මම කල්පනාට කිව්වා. මම කිව්වා ඕන වුනොත් කියන්න කිසි අවුලක් නෑ මම ඔයාගේ ගෙදර එන්නම් කියලා. එයාට අප්සට් මම ගෙදර යන්නේ නැතුව මගින් බැස්ස කියලා. මම කිව්වා ගෙදර කවද යන්න බැරිද, මට ඔයාව ඊට වැඩිය ගොඩක් වටිනවා කියලා. පස්සේ මම ගෙදරට කෝල් කරලා බොරුවක් ගැහුවා අද එන්න වෙන්නේ නෑ වැඩක් වැටිලා කියලා. ඊට පස්සේ මම බෝඩිමට ගිහිල්ලත් ගොඩක් කතා කළා ඔය ගැන. මේ සම්බන්දෙ ගැන ගොඩක් බලාපොරොත්තු තියාගන්න එපා කියලත් එයා කිව්වා. නෝන්ඩිද මන්ද මේවා කියන්න, මම එදා ඉඳලා හැමදාම හවසට ළඟ තියන පන්සලට ගියා බුදුන් වඳින්න.:) බුදුන් වැඳලා මම ඉල්ලුවේ එයාගේ ගෙදරින් කැමැත්ත ලැබෙන්න කියලා. මම පව් නේද ඕයි...
ඔය විදියට ඉතින් කාලය ගෙවිලා ගියා. ගෙදර ප්‍රශ්නේ ගැන ඊට පස්සේ වැඩිය කතා වුනේ නෑ. අපි දෙන්න සාමාන්‍ය විදියට කතා කර කර හිටියා. ඒ දවස්වල බර වියදමක් ගියා කෝල් වලට. ඒ නිසා මම හිතුවා Hutch කපල් පැකේජ් එකක් ගන්න. ඒ දවස්වලමද කොහෙද Hutch කපල් පැකේජ් ආවේ. මම ඉතින් කන් රිදෙනකල් කතා කරන්න හිතාගෙන සිම් දෙකක් ගත්තා. ගත්තට ඉතින් ඕක එයාට දෙන එක තමයි වැඩේ. බොලා හිනා වෙන්න එපා ඔන්න, අපි දෙන්න යාලු වෙලා සති දෙකක් විතර වෙලත් තාම අපි දෙන්න මුණගැහිලා නෑ.:) මගේ වැරැද්ද නෙමෙයි ඉතින්, මම කට කැඩෙනකල් කිව්වා එන්න කියලා. එයට බයයිලු මාව හම්බවෙන්න එන්න....:D අයියෝ සල්ලි කිව්වලු....!
මාත් ඉතින් වැඩිය බල කලේ නෑ ඒ නිසා. මොකටද ඉතින් බලෙන් ගිහින් හම්බවෙන්නේ? හැබැයි සිම් එක ගත්තට පස්සේ මම ආයෙත් කිව්වා මුණගැහෙන්න එන්න කියලා, එතකොට සිම් එකත් දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ දෙතුන් පාරක් කියලා කැමති කරගත්තා. හම්බවෙන්න එන දවසක එයාට බලන්න හින්දි ෆිල්ම් ටිකකුත් ගෙනත් දෙන්න කියලා කලින් කියලා තිබුනේ. මම බලපු හොඳ ෆිල්ම් මගේ ළඟ රයිට් කරලා තියන නිසා අමුතුවෙන් හොයන්න ඕන වුනේ නෑ. මම ඉතින් මම රයිට් කරගත්ත DVD සෙට් එක ඇදලා හොඳ හින්දි ෆිල්ම් තියන DVD දෙකක් ගත්තා. පස් හය වතාවක්ම චෙක් කරලා තමයි දාගත්තේ, වැරදිලාවත් වෙන එකක් ගියොත්..;) :P දැන් ඉතින් කොල්ල සිම් දෙකයි, DVD දෙකයි තියාගෙන යන දවස එනකල් බලාගෙන ඉන්නවා.
එයාට ගෙදර ඉන්න දවසක එලියට එන්න බෑ කිව්වා ගෙදර අය සැක හිතනවා කියලා. ඒ නිසා එයා කැම්පස් ඉඳල එන දවසක් සෙට් කරගත්තා හම්බවෙන්න. එයා සිකුරාදාට ගෙදර එනවා. එයා කොටුවට ඇවිත් ගෙදර යන්නේ, මම කොටුවට ඇවිත් හම්බවෙන්න කතා කරගත්තා. යන්න තියෙන්නේ ඉතින් ඔෆිස් දවසක නේ. ඔෆිස් එකේ ඉඳල ෂර්ට් එකයි කලිසමයි ඇඳගෙන එහෙමම
ගියාම කික් එකක් නෑ නේ. ඒ නිසා මම ඔෆිස් එකෙන් කලින් ඇවිත් බෝඩිමට ඇවිල්ලා
වෙන ඇඳුමක් දාගෙන යනවා කියලා හිතුවා. මගේ ළඟ අලුත්ම ටී ෂර්ට් එකක් තිබුන ඇඳපු නැති. අපේ කොල්ලෙක් අරන් ආපු අලුත්ම කලිසමකුත් තිබුනා ඌවත් ඇඳපු නැති එකක්. ඔය දෙක සෙට් කරගත්තා ඇඳන් යන්න. හැබැයි හරියන සෙරෙප්පු දෙකක් තිබුනේ නෑ. මම ඉතින් ටොයිලට් එකට ගියත් ටවුන් එකට ගියත් කොහේ ගියත් රබර් කෑලි දෙක තමයි දාගෙන යන්නේ. හැබැයි කල්පනා හම්බවෙන පළවෙනි දවසෙම රබර් කෑලි දෙකක් ගහගෙන යන එක හරි නෑ කියලා මට හිතුනා. දැන් එතකොට හොඳ සෙරෙප්පු දෙකක් ගන්න ඕන. ඔෆිස් එකෙන් කලින් ඇවිත් සෙරෙප්පු දෙකක් අරගෙනම එනවා කියලා හිතුවා.
ඔන්න ඉතින් ඒ දවසත් ආව. මම උදේ ගිය ගමන්ම මාත් එක්ක හිටපු අපේ බැච් එකේ කෙල්ලටත් කිව්වා සීන් එක. දැන් ඉතින් මට ඉන්න බෑ වෙලාව එනකල්, නලියනවා. අරකි මට විහිලුත් කළා කලබල නොවී ඉවසගෙන ඉන්න කියලා. කොහොමහරි අමාරුවෙන් ඉඳල කෑම වෙලාවේද කොහෙද මම එලියට ආවේ. එන ගමන් දෙහිවලින් බැහැල සෙරෙප්පු දෙකක් ගත්තා. ඊට පස්සේ බෝඩිමට ඇවිත් නාල කියලා, නියපොතු කපලා කොල්ල යන්න ලේස්ති වුනා. සිකුරාදා නිසා මාත් එහෙමම ගෙදර යන්න බලාගෙන ගියේ. ඉතින් පුළුවන් උපරිම විදියට ලේස්ති වෙලා දරාගන්න බැරි සතුටකින් කොල්ල එලියට බැස්සා කල්පනාව හම්බවෙන්න යන්න.
.................................................................................................................................................................
කල්පනා.....................
ඉල ඇදෙනකල් අඬන්න,
හෙම්බිරිසාව හැදෙනකල් හිනා වෙන්න,
යුගයේ දියාරුම ආදර කතාව......
කල්පනා (IV කොටස)
ළඟදීම....!
:D :D :P :P
මුල ටිකනං මගෙ කතාව වගේමයි... බලමු අගටික මොනවා වෙයිද කියලා....
ReplyDeleteසිරාවටම කෙල්ලෙක් හම්බවෙන්න තියන අමාරුවක් ඇත්තටම.. උන් ලෝකෙ නැති හේතු කියනවනේ.. (යාළුවෝ ඉන්නවා... අම්මා දකී...යාළුවගේ මල්ලි දකී...අම්මගෙ යාළුවෝ දකි...)
ෂුවර් කල්පනා ඇවිල්ලා නෑ ඕං ඈ.... :-)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අදත් 1 වෙන්න බැරි උනානේ :/
Deleteඔය වගේ කතා ගොඩක් දෙනෙක්ට ඇති නේද බං.:) බලමුකෝ ඉතුරු ටික.
Deleteඔව් බං, පුදුම හේතු කියන්නේ හම්බවෙන්න ඇහුවම. වැඩිහරියක් බොරු කතන්දර.
@වර්ණා
Deleteඑකනේ.....:/
හ්ම්ම්........අනේ මන්දා.....අදත් හොදම තැනින් නවතලානේ අප්පා...:(
ReplyDeleteඔක්කොම කියවලාම ඉමුනේ මුකුත් කියන්න.....
ආදරය කියන්නෙත් එක්තරා විදියක පිස්සුවක් අප්පා..
හච් සිම් නම් මතක් කරන්න එපා..:'(
මේක කියවනකොට හපෝ මට සැහෙන්න දේවල් මතක් වෙනවා අප්පා....
අපොයි මේ පරණ දේවල් නම් ආයෙත් මතක් කරන්න තියාගන්න එපා හොඳද. ආදරේ නම් ඉතින් පිස්සුවක් තමයි අනේ.
Deleteඅනේ මන්ද අයියෝ මෙව්වට මං මොකුත් කියන්නෑ........
ReplyDeleteඅලේ ඒ මොකෝ අග්නියෝ???? බනින්නේ වත් නැද්ද?
Deleteබැනල වැඩක් නෑ.....:/
Delete:D :D
Deleteane manda ayya mamat adare kale kawadawat dakapu nati kenekta.mamat oya akka wagema eya gana mage ammatat kiwwa.ape ammat ekata akamati una.ekak eyawa dakala nati eka,anika eya tikak dura kenek nisa.ape ammat ahuwa kohomada eyawa wishwasa karanne kiyala.me katawa kiyawaddi a hama deyakma mata peliyata matak una ayya.mona unat ayya lassanata kathawa liyala tiyenawa.itiri tikat balamuko monada wenne kiyala..........
ReplyDeleteගොඩක් අයට ඔය ප්‍රශ්නේ වෙනවා ඇති සහෝදරී. හැබැයි එයා නම් කිව්වේ ඇත්තද කියල මම දන්නේ නෑ. ඒක බොරුවක් කියලත් මට හිතෙනවා.
Deleteබලමුකෝ
ReplyDeleteඔයා පටන් ගත්ත දවසේ ඉඳලම 'බලමුකෝ' නේ.:D
Deleteow ow balamuko okkoma
Deleteහ්ම්ම් හ්ම්ම් බලමුකෝ එහෙනම් ඔක්කොම...:)
Deleteඔය හච් ගත්තොත් නම් එක්කො කන , එක්කො පොන් එක එක්කො ලව් එක ඔය තුනේන එකක් ඉවරම තමයි.ඔන්න අහනවා එහෙම නෙවෙයි අත්දැකිමෙන් ද කියලා.මොකද ඒක අහන්නත් පුරස්නයක්ද?
ReplyDeleteඅත්දැකීමක්ද :පි
Deleteඒකත් එහෙමද...:) හච් සිම් එකට වෙච්ච දේ ඊළඟ කොටසෙන් කියන්නම්කො.
Deleteඇයි බං නියපොතු කැපුවේ.... ;)
ReplyDeleteහරි නෑ නේ නැත්තන් එයාට...:D
Deleteමට හිතුන දේ කියන්න ලැජ්ජයි බොල.. :)
Deleteෂුවර් එකට මොකක් හරි කුපාඩි කතාවක් හිතාගන්න ඇති...:/
Deleteකතාව මුල ඉදලම කියෙව්වා..ලස්සනයි..හොදම හරියෙන් නවත්තලානේ..
ReplyDeleteස්තුතියි සහෝදරී! ඉතුරු ටිකත් බලන්නකෝ.:)
Deletemachan mama 2012ta 10 years una chat eke love ekakata..eeka harima pudumai..thawamath love..me denuth love..
ReplyDeleteහැබැයි මම උපදෙසක් දෙන්නම් මචෝ. චැට් එකෙන් එහාට ගිහින් ඉක්මනට ඕක පිළිවෙලක් කරගනින් ඉක්මනට.:)
Deleteහෆ්ෆා.. ඇත්තටම කිව්වොත් මේකෙ සමහර තැන් කියවද්දි මට නිකන් දුක හිතුනා.. :(
ReplyDeleteආදරේ හින්දා මිනිස්සු මොනතරම් දේවල් කරන්වාද නේද.. හ්ම්ම්.......
කල්පනා ආවෙ නෑ කියන්න නම් එපා ඊළඟ කොටසෙදි.. :/
ඔයාට විතරක් නෙමෙයි හිතූ, මම කරපු දේවල් මතක් වෙද්දී මටම දුකයි සමහර වෙලාවට.:)
Deleteම්ම්ම්... බලමුකෝ ඊළඟ කොටසින්.:)
මට කල්පනා එක්ක යකා නගීවී එහෙම වුනොත්.. :@
Deleteහ්ම්ම් ඔයාට විතරක් නෙවෙයි අයියේ!!! මේ මටත් මං ගැන මාරම දුකක් හිතෙනවා අතීතෙ මතක් කරද්දි..
අනේ මගේ කල්පනාට බනින්න එපා....;) :D
Deleteගොඩක් දෙනෙක්ට ඔය විදියට අතීතය ගැන මතක් කරද්දී දුකක් ඇති වෙනවා ඇති හිතු.
බලමුකෝ ඊගාව කොටහත් .....
ReplyDeleteතැන්කු සහෝ...! ඊළඟ එකත් බලමුකෝ එහෙනම්.:)
Deleteඅයියෝ මෙන්න අයියා 3 වෙනි කොටසත් දාලා... මම එක විතරයි බැලුවේ..... :(((
ReplyDeleteනංගිලා දැන් ඉතින් බිසී නේ...:)
Deleteබලන් යද්දි යෞවනයේ ජුජුප්සාජනක නවකතා කරුගෙ පොත් වල ඉන්න කොල්ලො හොඳයිනෙ...
ReplyDeleteඅන්න අන්න ඉතින් ආදරේ වෙනුවෙන් කොල්ලෙක් කැපකිරීමක් කරද්දී එහෙම කියන එක වැරදියි නේ...:(
Deleteතරහ වෙන්න එපා අදයි නිදහස ලැබුනේ ඔයාගේ ආදර අන්දරය කියවන්න ..
Deleteඔහොම යන් :D
එන්න බැරිවුනා කසුන් මේ පැත්තෙ. පහුගිය කාලෙ කරදරයක් වුනානෙ.
ReplyDeleteමේක කියෙව්වම මඤ්ඤං. පස්සෙ මුල කොටස් දෙකත් බලන්න ඕනෙ.
henryblogwalker the Dude
අරම ලෑස්ති වෙච්ච කසුන්, කල්පනා හමු වීමට යයි !! වැඩි විස්තර ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු වෙන්ඩ.
ReplyDeleteඊලඟ ලිපියත් මේ හුස්මටම කියවගෙන යනවා.